Hangout with Sri Lankans around the world!
hide
Diaspora.lk - Hangout with Sri Lankans around the world!
Show
29

තාත්තාගේ අදහස් …

කිරි සප්පයා

මාගේ පියා කුඩාකල සිටම මට උගැන් වූ දෙයක් ඇත. එනම් අප අපේ ජිවිතය පිළිබඳව යමක් කරන්නට සැරසෙන්නේද, ඒ සඳහා අවංකව කැපවී උත්සහ කරන්නේද, ලෝකයේ කිසිදු අත්භූත බලවේගයකට එයට කිසිදු බලපෑමක් එල්ල කල නොහැක. යන්නයි. තාත්තා ස්භාවයෙන්ම හොල්මන් භූතයන් විස්වාශ නොකල අයෙකු වූ අතර මව එයින් හාත්පසින්ම ඉඳුරා වෙනස් වූ ඒ පිලිබඳ විෂ්වාසයකින් හා එයට බැඳුනු ගෞරවයකින් යුතු වුවාය. දෙවියන් පිළිබඳ ආකල්පයද මේසේම විය. අන්තර්ජාලය නොතිබුනු එදවස මාගේ පියා මාගේ වීරයා වීම තුල හා ඔහුගේ අදහස් තරමක් වෙනස් වීම තුල එම අදහස් විප්ලවීය ලෙස ගෙනහැර දකින්නටත් ඒවා විචාර බුද්ධියෙන් තොරව පිලිගැනීමටත් මා කිසිවිටෙක නොපැකිළුනෙමි. නමුත් කල්යත්ම ඇතැම් අදහස් අතර පරස්පරයන් දකින්නට තරම් මාගේ මනස දියුණු විචාරයට පරිණාමය වෙද්දීත් තාත්තාගේ හොල්මන් බූතයන් හා දෙවියන් පිලිබඳ වූ මතය තව දුරටත් මාගේ අත්දැකීම් හා බුද්ධියට ගෝචර වූවා මිස… එහි කිසිදු පරොසක් නොදිටුවෙමි. එසේම තාත්තාගේ තවත් මා වඩාත් ප්‍රියකල සිතුවිලි තිබුනේ ඔහු තුල සිටි බෞද්ධ වාදියා හා සිංහල ජාතිවාදියා තුලයි.

කුඩාකල අනුරාධපුර හෝ පොළොන්නරුවේ ගියවිට අන් අය කෑ ගසා විනෝද වෙත්දී, ඔහුගේ මුහුණ කැඩීගිය නටබුන් අතර දෑස් යවමින් සොවින් බරව තිබෙනු මා නිරීක්ෂණයට හසුකර ගත් බව දැන ගත් ඔහු එයට හේතු ලෙස නටබුන්වී ගිය මහා ශිෂ්ඨාචාරයක…  ශේෂයන් පෙන්වමින් එයට හේතු වූ ආක්‍රමණයන් තතු දත් පමණින් පැහැදිලි කරද්දී, එම ලෙයින්ම සෑදුන නිසාමදෝ නැතහොත් තාත්තාගේ කථා විලාශයෙහි ඇති අවංක උද්වේගකර හැඟීම් නිසාදෝ නොම දතත්, පිට කොන්ද දිගේ උඩට ඇවිලෙන සිහින් කිතියක් සමඟ කීරියක පහස එවේලෙහි ඇතිවූ බව නම් එවැනි වූ අත්දැකීම් භාවලෝකනය කරද්දී මතකයට නැඟේ (එම මතකයද නැවත කොන්ද පුරා එය විහිදුවා හරී..) ආගම පිළිබඳව ඔහු ඇදහූ අදහස්ද මා අදටත් පිලිගන්නා අදහස් වෙමි. ඔහු කිසිදු ආගමක් තුල ප්‍රාතිහාර්යයන් නොදැක්ක අතර ඒම කිසිදු ආගමක් තුල අත්භුත බලවේග නොදැක්කේය. එම ඕනෑම ආගමක් ඔහුට අනුව, ඒ ආගම බිහිවූ කාලය අනුව ඒ දේශය අනුව ඒ සමාජය අනුව කව්රුන් හෝ ඉතා හොඳින් තතු දන්නෙකු එම සමාජ රටාව තුල ජීවත් විය යුතු නියම ආකාරය පැහැදිලි කල නියමයන් විය. ඔහු බෞද්ධ දර්ශනය ඉන් විශිෂ්ඨ කොට ගත් අයෙක් විය. නමුදු ඔහු එය පිලිපදින ගිහියෙකු සේ හැසිරීම මිස ඒවා සම්පූර්ණයෙන් ඇදහූයේ නැත.

