Hangout with Sri Lankans around the world!
hide
Diaspora.lk - Hangout with Sri Lankans around the world!
Show
29

මහතුංගේ කතාව – chapter 2

Kassa

මහතුංගේ කතාව – chapter 1

සෙනසුරාදා දවල් එකට එක විතර වෙද්දි සන්ද්‍යා නෝනා මම හම්බවෙන්න ආවා.
“වාඩිවෙන්න”

සන්ද්‍යා නෝනා මගේ මේසේ ඉස්සරහා පුටුවේ වාඩි උනා.
“දැන් කොහොමද වැඩේ කරන්නේ. මෙතනම ලියනවද?” සන්ද්‍යා නෝනා අහනවා.

“නෑ.සන්ද්‍යා නෝනා ඔයා ඔයාගෙ කතාව මට කියන්න. මම ඒක මේ ටේප් රෙකෝඩරෙන් රෙකෝඩ් කරනවා. ඊට පස්සේ ඒක නිවාඩුපාඩුව අහලා මම පොතට ලියන්නම්” මම වැඩේ කෙරෙන්න කොහොමද කියලා පැහැදිලි කලා.

“දැන් රෙකෝඩර් එක ඔන් කරලද තියෙන්නේ?”

“ඔව්. ඔයා කතාව කියන්න”

“කොතනින්ද මම පටන් ගන්න ඕනේ?”

“මේ කියන්න යන යාලුව ගැන මුල ඉඳලම හැම දෙයක්ම කියන්න”

“එහෙනම් පොඩිකාලෙ ඉඳන්ම කියන්න වෙයි”

“ඉතින් කියන්න” මම එහෙම කිව්වේ උරහිස් උස්සලා මිත්‍රශීලි විදියට හිනාවෙනගමන්.

සන්ද්‍යා නෝනා කන්තෝරුවේ ජනේලිකින් එලිය බලාගෙන පොඩ්ඩක් කල්පනා කලා.ටික වෙලාවක් එහෙම කල්පනා කරලා සන්ද්‍යා නෝනා  කතාව කියන්න පටන්ගත්තා.

“මම කොළඹින් ගොඩාක් ඈත ගමක ඉපදිච්ච කෙල්ලෙක්. තාරපාරක් හම්බවෙන්නත් අපේ ගමේ ඉඳන් කිලෝමීටර විස්සක් විතර යන්න ඕනේ.අපේ පාර ඒ තාරපාරට වැටෙන හන්දිය තමා අපිට ලඟම ටවුම.ඉරිදා මහපොලට අස්වැන්නක් විකුනගන්න ගියොත් මිසක අපි කාටවත් ටවුමට යන්න උවමනාවක් තිබ්බෙ නෑ.අපේ තාත්තලා කලේ ගොවිතැන්. මහලොකුවට සල්ලි නොතිබ්බට ඒ කාලේ අපි හරි සැහැල්ලුවෙන් හිටියේ.අපෙ පවුලෙ හිටියෙ මමයි අයියයි. අපි ගියෙ ගමේ ඉස්කෝලෙට. ඉස්කෝලෙ කිව්වට ඒක කණිශ්ඨ විද්‍යාලයක්.පන්ති තිබ්බෙ එකොලහවසරට යනකන් විතරයි. උසස්පෙල කරන ලමයිනුයි තව පොඩ්ඩක් ඇති හැකි උදවියගෙ ලමයිනුයි විතරයි ටවුමෙ ඉස්කෝලෙට ගියේ.

අපේ ගෙදර තිබ්බෙ වෙල් යාය අයිනේ. වෙල් යායේ උඩ සීමාව තමා වැව් බන්ට් එක. වැව් බන්ට් එක කොනේ තිබ්බා බක්මී ගහක්. පොඩි කාලේ ඒ කියන්නේ එකවසරෙ දෙකවසරේ විතර ඉන්න කාලේ මමයි මහතුනුයි හැන්දෑවට ඔය බක්මීගහ යටට ගිහිල්ලා සෙල්ලමට බොරු කවි හදා හදා කියනවා”

“ඒ කියන්නේ…. මහතුං කියන්නේ  ගමේ ලමයෙක්?”

