ඊට ටික වෙලාවක් යනකන් මා ළඟ හිටපු අම්මා නැගිටලා කුස්සිය පැත්තට ගියා,මටත් කතා කරන්න තරම් සිහියක් තිබුනේ නැහැ ,ගේට්ටුව දිහාම මං බලාගෙන හිටියා,මට මතක එච්චරයි,
මං ඇස් ඇරලා බලනකොට මං හිටියේ මගේ ඇඳේ,
“මං කොහොමද ඇඳට ආවේ …. තාත්තා වෙන්න ඇති මාව ඇඳෙන් තියන්න ඇත්තේ …” හනිකට ඇඳෙන් බැහැගත්ත මං සාලෙට ගියා,ඒත් සාලේ කවුරුවත් හිට්යේ නැහැ,මං කුස්සියට ගියා,අම්මා තේ හදන ගමන්ද කොහෙද ,
“අම්මා ..”
“හ්ම්ම් .”
“කෝ තාත්තල ආවද …..”
“හ්ම්ම් ඔව් මිදුලේ ඉන්නවා …අහ්හ් කෝ මේ තේ ටික ගිහින් දෙන්ඩ අර අයට …”
“කෝප්ප තුනක් මොකටද ?…”
“අර එරංග පුතාගේ යාලුවෙක් ඇවිත් ළමයෝ ඉක්මනට යන්ඩ….. ආ ආ ඔහොම ඉන්ඩ මේ කොන්ඩෙත් අවුල් වෙලා,මුහුණ හෝදගෙන වත් නෑ නොවැ, ආ හරි දැන් යන්න ඉක්මනට …”
අම්මා අතින්ම මගේ ඔලුව පිරිමැද්දා,අතින් ගත්ත ට්‍රේ එකත් අරගෙන මං මිදුලට ගියා, කට්ටිය ජම්බු ගහ යට
“හාමු නෝනා නැගිට්ටයි …………”
ඔන්න ඉතින් පටන් ගත්තා,මං යටි තොල හපාගත්තේ තාත්තයි,අලුතින් ආපු අයියයි,එරංග අයියයි තුන් දෙනාම හිනා උණු නිසා,මුකුත් කියන්නේ නැතුවම මං තේ එයාලට පිළිගැන්වූවා,ආපහු මං යන්න හැරෙද්දී ,
“නංගි මේ මගේ යාලුවෙක් ..”
මං ඉතින් ආපහු හැරිලා පොඩි හිනාවක් දැම්ම ඒ අයියට ,හොද නැහැනේ ඉතින් කියලා හිතල
‘මෙයත් ඔයා වගේ පොරක් තමා ………”
මං එරංග අයියා දිහා බැලුවේ ඒ මොකද්ද ඒ කිවුවේ කියලා ,මගේ ප්‍රශ්නේ එයාට තේරුනාද මං දන්නෙත් නැහැ,ඊට පස්සේ කිවුවා
“ඇයි තේරුනේ නැද්ද ?ඔහොම බලන්නේ ..?මෙයත් ඔයා වගේ හොදට ඉගෙන ගතිපු කෙනෙක් ,මොකද්ද බං උබ යන කැම්පස් එක …?
“අහ්හ් උබ දන්නේ නැහැනේ ..මං මොරටුවෙනේ..”
මෙතෙක් වෙලා නිහඩ බව රැකපු අලුත් අයියා පටන් ගත්තා,ඒත් එයාට හිනා ,
“මේ ….මෙහාට පොඩ්ඩක් ආවානම්………..”
අපි හැමෝම හැරිලා බැලුවා ඒ සද්දෙට,අහ්හ් අම්මා තාත්තට අඬගහනවා,
“මං ඉක්මනට එන්නම් පුතේ ,ඔයාල කතා කර කර ඉන්ඩකෝ…” කියලා තාත්තා ගියා….
“උස යන්නේ නැහැ මෙතනින් වාඩිවෙන්න…”
“නෑ මට මෙහෙම හොදයි .”
‘මං කිවුවේ බං මෙයාගේ හරි ගෑස් කියලා …”
ඇත්තමයි අර අයියා නොහිටින්න මං තව මොනවහරි කියනවා ඒත් මං කට පියන් හිටියා ට්‍රේ එකත් අතින් හයියෙන් තද කරගෙන
“එපා එපා රශ්මි බලපං කෙල්ලගේ මුහුණත් රතු වෙලා…. ඉතින් නංගි මොනවද කරන්නේ …”
“ඇයි බං මං උබට කිවුවේ …’
“මේ උබ වද නොදී ඉදහන්කෝ,මං නංගි ගෙන් අහ්ගන්නම් ….
