බිල නොගෙවීම හේතුවෙන් බලධාරියා විසින් සයිබර් කප්පාදුවකට ලක් කරලා මාව නන්නත්තාරයේ අතහැර දැමිමා. රංජනියෝ උඹේ දුක පමණයි පුටුවේ කිවිවලු. ඔවයින් වැඩක් නෑ පටාස් ගාලා කථාවට ඒන්ටෝර් වෙමුකෝ .
මෙන්න සීන් අංක එක
අපි කස්ටියත් එක්ක ප්රෝතික්රිනයාවක් දෙකක් කරලා පන්තිය ඉවර වෙලා බස් එකට නැගලා වාඩි උනේ නැතැයි අන්තිමට තියන දිග සීට් එකේ, නැත්තමි අපේ පස් දෙනාටම එක ලග වාඩි වෙන්ට බෑ නෙව, බස් එකෙත් වැඩි සෙනගක් නෑ සීට් ගානට කස්ටිය හිටයේ දොර දෙකේ දිග බස් එකක්.
කොහොමින් හරි කථා නායකයා ෆුටිබෝඩ් එක නැගලා ඇවිත් වෙලට බහින්නේ ඔය වෙලාවෙ තමයි. ඒ අපේ සැට් එකේ ඉන්න ගුලියා කියලා බුවෙක් (මේකේ ඉන්න ගුලියා එහෙම නෙවෙයි ඕන්න මුට ගුලියා කියන්නේ මු ගුලිකාලා වගේ හැමරෙද්දටම හිනා වෙන හන්දා) ගුලියා බස් එකට නැගලා බැලුවා කස්ටිය ගාව වාඩි වෙන්න ඉඩ නැති නිසා බෑග්එක දුන්නා මට. දිලා හිට ගෙන හිටියා මම හිටියේ ඉයර්ෆෝන් එකක් කනේගහගෙන සින්දු අහ අහ මට තියන කැහිල්ලට ගුලියගේ බෑග් එක ඇදලා බැලුවා. මෙන් බොලේ මෙකේ තියනවා කෙල්ලෙක්ගෙන් ගුලියට හම්බ උනු ලියුමක් ඉතිං අනුන්ගේ ඒවා කියවන නරක හෙම නොවේ අපි කියලා මම පටන් ගත්තා ලියුම කියවන්න
හිතවත් ගුලියා අයියා වෙත,
අයියාගේ ලියුමට උත්තරයක් නොදි හිටියොත් හරි නැති නිසයි මම මේ ලියුම ලියන්නේ. අයියේ අයියා සොල්දාදුවෙක් වෙන්න හිතාගෙන හිටියට මට පාන්ද. සොල්දාදුවෙක් වෙලා නිවාඩුවට ගෙදර එන කොට ළමයි මඟ බලාගෙන ඉන්නේ කොහොමද කියලා මට නමි හිතා ගන්න බෑ, මොකද අයියා දිහා බලපුවාම අයියට ඒ වැඩේ කර ගන්න බැරි බව ඕනීම මොඩයෙක්ට පේනවා. අනික මම අකමැති උනොත් අයියා තුවක්කුවක් කොටාගෙන වෙඩි තියා ගන්නවා කිවිවා නේද අයියේ, ඒක නමි ඉතිං කොහොමත් වෙන්නෑ කියලා මම දන්නවා මොකද දැන් කොටන තුවක්කු හොයා ගන්න නෑනේ වෙඩි තියා ගන්න ඕනීම නමි මට කියන්න අයියේ. අපේ ගෙදර තියනවා උණ්ඩ දාලා වෙඩි තියන තුවක්කුවක් ඒක ගෙනත් දෙන්නමි අයියට. මොනා නැතත් මම ඒ උදවිව නමි අයියට කැමැත්තෙන්ම කරලා දෙනවා.
චරාස් තඩි බේරෙක් පාරක් ගහලා බස් එක නැවැත්තුවා මාගේ ඔළුවත් ඉස්සරහා සීට් එකේ වැදුන නිසා ඩයිවර් මාමට පින් දිදි ඉන්නකොට ලාවට වගේ ඇහුනා ඉස්සරහා දොරගාව ඉදන් කොන්දා මාමා කියනවා.
