Hangout with Sri Lankans around the world!
hide
Diaspora.lk - Hangout with Sri Lankans around the world!
Show
50

සුට්ටන් ආදර කතාවක්….

ලපයා
මේක ගවුම්/චීත්ත කෑල්ලක් සම්බන්ද කතාවක්.

මේකත් ලපයාට උන සාටර් සිද්දියක්…. සාටර්නම් ඉතින් ෂුවර් ගවුම් කැල්ලක් තමයි…. මේක උනේ 2006 විතර…

ඒ දවස් වල ලපයා ගෙවල් පැත්තේ කැල්ලකට ට්‍රයි කරා… මුල් දවස් වල කටු කෑවත් ටික දවසකින් වැඩේ ගොඩ…. හැබැයි ඉතින් බොහොම පොඩි වෙලාවයි ලව් කොරන්න හම්බුනේ…. එකත් දෙනෝ දාහක් මැද්දේ…. ඒ දවස් වල කෙල්ල ඉස්කෝලේ යනවා…. මම AQ එකේ ක්ලාස් යනවා… කෙල්ල ඉස්කෝලේ ඇරිලා එනකම් මම බස් හෝල්ට් එකේ බකන් නිලම් ඉඳල එකිත් එක්ක බස් එකේ නැගලා ගෙදර එනවා…. බස් එකෙත් වැඩිය රඟන්න බෑ… එකක් කෙල්ල  යුනිෆෝර්ම් එකෙන් නිසාත් , අපි දෙන්නවම අඳුරන අය බස් එකේ යන නිසාත්… අනේ ඉතින් මාස දෙකක් විතර අපේ පරම පිවිතුරු බෙරේ වැව වගේ පිරිසිදු ආදරේ කිසිම භාදාවක් නැතුව ගලාගෙන ගියා…. හැම ආදර කතාවකටම දුෂ්ටයා කඩන් පහත් වෙනවනේ… අපේ ආදර කතාවේ දුෂ්ටයා උනේ කෙල්ලගේම අක්කා…

මම කිව්වනේ අපිට වැඩිය චාන්ස් හම්බ වෙන්නේ නැහැ කියල…. ඒ නිසා අපි හැමදාම හම්බුනත් ලියුම් වලිනුත් කතා කරා…. (කෙල්ලට ෆෝන් එකක් තිබුනේ නැහැ බන්… අද වගේ මුහුණු පොතක් තිබුනෙත් නැහැ..) දවසක් මට දෙන්න තිබ්බ ලියුමක් අක්කට මට්ටු වෙලා… අක්කා ඒක අම්මගේ කනේ තියලා….

වෙනද වගේම මම කෙල්ල එනකම් බස් හෝල්ට් එකට වෙලා ඉන්නවා… මෙන්න කෙල්ල ආවා විතරයි පු*ට පෙට්රෝල් ගහලා වගේ විද්දා මාවත් පාස් කරගෙන…. මම අන්දොස්… මමත් ඉතින් පස්සෙන් ගිහින් බස් එකට නැග්ගා… කෙල්ල මගේ දිහා බලන්නෙත් නෑ… ඇයි කියල දන ගන්නත් එක්ක මම ඉතින් ලඟට කිට්ටු කරා…. අප්පට සිරි එතකොටම ඇන්ටි කෙනෙක් මට තට්ටුවක් දාලා…

” පුතා බස් එකෙන් ටිකක් බහිනවද… මට පුතා එක්ක ටිකක් කතා කරන්න තියෙනවා….. ”

මමත් ඉතින් බැස්සා… මෙන්න කෙල්ලත් බැහැපි…. එතකොටයි මට මීටර් උනේ කෙල්ලගේ අම්මා වෙන්න ඇතියි කියල….( මම ඉතින් ජීවිතේට කෙල්ලගේ අම්මව දැකලා තිබ්බේ නැහැ… )

” පුතා… ඔයා මගේ දුවත් එක්ක තියෙන සම්භන්දය වහාම නවත්තන්න…. මගේ දුවත් තාම 8 වසරේ…. එයා තාම පොඩි ළමයෙක්…… ඔය දෙන්නම තාම ඉගෙන ගන්නවනේ….අනික මෙයාගේ තාත්තා පොලිසියේ…. එයාට ආරංචි උනොත් මාවත් මරයි…. ඒ නිසා කරුණාකරලා මේක නවත්තන්න…කොහොමත් හෙට ඉඳලා එයාව මම බස් එකේ එවන්නෙත් නෑ…. ”

ඔච්චර ආදරෙන් කිව්වම ඉතින් මට කට උත්තර නැති උනා….