මට හිනත් එක්ක,හොද වැඩේ මෝඩයට,ඔහොම තමා වෙන්න ඕනි,මං හීන් සැරේ ඒ මුහුණ දිහා බැලුවා,අනේ මුහුණ මැලවිලා,පස්සේ මට දුකත් හිතුනා ..
“කෝ නංගි කියන්න ..”
“අහ්හ් මේ මං මේ බයෝ කලේ අයියේ ,මේ රිසල්ට්ස් එනකන් ඉන්නවා ඉතින් …”
“හ්ම්ම් කොහොමද හොදට කළා නේද ?කොහොමද ෆිසික්ස් එහෙම …?
“අවුලක් නම් නෑ අයියේ එම් සි කියූ හතලිස් නවයක් තිබුනා …..”
“අහ්හ් එහෙනම් අනිත් ඒවාත් හරිනේ ,දොස්තර නෝනා ගෙන් මටත් බෙහෙත් ටිකක් ගත හැකි නේ …”
ඒ කියපු විදිහට මං හිනාවෙලා බිම බලාගත්තා ….
“උබ මොකද උඩුගුවා වගේ බලන ඉන්නේ …”
“ඇයි උබනේ කිවුවේ …”
නෝක්කාඩුවෙන් වගේ ඒ කිවුව හැටි ,
“හරි හරි බං,මං මුට කිවුවා නංගි ආර්ට්ස් කරන්ඩ එපා කියලා ඒ දවස් වල,කොහෙද මු ඇහුව එකක් යෑ,…………”
අහ්හ් කොතන හරි වැරදුනා නේද ?මං එරංග අයියා දිහා කෙලින්ම බැලුවා ,
‘මේ මේ ආර්ට්ස් නෙවෙයි යකෝ කොමස් කොමස් ….” එයා හොදටම බය වෙලා
“ආ උබ කොමස් නේ මචන් ….” අර අයියා හිනාව තද කරගෙන කිවුවා
“උබට මතක නැහැ ,මේ මුට මතක නෑ සුදු …..’
‘ඔව් සුදු මට මතක නැහැ…”
මේ දෙන්නගේ කැකිරි පැලිල්ල ……මොකට හිනා වෙනවද මන්දා , ඔය ගමන්ම තාත්තා ආවා ,තවත් එතන ඉන්නේ නැතුව මං ඉක්මනට ගෙට ගියා,කුස්සියට ගිය ගමන අම්මා ,
“මොකෝ මුහුණ දෙක කරගෙන..? කෝ කෝප්ප …? මොකද කිවුවේ …..?..”
අම්මා ගෙන් ප්‍රශ්න වැලයි
“එයාල බොනවා …”
“ඉතින් මොකෝ ඉතින් ඔය …”
“ඇන්ටි කෝ මට හදල දෙනවා කියපු කේක්……….”
ආපෝ වදේ ආපහු ඇවිත් ,මං හැරිලා වත් බැලුවේ නැහැ , අම්මා මාව පහු කරගෙන එයා ළගට ගියා,
“නෑ පුතේ හදන්න උණේ නැහැනේ , මං රෑට හදල තියන්නම්කො හෙට ආවහම මගේ පුතාට කෑ හැකි …”
“හරි ඇන්ටි අපි දැන් යන්න,ගොඩක් වැඩ තියෙනවනේ කරන්න…”
“තුන්දෙනාටම පාස්පෝර්ට් හදන්න ඕනෙද පුතේ ….?
“නෑ අම්මේ ……….. අනේ සමාවෙන්න ඇන්ටි අම්මා කියලා …….’