මා නව යොවුන්වන විට ලංකාවේ සංස්කෘතිය ඉන්දියාවේ  සංස්කෘතිය විසින් ගිල ගැනීම ආරම්භ වී තිබූ අතර සාමාන්‍ය ග්‍රාමීයන් වූ මමත් අම්මාත් සෙසු පවුලේ අයත් මේ කාර්යයයෙහි මනා මෙහෙයක් එකලත් මෙකලත් ඉටුකරන රූප පෙට්ටියේ ඉන්දියානු රසකථා ලොබ බැඳ සිටි නමුදු තාත්තා එය එදා සිට අද දක්වා හෙලා දකිමින් අප සැම සමඟ මේ පිලිබඳ අපගේ බුද්ධිය විවර කරනු වස් නිවස තුල හුදකලා සටනෙක නිරත වූයේය. එකල නම් තාත්තා සටනින් පැරදුනි. නමුදු කල්යත්ම පාක්ෂිකයෝ මුහුකුරා යත්ම.  සටනකින් තොරව තාත්තාගේ සිතිවිලි ජයග්‍රහණය කරන ලදී. යොවුන් වියේදී තාත්තාගේ ඉහත කියන ලද අදහස් හැරෙන්නට අන් සියළු අදහස් නොවිම සූ මාගේ අදහස් ඒවා රැඩිකල් යල් පැනගිය අදහස් ලෙස නොසලකා හැරි අතර මුල් කාලයේ මාගේ මතය තහවුරු කරනු වස් වාග් සංඟ්‍රාමයන්ද මෙහෙය වීමි. නමුදු අද දින මා නැවත මා දෙස හැරී බලද්දී මා දකින්නේ ක්‍රමයෙන් මාද එම විප්ලවවාදියාගේ අදහස් හා ගම්‍ය වී එම රේඛාවේම ගමන් ගැනීමට පටන් ගත් තවත් පාරම්පරික පුරුකක් වී ඇති බවකි.මට සිතෙන්නේ අප සැමටම අවසානයේ වෙන්නේ මෙයයි. එනම් අප නොදැනුවත්වම අපි අපේ තාත්තාගේ හෝ මවගේ සජීවී සෙවනැලි බවට පත්වන බවයි.

ලෝකය සමඟ අන්තර්ජාලය හරහා විශ්ව ගම්මානයක සිහිනය මවන පුංචි අපි…    ඇන්ගෝලීය ධනවාදී ගැති ආර්ථික සමාජීය රටාවක් හීන මවන ලොකු රටවල්…    ලෝකය ඇතඹුලක් කරන අන්තර්ජාලයේ විවිධ තොරතුරු මවද්දී…  එම දැනුම මතින් මනසින් ඔද්දල් වූ මට …. අදටත් වාග් ගැටීමකදී, ඔහුගේ දැනුම පරයා මට දැනුම ඇතැයි කීමට නොසිතෙන්නේ … කුමන විෂයය යටතේ මාගේ දැන්ම බෙදී ගියද, මාගේ සමාජීය දැනුම නැමති වියමන ඔහුගේ නූල් පන්දුවෙන්ම කෙරුණක් බව මටම හැඟී යන නිසාවෙන් හා ඔහු තවමත් එහි මුල් ගුරු ලෙස හිඳ අත්දැකීම් බෙදෙන නිසාවෙනි…

එසේ මට අන් අයගෙන් වෙනස් වූ…..

ඔහු අද (2012 / 07/ 22) …. 56 වියට තම අත්දැකීම් ගොනුව සමඟ සිතැඟි පරිදි පිය මනින වගයි !!!!

 

තාත්තාගේ අදහස් ..., 9.7 out of 10 based on 38 ratings
VN:F [1.9.22_1171]
 ශෙයා
කිරි සප්පයා

කිරි සප්පයා

ඇඟෙන් තඩි.. වයසෙන් තරුණ... හිතෙන් පොඩි එකෙක් කියලා හිතන් ඉන්න. වන සතා සීපාවාට ආදරේ කරන.. අනිත් අයව සතුටු කරන්න ලියන්න කැමති කිරි සප්පයෙක්...

