සිකුරාදා කියන්නේ මහ කම්මැලි දවස.සමහර දවස්වලට වැඩක් නැති උනාම කන්තෝරුවේ කොල්ලො එකා දෙන්නා ලොක්කට හොරෙන් කලින් පනිනවා. අද නම් එකා දෙන්නා නෙවේ සෑහෙන දෙනක් කලින් පැනලද කොහෙද හවස් වෙනකොට කන්තෝරුවෙ ඉතුරුවෙලා හිටියේ බොහොම ටිකදෙනයි. කන්තෝරුව කිව්වට මේක පත්තර කන්තෝරුවක්. අලුත දාපු පත්තරයක්. ප්‍රධාන කර්තෘ තුමා ඇරුනහම අනික් ඔක්කොම හිටියේ සිල්ලරට අඩුගානට හොයාගත්ත මම වගේ පොඩි පොඩි “පත්තරකාරයෝ”.
මම මෙතන වැඩකරන්නේ රස්සාවට නෙවේ. ඇම්මට. අපේ තාත්තා මුදලාලි කෙනෙක්.ටවුමේ බාසාවෙන් කියනවනම් බිස්නස් කාරයෙක්. තාත්තට සෑහෙන උවමනාවක් තිබ්බා මාව ලොකු උගතෙක් හරි ලොකු බිස්නස්කාරයෙක් හරි කරන්න. මට ඔය දෙකම එන්න කිසිම කැමැත්තක් තිබ්බෙ නෑ.මට ඕන උනේ පත්තරකාරයෙක් වෙන්න . විද්‍යාවේදී උපාදියක් තිබ්බට මොකද කැම්පස් එකෙන් අවුට් උනාට පස්සෙ මම ඉල්ලුම්පත්තර දැම්මේ පත්තර කන්තෝරුවලට විතරයි. රස්සාවක් නැතුව තාත්තගෙන් බැනුම් අහ අහා මාස හයක් විතර ගෙදරට වෙලා ඉඳලා අන්තීමේදී මට මෙතන රස්සාව හම්බුනා.
මම කම්මැලිකමටත් එක්ක පුටුවේ ඇන්දකට හේත්තු වෙලා පෑනෙන් හිමීට මගෙ මේසෙට තට්ටුවක් දාන ගමන් සින්දුවක් මුමුන මුමුන හිටියේ.
“මචං” එහා කන්තොරු කාමරේ ඉන්න සමන් මම වැඩකරන කාමරේ දොරගාවට ඇවිල්ලා මට කතාකලා.
“ඇයි මචං”
“උඹව හම්බවෙන්න ගෑනු කෙනෙක් ඇවිල්ලා”
“ගෑනු කෙනෙක්?”
“ගෑනු කෙනෙක් කිව්වට වැඩි වයස පාටක් පේන්නේ නෑ”
“ලස්සනද?”මම හිනාවෙනගමන් කටහඬත් පොඩ්ඩක් පාත් කරලා සමන්ගෙන් ඇහුවා.
“කැත නෑ”
“පරණ කොක්කක්ද දන්නැ?”
“එව්වා අපි දන්නැ”සමන් හිනාවෙනවා.
“එන්න කියපන් එන්න කියපන්”
ටික වෙලාවකින් මගේ මේසෙ ඉස්සරහට ආවේ වයස තිහක් විතර ඇති කියලා හිතන්න පුලුවන් පෙනුමක් තියන ගෑනු කෙනෙක්. හම තලේලුයි. ඇඳලා හිටියේ ලා දුඹුරු පාට ඔසරියක්.මහා ලොකු ලස්සනක් නොතිබ්බට ඒ ගෑනු මනුස්සයගෙ මූනෙ තිබ්බේ චාම් පෙනුමක්.
“වාඩිවෙන්න”
“මහත්තයෝ මම ආවෙ මහත්තයට කියලා පොඩි වැඩක් කරවගන්න” වාඩිවෙනගමන්ම ඒ ගෑනු කෙනා කතාව පටන්ගත්තා.
