අඩෝ ඔන්න එහෙනම් මම තව කතාවක් ලියනවා…. උබට කියෝලම එපා වෙලාද දන්නේ නෑ… එකට කමක් නෑ කියෝපල්ලා…… කියවීමෙන් මිනිසාගේ අහවල් මොකක්ද එක සම්පුර්ණ වේ කියනවානේ… මේක ලියන්න කලින් කියන්නම ඕනේ…. කිසිම දෙයකට නින්දා කරන්න හිතාගෙන ලියන කතාවක් නෙමෙයි ඔන්න…. අපි කරාපු මගෝඩි වැඩ ගැන කියන්න ඕනේ නිසයි ලියන්නේ…. ඔන්න කතාව මෙහෙමයි….
මතකනේ මගේ යාලුවෝ සෙට් එක…. අර හත් දෙනෙක් ඉන්නේ හතේ හත වැදුන වගේ…. අන්න උන් සෙට් එක තමයි බන්….. ඔන්න එදා අපේ ගෙවල් පැත්තේ තියෙනවා ගිහි පාගන සීන් එකක්….ඇත්තටම එක ගෙයක්…. ඒගෙදර තමයි දේවාලය හදල තියෙන්නේ….. ගමේ හැමෝටමත් ගිනි පාගන්න පුළුවන්… හැබැයි එකට නීති දෙකක් තියෙනවා….
1. ගිනි පාගන්න තියෙන සතියකට කලින් ඉඳලා මස් මාන්ස වලින් වලකින්න ඕනේ….
2. සුරාමේරයත් තහනම් ……
අපරාදේ කියන්න බෑ ගිනි පාගනවා බලන්න ලස්සන ලස්සන කෙල්ලෝ එහෙමත් එනවා…. ඔහොම එකක් දවසට තමයි ගමේ ඉන්න කෙල්ලෝ ටිකව බල ගන්න පුළුවන්…. නැත්තම් උන් ගෙවල් මීයෝ වගේ ගෙවල් අස්සෙමනේ…. අපේ සුමනත් ඉන්නේ ඔය කියපු තැනට අල්ලපු වැටේ….. මූ ඉතින් හරි භක්තියෙන් ඔය නීති අකුරටම පිලි පදිනවා…. වෙන මොන කෙන්ගෙඩියක් නිසාවත් නෙමෙයි…. අර එන කෙල්ලොන්ට පෙන්න ගිනි ගොඩ උඩින් දුවන්න ඕන නිසා….. කෙල්ලොත් කටයි පු*යි ඇරගෙන බලන් ඉන්නේ ඕක දිහා…. මු කොහොමත් කෙල්ලොන්ට පේන්න වීරයා වෙන්න කැමති ඩයල් එකක්….. අපිට සුමනා එක්ක බුදු මල…. ඔය දවස් වලදී ඌව අල්ල ගන්න හරිම අමාරුයි…. මු දේවාලේ වැඩ වලට බැහැල වැඩ….
අපි අනිත් සෙට් එක සුපුරුදු පරිදි හවස සෙල්ලම් කරලා ඔන්න ගිනි පාගන එක බලන්න යන්න කතාව…. ඕක ඉතින් මහා රෑ දෙගොඩ හරිනේ තියෙන්නේ….. ඔක්කොම කතාව දැන් අඩෝ කෙල්ලෝ බලන්න ඔච්චර රෑ වෙනකම් ඇහැරන් ඉන්න එක තමයි බන් අමාරු…. ඇගේ පතේ අමාරුව යන්න අරිෂ්ට බෝතල් දෙකක්වත් සප්පායම් වෙලා යමු කියලා ඔන්න කතා උනා…. ( බීලා බලන්න ගියාට කමක් නෑනේ ) හවස හතට ඔක්කොමල පිට්ටනිදීම සෙට් වෙමු කියලා කට්ටිය ගෙවල් වලට ගියා…
අනේ අපරාදේ කියන්න බෑ අපේ උපාසකල කුමටද කුසලට කම්මැලි වන්නේ කියලා හරියටම හතට පිට්ටනියේ….. දැන් ඔන්න සල්ලිත් සෙට් කරගෙන ගෙනාව බල්ලොන්ට විසි කරන ජාතියේ බෝතල් 2කකුයි… කොක් බෝතලෙකුයි….මුරුක්කු පැකට් එකයි … කුකුල් මස් කොත්තුවයි…ප්ලාස්ටික් කෝප්ප දෙක තුනකුයි…. පිට්ටනියේ පැවිලියන් එක ඇතුලේ අපි කට්ටිය සෙට් වෙලා ඉන්නවා….. එක බෝතලයක් ඉවරයි…. දැන් ඔන්න කට්ටියගේ මෙටර් එක පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වේගන එනවා…. යකෝ මෙන්න උදේ ඉඳලා ඇහැකටවත් දැකපු නැති සුමනා එනවා…. දැන් මු ඇවිත් අපිට බන කියනවා….. උබලට අද වගේ දවසකවත් මනුස්සය වගේ ඉන්න බැරිද අරකද මේකද කියලා….අපිට ආව කක්කි අදහසක්….. දෙන්නම් තොට වැඩේ කියලා මුට දාලා දුන්න හරි ආදරෙන් කොක් වලට අරව ජුන්ජිත්තක් කලවම් කරලා ….. මුගේ පුරුද්ද දෙන දෙන දෙය කටට දා ගැනීම කියලා මම කියලා තියෙනවා නේ …. කෝප්පේ දුන්න විතරයි යේ කතා දෙකක් නෑ කෙලින්ම හලා ගත්තා කටේ….
