Hangout with Sri Lankans around the world!
hide
Diaspora.lk - Hangout with Sri Lankans around the world!
Show
51

බිම ගෑවෙන ටූල් එක

වයලීනෝ

ඔන්න පින්වතුනි  සා…..දු කාරයක් දීලා මේ බිම ගෑවෙන ටූල් එකේ අයිතිකාරයාගේ විස්තරේ අහගන්නකෝ.
අපි ලංකාවේ බොදුනුවන්ගේ මුදුන් මල්කඩ කියලා හඳුන් වන්නේ, අවසරයි ශ්‍රී දළාදා වහන්සේ. මේ දළදා වහන්සේ රාජ්‍යත්වයේ සංකේතයක් උනා. දැනුත් ඒවගේම තමයි. රාජාවලිය ඉවර වෙලා ඉතින් වැඩවසම් යුගයත් ඉවරවෙලා ඔක්කොම ඉවරෙටම ඉවර උනාම දළදා හාමුදුරුවන්ගේ භාරකාරත්වය අවසරයි, අස්ගිරි මල්වතු නාහිමිවරුන්ට සහ දියවඩන නිලමේ තුමාට නිල වශයෙන්ම භාර වෙනවා.

දළාදා කරඬුවට යතුරු තුනක් තියෙනවා කියලා තමයි මම අහලා තියෙන්නේ. මහා නායක හාමුදුරුවන් දෙනමටත් දියවඩන නිලමේ තුමාටත් මේ යතුරු තුන භාර වෙනවා. දළදා වහන්සේ කරඬුවෙන් ඉවතට වැඩමවන්න ඕනෑනම් මේ යතුරු තුන එකතුවෙන්න ඕන. මෙහෙම කරන්න ඇත්තේ දළදා වහන්සේගේ ආරක්ෂාවට වෙන්න ඇති. කොහොමහරි ඉතින් ඒ තුන්දෙනාට තියෙන පින් අපිට කොයින්ද. දළදා කරඬුව ඈතින් ඉඳලා බලලා වැඳලා සා….ධු කියල යනවා මිස සිරිපතුල නමදිනවා වගේ දළදා කරඬුවට නළල තියන්නවත් වාසනාවක් නෑනේ.

දළදා කරඬුව ස්පර්ශ කරන්න මනුස්ස අපිට බැරි උනත් තිරිසන් ආත්මයක් ලබාගත්ත ඇතෙක්ට පෙරහැර කරඬුව පිටේ හොවාගෙන රාජ තේජසින්, අස්පයා පිටින් , ආ නෑ නෑ පාවාඩය පිටින් නුවර වැව වටේ රවුමක් ගිහන් එන්න වාසනාව තියෙනවා.
අපි තරම් පව් නොකලත් කරපු පොඩි පවකට තිරිසන් කුලයේ ඉපදුන ගම්පහ නැදුන්ගමුවේ රාජා ඇතා ගැන තමයි මම මේ කියන්න යන්නේ.

“පිළියන්දල නීලම්මහර වෙද හාමුදුරුවෝ ගැන ඔයාලා අහලා ඇති. 1960 දශකයේ ලංකාවේ වැඩසිටි ස්නායු රෝග සම්බන්දව සිංහල වෙදකමෙන් පරතෙරටම ගිය මෙතුමන් වහන්සේ පිළිබඳව දේශ දේශාන්තර වලත් ප්‍රසිද්ධයි.

මේ කාලයේ ඉන්දියාවේ මහාරාජ කෙනෙක්ගේ දුවෙක්ට පොඩ්ඩක් වයර් වෙලා මැන්ටල් රෝගයක් හැදෙනවා. අනේ ඉන්දියාවේ බෙහෙතට මේ වයර් කේස් එක ෆික්ස් කරන්න බැරිවෙනවා. මේ මහාරාජා නීලම්මහර හාමුදුරුවෝ ගැන දැනගෙන වයර් දුවවත් අරගෙන ලංකාවට එනවා. ඉතින් අපේ නීලම්මහර හාමුදුරුවෝ ඉන්දියාවම කොර කරලා මේ වයර් දුවව වයර්ලස් කරලා සනීප කරනවා.මහාරාජාට ෆුල් හැපී .

මහා රජා අහනවා හාමුදුරුවන්ගෙන්, ඒ වෙනුවෙන් දෙන්න වෙදපඬුරු ගැන. හාමුදුරුවෝ සල්ලි ගන්නේ නෑ. ඉල්ලන්නේ දල ඇත් පැටියෙක්. මහරාජා ඉන්දියාවට ගිහින් දල ඇත් පැටවු දෙන්නෙක්ම ලංකාවට එවනවා.
මේ දෙන්නා නීලම්මහර ඇත් බාන කියලා ලංකාවේ ප්‍රසිද්ද වෙනවා. මෙයින් එක්කෙනෙක් ටිකක් ලොකුයි. එයා නීලම්මහර ලොකු ඇතා.අනිත් එක්කෙනා නීලම්මහර පොඩි ඇතා.

ගම්පහ ඉන්නවා පඬුවාවල කියලා වෙද පරපුරක්. ඒ පරපුරේ හිටපු දක්ෂ වෙද මහත්තයෙක් තමා ධර්මවිජය වෙද මහතා. මේ ධර්මවිජය වෙද මහත්තයට හිටියා අලි ඇත්තු පිරිසක් ඉන්න ඇත් පන්තියක්.මේකේ තව උතුම් ලක්ෂණ තියෙන ඇත්තු බෝ කරගන්න මේ නීලම්මහර ලොකු ඇතාව ධර්මවිජය වෙද මහත්තයා නීලම්මහර වෙද හාමුදුරුවන්ගෙන් මිලදී ගන්නවා.

ඔන්න ඔහොම පිළියන්දල නීලම්මහර ගමේ හිටපු ලොකු ඇතා ගම්පහ නැදුන්ගමුවේ ධර්ම විජය වලව්වට එනවා.
ධර්මවිජය නමෙන් විජය නම දාලා විජයරාජා කියලා ඔන්න නම තීන්දු කළා. එදා ඉඳන් මෙයා විජය රාජා.

පොඩි ඇතා එච්චර හොඳ බුලට් එකක් නෙවේ. මිනිහා නාහෙට අහන්නේ නැති එකා. එයාව මිලදී ගන්නේ හුණුපිටිය ගංගාරාමයේ ගලබොඩ ඥානිස්සර හාමුදුරුවෝ. ගංගාරාමෙට ආවම තමා මෙයා දැහැමෙන් සෙමෙන් ජීවත් වෙන්න පටන්ගන්නේ.පස්සේ කාලේදී මේ පොඩි ඇතාව හැඳින්වුණේ නවම් රාජා කියලා.