මොකුත් උත්තරයක් දෙන්න කලින් මට හිත යටින් හිනා ගියේ මගෙ කැම්පස් යාලුවෙක් ලඟදි මාව හම්බවෙලා කියපු කතාවක් මතක්වෙච්ච හින්දා “මොකද බං උඹලා පත්තරේට ආටිකල් ලියද්දි උඹලා උඹටම මහත්තයා මහත්තයා කියලා ලියාගන්නේ”.මමත් ඒ වෙලාවෙ මොකුත් නොකියා ඌ එක්ක හිනා උනා මිසක ආයෙ උත්තරයක් දෙන්න ගියේ නෑ.
“මහත්තයා වැඩකද ඉන්නේ, මම වැඩ වැඩි වෙලාවකද ආවේ? ” ගෑනු කෙනා ආපහු එහෙම ඇහුවේ ඉස්සරලා කියපු එකට මම මොකුත් උත්තරයක් නොදීපු හින්ද්ද කොහෙද .
“මට මහත්තයා කියන්න එපා. රෝහිත කියලා කතාකරන්න.” මම හිනාවෙනගමන්ම එහෙම කිව්වේ යාලුවා කියපු කතාවත් මගේ හිතේ පැත්තක තිබ්බ හින්දා.
“අනේ මට එහෙම පුරුදු නෑ ”
“එහෙනම් පුරුදුවෙන්නත් එක්ක කියන්න”
ගෑනු කෙනා පොඩ්ඩක් හිනා උනා මිසක ඒකට මොකුත් කිව්වේ නෑ.
“දැන් එතකොට මොකක්ද මේ නෝනමහත්තයගෙ නම?”
“සන්ද්‍යා ”
“මොකද දැන් හදිස්සියෙම මාව හොයාගෙන ආවේ?” මම ප්‍රශ්න අහන්න පටන්ගත්තා
“මහත්තයට කියලා කතාවක් ලියවගන්න.”
“කතාවක්?”
“ඔව්.මම කියන කතාව හොඳට හැඩගස්සලා මහත්තයා පොතකට ලියන්න.”
“එතකොට ඔයාගෙ නමින්ද පොත පලකෙරෙන්නේ ?”
“නෑ.මහත්තයගෙ නම දාන්න. මට මෙක කොහෙ හරි ලියවිල තිබ්බනං ඇති.”
මම පොඩ්ඩක් කල්පනා කලා. මේක මට මෙච්චර කාලෙකට ආපු අපූරුම තාලෙ යෝජනාවලින් එකක්. ඒත් මේක “කුලියට ලියනවා” වාගේ වැඩක් හින්දා මගේ හිතේ තිබ්බ මහන්තතකම මේ වැඩේට වැඩි කැමැත්තක් පෙන්නුවේ නෑ.
“මම සාමන්යෙන් එහෙම ලියන්නෙ නෑ. නෝනට ඕනම නම් එහෙම ලියන මගෙ යාලුවෝ කීප දෙනෙක් ඉන්නවා.ඉන් එක්කෙනෙක්ව මුනස්සලා දෙන්නම්” මම කිව්වා.
“මෙහෙමයි මම මහත්තයම ලියනවනම් කැමතියි.මහත්තයට මම වැඩේට මෙච්චර ගෙවන්නම්”
එහෙම කියලා ඒ ගෑනු කෙනා එයාගෙ හෑන්ඩ් බෑග් එකෙන් කොලේකුයි පෑනකුයි අරන් කොලේ ඉලක්කමක් ලියලා මගෙ අතට දුන්නා. තාත්තගෙන් හම්බවෙන සල්ලි ඇරුනම මම මටම කියලා මහලොකු සල්ලියක් හම්බකරන්නෙ නෑ.ඇත්තටම මට එහෙම උවමනාවක් තිබ්බෙත් නෑ. ඒත් ඒ කොලේ තිබ්බේ මේ වැඩේට මට බැ කියන්න බැරි තරමේ ලොකු ඉලක්කමක්.