අරු බීලා ඉවර වෙන්න හම්බුනේ නෑ බිජුවා කිව්වා
අඩෝ සුමනෝ උබ ඔය කොක් කියලා බිව්වේ අපි අරව පොඩ්ඩක් කලවම් කරපු එකක්නේ බන් දැන් ඉතින් උබේ බල බිඳිලා ඇති…. අපරාදේ සතියක්ම උබ රැකපු සීලේ …. උබ ගිනි පාගලත් හමාරයි…. දැන් මොන ගිනිද මෙන්න මේ ගනින් ෂොට් එකක්……
දැන් සුමනා අඩන්න වගේ… මු අපිට හැමදාම වගේ බනිනවා….
තොපිල මහා වල් හැත්ත…. මට ගහන ඕනේ උබල එක්ක ඉන්නවට කියා කියා මු බෙරිහන් දෙනවා…. ඊට පස්සේ කියනවා අඩෝ මම නොදැන බිව්වා නිසා දෙය්යෝ සමාව දෙයි නේද බන් කියලා…..
අපිට දැන් හිනා වෙලාම ඩෝප් බැහැල… මු ඉතින් සතියක් තිස්සේ කිරි දොවල දොවල එකට ගොම බින්දුවක් දා ගත්තා වගේ වැඩක් නේ උනේ….. අපේ උන් උව ෆෝම් කරනවා….
පිස්සුද බන් උබට…. දැන් මෙන්න මේ තව ෂොට් එකක් ගහලා අපිත් එක්කම කෙල්ලෝ බලන්න යමන් කියලා තව එකක් දාලා දුන්නා…. හිතේ දුකටද මන්ද මු ගත්ත ගමන් එකත් ඇදල ඇරියා….. මෙන්න ඒ ගැම්මටම තව එකක් දාගෙන ගහපි…. ගහලා කුකුල් කට්ටකුත් බර බර ගගා පනවා….අපි කට්ටිය අන්දොස් මුගේ සීලේට මොකෝ උනේ කියලා….. දැන් ඔන්න අපිට වඩා මු වැනෙනවා….. බෝතල් දෙකත් ඉවරයි…. ඉතුරු උන මුරුක්කු ටිකත් හප හප අපි කට්ටිය ගිහි පාගන එක පැත්තට ගියා…..
වෙනද වගේම ඉතින් ගමේ ඉන්න කෙල්ලෝ ඔක්කොම වගේ ඇවිත්….ඩෝප් මරගාතේ සුමනා අහනවා අඩෝ මුන් අපේ ගමේ කෙල්ලොමද බන්…. මම දැකලත් නැති උන් ඉන්නවනේ කියලා…… සමහර කෙල්ලොන්ව අපි දැක්කෙත් එදාමයි…. ඒ ඔක්කොම හොඳයි කියමුකෝ…. සුමනා පිස්සු කෙලිනවා හෝ ගාලා…. කෙල්ලොන්ට පොඩි පොඩි ගල් වලින් ගහනවා….සු සු කියනවා එක විකාරයයි…..අපි දැන් මුව අල්ලාගෙන අමාරුවෙන් වාඩි කරෝල තියාගෙන හිටියා….
