මගේ සුන්දර මතක වල 3 වෙනි දිග ඇරුම… මගේ සුන්දර පාසල් මතකය තම මේ ………..
_________________________________________________________________________-
කොහොම කොහොම හරි තැන් සියක් විතර කතා කරලා අන්තිමේ තේ කම්හලකුත් බලන්, හෝර්ටන් තැන්න බලන්න යන්න දාගත්ත,නැත්නම් අධ්‍යාපන චාරිකාවක් වෙන්නේ නැනේ.එදා දවසේ උදෙන්ම කට්ටිය පාන්දරම කෑමත් හදාගෙන ගමන ගියා.උදෙන්ම තේ කම්හල බලල ඉක්මනට ගියේ හෝර්ටන් තැන්න බලන්න.ගොඩාක් අය මුල් වතාවට ඇවිත් තිබුනේ,මමත් එහෙමයි.කට්ටිය වෙන වෙනම ආපු නිසා මට මධු එක්ක කතා කරන්නවත් බැරි උනා.පට්ටියපොළ දුම්රිය පොළ ළඟ ඉඳන් බස් එකෙන් බහින කන් කට්ටිය හිටියේ නොයිවසිල්ලෙන්,ඒ තරමට ඒ දේශගුණේ ගොඩක් හිතට ඇල්ලුවා.වෙනදාටත් වඩා අමුතු සුන්දරත්වයක් ඇත්තටම මගේ හිතට දැනුන.
මධුගේ සම්බන්දේ එච්චර සාර්ථක නැති වුන නිසා විධුර ටිකක් ඇත්වෙලා හිටියත් උත්සාහය අත් හැරියෙත් නැ.ඒ නිසාම මට වඩා උ නිශාට ලං උනා.කොයි දේටත් පද හදන අපේ සෙට් එකේ උන්ට ඕකත් වහන්න දෙයක් උනේ නැ.නැති තැන රෙදි හෝදන්න ගත්ත.ට්‍රිප් එක දවසෙත් උනේ ඒ ටිකමයි.මන් මධු එක්ක ඉන්න කොට විධුරත් නිශාත් එක්ක අපිට සෙට් උනා.දවල් උන නිසා කාලම තැන්න බලන්න යන්න කට්ටිය කතා කර ගත්ත .විධුරයි ,නිශායි බත් බෙදාගෙන ආවත් මධු මටත් එක්කම බත් බෙදාගෙන අවා . පවු කෙල්ල….. අපි ඈතින් තිබ්බ පොඩි බැම්මක් උඩට ගිහින් කෑවා.අපි දෙන්න බොරුවට රන්ඩු වේවි මාරුවෙන් මාරුවට කෑවා. මධු මට බත් කැවුව පොඩි ළමයෙක්ට වගේ.ඒ පාර අපි ලඟට විධුරලත් නිශාත් එක්ක ආවා,එලවන්නද ඉතින් ……….හිතින් බැන බැන කෑවා ඉතින්.ජිවෙතෙට කාපු රසවත්ම කෑම උනේ එදා ඒ කෑම වේල.
කාළා ඉවර වේලා කට්ටිය සෙට් සෙට් හැදිලා පිටත් උනා .අපිත් ඔය සෙට් එකක් එක්ක සෙට් වේලා ගිහින් ලෝකන්තේ හරියේදී අපි හතරදෙන වෙන් වේලා ගියා.යන්න තියෙන පාර ගල්,වලවල්.ගැටිති නිසා ගොඩාක් තැන් අමාරුවෙන් අපි ආවේ.අමාරු තැන් වල උඩට යනකොට මගේ අතේ එල්ලිලා ගල් වලින් බහින කොට මගේ අතින් අල්ලාගෙන බහින ගමන් ගොඩක් සතුටෙන් අපි තැන්න බැලුව.යන්න පාරත් දන්නේ නැති නිසාත්,අපි හතර දෙන වෙනම ගියා නිසාත් අපිට සුන්දර බේකර්ස් ඇල්ල මග ඇරුන, අපි වෙන පාරකින් පහලට බැස්ස.ඒ එනකොට කට්ටිය කවුරුත් නැ.අපිට තේරුණා අපිට පාර වැරදුන බව.හොඳ පාඩම කට්ටිය එක්ක නැතුව ආවට.ඒ නිසා කට්ටිය එනකන් හිමිහිට ඇවිදගෙන ආවා. බැහැල එනකොට පොඩිසොරෝව්ව්වක් එක්ක තිබුන දියපාරක් ළඟ අපි නැවතුන.