“මහතුං මගෙ ගමේ යාලුවයි ඉස්කෝලේ යාලුවයි ඔක්කොම. මහතුංලගේ ගෙවල් තිබ්බේ අපේ ගෙදරට ගෙවල් තුනකට විතර එහා.මහතුං මට වඩා අවුරුදු දෙකක් විතර වැඩිමල්.ගමේ අනිත් ලමයින්ට වඩා සුදුයි. සුදුයි කිව්වට සුදට වඩා පාණ්ඩු පාට කිව්වනම් ඒක හොඳට ගැලපෙනෙවා. අනික මහතුං අනික් ලමයින්ට  වඩා ටිකක් වෙනස්. එ කියන්නෙ මොලේ වර්ධනය අනිත් අනිත් ලමයින්ට වඩා පොඩ්ඩක් පහල මට්ටමක හිටියෙ. තේරෙන විදියට කියනවනම් මහතුන්ට පොඩ්ඩක් පිස්සු.”

“පිස්සු කිව්වේ එහෙම අසනීපයක් තිබ්බද?” මම ආයෙ කතාවට මැද්දෙන් බාදා කලා.

“නෑ පිස්සු කිව්වට අවසිහියෙන් ඉන්න කෑ ගහලා විකාර කරන වගේ ලෙඩක් මහතුංට තිබ්බෙ නෑ. ඒ උනාට මහතුංගෙ වයසෙ අනික් ලමයි එක්ක ගද්දි මහතුංගෙ තෙරුම් ගැනීමෙ හැකියාව, එතකොට අකුරු ලියන කියවන හැකියාවල් එහෙම බොහොම පහල මට්ටමක තිබ්බෙ. ඒක හින්දම තමා මට වඩා අවුරුදු දෙකක් වැඩිමල් උනත් මහතුංව ඉස්කෝලෙට බාර දුන්නෙ මම බාර දීපු අවුරුද්දේ. මට හොඳට මතකයි ඉස්කෝලෙට බාරදීපු පලවෙනි දවසෙම මහතුන් ටීචට දීපු විස්කෝතු පැකට් එක ආපහු ඉල්ලලා අඬපු හැටි. ඒ වෙනකොට මහතුංට ඇහිලා තිබ්බ ඔක්කොම කුනුහරුප වචන වලින් ටීචට බැන බැන බිස්කට් පැකට්  එක දෙනකම්ම බිම පෙරලි පෙරලි ඇඬුවා.”

එක දිගටම කතාව කියාගෙන ආපු සන්ද්‍යා නෝනා පොඩ්ඩක් වෙලා නිශ්ශබ්දව හිටියේ පොඩිකාලේ මතක් වෙලා වෙන්නැති .ටික වෙලාවක් එහම ඉඳලා සන්ද්‍යා නෝනා ආපහු කතාව කියන්න පටන්ගත්තා.

