Hangout with Sri Lankans around the world!
hide
Diaspora.lk - Hangout with Sri Lankans around the world!
Show
51

ට්‍රෝයි පුරයේ අවසානය

අමුතු සේන

(ට්‍රෝජන් සංග්‍රාමය I)

රාත්‍රියේ නිහඬතම හෝරාව එලඹිනි. නගරයට ඉහලින් පෑයූ සඳේ එලිය මුවා කරමින් ට්‍රෝජන් බලකොටුවේ ගොඩනැගිලි එහි එලිමහන් භූමිය මත අත්භූත රූ මවා පෑවෝය. සුරාමතින් සිහි විකල් වූ ට්‍රෝජන් සෙබළූ තැන තැන වැටී ගොරවමින් නිදා හුන්නෝය. තව සුළු මොහොතකින් ඇති විය හැකි ලේවැකි සිද්ධි දාමයක ඉවවැටුනු කැනහිලුන් රෑනක් බලකොටුව සමීපයේ කඳු මුදුනක සිට හූ හඬක් ගුවනට මුසු කලෝය.මධ්‍යධරණි මුහුද හා ලෙයින් පෙඟුනු  යුධ පිටිය හරහා හමා ආ සුලඟ නිසා කලබල වී වැනුනු ට්‍රෝජන් ධජ හැරුනු කොට ඒ භූමියේ අන් සියල්ල නිශ්චල විය.

එහෙත් එක්වරම!
නිදාහුන් අය අතරින් එකෙකු සෙමින් නැගිට්ටේය.තවමත් මත් ගතියෙන් හෝ නිදිබර ගතියෙන් සිටින බවක් පෙනුනත් ඔහු සිටියේ අන් කවර මොහොතකටත් වඩා අවදියෙනි.සෑම ස්පාටන්වරයෙකුම කුඩා කල පටන් ලබනා මනා යුධ පුහුනුවෙන් සන්නද්ධ වී සිටි ඔහු තම රාත්‍රිය විනිවිද දැකිය හැකි තීක්ෂන ඇසින් අවට නිරීක්ශනය් කලේය.ඉන්පසු ගොදුරට ලංවන අඳුන් දිවියෙකුගේ නිහඬ පියවරින් වැටී සිටි ට්‍රෝජන් සෙබළු අතරින් සීරුවෙන් තම ඉලක්කය කරා ලඟා විය.ඔහුගේ ඉලක්කය වූයේ එලිමහන් භූමිය මධ්‍යයේ සිට අඩි විස්සක් පමන ඉහල නැගුනු දැවැන්ත අශ්ව අනුරුවයි.ට්‍රෝජන් වරුන් පූජනීයත්වයෙන් සැලකූ කෝනෙල් දැවයෙන් නිමවූ ඒ අශ්ව රුව සඳ එලියෙන් ඔපවත්ව ජීවමාන අද්භූත සත්වයෙකුගේ රුව ගෙන තිබුනි.සෙමෙන් සෙමෙන් අශ්ව අනුරුවේ පාදයක් වෙත ලඟා වූ සයිනෝන්, කිසි සංඥාවක් ලබාදෙන ආකාරයට තාලයකට එහි බඳට සෙමෙන් තට්ටු කලේය. සුළු මොහොතක නිශ්ෂබ්දතාවයකින් අනතුරුව සම්පූර්නයෙන්ම තද දැවයෙන් නිමවූවා යැයි සිතූ අශ්ව පාදයේ කොටසක් රහස් දොරටුවක් ලෙස විවර විය….

-Re-cap-
සියුස් ගේ සැලැස්මකට අනුව සංවිධානය කරන උත්සවයකදී දිව්‍යාංගාවන් තිදෙනෙක් අතර ඇතිවෙන ආරාවුලක් සමතයට පත්කරන්න පැරිස් කුමරුට සිදුවෙනවා. කුමරුගේ තීරනය අනුව ජයග්‍රහනය කරන ඇෆ්‍රොඩයිට් දිව්‍යාංගනාව මනුලොව සුරූපීම කාන්තාවගේ ආදරය පැරිස් ට ලබාදෙන්න පොරොන්දු වෙනවා.
හෙලන් පැරිස් කුමාරයාට කැමති වෙයි ද? දැනටමත් විවාහක කාන්තාවක් පැරිස් ට ලබාදෙන්න ඇෆ්‍රොඩයිට් තීරනය කලේ ඇයි? පැරිස් කුමාරයාට ස්පාටන්වරුන්ගේ දේශයට ගිහින් හෙලන් කුමාරියවත් රැගෙන ආපසු ට්‍රෝයි පුරවරයට එන්න ලැබෙයි ද?