ඔය පිටි පස්සේ පේලියේ ඉඳන් කෑගහන මල්ලියා මෙතනින් බැහැලා ඊළඟ බස් එකේ එන්නවද
මොනා කරන්නද ඊළඟ වංගුවේ චාරුලතා කියලා කස්ටියත් එක්ක එතනින් බැහැලා ඊගාව බස් එකේ ආවා
ලියුමේ ඉතුරු ටික කියවන්න උනේ නෑ ගුලියා පොරකාලා කඩාගත්තනේ මගෙන්
ඉතිං ඔන්න ඔහොමලු ගුලියගේ පළවෙනි කුළුදුල් ප්රේාමය අකාලයේ මියැදුනේ
මෙන්න සීන් අංක දෙක
මේ සීන් එකත් උනේ යට ගිය දවස උඩ කථාවේ රාජ්ය් විචාරපු අපේ ගුලියා උතුමානන්ටම තමා. දෙවන කුළුදුලේ මුට ලස්සන ගුලිච්චියකට හිත බැඳිලා. එයා ගෙන් ආදරය විමසන්නට උවමනැ යැයි පවසා මැරෙන්න හදනවා. මූ අපි හය හත්දෙනා වත් ඇදගෙන ගුලිච්චිගේ පස්සේන් ගියා ගියා ඉවරයක් නෑ මු අහන්නේත් නෑ අපිට බඩගිනිත් එක්ක බස්හෝල්ට් එකෙත් ඉඳලා ඉඳලා බස් එකක් ඇවිල්ලා මෙකී බස් එකටත් නැග්ගා මූ පඩත්තරයා වගේ ගොන් බැල්මක් දාගෙන හිනා වෙවි ඉන්නවා. ඒකිගෙන් අහන්න තියා ලගටවත් මූ නෙවෙයි යන්නේ. අපි පස්දෙනත් එක්ක නැග්ගා බස් එකට මායි පට්ටියයි පිටුපස නැවතුනිය අරුන් තුන්දෙනා ගුලිච්චිව අල්ල ගන්න මැද හරියට ගියා ටිකක් වෙලා ගියා ම්හු…. කිසි ප්රිතිචාරයක් නෑ ගිය උන්ගෙන්. අඩුම තරමින් චටාස් ගාලා සද්දයක් වන් ඇහුනෑ නෙව.
බහින තැනත් ලං වෙලා පට්ටියට මල පැනලා ගත්තා ගුලියත් එක්ක ගිය පෙරාට ගත්තා කෝල් එකක්
අඩෝ පෙරා ගුලියා ඇහුවද කෑල්ලගෙන්
මොන බන් මේ ඉන්නේ මු හිකනලෙක් වගේ හිනා වෙවි අවලමා
මොන හයන්නක් කරනවද ඔය පයන්නා ඈ බන්
අනේ මන්දා බන්
පට්ටියට මල පැනලා කෝල් එක කට් කරලා ගුලියටයි බස් එකටමයි ඇහෙන්න හයියෙන් කියනවා
ඔය නිල් පාට ටීෂර්ටි එකක් ඇඳන් ඉන්න මල්ලි, කහ පාට බ්ලවුස් එකක් ඇදන් ඉන්න නංගිගෙන් යාළුවෙන්න අහනවද ඉක්මනට. ඉස්සරහා හෝල්ට් එකෙන් අපි බහින්න ඕනී.
අනේ ඉතිං ගුලියගේ කුළුදුල් දෙවන ආදරෙත් ආකාලේයේ මියැදුනාලු
ආදර ගුලියා,



හ්යියූ හිනා වෙලා පණ නෑ. නියමයි.
ඔබේ සැප මගේ සතුටයි
පාප මිත්‍රයො බං උඹලා.. ගුලියට කෙල්ලෙක් යාළුකරල දෙන වැඩේ ඊට වඩා හොඳට කරන්න තිබුණා..
බස් එකේ කෑගැහුව කිව්ව එක නම් තේරුණේ නෑ.. :එස්
ඔය තේරුනේ සැගියට, උඹත් ඔහොම හිටියට ටියුසෝන් යන කාලේ ඔහම කොරල ඇති….
කව්ද බන් උට කෙල්ලෝ යාළුකරලා දෙන්න හැදුවේ ඌ එතන ඇඹරුණ ඇඹරිල්ලට කෙල්ල කොහොමත් කැමති වෙන්නේ නෑ බන්
කෑගැහුවා කියන්නේ බන් මම අර කනේ ගහන ඒවා දෙකක් ගහගෙනනේ හිටියේ ඉතිං ඒකේ සද්දේයි බස් එකේ සද්දෙයි නිසා මම කියපු ටික මුළු බස් එකටම ඇහිලා කුණුහබිබ දෙක තුනකුත් එක්ක
එලz…..ගුලි ප්‍රේමයට සොරි ඩොට් කොම් කියුවලු….හි හී…
සොරි කියන්නේ දන්න කියන කෙල්ලේක් නමි කවදාවත් ගුලියට කැමති වෙන්නේ නෑ
නංගි මොනා කිව්වද දන්නෑ කියන පරක්කුවට ගුලියා අනිත් උන් ටිකයි මාරු
Shaggy…………….කියන 1 නම් ඇත්ත
ඔව් ඔව් ඔයිට වඩා හොඳ ක්‍රම නමි තියනවා කොහොමත් කැමති වෙන්නේ නැති කෙල්ලෙකුට අපරාදේ ඔය ක්‍රම ටික නාස්ති කරන්නේ කියලා හිතුනා
එනිවේ තෑන්ක්ස් ආ
අයියෙ මේ… කරනවනං කරමු නැත්තං කජු කඩමු කියන ජාතියේ කෙල්ලො ඉන්න දැං කාලේ… ඔහොම තෙපරබබා හිටියොත් ඉතිං කෙල්ලගෙ හිතේ කැමැත්තක් තිබ්බත් කැමති වෙයියෑ…
කෙල්ල එහෙම කියපු ගමන් උඹ කජු කැඩුවනේ නරකයෝ
ෂික්……….. යාළුවො ටික ඔක්කම විනාශ කරල නෙව… තාමත් ගුලියට ගුලිච්චියක් නැතෙයි.
