මේ මගෝඩිස් පෙරේරා අන්තිම පේලියට ලියපු පලවෙනි පෝස්ට් එක.
ඔන්න එහෙනම් මමත් රිංගුවා අ.පේ ට…. දෙයියනේ කියල එහෙනම් මමත් උබලට කතාවක් කියන්නම්…. හොඳ නරක බලලා උබලට හිතෙන එක දාපල්ලා…. මෙන්න මෙහෙමයි කතාව….
මේක උනේ අපේ යාලුවෙක්ට…. ඌ ඔන්න හා හා පුරා කියල කුලුදුල් 8 වෙනි කෑල්ලට ට්‍රයි කරන්න ගත්තා…. සීන් එක කියන්නේ මු ඒකිව දැකල තියෙන්නේ බස් එකේදී…. දැන් ඉතින් අපිට ඇවිත් කියනවා අඩෝ සුකිරි බෝලයක් වගේ කෙල්ලෙක් බන්… ඒකිව දැක්කම මගේ හදවත ලබ්බක් ලබ්බක් ගාල හයියෙන් ගැහෙන්න ගත්තා… මට රෑ තිස්සෙම නින්ද ගියෙත් නැ ලව් එක ඉස්මොල්ලේ ගහලවැඩි වෙලා… ඇස් 2 ක පියා ගත්තමත් එකිවමයි බන් පෙන්නේ…. අනේ මොනවා හරි කරහල්ලකෝ කියල මුගෙන් කන් කෙඳිරිය ඉවරයක් නැ…..
මොනවා උනත් අපේ බොක්කක් නේ… ඔන්න අපි සෙට් එක මුගේ හිත හැදුවා සප් එක දෙන්නම් කියල…. දැන් ඉතින් කට්ටිය කෙල්ලගේ විස්තර හොයනවා…. ( වෙලාවට මු එකී බහින තැන බලාගෙන ඇවිල්ලා) දැන් අපි 365 ස් දවසෙම බෙට්ටට කැරකෙන නිල මැස්සෝ වගේ කෙල්ලගේ ගේ වටේ කැරකෙනවා…. ආරංචි කරලා බැලුවම මෙකි ඉස්කෝලේ යන්නේ වැන් එකකින්… ගේ ගාවින් නගිනවා ගේ ගාවින් බහිනවා….. අපහු එලියට එන්නේ නැ මේ සම්මජ්ජතියකට…. ඔහොම හොයාගෙන හොයාගෙන යනකොට අපේ එකෙක්ගේ මීටර් එකට අහු වෙලා මෙකි දහම්පාසල් යන්නේ තනියම කියල…. (තනියම කිව්වට තව යාලුවෙක් එක්ක)
ඔන්න දැන් සෙට් එක ගේ වටේ කැරකෙන එක නවත්තල දහම්පාසල ගාවට යන්න හිතා ගත්තා…. ඒ දහම්පාසලේ නීති ටිකක් තදයි…. පිට කාටවත් අවේලාවේ ඇතුලට යන්න තහනම්…. දැන් ඉතින් කාල වරෙන්කො…. ඔන්න ඉතින් කට්ටිය දහම්පාසල ඉවර වෙනකම් හිටිය…. මෙන්න කෙල්ලත් එනවා යාළුවා එක්ක…. අනේ ෂෝයි හුරතල් කෙලි පැටික්කියෙක්….. කොට මොඩෙල් එකක් වගේ පොඩිම පොඩි…. දැන් ඔන්න අපි කෙල්ල පස්සෙන් යනවා…. අරු කෙල්ලට වැඩ බයේ ගැහෙනවා දියෙන් ගොඩ දාපු මාළුවා වගේ….. මුල් දවසේ ඉතින් එච්චරයි…. එකී එහෙමම ගෙදර ගියා අපිත් අපේ පාඩුවේ යන්න ගියා… දැන් අරුට තවත් නලියනවා…. මුට සතියක් ඉන්න බැලු අපහු කෙල්ලව බලනකම්…… මොනවා කරන්නද…. අපේ අති ජාතක මිත්තරය නේ…. සතියේ දවස් වල එකී වැන් එකෙන් බහිනකම් ගේ ගව අපේ උන් මුර…. අරුට ඉතින් ඒ පොඩ්ඩ දැක්කත් සැපයි…. ( ප්‍රේම පීඩා කියන්නේ ඕවට තමයි )
දැන් ඉතින් ඔහොම දවස් 2 ක 3 නක් දහම්පාසල ගාව කැරකුනා…. කෙල්ලට දැන් මීටර්…. අපිත් පස්සෙන් යනවා එකිත් එහෙමම ගෙදර යනවා…. හැමදාම ඕක කරන්න පුළුවන් දෙයක්ද….මේක හරියන්නේ නැති නිසා අපි දහම්පාසලේ එකෙක්ව සෙට් කර ගත්තා මේකිගේ විස්තර හොයන්න….. අඩෝ ඒ බන් ******** නේ….. ඌ ඉතින් දන්නේ නම විතරයි…..දැන් අරුව තව නලියනවා….
