Hangout with Sri Lankans around the world!
hide
Diaspora.lk - Hangout with Sri Lankans around the world!
Show
55

සටහන VI – ප්‍රීයමාණ ප්‍රේමය

ප්‍රේම්

“අපි අතරේ තියෙන්නේ මොන වගේ බැදීමක් ද ප්‍රේම්?” ඒ හමු වී තෙවන සතියේදී සෙව්වන්දි මා විමසු අයුරුය. ඇ මුහුණ දෙස බැලු මා එහි ඇති බැරෑරුම් බව පැහැදිලිවම දුටුමි. කිසිදිනෙක ගැහැණියකගේ පැනයකට දොඩමලු නොවූ මා, එම පැනය හමුවේ නිරුත්තර වුයෙමි, අතරමන් වුයෙමි. ගෙවුන සති තුන තුල අප කිහිප වරක් මුණ ගැසුණි. ගත මෙන්ම සිතද අසීමිතව සන්තර්පණය වූ අතර, එවන් හමුවීම් අප අතර ඇති බැදීම තව තවත් ශක්තිමත් කලාය. ගස පොලව හා බැදෙන්නේ යම් සේද, වැල ගස හා එතෙන්නේ යම් සේද, මා ඇ හා බැදුනෙමි, ඇය මා හා ද බැදිනි.

නොයෙකුත් බැදීම් වලින් ගහන ජීවිතය මත මොහොතකට දෑස නවතා, විමසන්න ඔබ තුල ඇති බැදීම්, විවිධාකාරයේ බැදීම්, අප්‍රමාණ බැදීම්. උපත ලැබූ මොහොතේම තම මව සමග බැදෙන අප, ක්‍රමයෙන් පියා, සහෝදර සහෝදරියන් සමග බැදීම් ඇති කර ගනී. යව්වනය වෙනත්ම ආකාරයේ බැදීම් ඇති කරයි. සාමාන්‍ය යහළුවන්, හොදම යහළුවන්, ප්‍රේමවන්තයින්, ප්‍රේමවන්තියන් සුළු කාල පරාසයකට හෝ දීර්ඝ කාල පරාසයකට අප හා බැදේ.

“ඔයා හිතන්නේ ඒක මොන වගේ කියලද?” මා හට නිසි පිළිතුරක් නොමැති බව හෝ මා අපහසු තාවයකට මුහුණ පා ඇති බව සගවමින් ඇයටම ඇගේම පැනය යොමු කලාය.

සයනය මත වැතිරී සිටි ඇ, නැගිට මා පපුව මත මුහුණ හොවා මා දෙඇස් දෙස බැලීය. මොහොතකට දෑස වැසූ ඇ, භාවනාවකට සම වැදී, නැවත මා දෙස නෙත් යොමු කලාය.

“මේ අපේ පලවෙනි හමුවීම නෙවෙයි ප්‍රේම්, මට ඔයාගේ හදවත ඇහෙනවා, ඔයාටත් ඒක දැනෙනවා නේද?” මා තවමත් සුදානම් නැත, සිත තුල යමක් ඇති බවද, එය සීමා මායිම් බිද දමා නිදියහනෙන් ඔබ්බට යොමු වන බව පමණක් දැනුනි.

“අපි සංසාරේ මීට කලින් හම්බ වෙලා ඇති, නැත්නම් ඇයි මෙහෙමත් බැදීමක්, මට ඔයා නැතුව පොඩ්ඩක්වත් ඉන්න බැහැ ප්‍රේම්” සිනහවකින් පිළිතුරු දුන් මා, සෙනහසින් ඇයගේ හිස ඇත ගෑවාය.

“මම ඔයාට ආදරෙයි, ඔයාට හිතාගන්න බැරි තරම් ආදරෙයි, පිස්සියෙක් වගේ ආදරෙයි.” තිගැස්සුනද, සිත තුල ඇතිවූ පරානන්දය එය මැඩ පැවැත්තුවේය.

ගැහැණියකගේ හා පිරිමියකගේ බැදීම ස්නේහයකින්ම ආරම්බ වේ. ඔහු ඇය ගැන සොයන්නේය, ඇය ඔහු ගැන තැවෙන්නේය, විමසිලිමත් වේ, අහර ගත්තාදැයි අසති, අසුනක් ඇතිදැයි විමසති, නො ආ විට සොයා බලති, දුක-සැප විමසති. මෙය සෙනෙහසම වේ, වචනයේ පරිසමාප්තියෙන්ම සුන්දර වන මෙය එයටම අවේනික සිතුම් පැතුම් මෝරා, එහි සීමා බන්දන වලින් ගිලිහී, බැදීම තව තවත් ශක්තිමත් වී, එකිනෙකා තුල කිසිදා නොසිතු නොපැතූ ආකාරයේ බන්ධනයක් ඇති වී, ආදරය යන සුන්දර මාවතට පැමිණේ. හිස් අහස් කුස මොහොතින් තරු මතින් ගහන වී ඒකාලෝක වන්නේ මෙවිටය. අහස් මිණ හා සයුර අහස් ඉම තුල සිප ගන්නේ මෙවිටය. ආදරය ඔහුට ඇ සුරත හි සිනිදු බව දන්වයි, ආදරය ඔහුව ඇගේ නළලත සිප ගන්නට සලස්වා එහි ඇති අපරමිත සෙනෙහස ඇ තුලට කාවද්දයි, ආදරය ඔහුව ඇගේ ලවන් වෙත නෙත් යොමා, එයම සිප, සිරුරද තෙරපා, ගතෙහි ගිනියම්වන ආදරයද පෙන්වයි. නුරාගය මද වශයෙන් හෝ බොහෝ වශයෙන් ඇති වුවද එයම ආදරයේ බන්දනය වැඩි කෙරීමට රුකුල් දෙන අවස්ථාද නැතුවා නොවේ. ක්‍රමයෙන් මෝරා වැඩෙන මෙයද එහි වැට කඩුලු බිද දමා තවත් ලොව ඇති අනර්ගතම, විදීමේ උපරිමයටම යා හැකි බැදීමකට පැමිණේ. පොඩි විහිලුවකටද දුක දැනෙන්නේ ද මෙවිටය. අන් අය හා කතා කල විට ඊර්ෂ්‍යාව දැනෙන්නේ මෙවිටය, හදවත දැවෙන්නේ මෙවිටය. නිතැතින්ම ඔහු තමාගේමය, තමන්ටමය, ඇය තමාගේමය, තමන්ටමය යන සිතිවිලි ඉපදින්නේ මෙතනදීය. ඔහුට ඇය නැති ලොවක් නැත, ඇයටද ඔහුගේ ලෝකයෙන් ඔබ්බට දෙයක් නොමැත. සුළු වැරැද්දකට හෝ ඉඩ නොදෙන මෙය, එසේ වුවහොත් එයින් නැගෙන දුකු ම හදවත මිරිකා, අසීමිත වේදනාවකින් දවා, සිතෙහි පසුතැවිල්ල සටහන් කරයි. දෑස පෙනෙන මානයේ නොමැති විට, එක දිනක් නොදැකීම, කාලාන්තරයක් සේ දැනී හදවත රිදුම් දෙන මෙම බන්දනය, හදවතේ බන්ධුතාව ම වේ, ආලයම වේ.

“කියන්න ප්‍රේම්, ඔය තව කාව හරි ගාවට මේ වගේ යනවද… එහෙම කරන්න එපා රත්තරන්, මට ඉවසගන්න බැරි වේවි” එය මගේ සන්තාපයටම හේතු විය, මා ඇය රවටනවා නේද යන පැනය මගේ සිත තුල පන නැගිණි. මොහතකින් සිත අතීතයට ගියාය;

එක වර කිහිප දෙනකු සමග ප්‍රේම සම්බන්දතා ගොඩ නැගීම පොදු පුරුෂයාගේ විනොදාන්ශයකි. එය ඔහුගේ හැකියාව පෙන්වීම මෙන්ම, විටක වීරත්වයද සිත තුලට ඇති කරති. උදය කෙනකු සමග අසීමිතව රාගස්වාදයේ වේලි, දවාලෙහි තව කෙනෙකු සමග නැවත රති ක්‍රීඩාවේ සතුටු වී, සයුර හිරු ගිලගන මොහොතේ නැවුම් ලදක් සමග ප්‍රේම සල්ලාපයේ යෙදීම කලාතුරකින් සිදු වුවත්, එය ඔහුගේ නිපුණත්වය මොනවට පිලිබිබු කරන අනර්ගතම දිනයක් වේ, උදාන වක්‍යක්ම වේ. “player” නමින් රජවෙන ඔහු කිසි දින පරාජය නොවන, කිසි දින අශීලාචරයයි නොසිතන මාවතක නුවරක් මවා, නුවර වෛවර්ණ, අනේකවිද සුරගනන්ගෙන් පුරවා, එහි රිසි සේ සුව විදියි. රැවටීම කලාවක් මෙන් දක්නා ඔහු, එම කලාව ප්‍රගුණ කර, අසීමිතව කම් සැප විදිමින් මහත් ප්‍රීතියෙන් කල් ගෙවයි. ඔහු ද රැවටීමට ලක් වන අවස්ථා නැතිවද නොවේ, නමුත් එය කිසි දිනක ඔහුගේ සිත රිදවන්නේ නැත, වේදනාවක් ඇති කරන්නේද නැත, එය පහසුවෙන් විදාගන්නා ඔහු, එයම පාරාවළල්ලක් සේ ඇය වෙතම යොමු කර, දණ්ඩනයට අසු කරති, එමගින් මහත් සේ ප්‍රීති වෙති. සමාජයේ බොහෝ අය මෙය අශීලාචාර දිවියක් සේ සැලකුවත්, ඔහු තුලද සෙනහස ද ඇත, සෙනහස සීමිතව ඇත. කිසි දිනෙක කෙනෙකුගේ ආත්මය පවා නොදෙන ඔහු, ස්ත්‍රියට ගරු කරන අතර, එයම ස්ත්‍රිය ඇද-බැද තබා ගන්න ආයුදයක්ම කර ගනී.

“මට වෙන කවුරුත් නැ බබා, ඔයා මගේ පලවෙනි කෙනා නෙවෙයි, අන්තිම කෙනත් වෙයි කියල මට කියන්න බැ, එත් බබා, මට වෙන කවුරුත් නැ, වෙන කා ගාවටත් යන්න ඕනත් නැ, කාගෙන්වත් ලැබුනේ නැති ආදරයක් ඔයාගෙන් එනවා, ඉතින් මට මොකටද වෙන කෙනෙක්” අඩක් සත්‍ය වුද, අඩක් අසත්‍ය වුද පිළිතුරක් මා වෙතින් පිට වුනි.

සෙව්වන්දිය හමු වී දෙවන සතිය තුල හෝ තෙවන සතියේ ආරම්බයේ සිදු වූ දෙයක් ක්ෂණිකව මා සිත වෙලා ගතමි. රාධිකාගේ උණුසුම්, පිරිපුන්, වටකුරු පයෝදර අතර මා පුරුෂ ගුහ්‍ය නිබදව ආස්වාදය විදගද්දී, සෙව්වන්දි විසින් මා වෙත කෙටි පණිවිඩයක් එවීය;

– baba, still working? Don’t work that hard, go home now please –

මට සිනා පහල විය, පුරුෂාස්වාදය උපරිමයෙන් ලබමින්, කාමයෙන් මුසපත්ව සිටි රාධිකා එය නුදුටු අතර, පසුව මා මෙසේ පිළිතුරු ලිවීය.

– What to do darling, have to work hard to satisfy everyone, will call you, love you, hug, kiss –

ඒ මොහොතේ එය මා හට විනෝදයක් වුවත්, පසුතැවිල්ල හා සන්තාපය මා සිතට ක්‍රමයෙන් පසුකාලීනව ඇතුල් විය. ලැජ්ජාවක් ද හට ගැනුන අතර, රැවටීමෙන් පෙර දින උදම් ඇනු මා, ඇය රැවටීම මා හට පසුතැවිල්ලක් ඇති කළේය. පියවි සිහියට පැමිණි මා, ඇ මුහුණ දෝතින් අල්වා මෙසේ පැවසීමි.

“trust me baba, I love you, love you so much”

“love you too ran”.