නවම් රජා අවරුදු 50ක් 52ක් විතර ඉඳලා දැනට අවරුද්දකට විතර කලින් හුණුපිටියේ වීහාර පරිශ්‍රයේදී අවසන් සුසුම් හෙළනවා. ඉතින් දැන් ඉතුරුවෙලා ඉන්නේ මේ අපේ ගම්පහ නැදුන්ගමුවේ ඉන්න නීලම්මහර ඇත බානේ ලොකු ඇතා වන නැදුන්ගමුවේ විජය රාජා විතරයි.

මේ ජෝඩුව ඉපදිලා තියෙන්නේ ඉන්දියාවේ මයිසුර් ප්‍රාන්තයේ.පශු විද්‍යාව කරන කස්ටිය කියන්නේ මේ දෙන්නම තායිලන්තයේ ඉන්න ඇත් උප විශේෂයකට අයිති වෙනවා කියලා.කුම්බස්තලය ඉදිරියට හොඳට නෙරලා තියෙනවා.පාටත් ටිකක් ලංකාවේ ඇත්තුන්ට වඩා වෙනස් වගේ.ගෝමර / කබර ලා රෝස පාටක් ගන්නවා.එක නිසා තමයි තායිලන්තයේ උප විශේෂයකට අයත් වෙනවා කියන්නේ.

ඇත් කුල අතරින් උතුම් කුලය වන්නේ ඡද්දන්ත කුලය.මේ ඡද්දන්ත කුලයේ ඇත්තු දැන් නෑ කියලා තමයි අලිබලන මාමලා කියන්නේ.එයාල කරන රස්සාව මිනිස්සු එච්චර ගණන් ගත්තේ නැතත් එයාලටත් පාරම්පරික මෙව්වා එකක් තියෙනවා.ඒ කිව්වේ දැනුමක්. එයාල ශ්ලෝක මන්තර වගේ දේවලුත් දන්නවා.

ඡද්දන්ත කුලේ ඇත්තු නෑ කිව්වත් ඊට ආසන්න ඒ ලක්ෂණ තියෙන ඇත්තු ඉන්නවා. මේ විජය රාජත් ඒ වගේ ලක්ෂණ තියෙන ඇතෙක්. මේ ලක්ෂණවලින් මුලික වෙන්නේ දේහයේ ස්ථාන හතක් බිම ගෑවීම.කකුල් හතර, හොඩය , වලිගය සහ ලිංගය කියන මේ හත තමා එහෙම බිම ගෑවෙන්න ඕන.

විජය රාජාගේත් මේ හතම දෙයියනේ කියලා බිම ගෑවෙනවා.හොඳ උසක් තියෙනවා.ඒ වගේම වත පුටුව බඳින්න පුළුවන් හොඳ පළල් පිටක් තියෙනවා.ඇස්වහක් කටවහක් නෑ එල කිරි දල දෙකක් තියෙනවා.ඉතින් එයත් හෙන පොරක් උනා.

දළදාව වැඩමවීම කරන්න ගොඩක් ප්‍රසිද්ද උනේ දළදාමාලිගාවේ රාජා ඇතා

අනේ ඉතින් එයා මැරුණා. ඊට පස්සේ තවත් ඇත්තු දළදාව වැඩම කලත් මේ විජය රාජා තමා පොර වෙලා දළාදා වහන්සේ වැඩමවන්න ඉදිරිපත් උනේ.
මේ විස්තරේ කිව්වේ දවසක් (අවරුදු 5කට 6කට කලින්) දළාදා පෙරහැර ටීවී එකේ බලනකොට එකේ විස්තර ප්‍රචාරය කරපු සුනිල් රඹුක්පොත මහතා. මීට වඩා හොඳ වචනවලින් එතුමා ඒ විස්තරේ ඉදිරිපත් කළා.

අලි ඇත්තු ගැන පිස්සුවක් තියෙන නිසා වෙන්නැති මට ඕක හොඳට මතක තිබුනා.
සමන්දේවාලේ පෙරහරට මේ ඇතා ඇවිත් හිටයා දැක්කම මට මාර හැපියක් ආවා.මට ඇතාව බලන මාමාව කතාවට අල්ලගෙන විස්තර ටිකක් අහගන්න, ඇතාගෙ ලඟින් ටිකක් ඉන්න සහ ඇතාව පොඩ්ඩක් ආශ්‍රය කරන්න ආසා හිතුනා.එත් බයයි හෆ්ෆා. මේ අලි ඇත්තු බලන කස්ටිය හෙන නපුරුයි කියලා තමා මම අහලා තින්නේ.මම අවරුදු තුන හතරක්ම මේ කතා කිරිල්ල මග ඇරියා බයටම.

2012 පෙරහරට ඇතා ඇවිත් හිටියා දැකලා පහුවෙනිදා මම තනියමම ආයෙත් පෙරහැර බලන්න ගියා. යාලුවෝ එක්ක ගියාම මහ අවුල්. උන් කෑලි කොටුකරලා රවුම් කරන්න ගත්තම මගේ වැඩේ හබක්.(මම කරන්නේ ත්‍රිකෝණ කරලා රවුම් කරන එක ) .ඒකනිසා උන් එකෙක්වත් එක්ක නොයා මම තනියම ගේමට බැස්සා.ගිහින් නැකතට කරඬුව තියන, පෙරහැර පටන්ගන්න ඒවා අනංමනං ඔක්කොම බලන් ඉඳලා පෙරහරත් බලලා ඉවරවෙලා කරඬුව දේවාලෙට වැඩමනකොට දේවාලේ ගාවට වෙලා හිටියා. ඇතා දැන් ෆ්‍රී.

මට බයත් එක්ක. ඒත් ඕන එකක් කියලා ඒ මාම එක්ක කතා කරා.(මාමා කිව්වට සීය කෙනෙක්).

ඒ මාමා (සීයා) කිව්වේ මෙහෙම කතාවක්.