ෂා ලස්සනන නමක් නේද…. කෙල්ල වගේම නමත් ලස්සනයි… (ඔය කාලේදී කෙල්ලගේ නම දෙනවක හාමිනේ කිව්වත් ඉතින් කොල්ලට ලස්සන තමයි ) මු නලිය නලිය ඉදල ඇහුව අඩෝ ඒකිව කව්රුත් බුක් කරලා එහෙම නැ නේද කියල…… මුගේ වෙලාවට තාම කව්රුත් බුක් කරලා නැ….. දැන් කොල්ලට තවත් ෆුල් ෆිට්…. අර දහම්පාසලේ එකට අපි කිව්වා පොඩ්ඩක් එකී ගැන හොයල නිව්ස් එකක් දීපන් අපි ඊගාව සතියේ විවේක කාලය වෙලාවේදී එන්නම් කියල….. ඌත් එල මචන් කියල මාරු උනා…. එදා දවසටත් එච්චරයි….. හොඳම සීන් එක උනේ ඊගාව සතියේ…..
අපිත් ගියා සුපුරුදු පරිදි…. අරු කිව්ව වගේම අවා අපි ගාවට….. අපේ එකාව දැන් කසනවා නේ…. මූ ඇහුව කෝ බන් කෙල්ල කියල….. අරු මහා කින්ඩි හිනාවක් දාල කියපි
අන්න යාලුවෝ එක්ක බෝ මළුවේ බට්ටා පනිනවා බන්……
අපේ එකට විලි ලැජ්ජාවේ සන්තෝසේ බැ….. අපිට බඩ පැලෙන්න හිනා…… පස්සෙයි දන්නේ සීන් එක…. අපි කාටවත් ඒකිගේ වයස හොයල බලන්න බැරි උනා නේ…..(සමහර කොට මොඩල් ඉන්නවනේ පෙනුමෙන් පොඩි වයසින් වැඩි කෙල්ලෝ… අපි හිතුවෙත් එහෙමයි….) බැලින්නම් එකී තාම 7 වසරේ….. (ඉතින් බන් ඇත්තනේ… ඒ වයස බට්ටා පැනල සූර පප්පා බලන කාලේ නේ…) අපේ එකා පුත්තලම් බුරුවො එක්ගෙ වයස….. දැන් ඉතින් ඒකිව දරු කමට හද ගන්න යාලු වෙන්නද…. අරුට එත් ගානක් නැ…. අපි උට බැන බැන අවා තෝ නිසා කෑව කට්ටත් අපරාදේ යකෝ….. මීට පස්සේ කෙල්ලෝ ගැන කියනවනම් වයස හොයන වර කියල ඌට දෙහි කප කප අපිත් එන්න අවා…….
1 වෙනි කතාව නේ බන්…අඩු පාඩු අති ගොඩාක්….. ඒවා ශේප් එකේ පෙන්නලා දීපල්ලා…… හිනා යන්නේ නැත්තම් හිතල හරි හිනා වෙයල්ලා….. ගොඩක් කතා තියෙනවා….. ඉස්සරහට දාන්නම්…..
බාල අපරාදය ......, 9.2 out of 10 based on 81 ratings
http://www.thelastrow.net/?p=23818
©Thelastrow.net
කොපිරයිට්?
අපි මේ කියන කාරණාව වැරදියට තේරුම් ගන්න එපා.අපි පොඩි කාලේ ඉඳලා අහපු කියපු කතාවලට කොපිරයිට් ගන්න නෙවේ මේ හදන්නේ. මේක අදාල වෙන්නේ කවුරුහරි අමාරුවෙන් ලියපු කතාවක් වෙන තැනක කොපිකරලා දාන අයට.
වෙන සයිට් එක්ක කොපි පේස්ට් කරලා දානකොට අනිවාර්යෙන්ම පල්ලෙහා තියන HTML කෝඩ් එක හරි BB කෝඩ් එක හරි කොපි කරලා කතාවට යටින් පේස්ට් කරන්න ඕනෑ.
එහෙම කරන්න බැරි තැන්වල කතාව කොපි පේස්ට් කරන්න එපා.