——

සෙවන්දිය හමු වී මසක් පිරෙන මොහොතේ ඇය සම්පුර්ණයෙන්ම මා වාසග කර තිබුණාය. මොහොතකට දෑස පිය ගතහොත් ඇ සතු සියලු දේ මා ඉදිරියේ දිස් වන අතර, ඇගේ දිගටි දෑස, වක් වූ කෙහෙරැල්, නිසයුරු වන් වූ ඇගේ මුහුණ, මුහුණ පුරා දිවෙන, කිසිදින අමතක නොවන ඒ සිනහව මා සිත සෝවාන් තලයටම ගෙන යන්නේය. ඉන් නොනැවතී, දිය ඇල්ලක් මෙන් දිස්වන ඇගේ පින් පියොවුරු, මහා මේඝයක් සේ දිස් වන ඇගේ නිතම්බය, සුළු ස්පර්ශයකින් වුවද රොනින් පිරී ඉතිරී යන, සිනිදු සුසිනුදු තලාවක, නිසලව එනමුත් ආකර්ෂණීයව වැතෙරී සිටන රසනිමිත්ත, මා සිත පමණක් නොව, ගතද නිර්වානයටම ගෙන යන්නේය.

මෙකල මා ඇසුර තව දෙදෙනෙකුට පමණක් සීමා වී තිබිණි, ඒ රධිකා හා තවෙකියෙකි. සියලු සිදුවීම් බලාපොරොත්තු වූ අයුරින්ම සිදුවෙමින් පැවතුනද, සෙව්වන්දිය මා ක්‍රියාපටිපාටිය අස්ථාවර කරමින් සිටන බව පසක් වී තිබිණි. නැවත මා ප්‍රකෘති තත්වයට පැමිණීමට අවශ්‍යද නැතහොත් අස්ථාවරය සිත සනසන තෝන් තැන්නක්ද, එයින් මිදීමට උත්සහයක් නොගත යුතුද යන්න ප්‍රශ්නාර්ථයක් වී තිබිණි. පස්වෙනි සතිය මෝරා වැඩෙන ප්‍රශ්නාර්ථයට පිළිතුරු ලබාදුනි.

එදින මනස්කාන්ත රාත්‍රියකි. තරු පහේ හෝටලයක පැවති මංගල උත්සවයකට අප ආයතනයේ බොහෝ අය සහභාගී වී සිටියේය. රාධිකාද ඒ අතර වුවාය. අගපසග මානව දිස් වන ආකාරයට සාරිය ඇද සිටි ඇය බොහෝ අයගේ නෙත තමා වෙතට යොමු කිරීමට සමත් වුවාය. මාගේ නෙත ද, මද්‍යසාර මතින් මත් වූ මාගේ සිත ද ඇගේ රගොද්දීපක රු පුරාවටම යොමු වීය. එය ඇයටද රහසක් නොවීය. ඒ වනවිටත් එම හෝටලයේ ම කාමරයක් මා විසින් වෙන් කරවාගෙන තිබු අතර, නෙත පුරා දුන් ආරාධනාව පිළිගෙන රාධිකා එහි පැමිණ සිටියාය. හදවත තුල කුමක් හෝ සිදුවෙමින් පවතින බව දැනුනද මත්බව එය පසක් කිරීම නවතා, රාගයම සිත තුල ජනිත කරවීය.

කාමරයට ඇතුල් වූ මොහොතේම රාධිකා මා තරයේ වෙලා ගත්තාය. ක්ෂණිකයෙන් ඇ ලවනත මා වෙත යොමු කර දිගු චුම්බනයකට මුල පිරු ඇ, ගිනිගෙන දැවෙන සිරුර කිටි කිටියේ මා වෙත තෙරපීමට පටන් ගත්තාය, උද්දීපනය වූ තිසර දුඩු මා පපුව මත තෙරපෙන බව මනාව දැනුනි, එයම මා රාග අග්නියෙන් දවා ලීය. දෙවරක් නොසිතු මා දෙයතින්ම ඇගේ මහත් වූ නිතම්බය සිර කර, නොනවතින චුම්බනය වෙත දෑසම වසා සිත එය තුලට තුරුළු කරවීය. දෑස වැසූ පමාවෙන් පුරා සදක් දිස් විනි, සද මා හා අහිංසකව සිනා සුනාය, මුහුණ ඇල කර අහිංසකව සිනා සුනාය, සෞම්‍ය සද එළියෙන් මා නැහැවුයේය, සද අන් කිසිවෙක් නොව, සේව්වන්දියම වුවාය, හදවත නැවතිණි, එය දැවී අළුවී යන බවක් දැනිණි, අපිරිමේය දුකක් ඇතිවිණි, දෙඅත් ලිහිල් විය, එකිනෙහිම මා ලවනත රාධිකාගේ උදුරා ගතිමි.

“ඇයි ප්‍රේම්?” කුතුහලය මෙන්ම චකිතයද මුසු වූ වදනින් ඇ ඇසුවාය.

“මට බැහැ, මට හිතෙන්නේ නැ” කුමක් කිව යුතුද, කුමක් කල යුතුද යන්න පැහැදිලි නොවීය.

“ඇයි ප්‍රේම්, මම මොකක් හරි වැරද්දක් කරාද? මට තේරෙන්නේ නැ” සිහි එලවා ගත නොහැක්කියකේ සේ ඇය විමතියෙන් විමසුවාය.

“මට මේ දේ ආයේ කරන්න බැ රාධි, I am sorry”.

“ඔයා කාට හරි ආදරය කරනවද ප්‍රේම්, එකද හේතුව?”

“ඔව් රාධි, මාව තේරෙනවා නේද, මට මේක තවත් කරන්න බැ, මට සමාවෙන්න රාධි”

“තේරෙනවා ප්‍රේම්, මට ඒක දැනුනා, එත්……” කිසිදා නොදැකපු, කිසිදා නොසිතිනු සංවේගයකින් ඇ වේලි ඇති බව මට වැටහිණි. මොහොතකින් ඇගේ දෑස කදුලින් බර වුනි. පිරි ඉතිරී යන කදුල, දැසට දරාගත නොහැකි වී කම්මුල් දිගේ රූරා වැටෙන්නට වුවාය. මටද මහත් වූ දුකක් දැනිණි, කාම සංසර්ගයට පමණක් සීමා වූ අපේ සම්බන්දතාවය, ඉන් ඔබ්බට මදක් හෝ ගමන් කර ඇති බව ද එය දෙදෙනාම අපහසුතාවයකට පත්කරනබව දෙදෙනාටම තේරුණි. මා ඇය ලගට ගෙන ආදරයෙන් හිස ඇත ගෑවාය. ඇය මා පපුවට මුහුණ හොව ගත්තාය.

“මට දුකයි ප්‍රේම්, you are a good person, very good person, I have never met a person like you, I was…. I was… I…” එකිනෙහිම වක්කඩ කැඩුවාක් සේ ඇය ඇඩීමට පටන් ගත්තාය, එය නැවත්වීමට මා උත්සහ නොකළ ද, කුමක් කියනොදෝ යන්න නොපැහදිලිවිය.

“අඩන්න එපා රාධි, අපි හුගක් දුර ගිහින් නැනේ, මටත් දුකයි තමා, එත් මට හදවතට එකගව මේ දේ කරන්න බැ”.

“මමත් හිතුවේ එහෙම තමා ප්‍රේම්, එත්……. ප්‍රේම්, අඩන කෙනෙකුට අඩන්න එපා කියන්න එපා කවදාකවත්, අඩන්න ඉඩ දෙන්න”. අවනත වූ මා ඇගේ දුඃඛාලාපය ට තවත් විනාඩි කිහිපයක් ඉඩ දුමි.

“මම යන්නම් ප්‍රේම්, සුබ පතනවා ඔයාගේ ආදරේට, එත් මාව අමතක කරන්න එපා, ඔයා දන්නවානේ, නිදාගන්න අවාට මම හැමොත් එක්කම ගිය ගැනියෙක් නෙවෙයි කියල, ඒක නිසා මතක තියාගන්න, හැමදාම මගේ ලග ඔයාට ඉඩක් තියෙනවා කියල” මා කම්මුල් මත හාදු කිහිපයක් තැබූ ඇය, මුහුණ ආදරයෙන් අත ගා නික්ම ගියාය. ඇය ගැන අප්‍රමාණ දුකකින් සිත නොදැවුනාම නොවේ, එහෙත් මට කල හැකි කිසිවක් කිසිවක් නොවීය. ගැහැණියකගේ සිත මෙයම වේ, පිටතට නොපෙන්වුවත්, ඇය ඔබ ගැන සිතයි, ස්නේහය දක්වයි, දයාව දක්වයි, ඇය ඔබට ආදරය කරයි. කෘරත්වය, වෛරය, ඊර්ෂ්‍යාව මෙන්ම කරුණාව, දයාව, මුදු මොලොක් බවින් ද පොහොසත් ඇ හදුනාගත නොහැකි චරිතයක්ම වන්නේමය.

සයනය මත හිදගත් මා මොහොතකට දෑස නැවත වැසුවාය, රන් රුව නැවත ඇදිනි, සිත පිරී ගියේය, හදවත උදම් ඇනුවේය, ලොවම දිනුවාක් මෙන් දැනිණි, එකිනෙහිම සේව්වන්දියගෙන් කෙටි පණිවිඩයක් ලැබිණි;

– බබා, වැඩිය drinks ගන්න එපා, drive කරන්න තියෙනවනේ, යනකොට කීය වුනත් ring කරන්න, ඔයා ගෙදර යනකන් මම ඇහැරලා ඉන්නවා –

– I am fully drunk… drunk with your love, will call you baba, love you. –

~ මම සේව්වන්දියට ආලය කරමි.

සටහන VI - ප්‍රීයමාණ ප්‍රේමය, 8.7 out of 10 based on 34 ratings
VN:F [1.9.22_1171]
 ශෙයා

ප්‍රේම්

This user has not updated his description

 All posts by ප්‍රේම්  Link to ප්‍රේම්'s blog

55 Responses to "සටහන VI – ප්‍රීයමාණ ප්‍රේමය"

  1. samara senari says:

    මේක කියවලා මාව පඹගාලක පැටලුණා වගෙ.ලියලා තියෙන විදිය නම් හොදයි.නමුත් අන්තර්ගතය ගැන නම් මන් එච්චරම සතුටු නැහැ.මට හැමදාම තිබුන ප්‍රශ්නයක් තමා පිරිමි කොහොමද එකවර ගෑණු කීපදෙනෙක්ට ආදරේ කරන්නෙ කියන එක. මේකෙ විදියට ඉතින් ඒක වීරකමක් එයාලට.ඒ වීරකමින් බැට කන අයට දෙයියන්ගෙම පිහිට තමා ඉතින්.

    මේක කතාවක් විතරක් උනත් (මන් හිතනවා එහෙම ) මේ තරම් දුර නොගිය සහ හුගක් දුරදිග ගිය සම්බන්ධකම් කීපයක් ගැන දන්න නිසාත් පෞදගලිකව මහ කළකිරීමක් ඇති උනා මට නම්.ඇත්තටම කියනවා නම් තිබ්බ කළකිරීම තව වැඩි උනා කිව්වොත් හරි.

    VN:F [1.9.22_1171]
    Rating: +3 (from 3 votes)
    • ප්‍රේම් says:

      ස්තුතියි samara comment එකට. මේ කතාවේ කතා නායකයා එකවර ගැහැණු දෙදෙනෙකුට ආදරය කරන්නේ නැ, ගැහැනියකට හදවතින්ම ආදරය කර, එයින් බැට කා, එයම සෙල්ලක්කාර ජීවිතයකට හේතු වීම තමා කතාවෙන් කියවෙන්නේ. අවාසනාවකට මේ සෙල්ලක්කාර ජීවිතය මෙවන් චරිත වලට වීරකමක් වන අතර, එයින් බැට කන ගැහැණිය අසරණවන අවස්ථාද නැතුවා නෙවෙයි. එසේම මෙවන් චරිත අන්ත අසරණ වී ගැහැනියකගෙන් බැට කන අවස්ථාද නැතුවා නොවෙයි.
      මේ සමාජයේ එක් චරිතයක් පමණයි, කල කිරීම නොව, හොද චරිතයක් හදුනාගෙන, එම චරිතයත් සමග සම්බන්දතාවයක් ගොඩනගා ගැනීම නේද කල යුත්තේ?