අද එතැන් සිට….
පුරාවෘතයට අනුව මේ හෙලන් කුමාරියත් සියුස්ට දාව ලැබුනු කුමාරිකාවක් .නමුත් ඇගේ පියා හැටියට සැලකුනේ ඇගේ මව(ලෙඩා රැජින)ගේ ස්වාමියා, ස්පාටාවේ රජු වූ ටයින්ඩේරියස්(Tyndareus) රජු.
හෙලන් කුමාරියගේ අත පතා ආව කුමාරවරු සියල්ලම අතරින් අවසානයේ ඇයව හිමිවන්නේ මෙනලවුස් කුමාරයාට. මෙනලවුස් මේ ජයග්‍රහනය ලබන්නෙත් ඇෆ්‍රොඩයිට් දෙවඟනට ඔක්ස් ගවයන් සිය දෙනෙකුගෙන් බිලි පූජාවක් පවත්වන බවට වෙන බාරයක් නිසා. නමුත් කුමාරිකාව හිමි වීමෙන් පස්සෙ ඔහුට බාරය අමතක වෙනවා.මේ නිසයි ඔහු ඇෆ්‍රොඩයිට් දෙවඟන ගේ උදහසට ලක්වෙන්නේ.

දූත මෙහෙවරක මුවාවෙන් ස්පාටාවට යන පැරිස් කුමරුව දකින හෙලන් කුමරියට  (ඇෆ්‍රොඩයිට් දෙවඟන ගේ අණින්) ඊරෝස් හෙවත් කියුපිඩ්(Cupid) විසින් ඔහුගේ මල් දුන්නෙන් ඊ තලයක් විදිනවා.මේ විදියට ආදරවන්තයින් බවට පත්වෙන මොවුන් දෙන්නා ඒ වෙනකොට ක්‍රීට දේශයට ගොස් සිටින මෙනලවුස්ට හොරෙන් ස්පාටාවෙන් පැන ගොස් ට්‍රෝයි දේශය බලා ගමන් අරඹනවා.
පැරිස්ගේ තීරනය නිසා තවමත් තරහින් සිටින හේරා දෙවඟන ඔවුන්ගේ ගමනට බාධා කරමින් දරුනු කුනාටුවක් එවුවත් ඒ බාධක වලින් මිදී අවසානයේ ට්‍රෝයි පුරයට පැමිනෙනවා.

මේ සිද්ධියෙන් කෝපයට පත්වෙන මෙනලවුස් ගැටළුව (ගොඩින්) බේරාගන්න තානාපතිවරුන් යැව්වත් ඒ හැම උත්සහයක්ම අසාර්ථක වෙනවා. මින් පසු තමයි මෙනලවුස් හා ඔහුගේ සහෝදරයා ඇගමෙමිනොන් තවත් ස්පාටන් කුමාරවරුන් හා සෙබළුන් සංවිධානය කරගෙන ට්‍රෝයි පුරවරය බිමට සමතලාකොට හෝ හෙලන් කුමාරිය ලබාගෙන පැරිස් තමන්ට කල අපහාසයට පලිගැනීමට තීරනය කරන්නේ.
කලින් කොටසෙදි කිව්වා වගේ ට්‍රෝයි නගරය එසේ මෙසේ යුද්ධයකින් ජයගන්න පුලුවන් නගරයක් නෙමෙයි. අනාවැකී පලකරන්නා වූ කැල්කස්ට අනුව ට්‍රෝයි පුරය ජයගන්න නම් ආකීලියස් ගේ උදව් අවශ්‍යමයි. මෙනලවුස්ගේ අණ පරිදි ආකීලියස්ගේ ගුරුවරයා ෆීනික්ස් ඔහුව යුද්ධයට එකඟ කරගැනීමට ගියත් ඔහුගේ මව ඔහුව කාන්තාවක් විදියට අන්දලා ස්කයිරෝස් නම් නගරයේ සඟවනවා.
ෆීනික්ස්ගේ සෙබළුන් නගරයේ අනතුරු අඟවන නලාව පිඹින කොට හෙල්ලයක් අතින්ගෙන නගරයේ ආරක්ශාවට දුව එන කාන්තාව (ආකීලියස්) අල්ලාගන්නා ෆීනික්ස් ඔහුව යුද්ධයට එකඟ කරගන්නවා.(තවත් තැනක සෙබළුන් රන් ආභරන හා අයුධ ගෙන ආ විට ආයුධ වර්නනා කරන කාන්තාව ලෙස ආකීලියස්  අල්ලාගත් බවත් සඳහන්)

මෙනලවුස් තමන්ට පෙර හෙලන් කුමාරියගේ අත පතා ආපු කුමාරවරුන්ගෙනුත් මේ සටනට සහය ඉල්ලනවා.ඔවුන් හෙලන් කුමරියගේ විවාහය ආරක්ෂා කරන බවට ඇය්ගේ පියාට වුනු පොරොන්දුවක් නිසායි මෙනලවුස් ගේ සටනට එන්නේ.මේ විදියට විශාල සේනාවක් සංවිධානය කරගත්තත් ඔවුන් ට්‍රෝයි නගරය තියන තැන නොදැනයි ගමන් ආරම්භ කරන්නේ.
ඒ විදියට ගමන් ආරම්භ කල සේනාව ලඟා වුනු විවිධ තැන් ඒ ඒ තැන් වලදි ඔවුන් මුහුන පාපු සිද්ධි අපූරුවට ඉලියඩ් කාව්‍යයේ විස්තර කරල තියනවා.