HTML
<a href="http://www.thelastrow.net/?p=23818" style="font-size:16px;" target="_blank"> <strong > post : බාල අපරාදය …… by මගෝඩිස් පෙරේරා </strong > <br/> © Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post </a >
BB code
[url=http://www.thelastrow.net/?p=23818][size=16][b] post : බාල අපරාදය …… by මගෝඩිස් පෙරේරා[b][br]
© Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post[/size][/url]
කරන්න බැරි දේවල් :
- ලින්ක් ශෙයා කරන්න පුලුවන් social network වල ( facebook,twitter වගේ) කතාව කොපි පේස්ට් කරන්න වත් ඉමේජ් ෆෝමැට් එකෙන් අප්ලෝඩ් කරන්නවත් බෑ.එහෙම කතා පබ්ලිශ් කරන්නේ 'අන්තිම පේලිය official Facebook page' එකේ පමනයි. ඒකත් කරන්නෙ කතාව ලියපු කෙනාගෙ අවසරය තියනවනම් විතරයි.
- කතාව කොපි කරලා ඉමේජ් ෆෝමැට් එකට ගහන්න/ස්ක්‍රීන්ශොට් ගහන්න එපා.
මේ ඔක්කොම කියන්නේ කොපි කරලා කොහෙ දැම්මත් කතාව ලියපු එකාට මොනවහරි දෙයක් ලැබෙන්න ඕනනම් ඒක ලැබෙන්න ඕන කියලා හිතන නිසා.
තමන්ගෙ බ්ලොග් එකෙයි තව වෙන කොහෙ හරියි අන්තිම පේලියෙයි එකම කතාව දාලා තියනවනම් තරහ නැතිව අපට දැනුම් දෙන්න. අපි පෝස්ට් එකට ඒ අදාල විස්තර ඇතුල් කරනවා. මොකක් හරි දෙයන්ක් පිලිබඳව අපහැලිදිතාවයක් , දැනගන්න හරි දැනුම්දෙන්න යමක් තියන්වනම් මේ ලිපිනයට ලියන්න.
නියමයි!
ඔහොම වැඩක් උනා, මට නෙවෙයි මගේ යාළුවෙක්ට :ඩී
කියවල ඉවර උනාම පිසා ලිව්ව මේ කතාවත් මතක් උනා..
welcome to last row!
කව්ද ඒ යාලුවා.ස්කොලේ යන කාලේ ද?
ශැගියට යන්තම් මතක් වෙලා තියෙන්නේ…
අයියෝ සල්ලි කියුවලු….අඩේ මමත් තාම සූර පප්පා බලනවනේ…..
නොදකින්…..
ඒක තමයි අහන අහන කෙල්ල බෑ කියන්නෙ පොඩි එකෙක් කියලා හිතලා…. lol
කොට මොඩල් ළග පිකප්……………මට අපේ ට්චේර් කෙනෙක් කිඋවා යකෝ බදින්න ඕනිනම් බැදපිය අඩුම තරමේ අවුරුදු 10 වත් බාල එකියෙක්ව කියලා………….එහෙම කිඋවේ ඇයි ඇහුවම මගෙන් මොකුත් අහගන්නේ නැතුව ඉඩහන් කිඋවා……….
දැන් උබ බැන්දේ එහෙම එකියක්වද ?????
හි හි… අපේ පැත්තෙත් ඉන්නවා අයියා මල්ලි කියලා එකෙක්…. චූටි තරු පෙන්නන්න බෑ… ඔය තරු කියලා දැම්මෙ තව් කියලා කියන එක හරි නැති නිසා….
ඉතින් නරකයටත් ශෙයාස් තියෙනවද ඒ අයියා ලග
ශෙයාස්…. පුහ්… මගෙම කියලා ව්‍යාපාරයක් තිබ්බා ඒ දවස්වල… පස්සෙ මං ලොස් උණා… ඒක අතඇරලා වෙන එකක් පටන් ගත්තා…
ඔය අයියාමල්ලි කියන්නෙ එක්කෙනෙකුට
හික් හික්….. පවු බන් අසරණ කොල්ලෝ, මොකෝ කෙල්ලන්ගේ පිටේ ගහල තියෙනවයි ජීව දත්ත සටහන්, කොල්ලන්න්ට වෙන දේවල් සැහෙන්න දුක්කිතයි… මුල්ම පොස්ට් එක මාරු….
තව ලියමු……
උඹට විතරයි පොඩි පුන්චෝ තේරුනේ….
පොඩි පුංචෝ.. කතාව ඇදිලා තියෙන වෙලේ උඹට වෙච්ච සීන් එකත් දැම්මනං..