      VN:F [1.9.22_1171]
      Rating: +1 (from 1 vote)
      • samara senari says:

        ඔව්. ඔහු එක ගැහැණියකටවත් ආදරේ කරන්නෙ නෑ. ඒක ඇත්ත.එක ගැහැණියකගෙන් බැට කෑම තවත් ගැහැණුන් රැවටීමට සාධාරණ හේතුවක් වන්නේ කෙසේදැයි මට නම් වැටහෙන්නේ නැත.මේ වගේ “වීර” චරිත “හොඳ” චරිත වන්නේ කෙසේදැයිත් මා දන්නේ නැහැ.මේ කතාව කියවාගෙන යනවිට මා දන්නා චරිත කීපයක් මට මතක් වෙනවා.ඒකෙනුත් ඉතාම මෑතකදී සිදු වූ සිදුවීමක් මීට තරමක් දුරට් ආසන්නයි.මම නම් මෙවැනි චරිත වලට වෛර කරනවා.

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
      • ප්‍රේම් says:

        සමාරා, මුල් කොටස් හා මෙම කොටස (ඉව) ඔබ හරියට කියෙව්වානම්, කතා නායකයා ආලය කර අයුරුත්, එය නිම වූ අයුරුත්, හා නැවත ආලය කිරීමට පටන් ගන්න අයුරුත් විස්තර කර ඇත, “ඔහු කාටවත් ආදරය කරන්නේ නැ” කීම නිවැරදි නොවේ. අනිත් එක, මේ කතාවේ කිසිම තැනක කතා නායකයාව වීරයෙක් කරන්නේ නැත, නමුත් සත්‍යනම්, ඔහු සිතින් වීරයෙක් වීමය, බොහෝ පිරිස් අතර වීරයෙක් වීමය, එය කිසිවෙකුට නවතනු බැරි මුත් කතා නායකයාම එය මෝඩ අදහසක් හා, වීරකමක් නොවනව බව වටහාගත් අවස්ථාවන් මෙම කොටස් වල විස්තර කර ඇත.
        .
        සමනළීට කීවාක් මෙන්, මෙය ඔබ දකින ආකාරයයි, එහි කිසිම අසාදාරනයක් නොමැත, ස්තුතියි අවංක අදහස් වලට.

        VN:F [1.9.22_1171]
        Rating: +1 (from 1 vote)
  2. සොසී says:

    - හිස් -

    VA:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
  3. ස්ත්‍රී says:

    that’s it & way to be…
    great ending

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ප්‍රේම් says:

      Thanks ස්ත්‍රී, this is not the end, two more episodes to be written :) .

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  4. Paradox says:

    Excellent writing . thanks

    paradox

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ප්‍රේම් says:

      Thanks Paradox, appreciate your feedback.

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  5. භෘංග භූෂිත භෘංග භූෂිත says:

    95% of me says people shouldn’t behave like this. But 5% of me thinks “wow..being a player is so cool”. I think most of us feels the same. Because there’s a beast in side all of us. What really matters is admit it & cage that beast so that it cannot unleash.

    Anyway nice writing style Prem. Keep it up. Cheers :)

    VN:F [1.9.22_1171]
    Rating: +2 (from 2 votes)
    • ප්‍රේම් says:

      Many try to do the same, it applies to both men and women, but incapability makes them to be pretended that they hate this. I have seen only few that who really hate this.

      Thanks for the comments භෘංග භූෂිත (what a name :) ), Cheers!

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  6. බුල්ලා says:

    එලz මචන්…එක මිනිහෙකුට ඇත්තටම ගැහැණු දෙන්නෙකුට එකවර සැබෑම ආදරයක් ඇතිවෙන්න බැරිද…???අවුරුදු ගානක් තිස්සේ මම ඒ ගැන හිතනවා…තාමත් හරි පිළිතුරක් හමුවුණේ නෑ…..

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
    • ප්‍රේම් says:

      බුල්ලා, මිනිහෙකුට එකවර ගැහැනුන් කිහිප දෙනෙකුට ආදරය කරන්න පුළුවන්, නමුත් ආලය කරන්න බැ. මෙම සටහනේ (VI) මට පෙන්වන්න අවශ්‍ය වුනෙත් ඒක :) .

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  7. උගුසිඤ්ඤො උගුසිඤ්ඤො says:

    බහුතර පිරිමින්ගෙ යටි සිතේ පැලපදියම් වෙලා තියන ෆැන්ටසි හීනය වගේම බහුතර ගැහැණුන් “පිරිමියා” ගැන දකින නපුරුම හීනෙත් මේකයි..! මුල සිටම මේ සිදුවීම් මට දැනුනෙ මගේම ජිවිතයේ සිදුවීම් විදියට .. මේ සිදුවීම් බහුතරය අඩු වැඩි වශයෙන් මගේ ජීවිතේ අත්දැකීම් වලට සමයි . ප්‍රේම් ගැහැණිය ගැන දකින කෝණය , ගණිකා ඇසුරෙන් තොර වුවත් ප්‍රේමයෙන් තොරව රාගයම මුල් කරගෙන පටන් ගන්නා සම්මත ගැහැණු පිරිමි ඇසුර වගේම අසම්මත යයි පිලි ගන්නා තහනම් ඇසුරකින් වුවද ආශාව නිසාම දැන දැන කරන වරදකින් පසුව ඉන් මිදෙන්න වෑයම් කරද්දි මුලදී හිතේ ඇතිවුණු වීරත්වය, රාගය, කාමය යටපත් කරගෙන හදවතේ නැගෙන ආදරය ආලය දයාව අනුකම්පාව නිසා මුලදී ගතින් පමණයි යයි කොන්දේසි සහිතව පටන් ගන්නා ඇසුර පසුව සිතින් වෙන් නොවන බැදීම් බවට පත්වීම අතිශය මානුශීයි .. ඒ පිලිබඳ අත්දැකීම් ඇත්තෙක්ට මිස පිටින් බලන ඕනෑම කෙනෙක්ට මේ සටහන් සල්ලාලයෙක් හා රාගිකාවන්ගේ ගනුදෙනුවක්ම පමණක් වනු ඇත . ගැහැනුන්ට ගරු කරන පිරිමියෙක්ගේ ගැහැණු පිරිමි ඇසුරේ කෙලවර ” රාගිනියට පෙම් කිරීමයි ” ප්‍රේම්ගේ කතාවේ අවසානය නිවැරදියි … තව ලියන්න ..ඔබට ජය !

    VN:F [1.9.22_1171]
    Rating: +2 (from 2 votes)
    • ප්‍රේම් says:

      ස්තුතියි උගුසිඤ්ඤො, හැම සටහනක් වගේම මෙයත් අගය කිරීම ගෙන අතිශයින් සතුටු වෙනවා, ඔබ කියන කතාව සම්පූර්ණ ඇත්ත, පිටින් බලන කෙනාට මෙහි එන චරිත වල හුගක් වැරදි තියෙන්න පුළුවන්, නමුත් මේ සියලු දේ සිදුවන සාදක; පරිසරය, ගෘහ ජීවිතය, සමාජ තත්වය, අසරණකම, තනිකම, රාගය, ආදරය, ආලය, ගෙන විමසිලිවත්ම බලන කෙනාට මේ චරිත ගෙන තෙරුන් ගන්න පුළුවන්.

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  8. Shaggy Shaggy says:

    ” “player” නමින් රජවෙන ඔහු කිසි දින පරාජය නොවන, කිසි දින අශීලාචරයයි නොසිතන මාවතක නුවරක් මවා, නුවර වෛවර්ණ, අනේකවිද සුරගනන්ගෙන් පුරවා, එහි රිසි සේ සුව විදියි. රැවටීම කලාවක් මෙන් දක්නා ඔහු, එම කලාව ප්‍රගුණ කර, අසීමිතව කම් සැප විදිමින් මහත් ප්‍රීතියෙන් කල් ගෙවයි”

    කොහොම උනත් මට හිතෙන හැටියට හරියට වතුර රත්වෙනකන් කකුළුවා දියකෙළියෙ යෙදෙනව වගේ මේ විදිහෙ ජීවිතයක් ගෙවෙන​, ගෙවපු කෙනෙක්ට කොයි මොහොතකදි හරි දුකක් දැනෙනව තමන් කෙරුව දේවල් ගැන,​..

    මේ කතාවෙන් ආදරයත් රාගයත් එක්ක එකිනෙකාගෙ හැසිරීම් නියම විදිහට විග්‍රහ උනා.. කතාව මේ තරම් ඉක්මනට ඉවර වේවි කියල නම් හිතුවෙම නෑ.. අන්තම පේලියේ මෙගා කතා වලින් හොඳම කතාව තමයි මේ!

    තවත් හොඳ කතා ඔබෙන් බලාපොරොත්තු වෙනවා, ජය වේවා!

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
    • ප්‍රේම් says:

      Shaggy, කතාව ඉවර නැ :) , තව කොටස් දෙකක්වත් ලියන්න වෙනවා.
      කතාව හුගක් හොද කතාවක් විදියට දැකීම අප්‍රමාණ සතුටක්, කියන දේ හරි, කවදා හෝ කල පව් ගෙවන්න සිද්ද වෙනවා, මේ ආත්මයේ හෝ වෙනත් ආත්මයක :) .

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  9. කලින් කොටසකටත් මම කමෙන්ට් 1ක් ලිවුවා. ඒත්… මොකක් හරි හේතුවක් නිසා ඒක පළ වුණේ නෑ. සමහර විට කමෙන්ට් 1 දිග වැඩි නිසා ද මන්දා.

    මම නම් මේ ජාතියේ පිරිමින්ව පිළිකුල් කරනවා විතරක් නෙමෙයි සාප කරනවා.ඔහුට ඇත්තටම ආදරය කරන ගැහැණියක් ඉන්නවා නම් මේ වගේ අය ඇයට කරන අසාධාරණය සුළු පටු 1ක් නෙමෙයි.

    දවසින් දවස මේ කථාව කියවද්දි මට දැණුනේ”ෂික්. නොදකින් මෙහෙම වුන්” කියලා.අන්ත:පුරයක වගේ ගෑණු වට කර ගෙන ඉන්න එක මහා හපන් කමක් විධියට දකින පිරිමි ගැන කියන්න වචන නෑ.

    මේක ප්‍රබන්ධයක් වේවා… සත්‍යයක් වේවා……..මට නම් හරිම ජුගුස්සාජනක බවක් මිස ලිවීමේ රටාවේ සුන්දරත්වයක් ( හැම දෙනාම කියන පරිදි )වත් දැණුනේ නැහැ. මෙහෙම කමෙන්ට් 1ක් දැමීමට සිදු වීම පිළිබඳව පවා මා තුළ ඇත්තේ අප්‍රසන්නතාවයක්.හැමෝම හොඳ කිවුවත් , මට දැණුන දේයි ඒ.

    VN:F [1.9.22_1171]
    Rating: +2 (from 6 votes)
    • samara senari says:

      ඇත්තටම මගේ අදහසත් හුඟක් දුරට මේකට සමානයි.මන් කලින් කොමෙන්ටුවට කිව්වා වගේ මටත් මහා කළකිරීමක් සහ පිළිකුලක් ඇති උනේ.මේකෙ කියන විදියෙ වීර පිරිමි නිසා රැවටෙන ගෑණියෙකුට ඇතිවෙන වේදනාව සහ ඊට පස්සෙ විඳින්න වෙන දේවල් ඔය ලිව්ව කෙනා දන්නෙ නැතුව ඇති.එක්කො ඒක දනගැනීම ඒ වීරකමේම කොටසක් වෙන්න ඇති.මේ වගේ දේවල් කරන මිනිස්සුන්ට ඒවා කවදා හරි පොළියත් එක්කම ලැබෙන්න ඕනි.

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
      • ප්‍රේම් says:

        බට්ටි, අවංකව තමන්ගේ අදහස් පල කරාට ස්තුතියි.

        මෙය ප්‍රබන්දයක් වුවත් කිහිපදෙනෙකුගේ අද්දැකීම් වල එකතුවක්. පිළිකුලක් දනවන සටහන් පෙළක් වුවත්, බොහෝ දෙනාගේ දැනගැනීම පිණිස, සමාජය පිලිබදව දැනුමක් ලබා දීමේ අරමුණින්, හැකි උපරිමයෙන් සබ්‍ය ලෙස ලිවීමට ගත් උත්සහයක්. මගේ අවාසනාවකට මේ සටහන් කෙනෙකුට හොදය, තවකෙකුට ජුගුස්සාජනකය :) , ඒ බලන, දකින කෝණය අනුවය.

