Hangout with Sri Lankans around the world!
hide
Diaspora.lk - Hangout with Sri Lankans around the world!
Show
28

නොදැනෙන ලස්සන ….

The චබ්බා

මේක මගේ ජීවිතේ වැදගත් සිදුවීමක් කිව්වොත් හරි. මම උසස්පෙළ කරන කාලේ ටියුෂන් ක්ලාස් යද්දී තමයි එයාව මුලින්ම දැක්කේ. ඇත්තටම එයාට තිබුණේ පුදුම කඩවසම් බවක්.මටත් නොදැනීම මගේ හිතේ එයා ගැන ආදරයක් ඇතිවෙන්න පටන් ගත්තා.ඒත් මම එයාට ඒක දැනෙන්න ඉඩ තිබ්බේ නැහැ.මොකද කිව්වොත් මම අවුරුදු ගාණක් තිස්සේ මානසිකව පීඩා වින්ද ප්‍රශ්නයක් මට තිබුණා. 
මං දිහා බලන කිසි කෙනෙක්ට ඒ අඩුව එකපාර නොපෙනුණත් වැඩි වෙලාවක් නොගෙන ඒ අඩුව දකින්න මං දිහා බලන අයට පුළුවන් උනා.

මගේ අත් දෙකේ ඇඟිලි මම ඉපදුන දවසේ ඉඳන් විකෘති වෙලා තිබුණේ.මේ වෙද්දී මම ශල්‍යකර්ම කීපයකටම මුහුණදීලා තිබුණා. ඇත්තටම ඒක හරිම වේදනාකාරියි. මගේ අත් වල වැඩිපුර තිබුන ඇඟිලි ඉවත් කරන්නත්, එකට බද්ධ වෙලා තිබුන ඇඟිලි වෙන් කරන්නත්, වෛද්‍යවරු හුඟක් උත්සාහ කළා. ශල්‍යකර්ම වලින් පස්සේ මට දැනුණේ වචන වලින් කියන්න බැරි තරමේ වේදනාවක්. වයසින් වැඩිවෙද්දී මම මගේ ඇඟිලිවල ස්වරුපය ගැන හුඟක් කලකිරීමෙන් හිටියේ.මට පැන්සලක් වත් හරියට අල්ලගන්න බැහැ.ඒත් මම මට පුළුවන් විදිහට මගේ ක්‍රමයට ඒවා කළා.
මගේ වයසේ අනිත් ළමයි ලියද්දි, සෙල්ලම් කරද්දී, මට කරන්න බැරි වැඩ කරද්දී මම ඔවුන් දිහා බලලා හුඟක් දුක් උනා.

මට හිටියේ එකම එක යාළුවයි.කිසිම කෙනෙක් මගෙත් එක්ක යාළුකමක් තියාගන්න කැමති උනේ නැහැ.එයාලට එක ලැජ්ජාවක් උනා. සමහරු මට හිනා උනා.
ඇයි දෙවියනේ මට විතරක් මෙහෙම උනේ..? මම හැමදාම එහෙම හිත හිතා හිතින් දුක් උනා.
ඒත් මගේ අම්මා මාව හුඟක් දිරිමත් කළා.මගේ හිත රිදෙන හැම වෙලාවකම මම කලේ චිත්‍ර අඳින එක.ඇත්තටම මට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්.අනිත් හැම දෙයකටම වඩා මම ආසාවෙන් කලේ ඒක. 

දවසක් මගේ හොඳම යාළුවා ක්ලාස් එකේදී මගෙන් ඇහුවා ඔයා අර පිරිමි ළමයට ආදරෙයි නේද කියලා. ඔව්.හුඟක්. මම කිව්වා. 
ඔයා හිතනවද එයා ඔයාට කැමති වෙයි කියලා. ? 
ඇයි ඔයා එහෙම කියන්නේ…?
බලන්න ඔයාගේ අතේ ඇඟිලි දිහා.එයා හොයන්නේ ඔයා වගේ කෙනෙක් නෙවෙයි.ඒක තේරුම් ගන්න. 
මම අහන්න අකමැතිම වචන ටිකක් එයාගේ කටින් පිට උනා. ඒ වචන මගේ කන හරහා මොලේ ඇතුලට කිඳාබහිනවා වගේ මට දැනුණේ.මගේ හිත පුදුම තරම් රිදුනා.ගෙදර ඇවිත් මම අම්මට හැම විස්තරයක්ම කිව්වා.