අන්තිමේදි මධ්‍යධරනී මුහුද හරහා ට්‍රෝයි නගරයට ලඟා වුනු ග්‍රීක සේනාව පලමුවෙන්ම ට්‍රෝයි දේශයේ වෙරල ආරක්ශක සේනාවට එරෙහිව සටන් වදිනවා.ඒ සටනේ මූලිකත්වය ගන්නේ ආකීලියස්. ඒ සටනින් ජයගන්න ග්‍රීකයින්(ස්පාටන් වරු) තව දුරටත් රට ඇතුලට සටන් මෙහෙයවූවත් ඒ සටන් එකක්වත් ඔවුන්ට ජයගන්න ලැබෙන්නෙ නෑ. අන්තිමේදි ඔවුන් තේරුම් ගන්නවා ට්‍රෝයි නගරය වටා තියන අනික් නගර වලින් ආධාර ලැබෙන තුරු මේ යුද්ධය ජයගන්න නොලැබෙන බව.
ප්‍රධාන ඉලක්කයට කලින් මේ අතුරු ඉලක්ක ජයගන්න තීරනය කරන ග්‍රීකයින් ඒ සටන් වලින් දිගින් දිගටම ජය ලබනවා.

මේ එක් සටනකදි ආකීලියස් ඔහුගේ හොඳම මිතුරා ලඟම ඥාතියා වන පැට්‍රොක්ලස් ට ඔහුගේ යුධ ඇඳුම් අන්දවා ඔහු වෙනුවෙන් සටනට යවනවා.මේ සටනෙදි ට්‍රෝයි සෙබළුන් ට්‍රෝජන් බලකොටුවට යනතුරු ම එලවා පහරදෙන පැට්‍රොක්ලස් අවසානයේ ට්‍රෝජන් නගරයේ ඔටුන්න හිමි කුමරු පැරිස් කුමරුගේ වැඩිමල් සහෝදරයා වන හෙක්ටර් අතින් මිය යනවා.


මේ මරණයෙන් වියරු වැටෙන ආකීලියස් (දෙවියන්ගේ ආයුධ තනන්නා) හෙපස්ටස් ගෙන් ලැබුනු යුධ ඇඳුම් හා ආයුධ කට්ටලයත් අරගෙන සටන් පෙරමුනට ගිහින් සටන් විශාල ප්‍රමානයක් ජයගෙන අවසානයේ ට්‍රෝයි බලකොටුව ඉදිරිපිට මුහුනට මුහුනලා කරන සටනකින් හෙක්ටර් කුමරු මරණයට පත් කරනවා.ඔහුගේ මිනිය තමන්ගේ අශ්ව කරත්තයට බැඳ ඇදගෙන යන ආකීලියස් ඔහුගේ මිනිය ට්‍රෝජන් වරුන්ට ලබාදීම ප්‍රතික්ශේප කරනවා.

පසුව ට්‍රෝයි පුරයේ රජු පැරිස් කුමරුගේ පියා ප්‍රියම් රජු ගේ ඉල්ලීමක් නිසා මිනිය ආපසු බාරදෙන ඔහු එහි අවසන් කටයුතු වෙනුවෙන් දවසක යුධ විරාමයක් ප්‍රකාශයට පත් කරනවා.

මේ වගේ විවිධාකාර ඛේදජනක සිද්ධි මැද්දෙන් මේ යුද්ධය අවුරුදු නමයක් පුරාවට පවතිනවා.මේ යුද්ධයට මුල් වුනු සිද්ධිය නිර්මානය කරපු සියුස් වගේම ඇෆ්‍රොඩයිට්, ඇපලෝ හා පොසීඩියන් වගේ දෙවිවරු ට්‍රෝජන් වරුන්ටත් හේරා,ඇතීනා වගේ දෙවිවරු ග්‍රීකයින්ටත් උදව් කරමින් යුද්ධයට අනුබල දෙනවා.

යුද්ධයේ අවසන් මොහොතක ට්‍රෝජන් වරුන්ව ඔවුන්ගේ බලකොටුව තුලටම පන්නාගෙන ගොස් ආකීලියස් ට්‍රෝජන් බලකොටුවට ඇතුලු වෙනවා. මේ වෙලාවෙදි ඇපලෝ දෙවියන්ගේ සහය ඇතිව පැරිස් විසින් විදින විශ ඊ තලයක් ආකීලියස්ගේ සිරුරේ එකම දුර්වල ස්ථානය වන විලුඹේ වැදී ඔහු මරනයට පත් වෙනවා.