        සටහනේ කතා නායකයා දෙස ගැහැනියක් “ශික් නොදකින්” යන ආකාරයෙන් බැලීම සදාරණය, කතා නායකයාද ගැහැණිය දෙස කලක ඒ ආකාරයෙන්ද, කලක “සමන් මලක්” ආකාරයෙන්ද දැක ඇත, එයද ඔහු බලන, දකින කෝණය අනුවය.

        ——

        සමාරා, සමනලී, පිරිමියෙක් නිසා රැවටෙන ගැහැණියකගේ අසීමිත දුකත්, ගැහැනියක් නිසා රැවටෙන පිරිමියකුගේ අන්ත දුකත් ලියන මා හොදින් දන්නෙමි :) , දැකද ඇත, විදද ඇත. කලින් කියූ පරිදි, මේ උත්සාහය සමාජය තුල වෙස්ගත් මිනිසුන්, ගැහැනුන් අදුනා ගැනීමට රුකුලක් දීමය.

        VN:F [1.9.22_1171]
        Rating: +1 (from 1 vote)
    • සමනලී සමනලී says:

      Felt the very same Battiye. “මෙහෙම කමෙන්ට් 1ක් දැමීමට සිදු වීම පිළිබඳව පවා මා තුළ ඇත්තේ අප්‍රසන්නතාවයක්” (Me too)

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
      • ප්‍රේම් says:

        බට්ටි, අවංකව තමන්ගේ අදහස් පල කරාට ස්තුතියි.
        මෙය ප්‍රබන්දයක් වුවත් කිහිපදෙනෙකුගේ අද්දැකීම් වල එකතුවක්. පිළිකුලක් දනවන සටහන් පෙළක් වුවත්, බොහෝ දෙනාගේ දැනගැනීම පිණිස, සමාජය පිලිබදව දැනුමක් ලබා දීමේ අරමුණින්, හැකි උපරිමයෙන් සබ්‍ය ලෙස ලිවීමට ගත් උත්සහයක්. මගේ අවාසනාවකට මේ සටහන් කෙනෙකුට හොදය, තවකෙකුට ජුගුස්සාජනකය :) , ඒ බලන, දකින කෝණය අනුවය.

        සටහනේ කතා නායකයා දෙස ගැහැනියක් “ශික් නොදකින්” යන ආකාරයෙන් බැලීම සදාරණය, කතා නායකයාද ගැහැණිය දෙස කලක ඒ ආකාරයෙන්ද, කලක “සමන් මලක්” ආකාරයෙන්ද දැක ඇත, එයද ඔහු බලන, දකින කෝණය අනුවය.

        ——

        සමාරා, සමනලී, පිරිමියෙක් නිසා රැවටෙන ගැහැණියකගේ අසීමිත දුකත්, ගැහැනියක් නිසා රැවටෙන පිරිමියකුගේ අන්ත දුකත් ලියන මා හොදින් දන්නෙමි :) , දැකද ඇත, විදද ඇත. කලින් කියූ පරිදි, මේ උත්සාහය සමාජය තුල වෙස්ගත් මිනිසුන්, ගැහැනුන් අදුනා ගැනීමට රුකුලක් දීමය.

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
      • සමනලී සමනලී says:

        එහෙම නම් ඔයාගේ අරමුණ ගොඩක් දුරට ඉටු වුණා කියල සතුටු වෙන්න පුළුවන්. මේ කතා නායකයා තමන්ට අවංකවම ආදරය කල එකම ගැහැණිය වෙනුවෙන් තමන්ගේ ජීවිතය වෙනස් කර ගැනීමට සිතීම නිසාම පමණක් මම ප්‍රේම්ගේ කතාව මැදහත් සිතින් ඉවසනවා.
        .
        නමුත් මේකෙ තවත් පැත්තක් තියනවා කියල අමතක කරන්න එපා. මේ වගේ අමන මිනිස්සුන්ගේ අමන වැඩ ගැන ඔලුවට දාගත්තම අපේ බහුතරයක් ගැහැණු හොඳ, අවංක පිරිමි දිහා පවා වපර ඇහැකින් බලන්න ඉඩ තියනවා. ඒ විතරක් නෙමේ මේ වගේ දේවල් කරන සහ කරන්න බලාගෙන ඉන්න පිරිසටත් ඔයාගෙ කතාවෙන් අනුබලයක් මිස ගැලවීමක් ලැබෙන්නේ නෑ. තමන්ගේ පහත් චේතනා සහ ක්‍රියාවන් ගැන මේ කතා නායකයා උදම් අනනවා මිස පසුතැවීමක් නෑ. කතාවේ මුල සිටම ඒ වගේ පසුතැවීමක්, කලකිරීමක් සහ වරදට දඬුවමක් එකතු කලා නම්, ඔහුගේ හැසිරීම නිසා සිදුවෙන විනාශයන් ගැන ටිකක් වත් සඳහන් කලා නම් තවත් එක පිරිමි ආත්මයක් වත් වරදින් ගලවාගන්න තිබුනා කියන එකයි මගේ නම් හැඟීම.

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
      • ප්‍රේම් says:

        සමනලී, ඔයා වැරදියි, කතාවේ මුල් කොටස් කියවා ඇතිදෝ යන්න හෝ ඒවා තෙරුන් ගත්තාද යන්න පිලිබදව මගේ පොඩි සැකයක් තියෙනවා. කතා නායකයා හරි හෝ වැරදි හෝ, උදම් ඇණිය යුතු අවස්ථාවේදී උදම් අනනවා, පසුතැවීමේදී හුගක් පසුතැවෙනවා. මෙවන් දේවල් ඇත්ත ඇති සැටියෙන් නොව, හින්දි චිත්‍රපටයක් මෙන් රග දැක්වීමෙන් පෙන්වීම (සැමවිටම දුෂ්ටයාට, අසාදරණයට දඩුවම් දීම), සමාජය තුල මෙවැනි සිදුවීම් සිදු නොවේ යයි පෙන්වීම නිවැරදි යයි මා සිතන්නේ නැත. මන්ද එමගින් අනුබලයක් කෙසේවෙතත්, නොදන්නා කෙනෙකුගේ දෑස ඇරීමක් හෝ කෙනෙකු අතරමන් නොවී සිටින්නේ කෙසේද යන්න පැහැදිලි නොකරන නිසාවෙනි. එය මාගේ විශ්වාසයයි.
        .
        කෙසේ වෙතත් ඔබ දකින කෝණය වෙනස්ය, එයට සාදාරන හේතුන් නිසැකයෙන්ම ඔබ සතුය, අවංක විචාරයට ස්තුතියි.

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
      • බනිසා says:

        බට්ටි, සොසි, සමනලී සහ තවත් මෙහි කොමෙන්ටු දමා ඇති කාන්තාවන් මෙහි ඇති යථාර්තවාදී සහ තාත්වික බව තේරුම් ගැනීම ප්‍රතික්ෂේප කරන බව පෙනේ. කෙසේ වතුදු අප විසින් යමක් පළමුවෙන් තේරුම් ගත යුතුය. එනම් කාන්ත හා පුරුෂ යන දෙපාර්ශවයේ මානසික රසායනයේ ඇති වෙනස්කමයි. පුරුෂයා යනු මතුපිටින් පෙනෙන ආකාරයට වසා ඇති රෙදි උස්සා බැලීමට කැමති, අස්සෙන් පෙනෙන දේ කෙරෙහි එබී බැලීමට කැමති මානසික තත්වයක් ඇති සත්වයෙකි. කාන්තාවන්ගේ මානසික තත්වය විග්‍රහ කිරීමට මගේ දැනුම මදි ය. එසේ වුවද පුරුෂ සන්තානය තුල ඉහත හැන්ගීම් වීරත්වයම පමණක් වුවද කාන්තා පාර්ශවය එය වලත්තත්වය යන වචනයෙන් නිතර අර්ථ දැක්වීමට පෙලබී ඇත. මා මේ පැවසීමට උත්සහ දරන්නේ අයාලේ යන ප්‍රේම ගේ නිදහස් සිත තුල කාන්තාවන් කීප දෙනෙක් සමග එක දිනක සංසර්ගයේ යෙදීම හුදු වීරත්වයම ම බවයි.නමුත් මම එය අගය කරන බව නොපවසමි. කෙසේ වතුදු හෙර්ද සාක්ෂියට එකඟව ඔහුගේ එම ක්‍රියාව වීරත්වය නොවන බව පැවසීමට පුරුෂ පාර්ශවය පෙළ නොගැසෙනු ඇති බව මගේ හැන්ගීමයි. අවාසනාවකට මෙම නිදර්ශනයේ කතා නායකයා කාන්තාවක් උන නම් සමාජයීය අර්ථ දැක්වීම මත ඇය ගණිකාවක් ලෙස හංවඩු ගැසීම අවසානයේ සිදු විය හැකිය.. දෝෂය අපගේ විෂම සමජය තුල නිසා මෙහි කතා බීජයට දොස් පැවරීමෙන් උක්ත කරුණ සඳහා සදාරණයක් බල පොරොත්තු විය නොහැක. ප්‍රේම මානසිකව නොබැඳුනු, කායිකව පමණක්ම බැඳුනු පුද්ගලයෙකි. ඔහු සෙව්වන්දිය හා ආලයෙන් බඳනා තෙක්ම ලඳුන් කිහිපයක් සමග නිදි වැදීම අබියෝගයට ලක් කරනවා වෙනුවට රාදිකා සහ අනිකුත් විවාහක ළඳුන්ගේ, සේව්වන්දියගේ පවා පැටිකිරිය සෙවීම වඩාත් සුදුසුය. බට්ටි සොසි සහ සමනලී පුරුෂ ජාතියට වයිර කිරීම සහ කතාව නිර්දය ලෙස විවේචනය කරනවා වෙනුවට මිනිස් සිත තුල සිදු වන්නා වූ ගුප්ත හන්ගීම් සමුදාය නිරුපනය කිරීමට කතාවේ රචකයා දරා ඇති උත්සාහය අගය කල යුතුය. අඩු පාඩු තිබුනද මෙම කතා බීජය මාර්ටින් වික්රමසිංහයන් හෝ, ජි බි සේනානායකයන් ලියුවානම් එය අප සමාජය විසින් මල් තබා එසේ යයි පිළිගනු ඇත.

        මචන් ප්‍රේම කතාව නියමයි. ඉතුරු ටිකත් ලියන්න.

        VA:F [1.9.22_1171]
        Rating: +1 (from 1 vote)
      • සමනලී සමනලී says:

        පුර්ෂ ජාතියට වෛර නොකරමි. දේව ගුණ ඇති, මිනිස් වෙස් ගත් පිරිමින්ද ඇති බව අදහමි. එවන් පිරිමියෙකුගේ ආදරණීය සෙවණක නිවී සැනහී හිඳිමි. තවත් එක් පිරිමි ආත්මයක් වත් එබඳු ආදරණීයයෙකු කිරීමට මේ කතාවෙන් පිටිවහලක් ලැබුණා නම් හොඳය සිතුන නිසා ඒ බව පැවසුවා මිස නිර්දය විවේචනයක් නොකලෙමි. නොකරමි.

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
      • කිරි සප්පයා කිරි සප්පයා says:

        පොස්ට් එක කියවන ඕනෑම කෙනෙකුට හිතට එකඟව ඕනෑම අදහසක් දැමිය හැකියි. නමුත් ලේඛකයා දිරි ගැන්වීම සඳහා බනිසා ගත් උත්සහය අගය කරමි.

        VN:F [1.9.22_1171]
        Rating: +1 (from 1 vote)
      • ප්‍රේම් says:

        බනිසා, හුගක් අගය කරනවා ලියල තියෙන දේ, පිරිමියා ගැන ඔබ ලිය ඇති දේම මදක් වෙනස් ආකාරයෙන් ගැහැණිය තුලද ඇත, නමුත් අප සමාජය සහ අපේ පාරම්පරික සිරිත්-විරිත් ගැහැණිය කොටු කර, සීමාවන් පනවා ඇත, එයයි සත්‍ය.
        .
        ස්තුතියි නැවතත්, දිරිදීමට හා අගය කිරීමට.

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
      • බනිසා says:

        සමනලී ඇඩ් එකක් දැම්මද මන්ද?

