“මට කියන්න යසිත් , මාව කවදාවත් තනි කරන්නෙ නෑ නේද ? ”
මයුරි සිය දහස්වෙනි වරටත් මේ ප්‍රශ්ණෙම මගෙන් ඇහුව. මේකට මං කී පාරක් නම් උත්තර දීල ඇත්ද, ඒත් ඒ උත්තරේ නැවත නැවත අහන්න එයා ආස කරනව.
-”නෑ වස්තු, කවදාවත් නෑ. ඔයා මාව දාල ගියත් මං කවදාවත් එහෙම කරන්නෑ සත්තයි”
මගේ පපුවට තුරුල් වෙලා හිටපු ඇගේ මුහුණ දෝතිම අරන් ඒ දිලිසෙන ඇස් දිහා බලන් මම කිව්වෙ හදවතින්මයි.
යම් කෙනෙක් මේව බොළඳ ප්‍රාථමික මට්ටමේ ක්‍රියාවන් කියල අර්ථකතනය කරයි. ඔව් මමත් ඒකට එකඟයි. නමුත් මම විස්වාස කරන විධියට ආදරයක් ආදරෙන් පවත්වාගෙන යන්න නම් ඒ බොළඳ බව අනිවාර්යයෙන් තිබිය යුතුයි.
“ඒත් මට බයයි යසිත්, කවුරුහරි මගෙ මහත්තයව මගෙන් උදුර ගත්තොත් ? ”
-”එහෙම උනොත් ඔයා මොකද කරන්නේ ? ” මං හිනාවෙමින් ඇහුව.
“එහෙම උනොත්……. එහෙම උනොත් මං ඒකිව මරාගෙන මැරෙනව”
ඒක එයා ආවේගයෙන් කියපු හැටියට නම් ඒක නිකම්ම කියපු දෙයක් නෙවෙයි කියල මට තේරුණා. කොහොමත් ආදරයයි වෛරයයි කියන්නෙ එකම පිහියක දෙපැත්ත කියල කවුද කියපු දෙයක් මට මතක් උනා.
අපි කවුරුත් තමන් ආස කරන , ආදරේ කරන දේවල් අයිත් කර ගන්න ආසයි. ඒත් ඒ දේ තමන්ගෙ කරගන්නකම් තියෙන ආසාව අයිති උනාට පස්සෙත් නොවෙනස්වම තියෙනවද කියන එක තාමත් මට ගැටළුවක්.
-”ඊඉඉඉ…. මරාගෙන මැරෙන්න ඔයා කොටි කෙල්ලෙක්ද ? ”
මං මයුරිගෙ නහය හයියෙන් මිරිකන ගමන් ඇහුව.
“ආව්… එපා මෝඩයෝ… රිදෙනවා..ඉන්නවකො” කියල පැනපු ගමන් ඒ පිස්සි මගේ ඇඟිල්ලක් හැපුව.
“අම්මෝ… යකෝ… හිටපිය තොට මං…”
මයුරි හිනාවෙවී නැඟිටල දිව්ව.මමත් එයා අල්ලන්න පස්සෙන් පැන්නුව.
එතකොටම අහස කළු කරන් කොහේදෝ ඉඳල ආපු ලොකු කුරුල්ලෙක් එක පාරටම මම හිතන්නත් කලින් මගේ මොණරිව ඩැහැගෙන ගියා. මට කෑ ගැහුන,
-”අනේ මයුරී… අනේ දෙයියනේ… ”
* * *
‘චටාස් ගල සද්දෙකුත් එක්ක කම්මුලෙන් ආපු දැඩි වේදනාව නිසා මං ඇස් ඇරල බැළුව. චොරය, කුකුළා,ඉක්කාව කියන මගේ නසරානි යාළුවො සෙට් එක මං දිහා ඔරවං බලන් ඉන්නව.
“ඒ බොල, #$%@## තෝ දවල් දවසෙම කම්බුලේ අත තියන් හූල්ල හූල්ල ඉඳල රෑ එළි වෙනකම් උලම වගේ බෙරිහන් දෙනව. තෝ ඔය පිස්සුව නවත්තන්නෙ කවදද ? ” චොරය කියවගෙන යනව.