මං හැරුනා,ඒ කට හඬ බාල වෙනකොටම වගේ
“අනේ මේ මොකද පුතේ …. ”
කුස්සියේ දොරට හේත්තු වීගෙන බිම බලාගෙන හිටපු එරංග අයියගේ මුහුණ අම්මා අත් දෙකින්ම අල්ලාගෙන ,
“පුතා ට මං කියන්ඩමයි හිටියේ ඔය ඇන්ටි නොකියා අම්මා කියල කතා කරන්ඩ කියලා …… මගේ පුතා ….” කියලා අම්මා අයියගේ ඔලුවට හාදුවක් දුන්නා , ඒ ඇස් වල කඳුළු,මේ මනුස්සයා මගේ අම්මයි තාත්තවයි මගෙන් ගනීවි වගේ කියලා මට එවෙලේ තදින්ම දැනුනා,ඒත් ඉතින් අම්මා තාත්තා නැති දරුවෙක්නේ,ඒත් කවුද දැක්කේ දෙවියනේ,මොන නාඩගමක් වේවිද දන්නෙත් නැහැ,කාගේ කවුද කියලා නොදන්න මනුස්සයෙක් ට මෙච්චර ඉඩක් දෙන්නේ ඇයි ?
“මේ මොකද මේ …”
කුස්සියට ආපු තාත්තා ඒ ,
“මේ බලන්ඩකෝ මේ ළමයා පොඩි ළමයෙක් වගේ මහත්තයෝ ,මට අම්මා කියලා කතා කරලා සමාවෙන්ඩ ලු….” අම්මත් හැඬුම් ස්වරයකින් කිවුවා …. තාත්තා හිනා වෙලා ,එරංග අයියගේ කරට අතක් දාගෙන සාලේ පැත්තට ගියා,අම්මත් ගියාට පස්සේ මං කුස්සියේ තනි උණා, මට එළියට යන්ඩ හිතක් තිබුනේ නැහැ,ෆිර්ජ් එක ලග තිබුණු හිරමනේ අරන් මං වාඩි උණා , දුලාට මොනවා උනාද දන්නෙත් නැහැ,කොහෙද මට කතා කරන්ඩ වෙලාවක් තියෙනවද ? එරංග ට මේ ගෙදර ඉඩ වැඩි නැද්ද ? මෙච්චර දෙයක් වෙලා තියෙද්දී ඇයි අම්මලා මේ මනුස්සයව ගෙට ගන්නේ …?
ඒයි ප්‍රීති උබ එරංගට කැමති නැද්ද …?
මං …. පිස්සුද …?
නෑ උබ කැමතියි ….
නෑ නෑ …මං කොහෙත්ම කැමති නෑ එයා මේ ගෙදරට වත් එනවට
ඇත්තද …
ඔව්..
ඉතින් මුහුණට කිවුව නම් ඉවරනේ මෙහෙ එන්ඩ එපා කියල …
හ්ම්ම් ඒත් ….
ඒත් …මෙත් මොනවද
නෑ ඉතින් …..
මොනවද අදින්නේ ,උබලගේ හැටි ඔහොමනෙ බං ,මට එකක් පිටට තව එකක් ,හැබැයි පුතෝ මට බොරු කරනවා බොරු …
හ්ම්ම් හ්ම..
උබ එරංගට කැමතියි ප්‍රීති ….
නෑ ..
නැට්ට ගහේ….. ඒ රූපේ මට දීලා ඉවරයි
ඒත් මටත් දුලා වගේ ,ලොකු අක්ක වගේ උනොත්,මං රැවටුනොත්
ඒ අහිංසක කොල්ලා ගැන එහෙම කියන්න එපා ප්‍රීති ….
“ප්රි…………………..ති ………………”
“අහ්හ් …අම්මේ ……………… ආවූ …ව්ව්ව්ව්ව්..”
කලබලේට නැගිටලා දුවන්න හදපු මං කෑ ගහපු කෑ ගැහිල්ලට කට්ටියට දුවගෙන එන්න වුනා කුස්සියට ,
“මොකද මොකද නංගි …”
“කකුල සිරුනා එරංග අයියේ ….”
“දෙවියනේ ලේ …..”
“කෝ එන්න ..” එක පාරටම මාව අත් දෙකට ගත්ත එරංග,මාව උස්සන් ගිහින් සාලේ සැටිය උඩින් තිබ්බා,අම්මලා ඉස්සරහ මේ මොනවද මෙයා කරන්නේ …
“තාත්තේ පුළුන් නැද්ද ?…”
මගේ කකුල අරන් එයාගේ පපුවට හිර කරන් අතින් ගලන ලේ පිහදදා ඉන්න එරංග දිහා මං බලන් හිටියා,එයාගේ හදවත ගැහෙන රාවය මගේ කකුලට ත් දැනෙන තරම් හයියෙන් ඒ හදවත ගැහෙනවා ,එයා මොනවදෝ කියනවා ,කටත් උල් කරගෙන මගේ කකුල පිහදානවා ………. අර අයියය්ත් මොනවදෝ කියවනවා ,මට හැමදේම පේනවා ඒත් මුකුත් ඇහෙන්නේ නැහැ ,
“ප්‍රීති …බලපන් ඔය කොල්ල ගැහෙන තරම්,උබට නපුරක් කරන එකක් නෑ කෙල්ලේ ,දැන් වත් තේරුම් ගනින් …”
“පුතේ ……පුතේ …” අම්මගේ කට හඬ
“අහ්හ් අම්මේ …”
“කොහොමද මෙහෙම උණේ …”
“නෑ අම්මේ මේ හිරමනේ …..”