( මේ පොස්ටුව ඔන්න දැන් මාගලේ සීමාව පහු කරගෙන යනවා. සමාවෙලා කියවන්න ඕන ඉතින් හොඳේ )

” රාජා නිසා තමයි මහත්තයෝ මමයි මගේ දරුපවුලයි රැකෙන්නේ.ජයසේනලා ජීවත්වෙන්නෙත් ඇතාට වැඩකරලා රාලහාමිගෙන් ගන්න පඩියෙන්.මොනවා උනත් රාලහාමි ඇතාට වගේම අපිටත් හොඳට සලකනවා.මම වලව්වේ ඇත්පන්තියෙ වැඩට ආවේ 1973 1974 විතර කාලේ.වලව්වේ ඇතින්නක් තමා මම මුලින්ම බලාගත්තේ.ඒ ඇතින්න ටික කාලෙකින් මැරුනා.පස්සේ තමයි මට මේ ඇතාව භාර කරේ.ඉක්මනටම ඇතා මට හුරු වුනා.දැන් මගේ ජීවිතෙන් වැඩි කාලයක් ගෙවෙන්නේ මෙයා එක්කම තමයි.නොවැම්බර මාසෙ ඉඳලා පෙබරෙවාරි විතර වෙනකන් මෙයාගෙ කන් තෙමෙනවා (මද කිපෙනවා).ඒ කාලෙට මෙයාට ලංවෙන්න බෑ.අපි ඈතින් ඉඳන් මෙයාට කෑම වතුර දෙනවා.සිහිය ආවම (මද කිපීම අවසන්විට) ඉතින් ආයෙ මද කිපෙනකන් පොඩි දරැවෙක් වගේ.

රාලහාමි ඇතාට පනටත් වඩා ලෙංගතුයි.මෙයා තමයි දන්න ඇත්තුන්ගෙන් උසම ඇතා.කොහොමත් අඩි එකොලහාමාරක් උසයි.දවසට පොල්අතු 40ක්,කිතුල්කොට භාගයක් විතර කනවා.රාලහාමි ඇතාව වාහනේට නග්ගන්න කැමති නෑ.බර වැඩි නිසා වෙන්න ඕන.ඒකනිසා ඇතයි අපියි ගම්පහ ඉඳන් නුවර යන්නේ පයින්.දවස් 6ක් 7ක්වත් යනවා.මග නැවති නැවති තමයි යන්නේ.කෑම බීම ගැන හොයලා බලන්න, අපිට තේ කහට ටිකක් අරගෙන රාලහාමි අපි ඉන්න තැන්වලට එනවා.සමහර දවසට අපි ඇතා ඉන්න තැන පොල් අතු උඩත් නිදා ගන්නවා.ඇතාව මුල කාලෙනම් කඩුගන්නාව නග්ගගන්න අපිට ගොඩක් වෑයම් කරන්න උනා.කන්ද දැක්කම නගින්න හොරයි.දැන් නම් පුරුදු නිසා හොදයි.රෑට යනකොට කන්ද පේන්නේ නැතිනිසා ඔහේ යනවා.පැය 4ක් 5ක් නානවා .දැනට අව්රැදු දෙකකට තුනකට කලින් මෙහේ පෙරහැරේ ( සමන් දේවාලේ ) අලි කුලප්පු උනාම දුවපු අලිත් හිටියා.ඒත් මෙයා දිව්වේ නෑ.මම කිව්වම පාර අයිනටවෙලා ඔහේ බලාගෙන හිටියා.

අපි අව්රුද්දේ ඉස්සෙල්ලම යන්නේ මාලිගාවේ පෙරහැරට.ඊට පස්සේ ලුනාව,බෙල්ලන්විල,කෝට්ටේ,කැළණිය, ඊට පස්සේ මෙහේ එනවා.අන්තිමටම යන්නේ වාලුකාරාමේ පෙරහැරට.ඊට පස්සේ ආයෙත් ගම්පහ වලව්වට යනවා.ඒ ගමන් ඔක්කොම පයින් තමයි.මිල්ලන්ගොඩ රාලහාමිගෙ ඇතත් පයින් ගියේ.දැන් නම් මෙයා විතරයි.රාලහාමි වෙදෙක් නිසා ඇතාව හොඳට බලාගන්නවා.දැන් මෙයාට අව්රුදු 56ක් විතර වෙනවා.ඉඳලා හිටලා බඩේ අමාරුවක් තුවාලයක් හැදුනොත් මිස වෙන ලෙඩක්නම් නෑ.මේ ඇතා අපිට දෙයියෙක් මහත්තයෝ“…..

( මෙහෙම කියන ගමන් මාමා ඇතාගේ කකුල්වල දාලා තිබ්බ දම්වැලක් ලෙහලා අරගෙන ඇතාගේ දලදෙක උඩින් දෙපැත්තට වැටෙන්න තිබ්බා. ඇතා මේ දම්වැල හොඩෙන් අරගෙන කර උඩට වීසි කරා. පළවෙනි පාර බිමට වැටුනා. මාම ආයෙත් දම්වැල අරගෙන තිබ්බම, රාජා ගානට ඒක කරට දාගත්තා. මාමටත් ඉතින් උස මදිනේ ඇතාගේ කරට දම්වැල දාන්න. රාජා එහෙම දම්වැල කරේ දාගන්න ට්‍රයි කරනකොට ඇතා ගැන මාරම එකක් හිතට දැනුනා (පව්) )

මේ ඇතා බලන මාමාගේ නම කොඩිතුවක්කු.ජයසේන කියන්නේ සහායකයා.

මෙන්න මෙහෙම තමයි කොඩිතුවක්කු මාමා ඇතා ගැන කිව්වේ.තව කිව්වා, එත් ඔවාම ආයේ ආයේ රිපීට් කලේ. කොඩිතුවක්කු මාමා ඉතා කුඩා දේහයක් තියෙන වයසක කෙනෙක්. එත් මේ වගේ ඇතෙක් මෙල්ල කරන් ඉන්න එක මාරම ලොකු වැඩක්.හෙන්ඩුවේ සිහින් තුඩට මේ සද්දන්තයි බයයි.ඇතාගේ හොඩය ගෑවුනත් ඇති මේ මාමා තීන්දු ගමන් යන්න. ඇතත් මේ මාමට ආදරේ ඇති මෙච්චරකල් එහෙම නොවෙන්න වගබලා ගන්න.

මෙහෙම තනියම පෙරහැර බලන්න ගිහින් මම මාර කතා ටිකක් අහගත්තා යාලුවන්ගෙන්. මම තනියම කෑලි කොටු කරන්න ගියා කියලා. හඃ මම මේ සැරේ කොටු කලේ ඇත් කෑල්ලක් බොලව්.( ආඩම්බරෙන් )

දැන් මේ ඇතා අයිති ධර්මවිජය වෙද මහත්තයාගේ පුතා , පඩුවාවල වෙද පරපුරේ වත්මන් පුරුක වන හර්ෂ ධර්මවිජය මහතාට.