“මෙච්චර මුදලක්? අනික ඇයි මම ලව්වාම මේක ලියවගන්න ඕනේ? මොකද මේ මුදලෙ හැටියෙට මම හිතන්නෙ නෑ කිසිම කෙනෙක් මේ වැඩේට බෑ කියයි කියලා.”
“මම මහත්තයා ලියන විදියට කැමතියි. මහත්තයා ලියන එව්වා කියෙව්වට පස්සෙ මට හිතුනා මහත්තයා හොඳයි කියලා.වැදගත්ම කාරණාව තමා වැඩිය ප්‍රසිද්ද නැති අලුත් කෙනෙක් ලව්වා මට මේ පොත ලියවගන්න ඔනේ. ඉතින් මහත්තයා තමා මේ වැඩේට ගැලපෙනම කෙනා.”
“කතාව ගොඩක් දිගද?”
“පොඩ්ඩක් දිගයි”
මම පොඩ්ඩක් කල්පනා කලා.මම හිතන්නේ ඒ වෙනකොටත් ගෑනු කෙනා පෙන්නපු මුදලේ ප්‍රමාණයට මගෙ හිතේ මහන්තත්තකම යටවෙලා ගිහිල්ලා තිබ්බේ.ඊටත් වඩා මෙච්චර සල්ලියක් විසිකරලා ලියවගන්න යන කතාව මොකක්ද කියල දැනගන්නත් මට සෑහෙන උවමනාවක් තිබ්බා.
“හරි මම වැඩේට කැමතියි. සන්ද්‍යා නෝනා අපි මෙහෙම කරමු.හැම සෙනසුරාදම හවස නෝනා කන්තෝරුවට එන්න.ඇවිල්ලා කන්තෝරුවෙ කට්ටිය ඉන්නකන් අපි දෙන්නා අපේ පාඩුවේ මේ වැඩේ කරමු.” අන්තිමේදි මම වැඩේට කැමැත්ත දුන්නා.
“එහෙනම් මම හෙටම එන්නද?”
“ම්ම්ම්…… ඔව් ප්‍රශ්නයක් නෑ.හෙටම වැඩේ පටන්ගමු.”
“මම හෙටම මහත්තයට අත්තිකාරම් මුදලක් ගෙවන්නද?”
“නෑ එහෙම එපා. අපි මාසයක් විතර වැඩේ කෙරෙන හැටි බලලා සන්ද්‍යා නෝනත් වැඩ කෙරෙන පිලිවෙලට කැමතිනම් මට ඇඩ්වානස් එකක් ගෙවන්න. ඒක නෙවේ…. දැන් මෙච්චර දේවල් කතාකලාට මොකක් ගැනද ලියන්න යන්නෙ කියලවත් මම දන්නැනේ”
“මට….. ලියන්න ඕනේ පිරිමි ලමයෙක් ගැන”
“ආදර කතාවක්ද? ” මම එහෙම ඇහුවේ හිනාවෙන ගමන්.
“නෑ , එයා මගේ යාලුවෙක්. මට එයාගෙ කතාවයි ලියවන්න ඕනේ”
“කවුද යාලුවා”
“මහතුං”
“හරි එහෙනම්… සන්ද්‍යා නෝනා එහෙනම් හෙට ඉඳන් අපි මහතුංගෙ කතාව ලියමු”
මහතුංගේ කතාව - chapter 1,



කස්ස අයියා ලියන විදියට කුතුහලය අවුස්සනවා..ඔන්න මගෙන් තරු 10ක්ම..ඉක්මනටම ඉතුරු කොටසුත් පලකරයි කියල හිතනවා..
