Hangout with Sri Lankans around the world!
hide
Diaspora.lk - Hangout with Sri Lankans around the world!
Show
29

පොලිස් කාරයාගෙ මොලේ

පිස්සු පූසා
මේ පිස්සු පූසා අන්තිම පේලියට ලියපු පලවෙනි පෝස්ට් එක.

ඔන්න මමත් ටිකක් කල් මේක කියවලා , ලියන්නත් පටන් ගන්න කියල හිතුව.
පලවෙනියට කියන්නම් මම අහපු මට හින යන කතාවක්
හැබැයි මුලින්ම කියන්න ඔනෙ මම ලියන්න දක්ෂ නෑ කියලා
ඒ නිසා ලියලා තියන විදියට නෙවෙයි කතාවට හිනා වෙයල්ලා.

අපේ ගෙවල් පැත්තේ හිටියා ආමි එකෙන් පැනපු එකෙක්, ඉතින් සැරෙන් සැරේ පොලිසියෙන් එනවා අල්ලන්න. ඒත් ඉතින් මූ හැමදාම දුවලා බේරෙනවා
පොලිසියෙ වයසක පොරවල් තමයි එන්නේ, උන්ට මූත් එක්ක දුවල අල්ලගන්න බෑ
ඉතින් දුවන්න එප ඔහොම නවතියන් වෙඩි තියනව කිව්වට මූ ඉතින් දුවනව වෙඩි තියන්නෙ නෑ කියල දන්න නිසා
ඔන්න ඔහොම ආපු දවසක මූ පුරුදු විදියට ගෙදරින් එලියට පැනලා දුවන්න පටන් ගත්තලු, පොලිස් කාරයත් ටිකක් පන්නලා බැරිම තැන මෙන්න මෙහෙම කිව්වලු
“අයෙ දුවන්න එපා ඔහොමම නවතියන් දැන් වෙඩි තියලා තියන්නේ වදියි …” කියලා
අරුත් බය වෙච්ච පාරට බුදු අම්මෝ කියාගෙන ඔලුවට අත් දෙක තියගෙන බිම දිගා උනාලු. ඊට පස්සෙ වෙච්ච දේ ඉතින් කියන්න දෙයක් නෑනෙ.

Note: ඔන්න මේ ටික නම් බොක්කෙන්ම කියන්නෙ , මේක මාර හිනා යන කතාවක් මට රසකරලා ලියාගන්න බැරි උනාට, ඒ නිසා හිනා වෙයල්ලා හරිද

පොලිස් කාරයාගෙ මොලේ , 9.3 out of 10 based on 52 ratings
VN:F [1.9.22_1171]
 ශෙයා
පිස්සු පූසා

පිස්සු පූසා

This user has not updated his description

 All posts by පිස්සු පූසා  Link to පිස්සු පූසා's blog

29 Responses to "පොලිස් කාරයාගෙ මොලේ"

  1. කිරි සප්පයා කිරි සප්පයා says:

    පොඩි සීන් එකක් තියෙනවා.. ආමි එකෙන් පැනපු එවුන් අල්ලන්න එන්නේ මිලටරි පොලිසිය මන් දන්න විදිහට… උඹ බොරුනේ කියලා තියෙන්නේ ලියන්න දක්ෂ නෑ කියලා. ලියලා තියෙනවා හොඳයි හැබැයි මදි.. තව රස කරලා අතිනුත් දාලා ලියපන්… ලේඛකයෝ අතරට සාදරයෙන් පිලි ගන්නවා….

    ඔන්න උඹ ගැන හිතලා මන් හිනා උනා හොඳේ :පී

    VN:F [1.9.22_1171]
    Rating: +2 (from 2 votes)
  2. පිස්සු පූසා පිස්සු පූසා says:

    comment එකට තෑන්ක්ස් මචන්, මේකයි සීන් එක මිලිටරි පොලිසිය එන්නෙ ආමි එකෙන් පැන්න නිසා අල්ලන්නනෙ, ගමේ පොලිසියෙන් එන්නෙ වෙන මගෝඩි වැඩක් කරලා මාට්ටු උනහම.
    බලමු ඉතින් ඉස්සරහට තව රසකරලා ලියන්න ඉගෙන ගමු.
    ඔන්න එහෙනම් උබ මීට පස්සේ ලියන ඕනෙ මගුලකට හිනා වෙනවා මාත් ෆිට් එකට ;)

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • කිරි සප්පයා කිරි සප්පයා says:

      අඩේ කාලෙකින් මන් හිනා යන ඒවා ලිව්වේ නෑ බන්…. ලිව්වෙම බලන එවුන්ගේ ඔළුව අවුල් වෙන ෆීචර්ස් ඒවා :පී එල එල දැන් බය නැතුව ලියතෑකි මොනා උනත් උඹ මට හරි හිනා වෙයිනේ… ලොල්

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
      • පිස්සු පූසා පිස්සු පූසා says:

        අනිවා මචන් අපි දෙන්නා වත් පිට කහ ගමු එහෙනම් ;)

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
      • ඇස්කොට් මලයා ඇස්කොට් මලයා says:

        ඕකනේ කියන්නේ බෑ කියලා.. මුන්ව පන්නලා දාන්නමයි වටින්නේ.. එන්නෙම නරක වැඩ වලටමයි…අලේ මල් ලල්ලෑ ඕවා.. :P :P :P :D

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
      • පිස්සු පූසා පිස්සු පූසා says:

        කල්ලල් ලෑ බොල්ලල් ලෑ අලේ මල්ලල් ලෑ :D

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
  3. උණ්ඩ තාම මග එනවද බං? :)
    ටිකක් හිනා යනවා ඈ

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • පිස්සු පූසා පිස්සු පූසා says:

      ඔව් ඔව් පරිස්සම් වෙයන්, කොයි වෙලේ වදියිද දන්නෙ නෑ.
      ටිකක් හරි හිනා උනා නම් ඇති :P

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  4. ලපයා ලපයා says:

    කතාව එල…… එත් තව රසට ලියපන්…. ;)

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  5. පිස්සු පූසා පිස්සු පූසා says:

    කතා ගොඩක් තියනවා බන් රස කරලා ලියන්න තමයි ටිකක් අමාරු :)

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  6. cupid walpal says:

    උන්ඩෙ විසි කරලද ගහල තියෙන්නෙ බං. හැක හැක…

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • පිස්සු පූසා පිස්සු පූසා says:

      ඒකත් වෙන්න බැරි නෑ lol

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  7. ස්කයිමෑන් ස්කයිමෑන් says:

    කැට පෝලයකින්ද කොහෙද වෙඩිතියල තියෙන්නෙ…

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ඇස්කොට් මලයා ඇස්කොට් මලයා says:

      4 :D : D: D: D: D: D: D: D: D: D: D: D: D යකෝ

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  8. රජිනිකාන්ත් ඉන්න ෆිල්ම් එකක් නෙවෙයි නේද…..

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • KRRISH හැල්ප්ස් says:

      උගෙත් ඔය වගේ සීන් තමා තියෙන්නෙ

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  9. ගන්දරයා says:

    රැජිනිකාන්ත් ඉන්න ෆිල්ම් වල නම් වෙඩි තියලා ඊට පස්සේ පිහිය විසි කරනවලු උන්ඩේ දෙකට කැපිලා දෙපැත්තේ දෙන්නටයි, පිහිය මැද ඉන්න එකාටයි වදින්න… :P

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • පිස්සු පූසා පිස්සු පූසා says:

      අන්න මූ තමයි රජිනි කාන්ත් ගැන හරියටම දන්නේ :D

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  10. රෝසි says:

    :D :D :D :D

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  11. Jayya says:

    අරු ආමි එකෙන් පැනපු එක අනිත් කතාව ඉතින් ඔය හොඳට තියෙන්නේ .. ඊළඟ එක ටිකක් ආරළු බුරළු දාල ලියන්න..

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • පිස්සු පූසා පිස්සු පූසා says:

      තෑන්ක්ස් මචන්, කියන කොට වගේ නෙවෙයි ලියන කොට ඔය අරලු බුලු දාන එක හරි අමාරුයි බන් .
      ලඟ ඉන්න එකෙක් නම් හිනා උනේ නැත්නම් ඌට නෝන්ඩි කරලා හරි බලෙන් හින්සනවා.
      මේකෙ ඉන්න එවුන්ට එහෙම කරන්නත් බෑනෙ :p

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  12. susanthawaru says:

    හ්ම්ම් නියමයි, රහ කරලා ලියපන් මල්ලි. තරු දෙන්නම්. ආමි කොල්ල හිතන්න ඇති වෙන කව්රුහරි වෙඩි තියල තියෙන්නේ කියල එකයි බය උනේ.

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  13. අංගොඩයා.. says:

    වෙලාවට පොර හමුදාවෙන් පැනලා හිටියේ..

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  14. පිස්සු පූසා.මම නම් හිනා වුනා අවංකවම. උඹට ලියන්න බෑ කියන්නෙ බොරුනෙ.
    උඹ එහෙම හිතනවා නම්, මෙහෙම කරපං. උඹ ඩ්‍රින්ක් එකක් හෙම දාලා (දානවානම්) මේ කතාව උඹේ යාලුවන්ට කියන්නෙ කොහොමද වැඩ දාලා. අන්න ඒටික ලියලා පස්සෙ එඩිට් කරපං දෙතුන් වතාවක්.

    මේ ලියලා තියෙනවත් මටනම් හොඳයි.

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • පිස්සු පූසා පිස්සු පූසා says:

      ඔව් බන් එහෙම කරානම් හොන්දයි තමයි, එත් ඉතින් මේ සින්හල කෙටිල්ල තම්යි ටිකක් වාත කේස් එක.
      හොඳට වෙලාව තියන කොට ලියන්නම් කියලා හිටියනම් ලියවෙන්නෙම නෑ.
      බලමු බලමු තව ට්‍රයි කරලා.
      (බිව්ව වෙලාවට කියන කතා මේකෙ ලියන්නත් මොකක්ද වගේ ;) )

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  15. පිස්සු පූසා පිස්සු පූසා says:

    comments දාපු ඔක්කොට ගොඩක් තෑන්ක්ස් වේවා!
    මුලින් ලියන්න පටන් ගන්න එකෙක්ට comments දැක්කහම තව ගට එනවා.
    තව කතාවක් පෝස්ට් කරා , ඒත් කෝ මේ ඇඩ්මියාගෙ ගෙවල් පැත්තට ලයිට් කපලද කොහෙද :D

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  16. sumuduk87 says:

    දෙය්යෝ සාක්කි..!!! යකෝ උණ්ඩ තාම මඟද? එල කිරි, හොකෑස්… :D :D :D

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  17. sumuduk87 says:

    ඒ උනාට ටිකක් මාඤ්ඤමික විදියට හිතුවොත් මචන්.. උණ්ඩ ඔහොම නම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්………

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)

Leave a Reply

Sinhala transliteration (β) - වෙන තැන් වල සින්හලෙන් ලියලා කොපි කරන්න ඕනේ නෑ. කෙලින්ම කොමෙන්ට් box එකේ සිංග්ලිශ් වලින් ලියන්න.

Click ctrl+b to toggle the transliteration

© 2013 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Processed 107 queries in 0.619 seconds.