“හිරමනේ ටද කැපුනේ….. අනේ තාත්තේ මේ ඉන්ජෙක්ෂන් එකක් ගහන්න යමු ….” ඒ එරංග අයියා
“නෑ .. නෑ මට රිදෙන්නේ නැහැ …………….එපා තාත්තේ …මට රිදෙන්නේ නැහැ අම්මේ ”
මගේ කතාවට හිනා උණු තාත්තා ඔය බොරුවට,මෙයා බයයි ඉන්ජෙක්ෂන් වලට
“අහ්හ් එහෙනම් අපි යමු ඉන්ජෙක්ෂන් එකක් ගහන්ඩ දැන්ම …” ඒ අර අයියා
“නෑ නෑ ඕන නැහැ ගොඩක් සිරිලා නැහැ නේ ,අනික මේකට ඉන්ජෙක්ෂන් ඕන නැහැ….” අම්මගේ උත්තරේ නිසා ඉන්ජෙක්ෂන් වලට සමු දුන්නේ,නැත්නම් මේ යෝධයා මාව උස්සන් ගිහින්ම ගහාවී ……… ඉන්ජෙක්ෂන් … :D
එපා රත්තරන් ඔහොම කියන්න :-10,



හින්දි චිත්‍රපටියක ලව් සීන් එකක් වගේ අෆ්ෆා.. ප්‍රීතිගෙ සූටි කකුල ඌවා උනා කිව්වම මට හෝස් ගාල ගියා.. පව් දෙයියනේ අහින්සකී.. හොඳ වෙලාවට එරංග අයිය එතනට ඇවිල්ල ප්‍රීතිව උස්සගෙන ගිහින් ඇඳෙන් තියල කකුල අත ගෑවෙ අෆ්ෆා.. හරිම රොමෑන්ටික් බබී.. මම ආසම කතාව මේක.. ඉක්මනට අනිත් කෑල්ලත් ලියන්න හොඳේ.. ඔන්න අපි බලන් ඉන්නවාආ..!!! :* <3
හි හි හි ……… <3
මන් ඕන් සීරියස් එකම කියෙව්වා. ඉතුරු ටිකත් ඉක්මන් කරානම් ..,, එල ඇ………….
ස්තුත්යි පොඩි පුන්චෝ ……………..
මට නම් මුල ඉඳන් මතකයි.. කෝ මෙයා ලියන්නේ කලකට පස්සේ වේලකට බැස්සේ වගේනේ ..
සිරා කථාව..
අනේ මංදා
සමාවෙන්ඩ ඕනේ හොඳේ …………….
සුජීව ප්‍රසන්නආරච්චිගෙ මල් කතා වගේ. ආදරේ … අහස තරම්.
හ්ම්ම් …….. ස්තුතියි කොමෙන්ටුටවට
අයියොහ් මේ කතාව ඉවර වෙන්නෙ නැද්ද අනේ? ඉක්මනට ඉතුරු ටිකත් ලියන්නකො අෆ්ෆා.මදැයි මන් හිතුවා අදවත් මේකෙ දෙකෙන් එකක් වෙලා මේ එරන්ග කවුද කියලා හොයාගනී කියලා.
කතාව ටිකක් දිගයි හලෝ ,ඒත් මං තව එපිසෝඩ් දහයකින් මේක ඉවර කරනවා …….
මල් වැහි පීදෙන මල් වැස්සේ….
මල් කතාවකි මං දැක්කේ…
මේ කතාවේ ඊලග එකට ලින්ක් එකක් දැම්ම නම් වඩාත් හොඳයි. අනිත් කතා හොයා ගන්න පුදුම අමාරුවක් තියෙන්නේ