Hangout with Sri Lankans around the world!
hide
Diaspora.lk - Hangout with Sri Lankans around the world!
Show
18

සුපුරුදු ප්ලේන්ටිය

jepa

පොඩ්ඩක් ෆ්‍රී වෙලාවක් ලැබුනු නිසා, අන්තිම පේලිය ට කතවක් කොටල දන්න කියල හිතුව. මේක ගොඩක් ඉස්සර කාලෙක වෙච්ච සත්ය සිද්දියක් කියල තමයි, මට කතව කියපු පුද්ගලය නම් කිව්වෙ. ලියපු විදිහ මෙලෝ රහක් නැ වගෙ නම්, දකුනු පැත්තෙ උඩම තියෙන රතු පාට කතිරෙ ගහපු බටම එක සැරයක් ක්ලික් කරල දැම්මම හරි කියල තමයි මට කොම්පියුටර් කියල දීපු අක්ක කිව්වෙ.  :D

ඔන්න ඉතින් ගොඩාක් ඉස්සර කාලෙක, එකමත් එක රටක, සිරි ලන්කාවෙ, කොලබට නුදුරු ප්‍රදේසෙක, ඔපීසියක මහත්වරු සෙට් එකක් දැහැමින් සෙමෙන් තමන්ගෙ රැකියාව කරගෙන යනවලු. ඉතින් මුලින්ම කියල ඉන්න ඔන, මේ මහත්වරු සෙට් එකේ වැඩිපුර ඉන්නෙ  කොලු කාලෙ ඉවර වෙච්ච, සතුටෙන් සමාදානෙන් තම තමන්ගෙ පව්ල එහෙම කාගෙන, කාගෙන, කාගෙන යන ඒත් කොල්ලො වගෙ හිතන, වැඩ කරන අයලු. මෙහෙම ඉන්නකොට හොද කාලෙ ඉවර වෙලා, අර කැලේක සතුටින් හිටපු  නරියගෙයි, ගිරවගෙයි කතාවෙ වැහි කාලෙ ආපු වගේ, නරක කාලයක් ආවලු :D . මහත්වරු සෙට් එකෙන්, තොරාගත් පිරිසකට ටික කාලෙකට ව්‍යාපෘතියකට දුර බැහැරකට යන්න වෙල්ලාලු.

කොච්චර වුනත් හ්මබ කරගෙන කන රස්සාවත් පරෙස්සම් කර ගන්න එපායැ. එහෙම හිතපු කට්ටිය දුකට ගහන ඒවත් පොඩ්ඩක් පස්ස පැත්තට ගහගෙන ( බොරුවට වය්පරේට පේන්න ), හිත ඇතුලෙ පොඩ් සන්තොසෙකුත් තියාගෙන ( නිදහසේ හවසට කාලක් ක්‍රියා කරන්න පුලුවන් නිසා  :D ) ගමන පිටත් වෙලා, ඔපීසියෙ වියදමින් හම්බු වෙච්ච බන්ගලාව වගෙ එකට ගිහින් නැවතිලා, ආපු වැඩෙත් කරගෙන, දුකෙන්, සතුටෙන්, මූඩ් ගහගෙන ඉන්නවලු.

ඉස්සර තියෙන හැම කතාවකම ඉන්නව වගේ, මෙ බන්ගලාව වගෙ එකෙත් ස්කොලෙ යන්නෙ නැති, පොඩි දුප්පත් කොල්ලෙක්  වැඩට නැවතිලා හිටියලු ( කොල්ලගෙ නම සිරිපාල කියමුකො ). ඉතින් මේ මහත්වරු සෙට් එකට උදේ ප්ලේන්ටියෙ ඉන්දල රැ කැම එකට යනකම් ලගට ගෙනත් දෙන්නෙ මේ පොඩ් එකාලු. මෙ කතාව වෙච්ච කාලෙ මන්ච් ජින්ජර් බිස්කට් තිබ්බෙ නැති නිසා ( මේ වෙලද දැනිවීම ඔබ වෙත ගෙන ආවේ ම******* සාදර අනුග්‍රහයෙනි. :D ), මහත්වරුන්ටත් ඉතින් අප්සට් මුඩ් එක යවාගන්න තිබ්බ එකම ක්‍රමේ, අර පොඩි එකාව බ්ය්ට් කරන එකලු. බ්ය්ට් කරනව කිව්වට ඉතින් මේක අර සමහර කොම්පැනි සර්විස් දෙනව වගේ ඉවර වෙන්නෙම නැතුව 24*7*365 න්ම දෙනවලු. මෙහෙම බය්ට් වෙන ගමන් පොඩි එකාත් ඉතින් අප්සෙට් මුඩ් එකේ බන්ගලාවෙ වැඩ ටික කරගෙන යනවලු. මහත්වරු සෙට් එක සන්තෝසෙන් ඉන්නවලු.