” හ්ම්ම්…. හා ඇන්ටි… ”

එච්චරයි කියන්න හම්බුනේ කෙල්ලවත් ඇදගෙන ඇන්ටි ගියා…. මම ඉතින් කෙල්ල යන දිහා බලන් ඉඳලා ඊගාව බස් එකේ ගෙදර අවා…

මම කොයිකටත් පහුවදත් කෙල්ල එනකම් බලන් හිටියා…. බැලින්නම් ඇත්තටම කෙල්ලව වෑන් එකකට දාලා… කොච්චර හොඳින් කිව්වත් ඉතින් එහෙම නවත්තන්න පුලුවන්ද…. විස්තර හොයල බලනකොට මගේ කසින් නංගි කෙනෙකුත් ඒ ඉස්කෝලෙටම  යනවා ඒ වැන් එකේම … අහලා බලනකොට කෙල්ලව හොඳට අඳුරනවා…. හෙල්ප් එකක් දෙන්නත් නංගි ලෑස්ත්යි…. මම ඉතින් හිතේ බුර බුරා නගින ප්‍රේමය ලියුමක ලියලා නංගි අතේ යැව්වා…. නංගි දවල්ට උත්තරත් අරන් එනවා… ( ඒ කියන්නේ කෙල්ලත් නවත්තල නැහැනේ…) ඔහොමත් සතියක් විතර ගියා කියමුකෝ… දැන් කෙල්ලව බලන්නේ නැතුව ඉන්නම බැරුව මම නලියනවා…. ඉවසන්නම බැරි තැන දවල්ට ඉස්කෝලේ ගාවට එන්නද කියල අහලා යැව්වා… බැලින්නම් කෙල්ලත් මම වගේම නලිය නලිය ඉඳලා තියෙන්නේ…ඔන්න ඉතින් මමත් ක්ලාස් එකේ යාලුවෙක් එක්ක ගියා ඉස්කෝලේ ගාවට… හැබැයි කතා කරන්න නෝ චාන්ස්… කෙල්ල ඉස්කෝලේ ඇරිලා එනවා.. වැන් එකට නගිනවා ගෙදර එනවා…. මම ටිකක් ඈතට වෙලා ඒක බලන් ඉඳලා ගෙදර එනවා…. ඔය විදිහටත් සති දෙකක් විතර ගියා… දැන් මට කෙල්ල එක්ක කතා කරන්න ඕන උනා…. පහුවදා මම ලඟට ගිහින් හොරෙන් වගේ වචන දෙක තුනක් කතා කරා… ( හප්පේ හිතට දැනුන සැනසීම )

කොල්ල හැමදාම ක්ලාස් ඉවර වෙලා යාලුවෙක් එක්ක ඉස්කෝලේ ගාවට පදිනවා…. සුපුරුදු විදිහට පහුවදත් මම යාළුවා එක්ක ගියා…. කිරි අප්පට බල්ලෝ පැනපි… ඇන්ටි කාරයා ඉස්කෝලේ ගාව…. ඇන්ටිව දැක්ක ගමන් මාව ඉබේම අනිත් පැත්ත හැරුනා…. කරුමෙට ඇන්ටියත් මාව දැක්කා…. දැක්කනම් මදැයි… මට ඇහුනා කාටදෝ කියනවා අන්න අරයා තමයි කියලා…. අපි  පස්ස බලන්නෙත් නැතුව හයියෙන් හයියෙන් ඇවිදිනවා… මෙන්න කව්ද මන්දා දුවගෙන එන සද්දයක් ළඟ ලඟම ඇහෙනවා… ඒක පාරටම දඬු අඩුවකට මගේ බෙල්ල හිර උනා වගේ උනා….