මං වහලෙ හෙමින් කැරකෙන ෆෑන් එක දිහා බලාගෙන හුස්මක් හෙළුව..
” ඒ බං.. සිරාවටම මොකෝ උඹ ‘අනේ මයුරි, අනේ’ කියල කෙඳිරි ගෑවෙ ? උඹ හීනෙන් ඒකි එක්ක ටිලිං ටිලිංද ? හී හිහිහි”
අම්මප මූට කුකුළ කියල නම දපු එකේ වැරැද්දක් නෑ.වල් කුකුළ කියල දැම්ම නම් ඊට හොඳයි. මං කොට්ටෙ බිත්තියට තියල හේත්තු උනා.
“මොකද්ද බං මේකෙ තේරුම.ඒකිට උඹ පණ ඇරල ලව් කරලත් ඒකි අරූ එක්ක ගියේ උඹව එපා නිසානෙ. උන් ආතල් එකේ පවුල් කනව ඇති.උඹ මෙතන උදේ හවස වැලහින්න වගේ හූල්ලනව.” චොරයගෙ බ්‍රේක් නැති කට වැඩ කරනව.
-”සිරාවටම කරපු හින්ද තමයි බන් අමතක කරන්න බැරි”
“ඒ උඹටනෙ.. එහෙනම් ඒකි ඔය ලස්සනට ඉන්නෙ. යකෝ… ජීවිතේ කියන්නෙ බිස්නස් එකක් නම් ඒකෙ සල්ලි කියන්නෙ ඔය ආදරේ කියන කෙහෙල්මලට. ඒක හොඳ තැනක ආයෝජනේ කරොත් විතරයි බිස්නස් එකෙන් ලාභ ලැබෙන්නෙ. උඹ ඒක ආයෝජනේ කරේ සක්විති වගේ කෙල්ලෙක් ගාව.ඒකි එවත් අරන් පැනල ගියා.උඹ ඉක්මනට ලෝන් එකක් ගහල හරි බිස්නස් එක නග්ගල ගනිං.. නැත්නම් පුතෝ පාඩු පිට පාඩු වෙලා උඹ විනාසයි.
වචාලය උනාට උගේ ව්‍යාපාරික දැනුමත් ගොඩක් වටිනව වගේ..
-”බලමු මචං, ඒත් එක පාරට හිත හදා ගන්න අමාරුයි”
“හික්… දැන් උඹට ඔය දුක තියෙන්නෙ ඒකිත් එක්ක එක පාරක් හරි නිදියෙන්න නොලැබුන එකටනෙ…හික්”
-”පිස්සුද යකෝ,උඹ දන්නවනෙ මං ඒකිව පරිස්සම් කරපු විදිය එහෙම බලුකම් කරනව නම් කරල හුඟක් කල්” මං ඉක්කාවට ඔරවල කිව්ව.
“අනේ පලයං බං යන්න.. උඹ දැන් එහෙම කියනව. උබ ඕක කරල තිබ්බ නම් කියයි ‘ඒකි ගියාට අවුලක් නෑ,මං ඕන ටික කරගත්ත’ කියල. අනික උඹේ මහලොකු පරිස්සම හින්දනෙ ඒකි වෙන එකෙක් එක්ක ගියේ” ඉක්කාවටත් මල පැනල කියවනව.