හොඳම සීන් එක උනේ ඊට පස්සේ….. මෙන්න ගිනි පාගන එක පටන් ගත්ත…. මුලින් අර දේවාලේ සෙට් එක පාගනවා…. ඊට පස්සේ ඕන ගමේ අයට පාගන්න චාන්ස් එක…. අම්මට සිරි අපේ අතවලුත් ගසල දාලා සුමනා දිව්වේ නැතැයි…. මු ඒ දුවපු දිවිල්ලම ගිනි ගොඩ උඩිනුත් දිව්වා වැනි වැනි ….. අපිට කර කියා ගන්න දෙයක් නෑ…. ගිනි ගොඩ උඩින් දුවපු මු මෙන්න අනිත් පැත්තෙන් කකුල් දෙක බල බල උඩ පැන පැන දුවගෙන එනවා…. අපි හිතුව කෙලිය තමයි මුගේ කකුල් දෙකට සොරි ඩොට් කොම් වෙන්න ඇති කියලා…..
ඇවිත් මේ ගොබිල මහා තිත්ත කුනුහර්පෙන් කෑ ගැහුවනෙ….
අම්මට හු!@#Q@#$$%$$…. කෑ$%#%$# පො$@#@!#% …… මුන් කිව්වා සතියක් මස් මලු කන්න හොඳ නෑ…. බොන්න හොඳ නෑ කියලා…. යකෝ මම මේ දැන් ගල් කාලක් බිලා කුකුල් මස් කොත්තුවකුත් කාල ආවේ…. කෝ හුක#!#@$@%@#$ මාව පිච්චුනේ නැහැ නේ කියලා…..
අපිට දැන් විලි ලැජ්ජාවේ බෑ…. මෙච්චර වෙලා අපි ඩෝප් මරගාතේ මීටර් කරපු කෑලි ටිකත් වතුරේ….. මෙන්න ඒ එක්කම ඕක සංවිදානය කරපු උන් ඇවිත් ගේම ඉල්ලනවා…. බොහොම අමාරුවෙන් අපි ඔක්කොම ශේප් කරගෙන අරුව ගෙදර එක්කගෙන ගිහින් නිදි කෙරෙව්වා…… හැබැයි පහුවදා සුමනාගේ ගෙදරින් ඌට නොසැහෙන්න බැනුම්….. අපිත් සතියක් විතර ඒ පැත්තෙවත් පස් පෑගුවේ නෑ….. (වෙලාවට ගියේ නැත්තේ…. උන්ගේ අම්මල අපි එනකම් බලන් ඉඳලා තියෙන්නේ ) එයින් පස්සේ ගිනි පාගන එක ඇතුලට ගන්න හැම එකාගෙම කට ඉබල සාක්කු බලලා ඇතුලට දාන්නේ…..
සුමනා ගිනි පාගපු හැටි......,



නියමයි මචන්
තැන්කු මචන්….
නියමයි උපරියි…. ඒත් තියන එකම ප්‍රශ්නේ මේ වගේ කතාවකට තනි තරුවක් දාපු කොලුවා කව්ද කියලයි…. දේවාලේ කපුවා වෙන්න ඇති………
තැන්කු…..
අනේ මන්දා…. එක එක්කෙනාගේ කතා රසය වෙනස් නේ…… ඒක නිසා වෙන්න ඇති……
මේක අන්තිම පේලියද? ලපයගේ පේලියද?
සිරා කතාව මචං..
අඩෝ එල කිරි ෆිට් ඒක….
කතා කියෝලා කමේන්ට්ස් නොදා යන ඒක තමයි බන් වවන්නේ නැත්තේ….
වෙන මොන ඉල්ලව්වක්වත් නිසා නෙමෙයි…. කමේන්ට්ස් කියෝලත් ෆට්ට අතල් එකක් ගන්න පුළුවන් නිසා….
එල එල මචං..
ලපයා අය්යා/මල්ලී ගේ කතා හුගාක් කියවලා තියනවා.ඔබ හොඳට රසවත්ව ලියනවා. හික්… හික්… නියම කතාව ලපයෝ…..
බොහොම ඉස්තුති මචෝ…….
අඩේ පව් බන් ඌ. කොහොම උනත් බොක්ක ඇදෙන්න හිනා උනා. ජය වේවා සහෝ
තැන්කු තැන්කු……..