හර්ෂ ධර්ම විජය මහතා ටීවී එකේ දවසක් සමන් දේවාලේ ඇත් පන්තිය ගැන වැඩසටහනකදී, ඇතාව පා ගමනින් යාම ගැන ඇහුවම කිව්වේ,

“මගේ ඇතා තමයි ලංකාවේ හීලෑ අලිඇතුන්ගෙන් නිරෝගීම.සාමාන්‍ය අලියෙක් උනත් දවසකට කිලෝමීටර් 15ක් විතර ඇවිදිනවා.මගේ ඇතත් පයින් යවන්නේ ඒක නිසා තමයි“.

මේක අහලා මටත් ඇඩුනා මේ මිනිස්සු මේ සතාට කොච්චර ආදරේද කියලා. දළදා වහන්සේ වැඩමවන මේ ඇතා අපිට සම්පතක්.

බලන්න මේ වීඩියෝ එකෙන් රාජා කොච්චර වාසනාවන්තද කියලා

විජය රාජා දැහැමෙන් සෙමෙන් ගම්පහ ප්‍රදේශයේ අදටත් ජීවත් වෙනවා. මහලොකු ලෙඩක් නැතත් විජයරාජාගේ පිටේ පොඩි තුවාලයක් තියෙනවා දැකලා හිතට මහා…… දුකක් දැනුනා.ඒවගේම වතපුටුව බඳින එක කොයි ඇතාගේත් පෙනහළු සහ උදරකුහරයට යෙදෙන අමතර පීඩනයක්.වතපුටුව ගලවපු ගමන් ඇතාගේ පිටට අත්වලින් තදින් පීඩනයක් දීලා පිට මසාජ් කරනවා, ටිකක් හරි වේදනාව අඩුකරන්න කියලා හිතාගෙන.

ඒ වේදනා වින්දත් රාජා අපිත් එක්ක තරහා නැතුව ඇති.මොකද මුළුමහත් ජාතියක් නමස්කාරකරන , ලොව්තුරා බුදුරාජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩමකරවන්න තමාව තෝරගත්ත නිසා.

ලාස්ට් රෝවේ අපි, මියගිය නවම් රාජාට නිවන්සුව ලබේවා කියලා ප්‍රර්ථනා කරමු.

ඒවගේම ගම්පහ නැදුන්ගමුවේ විජය රාජාට නිරෝගී සුවයෙන් තව ගොඩක් කල් දළදා වහන්සේ වැඩමවන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරමු…

සුඛී දීඝායුකෝ නැදුන්……

ඔබ සැමට සමන් දෙවි පිහිට ලැබේවා……….!

බිම ගෑවෙන ටූල් එක, 10.0 out of 10 based on 71 ratings
VN:F [1.9.22_1171]
 ශෙයා
වයලීනෝ

වයලීනෝ

ෆිට් නම් ෆිට්. ගේම නම් ගේම....!

 All posts by වයලීනෝ  Link to වයලීනෝ's blog

51 Responses to "බිම ගෑවෙන ටූල් එක"

  1. ගැටකිඹුලා ගැටකිඹුලා says:

    කෝ ඉතින් උඹ අපිට කියන්න දෙයක් ඉතුරු කරලා නැහැනේ….. :D වෙනද වගේම කිරෙනුත් කිරි එලම කිරි…….

    VN:F [1.9.22_1171]
    Rating: +6 (from 6 votes)
    • වයලීනෝ වයලීනෝ says:

      ටැංකු අයියාහ්… ;) ඉතුරු කරේ නෑ ඉතින්,,, නැත්තෙමත් නෑ.

      VN:F [1.9.22_1171]
      Rating: +1 (from 1 vote)
  2. ryn says:

    නියම පොස්ට් එක. නීලම්මහර කියන්නෙ ලෝකේ කොහෙවත් නොතිබිච්ච, බොහොම දියුණු, මානසික රෝග වෙදකම් කරපු තැනක්. බුද්ධරක්ඛිත ලොකු හාමුදුරුවෝ අපවත් උනත් එක්කම වෙදකමත් බොහොම පිරිහුණා කියල තමා හුගක් අය කියන්නෙ. තාමත් වෙදකමනම් කෙරෙනවා.

    VA:F [1.9.22_1171]
    Rating: +7 (from 7 votes)
    • වයලීනෝ වයලීනෝ says:

      ඔව් මම මේ ලඟදි පන්සලට හැරෙන තැනින් එනකොට දැක්ක වෙදකම් කරනව කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා.
      වේදකමටනම් මමත් ආසයි ඇන්ඩ් ගරු කරනවා. හාමුදුරුවන්ගේ කතාත් මම අහලා තියෙනවා.වැඩක් නෑ. දැන් ඒවා නැත්තටම නැතිවෙලා වගේ. :(

      VN:F [1.9.22_1171]
      Rating: +1 (from 1 vote)
  3. ට්‍රෝජන් බෝයි ට්‍රෝජන් බෝයි says:

    හරිම ආසාවෙන් කියෙව්වෙ බන්.. හරිම වටින විස්තරයක්.. !!

    VN:F [1.9.22_1171]
    Rating: +2 (from 2 votes)
  4. තරු තරු says:

    තරු 1000ක් දුන්නත් මදි මලේ. නියම පොස්ටුවක් ලියලා තියෙන්නේ. ඇතාව ඇහැට දැකලා ඇතාගේ අයිතිකාරයවත් දැනගෙන අපි දන්නෙත් නැති විස්තර ගොඩක් එකතු කරගෙන තියෙන්නේ. මෙන්න මේ දේ නම් මම දන්නවා ඇතාට වයස 56 යි නම් හර්ෂ ධර්මවිජය වෙද මහත්තයා ඇතාට වඩා බාලයි. මලයා කතා කරලා තියෙන්නේ ඇතාව බලාගන්න අය එක්කනේ. ඇතාගේ හාම්පුතා මම දැකපු ගොඩාක් හොඳ මනුස්සයෙක්. මලයට අවස්ථාවක් ලැබුනොත් කතා නොකර ඉන්න එපා. ගොඩක් විස්තර දැනගන්න පුළුවන් වේවි. ඇතා තරම්ම වෙද මහත්තයත් පුදුම පින්වන්තයි. නිර්මාංශ කෙනෙක් උනාට ඇතා වගේම සද්දන්තයි. වෙද මහත්තයා දුවල පස් දෙනාටම වඩා ඇතාට ආදරේ ඇති. සිංහල අවුරුද්දට වෙද මහත්තයා ළඟ ඉන්න ඇතාටත් අලියටත් නැකතට කවනවා හිස තෙල් ගානවලු. ඇතාව වාහනේ ගෙනියන්නේ නැත්තේ වාහනේ ගැස්සෙනකොට හෙලවෙනකොට ඒක ඒ සද්දන්ත ශරීරෙට වෙහෙසකර වැඩියි කියලයි දවසක් වෙද මහත්තයා අපි එක්ක කීවේ. ඇත්තටම දැන් ඇතා කැමති නෑලු වාහනේ යන්නත්. වෙද මහත්තයා නුවර පෙරහැර කාලෙට ඉස්පිරිතාලෙට යන්නෙත් නෑ උගන්නන්න යන්නෙත් නෑ. ඇතා එක්කම තමයි ඉන්නේ. ඇතාට appointment දාගන්න වෙනමම පොතක් තියනවා. ඒක “අලි පොත” ඇතාව ගැන අහල එන දුරකථන ඇමතුම් “අලි කෝල්”. වෙද මහත්තයට කතා කරන සමහරු මුලින්ම ඇතාගේ සුව දුක් විමසන්නේ. වෙද මහත්තයා විහිලුවට වගේ අපි එක්ක කියනවා ඇතා නිසා තමයි මාව වටින්නේ කියලත්. වෙද මහත්තයා කාගේවත් හිත රිද්දන්න කැමති කෙනෙක් නෙමෙයි. ඒත් පෙරහැර වලට එක්ක ගියාම සමහර තැන් වලින් ඇතාට හරියට සලකන්නේ නෑ කියලත් කියන වෙලාවල් තියනවා. වෙද මහත්තයා පින්නවල අලි බලාගන්න අයට පන්ති කරනවා අලි ගැන. වෙද මහත්තයගෙන් ලෙඩ හොඳ වෙන අය වෙද මහත්තයට මොන තෑග්ග දුන්නත් ඒකෙ අලියෙක් හරි ඇතෙක් හරි ඉන්නවාමයි. නැදුන් ගමුවේ රාජාත්, හර්ෂ ධර්මවිජය රාළහාමිත් නිරෝගී සුවයෙන් පරමායුෂ ලබන්න ඕනා.

    VA:F [1.9.22_1171]
    Rating: +5 (from 5 votes)
    • වයලීනෝ වයලීනෝ says:

      මේ කමෙන්ට් එකෙන් මට තේරෙන්නේ අක්කා වික්‍රමආරච්චි එකේ කෙනෙක් වෙන්නැති කියලා.එහෙම නේද අක්කේ….. ???
      ඔව් ඔව් මම වෙදමහත්තයා ලඟින් ඉඳලා නම් තියෙනවා.එත් කතා කලේ නෑ. අක්කා කිව්වා වගේම හොඳ නියම සිංහලයෙක්ගේ උස මහත එතුමාට තියෙනවා. වෙදමහත්තයා ආවා එදා ඇතා ගාවට දුව එක්ක.ඉහි ඉහි ඉහි ඉහි. ඒ දෙන්නා යනකන් ඉඳලා තමයි මම අලි මාමව කතාවට අල්ල ගත්තේ. ආයේ දවසක වේද මහත්තයා එක්ක කතා කරන්න ඕන නිවාඩු පාඩුවේ හම්බවෙලා.
      ඔව් මට ඒක අතපසු වෙලා. වෙදරාලහාමිටත් නිදුක් නිරෝගී සුවය ලැබෙන්න ඕන.
      ටැංකු අක්කේ මේ කිව්ව විස්තරවලට. :P :P :P :P :P :P :P :P

      VN:F [1.9.22_1171]
      Rating: +1 (from 1 vote)
      • තරු තරු says:

        එය එසේමය…!

        VA:F [1.9.22_1171]
        Rating: -1 (from 1 vote)
      • වයලීනෝ වයලීනෝ says:

        ටන්කු අක්කීඊඊඊඊඊඊඊඊඊඊඊ

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
  5. Kumara says:

    දලදා පෙරහැරේ ගෙනියන්නෙ දලදා වහන්සේ ඉන්න කරඬුව නෙමෙයි.

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • වයලීනෝ වයලීනෝ says:

      නෑ නෑ . වෙන කරඬුවක් . දළදා වහන්සේ වඩම්මන එක නවත්තලානේ තියෙන්නේ.වැඩමන එකට තමයි පෙරහැර කරඬුව කියන්නේ. පෙරහැර කරඬුවේ වඩම්මන ධාතුන් වහන්සේලා දවසින් සවස වෙනස් වෙනවා කියලා තමයි මම අහලා තියෙන්නේ. ඒක දන්නේ කරඬුවට ධාතුන් වහන්සේලා තැම්පත් කරන හාමුදුරුවරු විතරලු. දළාදා වහන්සේ නැතත් මේ වඩම්මන ධාතුන් වහන්සේලා ගැන සැකයක් තියාගන්න එපා කියලා දවසක් ටීවී එකේ කිව්වා. මොකද කොයි ධාතුන් වහන්සේ උනත් අපේ බුදුරජානන් වහන්සේගේ නිසා.
      මම ඉතින් මේ නිකමට වගේ මේ බන ටික කිව්වේ.
      සාදු කියන්න පින්වතුනී……….

