මේ කතාව දිග හැරෙන්නේ මං බොහොම ඉස්සර යුරෝපේ රටක අස්ප විජ්ජාලෙකට ගිහින් ඉන්න කාලේදී.. අපේ බැචේ හිටියා රටවල් දාහතරකින් ආපු ගොබිලෝයි කැකුලියෝයි තිස් තුනක්.. ඔය තිස් තුනේ හිටියේ තිස් තුන් ආකාරයක චරිත.. ඉන් චරිත දෙක තුනක් ගැනයි මේ ලියන්නේ. ඩිස්ක්ලේමර්: මේක කිසිම ආගමකට අපහාසයක් නොවේ..
හැමදාම අපි දවල් කෑම කන්න ගියේ යුනි කැන්ටිමට . ඕකේ එක එක දවස් වලට තිබුනේ වෙන වෙන විදිහේ කෑම ජාති.. එක දවසක් කුකුල් මස් එක්ක අර්තාපල් තීරු බැදපුවා. අර චිප්ස් කියන්නේ සිංගලෙන්.. තව දවසක හරක් මස් ස්ටේක් එකයි අර්තාපල් එක්ක තම්බපු කොළ ගොන්නකුයි එක්ක සෝස්.. ඊළඟ දවසේ ඌරුමස් ස්ටේක් එකක් එක්ක තව මගුලක්.. ආයිත් දවසක අඹරපු අස්ව මස් මිශ්‍රනයත් එක්ක පැස්ටා.ඔන්න ඔහොම හැමදාම මස් මස් මස්.. ඒ කාලේ මං ඉතින් නිර්මාංශ භක්ෂකයෙක් නොවුන හින්දා ඔහේ නගර සභාවේ කුණු ලොරිය වගේ ඔය ඔක්කොම ඇද බෑවා. දේසේ හැටියට බාසේ කියලා.
මගේ එක මිත්‍රයෙක් අබු.. එයා බංගලා දේශෙන්.. තද ඉස්ලාම් ආගමිකයා.. තව කෙනෙක් කුසුමෝ.. ඉන්දුනීසියාවෙන් .. මිනිහත් ඉස්ලාම් ආගම අදහන කෙනෙක්.. ඉන්දියාවෙන් ආපු ක්‍රිෂ්ණන් තද හින්දු භක්තිකයෙක්.. අනිකා කාඕ තායිවානෙන් ආපු ක්‍රිස්තියානි ආගමික සියලු භක්ෂකයෙක්..
ඔය කැන්ටිමේ දවසේ මෙනු එක ඉස්සරහින් ප්‍රදර්ශනේ කරලා තියෙන හින්දා අකමැති කෙනෙකුට නොකා ඉන්න පුළුවනි.. ඉතින් අපි උදේම කරන පලවෙනි වැඩේ තමයි මෙනු එක බලන එක. ඊට පස්සේ කනවාද නොකනවද කියල තීරණේ කරන්න පුළුවනි. හැබැයි කැන්ටිමෙන් කන එක පොශ්‍යජනකයි ලාබයි.
ඔන්න අබුවා එනවා බදාදා. බදාදා තියෙන්නේ ඌරු මස්.. මූ නොදන්නා එකා වගේ හිමීට කන්න හදන්නේ. දැන් කාඩ් එක දීලා කවුන්ටරේට සල්ලිත් ගෙවලා ගිහින් ඉඳගෙන ඉන්නවා. මමයි කාඕයි දෙන්න සද්ද නැතුව වැඩේ මොනිටර් කරගෙන ඉන්නවා මස් කෑල්ලක් දෙකක් බඩට යනකල්. ඊට පස්සේ කාඕ කියනවා
” එයි අබු.. යකෝ අද තියෙන්නේ ඌරු මස්නේ ! උඹ ඌරු මස් කන්නේ කොහොමද ?
අබුවාගේ කට ඇද වෙනවා.
” නෑ නෑ අද හරක් මස් .. ඌ කියනවා.