අම්මා මාව ආදරෙන් අම්මගේ පපුවට තුරුළු කරගෙන හෙමිහිට ඔළුව අතගාන ගමන් මෙහෙම කිව්වා.” පුතේ… ගෑනු ළමයින්ගේ අඟ පසඟට ආදරේ කරන පිරිමි ළමයි අතරේ ඔය ලස්සන හිතට… මුහුණට… ඔයාගේ හැකියාවට ආදරේ කරන හුඟක් පිරිමි ළමයි ඉන්නවා.” 
ඒත් අම්මා හුස්ම ගන්න විදිහෙන් මට තේරුණා අම්මා අඬනවා කියලා.ඒත් කඳුළු නොපෙන්වා ඉන්න තරම් අම්මා ශක්තිමත් ගැහැණියක් උනා

උසස් පෙළ සමත් උනත් විශ්වවිද්‍යාලෙට යන්න මට ලකුණු මදි උනා. අම්මා තමයි මාව උනන්දු කලේ චිත්‍ර කලාව තව දුරටත් හදාරන්න. ඇත්තටම මට ඕන උනේ නැහැ අළුත් තැනකට ගිහිං මිනිස්සුන්ගේ හිනාවට ලක්වෙන්න. අම්මගේ කීම අහක දාන්න බැරිකමටම මම චිත්‍ර අඳින්න ඉගෙන ගන්න ගියා. එහෙදි අපිට උගන්වපු ගුරුවරයා කිව්වේ මගේ චිත්‍ර වල ගැඹුරු තේරුමක් තියනවා කියලා.ඇත්තම කිව්වොත් එහෙදි විතරයි මගේ හිත සැනසෙන යම් යම් දේ අහන්න ලැබුනේ
ඒත් සමහරු මගේ ඇඟිලි දිහා බැලුවේ සතෙක් දිහා බලන ගානට. 

දවසක් අපේ චිත්‍ර පන්තියට අලුතෙන් පිරිමි ළමයෙක් ආවා. දින කීපයක් යද්දී අපි හොඳ යාළුවො උනා. එයාට චිත්‍ර අඳින්න උදවු කරන්න පැවරුනේ මට. මම දැක්කා එයත් මං වගේ නුහුරටම පින්සල් අල්ලන හැටි
“මොකද ඔයා ඔය පින්සල අල්ලන හැටි. ? ”
මම එහෙම ඇහුවේ මගේ විකෘති ඇඟිලි වලින් පින්සල අල්ලන විදිහටම එයත් පින්සල අල්ලන නිසා.

” ඔයා තරම් ලස්සනට චිත්‍ර අඳින්න මට නම් බැහැ. ඒත් මට ආසයි ඔයා වගේ වෙන්න.”

එයා මගේ ඇස් දිහා බලාගෙන කිව්ව දෙයින් මම පුදුම උනා.
එයා මගේ ඇඟිලි වල විකෘති බවක් දැක්කේ නෑ. 
ඒ වෙනුවට එයා දැක්කේ මගේ ඇඟිලි වල විශේෂත්වයක්.
අපි කවුරුත් අපේ වටිනාකම් ගැන දන්නේ නෑ.
අපි හැමවෙලම පුරුදු වෙලා ඉන්නේ මොකක් හරි අඩුපාඩුවක් ගැන හිත හිත දුක් වෙන්න. 
අපි ඒ දේවල් වෙනස් කරගන්න උත්සාහ කරනවා.
ඒත් අපේ විදිහ,අපේ අඩුපාඩු , අපේ අවලස්සන දේවල් කවුරු හරි ලස්සනක් හැටියට දකිනවා.
ඒ වගේම අපි ගැන කිසිම විශේෂත්වයක් නැති අය අතර අපිව විශේෂත්වෙන් දකින අයත් ඉන්නවා. එහෙම අවස්ථා ජීවිතේ ප්‍රීතිමත් මොහොතවල් වෙන්න පුළුවන්.