      VN:F [1.9.22_1171]
      Rating: +1 (from 1 vote)
  6. අඩෝ ඊලග දවසේ මමත් සෙට් වෙන්නම් යමු ත්‍රිකෝණ රවුම් කරන්න එක දවසක් අනික කොටු රවුම් කරන්න :)
    පට්ට සුපිරි ගති නියමයි එළ ! පොස්ට් එක උඹ කියනකම් මා ගලට ආවා කියලා තේරුනේ නෑ.
    දළදා හාමුදුරුවෝ අපිනම් ඒ දවස් වල වැඳ ගත්තා අර දානයක් හම්බවුනු නිසා. ඒ දවස් වල බොලාව මම මේ වගේ ඇඳින්නනම් අනිවා කොහොම හරි එක්ක යනවා බං. බලමු තාම නොමැරී ඉන්නවනේ තව කරපු පින් බැංකුවේ ඇති. :D

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
    • වයලීනෝ වයලීනෝ says:

      ටැංකු අයියාහ්….
      ඒ කාලේ තමයි මමයි චුටි අප්පුවයි ෆිට් උනේ.මට කිව්වා යනවා කියලා. මම පඬුරු දුන්නා දාන්න කියලා.ඒකා ඒවා දැම්මද නැත්තම් අයිස් පැකට් කෑවද දන්නේ නෑ. ඉහි ඉහි ඉහි ඉහි.
      එල එල යමුකෝ දවසක අලි කෑලි කොටු කරන්න. හිහ් හිහ් හිහ් … ;)

      VN:F [1.9.22_1171]
      Rating: +1 (from 1 vote)
  7. buddhi buddhi says:

    අලි බැලිල්ලයි බලි බැලිල්ලයි ඇති වෙන්නෙනෑ කියනවනෙ. වයලිනෝ සමන් දේවාලෙ කිට්ටුවද

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 2 votes)
    • වයලීනෝ වයලීනෝ says:

      බලි නම් අමුතුවෙන් ඕන නෑ. කන්නාඩිය ඉස්සරහට ගියාම මටම පේනවා.අලිනම් අනිවා බලනවා.
      ටැංකු (මල්ලිද කොහෙද )……. ;)
      ම්ම්ම්ම් ටිකක් ඒ වගේ තමා. තාත්තාගේ මහගෙවල් සමන් දේවාලේ පාරේ.

      VN:F [1.9.22_1171]
      Rating: +1 (from 1 vote)
      • ඇහැලියගොඩ බුද්ධියා :)

        VN:F [1.9.22_1171]
        Rating: +1 (from 1 vote)
      • buddhi buddhi says:

        හූ හූ සිංදුව වැරදියි. මගේ ගම ඉඩංගොඩ. :P :P :P

        VN:F [1.9.22_1171]
        Rating: +2 (from 2 votes)
      • buddhi buddhi says:

        කොහොමත් මම සතියට 10 වතාවක් සමන්දේවාලෙ පාස්කරගෙන සිංදුවගෙ ඉක්කෝලෙ ගාව තියෙන අධ්‍යාපන ආයතනයකට එනව. කියන්න එහෙම ඔට්ටු නෑ හරී

        VN:F [1.9.22_1171]
        Rating: +1 (from 1 vote)
      • හප්පටසිරි උඹ ඉඩංගොඩද ! එළනේ

        VN:F [1.9.22_1171]
        Rating: +1 (from 1 vote)
      • ජෙමා ජෙමා says:

        ආ ඔයත් එහෙද? මාත් එහෙ.. .ඇයි මාත් එහෙ… එක පැත්තෙ ඉන්න එවුන් සෙට්වෙලා වගේ…

        VA:F [1.9.22_1171]
        Rating: +1 (from 1 vote)
      • වයලීනෝ වයලීනෝ says:

        ෂාහ් හැමෝම එකම පැත්තකටනේ එන්නේ.මරු මරු මරු ….

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
      • කිරි සප්පයා කිරි සප්පයා says:

        කස්සට කියලා අලුත් නැටගරියක් අරින්න පුලුවන්.. රත්නපුරේ කතා කියලා :පී

        VN:F [1.9.22_1171]
        Rating: +1 (from 1 vote)
  8. අපේ ගෙවල් පැත්තේ තියෙනවා වලව්වක්.ඔකේ හිටියා එක ඇතින්නක්.ඒ ඇතින්න බලා ගන්න කෙනා නන්නා වෙන්නම බීලා වැටුනම ඇතින්න තමා හෝඩවැලෙන් උස්සන් එන්නේ.ඒවා දැක්කම නම් අපිටත් හිතාගන්න බැහැ මේ අලි ඇතුන්ට තියෙන මොලේ ගැන.එත් දවසක් මම පෙරහැරකදී දැක්කා.ඇත් ගොව්වෙක් හෙන්ඩුවේ යට පැත්තේ අලියාගේ කකුලට ඇන්නා ඌ වේදනාවේ ටික දුරක් යනකම් නොන්ඩි ගගහා ගියේ.ඒ සිද්දිය දැක්කම නම් මට මාරම දුකක් හිතුනේ.

    VA:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
    • වයලීනෝ වයලීනෝ says:

      මොකක්ද වලව්ව. ඇන්ඩ් ගම ? හිටියා කිව්වේ,,,, ඇතින්න දැන් නැද්ද?
      කියන්න පුළුවන් නම් කියන්නකෝ….
      ටැංකු කතාව කියෙව්වට.
      ඔව් පාරම්පරික අලි බලන අය ඒ සත්තුන්ට ගොඩක් ආදරෙයි.අනික හොඳට ඒ දේ හදාරලා තියෙනවා.එත් දැන් වැඩිහරියක් ඉන්නේ පාරම්පරික අලිබලන අයට උදව්වට ඉඳලා පස්සේ අලියෙක් බලන්න සෙට් වෙච්ච අය.උන්ට ඕන සල්ලි විතරයි.
      අලින්ට , මොන්ටිසෝරි ළමයෙක්ගේ තරම් ප්‍රොසෙසරයක් තියෙනවා. ඒක නිසා දෙයක් ඉගෙනගන්න සහ නැවත පාවිච්චි කරන්න උන් දන්නවා.නානත් හොඳට උගන්නලා ඇති.

      VN:F [1.9.22_1171]
      Rating: +1 (from 1 vote)
    • ජෙමා ජෙමා says:

      මඩිස්සලේ නිශාන් පිලියන්දල පැත්තෙ වත්ද? එහෙමනම් ඇත් ගොව්වාගේ නම බබුන් වගේ නමක්ද?

      VA:F [1.9.22_1171]
      Rating: +2 (from 2 votes)
  9. Shaggy Shaggy says:

    මම නම් මේ කියනකන් මෙහෙම විස්තර දැනගෙන හිටියෙ නෑ..
    මේ විස්තර අපි එක්ක බෙදගත්ත පිං බලයෙන් ලඟදිම උඹටත් බීරි ඇතින්නකට වයලීන් ගහන්න වාසනාව උදා වේවා කියල ප්‍රාර්ථනා කරනවා!