“යකෝ බදාදා කොහෙද හරක් මස් ? කෝ උඹේ ආගම ?”
” මං කන්න පටන් ගත්තේ නොදැනයි.. ඇයි උඹලා මට මේවා ඌරු මස් කියලා කිවුවේ ? ඒ හින්දා මට පවු නැහැ.. අබුවා කියනවා
ඌ ඔය විදිහට හැම බදාදාම දැන නොදැන ඌරු මස් කෑවා.
ඉන්දුනීසියාවේ කුසුමෝ අවංක එකා.
ඌ පලවෙනි බදාදාම කියනවා
” මං කුසුමෝ !! ඉන්දුනීසියාවේදී මුස්ලිම්.. හැබැයි යුරෝපේදී නොන් මුස්ලිම්.. !!
ඊට පස්සේ හැමදාම ඌ ඌරු මස් ඇඹරුවා.
ක්‍රිෂ්නන්ට ඌරු මස් ගැන ප්‍රශ්නයක් නොතිබුනාට හරක් මස් කෑම ප්‍රශ්නයක්නේ. ඒ විතරක් නෙවෙයි ඌ ආගමේ හැටියට එළවලු විතරක් කන්නෙක්..හරක ඊශ්වර දෙයියන්ගේ වාහනේ වෙච්චි.. කෑවොත් පවුනේ..
ඌ හරක් මස් ඌරු මස් අස්ව මස් කුකුල් මස් ඔක්කොම අඹරන ගමන් මෙහෙම කියනවා
“අවර් කන්ට්‍රි ඉස් වෙරි හොට් බට් දිස් කන්ට්‍රි ඉස් සෝ වෙරි කෝල්ඩ් … අයි ඊට් මීට් ලයික් මෙඩිසින් ටු කීප් මයි බොඩි වොර්ම් ! (අපේ රට වගේද මේ රට ? බොහොම හීතලයි.. ඉතින් මං මේ මස් කන්නේ ආසාවට නෙවෙයි බෙහෙතක් වගේ හීතල නැතිකරගන්නයි.. ඒක පවු නැහැ ..)”
පස්සේ දවසක ක්‍රිෂ්නනුයි මමයි කුසුමොයි මාකට් ගියා උයන්න බඩු ගෙනෙන්න.. අපි හිටියේ වෙන වෙන තැන්වල උනාට උයන්න ඕන බඩු ගෙනෙන්න ටවුමට ගියේ එකටයි..
හැමදාම මස් කෑවට ක්‍රිෂ්ණන් නෙවෙයි මස් මාළු සල්ලි දීල ගත්තේ..
ඉතින් මං ඇහුවා
“ඇයි ක්‍රිෂ්ණන් මස් මාළු ගන්නේ නැද්ද ?”
ඌ කියනවා
“යකෝ ලාබෙට හම්බවෙන එක කනවා වගේ නෙවෙයි”
” සල්ලි දීල පවු පුරවාගන්නේ කොහොමද ?”



හෆොයි….ඔහොම මිනිස්සු ලංකාවෙත් ඉන්නවා…උදාහරණයක් විදියට අපේ අත්තම්මා මස් බිත්තර මුකුත් කන්නේ නෑ පව් පිරෙනවා කියලා .අඩුම තරමේ කේක් වත්…ඒ උනාට මාළු කන එක පව් නෑ කියලා මට ඉස්සර කියලා දුන්නේ .
පලවෙනි තරු 10 ත් දුන්න ඔන්න …….
බොහොම ස්තුතියි.. මේක නීරස කතාවක් කියල මන් හිතන් හිටියේ..
සල්ලි දීලා පව් පුරෝගන්න එක පට්ට කතාව..
ඕක මිනිහා අර ඉන්දියන් විදිහට ඉංග්‍රීසි උච්චාරණේ කරලා කිවුව වෙලාවේ තමයි අහන්න තිබුනේ..