නොදැනෙන ලස්සන .... , 9.5 out of 10 based on 98 ratings
VN:F [1.9.22_1171]
 ශෙයා
The චබ්බා

The චබ්බා

This user has not updated his description

 All posts by The චබ්බා  Link to The චබ්බා's blog

28 Responses to "නොදැනෙන ලස්සන …."

  1. කිසිම කෙනෙක් අඩුපාඩු ඇතුව ඉපදෙන්නෙ නෑ . . . . ඉපදෙන්නෙ වෙනසක් එක්ක

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
  2. samara senari says:

    හුඟක් හදවතට දැණුනා.අපි හැමෝගෙම ජීවිතවල අඩුපාඩු තියෙනවා.සාමාන්‍යයෙන් අපි අපෙ වටිනාකම් කියලා දකින ලස්සන,උගත්කම,බුද්ධිමත්කම, හිත හොඳ කම,වත්පොහොසත්කම්,සමාජ තත්වය වගේ දේවල් සියල්ල තියෙන කෙනෙක් මට නම් මගෙ මුළු ජීවිතේටම මුණ ගැහිලා නැහැ.ඒවා ඔක්කොම මගෙ ලඟත් නැහැ.මේ ලෝකෙ කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණ නැහැ.එහෙම වෙන්න අවශ්‍යත් නෑ.මගෙ අත්දැකීමෙ හැටියට ජීවිතය මහ පුදුමාකාර එකක්.අපිට අඩුපාඩුවක් කියලා දැණුන දේම තවත් වෙලාවකදි අපේ ශක්තියක් වෙනවා.ඒක අපේ වටිනාකම වෙනවා.

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • samara senari says:

      කලින් කියන්න බැරි උනා.මන් කලින් සඳහන් කරපු කරුණු ඔක්කොම වගේ අපේ ලෞකික වටිනාකම් විතරයි. රූපය නෙවෙයි හදවත් සුන්දර එකක් වීමයි වඩා වැදගත්. මගේ අත්දැකීමෙ හැටියට සුන්දර රූපයක් තියෙන බොහොමයක් දෙනාගෙ හදවත් සුන්දර එකක් නෙවෙයි.ගැහැණු පිරිමි දෙගොල්ලන්ගෙම එහෙමයි.

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  3. අංගොඩයා.. says:

    කතාව උපරිමයි චබ්බා.. සිරාවටම හුඟක් සංවේදියි..
    හැමෝම ඔය විදියට හිතනවා නම්..

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  4. හැමෝම සම්පූර්ණ නැහැ ඒක තමයි ඇත්ත.
    අනික ඇඟිලි වල අඩුපාඩුවක් තිබ්බට ඒක කවදාවත් ආදරේට බාදාවක් වෙන්නෙත් නැහැ,

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  5. පොඩි පුංචා පොඩි පුංචා says:

    හුඟාක් සංවේදී කතාවක් මන්දාකිනි… ඇත්ත ජිවිතේ හරි පුදුමාකාරයි, කවුරුවත් සර්ව සම්පුර්ණ නැ, ගොඩාක් සාමාන්‍යයි කියන අයට හිතනවටත් වඩා අඩු පාඩු තියෙනවා, ජිවිතේ වැටිච්ච අවස්ථාවක ඔයාගේ අම්ම දීපු දිරිමත් කිරීම මන් ගොඩක් ලොකු ගෟරවයකින් දකිනවා….. කවුරු වට්ටන්න හැදුවත් හිත හයියනම් ඔනෙදෙයක් කරන්න පුළුවන්, ලස්සන හදවත් වලට කවදා හරි ලස්සන හදවතක් ම තමයි ලැබෙන්නේ…ජිවිතේ කවදා හරි ලස්සන වෙන එක වෙනවමයි… :) කතාව අ.පේ.ට ලියපු එක ගොඩක් වටිනවා,…. ඔයාගේ ජිවිතේ ලස්සන වෙන්න කියල හදවතින්ම සුබ පතනවා… !

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  6. ආලවක ආලවක says:

    සෑහෙන්න විටින කතාවක්. තරු දහයත් මදි වගේ…..