        VA:F [1.9.22_1171]
        Rating: +1 (from 1 vote)
    • යුක්තිය යුක්තිය says:

      බට්ටි අක්කේ ප්‍රේම් උත්සහ කරලා තියෙනේ ඒ පිළිකුල ඇති කිරීමට තමා!!!! ඔහු සාර්ථකයි!!! ගොඩක් ඔහොම පිරිමි පමණක් නෙමෙයි ගැණු යත් හිතන් ඉන්නවා!!! අක්කා සැබෑ ආදරය දන්නා කෙනා කවදාවත් තමාගේ සහකරු හෝ සහකාරියට ද්‍රෝහී වෙන්නේ නෑ

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  10. කිරි සප්පයා කිරි සප්පයා says:

    ලිවීම අති විශිෂ්ඨයි… කථා මාතෘකාවත්. අන්තර්ගත කරුණු හුදෙක් කථාවක ප්‍රබන්ධ ලීලාවට වඩා කතෘගේ අත්දැකීම් දෝයි කියවන විට සිතේ (කව්ද දන්නේ )… මෙය අවසානය නම්. කථා නායකයාගේ රාගය නැමති දැවෙන හැඟීමට යටත් වී තිබූ සියොළඟම ආදරය යන දැවැන්ත හැඟීම විසින් යටහත් කොට ගත් වග පෙනීයයි. එය ප්‍රායෝගික සත්‍යම වේ. ඔබට තවත් විවධ විෂම මාතෘකා ඔස්සේ මෙවැනි සාර්ථක කථා ලිවීමට සිත් පහල වේවායි පතමි.

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
    • ප්‍රේම් says:

      ස්තුතියි කිරි සප්පොයෝ,
      කලින් කිව්වක් මෙන් මේ කිහිප දෙනෙකුගේ අද්දැකීම් ගොන්නක්, පුළුවන් තරම් තාත්වික විදියට තමයි ලියන්න බලන්නේ.
      මේක අවසානය නෙවෙයි, තව කොටස් දෙකක් තියෙනවා :) .

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  11. සොසී says:

    නැවත කියවූ වෙමි.

    මුල දී මා සිත පරවා පැතීරි ගිය “ හිස් “ බව වෙනුවට , උණුසුම් රුධිර ධාරාවක් කිරීටක ධමනියේ සිට හදිසියෙන් මෙන් විත් හෘදය සනසනවා දැනුනි.

    පිරිමින් පුදුමය…. අප්‍රමාණ තරම් පුදුමය.

    ඔවුන් සනසවන්නේ ද ඔවුන් නලවන්නේ ද “ශාරීරක සුවය “ මය. දිනෙක ඔවුනට ගැහැණියක එපා කරවන්නේ ද “ ඒ සුවයමය“ඔවුන් ගැහැණුන් මනින්නේ ද පරිභව කරන්නේ ද බැල්ලියක හෝ අගමෙහෙසියක කරන්නේද ‘ ඒ සුවයමය“

    මට හඳුනා ගත නොහැක්කේ …………………………

    බළල් පැටවකු මෙන් ඔවුන් නිවාසනස “ ඒ සුවයම“ වෙනසක් සේ දැක “ ආදරයෙන් “ බැදෙන්නේ කෙසේ ද? කියා පමණි.

    මම හිතුවේ මේ අවසානය කියලයි.

    බලමු තව කොටස් දෙකක් තියෙන විත්තිය දැනුයි දන්නේ………….

    ප්‍රේම්ට ජය…………..

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ප්‍රේම් says:

      සොසී, ආදරය, ආලය මහා පුදුම දෙයක්, පිරිමියකුගේ හිත තුල ඇතිවන ආලය කිසිම දවසක නැතිවෙන දෙයක් නෙවෙයි, ඒක ක්ෂනිකයෙන් ආදරය මත ඇතිවෙන්නත් පුළුවන්, රාගය මත ඇතිවෙන්නත් පුළුවන්, බොහෝ තැන් වල ඇත්තේ “හදුනාගත නොහැකි ගැහැනියකෙගේ ප්‍රේමය ගැනය” නමුත් “පිරිමින්ගේ නිහඩ ප්‍රේමය” හදුනා ගත් අවස්ථාවන් විරලය.

      ස්තුත්යි සොසී :)

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
    • බනිසා says:

      “පිරිමින් පුදුමය…. අප්‍රමාණ තරම් පුදුමය.

      ඔවුන් සනසවන්නේ ද ඔවුන් නලවන්නේ ද “ශාරීරක සුවය “ මය. දිනෙක ඔවුනට ගැහැණියක එපා කරවන්නේ ද “ ඒ සුවයමය“ඔවුන් ගැහැණුන් මනින්නේ ද පරිභව කරන්නේ ද බැල්ලියක හෝ අගමෙහෙසියක කරන්නේද ‘ ඒ සුවයමය“

      මට හඳුනා ගත නොහැක්කේ …………………………

      බළල් පැටවකු මෙන් ඔවුන් නිවාසනස “ ඒ සුවයම“ වෙනසක් සේ දැක “ ආදරයෙන් “ බැදෙන්නේ කෙසේ ද? කියා පමණි.”

      සොසි.

      රාගයේ ඇලෙන්නා රාගය විසින්ම අවුලුවයි,දවයි, විනාස කරයි. කෙසේ වතුදු ලෝකස්වාද රතිය පෙරලෙන රෝදයක කඩ ඇනය මෙන් ලෝක දාතුවේ පැවැත්ම තීරණය කරයි. ලිංගිකත්වයෙන් තොර සතුන් ඇති ලෝකයක පැවැත්මක් නැත.ශාරීරික සුවය පිරිමියකු නලවනවයයි කීම, සනසනවයයි කීම සාදාරන නොවන බව මගේ හැගීමයි, පිරිමියකු කාන්තාවකට ආකර්ෂණය වීමට විවද හේතු මුලයන් තිබිය හැක. දක්ෂතාවය, පිරිසිදුකම කතා විලාසය පෙනුම වැනි විවිද නිර්ණායක අතර දෙකලව හෝ දෙතන ප්‍රදර්ශනය කීරීමේ හැකියාව එක මුලාශ්‍රයක් පමණි… බොහෝ විට එයම කාන්තාවක් බොහෝ පිරිමින් කෙරෙන් අලය මුලික කර ගත් අකර්ශනයකින් ප්‍රතික්ෂේප වීමට කාරණයක් විය හැක. ඔවුන් කෙරෙහි ආකර්ෂණය වන්නේ ශාරීරික සන්තර්පනයම අරමුණු කර ගත නිල මැස්සන් ගොන්නක් පමණි. රොන් ගැනීමෙන් අනතුරුව ඔවුහු අයව බැල්ලියක් කොට වෙන එකියක් කරා යනවා විනා ඇයව අග මෙහෙසියක් කරනුදැයි මට සැක සිතේ.

      පිරිමියකු සනසන්නේද නලවන්නේද අලයමයි. ශ්රුන්ගාරය ආලය තවත් ශක්තිමත් කරන්නක් වන අතර ශ්රුන්ගාරය පදනම් කරගත් ආකර්ෂණය ආලය දැයි දෙවරක් සිතිය යුත්තේමය.

      VA:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
      • සොසී says:

        ස්තූතියි බනිස් ( සීනි බනිස් ? )

        VA:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
      • බනිසා says:

        කිබුල බනිස්. LOL

        VA:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
  12. පොඩි පුංචා පොඩි පුංචා says:

    ප්‍රේම්… විශිෂ්ටයි… මන් කලින් ලිපි වල ඉඳලම ඔක්කොම කියවන් ආවේ… ආලය කුණුහරපයක් ලෙස හෝ සෘංගාරාත්මක ලෙස දක්වන්නට ඕනෙම කෙනෙක්ට පුළුවන් , එකට වාරණයක් දාන්න කාටවත් අයිතිය නැ, ඕනෙනම් මේ කතාව භාෂා හැකියාව පසෙකලා සෘජු ආකෘතියකින් පල කරන්න තිබ්බා. එත් එහෙම කලානම්, කිසි කෙනෙක් මේ පිළිබඳව යහපත් ආකල්පයක් දරන්නැති වෙන්න පුළුවන්… එත් අන්තර්ගතයට හානියක් නොවන ලෙස, අර්ථවත් වියමනක් ඔබ ඉදිරිපත් කර තිබෙනවා…. බොහෝ පිරිමින්ට ඇති ගැටලුව ආලය සහ ආදරය වෙන්කර හඳුනා ගැනීමයි, එත් එය පිරිමින්ට විතරක් සිමා වුවක් නොවේ, බොහෝ කාන්තාවටද පොදුයි..එය විග්‍රහ කරලීම සඳහා ඔබ ගෙනයන වෑයමට මාගේ තුති මල් මිටක්… ඔබට ජය…!

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  13. යුක්තිය යුක්තිය says:

    සිරාම කතාවක්!!!!!! mama කියවපු මෙගාවලින් හොදම 2න් 1ක් තමා මේ

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  14. ප්‍රේම් says:

    පොඩි පුංචා, ස්තුතියි අගය කිරීමට, පුළුවන් තරම් සබ්‍ය හා, සීමාවක් ඇතිව ලිවීමට උත්සහ කරනවා.
    .
    යුක්තිය, ස්තුතියි, ලියන පලවෙනි කතාවට ලැබෙන මෙවන් විචාර අගය කරනවා.

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  15. Paradox says:

    @ සමනලී, සමීරා, බට්ටි සහ ප්‍රේම්ව බඩු කාරයෙක් ලෙස දකින සියල්ලන්ටම

    ස්ත්‍රිය ස්වභාවයෙන්ම අතෘප්තිකරයි. විශේෂයෙන්ම විවාහක ස්ත්‍රිය තමාට අහිමි වූ සහ තම මිතුරියට ඇතැයි කියා තමා විසින්ම විශ්වාස කරන යම් කිසිවක් (ආදරය, ලිංගිකත්වය, විනෝදය(fun), තම සැමියා සවස නිවසට පැමිණ වැඩිපුර කතා නොකිරීම, දරුවන් සුරතල් නොකිරීම වැන්නක් පවා) නිතර සිහිකරමින් බොහෝ සේ තැවෙනවා!(Desperate Wives ) . පිටතට නොපෙන්වා සිතින් විඳවනවා. කිසියම් පිරිමියකුට ඇයට ඒ අඩුපාඩුයයි හැඟෙන දේ ලබාදිය හැකිනම් ඇය කොන්දේසි විරහිතව ඔහු කෙරේ බැඳෙනවා. ඇයට දැන් තිබෙන සියලු සැප සම්පත්, ඇයට නැතැයි කියා සිතෙන දේ වෙනුවන් කැප කිරීමට ඇය සූදානම්.
    පොදු පුරුෂයා සතුව බොහෝ පිරිමින් තුල සොයාගැනීමට අපහසු ගුණාංග කිහිපයක් තිබෙනවා. ඒ වගේම පොදු පුරුෂයා බුද්ධිමත් ලෙස තමා ආශා කරන කාන්තාව පෙළෙන කරුණ සොයාගෙන එයට පහර දෙනවා. විවාහක ස්ත්‍රිය එයට අවනත වන්නේ දැල්ලට වැටෙන පළඟැටියකු විලසයි.

    මෙය අද ඊයේ සිදුවූවක් නොවෙයි. Eva තහනම් ගහේ ගෙඩි කෑමේ සිට මනමේ කුමරිය, දික්තලා, අනුලා බිසව, ඩයනා කුමරිය වැන්නියන්ටත් සිදුවූයේ මෙයමයි. මේ කථාවේදී සෙව්වන්දි ඉල්ලන්නේ ආදරය; ඒ වගේම රාධිකා ඉල්ලන්නෙ කාමය. ඉතින් සාපේක්ෂව දෙදෙනාම නිවැරදි නොවේද ?අද ප්‍රේම් ව වලත්තයකු ලෙස දකින ඔබලාත් යම් දිනයක ඔබේ අයථා (ඔබට සාපේකෂව එම අවස්ථාවේදී එය නිවැරදි සම්බනධයකි) සෙව්වන්දි සහ රාධිකා මෙන්ම සාධාරණීකරණය කරනු ඇතැයි කිව නොහැකේ කෙසේද ?.