ඉන්දියන් උන්ගේ ඉංග්‍රීසි උච්චාරණේ ගැන නම් කියලා වැඩක් නැහැ.. නිකන් දෙයක් කතා කලත් මට නම් හිනා යනවා..
ලාබෙට හම්බෙනවනං ඉතිං අපේ ඇත්තො රහමෙර උනත් එපා කියයියැ…
ඉන්දික හැබෑටම නොබොන්නෙක්ද ?
නිකම් දෙනවනම් දෙමල පත්තරෙත් කියවනවලුනේ
නිකම් දෙනවනම් හෙම්බිරිස්සාවත් හොඳයිනේ..
ඇයි නිකන් දෙනව නන් පොරෝ පාරත් දෙන්න කියන්නේ.. කාලේ හැටියට නන් පොරෝ පාරත් වටිනව..
ලංකාවෙත් හරක් මස් කෑවාම පවු… හැබැයි පිඟානට අර මුළු ශිෂ්ඨාචාරයක්ම වඳවෙන විදිහට අල්ල ගත්ත කූනිස්සෝ කෑවට පවු නෑ… අපි හදාගෙන තියෙන හැටිනේ… ඔ්‍ය ඔක්කොම පවු පුංදි කාලෙයි 60 පැනලා සිල් රෙද්ද පොරෝ ගත්තහමයි විතරයි.. (බොහෝ විට)
ජයියා මාමා මේ කියන්නේ … දෙවන ලෝක යුද්ධෙට කලින් නේද? දැන් ජයියා මාමාට සෑහෙන වයසයි නෙවැ…
නෑ සප්පයෝ.. පලවෙනි ලෝක යුද්දේ කාලේ කතාවක්.. වයස ඉතින් නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ..
ඉතිං හරිනේ… පළවෙනි ලෝක යුද්ධේ තිබුනේ දෙවනි එකට කලින්නේ… :පී
ඉතිං යාලුචො සෙට් එකම ඇත්තනෙ කියල තියෙන්නෙ
අනේ ඇන්ඩි මලේ උඹේ වචන ටිකක් දකින්නත් ආසයි බන්..
මට මොකවත් නෙවේ මැවිල පේන්නෙ අර ක්‍රිශ්නන් ඉංගිරිසියෙන් ‘අවර් කන්ට්‍රි ඉස් වෙරි හොට් බට් දිස් කන්ට්‍රි ඉස් සෝ වෙරි කෝල්ඩ් … අයි ඊට් මීට් ලයික් මෙඩිසින් ටු කීප් මයි බොඩි වොර්ම් ! ‘ කියල කොහොම කියන්න ඇත්ද කියල…ඉන්දියන්කාරයොන්ගෙ ඉන්ගිරිස් උච්චාරණය නම්……අර මොනවදෝ එව්ව හැත්තෑවයි අප්ප! ඇල ඇල ජයිය අයියෙ (මාමද මන්ද )
මාමා මාමා.. .. දැක්ක දාට අයියා කියයි..
අවර්ර් කන්ට්‍රී කියල පටන් ගත්තම ඉතින් සංගීතේ තමයි ..
‘අවර්ර්ර්… කන්ට්ර්ට්‍රි ඉස් වෙර්ර්රි හොට් බට් දිස් කන්ට්ර්ට්‍රි ඉස් සෝව්.. වෙර්රි කෝල්ඩ් … අයි ඊට්අ මීට්අ ලයික්අ මෙඩිසින් ටු කීප් මයියි බොර්ඩි වොර්ර්ර්ර්ම් !
මෙහෙම වෙන්ඩැ මයේ හිතේ‘
හරියට හරි.. අවරේ කන්ට්‍රී
අපිටත් මේ ලඟදී ඉන්දියාවේ කෙනෙක් සිස්ටම් ට්‍රේනින් එකක් දුන්නා… සීයර්.. යෙකෝ.. යෙස්. යෙෆ්… එල ජයියා මාමේ.. නියමයි ඈ….