උඹලගේ කතා එල. එත් කමෙන්ට් දාන්න වෙලා නෑ කොල්ලෝ. රස්සාවේ වැඩ අස්සේ ටිකක් ගොඩ වෙලා කියෝලා හිනා වෙලා යනවා මිසක්ක..
එල කිරි මචන්….. එත් කමෙන්ට් එකක් දැක්කම මාර ගැම්මක් එනවා බන් දිගටම ලියන්න…..
ela storyaaa ooooooooooooi
තැන්කු උදේ ….. උබ මේකට අලුත් එකෙක් නේද ….?
ඔව් ලපයා… උබනේ මාව මේකට සෙට් කොලේ …
පට්ට කතාව
තැන්කු වේවා…!!!!!
එළස්…..
තැන්කු තැන්කු
උඹ කොහොමද හරියටම දන්නේ කෙල්ලෝ කටයි *කයි දෙකම ඇරගෙන බලන් හිටියා කියලා. උඹ ලියනවා ගිනි විසිවෙන්න. කයිය ගහන උන්ට වඩා ලියන උඹලා තමයි වටින්නේ ලපයෝ. දිගටම යමන්….
අපි යන්නේ ගිනි පාගන එක බලන්න නෙමෙයිනේ බන්….. ගිය වෙලේ ඉදල බලන් ඉන්නේ කෙල්ලොන්ගේ මූණවල් දිහා…..
කමෙන්ට් දකිනකොට මාර අතල් බන්… දෙන්නම්කො කතා ඕන තරම්… අපි කරන තරමක් කරේ පිස්සු අතල් ඒවා තමයි බන්…. එල කිරි …..
අඩෝ සුපිරි බන් !!!. ( ගොඩක් දේවාල වල වෙන්නේ ඕකම තමා).
ඉස්තුතියි……..
නියම කතාව එල එල……..
උබටත් ඉස්තුතියි මචෝ………..
පට්ට පට්ට…….
හික්ස්….. ඉස්තුතියි මචෝ………..
නියම කතාව සහෝ….ඔය ගිනි පෑගිල්ල හොඳයි.අපේ ගමේ හිටිය ගිහි පිරිත් කියන අන්කල්ල සෙට් එකක්. උන්ට පිරිත් කියන්න ඉස්සර අර කිව්ව බල්ලන්ට හරි දෙය්යන්ට හරි ගහන එව්ව අනිවාර්යෙන් ඕනෙ…නැත්තන් නිදිමරන්න බෑලු..අනේ කාලෙ වනේ වාසෙ කිව්වලු!
එකනේ අංකල්ලා බොනවානම් මේ අහිංසක අපි බිව්වම මොකෑ වෙන්නේ…….?
ඉස්තුති….. කොමෙන්ටු දැක්කම තමයි තව ෆෝරම් වෙන්නේ කතා කියන්න…. නැත්තම් ඉතින් මෙලෝ රහක් නෑ……..
ලපය නිකන් දඟර වලිග ලප වානර වගේ සට සට ගාල කතා දානවනෙ. එල එල.
තැන්කු තැන්කු….
pattai ae
තැන්කු ඇස්කොටේ….
යකෝ දිවිය ලෝකෙත් ඉන්නේ මී විත බොන දෙවි වරු තමයි..
හිකිස්…. උබ කොහොමෙයි එක දන්නේ ????
එලකිරි ලපයෝ ,මමත් ඉතින් මේකට සෙට් උනේ උබේ කතා බලලම තමයි
උබත් මම දන්නා කියන එකෙක්ද….?
පට්ට තමයි ඈ. මං මේ බ්ලොග් එක බලපු පලවෙනි දවසෙම පට්ට පට පට කථාව… අපි කොල්ලෙක්ගේ ගෙදරකත් උනා දය වගේම වැඩක්… ඉස්සරහ පිරිත යන අස්සේ පිටි පස්සේ අංකල්ලා සෙට් වෙලා එත මෑන් කෙනෙක් ගෙදර යන ගමන් ඇතුලේ පිරිත් කිය කිය ඉඳපු පොරකට කියපි අඩෝ සිරා අනිද්දා මං දවයමේ යනවා උඔත් වරෙන් කියලා… මෑන්ට ඇපත් නෑ… අඩු තරමේ උම්බලකඩවත් කන්නේ නෑ කියලා කියන පොරක්…. කුඩේ කුඩු… වැඩේ දිගටම කොරගෙන යමං…..