“හරි හරි… දැන් අපි නිදියෙනව. උඹ හීන බල බල නිදා ගත්ත ඇති දැන් පාඩම් කරපන්”
-”මට බෑ බං හිතට ෆිට් නෑ. නිකං බොරුවට පොත දිහා බලං ඉඳල වැඩක් නෑනෙ”
“එහෙනම් ඉතිං ඕන මඟුලක් කර ගනිං. ගෑණුන්ට ඕනවට වඩා නිදහස දුන්නම ඔහොම වෙනව. අනික උන්ගෙ හිත ඉක්මනටම වෙනස් වෙනව. උන්ට හිතුනොත් මූට වඩා අරූ මට ආදරෙයි කියල හුලං තමයි. ඒ නිසා එහෙම දැනෙන්න දෙන්න එපා. අවුරුදු 7ක් ආදරේ වෙනුවෙන් දර දිය ඇදපු කාලගෝලයට වඩා, දිත්තලාට ලොකු උනේ මඟදි ක්ෂණිකව හම්බඋන දික්පිටියව. තමන් වෙනුවෙන් මැරෙන්න උනත් සූදානම් උන මනමේ කුමාරයට වඩා කුමාරිය ලොකු උනේ කැලේ වැද්දෙක්ව. ඔන්න ඔහොමයි බං ගෑණුන්ගෙ හැටි. සේරටම වඩා අද කාලෙ කෙල්ලොන්ට ලව් කියන්නෙ ෆැෂන් එකක්. ටික කාලෙකින් ඒ කොල්ල අවුට් ඔෆ් ෆැෂන් උනාම තව එකෙක් හොයා ගන්නව. කතාකරල වැඩක් නෑ බං”
චොරයටත් මාර සමාජ දැනුමක් තමයි අෆ්ෆ තියෙන්නෙ.
“අනික ඔය සේරටම වඩා වැදගත් දේ තමයි…………” කුකුළත් හොට දැම්ම.
-”මොකක්ද ? ”
“ආපහු නිදා ගන්න කලිං උඹ ගිහින් මූණ හෝද ගනිං. නින්දෙන් උඹ කෑල්ල කියල ලව් කරේ අපේ ෂීබත් එක්ක. උගේ කෙල ගෑවිල උඹට ජලභීතිකාව හැදුනොත් අපිටත් බෝ වෙයි. උඹට කනේ ෂොට් එක නොදුන්න නම් උඹේ ලව් සික් එකට ඒ අහිංසක සතාට තව මොනව කරයිද දන්නෑ”
හිවල්ලු 3 දෙනා හැක හැක ගාල හිනාවෙනව. ෂීබත් නැට්ට වනවන උන්ට සපෝට් එක දෙනව.
“තොපි වගේම තමයි තොපේ මේ පර බල්ලත් තොපිට #*^&%#&#$#^ ”
උන්ගෙ ගුණ කිය කිය මං මූණ සෝදන්න ආව…..
ආදරය අවසන්,



සොරිතමයි පුතේ ඕනිවට වඩා ඕනීම දෙයක් ඕනිම නෑ කියනවනේ
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..
Niyama kathaawa………. patan ganiddi mama hituwaa mekath tawath gon part ekak kiyalaa but awasaanaya mula mada aga hodata galapalaa tiyanawaa……
ස්තූතියි !
පව් අසරණයා…..
කෙල්ලෝ ගැන කියපුවනම් ඇත්ත බව තේරෙනවා….. එල….
කවියෙක් වීමට නම් ආදරවන්තයෙක් වීමට අවශ්‍යය.. දාර්ශණිකයෙක් වීමට එම ආදරය අහිමි විය යුතුය.
ඔවා ඔහොම තමා මලේ. උබට හොද කෙල්ලක් හම්බ වේවි. යන එවුන්ට යන්න දිපන්.
” ජීවිතේ කියන්නෙ බිස්නස් එකක් නම් ඒකෙ සල්ලි කියන්නෙ ඔය ආදරේ කියන කෙහෙල්මලට. ඒක හොඳ තැනක ආයෝජනේ කරොත් විතරයි බිස්නස් එකෙන් ලාභ ලැබෙන්නෙ. උඹ ඒක ආයෝජනේ කරේ සක්විති වගේ කෙල්ලෙක් ගාව.ඒකි එවත් අරන් පැනල ගියා.උඹ ඉක්මනට ලෝන් එකක් ගහල හරි බිස්නස් එක නග්ගල ගනිං.. නැත්නම් පුතෝ පාඩු පිට පාඩු වෙලා උඹ විනාසයි.”
මේක තමයි හරය! මසුරන් කතාව
යසියෝ….. මගේ ” ආදරේ සුන්දරද මෙතරම් ” පොස්ට් එක කියෝපන්….. එතකොට හරි……
හුඟක් කෙල්ලෝ ඔහොම් තමා බං
අන්තිම පේලිය ඇත්තටම අන්තිම පේළිය විදිහට දැනෙන කථාවක්… ලස්සනට ප්‍රබන්ධ කරපු අතදැකීමක් කාලෙකින් කියෙවුවේ… බොහෝම ස්තූතියි යසිත්….