 All posts by කිරි සප්පයා  Link to කිරි සප්පයා's blog

29 Responses to "තාත්තාගේ අදහස් …"

  1. පුතෙකුට තාත්තා කෙනෙක් ව තේරුම් ගන්න සෑහෙන්න කාලයක් යනවා…. ගොඩ දෙනෙක් ට එහෙම වෙන්නේ ඒ අයටත් පුතෙක් දුවෙක් ඉදිද්දී ….

    නුඹේ පියාට සුභ උපන් දිනයක් පතනවා…. !!

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
    • කිරි සප්පයා කිරි සප්පයා says:

      බොහොම ස්තූතියි ගුලියා….. ගුලියාගේ අදහස හරියටම හරි….

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  2. ලපයා ලපයා says:

    එක ඇත්ත ගුලියෝ ….. ඔන්න මමත් ලොකු කිරිසප්පයට සුබ උපන්දිනයක් කිව්වා කියහන්…… ;)

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • කිරි සප්පයා කිරි සප්පයා says:

      හා … ඔන්න මන් කිව්වා…. මගෙන් ඇහුවා උඹේ ලපේ කොහේද තියෙන්නේ කියලා… :පී

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  3. අංගොඩයා.. says:

    කිරිඅප්පට සුභ උපන්දිනයක් සහ දීර්ඝායුෂ පතනවා..!!

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • කිරි සප්පයා කිරි සප්පයා says:

      බොහොම ස්තූතියි අංගොඩ….

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  4. කිරිසප්පයො තාත්තට සුභ උපන් දිනයක් පතන අතරම මම salute එකකුත් ගැසූ බව කියාපං. ඒ salute එක උඹලා දෙන්නටමයි. ප්‍රතිපත්ති ගරුක පියෙකුට සහ ඒ අඩිපාරේ යන පුතෙකුටයි.

    henryblogwalker the Dude

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • කිරි සප්පයා කිරි සප්පයා says:

      බොහොම ස්තූතියි හෙන්රි අයියා….. අනිවා කියන්නම්..

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  5. 100% true.. And wishing a happy birthday to your father

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  6. කිරිසප්පයා, මේකෙ භාෂා විලාශය කලාතුරකින් බ්ලොග් එකක දකින්න ලැබෙන විදියෙ එකක්. මම කල්පනා කලේ ඔච්චර රසවත් විදියට ලියන එකා ඇයි බ්ලොග් එකක් පටන් ගන්නෙ නැත්තෙ කියලා. අර ගන්දරයත් පටන් අරන් තියෙන්නෙ.

    ලියන්න දේවලුත් ඕන තරම් තියෙන්නෙ. සර්පයො ගැනත්, ගුරු ජීවිතය ගැනත්, පාසැල් ජීවිතය ගැනත්… අපෝ ලියන්න දේවල්ද නැත්තෙ!!

    henryblogwalker the Dude

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • කිරි සප්පයා කිරි සප්පයා says:

      සර්පයෝ ගැන වීඩියෝ බ්ලොග් එකක් කරනන අදහසක් තියෙනවා තාම ඒකට වෙලාව නෑ… මගේම කියලා එකක් කරන්න ඕනේ වෙලාවක් නෑ වැඩත් එක්ක. බොහොම ස්තූතියි මගේ පොස්ට් අගය කරනවට… ඕවා දකිද්දි තමා තව ලියන්න හිතෙන්නේ

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  7. අර කිවත් වගේ තාත්තලා එක්ක ගල් පැලෙන තර්ක කර කර ආවත් හැරිලා බලද්දී අපි ඇවිල්ලා තියෙන්නෙත් පාරෙමයි…. පියාණන්ට සුභම සුභ උපන් දිනක් මචන්….. දීර්ඝායුෂ සමඟ නිරෝගී සුව පතනවා……….

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • කිරි සප්පයා කිරි සප්පයා says:

      ඒකම තමයි මමත් කියන්න හැදුවේ ගොඩයා අයියේ… කන් පැලෙන්න තර්ක කරලා මතයක් ගොඩ නගාගෙන පස්සේ අපිම අපේ සහොදරයෝ හරි දරුවෝ හරි එක්ක අර විදිහට තර්ක කරනවා…..