ඉතින් ජයියා මාමෙ අපිත් බෞද්ධයො හැටියට කියන්න පුළුවන් ‘අපේ ආගමේ හැටියට මස් කන්න තහනමක් නෑ, ප්‍රාණඝාතය විතරයි තහනම් කරල තියෙන්නෙ’ කියලා..
මම දන්න ගොඩක් බෞද්ධ අය කියන්නෙ ‘සත්තු මරණ නිසා කනවා’ කියලා, ඒත් ඇත්තටම මාංශ වලට තියෙන ඉල්ලුම නිසයි සත්තු මැරෙන්නෙ..
ඇත්ත සත්තු මැරෙන්නේ ඉල්ලුම නිසයි.. අර මගේ බ්ලොග් එකේ ගම්මනු මස් කියෙවුවද ? මාමා පසුගිය වෙසක් දවසේ ඉඳලා නිර්මාන්ශිකයෙක්..
ඉතිං හරක් කොහොමත් කන්නෙ කොල ජාතිනෙ ???
ලල් එකෙ……….. ලොවෙත් පට්ට….
පෂ්ටයි පෂ්ටයි..
ක්‍රිශ්නන්ගෙ කතාව ඇත්තනෙ ජයිය මාමෙ,සල්ලි දීල පවු පුරවගන්නෙ මොකටද???පවු උනත් මොකද ආයෙ නොමිලෙ හම්බෙනවනම්…
පොඩ්ඩී බලාගෙනයි.. අපේ කෂ්ටිය පස්සෙන් එලවයි නොමිලේ පවු දෙන්න බලාගෙන..
වෙන තැන වල කෙසේ වෙතත් ලංකාවේ තත්වෙනම් බර පතලයි, සල්ලි දීලා පවු පුරවගන්න කට්ටිය මෙහෙ කොහේ වත් හොයන්න බැරි වෙයි. එත් නිකන් ලැබෙනවානම් මන්න පාර උනත් කයි, ජීවිතේට මස් මාළු කටේ තියල නැ කියල දහ අතේ කියන උන් ගෙදර හොරෙන් දඩ මස් හිටන් කනවා, ඊටත් වඩා කණගාටු අත්දැකීමක් මට තියෙනවා, දවසක් අපේ යාලුවෝ කට්ටියක් සෙට් වෙලා හොඳට බොන ගමන් කදේ දා ගෙන සැරට සින්දු කියනවා, ඒ අස්සේ එකෙක් ” කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඇගේ” කියන් තාලේ අල්ලන කොට අනිත් උන් හූරේ තියනවා , ඒ කියල බයිට් එකට කන්නේ හරක්මස් කොත්තුවක්….! මට අපේ එවුන්ව එහෙම්ම එපා උනා…. වැදගත් පණිවිඩයක් දෙන පොස්ට් එකක් ජය්යියේ ,…. තරු 10 ත් මදි දෙන්න….
නොකා ඉන්න ඕන අවබෝධයෙන් මිස ආගමෙන් කියන නිසා නෙවෙයි.. එත් තමන්ගේ කෑදර කම ආගම නිසාවත් නවත්වාගන්න බැරි මිනිහා මිනිහෙක්ද ?
සහතික ඇත්ත ජයියේ…දැන් කොහෙද මිනිස්සු ඉන්නේ, ඔක්කොම නොමිනිස්සු…….
එල කිරි ජයියො…
අම්මෝ රන්ජව දැක්කේ මාස් ගානකට පස්සේ. කොහෙද රන්ජෝ හිටියේ ?
නිකම් දෙනවා නම් මන්න පාරක් උනත් මොකද? නේද ජයියා මාමේ??
නිකම් දෙනවානම් Z ස්කෝර් එක උනත් මොකෝ !