ආකීලියස් ගේ මරනයත් එක්ක ග්‍රීක සේනාව දුර්වල වෙන නිසායි ඔඩිසියස් නම් දක්ශ සෙන්පතියගෙ අන පරිදි ඔවුන් පසු බහින්න තීරනය කරන්නේ.ඔඩිසියස් මෙහෙම පසු බැස්සේ  ඔහුගේ උපායශීලී සැලැස්ම ක්‍රියාත්මක කරන්නයි.ඔහුගේ සැලැස්මට හා ඇතීනා දෙවඟන ගේ උපදෙස් අනුව ඒපියස් නම් නිර්මාන ශිල්පියා විසින් ට්‍රෝජන් වරුන් වන්දනාමාන කරන අශ්වයෙකුගේ අනුරුවක් ඔවුන්ට පූජනීය දැවයෙන් හදලා ඒ ඇතුලට ග්‍රීක සෙබළුන් 40 දෙනෙක් ස්ථාන ගත කරලා අනෙක් සෙනගට යුද්ධයෙන් පැරදී නැවත ග්‍රීසිය බලා යන විදියට පසු බහින්න ඔඩිසියස් අන කරනවා.අශ්ව අනුරුවටම බැඳ දමා යන සයිනෝන් නම් සෙබලා තමාව ග්‍රීකයින් පාවා දුන් බවත් ඔවුන් පැන ගිය බවත් එතැනට එන ට්‍රෝජන් සෙබළුන්ට කියනවා.

අවුරුදු නවයක් තිස්සේ තිබුනු යුද්ධව අවසන් වුනා යි හිතන ට්‍රෝජන් වරු යුධ ජයග්‍රහනයේ සමරුවක් ලෙස අශ්ව අනුරුව තමන්ගේ බලකොටුව ඇතුලට ඇදගෙන ගොස් ඒ වටා රැස් වී කා බී ප්‍රීති ඝෝශා කරමින් යුධ ජයග්‍රහනය සමරනවා. මේ සැමරුම් අවසන් වී සියල්ල නිද්‍රාවට පත්වෙන තුරු බලා ඉන්න සයිනෝන් මධ්‍යම රාත්‍රියේ අශ්ව අනුරුව වෙත ගොස් එහි ඉන්න සෙබළුන් එලියට අරගෙන ට්‍රෝයි නගරයේ බලකොටුව බිඳලා අනෙක් ග්‍රීක සෙබළුන්ගේත් ආධාර ඇතිව මුළු ට්‍රෝයි පුරවරයම විනාශ කර දමනවා.

මේ විදියට විනාශයට පත්වෙන ට්‍රෝයි පුරවරයෙන් පැනයන රජ පවුලේ එකම එක කුමාරයෙකු හැර අනෙක් සියල්ලම මරණයට පත් වෙනවා.තමන්ට මේ තරම් අපහාසයක් කල හෙලන් කුමරියව මරා දමන බවට දිවරා සිටියත් මෙනලවුස් අවසානයේ හෙලන් කුමරියගේ රූ සපුවට වශී වී නැවතත් ඇයව තම බිරිඳ බවට පත් කරගන්නවා. විනාශ වූ ට්‍රෝයි නගරයේ සම්පත් කොල්ලකාගන්නා ග්‍රීක සේනාව ආපසු නැව් නැගී ග්‍රීසිය බලා පිටත් වෙනවා. නමුත් ට්‍රෝයි නගරයේදී විනාශ කල දේවස්ථාන වලට අධිපති දෙවිවරුන් දිව්‍යාංගනාවන්ගේ උදහසට ලක්වූ ඔවුන්ගේ ආපසු ගමන ට්‍රෝජන් යුද්ධයටත් වඩා අපහසු වූ බවත් කියවෙනවා.

ඔන්න ඔය විදියටයි ට්‍රෝජන් යුද්ධය නිසා ට්‍රෝයිපුරයේ අවසානය සිද්ධ වුනේ.මේ කතාව හෙක්ටර් කුමාරයා මැරෙන අවස්ථාව වෙනකන් ඉලියඩ් කාව්‍යයේ විස්තර කරලා තියනවා. මම විස්තර හොයල කියවපු තැන් වල මේ කතාව මීට වඩා ගොඩාක් දිගට විස්තර කරලා මීට වඩා ගොඩක් සිද්ධි ඇතුලත් කරලා තියනවා.කතාව මේ ලිපියෙන්ම ඉවර කරන්නයි මේ ලිපියත් තව දික් වෙන එක නවත්තනයි මම හිතා මතාම ඒ පොඩි පොඩි සිද්ධි අතෑරලයි කතාව කිව්වේ. හදිසියේ ලිව්ව නිසා ව්‍යාකරණ දෝෂ නං එමට ඇති.තව වැරදි අඩු පාඩු කතාවේ නොකියවුනු දේවල් තියේ නං අනිවාර්යෙන් කියන්න. :)