“ගමේ ඉස්කොලෙ තිබ්බෙ අපේ ගෙවල් වලට හැතැප්ම තුනක් විතර එහායින්. ගමේ  ඉස්කෝලෙ කිව්වට අහල පහල ගම් හය හතකම ලමයි ආවෙ ඔය ඉස්කෝලෙට තමා. මම ඉස්කෝලෙ ගියෙ මහතුං එක්ක පයින්. අපෙ අයියනම් ඉස්කොලෙ ගියෙ පුට් බයිසිකලේ. මම අයියත් එක්ක බයිසිකලේ ගියෙ නෑ. මම හයියෙන් යනවට බයයි.අයිය මම හයියෙන යනවට බය බව දන්න හින්දම මාව බයිසිකලේ තියාගෙන යන දවසට වෙනදටත් වඩා හයියෙන් බයිසිකලේ පදිනවා. මම බයට කෑ ගහනවා. එතකොට අයියා ‘කෑ ගහන්න එපා  මෝඩියේ’ කියල මට ටොකු අයිනවා.අයියගෙ ටොකු පාරවල් කන්න වෙන හින්දා මම අයියත් එක්ක බයිසිකලේ  ගියෙ නෑ. එක හින්දා මම ඉස්කොලෙ ගියෙයි ආවෙයි පයින්. මහතුනුත් මමත් එක්කම ඉස්කෝලෙ යන්න එන්න පුරුදු උනා.
සමහර දවස් වලට ඉස්කොලෙ ඇරිලා මහතුනුයි මායි තව ලමයිනුයි ඉස්කෝලෙ ගාවට වෙලා ඉන්නවා බස් එක එනකන්.ඒ බස් එකේ යන්ඩ ආසාවට. බස් එක කිව්වට ඒක බස් එකක් නෙවේ. ලොරියක්. ලොරියෙ පිටිපස්සෙ තට්ටුව ඇරලා ලනු දෙක්කින් බැඳලා තියෙන්නෙ මිනිස්සු දාගන යන්ඩ පුලුවන් විදියට. තව ලොරිය ඇතුලේ බංකු දෙකක් දාලා  තියනවා ඉඳගන යන්න.ඔය බස් එක හවසට අපෙ ඉස්කෝලෙ ගාවට එද්දි  ටවුමෙන් කට කැපෙන්ඩ සෙනඟ පිරිලා එන්නෙ. ඒත් අපි අර තට්ටුවට නැඟලා රිලාපැටව් වගෙ ලනුවල එල්ලිලා අමාරුවෙන් හරි යන්ඩ බලන්නේ බස් එකේ යන්ඩ තියන ආසාවට. අපි එහෙම බස් එකේ එල්ලෙනවට ටවුමෙ ඉඳන් එන සමහරු කැමති නෑ. සමහර ගෑනු ලමයි එහෙම එහෙම ‘මොකට නගිනවද මන්දා ඉඩත් නෑ’ කිය කියා අපිට අනං මනං කියනවා. අපිට ඔව්වා ගානක්වත් නෑ.අපිට උවමනාව තියෙන්නේ බස් එකේ යන්න. ”

“එතකොට මහතුං යාලුවා උනේ එකට ඉස්කෝල් යන්න එන්න පුරුදු වෙච්ච හින්දා?”

“වැඩියෙන්ම යාලු උනේ එකට ඉස්කෝලෙ ගියපු හින්දා තමයි. අනික ගමෙයි ඉස්කොලෙයි ලමයි මහතුන්ට එක එක නම්  කියලා විහිලු කලා. එහෙම විහිලු කලේ මහතුන්ට තරහා ගස්සලා මහතුං ලව්වා කුනුහරුප කියවගන්න. මම මහතුන්ට විහිලු කලේ නෑ . ඒක හින්දා මහතුං අනික් අයට වඩා මමත් එක්ක එකතුයි. මහතුංට මම කැමති වෙන්න තව කාරණාවක් තිබ්බා. ඒ තමා මහතුංගේ අම්මා රට හිටපු එක.
මහතුන්ගේ තාත්තා පොඩි කාලෙම අම්මව දාලා ගිහිල්ලා හිටියේ. ඊට පස්සෙ මහතුන්ගේ අම්මා මහතුංව එයලගේ කිරිඅම්මා ලඟ නවත්තලා රට ගියා. ඉතින් මහතුංගේ අම්මා රට ඉඳන් එනකොට මහතුන්ට සෙල්ලම් බඩු වගේම මටත් මාල, වලලු ,කොන්ඩ කටු මිටියක් ගේනවා. මම පොඩි කාලෙ හරි ආසයි පාට පාට මාල වලලු කොණ්ඩකටු වලට. මම හිතන්නෙ හැම කෙල්ලම එහෙම තමා. මම මහතුන්ගෙ අම්මා රට ඉඳන් ආපු දවස්වලට ගෙදර ඉන්නකොටත්  ඉන්නේ වැලමිට ගාවට එනකන් පාට පාට වලලු දාගෙන”

“මහතුන් මොකුත් දඟ වැඩ කලේ නැද්ද?” මම එහෙම ඇහුවේ මහතුන් ගැන කියවෙච්ච හැටියට මගෙ හිතේ මහතුං කියලා ඇඳුනේ තක්කඩි  ලමයෙක්ගෙ චිත්‍රයක් හින්දා.