මේ කතාව බොහෝම සූටි එකක්. අපේ සෙට් වල එක එක ජාතියෙ ඩයල් හිටිය කියල. ඔහොම හිටපු එකෙක් තමා සේන කියන්නෙ. ඔකාගෙ තිබ්බ වෙනස තමයි, බුවා ෆුල් වෙජිටේරියන් ඩයල් එකක්, අපි වගෙ මස්ටේරියන් නෑ. ඒ කියන්නෙ ඌ කන්නෙ එලවලු විතරයි. හැබයි කරටි කැඩෙන්න බොනව. මම කිව්වෙ මුන් මහ අමුතුම මික්ස් පොරවල් කියල.
ඔන්න දවසක් මායි තව එකෙකුයි මොකක් හරි වැඩකට ගියා සේනයගෙ ගෙදර, යද්දි ඌ ගෙදර නෑ. ඔන්න අපි ඉතින් ඇහුව උගෙ තාත්තගෙන්, මෙන්න දෙබස් ටික ඒ විදියටම..
අන්කල්, සේන ඉන්නවාද?
ආ.. පුතා, සේන ගෙදර නෑනෙ, ඇයි හදිසියක්ද?
ආ.. නෑ අන්කල්, මෙ නිකන්, අන්කල් සේන කොහෙ ගිහින්ද?
සේන ගියානෙ පුතා aaaaaa හන්දියෙ bbbbb දොස්තර ලඟට, බේත් වගයක් ගන්න.
ඇයි අන්කල් සේනට අසනීප වෙලාද, අපි දන්නෙත් නෑනෙ…
ලොකු අමාරුවක් නෙවේ පුතා.. උගුරෙ මාලු කට්ටක් හිරවෙලා.. එකයි
(කොහොමද වෙජිටේරියන් කොලුවගෙ තරම )
අඩමානයක් නැහැ පාන් කෑල්ලක් ඇතුලේ තිබිච්ච මාළු කට්ටක් වෙන්න ඇති..
ඔය කියන සේන අමුතුම ජාතියේ සේන කෙනෙක්ද….?
එක සතෙක්ගේ මස් කන්න පුලුවන් නන් ඕන සතෙක්ගේ මස් කන්න පුලුවන් වෙන්න ඕන.. සමහරු ඉන්නව කුකුලා රස කොර කොර කනව හරකා ඌරා පැත්ත වත් බලන්නේ නැහැ.. කන්න ඕන කෙනෙක්ට කන්න අයිතියක් තියෙනව වගේම සතාටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනව, එක සතෙක් ගේ අයිතිය අහෝසි කොරන්න පුලුවන් නන් ඕන සතෙක්ගේ අයිතිය අහෝසි කොරන්න නට් සැක් එකක් තියෙන්න ඕන..
මම මස් කන්නේ නැහැ මට කන්න ඕන කමක් නැති නිසා, ඒත් අවශ්‍යතාවයක් උනොත් නන් ඕන සතෙක් (බල්ලා ඇරෙන්න) මරාගෙන හරි කනව (තාම නන් එහෙම කෑම අහේනියක් වෙලා නැහැ ඒ හින්ඳා මරාගෙන කාලත් නැහැ) මොකද මොන ආගම සදාචාරයටත් ඉස්සෙල්ලා අපි අපේ ජීවිතය ට ආදරය කොරන්න, ජීවිතය බේර ගන්න උත්සහ කොරන්න ඕන..
අනේ සෑමෝ.. මොන තරම් බඩගිනි උනත් අපේ චිම්පයි චීටයි නයයි. ට්වීටි , ඉස්ස වගේ උන් මරන් කන්න එපෝ !
සාගතයයක්ම එන්න ඕන ඉතින්.. හෙහ් හෙහ් සලකා බලන්නන්කෝ
කුහකයො තමයි, වෙන මොක්කුද? ඇත්තෙන්ම මාලුවලු මැරෙන්න වැඩිම කාලයක් ගන්නෙ ඔය කියන විදියට.