සොචනියි…. දුක්කිතයි… කුජීතයි…. විලි රුදාවයි…. !!!!!!!!!!!!!!!!!!

බෙල්ලෙන් අල්ල ගත්තා විතරයි මාව ඇදගෙන ඉස්කෝලේ පැත්තට ඇදගෙන යනවා… යාළුවා බය වෙලා….  මාව හේත්තු කරා ඉස්කෝලේ තාප්පෙට…. මෙන්න ඇන්ටියත් ළඟ….

” තෝ වල් පරයා….උබ දන්නවද මම කව්ද කියලා… මම    ******ගේ  තාත්තා…. ”

ඒ අස්සෙන් ඇන්ටිත් කියවනවා….. “  මම කිව්වනේ පුතා ඔයාට හොඳින් මේක නවත්තන්න කියලා…. ”

එකට උත්තර දෙන්න හැදුවා විතරයි මට වැදුනා කන හරහා එකක් එලොව පොල් පේන්න….. ඇන්ටි ප්‍රශ්න අහනවා අංකලයා මට නෙලනවා… යාළුවා බේරන්න දඟලනවා….
( හිතාපල්ලකෝ කෙල්ලෝ ඉස්කෝලයක් ගාව ඉස්කෝලේ ඇරෙන්න ඔන්න මෙන්න තියලා ඔහොම එකක් වෙනකොට තියන ආතල් ඒක කොහොමද කියලා… ) පාරවල් 5 ක් විතර මට වැදුනා… මූණත් දෙක වෙලා කියල මට තේරෙනවා… කරුමෙටම ඉස්කෝලෙත් ඇරුනා… මේ යකා මාව මෙන්න ඉස්කෝලේ ඇතුලට ඇදගෙන යනවා හරියට හොරෙක්ව ඇදගෙන යනවා වගේ…. ඉස්කෝලේ ඇරිලා කෙල්ලෝ පෝලිමට එනකොට ඔක්කොම මගේ දිහා බලන් යනවා හරියට පිටසක්වල ජීවියෙක් දිහා බලනවා වගේ… විලි ලැජ්ජාවේ බෑ… මාව එක්කන් ගියා පිනාගේ ඔෆිස් එකට…. යාලුවත් පස්සෙන් ආවා….. පිනා ප්‍රශ්න අහනවා…. ම ඉතින් නොදරුවා වගේ උත්තර දුන්නා නංගිව එක්කන් යන්න ආවේ කියලා……. නංගි කව්ද ඇහුවම මමත් ඉතින් නංගිගේ නම කිව්වා…. නංගිවත් ගෙන්නුවා ඒ පාර… මාව දන්නවද ඇහුවමත් එකී ඔව් කිව්වා….වෙලාවට අපි දෙන්නගෙම වාසගම එකයි…. එකෙන් ටිකක් වැඩේ ශේප්….  ඊට පස්සේ මගෙයි යාලුවගෙයි ID වල කොපි ගහගෙන අපහු ඉස්කෝලේ ගාවට අවොත් කෙල්ලව ඉස්කෝලෙන් අස් කරනවා කියලා අපිව බය කරලා යැව්වා….  බැලින්නම් කලින් දවසේ මම කෙල්ල එක්ක කතා කරනවා ඉස්කෝලේ විනය භාර ටීච දැකලා….

ඒ ලව් එක ඉවර උනේ ඔන්න ඔහොමයි….

( දැන් මතක් වෙනකොටත් අමුතු ආතල් එකක් එනවා… )

සුට්ටන් ආදර කතාවක්...., 9.5 out of 10 based on 69 ratings
VN:F [1.9.22_1171]
 ශෙයා
ලපයා

ලපයා

This user has not updated his description

 All posts by ලපයා  Link to ලපයා's blog

50 Responses to "සුට්ටන් ආදර කතාවක්…."

  1. කිරි සප්පයා කිරි සප්පයා says:

    සොචනියි…. දුක්කිතයි… කුජීතයි…. විලි රුදාවයි…. !!!!!!!!!!!!!!!!!! චික් ..ලපයා අයියා වෙලා තියෙන දේ වලට අයියාට සුදු වෑන් එකක් පෙනුන් නැති එක ගැන සතුටුයි. කතාවට තරු 10යි… හොදේ