“පොඩි කාලෙ මොන ලමයද මහත්තයා දඟ නැත්තේ. මහතුන්ට ඔය ඔය ලඟ ලඟ ගෙවල් ඔක්කොම ඒයාගෙ ගෙදර වගේ තමා. හැම වෙලෙම යනවා එනවා කනවා බොනවා බඩුමුට්ටු පෙරලනවා හැම ජල්ලියම නටනවා . ඔය ඔක්කොම කරලා තරහා ගියාම ඒ ගෙවල් වල මිනිස්සුන්ටම කුනුහරපෙන් බනිනවා. ඔය මහතුංලට අල්ලපු ගෙදර හිටියෙ සුනිල්  මාමා. අපි පොඩි දවස්වල සුනිල් මාමා කෙල්ලෙක් එක්ක පැනලා ආවා. මට ඒ දවස් වල කෙල්ලෙක් කොල්ලෙක් එක්ක පැනලා යනවා කියන එක මොකක්ද කියලා මහ තේරුමක් තිබ්බෙ නෑ. මට මතකයි සුනිල් මාමා ඒ අක්කව ගෙනාපු දවස්වල ‘උබ මහතුවා එක්ක සුනිල්ලගෙ ගෙවල් වල එහෙම රිංගන්න යන්න එපා’ කියලා අම්ම මට සැර කලා. ඔහොම ටික දවසක් ගියාට පස්සෙ මමයි මහතුනුයි බක්මීගහ යට ඉන්න වෙලාවක මහතුං මට මෙහෙම කිව්වා
‘නෝනා උඹ කැමතිද පොඩි සෙල්ලමක් බලන්ඩ’ නෝනා කියන්නේ මට ගෙදරට කියපු නම. ගෙදර අයයි ආහල පහල අයයි මට කතාකලේ නෝනා කියලා.
‘මොකක්ද ?’
‘මම ඊයෙ රෑ ලාම්පුවට තෙල් ඉල්ලගන්ඩ සුනිල් මාමලාගෙ ගෙදර ගියා.ඉස්සරහා කවුරුවත් හිටියෙ නෑ. මම දොරරෙද්දෙන් කාමරේට එබිලා බැලුවා .සුනිල් මාමයි ඒ  නැන්දයි එකම සරම ඇඳගෙන ඇඳ උඩ දඟලනවා.ජොලි සෙල්ලම’
එතකොට අපි පොඩි ලමයි. අපි දෙන්නගෙන් කවුරුවත් ඒ උනේ මොකක්ද කියලා හරයටම දැනං හිටියේ නෑ.
‘නෝනා උඹ මොකෑ සද්ද නැත්තේ ,උඹ එනවද අද රෑ මාත් එක්ක ඒක බලන්ඩ යන්ඩ’
‘මට බෑ අම්ම කියලා තියෙන්නෙ එහෙ යන්ඩ එපා කියලා’
මම එහෙම කිව්වහම සමහරවෙලාවට .මහතුංට තරහා ගිහිල්ලා මටත් කුනුහරුපෙන් බනිනවා. ඒ කොච්චර උනත් මහතුං කවදාවත් මමත් එක්ක තරහ උනේවත් රණ්ඩු උනේවත් නෑ.”
එහෙම කියලා කතාව නවත්තලා සන්ද්‍යා නෝනා  හොඳ හුස්මක් ගත්තා.සන්ද්‍යා නෝනගෙ මූනේ හිනවක් ඇඳිල තිබ්බේත් ඒ පොඩි කාලේ මතක්වෙච්ච හින්දා වෙන්න ඕන.

“මහතුන්ගෙ පොඩි කාලෙ දඟ වැඩ ගොඩක් ඇති කියන්න”

“මහතුං පොඩි කාලෙ කරපුවා කොච්චර නම් තියනවද කියන්න.” එහෙම කියල සන්ද්‍යා නෝනා එයාගෙ අත් ඔරලෝසුවේ වෙලාව බැලුවා.

“අනේ රෝහිත මහත්තයා. මට දැන් යන්න වෙනවා. කලින් යොදාගත්ත වැඩක් තියනවා”

“කමක් නෑ” අපි හිමීට හදිස්සියක් නැතු ලබනසතියෙ ඉඳන් ඉතුරු ටික කියමු.

“එහෙනම් මම යන්නම් මහත්තයා”

“හරි එහෙනම් බොහොම ස්තුතියි”

සන්ද්‍යා  නෝනා ගියාට පස්සෙ මමත් ගෙදර යන්න ලෑස්ති උනා.මගෙ බඩු ටික අස් කරගන්න ගමනුත් මට කල්පනා උනේ මහතුං කියන කොල්ල ගැන.