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  7. කිරි සප්පයා කිරි සප්පයා says:

    එකම ඇඟිලි නමුත් එක එක්කෙනා දකින විදිහ වෙනස්…. මට දුක ඔච්චර කාලයක් යනකම් කව්රැත් ඔය ඇඟිලිවල ඇත්ත ලස්සන දැක්කේ නැති එක. අනික කවදාවත් අපි අපේ දුර්වලකම් තියෙනවා කියල සැලෙන්න නරකයි… ලස්සන සංවේදී කථාවක්… හැබැයි කලබලෙන් ලියුව පාටක් පේනවා… තරු 10යි

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  8. පාතාල ලොක්කා says:

    නියමයි….. ඔය එහෙනම් සෙට් වෙලා තියෙන්නේ හරියන පුත්තරයෙක්…..

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  9. anushka says:

    hugak hadawthata danuna

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  10. Shaggy Shaggy says:

    ගොඩක් ලස්සන කතාවක්..

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  11. The චබ්බා The චබ්බා says:

    ටැංකු හැමෝටම. :) :)

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  12. පොඩි මල්ලි පොඩි මල්ලි says:

    නියම කතාව තරු 10 යි

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  13. ඇස්කොට් මලයා ඇස්කොට් මලයා says:

    Full marks

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  14. Jayya says:

    නියමයි නියමයි නියමයි නියමයි නියමයි..

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  15. ජීංජීබිරිස් ජීංජීබිරිස් says:

    අඩුපාඩු අපි හැමෝටම තියනවා
    පෙන්න නැත්නමි අභ්‍යන්තරයෙන් හරි තියෙනවා

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • The චබ්බා The චබ්බා says:

      ඔව්… ජීංජීබිරිස්… :/

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  16. ඉස්කෝලෙදි හැමොම වගේ මගේ ඇස් වලට විහිලු කරා දිග ඇගිලි වලට ඇද කලා… වෙන එකක් තියා අපේ අයියා කාරයා පවා.. හැබැයි මට පස්සෙ තේරුණා අවුල තියෙන්නෙ මගෙ නෙවේ අනිත් මිනිස්සුන්ගෙ කියලා..

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • The චබ්බා The චබ්බා says:

      එක එක්කෙනා බලන්නේ එක එක පාට කණ්නාඩි වලින් නරකයෝ… :/

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  17. බුල්ලා says:

    වෙන කෙනෙක්ගේ අඩුපාඩු වලට හිනා වෙන,ඇද කරන මිනිහා තමන් කොච්චර පහත් ,මෝඩ මිනිහෙක්ද කියල තේරුණු දවසට ඇප නැතිව අඬයි….

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  18. AHINSAKA AHINSAKA says:

    හිතට දැණුනා……

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ප්‍රේම් says:

      හිතට දැනෙන කතාවක්, කතාවෙන් පණිවිඩයකුත් දෙනවා, හුගක් හොදයි.

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  19. පම්පෝරිකාරයා පම්පෝරිකාරයා says:

    නියම කතාවක් හොඳ පණිවිඩයක් දෙනවා මෙන්න තරු…….. මදි නොකියන්නම…….

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  20. සුමා සුමා says:

    මට හිතුන දේවල් ගොඩාක් මේ පොස්ට් එකේ තියෙනව…. මගේ ජිවිතෙත් ඔයාගෙ වගේමයි…. මම උපතින් සෙරෙඛ්‍රල් පෝල්සි කියන තත්ත්වයෙන් පීඩා වින්ඳිනව…. ජීවිතේ එපා වුනු අවස්ථා ගොඩයි…මම ලඟදි දැන ගත්ත මම අනිත් අය වගේ නෙවෙ ටිකක් වාසනාවක් එක්ක ඉපඩුන කෙනෙක් කියල… ඒක නිසා මම ඒ ගැන හිතන එක අතෑරියා අය්යෝ…….. දැන් මම හැම වෙලාවෙම සතුටින්… මට පණ වගේ ආදරේ කරන ගෑණු ලමයෙක් ඉන්නව දැන්….
    ජීවිතේ සතුටින් භාර ගන්න එතකොට හිනා වෙලා ඉන්න පුළුවන්….. මගෙන් ඔයාට තරු 10ක්

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)

Leave a Reply

Sinhala transliteration (β) - වෙන තැන් වල සින්හලෙන් ලියලා කොපි කරන්න ඕනේ නෑ. කෙලින්ම කොමෙන්ට් box එකේ සිංග්ලිශ් වලින් ලියන්න.

Click ctrl+b to toggle the transliteration

© 2013 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Processed 118 queries in 1.711 seconds.