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ලපයා ලපයා says:

      මම වගේ අනිත් අයියලත් කුජිත වෙලා ඇති…. එත් ලකුණු කපා ගන්න තියෙන අකැමත්තට කියන්නේ නැතුව ඇති… තාම මම කෙල්ලෝ ගැන කියන්න ගත්ත විතරයි බන්…. ( ඒ කියන්නේ උබලට ඉස්සරහටත් මගේ සාටර් කතා බලන්න වෙනවා….) හික් හික් හික්…. තරුව වලට ඉස්තුත්යි කිරියෝ…. ;)

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  2. wasa wasa says:

    පව් අපේ (අන්තිම පේලියේ) හැ-ලපයා (හැදිච්ච් ලපයා )

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ලපයා ලපයා says:

      අනේ ඔව් බන්…. බෝධි පුජාවක්වත් කරපන් මගේ අපල කාලේ දුරු වෙන්න කියල…. :P

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
    • KRRISH හැල්ප්ස් says:

      කව්ද යකෝ මාව මතක් කලේ

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  3. Shaggy Shaggy says:

    මචං, මේ වැඩේ හරියන්නෙ නෑ.. කොලේකුයි පෑනකුයි අරං පිළිවෙලට ලියාගනින් කෙල්ලො නිසා උඹ අමාරුවෙ වැටුන හැටි.. ඊට පස්සෙ තව කොලේක ලියන්න ඕන ‘උගත් පාඩම්’ මොනවද කියල​.. ඊලඟට ප්‍රතිසංවිධානය වෙලා කෙල්ලෙක්ට try කරපන්

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ලපයා ලපයා says:

      උබලට දැන්මම ඇති වෙලාද….? තම මම පටන් ගත්තා විතරනේ…. එහෙනම් වෙන ඒවා ගැන ලියන්න පටන් ගන්නම්….. :D :D :D

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
      • aliya අලියා says:

        හාපොයි……………… පිස්සුද නවත්තන්න හිතන්නවත් එපා…………….. අපි තාම ඔවට නවකයො…………. මෙවා බෑලුවම හිතෙනව කෙල්ලො පස්සෙ ගිහින් චාටර් වෙන අකත් පට්ටම ෆන් කියලා………….. දිගටම ලියමු ලොකු අයියා……………………….

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
      • ලපයා ලපයා says:

        එහෙනම් දෙන්නම්කො තව ඕනේ තරම්….. මේවා බලලා පාඩමක්වත් ඉගෙන ගනින්…. මට තාම 25 යි බන්…. ;)

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
  4. කොහොමද කෑම.. අති විශිෂ්ටයි සර්.

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ලපයා ලපයා says:

      හැක හැක හැක…. මොනවට කියනවද ඒක ගැන නම්….. :D :D :D

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  5. aliya අලියා says:

    මොනව උනත් හම්බ වෙච්ච එක රිදෙන්නම හම්බවෙලා තියනවා වගෙ………………. කෑමෙ සෑර හිතා ගන්න පුලුවන් අයිය කෙල්ලව අත ඈරපු විදියටම…………………………… මොනව උනත් පට්ට යාලුවා උව අගය කරන්න වටිනව………….

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ලපයා ලපයා says:

      එත් අත ඇරියේ නැහැ බන්…. තව තියෙනවා…. වෙනම පොස්ට් එකකකින් දාන්නත් පුළුවන්….. උබලට කියෝලා එපා වෙයි කියල හිතුන නිසයි ඔතනින් නැවැත්තුවේ…. ;) මම ලංකාවට ගියාම දැනුත් අපි දෙන්නා ඔය සීන් එක මතක් කරලා හිනා වෙනවා…. ලොල් :D

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  6. ඇස්කොට් මලයා ඇස්කොට් මලයා says:

    මේ කොමෙන්ටුව දාන්නේ හෙඩිම විතරක් කියවලා..