    Paradox

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  16. Paradox says:

    @ සමනලී, සමීරා, බට්ටි සහ ප්‍රේම්ව බඩු කාරයෙක් ලෙස දකින සියල්ලන්ටම

    ස්ත්‍රිය ස්වභාවයෙන්ම අතෘප්තිකරයි. විශේෂයෙන්ම විවාහක ස්ත්‍රිය තමාට අහිමි වූ සහ තම මිතුරියන්ට ඇතැයි කියා තමා විසින්ම විශ්වාස කරන යම් කිසිවක් (ආදරය, ලිංගිකත්වය, විනෝදය(fun), තම සැමියා සවස නිවසට පැමිණ වැඩිපුර කතා නොකිරීම, දරුවන් සුරතල් නොකිරීම වැන්නක් පවා) නිතර සිහිකරමින් බොහෝ සේ තැවෙනවා!(Desperate Wives) . පිටතට නොපෙන්වා සිතින් විඳවනවා. කිසියම් පිරිමියකුට ඇයට ඒ අඩුපාඩුයයි හැඟෙන දේ ලබාදිය හැකිනම් ඇය කොන්දේසි විරහිතව ඔහු කෙරේ බැඳෙනවා. ඇයට දැන් තිබෙන සියලු සැප සම්පත්, ඇයට නැතැයි කියා සිතෙන දේ වෙනුවන් කැප කිරීමට ඇය සූදානම්.
    පොදු පුරුෂයා සතුව බොහෝ පිරිමින් තුල සොයාගැනීමට අපහසු ගුණාංග කිහිපයක් තිබෙනවා. ඒ වගේම පොදු පුරුෂයා බුද්ධිමත් ලෙස තමා ආශා කරන කාන්තාව පෙළෙන කරුණ සොයාගෙන එයට පහර දෙනවා. විවාහක ස්ත්‍රිය එයට අවනත වන්නේ දැල්ලට වැටෙන පළඟැටියකු විලසයි. එසේ නොබැඳෙන ගැහැණියක වේනම් එයට හේතුව ඇයගේ අවශ්‍යතාව හඳුනාගත් පිරිමියකු හමු නොවීම මිස අනෙකක් නොවෙයි.

    මෙය අද ඊයේ සිදුවූවක් නොවෙයි. Eva තහනම් ගහේ ගෙඩි කෑමේ සිට මනමේ කුමරිය, දික්තලා, අනුලා බිසව, ඩයනා කුමරිය වැන්නියන්ටත් සිදුවූයේ මෙයමයි. මේ කථාවේදී සෙව්වන්දි ඉල්ලන්නේ ආදරය; ඒ වගේම රාධිකා ඉල්ලන්නෙ කාමය. ප්‍රේම් එය ලබාදෙනවා. ඉතින් සාපේක්ෂව තිදෙනාම නිවැරදි නොවේද ?අද ප්‍රේම් ව වලත්තයකු ලෙස දකින ඔබලාත් යම් දිනයක ඔබේ අයථා (ඔබට සාපේකෂව එම අවස්ථාවේදී එය නිවැරදි සම්බනධයකි) සම්බන්ධය සෙව්වන්දි සහ රාධිකා මෙන්ම සාධාරණීකරණය කරනු ඇතැයි කිව නොහැකේ කෙසේද ?.

    Paradox

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  17. Paradox says:

    @ සමනලී, සමීරා, බට්ටි සහ ප්‍රේම්ව බඩු කාරයෙක් ලෙස දකින සියල්ලන්ටම

    ස්ත්‍රිය ස්වභාවයෙන්ම අතෘප්තිකරයි. විශේෂයෙන්ම විවාහක ස්ත්‍රිය තමාට අහිමි වූ සහ තම මිතුරියට ඇතැයි කියා තමා විසින්ම විශ්වාස කරන යම් කිසිවක් (ආදරය, ලිංගිකත්වය, විනෝදය(fun), තම සැමියා සවස නිවසට පැමිණ වැඩිපුර කතා නොකිරීම, දරුවන් සුරතල් නොකිරීම වැන්නක් පවා) නිතර සිහිකරමින් බොහෝ සේ තැවෙනවා!(Desperate Wives) . පිටතට නොපෙන්වා සිතින් විඳවනවා. කිසියම් පිරිමියකුට ඇයට ඒ අඩුපාඩුයයි හැඟෙන දේ ලබාදිය හැකිනම් ඇය කොන්දේසි විරහිතව ඔහු කෙරේ බැඳෙනවා. ඇයට දැන් තිබෙන සියලු සැප සම්පත්, ඇයට නැතැයි කියා සිතෙන දේ වෙනුවන් කැප කිරීමට ඇය සූදානම්.
    පොදු පුරුෂයා සතුව බොහෝ පිරිමින් තුල සොයාගැනීමට අපහසු ගුණාංග කිහිපයක් තිබෙනවා. ඒ වගේම පොදු පුරුෂයා බුද්ධිමත් ලෙස තමා ආශා කරන කාන්තාව පෙළෙන කරුණ සොයාගෙන එයට පහර දෙනවා. විවාහක ස්ත්‍රිය එයට අවනත වන්නේ දැල්ලට වැටෙන පළඟැටියකු විලසයි. එසේ නොබැඳෙන ගැහැණියක වේනම් එයට හේතුව ඇයගේ අවශ්‍යතාව හඳුනාගත් පිරිමියකු හමු නොවීම මිස අනෙකක් නොවෙයි.

    මෙය අද ඊයේ සිදුවූවක් නොවෙයි. Eva තහනම් ගහේ ගෙඩි කෑමේ සිට මනමේ කුමරිය, දික්තලා, අනුලා බිසව, ඩයනා කුමරිය වැන්නියන්ටත් සිදුවූයේ මෙයමයි. මේ කථාවේදී සෙව්වන්දි ඉල්ලන්නේ ආදරය; ඒ වගේම රාධිකා ඉල්ලන්නෙ කාමය. ප්‍රේම් එය ලබාදෙනවා. ඉතින් සාපේක්ෂව තිදෙනාම නිවැරදි නොවේද ?අද ප්‍රේම් ව වලත්තයකු ලෙස දකින ඔබලාත් යම් දිනයක ඔබේ අයථා (ඔබට සාපේකෂව එම අවස්ථාවේදී එය නිවැරදි සම්බනධයකි) සම්බන්ධය සෙව්වන්දි සහ රාධිකා මෙන්ම සාධාරණීකරණය කරනු ඇතැයි කිව නොහැකේ කෙසේද ?.

    Paradox

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  18. Paradox says:

    @lastrow admin

    When I submit comments , it shows error message “gateway time out”. Please fix it’

    Paradox

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  19. Paradox says:

    @lastrow admin

    please remove my repeated comment 1 (July 8, 2012 at 00:13) , 2 (July 8, 2012 at 05:58) and information about the error (July 8, 2012 at 06:18) from the site. keep only 3rd (July 8, 2012 at 06:15) comment.

    Thanks
    paradox

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  20. මම මෙහි කමෙන්ට් කළේ නැවත නැවත පිළිතුරු බඳින්න හිතා ගෙන නොවේ. නමුත් මෙහි අදහස් පළ කළ බොහෝ පිරිමි පාර්ශවයන් මේ පිළිබඳව විවිධාකාර,විෂම අදහස් පළ කර තිබුණා.ඒ අතරින් බට්ටි ට පිළිතුරු දුන් අයත් හිටියා.

    @ Paradox: “බට්ටි සහ ප්‍රේම්ව බඩු කාරයෙක් ලෙස දකින සියල්ලන්ටම”-
    ඔබ කියනා ආකාරයට ප්‍රේම් බඩුකාරයෙක්ද, මනි බඩු කාරයෙක්ද කවුදැයි මා නම් දන්නේ නැහැ. අනික ගැහැණු න්ට “බඩුව” ලෙස භාවිතා කරන පිරිමින් තමන්ගේ මවට, සොයුරියට,පෙම්වතියට/බිරිඳට ද එසේ අමතනවා දැයිදන්න කෙනෙක් කියනා ලෙස ඉල්ලා සිටිනවා. ඒ අයට වෙන කෙනෙක් එනමින් අමතනවාට මම නම් කැමතියි කියලා කියන කවුරු හරි ඉන්නවාද?( මෙහි බඩු කාරයෙක් ලෙස හැඳින්වූයේ කවුරුන්දැයි නොදැන ඉන්නට මා බබෙක් නො වනා බව තේරුම් ගනීවී යැයි සිතමි. )
    “ස්ත්‍රිය ස්වභාවයෙන්ම අතෘප්තිකරයි. විශේෂයෙන්ම විවාහක ස්ත්‍රිය “-
    ඔබ කියන්නේ පිරිමියා තෘප්තිමත් කියලාද?කිසිවකු කිසිවකින් සෑහීමකට පත් නො විය හැකියි. නමුත් එය සෑම ගැහැණියකටම පමණක් ලෙස අදාළ කර නො ගත යුතුයි.

    @ බනිසා: බට්ටි සොසි සහ සමනලී පුරුෂ ජාතියට වයිර කිරීම සහ කතාව නිර්දය ලෙස විවේචනය කරනවා වෙනුවට මිනිස් සිත තුල සිදු වන්නා වූ ගුප්ත හන්ගීම් සමුදාය නිරුපනය කිරීමට කතාවේ රචකයා දරා ඇති උත්සාහය අගය කල යුතුය-
    කවුද කියන්නේ මම පුරුෂ ජාතියට වයිර කරනවා කියා. එහෙම කියන ඔබ දන්නවාද මම විවාහක කෙනෙක් බව. මම මුළු පිරිමි සන්හතියට වයිර කරනවා නම් විවාහ වෙන්නේ නෑ.රටේ ලෝකේ හැම මිනිහාම ප්‍රේම් වගේ අය නෙමෙයි කියලා මම දන්නවා.

    සහ ඉදිරියට මේවාට පිළිතුරු බඳින්නට, වාද කරන්නට එන්න බලාපොරොත්තු වෙන/ ප්‍රේම් ව සාධාරණීකරණය කරන්නට එන පිරිමි ඇත්තන්ට-

    ප්‍රේම් වේවා, වෙන අයෙක් වේවා ගැහැණුන් වෙතින් කාමයම පතන ඕනෑම කෙනෙක් අවසානයේ හිතට රුචි තැනැත්තිය හා එක්ව ජීවිතය ගෙවන්නට බලාපොරොත්තු වෙනවා ඇත. එවිට ඇය කොල්ලෙක් හා දුර දිග ගිය සම්බන්ධයක් තිබූ ( කොටින්ම කෙල්ලෙක් නෙමෙයි ඇය ගැහැණියක් නම්…)ඇයව විවාහ කර ගන්නට කැමතිද කියන කාරණාව තමන්ගේ හිතට තට්ටු කරගෙන අහන්න.අනෙක් කරුණ නම් තමා විවාහක අයෙක් නම් සෙව්වන්දිය මෙන් ඇයත් ප්‍රේම් වැන්නවුන් හා නන්නත්තාරේ යනවාට, තමන්ගේ දරුවන්ගේ ත්, තමාගේත් මූණු වල දැලි ගානවාට කැමතිද කියලත් හිතලා බලන්න.

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  21. samara senari says:

    නැවත් නැවතත් පිළිතුරු දෙන්නට සිදුවීම ගැන කණගාටුයි.නමුත්
    @paradox
    ඔබ කියනා පරිදි කාන්තාවන් ස්වභාවයෙන්ම අතෘප්තිකරයි.මගේ ප්‍රශ්නය පිරිමින් තෘප්තිමත්ද?මේ ලෝකයේ තෘප්තිමත් ගැහැනුන් හෝ පිරිමින් සිටිනවාද? ඔබ හෝ ප්‍රේම් හෝ දෙදෙනාම හෝ වෙනත් කෙනෙකු හෝ බඩුකාරයන්දැයි මා දන්නෙ නෑ.ඔබ කවුදැයි මා දන්නේත් නෑ.මෙහිදී මා ඉදිරිපත් කලේ මෙය කියවීමෙන් පසු මට ඇතිවූ අදහස.ඔබගේ වචනයෙන් කියන්වා නම් බඩුකාරයින් වීරයින් කිරීමට ගෙන ඇති උත්සාහය වැරදි සහ පහත් එකක් බවයි මගේ අදහස.

    “එසේ නොබැඳෙන ගැහැණියක වේනම් එයට හේතුව ඇයගේ අවශ්‍යතාව හඳුනාගත් පිරිමියකු හමු නොවීම මිස අනෙකක් නොවෙයි.”

