Hangout with Sri Lankans around the world!
hide
Diaspora.lk - Hangout with Sri Lankans around the world!
Show
16

අම්මයි තාත්තයි දෙවන කොටස.

O2

පසු ගි‍ය කථාවේ ඉතිරි කොටස………………
දුරකතනය නාද විය.
“සුමනා ගිහින් බලන්න කව්ද කියලා.අර වසවර්තියාද දන්නෙනෑ.අන්න අර ටැලිපෝන් එක කෑගහනවා.” මුල් ගුරුපියා හඩ නැගුවේ ය.
“ඔහොම ඉන්න මම එනවා.මේ කුස්සියේ ඉන්නේ.” සුමනා ගුරුතුමිය කුස්සියේ සිට පැමිණියා ය.
“හලෝ.”ඇය හඩ නැගුවාය.
“අම්මේ මම විරාජ් කතා කරන්නේ.”
“ඇයි පුතා හදිස්සියේම.”
“නෑ අම්මේ මම මේ පොඩි පණිවිඩයක් කියන්න කතා කරේ”
“කියන්න පුතා.මොකද එක පාරට අපිව මතක් උනේ. උඹට දෙන්න නම් තව අපි ගාව තව මුකුත් නෑ.”
“අනේ අම්මේ ඔය ගැන අපි පස්සේ කතා කරමු. මම මේ කතා කරේ ඊට වඩා වැදගත් දෙයක් කියන්න.”
“මොකක්ද පුතා.”
“අම්මේ මම බදිනවා.”
“පුතේ උඹට මොකද වෙලා තියෙන්නේ.උඹට පිස්සු ද?”
“ඇයි අම්මේ අම්මලාමනේ කියන්නේ මට බදින්න කියලා.”
“පුතේ අපි උඹට කියන්නේ අපි උඹට හොද කසාදයක් කරලා දෙන්නම්.”සුමනා ගුරු මාතාව ඇසට නැගුනු කදුලු බිදු රූටා වැටෙද්දී හඩ අවදි කළා ය.
“දැන් පුතා කව්ද පුතා කාවද බදින්න යන්නේ.?”බිදුනු හඩින් ඇය විචාලාය.
“අම්මේ එයා බ්‍රිට්නි.ඇමෙරිකාවෙ කෙනෙක්.ගොඩක් හොඳ ගෑණු ළමයෙක්.ලOකාවේ ගෑණු ළමයෙක් වගේ හැදිච්ච ගෑණු ළමයෙක්”
“අනේ පුතේ. අපි නොදන්නවයි පිටරට කෙල්ලොන්ගේ හැටි.සOකර රටවල්නේ. අනේ පුතේ මම වැදලා කියන්නම් ඔය කසාදේ කරන්න එපා.”ඇය හඩා වැටුණා ය.
“අනේ අම්මේ අම්මලාගේ තියෙන්නේ හනමිටි අදහස් මම කරන්නේ මට ඕන දේ.”
“හොදයි පුතේ උඹ හිතා ගනින් උඹේ මේ අම්මයි තාත්තයි මලා කියලා”

“ඔව් ඉතින් කොහොමත් ඒ වගේ තමා.ඔයාලා ඉන්නේ එහේ.මම මෙහේ.අමුතුවෙන් වෙනසක් නෑ.ඔය දෙන්නා මා ගාව නෑ.මට ඔනේ දේ දෙන්නෙත් නෑ.එහෙනම් මගුල ගැන කියන එක මගේ යුතුකම.මම තියන්නම් අම්මා.බායි”
සුමනා ගුරුතුමිය ඉකි බිදියි.
“පුතා……උඹ ට තෙරුවණ් සරණයි”
එහෙත් ඒ වන විට ඔහු දුරකතනය විසන්ධි කොට හමාරය.
ඇය මහ හඩින් හැඩීමට පටන් ගත්තා ය.
“මොකද ඉස්කෝලේ හාමිනේ අඩන්නේ” මෙය ඇසුනු මුල් ගුරුපියා ඇය අසළට පැමිණියේය.
ඇය ඉකි බිදිමින් සියල්ල පැවසුවා ය.
පියාගේ දෙකොපුල් මත කදුලු බිදු රූරා වැටෙමින් තිබුණි.
“ඔය වසවර්තියා ට අඩුවට තිබ්බේ ඔච්චර ‍යි.” ඔහු පැවසුවේ ය.
“පුතා ගේ හදහන ටිකක් බලවන්න වෙනවා මහත්තයා. හෙට දොහේ පන්සල පැත්තේ යන්න ඕනි”
“ඔනේ නෑ හාමිනේ.ඕකගේ අපලේ තමා ඔලුව ඉදිමුන එක.ඌට කවදා හරි තේරෙයි.ඌ අපේ මූණේ දැලි ගෑවා.”