    ලපයා නම් ඉතිං චීත්ත කෑල්ලක් ගැන..
    චීත්ත කෑල්ලක් නම් අනිවා ඒක අනා ගෙන ( සාටර් වී)
    කොලුවෝ නරකද අර ශැගි කොලුවා කිව්වා වගේ වේලා පත්කඩේ එහෙම චැක් කොර ගත්තොත්.. මං කියන්නේ උඹත් දවසක දීගෙක යන්න එපැයි.. :D :D

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ලපයා ලපයා says:

      ඇන ගත්තුවත් එමටයි…. ගොඩ ගිය ඒවත් එමටයි….. දැනටත් 4 ක් 5 ක් වටේ කැරකෙනවා….. අපරාදේ කියන්න බැහැ ලපයා ඒ පැත්තෙන්නම් ගොඩාක් පින් කරලා තියෙනවා….. :D

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  7. ඇස්කොට් මලයා ඇස්කොට් මලයා says:

    ” ඇන්ටි ප්‍රශ්න අහනවා අංකලයා මට නෙලනවා… යාළුවා බේරන්න දඟලනවා….”

    මේ තියෙන්නේ බං උඹ ගුටි කෑවත් අපිට ගන්න ආතල්… :D :D :D :D :D

    මං හෙඩිම විතරක් කියෝලා දාපු කොමෙන්ටුව හරි ටක්කෙටම නේද කොලුවෝ….. මං දන්නවනේ.. ඇඩ්මියාට කියලා අලුත් කැටගරි යක් දාගන්.. “චීත්තයකට හේත්තු වීම…” හරි “ලපයා ගේ සාටර් කතා” කියලා

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ලපයා ලපයා says:

      අනිත් දවසේ හෙඩිමක් දාන්නේ නෑ… ඇයි බන් අමාරුවෙන් කොටන ඒවත් අපරාදේ නේ….. උබලා හෙඩිම විතරක් කියෝනවානම්…. :(

      මම වෙනම බ්ලොග් එකක් හැදුවා ඩුප්ලිකේට් ලපයාට කියලා…. එත් ඒක වැඩිය නැගල යන්නේ නැහැනේ බන්…. :D

      http://lapayagerasakatha.wordpress.com/

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  8. ඩුප්ලිකේට් ලපයා ඩුප්ලිකේට් ලපයා says:

    ඒ කලේ දැන් කලේ කියල වෙනසක් නැ.. තාම ඔහොම් තමයි. …………..

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ලපයා ලපයා says:

      එත් කොල්ලා සැලුනේ නැහැනේ බන්…. ;)

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
      • ඩුප්ලිකේට් ලපයා ඩුප්ලිකේට් ලපයා says:

        එක ගැන කුමට කතා ද?

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
  9. සෝචනීයයි පින්වත.. කූජීතයි… සී සී සී….
    බාල අපරාද රැල්ල ලංකාවේ පටන් ගන්න ඇත්තේ කාගෙන්ද කියල දැන් අපිට අදහසක් ගන්න පුළුවන්.. හික් හික්

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ලපයා ලපයා says:

      අනේ බන්…. එහෙම අපරාදයක් කොලේ නෑ…. බස් ඇතුලේ ඕවා කොහොම කරන්නද බන්….. :(

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  10. sumuduk87 says:

    අනේ ලපයෝ මම මේ උඹේ හොඳටයි කියන්නෙ, ඔය කෙල්ලො කියන මත්තුරුකාවෙන් අයින් වෙයන් කෙල්ලො උඹට අපත්ත්‍යයයි, ඇයි අප්ප උඹ සාටර් වෙන්නෙත් උන් ඉස්සරහමනේ,අනේ අවසාන වශයෙන් කියන්න තියෙන්නේ උඹට තිස්තුන් කෝටියක් දිව්යාංගනාවන්ගේ පිහිටයි,ආරක්ශාවයි.

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ලපයා ලපයා says:

      හික් හික් හික්…. කොච්චර සාටර් උනත් කවදාවත් කෙල්ලොන්ගෙන් අඩුපාඩුවක් වෙලා නෑ බන්….. එකක් යනකොට දෙකක් එනවා…. ;)

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  11. lapatiya says:

    kiwwanam enawane ankalayageth ekka oluwa palanna

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  12. කැම්බා says:

    අය්යෝ සල්ලී…..:D

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ලපයා ලපයා says:

      කතා කරලා වැඩක් නෑ බන්….. :P

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  13. SHaN says:

    ඇඩෙන සීන් එකනේ බන්..හි හි ..