ඔය වගේ තමයි සියුස් ගේ වැරදි වහගන්න,ඔහුගෙ අරමුනු ඉෂ්ඨ කරගන්න තවත් දෙවි වරුන්ගේ පලි ගැනීමේ ආශාවන් ඉෂ්ඨ කරගන්න වටිනා මිනිස් ජීවිත විශාල ප්‍රමානයක් විනාශ වුනේ.
මේක ඇත්ත කතාවක් නොවෙන බව ඇත්ත ඒත් මේ දේවල් (මේ විදියටම නොවුනත්) අද කාලයෙත් වෙනවා කියලයි මට නම් හිතෙන්නෙ. දෙවිවරුන් නොවුනත් (සාමාන්‍ය මිනිසුන් නිසාම) ඒ තරම්ම බලයක් ලබාගෙන ඉන්න සුළු පිරිසක් නිසා ඒ අහිංසක බහුතරය දුක් විඳිනවා.
මං හිතන්නේ ඒ ලෝක ස්වභාවය වෙන්නැති.
බලයට,කාමයට ඇති තණ්හාව නිසා මිනිසුන් දුක් විඳින හැටි ගැනයි මේ ට්‍රෝයි කථා පුවතෙනුත් කියා දෙන්නේ…!

ට්‍රෝයි පුරයේ අවසානය, 9.5 out of 10 based on 62 ratings
VN:F [1.9.22_1171]
 ශෙයා
අමුතු සේන

අමුතු සේන

This user has not updated his description

 All posts by අමුතු සේන  Link to අමුතු සේන's blog

51 Responses to "ට්‍රෝයි පුරයේ අවසානය"

  1. Jayya says:

    හැම යුද්ධයක් පිටිපස්සෙම අවාසනාවට හිටියෙත් ඉන්නෙත් ඉතිහාස්යට් නම එකතු නොවෙන සාමාන්‍ය මිනිස්සු.. ඒ මිනිස්සු ගැන කවුරුත් කවි කතා ලීවේ නැහැ.. ලියන්නෙත් නැහැ.. එකයි ඉතිහාසයේ ස්වභාවය. කාටවත් ගැනියෙක් අයිතිකරගන්න මිනිස්සු දහස් ගණනක් මල කතාව තමයි මේ..නියම ලිපිය.. අපේට විවිධත්වයක් එකතු කළා.

    VA:F [1.9.22_1171]
    Rating: +4 (from 4 votes)
    • අමුතු සේන අමුතු සේන says:

      පලවෙනි කමෙන්ටුවම ජයියගෙන් නියමයි!!! :)
      තෙලැස්ට්‍රෝවට හැමතිස්සෙම්ස් අළුත් දෙයක් අමුතු දෙයක් ගෙනැල්ලා ඒකට කට්ටියගෙන් ලැබෙන ප්‍රතිචාර කියවන් එක තරම් සතුටක් නෑ අයියේ :)
      දවසෙ මහන්සිය කොහෙන් ගියාද කියල නෑ :D

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
    • පොඩි පුංචා පොඩි පුංචා says:

      “අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
      දෑතේ විරියෙනි රටවල් නැගුනේ
      ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්
      මොන රජ මැදුරේද සුදු කොඩි නැගුනේ…”

      ඔන්න සාමාන්‍ය මිනිස්සුන්ට වෙන දේ…

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  2. රංජා ranja says:

    ස්තූතියි අමුතුවො වෙනස්ම දෙයක් කියවන්න දුන්නට.

    VA:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
    • අමුතු සේන අමුතු සේන says:

      වෙනස් දෙයක් කරන්න ලැබීම සතුටක් රන්ජ මාමේ :)

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  3. ආලවක ආලවක says:

    තරු 7යි මල් දහයයි…!
    ආ… නෑ… නෑ…. මල් හතයි තරු දහයයි…!! :D :D

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
    • අමුතු සේන අමුතු සේන says:

      ආලවකට හරියට ටැපෙලෙනව වගේ :D ටැංකියු ටැංකියු

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  4. යුක්තිය යුක්තිය says:

    අපි මේකට නම දාමු අමුතු කතා කියලා!!! අනේ අයියේ මේ වගේ තව කතා දාන්නකෝ… අමුතු ගතියක් තියනවා

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
    • අමුතු සේන අමුතු සේන says:

      :D ස්තූතියි! ඊලඟට ග්‍රීක මිත්‍යා නැතුව වෙන රටක මිත්‍යා/ඉතිහාස කතාවකට යන්න අදහසක් තියනවා.බලමුකෝ…. :)