    VN:F [1.9.22_1171]
    Rating: +2 (from 2 votes)
    • වයලීනෝ වයලීනෝ says:

      ටැංකු…..
      බීරි වෙලා විතරක් මදි. බීරි වෙලා තව පොට්ටත් වෙනවනම් තමා හොඳ. නැත්තම් මහා කරදර. වෙන හොඳ කැබැල්ලක් හම්බුනාම පොඩ්ඩක් ආයේ ලයින් පාරක් දාන්න වෙන්නේ නෑනේ. පොට්ට උනාම ඉතින් මාව පේන්නෙත් නෑනේ..ඉහි ඉහි ඉහි ඉහීඊඊඊඊඊඊඊ……

      VN:F [1.9.22_1171]
      Rating: +1 (from 1 vote)
  10. උගුසිඤ්ඤො උගුසිඤ්ඤො says:

    කියවපු හොඳම ලිපියක් . මේ වගේ දෙයක් ගැන නං කොහෙත්ම දනන් හිටියේ නැහැ . කොටින්ම මම දෙතුන් පාරකට වඩා පෙරහැරවල් දැකලත් නැහැ . දළදා පෙරහැර නං ඇත්තට දැකලම නැහැ . මොකද මීගමු පැත්තේ එහෙම දේවල් වෙනව අඩු නිසා . ගොඩ ක් හොඳ ලිපියක් . ගොඩක් ආසාවෙන් කියෙව්ව. මෙච්චර අලි ගැන දැනගන්න උබ අලි එක්ක මොකක් හරි පැත්තකින් සම්බන්දයක් තියනවද

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
    • වයලීනෝ වයලීනෝ says:

      ටැංකු…
      නෑ නෑ… අලිත් එක්ක සම්බන්ධකම් තියාගන්න :O ??? මම අලි බෙට්ටක් එක්කවත් සම්බන්ධයක් නෑ.
      හින්චා කාලේ මම අම්මලාගෙන් ඉල්ලුවේ අලියෙක් ගෙනත් දෙන්න කියලා. කෝ ගෙනත් දුන්නේ නෑනේ. ඉතින් අලි ඉන්න අයගැන සහ අලි ගැන ලොකු අමාරුවක් තියෙනවා. ;)

      VN:F [1.9.22_1171]
      Rating: +1 (from 1 vote)
  11. ජෙමා ජෙමා says:

    පෝස්ට් එක නම් පට්ට.. ඒත් හීලෑ අලි ඇතුන් ගැන කතා කරද්දි නම් තියෙන්නෙ මික්ස් ෆීලින් එකක්…

    VA:F [1.9.22_1171]
    Rating: +2 (from 2 votes)
    • වයලීනෝ වයලීනෝ says:

      ටැංකු අයියෝ….
      අලි ඇත්තු හීලෑ කරන එක ටිකක් අව්ල් තමා. එත් හීලෑ කරාට පස්සේ එච්චර අව්ලක් වෙන්නේ නෑ. දුකයි තමා.. ඒත් එහෙම උනොත් කෝ අපිට අලි ඇත්තු බලන්නවත් නෑනේ. කවදා හරි ඉතුරුවෙන්නේ කැලේ ඉන්න අලි නෙවේ ගෙදරක හිටියොත් නැත්තම සත්තුවත්තේ එහෙමත් නැත්තම් පින්නවල ඉන්න අය. දැන් පළාතක් පලාතක් ගානේ කැලෑව සුද්ද කරලා එක එක ඒවා කරනවනේ.ජාතියට ඔටුනු පළඳන ඒවා…

      VN:F [1.9.22_1171]
      Rating: +1 (from 1 vote)
  12. මචන් ඇස් වලට කඳුළු ආව කියෝනකොට.
    උඹට පින් ..

    VA:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
    • වයලීනෝ වයලීනෝ says:

      ටැංකු මහසොහොන් දේවතාවුනි… ;)

      VN:F [1.9.22_1171]
      Rating: +1 (from 1 vote)
  13. ජෙමා ජෙමා says:

    හ්ම් අලි නේ?? හීලෑ කරපු අලි කෙසේ වෙතත් අර මහව පැත්තට යන කෝච්චියේ හැප්පෙන අලි ගැන නම් මට තියෙන්නේ පුදුම දුකක්…මිනිහෙක් කෝච්චියට අහු වුණාට වඩා දුකයි.(මිනිස්සු අහු වෙන්නේ නොසැලකිලිමත්කම නිසානේ.) අලි ගැන අත්දැකීමක් කියනවා නම්, අපේ ගෙදරට යන්න තියෙන ෂෝට් කට් එකේ ඉස්සර අලියෙක් අරන් ගියා. මෑන්ස්ට යන්න ඉඩ මදි නිසා අපි වැට අඩි කිහිපයක් වත්ත ඇතුළට වෙන්න ගැහුවා.
    .
    ඉතින් කවදත් ඔබේ ඔලුගෙඩිය පුරවන සින්දුවාට සහායට පැමිණි වයලීනෝ මස්සිනාට මගෙන් තරු 10ක්.

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ජෙමී ජෙමී says:

      නොදෝමකින්….ඉහත කොමෙන්ටුව ජෙමාගෙන් නොව ජෙමීගෙනි.

      VA:F [1.9.22_1171]
      Rating: +3 (from 3 votes)
      • වයලීනෝ වයලීනෝ says:

        ආආ .. කමක් නෑ ආන්ටි ජෙමී අක්කේ.
        එයා මොකෝ මෙයා මොකෝ,,,,
        ටැංකු කියෙව්වට හොඳේ.. :P

        VN:F [1.9.22_1171]
        Rating: +1 (from 1 vote)
      • මස්සිනා ?
        අම්මෝ මුට මම කීයටවත් නංගියෙක් හිටියනම් දෙන්නේ නෑ ජෙමි අක්කේ.
        කියන්න බෑනේ මේකා නංගිව පෙරහැර පොළේ දාලා ගියොත් අලි බලන්න

        VN:F [1.9.22_1171]
        Rating: +1 (from 1 vote)
      • වයලීනෝ වයලීනෝ says:

        @සිංදුවා… තොපිලගේ නන්ගිලානම් ගන්නෙත් නෑ. :(

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
      • නංගි පිස්සියක් වුනත් බොට දෙන්නෙත් නෑ බොල :p

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
      • වයලීනෝ වයලීනෝ says:

        මම මේ මුළුමහත් සක්වල වෙනුවෙන් මගේ පරම පිවිතුරු ආදරය කැපකලා බොල. එහෙව් එකේ පිස්සියෙක්වත් එපා බොල.