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ලපයා ලපයා says:

      ඔව් බන්….. ඇඩෙනවා නේන්නම්….. :(

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  14. අංගොඩයා.. says:

    හොඳ වැඩේ තොට බාල අපරාදෙකට අත ගැහුවට..

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ලපයා ලපයා says:

      අනේ ඔහොම කියන්න එපා බන්…. මම පව් නේ…. :(

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  15. loku malli says:

    ane saaadu

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ලපයා ලපයා says:

      ඔහොම මුණටම කියනවද බන්…… :(

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  16. prabudda says:

    (දැන් මතක් වෙනකොටත් අමුතු ආතල් එකක් එනවා… )අපිට නම් උඹගේ ඇගිලි 10 කඩන්න හිතෙනවා. කාල කන්නිය.

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  17. shehan says:

    මටත් ඔය අත්දැකීම තියෙනවා. හැබැයි ගුටි කෑවේ නම් නැහැ. මොනව උනත් වෙලා තියෙන සීන් එකනම් බොහොම දුක්ඛිතයි.

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ලපයා ලපයා says:

      හ්ම්ම්…. ඒ කියන්නෙ උබත් කෑවද අම්බානෙක….. ;)

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  18. පිස්සු පූසා පිස්සු පූසා says:

    යකෝ මු බාල අපරාධ කාරයෙක්නේ
    8 වසරේ කෙල්ලෙක්ට ලව් කරන්න ගිහින් තියන්නේ :D
    AQ class කිව්වේ මොකක්ද බන් ?

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ලපයා ලපයා says:

      කෙල්ලට 13 යි… මට 19 යි…. :D

      Aquinas University College , Sri Lanka , Colombo 08

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  19. ShaLamaya says:

    ලැජ්ජ නැතුව ගුටි කල තව කියවන්නත් එනවා. :) උබ ගුටි කල ඉස්පිරිතාලේ ගියානම් අන්කලයගේ යුනිෆොර්ම ගලවන්න තිබුන. කොහෙ තියෙන නීතියක්ද බං ගහන එක.

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ලපයා ලපයා says:

      හැමෝම ඕක කිව්වා බන්…. මොනවා උනත් කෙල්ලගේ තාත්තානේ…. එකයි ඉතින් සද්ද වහලා හිටියේ….. ;)

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  20. ඔච්චර ගුටි කාපු එකේ වඩේ දිගටම කරගෙන යන්නයි තිබුණේ සහෝ. …..

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ලපයා ලපයා says:

      තව තියෙනවා බන්….. උබලට කියෝලා එපා වෙයි කියලා හිතලයි ඔතනින් නැවැත්තුවේ…… :D

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  21. මේ ලපයගේ ජීවිතය කෙදාන්තයක්නේ.යකුනේ මේ ලපයගේ ජීවිතේ ගැන සිහි කරලා භාවනා කරොත් නිවන් යන්න පුළුවන්.තනිකොට භවදුකම මේකේ තියනවනේ.

    සිරා කතාව..වෙනද වගේම උඹ පදිරි වෙලා අවසානය දක්වා එනවා.තරු 10යි….

    හාහ් හාහ් හාහ් ….හැක හැක

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  22. ලපයා ලපයා says:

    මම ඉල්ලන් ගූ ගා ගන්නවා වැඩිද මන්දා බන්…. :D

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  23. ks says:

    මගේ දුවත් තාම 8 වසරේ…. එයා තාම පොඩි ළමයෙක්

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  24. මදැයි ඔයින් ගියා අතක් පයක් නොකැඩී….

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)

Leave a Reply

Sinhala transliteration (β) - වෙන තැන් වල සින්හලෙන් ලියලා කොපි කරන්න ඕනේ නෑ. කෙලින්ම කොමෙන්ට් box එකේ සිංග්ලිශ් වලින් ලියන්න.

Click ctrl+b to toggle the transliteration

© 2013 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Processed 119 queries in 1.636 seconds.