එතනට ලස්සනටම වටේට පේනවා.ඊටත් වඩා අහල පහල කවුරුත් නැ,අපි ටික විතරයි.මුකුත් නොකියම මගේ අතින් ඇදගෙන මධු වතුරට බැස්ස,වතුරේ සෙල්ලම් කරේ හරියට පොඩි ළමයෙක් අසාවෙන් වගේ.සීතල ගැන ගානක් වත් තිබුනේ නැ,අපි බහිනවා දැකල විදුරලත් බැස්ස,කකුල් ලිස්සන බයට මගේ අත් දෙකම තදින් අල්ලාගෙන වතුරේ ඇවිද්ද.උරහිසට බර වේලා දියපාරවල් වලට කකුලෙන් ගැහුවා. මධු සතුටෙන් හිනාවෙන හැටි දැක්කම වෙනදාටත් නොදැනෙන අමුතු සතුටක් එක්ක, අමුතු හැඟීමක් මගේ හිතට දැනුනා . ඒ සතුට ඒයාට වගේම මටත් අදටත් අමතක කරන්න බැරි තරම් මතකයක්.පැයක් විතර වතුරේ සෙල්ලම් කරපු අපි ,කට්ටිය ඈතින් එනවා දැක්කම හිමින් සැරේ යන්න පිටත් උනා.එත් මටත් මධුටත් එතනින් එන්න බැරි තරම් ලෝබ කමකින් ආවේ.
අපි දෙන්න විදුරලට කලින් හිමින් සැරේ ඉස්සර උනා.වෙනද නැති ජීවිතේට සමීප දේවල් අපි කතා කරා කරා ආවා.හිත පුරා තිබුන සතුටත් එක්ක,හිතට එන නිදහස් දේවල් ,දිගට තිබුන සුන්දර අඩි පාර දිගේ කතා කර කර ආවා .ජීවිතේට සමීපව දැනිච්ච ඒ පැය කීපය අයෙත් මධු එක්ක ගත කරන්න තියෙනවනම් කියල මට දහස් වාරයක් හිතිලා තියෙනවා.බස් එක ලඟට එනකොට ටිකක් වෙවුලන ගතිය තිබ්බ නිසා මන් මගේ ස්විටර් එකත් ගලවල මධුට පෙරෙව්වා.කට්ටිය එකතු වෙනකන් අපි බස් එකට වේලා හිටිය සීතල නිසා. එද්දී වෙනම ආවත් මහන්සියත් , සීතලත් නිසා අපි ගැන හොයන්න කවුරුත් නැති නිසා අපි දෙන්න එකට ඉඳගත්ත.කරුමෙට අපේ ඉස්සරහම විධුර නිශාත් එක්ක වාඩි උනා,වැඩි දුර යන්න කලින්ම අපිට බහින්න උනා,
ඒ ආපු බස් එක වංගු කෙලින් කරන්න බැරිව නවත්තපු නිසා.කට්ටිය බස් එකට එන්න කියල, හිමින් හිමින් පාර දිගේ ආවා.මාත් මධු එක්ක හිමින් ඇවිද ගෙන ආවා.යන පාර දෙපැත්තේ ලස්සන මල් වගයක් පිපිලා.මධු එක දෙක ඉල්ලපු නිසා මන් පාර දිගට තිබුන මල් පොකුරක්ම එයාට කඩලා දුන්න.මල් පොකුර තුරුල් කරගෙන අපේම කතාවක (ලෝකෙක) තනි වේලා අපි ආවේ,කොච්චර කාලය ගත වේලා තිබුනත් අදටත් ඔයා ඒ මල් පොකුර වේලලා කවරයක දාලා අරන් තියාගෙන ඉන්නවා.ඒ මල් වලට වඩා ඒ සුන්දර මතකය, සුන්දර නිසා වෙන්නැති.මධුට වඩා මටයි ගොඩක් සතුටු ඒ ගැන.ආදරය කටින් නොකිය අපි මේ හැසිරෙන්නේ පෙම් වතුන් විදියට නේද කියල වෙනදාටත් වඩා මට හැගෙන්න ගත්තා .ඊටත් වඩා මට දැනුනා.එත් අපි දෙන්නම නිහඬවම ඒ සතුට වින්දා.