ගුරුතුමිය හඩමින් කාමරය තුළට වැද දොර වසා ගත්තා ය.
පිටතට නොපෙන්නුවද පියාගේ සිත තුළ ද මහත් සේ දුක් ගින්න ඇවිලිමෙන් පැවතුණි.
ඔහු යලිත් හාන්සි පුටුවේ හරිබරි ගැසී කල්පනා සයුරේ කිමිදෙන්නට විය.
සිය පුතු ගේ අතීත සිදුවීම් ඔහුට චිත්‍රපටයක් සේ මැවී පෙනෙන්නට විය. පුතු මුලින් බහතේරු දිනයේ තමා කොතරම් සතුටු වුණි ද?ඔහු පිලිබද තමා තැබූ සිහින සියල්ල දෙපතුල ලග සුනු විසුනු වී යන බව දැනුනු ඔහුගේ සිත මෙන්ම හදවත ද මහත් වූ වේදනාවෙන් බරව ගියේ ය. පුතු වෙනස් වී හමාරය. තම මහළු විය මෙතරම් දුක් බරිත වේ යැයි ඔහු කිසි දිනෙක නොසිතුවේ ය. සිය බිරිද පිලිබද ඔහු කණගාටු විය. ඈ දුක් වන තරම ඔහුට සිතා ගත නොහැක. මුලු ජීවිතේම හිස් බවක් ඇති විය. ඔහු දෑස් පියා ගෙන තවත් කල්පනා කළේය.
පැය කිහිපයක් මෙසේ ගත වන්නට ඇත.ගුරු නිවස නිහඩය.
කාමරයෙන් එළියට පැමිණි ගුරු මව හාන්සි පුටුවේ නිදියමින් සිටි ගුරු පියාට කතා කළාය.
“ස්කොලේ මහත්තයෝ. දැන් කරන්නා දෙයක් නෑ.අපි දැන් යන තැනකට පිනක් දහමක් තව වැඩිපුර කරමු”
ගුරු පියා නිහඩ යි.
ඈ තවත් මොනවදෝ කියවයි.ඒ කිසිවක් ඇසුණු බවක් ඔහු නොපෙන්වයි.
“මොකද සද්ද නැත්තේ” ඇය ඔහු කීද්දුවා ය. ඇගේ මුලු ශර්ර්‍රයම අප්‍රාණික බවක් දැනුණි. ස්කෝලේ මහත්තයා ගේ මුලු ශරීරය සීතල වෙමින් පැවතුණි. අසල් වැසි නිවසකට වැලහින්නක් සේ හඩමින් ගිය ඇය ඔහුව වහා රෝහල් ගත කිරීමට කටයුතු කළා ය. එහෙත් ඇය පමා වැඩිය. ඔහු හදවත පුපුරා යැමෙන් මෙළොව හැරගොස් හමාරය.
නූතන පටාචාරාවක් බවට සුමනා ගුරුමව පත් වූවා ය. එකම දිනයේ තම සැමියා භෞතිකවත් සිය පුතු ආධ්‍යාත්මිකවත් ඇයට අහිමි විය. ඇයට හැඩීමටවත් තව කදුලු ඉතුරු වී නැත.
ගම් වැසියන්ගේ සහභාගීත්වයෙන් අවමගුල චාම් ආකාරයෙන් සිදු කෙරුණි. විරාජ් ට අවමගුල පිලිබද දැන් වුව ද ඔහු එයට සහභාගී නොවීය. ගම්මුන්ගේ අපවාදයෙන් සිය පුතු බේරා ගැනීමට මව පැවසුවේ විශ්ව විද්‍යාලයේ අනිවාර්ය විභාග ඇති හෙයින් ඔහුට සිය පියා ගේ අවමගුලට සහභාගී නොවන බවයි. එහෙත් මේ මුසාව පිලිබද ඇගේ හදවතින් ඇයට දොස් පැවරුවේ ය. එහෙත් ඇය අසරණ ය. තමාගේ පුතු සිය සැමියාගේ මරණයට හේතුව බව ඈ දන්නීය. එහෙත් ඈ තුල පවතින දරු සෙනෙහස ඔහුට විරුද්ධව ගම්මුන් හා ගතු කීමට ඇයට ඉඩ නොදෙයි.
සියලු කටයුතු අවසානයේ ඇය තනි වූවා ය. විරාජ් ගෙන් ඇමතුමක් එන තුරු ඇය මග බලා හුන්නා ය.