“මහතුං” කන්තෝරුවෙන් එලියට බහින ගමන් මම මටම එහෙම කියාගද්දි මට නොදැනිම මගෙ කට කොනට හිනාවක් ආවා.

මහතුංගේ කතාව – chapter 3

මහතුංගේ කතාව – chapter 2, 9.3 out of 10 based on 63 ratings
VN:F [1.9.22_1171]
 ශෙයා
Kassa

Kassa

This user has not updated his description

 All posts by Kassa  Link to Kassa's blog

29 Responses to "මහතුංගේ කතාව – chapter 2"

  1. පොඩි පුංචා පොඩි පුංචා says:

    ela kassa ela.. supiriyatama adath liyala,umbe ewa kiyawana kota eka digata asawen kiyawanna puluwan,aththatama umba pothak liwawam godak hondayi… Ikmanata ithuru ewath damu.. :D

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  2. කස්සා says:

    තරු ගැනීමට කුණුහරුප සුට්ටක් මික්ස් කලෙමි…

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • Kassa Kassa says:

      මේ කොමෙන්ට් එක දැම්මේ මම නෙවේ. වෙන කෙනෙක්ට මෙහෙම දාන්න තියන උවමනාව මොකක්ද කියලා මට තෙරෙන්නෙ නෑ.

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
      • කස්සා says:

        ඒක දැම්මේ කස්සා, kassa නෙවෙයි.
        “සුනිල් මාමයි ඒ නැන්දයි එකම සරම ඇඳගෙන ඇඳ උඩ දඟලනවා.ජොලි සෙල්ලම ”
        මේක ලංකාවේ ගෑනියෙක් ජීවිතේ පලවෙනි වතාවට දැකපු මිනිහෙක්ට කියන විස්තරයක් නේද ? ඇයි නිස්කාරනේ කුණුහරුප ඔබන්නේ??

        VA:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
      • DongaAyya says:

        ගැණු කෙනෙක් එහෙම නොකියනවාමයි කියලා සහතික වෙන්ටත් බැනේ……

        VA:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
      • Kassa Kassa says:

        මට එතන ඕන උනේ පොඩි එකෙක් එහෙම දෙයක් දැක්කට පස්සේ තමන්ගේ යාලුවෙක්ට එක කූමද කියන්නේ කියල පෙන්නන්න . ඒ උනාට කැස්ස කියපු කාරණාව හරි. ඉස්සරලම ගැණු කෙනෙක් පිරිමියෙක්ට කතාවක් කියද්දී ඒ වගේ දෙයක් කියවෙන්න තියන සම්බවිතව අඩුයි තමා.මේ ගැණු කෙනාගේ   චරිතේ පොඩ්ඩක වෙනස් උනත් ඉස්සරලාම කොටසේදී මට ඔය දෙබස නොදා ඉන්න තිබ්බ.
        කස්සා කොමෙන්ට් එකට ගොඩක් ස්තුතියි. ආයේ ලියනකොට පරෙස්සමට ලියන්න ඕන.

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
      • බනිසා says:

        බොරු කස්සා කියපු එක හරි තමයි ඇත්ත කස්සා… ඒ වාක්‍යය දැන්මම නොදැම්මා නම් තමා හොද .

        VA:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
      • Kassa Kassa says:

        ඔක ඔහොම හිතෙන්නේ ගමක හැදිච්ච කෙල්ලෙක් ලංකාවේ මනුස්සයෙක්ට ඔය කතාව කියද්දි ඔහොම කතාවක් කියයිද කියන් එකනෙ. ඇත්ත කතාව නම් එහෙම කියන අය ඉන්නවා. පිටරට කතාවක නම ඔක කිසිම කේස් එකෙක් වෙන්නෙ නෑ.ටයිටැනික් එකේ ආච්චි එතන කතාව කියද්දි හැමදේම කියනවා. එතන කොල්ලා එක්ක නිදාගත්ත එකත් කියනවා. ඒ කියන්නෙ කතාව අහන එවුන් එයාගෙ කතාව අහන කට්ටිය ෆෝම් කරන්න නෙවේනේ. මමත් කතාවෙ මට ඕන චරිත දෙබස් මම ඕන විදියට දානවා.ඒක එක එක එක්කෙනා වෙනස් විදියට තෙරුම් ගන්නවා.එච්චරයි.