      VN:F [1.9.22_1171]
      Rating: +1 (from 1 vote)
  5. Yahoo says:

    කියන්න වචන නෑ මමත් කියවන්නම ආසම පැත්තක්…. ග්‍රීක පුරාවෘත්ත කතා… කියන්න වචන නැහැ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශිෂ්ටයි…… (Y) (Y) (Y)

    VA:F [1.9.22_1171]
    Rating: +2 (from 2 votes)
    • අමුතු සේන අමුතු සේන says:

      ස්තූතියි යාහූ!!! :D

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  6. Poddi Poddi says:

    ගොඩක් ආසාවෙන් කියෙව්වා කතා දෙකම.
    තවත් අමුතු අමුතු දෙවල් ලියන්න අමුතු… :D

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • අමුතු සේන අමුතු සේන says:

      ස්තූතියි පොඩ්ඩි!!! :D

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  7. අඹයා අඹයා says:

    එළකිරි ලිපිය අමුතුවෝ :) කවදාවත් අහපු නැති කතාවක් මේ…..

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • අමුතු සේන අමුතු සේන says:

      :O ට්‍රෝජන් අශ්වයගෙ සීන් එකවත් අහල නැද්ද? ඒක හෙන ප්‍රසිද්ධයිනේ.
      කමක් නෑ දැං සම්පූර්න කථාව(100%ක්ම නැතත්) අහගත්තනේ :D

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  8. ks says:

    ට්‍රෝයි ෆිල්ම් එකත් බැලූවනම් මෙත් එක්කම ගොඩේ ගොඩ

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • අමුතු සේන අමුතු සේන says:

      අනිවා! ඒත් ෆිල්ම් එකේ කතාව ගොඩක් වෙනස්.
      මං හිතාමතාම ෆිල්ම් එකේ පින්තූර නොදා හිටියෙත් ඒකයි :)
      ඒත් ෆිල්ම් එකක් හැටියට ට්‍රෝයි සුපිරියි!!!

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  9. DDT says:

    අම්මෝ … ඉතුරු කෑල්ල දැන්න ගිහිපු කාලයක්. ස්තූතියි ඔබට, අපි වෙනුවෙන් මහන්සි වෙල මේ තරම් විස්තරයක් ලිව්වට. නවත්වන්න එපා, තව කතා ටිකක් ලියන්න.

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • අමුතු සේන අමුතු සේන says:

      බොහොම ස්තූතියි DDT ඊලඟ පෝස්ට් එක ලියාගෙන යද්දි (මේකෙදිත් හිතුන වගේ)
      “මොන මගුලට මං මේව ලියනවද මන්දා ” කියල හිතුනොත් ටක් ගාල ඇව්ත් මේ කමෙන්ට් එක බලල යන්නං :)
      සමාවෙන්ට! ජුනි 6 වෙනිදට දාන්න පොරොන්දු වුනාට කතාව කපල කොටල හදාගන්න හිතුවට වඩා කාලයක් ගියා.

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  10. AHINSAKA AHINSAKA says:

    අමුතුවා… උඹ මේකට යොදවන කාලය ඉතාමත්ම වැදගත් ලෙස වැය කිරීම ගැන ගොඩාක් සතුටුයි. සුපිරියි

    **********+++

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  11. ක්‍රිෂ් krish says:

    ස්ටොරියනම් මැක්සා.. ඒත් නම් ගම් තමා පොඩ්ඩක් අවුල්… මාර ගේමක් දෙන්න එපැයි කියවන්න..

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • අමුතු සේන අමුතු සේන says:

      ayiyoo krish very sorry man oya nam mathaka thiyaaganna lesi wenna greeka dewa paramparaawe ruk satahanak daanna hitiye eeka amathaka welaa :(

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
      • ක්‍රිෂ් krish says:

        අමුතුවො මම ෆිල්ම් එකනම් බැලුවා. මැක්සා කෙල්ලො ටික මචං..

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
      • ක්‍රිෂ් krish says:

        අවුලක් ගන්න එපා ඒක පස්සෙ වෙලාවක වෙන පොස්ට් එකක් එක්ක දාමු..හෙ හෙ

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
      • අමුතු සේන අමුතු සේන says:

        මෙන්න මේ ලින්ක් එකේ තියනවා ඔක්කොම ග්‍රීක දෙවිවරුන්ගේ පවුල් රුක් සටහන ඒ ඒ අය අධිපති වෙන දේත් එක්ක
        උදා: Gaia – The Earth
        http://en.wikipedia.org/wiki/Family_tree_of_the_Greek_gods

        ඕක පැහැදිලි මදි වගේ නම් මෙන්න මේක බලන්න.

        http://ludios.org/greekgods/

        :)