අඩුම ගන්නේ ඉන්දුනීසියක් එකයි ඉන්දියන් එකයි ටිකක් හොඳයි.. අබුවා තමයි හොරා.
මගේ යාලුවෙක් ඉන්නව, නිර්මාංශිකයි.හැබැයි මාලු පාන් කනව.ඇයි ඇහුවම කියනව “එකේ මාලු තියෙනව පේන් නෑනේ වැහිලනේ තියෙන්නෙ, බල බලා නම් මස් මාලු කන්න බෑ” කියල…
තව මම කලින් වැඩකරපු තැන අක්ක කෙනෙක් හිටිය.මස් කන්නෑ..ඒත් සොසේජස් කනව.
ටික ටික හරි අඩු කරන්න පුළුවන් නම් හොඳයි.. මම සම්පුර්ණයෙන්ම අත්හැරියේ එහෙමයි.. අවුරුදු ගානක් තිස්සේ අඩුකරගෙන ඇවිත් සම්පුර්ණයෙන්ම නැවැත්තුවා. දැන් හිත බොහොම සැහැල්ලුයි.. ගතත් සැහැල්ලුයි..
මාත් කාලයක් හිටියා ඔහොම…..කුකුල් මස් කන්නේ නෑ…ඒත් බිත්තර කනවා….මාලු නම් තාම කන්නේ නෑ….හැබැයි හොදි කනවා…..හි හී…..:D
…හැබැයි හරක් මස් නම් කන්නෙම නෑ….මොකද මෙච්චර කාලයක් දින පතා බීපු, ඒ සත්තු ලේ කිරි කරලා දුන්නු කිරි ගැලුම් ගනන් මතක් වෙනවා…..
මං එකේ වරදක් දකින්නේ නැහැ. කොහෙන් හරි පටන් අරන් අනුන් මරාගෙන කෑම කවදාහරි නවතින්න ඕන කියන මතයේ මම ඉන්නේ.
අපේ කැම්පස් එකේ පොරක් ඉන්නවා. ඌ මස් කන්නේ නෑ. හැබැයි මාලු කනවා. තව අපේ ගෙවල් පැත්තේ පොරක් මස් කෑලි කන්නෙ නෑ. හොදි කනවා.
ආලවකයගෙ අදහස නිර්මාංෂිකයි නම් උම්බලකඩ කෑල්ලවත් නොකා ඉන්න ඕනේ…. හා නැද්ද….?
හරි.. නිර්මාන්ශිකයි නම් මොනවත් මස් කන්න බැහැ. ඒ උනත් සම්පුර්ණයෙන් කරන්න බැරි උනත් මස් කෑම අඩු කිරීමත් හොඳ දෙයක්….
දේසේ හැටියට වාසේ
අපේ එකෙක් ඉන්නවා ඌ මුස්ලිමි ගෙදරදි හොඳ එකා පිටදි ඕන මඟුළක්
මස් ගැන දුකට ගස්
ගස් ගැන දුකට පස්
කෝකත් අන්තිමට පස් තමා හසෝ !
ලිපි ටික කියෙව්වට ඔන්න අද තමයි කොමෙන්ට් දාන්න සෙට් වෙන්නේ…. අප්පේ මගෙත් ඉන්නවා ඔහොම යාළුවො… ඉන්දියන් යාලුවෙක් ඉන්නවා. ඌත් එක්ක ඉන්දියාවට ගිහින් මම සති 2ම කෑවේ එලවලුයි, රොටියි. හැබැයි මෙහෙදී ඌ ඕනෙම එකක් කනවා. ඇහුවහම කියන්නේ ” Other wise how to survive here man ? ” කියලා. අර ජයියා අයියා කියපු කැන්ටින් සීන් එකම තමයි මම වැඩ කරන තැනත්. ඉතින් අහුවෙන දෙයක් කටේ දාගන්නවා ඇරෙන්න තෝරන්න කරන්න බෑ….
හැහ්…හැහ්…හැහ්…හෑ
ela kathawa