මල් පොකුරත් අරන් එදා මාත් එක්කම, එක ශීට් එකේ අපි දෙන්න වාඩි වේලා ආවා.නිදි මතට මගේ උරහිසට ඔලුව තිබ්බේ ,මගෙන් ඒ ගැන ගන්න තරම් විශේෂ අවසරයක් ඕනේ නැති නිසයි.දවසම ඇවිදපු මහන්සියට ගෙදර එනකන්ම මධුට හොඳටම නින්ද ගියා.මුලින් මටත් නින්ද ගියත් ,අතර මග ඇහැරුණ මට ඔයාව ඇහැරන්න ලෝබ හිතුන.මුනට වැටෙන කෙස් රොදවල් අතින් හදන්න මන් අත ගත්තත් ඔයාගේ නින්දට බාධා කරන්න මන් අකමැති නිසා හිත හද ගත්තා . එන්න ටිකක් රෑ වුන නිසා ගෙදර අයත් ඉස්කෝලේ ලඟට ඇවිත් තිබුනා.ගෙදර යන්න වෙන්වෙන වෙලාවේ මගේ ස්විටර් එක මට දීල “බුදු සරණයි” කියල වෙන් වුනේ පුංචි දුකකුත් එක්ක කියල මට දැනුනා .
සති කීපයක් අපි අතර රස මුසු කතාවල මාතෘකාව උනෙත් ට්‍රිප් එක.අපි දෙන්නගෙම අමතක නොවන මතකයක් උනෙත් ඒ ගමන.වෙනදාටත් වඩා අපි දෙන්න අතර මිත්‍රත්වය (සම්බන්දේ) අලුත් වේගෙන ආවා,එත් නොහිතපු විදියට අයෙත් ප්‍රශ්න ආවේ මුකුත් කරා කියා ගන්න බැරි විදියට
…………………………………………………………………………………….
To Be Cnt……………..
෴ලස්සනම වස්සානේ෴(03 කොටස ),



“කොච්චර කාලය ගත වේලා තිබුනත් අදටත් ඔයා ඒ මල් පොකුර වේලලා කවරයක දාලා අරන් තියාගෙන ඉන්නවා”
ඒ කියන්නේ හැපීම හැපී එන්ඩින් එකක් තියෙන්නෙ මේ කතාවට…නියමයි…ඉතුරු ටිකත් ඉක්මනටම දාන්න……
උත්තරේ එක වචනෙකින් දාන්න පුළුවන් රුවියෝ, එත් බලමුකෝ…. ඉක්මනට ඉතුරු ටිකත් දාන්නම්…….
