ඔන්න තවත් එක පිස්සු කතාවක්………මේක මගේ දෙවෙනි කතාව ඔන්‍න. හැබැයි මේක මට වෙච්ච දෙයක් නම් නෙමෙයි.මේ කතාව මටත් කිව්වේ මගේ හොද යාලුවෙක්.හැබැයි මේක මිනිහට වෙච්ච වැඩකුත් නෙවෙයි.මේක වෙලා තියෙන්නේ ඔය කලින් කිව්වා යාළුවා දන්නකියන අයියල දෙන්නෙක්ට.මේ සිද්දිය වෙලා තියෙන්නේ මීට අවුරුදු හතකට අටකට විතර ඉස්සර අවුරුද්දනම් හරියටම මතක නෑ……. අර කිව්වා අයියල දෙන්න උසස් පෙළ කරන කලේ වෙච්ච දෙයක් තමයි මේ……
ඔන්න ඔය අයියල දෙන්නගෙන් එක්කෙනෙක් කෙල්ලෙක් talk කරන්න කියල හිතල දැන් කෙල්ලෙක් හොයනවලු. අපි ඒ අයියට රංග කියල කියමුකෝ. රංගගේ යාලුවාට කමල් කියමු. ඔන්න ඔහොම රංග අයිය කෙල්ලෙක් හොය හොයා ඉන්න කොට හිත ගිය කෙල්ලෙක් හම්බඋනාලු, ඇත ඉතින් කෙල්ලෙට හිත ගියාට වැඩක් තියෙනවායෑ……..එක කොහොම හරි කියාගන්න ඕනෙනේ……. එහෙම කියන්නත් කලින් පොඩි line පාරක් එහෙම දාන්නත් ඕනෙලු…. දැන් ඉතින් රංගයි කමලුයි කතා උනාලු කෙල්ලව බලන්න යන්න දැන් දෙන්නක් එක්ක යනවලු. ඒ දවස් වල මෝටර් සයිකල් එහෙම නැති හින්ද දෙන්න එක්ක පුටාර් (පා පැදිය) එකේ යනවලු කෙල්ල බලන්න. කමල් බයිසිකලේ පදිනවලු රංගය අතල් එකේ වාඩි වෙලා යනවලු .දැන් ඔන්න කෙල්ලත් එනවලු පන්ති ගිහින්. කෙල්ල ලගට එද්දී රංගයත් පැණි මූණ දා ගෙන ඉන්නවලු කෙල්ල දිහා කන්න වගේ බලාගෙන කෙල්ල ගාණක්වත් නැතිව යනවලු…. රංගය කෙල්ල දිහා බලාගෙන ලස්සන හීනයක් මවනවලු……. මෙන්න එක පාරටම වංගුවකදි ඩෝන්…… ගාල බයිසිකලේ ඉස්සරහින් ආපු වෑන් එකක හැප්පුනාලු……මොනවා වෙන්නද ඉතින් දෙන්න එක්කම මල පෙරේතයෝ දෙන්න වගේ බිම ඇදන් වැටුනලු…….
වස නෝන්ඩිය වෑන් එකේ රියදුරු මහත්තය මුන් දෙන්නාගේම අම්මල මතක කරනවලු….. කෙල්ලත් අතින් කට වහගෙන හිනා වෙවී යන්න ගියාලු….. පස්සේ තමයි රංගයට වැඩේ මීටර් වෙලා තියෙන්නේ….. බයිසිකලේ පැදපු කමලත් කෙල්ල දිහා බලාගෙන ඇවිත්…… එතකොට පාර බලන බයිසිකලේ එලවන්නේ කවුද ඉතින්? කවුරුත් නැහැනේ…….. රංගයටත් ඉදල තියෙන්නේ මරු යාලුවෙක් තමයි…. මුන් දෙන්නම ඒ කෙල්ලට කැමැත්තෙන් ඉදල තියෙන්නේ….. කෙල්ලටත් වැඩේ මීටර් වගේලු ඉතින් උන් දෙන්න ඕකෙන් මේකෙන් කෙල්ල talk කිරිල්ලත් නැවැත්තුවලු අයෙත් ඉතින් ඒ කෙල්ලේගේ මූණ බලන්න පුලුවන්ද ලැජ්ජ නැතුව. දෙන්න එක්කම කෙල්ලව talk කරලනේ…………………..
කෙල්ලෙක් බලන්න ගිය අයියලා,



එන සතියේ sure එකට හිනා වෙන්නම්. අද බෑ.
හිනා යන්නැ Tag එකට නියමෙට ගැලපෙනවා මචන් .(අමාරුවෙන් බි.පෙ. සි.)
කොල්ලෝ දෙන්නෙක් කෙල්ලෙකුට එක සැරේ ලයින් දාන්න පුටාර් එකේ ගිහින්, වෑන් එකක හැප්පිලා වැටිලා.. කෙල්ලට හිනා .. හි..හි.. හු.. හු මටත් මාර හිනා ඕයි ..
chater da manda….kithikawagena wath balamu…
අඩෝ උබේ කතාවට මෙහෙම හරි කමෙන්ට්ස් දානවා… අපි කතාවක් දැම්මොත් වේලෙනවා බන්….
යකෝ මම මේ කතාව ලිව්වේ උබලට කියවල හිනා වෙන්න නෙවෙයි…………….. කියවල ආදර්ශයක් අරන් කතාවේ කියවෙන විදිහෙ යාලුවෙක් හොයාගන්න……… මාත් මේ ඒ වගේ අතිජාත මිත්‍රයෙක් හොයන ගමන් තමයි මේ කතාව ලිව්වේ………..
ade oka tawa tikak rahata liaynna pluwan mchn…,KAMAl aiya oita wada athal porak ne..,hodaa hoda,
ade oka tawa tikak rahata liaynna pluwan mchn…,KAMAL aiya oita wada athal porak ne..,hodaa hoda,
awulak nehe elazzz
යකෝ කථාව ලියපන්කෝ ට්කක් ලස්සනට
අපිට හිතන්න තියෙන ටිකත් උඹම ලියලනේ
මටත් කතාවක් මතක් උනා මේක කියෙවුවම. ඒක නෙමේ පුටාර් කියන එකේ ලෝන්ග් ටර්ම් එක මොකක්ද බන්….