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
      • උකුස්සා උකුස්සා says:

        මතං, කතාවෙ අගට ඊලඟ කතාවෙ ලින්ක් එක දැම්මෙ කොහොමද මචං? පබ්ලිශ් කරාට පස්සෙ එඩිට් කරන්න දෙන්නෙ නෑනෙ

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
  3. ChanX says:

    ඉතුරු ටික ……???? ඉතුරු ටික …..???ඉතුරු ටික ……????

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  4. අංගොඩයා.. says:

    නියමයි කස්සා.. කතාව ලස්සනට යනවා…

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  5. kelizz kelizz says:

    ela kassa

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  6. මේ පාර අමුතුම වැඩක් වගේ කස්සෝ….. එල එල…..

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  7. ලපයා ලපයා says:

    අඩු පාඩුවක් පෙන්නලා දෙන එක හොඳයි…….. එක එක්කෙනාට තේරෙන විදිහටනේ බන්……. එත් උබල ටික ඕකට ඇර ගන්නේ නැතුව ඉඳපල්ලකෝ….. :D

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  8. චුට්ටි says:

    අමුතුයි ඒත් කියවන්න ආස හිතෙනවා

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  9. AHINSAKA AHINSAKA says:

    වෙනසක් වගේ…. මට නම් හොඳයි…………

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  10. ගන්දරයා says:

    තවමත් මේක මොනවගේ කතාවක් ද කියලා මට හිතාගන්න බෑ…. කස්සේ ඊළඟ කෑල්ල

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  11. Jayya says:

    අර ලියල තියෙන්නේ පොඩි එකෙක් දැකපු විදිහනේ. ඉතින් එකේ මොකක්ද ඇති වරද ?

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  12. රංජා ranja says:

    පොඩි එකෙක් කියපු කතාව කුනුහරුපයක් කර ගන්න තරම් පහත් විදියට හිතන අය වගේ ඉන්නෙ…. එල කස්සො ඔහොම්ම යමු.. කතාව වෙනස් කරන්න එපා.

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  13. ඉතිරි කොටසුත් ඉක්මනින්ම බලාපොරොත්තුවෙමි …

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  14. sumuduk87 says:

    අයියෝ ඊලඟ සැරේ ආවම සන්ධයා නෝනව තව ටිකක් නතර කර ගන්න. තව අහන්න ආසයි.කස්සා අයියේ ඉක්මනට ඉතිරි ටිකත් ඕනේ.

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  15. ඕම යමු ඕම යමු… !!!

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  16. ලකීසිරි says:

    බොහොම කාලෙකට පස්සෙ අන්තිම පේලියට ගොඩවුනේ…
    කස්සාගෙ ලියමන හරිම අපූරුයි…ඔය නෝනාව ටිකක් වැඩිපුර තියාගන මේක ලියමුකො…

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  17. ගවේෂක says:

    කෝ අදත් නෑනෙ පාර්ට් 3. :(

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  18. කිරි සප්පයා කිරි සප්පයා says:

    ශෛලිය උපරිමයි… කතාව මැවිලා පේනවා… මට නම් කථාවේ වැරැද්දක් නෑ… 3 වෙනි කොටස ඉක්මනට බලාපොරොත්තු වෙමි…

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  19. ගමේ කොල්ලා says:

    තුන් වෙනි කොටස නම් පරක්කු වැඩයි අප්පා ,,
    එකත් ඉක්මනට දාන්නකෝ ,,

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  20. විල්සන් විල්සන් says:

    එල කස්සා අයියේ. මටත් ඒ කෑල්ලේ අව්ලක් පෙන්නේ නැ.. එක එක්කෙනා දකින විදිය වෙනස් නේ. අලුත් styl එක පට්ට..

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)

Leave a Reply

Sinhala transliteration (β) - වෙන තැන් වල සින්හලෙන් ලියලා කොපි කරන්න ඕනේ නෑ. කෙලින්ම කොමෙන්ට් box එකේ සිංග්ලිශ් වලින් ලියන්න.

Click ctrl+b to toggle the transliteration

© 2013 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Processed 127 queries in 1.046 seconds.