අම්මට උඩු කස්සා …. සැහෙන්න කාලෙකින් පස්සේ…. අඩේ කාලේකට පස්සේ කළුනික හම්බුනා වගේ ………. දිගටම ලියපන් කස්සෝ…. අ.පේ. කට්ටිය උඹ ලියන කන් මග බලන් ඉන්නේ…
වෙනස් ම විදිහේ ප්‍රවේශයක්……………………………………………………………………………………….., ඉතුරු ටික ආසාවෙන් කියවන්න බලාගෙන ඉන්නවා ඔන්න….
සයිට් එකේ පළවෙනි කථාකරුගේ පුනරාගමනය……. පට්ට….. ලියන අපිටත් කියවන අයටත් ඉස්සර ලියපු අයටත් හොඳ කික් එකක් …කස්සා ආපහු ලියන එක…
කථාව ආරම්භය ලස්සනයි…. ඉතුරු ටිකත් දාන්න ඉක්මනට…
අපේ අම්මෝ මෙන්න කස්සා ඇවිත්……. එලම කිරි….. උබ එහෙනම් අපේ අඩු පාඩුත් පෙන්නලා දීල දිගටම ලියහන්…. අපි මේකට අලුත් කස්ටිය නොවැ… මේන් තරු….
“ආ අලුත් ලේඛකයෙක් නේද?… ලියමු ලියමු අඩු පාඩු හදාගෙන…” උඹ තව ටික දවසක් සද්දේ වහලා හිටියානම් අපිට කියන්න වෙන්නේ ඔන්න ඔහොමයි…
ආයෙත් කස්සාගේ කතාවක්…..
ඉතුරු ටික කියවන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ….
ela kassayiye digatama liyanda!
කස්සා අයෙත් ලියන එක ලොකු දෙයක්!
එල එල කස්සා අයිත් වැඩට බැස ඇත…
අනිවාර්යෙන්ම සන්ද්‍යා කස්සාගේ අන්තිම පේළියේ කතා ටික කියවලා තමයි ඔය ඇවිල්ල තියෙන්නේ..
බලමුකෝ මහතුන්ට මොකෝ වෙන්නේ කියලා…
කස්සා ඇවිත්… හ්ම්ම්.. බලමු ඉස්සරහට මේ පාර ලියන්නේ මොකද්ද කියල..
ඔන්න ආයෙත් වසන්තය ඇවිල්ලා…. ස්ටාර්ට් එක නියමයි කස්සා..
අපි හිතුවෙ ඒඩ්ස් හැදිල කස්ස මලා කියල….ඔය ඉන්නෙ බැබලි බැබලී…අයිත් ඒ වගෙ එකක්ද කස්සො.
එලස්…. ලියන්න ලියන්න…
machan kassa,ayeth liyanna patan gathata suba pathanawa.eth kasso mama hena aswen umba kalin liyapu story eka kiyawa kiyawa htya.eka paratama eka last row eken athuru dhan welane.moko ban e seen eka.mata eke anthima tika kiyawaganna beri una.mata mara dukai bola.monawa hary korapan……..
ඔයිකේ …………….පිස්සු පිකුදු කිව්වලු ….
….කස්ස අයියා ඉස් බැක් නේ…. එලම තමා..
ඇයි බං උඹලා උඹලටම මහත්තයා කියලා ලියාගන්නෙ කියන එකනම් මට හිතිලා තියෙනවා කස්සා. සමහර වෙලාවට කතාවෙ තාත්වික ගතිය රැකගන්න දෙබසක මෙහෙම යොදන්න වෙනවා. නමුත් සමහර පුවත්පත් ලිපිවල මේක අපේ මූණෙ උලනවා!
එල කස්සෝ එල… අපෙන් සුබ පැතුම්… කස්ස බැන්දට පස්සේ ලියන පොස්ට් අද තමයි . කියවන්න ලැබුනේ .. ;ප්
මගෙන් තරු…
එල කස්සා අයියේ එල.. කාලෙකට පස්සේ පට්ට කතාවක ආරම්බයක්..