    ඔබ මෙයින් කියන විදියට ගැහැනුන් ඕනෑම වෙලාවක “අවශ්‍යතාවය” හඳුනා ගත් කෙනෙකු මුණගැසුන විට වරදේ බැඳීමට සූදානම්.එය ඒ පිරිමියාගේ වීරකමක්.ඔබේ සහෝදරිය,බිරිඳ/පෙම්වතිය යම්කිසි දවසක “ඔහු මගේ අවශ්‍යතාවය හඳුනාගත්තා.ඒක නිසා මා එවැන්නක් කලා” යයි පැවසුවොත් ඔබට කිසිදාක එය ප්‍රශ්නයක් නොවේවි යැයි මා සිතනවා.

    @බනිසා

    මෙවැනි දේවල් සමාජයේ සිදුවන බව ඇත්තක්.එය නොදන්නා කෙනෙකු අ.පේ.හි ඉන්නවා යයි මා නම් සිතන්නේ නෑ. නමුත් මෙහිදී යථාර්තය සහ තාත්වික බව තේරුම් නොගැනීම යනුවෙන් ඔබ අදහස් කොට ඇත්තේ මෙය සාධාරණීකරනය නොකිරීමද?කාන්තාවක් හෝ වේවා පිරිමියක් හෝ වේවා වරදේ බැඳීම වරදක්.මගේ අදහස නම් එයයි. වරදේ බැඳීමේදී පිරිමියා වීරයෙක් වී කාන්තාව පමනක් වැරදිකරුවෙකු වීම නිවැරදිද?තනි අතින් අත්පුඩි ගසන්නට බැරි බව ඔබ දන්නවා ඇති.

    අවසාන වශයෙන් මට අහන්නට ප්‍රශ්න කීපයක් තියෙනවා.
    එක මෙවැනි වීරයෙක් නිසා ජීවිතය වැරදි මගට යොමු කරගත් කාන්තාවක් විවාහ කරගන්න කලින් කොමෙන්ට් දාලා තියෙන මහත්වරු කැමතිද?
    දෙක, ඔබගේ සොයුරිය,බිරිඳ/පෙම්වතිය මෙවැනි වීරයෙක් නිසා ජීවිතය අඳුරු කරගන්නවාට ඔබ කැමතිද?
    ඔය කලින් කමෙන්ට් කර තිබෙන මහත්වරු තමන්ගේ හදවතට තට්ටු කරලා අහන්න එවිට ඔබට විඳින්නට සිදුවෙන නින්දා අපහාස සහ අනෙකුත් කරදර වලදී තමන් ඒවට මුහුණ දෙන්නෙ කොහොමද කියලා.

    හුදු කාමාස්වාදය වෙනුවෙන් දෙදෙනෙක් ලන්වීම හෝ පොළඹවා ගැනීම සම්පූර්ණයෙන්ම වැරැද්දක්.ඒක මගේ අදහස.මෙවැනි සම්බන්ධතා සාධාරණීකරනය කිරීම ඊටත් වඩා වැරැද්දක්.

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  22. Paradox says:

    @ බට්ටි සහ සමීරා

    දෙදෙනාම නගා ඇති තර්ක සමාන නිසා එකම පිලිතුරක්

    බඩුව , කෑල්ල, පාර යන වදන් හුදු අපහාසාත්මක අර්ථයක් රැගත්, ගැහැණුන් උදෙසා භාවිත කරන වදන් බව මා දන්නවා. මම යන පුද්ගලයා රැගත් රාමුව තුල මගේ මවට හෝ නැගණියට එවැන්නක් භාවිත කිරීම මා අපහසුතාවයට පත් කරවන්නක්. නමුත් ඉන් පිටතදී මගේ නැගණිය හෝ මව, කොල්ලන්ගේ හැඟීම් උද්දීපනය කරන ආකාරයට හැසිරේනම් ඔවුන් එවන් වදන් වලට ලක්වීම මට නවතාලිය නොහැකියි.

    මගේ මව හෝ නැගණිය මම යන පුද්ගලයාගේ රාමුව තුල එවැනි සම්බන්ධයකට යොමු වුවහොත් එය සිත් වේදනාවට කරුණක්. එහෙත් ඇයගේ රාමුව තුල ඇය ඇට ලේ මස් වලින් සෑදුන හැඟීම් ඇති මනුෂ්‍යයෙක් ලෙස තේරුම් ගැනීමට මා ප්‍රමාණවත් ලෙස බුද්ධිමත්.

    මා කිසිසේත්ම ප්‍රේම් , රාධීකා, සෙව්වන්දි යන චරිත සාධාරණීකරනය කරන්නේ හෝ වීරත්වයක් ආරෝපණය කරන්නේ නැහැ. නමුත් මේ හැසිරීම් සත්ව සමාජයක බලාපොරොත්තු විය හැකි දේවල්. පරිණාම වාදය තුල පිරිමි සතා උත්සාහ කරන්නේ වැඩිම ගැහැණුන් ප්‍රමාණයක් සමග සම්බන්ධතා පැවැත්වීමයි. ගැහැණු සතා වඩාත්ම ශක්තිමත් පිරිමියා තෝරා ගැනීමට උත්සාහ කරනවා. රාධීකා, සෙව්වන්දි සහ අන් සියලු ගැහැණුන් මේ කරන්නේ තමාට දැනෙන රාමුව තුල ඒ ශක්තිමත් පිරිමියා තෝරා ගැනීමයි. ප්‍රේම් එහිදී පරිණාම වාදී පිරිමි සතාගේ භූමිකාව ඉටු කරනවා.
    විවාහය මේ කථාවට අදාල නැහැ. එය මානව සමාජය විසින් අටවා ගත් කෙමනක්. නමුත් ඔබේ ප්‍රශ්නයට පිලිතුරක් ලෙස මෙවැනි සම්බන්ධයන් විවාහ වලින් කෙලවර වී ඇති අවස්ථා අනන්තයි. අප්‍රමාණයි.

    අවසානයේ එක දෙයක් කිව යුතුයි. මේ සියල්ල මට සිහිගන්වන්නේ බුදු දහමේ පදනම වන සියල්ල අනිත්‍යයි යන පරම සත්‍යයයි. සමාවන්න බුදුදහම මෙයට ගාවා ගැනීම ගැන.

    Paradox

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  23. සොසී says:

    මෙතන රණ්ඩු වෙන්න තරම් දෙයක් තියෙද ? එක ගැහැණියක් ඔහුගෙන් ඉල්ලුවෙ රාගය- ඒක අපි පිළිගන්න ඕනි.ඔයා එහෙම නෙමෙයි වෙන්න පුලුවන්.මම එහෙම නෙමෙයි වෙන්න පුලුවන්. ඒත් හැම ගැහැණියම එහෙම නැහැ නේද?

    සෙව්වන්දි දුන්නෙ රාගය විතරක් ද ? නැහැ. ඇය ආදරයත් දුන්නා.පිරිමි රාගයට වඩා ආදරයට හරිම ලෝබයි. විවාහයකදි ගැහැණු අමතක කරන්නෙත් ඒ දේ.

    කෑවද?
    බීවද? පරක්කු වෙන්නැතිව එන්න.
    පරිස්සමින් එන්න.

    මේවා නිකම්ම වචන නෙමෙයි.

    අනික ප්‍රේම් කියන්නෙ බොහොම හොඳින් ‍කලින් කෙල්ලකට ආදරය කරපු කෙනක් බව අමතක කරන්න තරම් දරුණු වෙන්නෙ ඇයි ?

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • බනිසා says:

      සම්පූර්ණයෙන්ම එකඟයි.

      VA:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  24. බනිසා says:

    @ බට්ටි…..සමාරා….

    මම කිසි විටක කියන්නේ නැහැ ලොකෙ සිටින හැම මිනිහම හැම ගැහැනිම ප්‍රේම, රාදිකා සහ සේව්වන්ද්දී වැන්නවුන් කියල. මම මෙතන තර්ක කාලේ ඔබ සහඅනෙකුත් කාන්තා පාර්ශවයේ ඇතැමුන් ප්‍රේම ගේ චරිතාපදානය පිළිබද අවසාන විනිශ්චයකට ඇවිත් විවේචනය කරපු හින්ද. එහිදී ඔබ සහ සමනලී විසින් මෙහි ඇති ප්‍රේම නමැති ප්‍රබන්ද චරිතය හෙලා දැකීමට ඔබගේ ආදරණීය සැමියන් වෙතින් උදාහරණ දැක්වීම නොවටිනා සහ නොහොබිනා දෙයක් ලෙස මට හැගේ. කෙසේ වුනත් අපි කෙතරම් පහත හෙලුවත් ප්‍රේම වැනි චරිත අතීතයේත් සිටියා වර්තමානයේත් ඉන්නවා අනාගතයේත් හිඳීවි. මෙම රචනයේදී රචකයා බලාපොරොත්තු වන්නේ මෙවන් පුද්ගලයන්ගේ කැරැට්ටුව පිළිබඳව පාරට්ටු කිරීම නොව පොදුවේ පිරිමින්ගේ සහ කාන්තාවන්ගේ හැගීම් සමුදායත් ලිංගිකත්වය පිළිබද ජුගුප්සාජනක සංවෘත අකල්පත් පිලිබඳ වර්නනීය විවරණයක් ඉදිරිපත් කිරීමය. කවුරුන් කෙසේ කීවද මා ඇතුළු පුරුෂ පාර්ශවය තුල ප්‍රේම්ගේ අත්දැකීම් කියවන විට ඇතිවන ප්‍රථම හැගීම වන්නේ ඔහු කෙරේ ඇතිවන ඉරිසියාවයි. නිදහස් පිරිමියකු ලෙස අනන්ගයකු ලෙස එකවර කාන්තාවන් කිහිපයක් හා රමණයේ යෙදීමට ප්රෙම්ට ඇති හැකියාව paradox බඩු කාරයකු ලෙස අර්ථ දක්වතත්, (කෙසේ වතුදු ඔහුගේ සංකල්පනාව සැබවින්ම නවමු චින්තනයක් මා තුල ඇති කිරීමට සමත් විය.) මා තුල ප්‍රේම්ගේ චරිතාපදානය කියවනවිට ඇති වූ මුල්ම හැගීම වුයේ ‘අනේ මටත් ප්‍රේම ලෙස නිවහල් වීමට හැකි නම්’ යන්නය. සකල ක්ලේශයන් ගෙන් පිරුණු රාගයෙන් ගැලුණු සමාජයක සිටින මගේ සංකීරණ සන්තානය තුල ඇතිවූ ප්‍රථම හැගීම එයමයි. කෙසේ වතුදු යහපත් ගැහැනියකට සැමියකු වූ මට, ළදරුවන් දෙදෙනෙකුට පියකු වුනු මට ජීවිතයේ බොහෝ වගකීම් සහ යුතුකම් ඉටු කිරීමට ඇති වන බව සිහි වන විට ප්‍රේම්ගේ නිස්සාර ජීවිතය පිළිබද ඇති රාග නිශ්‍රිත ආශාව හීන වී එයම පිළිකුලක් සහ වදයක් ලෙස දැනිණි. ෆැන්ටසියක් තුල ප්‍රේම වීරයෙක් වුවද යථාර්තය තුල තාත්වික බව තුල ප්‍රේම නම් චරිතය වෙත ආරෝපණය වීමට මට දහිර්යයක් හෝ උවමනාවක් ඇති නොවන්නේ මගේ සබැ ජීවිතය තුල ශරීර සන්තර්පනයට වඩා වියයුතු වගකීම පිළිබඳව වඩාත් ශක්තිමත් ද්විතීය හැගීම් ගොන්නක් මා මෙහෙයවන බැවිනි. හැගීම් ඇතිවීම පාලනය කිරීමට නම් කෙලෙස් ප්‍රහාණය කල යුතුය. එනමුත් එම ඇති වන ක්ලේශ දර්මයන්ට ක්‍රියාත්මක වීමේ හැකියාව පාලනය කිරීමට උසස් මනසක් සහිත මිනිසාට හැකි විය යුතුය.