සිරා කතාව….. අර කිව බොළඳකම නැති වුනහම ආදරෙන් වැඩක් නෑ බං… විශේෂයෙන් කෙල්ලෙක්ගෙන් ඒ බොළඳකම නැතිවුනහම….. මොනවා උනත් ඒ බොළඳකමට කියන කතා බොරුවෙන අවස්ථා ඕනේ තරම් තියනවා… ආදරේ කියන්නේ මොලේ සහ හදවත දෙකම සමබරව පාවිච්චි කරන්න ඕනේ කේස් එකක්…. දැන් නම් පුතේ හදවත පැත්තකින් තියලා මොලෙන් වැඩ කරපන්… නැත්නම් විනාසයි…. අනිත් එක එක එක මිනිස්සුන්ට අවශ්‍ය ආදරය, රැකවරණය එක එක විදිහයි. මුලින් අපි හිතුවට මම මේ දෙන රැකවරණය ආදරය මේ මනුස්සයව සතුටින් තියනවා කියලා, හදිස්සියේ හරි ඊටත් වඩා ගැලපෙන ආදරයක් ලැබුන තැනදී හිත කියන දේ ඉක්මනට වෙනස් වෙනවා. ඒ මිනිස්සුන්ගේ හැටි. හැබැයි එහෙම නැති අවස්ථාත් ඕනේ තරම් තියනවා. ඒ කිවේ ආදරේ කෙසේවෙතත් වෙන වෙන හේතුවලට වෙනස් වෙන අවස්ථාත් තියනවා. කොහොම උනත් එකී ගියේ උඹේ ආදරේ ඒකිට නොගැලපෙන නිසා හරි වෙන මොකක් හරි හේතුවක් නිසානේ. නිකමට හිතපන් ඔය කේස් එක තවත් කාලයක් ඇදගෙන ගිහින් උඹට ඔය දේ උනා නම් අපරාදේ නේද ඒ කාලය කියලා. හිත හදාගනින් නොගැලපෙන එකකින් ඉක්මනින් ගැලවුන එක ගැන…. ගැලපෙන හොඳ එකක් හිමින් සැරේ හොයමු…..
ඔව්.. දැන් හැම පැත්තක් ගැනම හොයල ඊ ලඟට අවුරුද්දක් විතර ආශ්‍රය කරල තමයි තෝර ගන්නෙ.
ඔන්න ඔහේ කියලා පොඩි ෂොට් එකක් දාලා පාඩුවේ ඉඳපන් බං.. උඹට තව ටික දවසක් ගියාම තේරෙයි තනියෙන් ඉන්න එක කොච්චර සැපද කියලා..
අත්දැකීමෙන් කියන්නේ..
ඒකි නිසා තවත් නාස්ති වෙන්න බෑ. මං බොන්නෙ නෑ.. තාම පොඩි එකා
මම මේ කතාව කියවන්න යොමු කල යාහුවට පින්.
එතකොට ලියපු මට ????????????????
ලව් සීක් කියන්නේ ඕකටනේ බං…. නියම කතාව අත පුරවලා තරු….
ටැංකූ…
කාලෙකට පස්සේ බුට් කතාවක්.. ඊට පස්සේ ශීබාට පැටවූ හම්බ උනාද ?
වෙලාවට ඌ බල්ලෙක්
පවු අප්පා ..ශීබා
ඌට අවුලක් නෑ..
මොනව උනත් ශීබව අරන් බලු දොස්තර කෙනෙක් ලඟට පලයන්. ලස්සනම කතාවක්. ආදරේ ගැන නම් කියන්න දෙයක් නෑ. අය්යෝ වේදනා සන්සාරේ..
තව ලියන්නේ නැද්ද යසිත්? මේක ලස්සනයි.
සුපිරි මචන් .. මටත් ඕකම උනා .. හොදට ලියල තියනවා.. :ද