මේක කියවදි මට මගේ අතීත ඒවත් මතක් උනා.. හැබැයි මගෙ ආදරේ පටන්ගත්තේ මම කැම්පසි අවුට් වෙලා අවුරුදු දෙකකට විතර පස්සේ.. දැන් අපි විවහා වෙලත් අවුරුදු 3ක් වෙනවා.. කෙල්ල එදා වගේම තාමත් මට ආදරෙයි…
good on you buddy.. keep it up…
ටැන්කු krish , මගෙන් සුබ පැතුම්…..!
රුවි කිවා වගේ කතාව ඉවරවෙන්නේ නම් බොහොම සතුටින් වගේ… එල එල …. බොහොම සතුටුයි…….
ටැන්කු ටැන්කු ගොඩයෝ ,ඉතුරු ටිකත් බලමුකෝ……..
කියන බෑ කියන්න බෑ. බුට් කෑවාම තමයි ඔය මල් පොකුරු පොත්වල දාගෙන අවුරුදු ගණන් ඉන්නේ. හරිගියාම වෙන පොකුරු තමයි එන්නේ..
කට්ටියම තූ තූ ගාන්න.
අවුලක් නැනේ ජය්යො?
ටැන්කු …ටැන්කු
තුඃ… තුඃ…
හෆ්ෆා …ජයීය අංජනම් බලන්නත් දක්සයි වගේ, අපි බලමුකෝ ජයියගේ අනාවැකිය හරියිද නැද්ද කියල.. ඔන්න හරිගියොත් වැඩේ අල්ලන් යන්න පුළුවන්,බැරි උනොත්, එත් ඉතින් පුළුවන් තමා……..
හෆ්ෆා …ජයීය අංජනම් බලන්නත් දක්සයි වගේ, අපි බලමුකෝ ජයියගේ අනාවැකිය හරියිද නැද්ද කියල.. ඔන්න හරිගියොත් වැඩේ අල්ලන් යන්න පුළුවන්,බැරි උනොත්, එත් ඉතින් පුළුවන් තමා…….
පොඩි පුන්ච මල් මාමෙක්නේ……
එල කතාව. දිගටම ලියපන් මචන්.
එල කතාව.හැබැයි මෙගා ටෙලියක් කරන්න එපෝ…………………
කොමෙන්ට් අනුව කතාව ඉක්මනට ඉවර කරන්නම්……… ටැන්කු
කතාව හොදයි …
ටැන්කු
අනෙ එපා බොල කියවන්න කියල පටන් ගත්තාම මෙන්න මෙක ඉවරයක් කරන්න හදනව… කස්සගෙ වගෙ කතාව ලස්සනට එන පාටඉ හැබැඉ උ වගෙ කතවෙ අන්තිම කෙලවන්න එපා…
ටැංකු ටැංකු ලපටියෝ…..කතාව ඉක්මනටම දාන්නම්….
මං මේක දැනුයි කියෙව්වේ. පට්ට. බලාගෙන ගිහාම වෙන වෙන ස්කෝල වලට ගියාට අපි ගොඩක් අයගේ අත්දැකීම් සමානයි වගේ…. මේකේ අවසානය වස්සානයක් වගේ… මගේ කථාවේ නම් අන්තිමට දඩ ඉඩෝරයක් තිබ්බේ.
හැමෝටම එකවගේ නැනේ කිරියෝ,,, හැබැයි ඔය ලැබෙන වැහි, ඉඩෝර තමා ජිවිතේ කවද හරි දවසක සොඳුරු මතකයක් වෙන්නේ, ඒවා හැමදාම හිතේ තියෙනවා අමතක වෙන්නැතුව….
ඇත්ත ඇත්ත සහතික ඇත්ත…..
mee episode eka nam bokkatama wadunaa mehemama natat dingiththak withara lagin yana athdakeemak thiyana nisaa
අඩේ අමුතුවත් එහෙනම් ඒකම බස් එකේ… හැම කොල්ලෙක්ටම ජිවෙතේ ලස්සන මතක හැමදාටම ඉතුරුවෙනවා මචෝ… ටැංකු….