දැන් ඉතින් ඔන්න මාසෙකට විතර පස්සෙ, ඔපීසියෙ ව්‍යාපෘතිය ඉවර උනාලු ( හැම කතාවෙම තියෙනව වගෙ :D ).  ඊ ලග දවසෙ උදේම මහත්වරු සෙට් එකත් ආපහු එන්න බැග් ටික එහෙම ලෙහෙස්ති කරගෙන, සුපුරුදු ප්ලේන්ටිය අරගෙන කොල්ල එනකම් බලන් ඉන්නවලු. කොල්ලත්  ඉතින් වෙනද වහේම, ප්ලේන්ටි ටික අරගෙන ඇවිත් ඒක, එක්කෙනාට පිලිගන්වල, යන්න හදනකොට, තේ උගුරක් දෙකක් බීපු  එක මහත්තයැන් කෙනෙක් සත් ගුනවත් ලීලාවෙන් කට හඩ අවදි කලාලු මෙන්න මෙහෙම.

සිරිපාල දන්නවද සිරිපාල, අපි අද ආපහු යනවා, ඒක නිසා අපි ඔයාට ආපහු  විහිලු කරන්නෙ නැ. හොදද සිරිපාල.

සිරිපාලත් ඉතින් මහත්වරු ටික යන නිසාත්, ආපහු කතා කරන්න වෙලාවක් නොලැබෙන නිසාත්, මෙහෙම උත්තර දුන්නලු.

හොදයි මහත්තය, ගිහිල්ල එන්න. මමත් මහත්තයලට ආපහු කෙල ගහපු තේ ගේන්නෙ නැ.

ඉන්පසු ඉතින්, සබා තොමෝ සතුටින් විසිර ගියහ. :D   කියල තමයි මට කතාව කියපු මහත්තැන් කිව්වෙ.

 

සුපුරුදු ප්ලේන්ටිය, 9.4 out of 10 based on 55 ratings
VN:F [1.9.22_1171]
 ශෙයා

jepa

This user has not updated his description

 All posts by jepa  Link to jepa's blog

18 Responses to "සුපුරුදු ප්ලේන්ටිය"

  1. ඩුප්ලිකේට් ලපයා ඩුප්ලිකේට් ලපයා says:

    හිනා ගියේ නං නැ.. එත් දුන්න තරු කනෙන් පිටවෙන්න..

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • jepa says:

      ටැන්කූ.. ටැන්කූ.. ඩුප්ලිකේට් ලපයා

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
      • ඩුප්ලිකේට් ලපයා ඩුප්ලිකේට් ලපයා says:

        උබ එලෙකිරි එකේ ඉන්න පඩ ජෙපා නේද?

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
  2. sumuduk87 says:

    අෆෝයි… හිනා කාලා මැරෙනවා.. එල කතාව……

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  3. Jayya says:

    එල කතාව ඒ වගේම ආදර්ශේ..

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  4. හික්ස් හූ ඈ

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  5. පැට්ටා අවංක පැට්ටා says:

    කතාව පටන් ගන්නකොටම අනං මනං සිල්ලර කෑලි වැඩී. ඒ වගේම මුලදිම මවා පාපු තරම් ආතල් එකක් අන්තිම වෙද්දි නෑ…. තව ටිකක් සැලකිලිමත් වෙන්න…. එලz.

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • jepa says:

      අවංක පැට්ටාගේ කොමෙන්ටුව අගය කොට සලකමි. ටැන්කූ.. :D

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  6. දයියා දයියා says:

    අපොයි ඉතින් තේ බීල හමාරයි ආයෙත්. හෙ හේ.. අයියෝ අම්මියෝ.. කතාව ලස්සනයි සහෝ.. හිනා ගියා වගේම කම්මුල් ඇදවෙන්න ටිකක් අප්පිරියාවකුත් ආව අන්තිමට. අවුලක් නැහැ ෆට්ට.

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  7. අංගොඩයා.. says:

    මේවා හොඳ පාඩම් උඹලට…

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  8. කිරි සප්පයා කිරි සප්පයා says:

    ජෙපා එක දිගට කථාව ලියාගෙන යන්න බැරි උනාද ? පටන් ගන්න කොට තිබුන මොරාල් එක නෑනේ අගට යද්දි… මොනා උනත් පොඩි එකා තමා අන්තිමට උඹලව බයිට් කරල තියෙන්නේ ….

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  9. ස්කයිමෑන් ස්කයිමෑන් says:

    හොඳම හිනාව වෙන්නෙ අන්තිමට හිනා වෙන එකා.. ඒක තමා මේ කතාවෙ මොරාල් එක….

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  10. ඇසෑම් says:

    ආදර්ශමත් කථාවක්.

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  11. සිරිපාල සිරිපාල says:

    ඔක්කොම හොදයි….. උබ මාව වැඩ කාරය ගානට දාපු එක තමයි කැත වැඩේ….

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)

Leave a Reply

Sinhala transliteration (β) - වෙන තැන් වල සින්හලෙන් ලියලා කොපි කරන්න ඕනේ නෑ. කෙලින්ම කොමෙන්ට් box එකේ සිංග්ලිශ් වලින් ලියන්න.

Click ctrl+b to toggle the transliteration

© 2013 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Processed 97 queries in 0.692 seconds.