අනේ මම නමි අහිංසකයි සොසී අක්කේ
දැන්නමි ගුලිච්චියක් හමිබවෙලාලු
ගියපු සෙට් එක අප්සට් නිසාලු මුගේ වැඩේ අවුල් වෙලා ගියේ…….
ගිය සෙට් එක නමි එල කිරි අට කථා කරගන්න බැරි එක තමා හෙනේ
හයියූ ගුලියා
අපේ ගුලියටත් මෙහෙමද දන්නැ නේ බන් හැලපේ
පවුබන් අහිංසක ගුලියා…, ඇ බන් ජින්ජියෝ, උඹල පින් අතේ වැඩක් කියල උට ගුලිච්චියෙක් සෙට් නොකරපු එකනම් සැහෙන්න සාටර් හොඳේ, ..
මේකනේ සීන් එක පුංචෝ අපි ඉතිං උඹ වගේ පිනට අතේ වැඩ කරන්නෑ නෙව
පිනට නෙමේ බන් සැපට අතේ වැඩ කොරන්නේ, හරිය ජින්ජියෝ…… අඩේ කොස් ඇටය. උඹත් අස්සෙන් පැනල ලොකු එවුන්ගේ කතාවලට මෙතන හොට දානවා… දුප්…. පොඩි එකා…
අපිටත් ඔහොම වැඩ ඒමට වෙලා තියෙනවා… මෙන්න තරු…..
ඒ කියන්නේ ලපයටත් අපි වගේ යාළුවෝ සැට් එකක් ඉන්නවා එහෙනමි
හෆොයි.. උඹලා වගේ යාළුවො හිටපු ඌ ජීවිතාන්තය දක්වා තනියෙන් තමයි..
අපෝ නෑ ජයියා මාමේ අපි ගුලියට එහෙම වෙන්න දුන්නේ නෑ
අපි එල කිරි එකක් සැටි කරලා දුන්නා නෙව
ඇයි යකෝ, තොපි වගේ යාළුවෝ පට්ටි හත අටක් හිටියා නම් රටේ ගොඩක් උන් තාම තනිකඩ. නියම කතාව කොල්ලෝ…..
ඈ ගලේ පාතයෝ පට්ටි ඉන්න අපි හරක්ද බොල
පාප මිත්‍ර සේචනේ . . . . චික් !
ඔන්න ඒකට ඇන්ඩා අයියා වගේ එකෙක් අපේ සෙට් එකේ හිටියනමි බඩු හරි නේ…………
අපෙ අම්ම කියල තියෙනවා පාප මිත්‍ර සෙවනෙ හැටි…. එ උනාට අපිට කෙලම උනාම ඉන්නෙ ඔය පාප මිත්‍රයො විතරඉ ඔඉඉ….
ඒකනේ ලපටියෝ බන පදයක් තියෙන්නේ අසේවනාච පන්ඩිතානං බාලානංච සේවනා කියලා
බස් එකේ කෑගැහුවා කියල කිව්වේ උඹලා මහා හයියෙන් අර ලියුම කියෙව්වද?
පොඩ්ඩක් විතර මගේ කටේ සද්දේ වැඩි වෙලා බස් එකටම ඇහිලා නෙව
උන් තමා බොල නියම කල්‍යාණ මිත්‍රයො. තමුන්ගෙ මිත්‍රය වලේ වැටෙනවා දැක දැක බලා ඉන්ඩ බැරි වෙන්ඩ ඇති උන්දැලාට.
අන්න ආලවකට තේරුනා එකකට කාපු බීපු එකෙක් විනාස වෙනවා බලා ඉන්න පුළුන්ද එහෙම කල්‍යාණ මිත්‍රයන්ට
පව් ඕයි……………..
පව් නෑ ඕයි…………
කාලෙකට පස්සෙ කතාවක් කියවල හිනා ගියා ඕයි.