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
  14. thoonthuwa thoonthuwa says:

    මම නම් අලි ගැන දන්න පොල් අත්තක් නෑ.ඒත් මූව දැක්කාම නම් පව් කියලා හිතුනා. අලි නුවර වැව වටේ යද්දි ලස්සනයි තමා එත් උන් උන්ගේ අලි බාප්පල පුන්චිල අලි කෙල්ලෝ එක්ක කැලේම හිටියොත් තවත් ලස්සසනයි කියල හිතෙනවා .ලීනෝගේ ලිවිල්ලත්

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
    • වයලීනෝ වයලීනෝ says:

      ඔව් අනෙහ්…. අලි පව්ල්වලටම එකට ජීවත් වෙන්න ඉඩ දෙනවනම් කොච්චර හොඳද.
      ටන්කු කියෙව්වට…

      VN:F [1.9.22_1171]
      Rating: +1 (from 1 vote)
  15. lahirus says:

    එල මචන් සුපිරී…. :D

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
  16. උකුස්සා උකුස්සා says:

    උඹටත් තිබ්බෙ නිකක් ඉන්න එකේ අලිය ඉල්ලන්න. අර කතාවක් තියෙන්නෙ “ගියොත් වචනයක් ආවොත් අලියෙක්” කියල

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • වයලීනෝ වයලීනෝ says:

      මේ පික්සු කතා කරන්නෙපා. අපේ අම්ම මට බනියි ඌව ගෙදර ගෙනිච්චොත්.” ඉන්න වල් අලියා මදිවට ඌම ගිහින් තව ඇත්තුත් ගෙනාවා ” කියලා.

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  17. කිරි සප්පයා කිරි සප්පයා says:

    අලි … හීලෑ අලි… හ්ම්…. අලි ගැන කියන්න ඕන දේවල් ටිකක් මම මගේ පෝස්ට් එකකිනුත් , තරූද කොහේද ලියපු පෝස්ට් එකකට කමෙන්ට් විදිහටත් දැම්මා.. ඒ තැනවලදි නොකියපු දෙයක් කියන්නම්… කෙනරකගේ නැත්නම් ඇතින්නකගේ ගැබ්කාලය මාස 22ක් .. ඒ කියන්නේ අවුරුදු 2කට මාස දෙකයි අඩු… ඔය සම්පූර්ණ කාලේම ගැබ්බර ගෑණු සතාගෙන වැඩ ගන්න බෑ.. ඒ නිසා සෑහෙන වියදමක් යනවා ඒ කාලේ ඔවුන්ව නඩත්තු කරන්න.. අපේ මුදුන් මල්කඩ භාර අරන් ඉන්න වතුර ඉනුව නිළමේ තමා ලංකාවේ අලි හාම්පුත්තුන්ගේ සංඟමයේ සභාපති ධූරය හොබවන්නේ.. ඔහු ගේනවා අලි මිනිස් ගැටුමට අපූරු (ගොන්ත) විසඳුමක්.. ඒ තමයි ලංකාවේ සියළු අලීන් අල්ලා හීලෑ කල යුතුයි කියන එක.. පරිසරවේදීන් හා සත්ත්වවේදීන් සෑහෙන පරිශ්‍රමයක් දරලා තමයි .. ඒ ක්‍රියාපිලිවෙත යටපත් වෙන්නේ.. නමුත් අදටත් අළුයට ගිනි පුපුරු වගේ අදහස නොනෑසි පවතින බව තමයි කියන්නේ… මොකද අලි ඇති කරන අය අලින්ට ආදරේ උනාට ඒ නිසා පාඩු විඳින්න කැමති අය නෙමෙයි.. ඒ නිසා ඇති කරලා බෝ කරනවා කියන එක විහිළුවක් විතරයි.. 2012 රතු දත්ත වාර්තාවට අනුව ලංකාවේ අලියා කියන විශේෂය තව වසර 10ක් ඇතුලත වඳ වී යෑමේ තර්ජනයකින් පෙලෙන සත්තව ඛාණ්ඩයක්…
    වයලීනෝට ලියන්න පුලවන්.. සාහිත්‍ය දැනීම.. ලියන දේ පිලිබඳ හොඳ වැටහීම හා රසවත්ව ලිවීමේ හැකියාව කියන සේරම තියෙනවා.. ඒත් මන් දැක්කා කමෙන්ට් වලත් පෝස්ට් වලත් බලෙන් විහිළු වචන ගිල්ලන්න හදන සීන් එකක්.. එ‍හෙම ඕනේ නෑ කියලයි මට හිතෙන්නේ… :ඩී

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
  18. වයලීනෝ වයලීනෝ says:

    ඉහි ඉහි ඉහි ඉහි ……

    විහිලුව ඇති කල්හී වයලීනෝ ඇත…
    වයලීනෝ ඇති කල්හී විහිලුව ඇත…
    විහිලුව නැතිකළ වයලීනෝ නැත…
    වයලීනෝ නැතිකළ විහිලුව නැත…

    කිරිසප්පෙගේ කතාවට මගේ හදවත කීරී ගැහෙනවා වගේ උනා. මම ඉතින් කවදත් කා එක්කත් ඕනවට වඩා විරිත්තාගෙන තමා ඉන්නේ. සමහර වෙලාවට කෙලවෙන්නෙත් විරිත්තලා තමයි. මේවට බලෙන් ඒවා ගිල්ලන්නේ සමහර අයට බෝරින්ග් වෙයි කියලා හිතලා. ගණන් ගන්නෙපා මෙයා. මට කොහොමත් ලියන්න ගියාම ලියන දේ ගැන සහ විහිලු ගැන සීමාවක් හදාගන්න අමාරුයි. ට්‍රයි කරලා බලන්නම් . ටැංකු ටැංකු හෙලෝ හානි බනී….

    අලි කතාව ගැන නම් කියලා වැඩක් නෑ හෆ්ෆා. නඩුත් උන්ගේ. අලිත් උන්ගේ. සමන් දෙයියෝවත් බලන්නේ නැතැයි උන්නාන්සේගේ ඔෆිස් වෙහිකල් එක ගැන.

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
  19. සෝනාර් හෙවත් සන්දික සෝනාර් හෙවත් සන්දික says:

    සුපිරි තවත් පෝස්‍ටුවක්..

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)

Leave a Reply

Sinhala transliteration (β) - වෙන තැන් වල සින්හලෙන් ලියලා කොපි කරන්න ඕනේ නෑ. කෙලින්ම කොමෙන්ට් box එකේ සිංග්ලිශ් වලින් ලියන්න.

Click ctrl+b to toggle the transliteration

© 2013 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Processed 115 queries in 0.808 seconds.