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
  12. ShaLamaya says:

    කතාව උපරිමයි. එලටම ලියල තියෙනව මචන්. මහන්සි වෙලා කතා ලියල අපේ හිත් සතුටු කරනවාට බොහෝම පිං. :)

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  13. රුවී රුවී says:

    එල එල…හැබැයි මටත් අර ක්‍රිශ් අන්කල් කිව්ව වගේ නම් ගම් කියවගන්න තමා ටිකක් අමාරු… :D

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ක්‍රිෂ් krish says:

      රුවියො.. මම ආස නෑනේ ඔය නෑදෑ කම් කියල කතා කරනවට. ( නැතුව ලැජ්ජාවට නෙවෙයි ) ඒක නිස ඔන්න ඔහේ මට ක්‍රිශ් කියලම කතාකරහන් …

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
      • අමුතු සේන අමුතු සේන says:

        kamak naa krish api ruwiyatath ruwi nandaa kiyalane kathaa karanne :D

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
  14. භානුමතී says:

    ගෙදර විතරක් නෙමෙයි…ලෝකෙ කොහෙ වුනත් යුද්ධයක දී ගැහැණු පරාණයක් නම් මුල් වෙනවම තමයි.

    මේවා ගොතපු කතා වුනත්, නම් ගම් අමතක වෙන තරම් එක වගේ සහ සංකීර්ණ වුනත්, අදටත් හෙටටත් අපි වටේ මේ කතා එක එක විදිහට දිගැරෙනව කියල භානුමතීට හිතුනා………….

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • අමුතු සේන අමුතු සේන says:

      ඔව් භානුමතී “History Repeats” :)

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  15. කිරි සප්පයා කිරි සප්පයා says:

    සෑහෙන්න මහන්සිවෙලා ලියලා තියෙනවා.. ඇත්තටම අ.පේළියේ මෙච්චර කල් කියවපු කථා වලින් වැඩිම මහන්සියක් අරන් ලියපු කථාව… නියමයි අමුතුසේන අයියේ…

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • අමුතු සේන අමුතු සේන says:

      bohoma sthuuuthi kirisappayaa!!! :)
      Mahansiye prathipala thiyanawa kiya danena sathuta kiyanna wachana naa :D

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  16. Rehan Rehan says:

    MAchan niyamai! Tharu 10..

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  17. ඇස්කොට් මලයා ඇස්කොට් මලයා says:

    පොඩි අඩුවක් තියෙනවා…
    “ලේවැකි සිද්ධි දාමයක ඉවවැටුනු කැනහිලුන් රෑනක් බලකොටුව සමීපයේ කඳු මුදුනක සිට හූ හඬක් ගුවනට මුසු කලෝය….”
    “ලේවැකි සිද්ධි දාමයක ඉවවැටුනු කැනහිලුන් රෑනක් බලකොටුව සමීපයේ කඳු මුදුනක සිට හූ හඬක් ගුවනට මුසු කලෙමි..”

    කියලා නිවරැදි විය යුතුයි.. ඔන්න ඕක මට හරවන්න ඔට්ටු නෑ හරිය… :D :D
    මම ඔය පුරාවෘත ගැන දන්නෑ කොල්ලෝ.. ඒකයි මෝඩ ජෝක් අඩුවක් පෙන්නුවේ… මහන්සිවෙලා ලොකු ලස්සන කතාවක් කරාටයි දැනුම පුළුල් කරාටයි පිං…

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • අමුතු සේන අමුතු සේන says:

      මොකෙක් හරි සිංහල වැඩ්ඩෙක් මේකෙ තියන වියාකරන දෝස ගොඩ පෙන්නයි කියලා බයෙන් බයෙන් ඉන්නකොට මේක දැක්කම ගැස්සිල ගියා.
      බැලින්නම් මේ ඇස්කොටාගෙ ජෝක් එකක් නේ :P
      ස්තූතියි ඇස්කොට් මලේ :D

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  18. පොඩි පුංචා පොඩි පුංචා says:

    කියල වැඩක් නැ අමුතුවෝ පට්ටම සුපිරි… , කතාව කියවද්දී පින්තූර ටිකත් එක්ක සීන් එක මැවිලා පෙනුනා… මාත් ෆිල්ම් එක බලලා තියෙනවා, ඒත් අතීත විස්තරේ හරියට නොදැන, මාත් බලන් හිටියේ මේ කොටහ ඉක්මනට දානකන් , ලියමු තව ඒවා ඇති හැලෙන්න,…. 10 * 10 * 10* ස්ටාර් ……… :)

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • අමුතු සේන අමුතු සේන says:

      ටැංකියු ටැංකියු පොඩි පුංචා :D

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  19. ට්‍රෝයි වැටීම හෙවත් ඉලියඩ් කාව්්‍යයට කේන්ද්‍ර වෙන චරිතය තමයි ඇකිලිස්. නමුත් ට්‍රෝයි පුරය ජයගෙන නැවතත් සියරට බලා යන ග්‍රීකයින් මුහුනදෙන අභාග්්‍යය ගැන විස්තර වෙන “ඔඩිසි” කාව්්‍යයට කේන්ද්‍ර වෙන චරිතය තමයි ඔඩිසියස්.
    අවුරුදු 10ක් පුරා සිද්දඋන ට්‍රෝජන් යුද්දයෙන් පස්සෙ ඔඩිසියස්ට තමන්ගෙ රට වෙන Ithaca වෙත යන්න තවත් අවුරුදු 10ක් ගතවෙනව. ඒ අවුරුදු 10ට අදාල කතාව තමයි හෝමර් ඔඩිසි කියන නමින් ලියල තියෙන්නෙ.

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • අමුතු සේන අමුතු සේන says:

      පොඩි කාලෙ කතාව නොදැන ෆිල්ම් එක බැලුවට ඔඩිසි කතාවෙ ඇත්ත සිද්දිය දැනගත්තෙ ට්‍රෝයි කතාව ලියන්න ඒ ගැන තිබ්බ ලිපි කියවගෙන යද්දි.
      ඉලියඩ් එකේ ප්‍රධාන චරිතෙ අකීලියස් නිසා වෙන්නැති ට්‍රෝයි යුද්ධය ඉවර වෙනකන් කතා නොකියා හෙක්ටර්ගෙ මරනෙන් ඒ කිව්වෙ අකිලියස් වැඩ්ඩෙක් වෙන තැනින් කතාව නවත්තල තියෙන්නෙ :)
      කමෙන්ටුවට ස්තූතියි ඇන්ඩයියේ!

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  20. සුප්පා….!!!

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • අමුතු සේන අමුතු සේන says:

      කවුද බොල සුප්පා? :P :D

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  21. ස්කයිමෑන් ස්කයිමෑන් says:

    අම්මප නේද ඒකෙත් හැටි…

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • අමුතු සේන අමුතු සේන says:

      ඒකනේ පුස්කයිමෑන් බලන්ටකෝ….. :P :D

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  22. විරා මල්ලි says:

    මමත් පුරාවෘත්ත කතා වලට මාර ආසාවක් දක්වනවා … අමුතුවා මේක නිකන් ඇල් වතුරට උල් පිහියෙන් ඇන්න වගේ සුපිරියටම ලියල තියෙනවා.. මල් හතේ සුපිරි ඉස්ටාර් ප්සොට් එකක් අහ්හ්!!! …. ඔබගෙන් තවත් පුරාවෘත්ත සහ මිත්‍යා වලින් යුක්ත කතා බලාපොරොත්තවෙන් අපි ඉන්නෝ :)

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • අමුතු සේන අමුතු සේන says:

      :D බෝම ඉස්තූත්යි!!! තව කතා ලියන්න වෙලාව තමා ප්‍රශ්නෙ. කතා දැනං හිටියට ආවට ගියාට ලියන්නත් බෑනෙ.කිව්වත් වගේ ඇල් වතුරට උල් පිහියෙන් ඇන්න වගේ ලියන්නත් එපැයි :)

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  23. සෝනාර් හෙවත් සන්දික සෝනාර් හෙවත් සන්දික says:

    එල පෝස්ට් එකක්..අමුතුසේන ගේ මම කියවපු පලවෙනි පෝස්ට් එකද මන්දා..එලටම ලියලා තියෙනවා..ඒත් මට ඔය සියුස් ඇතුලු දෙවිවරු සෙට් එකෙ පේන්නම බැහැ..හර්කියුලස් යන කාලේ නම් ඒ ගැන් ආසවෙන් බැලුවා අර Titan ‍ෆිල්ම් සෙට් එකෙන් පස්සේ නම් තිත්තම උනා..එල මචන් දිගටම ලියන්න..කා ගැන ලියුවත් රාවණා රජු ගැන නම් ලියන්න එපා…දැකලම එපා වෙලා..

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • අමුතු සේන අමුතු සේන says:

      ටැංකියු සෝනාර්!!!
      අපෝ රාවණ ගැන නම් දැනං හිටියත් ලියන්නෙ නෑ :) දැං කට්ටිය ලියන තරම හොදටෝම ඇති.
      මේකෙ කලින් කොටස් දෙකත් කියෙව්වද?

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)

Leave a Reply

Sinhala transliteration (β) - වෙන තැන් වල සින්හලෙන් ලියලා කොපි කරන්න ඕනේ නෑ. කෙලින්ම කොමෙන්ට් box එකේ සිංග්ලිශ් වලින් ලියන්න.

Click ctrl+b to toggle the transliteration

© 2013 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Processed 121 queries in 1.045 seconds.