      බොහොම ස්තූතියි අදහසට

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  8. sumuduk87 says:

    කිරියෝ…… තත්තට නිදුක් නීරෝගී සුවපත් සුභ උපන් දිනයක් වේවා…!!!!!!!!

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • කිරි සප්පයා කිරි සප්පයා says:

      බොහෝම ස්තූතියි .. සුමුදුක… ඔබ තුමාට කොහොමද දැන් ?

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  9. Jayya says:

    හ්ම්ම්.. පියෙකුට දිය යුතු ලොකුම උපහාරය මේ තමයි..

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • කිරි සප්පයා කිරි සප්පයා says:

      මන් හිතන්නේ ජයියා මාමා කියන්නේ .. තාත්තාව හරියට තේරුම් ගැනීම හා ගත්ත බව පෙන්වීම යන දෙක වෙන්න ඕන… මාත් එහෙම හිතුව නිසා තමයි ලිව්වේ.. බොහොම ස්තූතියි ජයියා

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  10. දගයා දගයා says:

    අම්මා සදකි මම ඒ ලොව හිරුය රිදී
    ඒ ඉර හදින් නුඹෙ ලෝකය එලිය උනි
    රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදි
    පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි……

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  11. ගන්දරයා says:

    මම හිතන්නේ හැම පුතෙකුටම තමන්ගේ තාත්තා තරම් වීරයෙක් තවත් නැතුව ඇති.. අතපය හරියට වාරු නැතුව හිටියත් මගේ ලෝකේ අදටත් මගේ තාත්තා තරම් වීරයෙක් තවත් නැහැ… කිරි සප්පයගේ පියාණන්ට සුභ උපන් දිනයක් වේවා…!!

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • කිරි සප්පයා කිරි සප්පයා says:

      ඔව් ගන්දර… හැම කෙනෙකුටම කවද හරි තමන්ගේ තාත්තා වීරයා බවට පත්වෙනවා…. අදහසට බොහොම ස්තූතියි..

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  12. නියමයි.. !!!

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  13. ජීංජීබිරිස් ජීංජීබිරිස් says:

    ඕන්න මාත් තාත්තට සුභ උපන් දිනයක් කිව්වා කිරි සප්පයෝ මේ අව්රුද්දට ප්‍රමාද නම් ලබන එකට හරි කියපන්

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • කිරි සප්පයා කිරි සප්පයා says:

      බොහෝම ස්තූතියි ජිංජි !!!

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  14. ඇස්කොට් මලයා ඇස්කොට් මලයා says:

    කලින් කියෙව්වා කොමෙන්ටුවක් දාන්න පරක්කු උනාට සොරි ලු ඈ……….

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • කිරි සප්පයා කිරි සප්පයා says:

      k k onna man smaawa bajaneka damma

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  15. ගල්පාත ගල්පාත says:

    ප්‍රමාද උනාට සොරි වෙන්න ඕනේ. තාත්තා කියන්නේ කවුද, එතුමා අපි වෙනුවෙන් මොන තරම් දෙයක් කලාද කියන එක වෙනම කුටුම්බයක් හදන් ගියාට පස්සේ හිතට ගොඩක්ම දැනුනා. අදටත් මට මගේ තාත්තා තමා පරමාදර්ශය. අපි ගොඩක් පහසුකම් මැද්දෙත් අසීරුවෙන් දිවි ගෙවද්දි ඒ පහසුකම් මුකුත් නැතුව තාත්තා අපිව අද මේ ඉන්න තැනට ගේන්න කොයි තරම් මහන්සි වෙන්න ඇතිද?

    කිරිසප්පයෝ, තාත්තට සුභ උපන්දිනයකට ආසිරි පතපු බව කියපන්.

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  16. කිරි සප්පයා කිරි සප්පයා says:

    කථාවට කමෙන්ට් කරපු හැමෝටම ඉස්තූතියි !!! ගලයා, දඟයා දෙන්නට ප්‍රති උත්තර දෙන්න අතපසුවෙලා ඒකට සොරි හෙඳේ

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)

Leave a Reply

Sinhala transliteration (β) - වෙන තැන් වල සින්හලෙන් ලියලා කොපි කරන්න ඕනේ නෑ. කෙලින්ම කොමෙන්ට් box එකේ සිංග්ලිශ් වලින් ලියන්න.

Click ctrl+b to toggle the transliteration

© 2013 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Processed 105 queries in 0.688 seconds.