    සමාරා පවසන පරිදි වරදෙහි බැඳීම වරදකි. පිලිගනිමි. නමුත් මෙහිදී වරදෙහි බැඳීම අර්ථ කථනය කල යුතුය. කිසිවෙකුටත් මානසික බැදී නැති ප්‍රේම කායිකව කාන්තාවන් සමග බැඳීම දෝෂ කොට නොදකිමි. එබැවින් ඔහු සල්ලාලයෙකු වුවත් වීරයෙකු ලෙස අර්ථ කථනය කලෙමි. එනමුත් විවාහය නම් සමාජ බන්දනයෙන් බැඳුනු රාදිකා සහ සෙව්වන්දිය අන් සැප සෙවීම සමාජීයව හෝ අධ්‍යාත්මිකව දෝෂ කොට දකිමි. එය වැරද්දක්මය.

    සමාරා සහ බට්ටි යන දෙදෙනාම පටලවා ගත් තැනක් වුයේ ආලය සහ රාගයයි . ඔබ දෙදෙනාම අසන ප්‍රශ්නය වන්නේ අනුන් පසු පස ගිය සෙව්වන්දිය හෝ රදිකා මෙහි සිටින මහත්මයන් බර ගනියිද යන්නය? සැබෑ ප්‍රේමය තුලින් නම් එය එසේම වන්නකි. එසේ වී ඇත. එසේ නොවෙයි නම් අද සමාජයේ සිටින බොහෝ කතුන් තනිකඩව සිටිය යුතු බව මා මෙන්ම මේ ප්‍රශ්නය නැගු ඔබ දෙපලම හොඳින් දන්නා බව මගේ විශ්වාසයයි. එකක් කිව යුතුය. එසේ බාර ගත් පිරිමින් සියල්ලන්ම නොදැනුවත් කම නිසා හෝ මෝඩයන් වීම නිසා එසේ නොකළ බවයි. පුහු දුන් සමාජය තුල වරදේ බඳීම ක්ෂණයකින් සිදු විය හැක. එනමුත් වරදෙහි සමාව දීමත් සංකීරණ මිනිස් සන්තානය තුල ක්ෂණිකව සිදු විය හැක . එවන් උත්තම ගති ඇති මිනිසුන් බොහොමයක් ළදරියන් දුෂණය කිරීමට තරම් ඔද්දල් වූ මනසක් ඇති කාමාතුරයන් සිටින මේ පාදඩ සමාජයේ පවා විරල නොවේ.

    සමාරා: දෙක, ඔබගේ සොයුරිය,බිරිඳ/පෙම්වතිය මෙවැනි වීරයෙක් නිසා ජීවිතය අඳුරු කරගන්නවාට ඔබ කැමතිද? ඔබ කියන පරිදි තනි අතින් අප්පුඩි ගැසීම කල නොහැක. මගේ බිරිඳ මගේ ආදරය ලබන තාක් අගේ ඇත අත්පුඩි ගැසීමට ප්රෙම්ට නෙදෙන බව මට විස්වාසයි. ජීවිතය සංයමයකින් ගත කරන්නෝ කිසි කලෙකත් ලිංගිකත්වය තුලම ග්ලෙන්නේ නැත… එබැවින් මම මේ කියන හරුපය ඔබටවත් මටවත් ඔබේ සැමියාට හෝ මගේ බිරිඳට බලපාන්නේ නැති විය හැක. කෙසේ නමුදු අපි විචාරය කරන්නේ සමාජයේ සිටින්න වූ එක්තරා කොට්ටාශයක් ගැන පමණි. එබැවින් මෙම මාතෘකාව තර්කයට ගැනීමෙන් ලෝක විනාසයට හේතු වන බවට බිය විය යුතු නැත.

    මම සමාජය සදාරනීකරණය කිරීමවත් වරදේ බැඳීම සමාජගත කිරීම අනුනොදක්නෙමි. මා පවසන්නේ ලිංගිකත්වය සහ දෙදෙනෙකු අතර ආකර්ෂණය ව්‍යාදියක් නොවන බවයි. ව්‍යාදියක් වන්නේ සමාජ සංස්ථාව කඩා බිඳ දමමින් සම්මතයන්ට පටහැනිව යමින් පවුල් සංස්ථාව බිඳ දමමින් රති කරීඩාවේම ඇලෙමින් විකාර රුපීව හැසිරීමය. කෙසේවතුදු කාමයෙන් වියරු වැටුණු, වියපත් මහලියන්, අත දරුවන් දුෂණය කරන මානසික රෝගීන් සිටින මෙවන් සමාජයක මෙවන් මතවාදයක් දැරීම දැලි පිහියෙන් කිරි කනවා වැනි වන අතර මේ මතය අවබෝද කැර නොගන්නේ, මහා මග කිරි දරුවන් අතර දමා යන, කිරි කැටියන් වැසිකිලි වලවල් වල අතහරින සමාජයක් බිහි කිරීමට දායක වෙත්දැයි අවිනිශ්චිත භාවයෙන් යුතුව ඉදිරිපත් කරමි.

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  25. Paradox says:

    @ බනිසා

    ප්‍රේම් බඩු කාරයෙකැයි අර්ථ දක්වා ඇත්තේ මා නොවේ. මා මගේ කමෙන්ටුවේ පවසා ඇත්තේ ” ප්‍රේම්ව බඩු කාරයෙක් ලෙස දකින සියල්ලන්ටම” ලෙසයි. වචනය සැර වැඩි බව මට දැනුනද මා එයම භාවිත කලේ මෙහි කමෙන්ට් කර ඇති ස්ත්‍රී පාර්ශවය බොහෝ සුමුදු වචන වලින් ලියන්නට උත්සාහ කර තිබුනේ එය මැයි යන්න මට හැඟී ගිය නිසාවෙනි.

    මාතෘකාවට අදාල නොවුනද මැහැලියන් හා අත දරුවන් දූෂණය කරන්නන් ගැන යමක් කිව යුතුයැයි සිතේ. උදේ සිට රෑ වනතුරු අඩ නිරුවත් කාන්තා අංගෝපාංග දකින, පරිණාමීය වශයෙන්ම අධික ලිංගික අවශ්‍යතාවයක් ඇති පිරිමියාට ඒ පීඩනය පිට කරගැනීමට මෙරට සුචරිතවාදී, ලිංගිකත්වය ආනන්තර්ය පාප කර්මයක් ලෙස දකින සමාජය හා සමහර බිරින්දෑවරු ලබා දී ඇත්තේ කුමක්ද ? ඉදින් ඔවුන් තමාට අවම හානියක් විය හැකියැයි සිතන විකල්ප කරා යොමු වීම පුදුමයක්ද ? කරුණාකර වරදවා වටහා නොගන්න. මා එය සාධාරණීකරනය කරනවා නොවේ. මා හේතුව පෙන්වා දෙන්නෙක් පමණයි.

    හොඳින් විමසා බලන්න. ගාල කඩාගත් හරක් රෑනක් සේ කලකට පෙර ගණිකා මඩම් වැටලූ පොලීසිය ඔවුන් විසින්ම වපුල බිජුවටයේ අස්වැන්න වන වර්තමාන ලමා හා මැහැලි දූෂණය නෙලා ගන්නා අපූරුව …….

    Paradox

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  26. බනිසා says:

    wht this doesnt allow me to reply

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  27. ප්‍රේම් says:

    බට්ටි, samara, සොසී, Paradox, බනිසා, ස්තුතියි සියලු මතවාද වලට, නමුත් ගැටුමක් හෝ වාදයක් මෙම කතාව ඔස්සේ හෝ, ප්‍රේම් ගේ චරිතය ඔස්සේ ගොඩ නැගීම මාගේ පරම උත්සාහය හෝ පරම සතුට නොවන බව වටහා ගන්න.
    .
    කලින් පැවසුවක් මෙන්, මෙම කතාව සත්‍ය සිදුවීම් කිහිපයක් මත, කිහිප දෙනෙකුගේ අද්දැකීම් මත ලියවෙන්නක්. උදම් ඇනුවත්, අකමැත්ත ප්‍රකාශ කලත්, පිළිකුල දැක්වුවත්, මේ සියල්ල සිදු වුනි, සිදු වෙමින් පවතියි, ඉදිරියටත් සිදු වෙයි. මෙය, තරුනයන්ටද, මහලු අයටද, විවාහක හෝ, අවිවාහක අයටද පොදුය, ගැහැනුන්ටද, පිරිමින්ටද පොදුය. අප සෝවාන් වුවෝ නොවමු, අනිත්‍ය සැමවිටම මෙනෙහි කරන්නෝද නොවමු, එහෙයින් මනස අප පාලනය කරනවා මිස, අප මනස පාලනයක් නොකරමු.
    .
    ගැහැනුන්ට “බඩුව” ලෙස අර්ථ දැක්වීම හා ගැහැනුන් පසුපස යන්නා “බඩු කාරයා” ලෙස දැකීම සමාජයේ සුලබ දෙයකි. බිරින්දෑවරුන්, පෙම්වතියන් තම සැමියා හෝ පෙම්වතා බඩුකාරයකු ලෙස දැකීමට අකමැතිවාක් මෙන්ම, පුරුෂ පාර්ශයවද තම ගැහැණිය බඩුවක් ලෙස පිළිගන්නේ නැත. නමුත් මෙම රාමුවෙන් පිට සිටින අයට ඇය බඩුවකි, ඔහු බඩුකාරයෙකි, එයයි සත්‍ය. නමුත් ප්‍රේම් යන කතා නායකයට ගැහැණිය බඩුවක් ද නොවේ, ඔහුට ඔහු බඩු කාරයෙකුත් ද නොවේය.
    .
    ලොව සියලු පිරිමින් ප්‍රේම් මෙන් වේද නොවේද යන්න හෝ ලොව සියලු ගැහැනුන් සෙව්වන්දි, රාධිකා මෙන් වේද නොවේද යන්න සෙවීම නිසරු දෙයකි. ඔබ පිරිමියෙක් නම්, ඔබ තුල කිසිදිනක තම පෙම්වතිය, භාර්යාව හැර අන් ගැහැනියක් වෙත සිත නොගිය බව නිසැකවම කිව හැකිද? ඔබ ගැහැනියක් නම්, ඔබ තුල කිසිදිනක තම පෙම්වතා, සැමියා හැර අන් පිරිමියෙක් වෙත සිත නොගිය බව නිසැකවම කිව හැකිද? එවැන්නෝ දුර්ලබය, ඔබට එසේ කිවහැකිනම් ඔබ වචනයේ පරිසමාප්තයෙන්ම අවංක පිරිමියෙකි, ගැහැනියකි. අවංක හෝ වංක යන දෙපිලම දිනක යම් අවබෝදයක් මත විවාහ දිවියට යන අතර (මෙහෙදී ඔවුන්ගේ අතීතය බල නොපාති, ඇය බඩුවක් වීමටද පුළුවන්, ඔහු බඩු කාරයෙක් වීමටද පුළුවන), ඔවුනොවුන් අතර එම අවබෝදය අතීතය තුලද, වර්තමානය තුලද, අනාගතය තුලද පැවතෙන තාක්, විවාහය, ආදරය හා ආලය නිසැකයෙන්ම පවතියි.
    .
    කවුරුන් කෙසේ කීවද, ආලය යනු ඉතා සුන්දර දෙයකි, එහිදී ඔහු අතීතයේ “බඩු කාරයෙක්” වීම ඇයට වැඩක් නැත, ඇය අතීතයේදී “බඩුවක්” වීම ඔහුටද වැඩක් නැත, ඒ එය ඒ තරමටම සුන්දර වන නිසාය :) . අවාසනාවකට ඒ සුන්දර බව සදාකාලික නැත, විෂම සමාජය හා විෂම සිත එය ගිලගනී, එයම ඔබට ඇත්ත ඇතිසැටියෙන් පෙන්වීම හා, පිරිමියකුගේ සිත හා ගැහැණියකගේ සිත මා දැකපු, සිතපු ලෙසින්ම ඔබ ඉදිරියේ පෙන්වීම මෙම සටහන් පෙලේ එකම අභිප්‍රයම වේ. පෙර කොටස් වලට මෙන්ම, ඉදිරි කොටස් දෙකට ද සියලු ආකාරයේ විචාරයන් ආදරයෙන්, ගෞව්රවයෙන් පිලිගනිමි.
    .

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)

Leave a Reply

Sinhala transliteration (β) - වෙන තැන් වල සින්හලෙන් ලියලා කොපි කරන්න ඕනේ නෑ. කෙලින්ම කොමෙන්ට් box එකේ සිංග්ලිශ් වලින් ලියන්න.

Click ctrl+b to toggle the transliteration

© 2013 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Processed 121 queries in 1.245 seconds.