උණුසුම් ප්‍රතිචාර වලට ටැන්කු කිව්වා……
යකෝ කෙල්ලෙක් දැක්කම කියන්න බැරිද පොඩි එකෙක් කියලා ? අරු කතාකලා නම් කියයි පිස්සුද අන්කල් ඔයාට කියලා..
අඩෝ සමහර උන් ඉන්නවනේ බන් බට් මොඩ්ල්
අපේ පන්තියෙත් උන්න ඔහොම එකෙක්.හිතලම හොයන්නෙ පොඩි පන්තිවල කෙල්ලන්ව.මොකද මිනිහා ගොඩක් මිටියි.ඒත් ලව් එක ටික දවසයි.කෙල්ල උස ගිය ගමන් කොල්ලට සොරි තමා.
ඔය කියන එකා ඔයාගේ පස්සෙනුත් ආවා නේද පොඩ්ඩියේ……
ෂුවර් එකටම ඕකා දරු කමට තමයි කෙල්ලව හොයන්න ඇත්තේ. එළ කතාව. යෙදුම් එහෙම ලෙසට තියෙනවා. දිගටම ලියනවා නම් අපි කැමතියි ඕන්!
ටන්කු වේවා ඔබලා හැමෝටම……
බිලෝ ද බුරිය . . . . ඒජ් ඉස් නොට් අ බැරියර් !
7 වසරේදී නම් පොඩ්ඩක් අමාරු වෙයි.
වලගම්බා රජතුමා උඹට කලිං ඔය විත්තිය තේරුං ගත්ත නිසා තමයි මල්ලි ඔච්චර ගල් විහාර තොගයක් හැදුවෙ
චීයා…වල් ටියුලිප් මල…
ඒ මොකක්ද ඔයි ඒ මල….
ගජයගේ කතා පොජ්ජ ෂෝයි.
නියමට ලියල තීනවා. දැන් එතකොට ඕක වෙනකොට දෙන්නා අතර වයස පරතරය කොච්චරද? තව ලියමු හොඳේ..
ටන්කු ටන්කු….. හිහි….
ඒකිට 12 ක් 13 ක් අපේ එකාට 19 ක් වගේ ඇති කිරිසප්පයෝ ……
අපරාදේ අවුරුදු 6ක් 7ක් අවුලක් නෑ…. වැඩේ තියෙන්නේ අඩුම තරමේ ඒකි 15ක් 16ක් වත් උනා නම් හරි :S
දැන් තමා බන් එක තේරෙන්නේ …..
ලබ්බක් ලබ්බක් කියලා ගැහෙන හදවතක් ගැන ඇහුවාමයි ගජමෑන්!
හි හි හි…..
අඩේ අඩේ එල කතාව… එත් බං අද කාලේ ඉන්න ඔය වයසේ ගැටිස්සියෝ සුර පප්පා බලන්නේ නැහැ බොල….. උන් බලන්නේ High School Musical….
අම්මපා….??? හිකිස්….
බඩ කපා……………න් මැරෙනවා හයියෝ!!!
පිස්සු කෙලින්න එපා උඹ බඩ කපාගෙන…..
කොහොමත් අඹ කපලනේ බන් කන්නේ, අවුලක් නැ…කොහොමත් එකයි.. හි හි …
ආලවකයට උනා ඔයිටත් වඩා ආතල් සීන් එකක්. වයස නම් ප්‍රශ්නයක් උනේ නෑ. වෙන කේස් එකක් තමා හරහට හිටියේ. ඒක මෙහෙම කියනවට වඩා පෝස්ට් එකකින්ම කියන එක හොඳයි කියලා හිතුනා.
දාපන් දාපන් අලවකයෝ….
අඩෝ තෝ මැරුමි කන්න තමා හදන්නේ සූර පප්පා බලන උන්ට අනමි මනමි කියන්න ඇවිත්
මම තාම සූර පප්පා බලනවා ඩෝ
තුක් නොදකින්…. උබත් තාම බලනවද බොල….. අජූවයි…..
අඩෝව්….ගිරිපුර ඇත්තොත් බලපියවු කොහොම හරි….
හා හා ඔක්කොම බලන්නම්කෝ…..
අඩෝ කාටුන් වලට මුකුත් කියන්න එපාඩො….. පලවෙනි එක මල් හතයි….
ටන්කු කිව්වා උබටත්….. හි හි හි… උබත් හැබැටම කාටූන් පිස්සෙක්ද……… ?
ශිරාම ශිරා කතාව. 10/10 යි
එතක්ට ධමනි පව් නැද්ද ? ටැංකු….
අර මක්කෙයි ඒ….
Nice…
Thanks ….