ඇයට ගතවන සෑම තත්පරයක්ම දැනුනේ මහා කල්පයක් ලෙසය. ඇගේ මුලු ජීවිතයම පාළුවට ගොස් තිබුණි. එදා පටාචාරාවට බුදුරදුන් සෙවන දුන්නා සේ ඇයට මෙදා බුදු දහම සෙවන දුන්නේ ය. ඇය කම්පා නොවීය. සියළු දේ ඉවස විද දරා ගත්තා ය.එදා කිසාගෝතමිය සිය පුතු යලි නොයෙන බව වටහා ගත්තා සේ තම පුතු ද තමාගෙන් ඈත්ව ඇතිබව ඇය වටහා ගත්තා ය. ඇය කල්පනා සයුරේ කිමිදුණාය.පතුළටම කිමිදුණා ය. අවසානයේ ඇය තීරණයකට පැමිණියා ය.
ඒ තමා සතු සියල්ල සසුන ට පූජා කිරීමට යි. පුතු ඇමෙරිකාවේ නව දිවියක් අරඹා ඇති හෙයින් යලි මෙහි වසන්නට නොයෙන බව ඇය දනියි. එසේ නම් මේ සියල්ල රැස් කරන්නේ කා වෙනුවෙන් ද? සිය සැමියා සියල්ල හැර ගියේ හිස් අතිනි. මේ දේපොල පිලිබද ආශා සිතුවිල්ලක් ඈ තුල නොවීය.
ඒ තමා සතු සියල්ල සසුන ට පූජා කිරීමට යි. පුතු ඇමෙරිකාවේ නව දිවියක් අරඹා ඇති හෙයින් යලි මෙහි වසන්නට නොයෙන බව ඇය දනියි. එසේ නම් මේ සියල්ල රැස් කරන්නේ කා වෙනුවෙන් ද? සිය සැමියා සියල්ල හැර ගියේ හිස් අතිනි. මේ දේපොල පිලිබද ආශා සිතුවිල්ලක් ඈ තුල නොවීය.
ගමේ පන්සලේ නායක හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් ඇය සිය නිවස අසරණ දරුවන් සදහා නිකේතනයක් බවට පත් කළා ය. ඇයට මේ සදහා ගමේ බොහෝ පිරිසකගේ දායකත්වය නොඅඩුව ලැබුණි. අට ලෝ දහම හමුවේ තව දුරටත් දුක් නොවන ඇය මේ සියල්ල මැදහත් සිතින් පිලිගත්තා ය.
මේ අතර ගුරු පියාගේ තෙමස් පූර්ණ පින්කමද ලO විය.
ගුරුතුමිය පවත්වාගෙන යන නිකේතනයේ දරුවන් ද තම ස්ථානයේ පැවැත්වීමට නියමිත දානමය පින්කමට තමාට හැකි පරිදි ගුරු මවට සහය විය. සිය පුතුගෙන් අහිමි වූ දරු සෙනෙහස ඇය මව්පියන් නොමැති මෙම අසරණ දරුවන් වෙතින් වින්දා ය. ඔවුහු මව්පිය අගය වටහා ගෙන සිටි නිසා ය.
පිOකම් දිනයේ දී සිය පුතු නොපැමිණීම පිලිබද ගම්මුන්ගේ කතාබහට ඇය ලක් වූවා ය. එහෙත් මේ කිසිවකින් ඇය දුක් නොවූවා ය. ඇයට දුක් වීමට තරම් එය හේතුවක් නොවුනු බැවිණි. එහෙත් පිOකම පිලිබද ඇය පුතුට ලිපියකින් දැන්වීමට අමතක නොකළාය. පුතු නොපැමිණීම ගම්මුන්ට හොද මාතෘකාවක් වී තිබුණි.ඔවුහු නොයෙක් උපකල්පන සිදු කළහ.
හාමුදුරුවරු පෙරහැරින් වඩම්මා ගෙන පැමිණෙන විට නිවස ඉදිරියේ නවීන පන්නෙයේ වෑන් රථයක් නවත්වන ලදි. සැවොම නෙත් යොමු කළේ ඉන් බට තරුණයා දෙස ය. ඩෙනිම් කලිසමකින් හා හැට්ටයක් බදු කමීසයකින් සැරසී සිටි ඔහු හදුනා ගැනීම අපහසු නොවී ය. ඔහු අන් කවරෙක් නොව විරාජ් විය.
සිතේ හැOගී තිබූ මාතෲ සෙනෙහස දෝරෙ ගලා ගියා ය.ගුරුමව දුව ගොස් සිය පුතු බදා ගත්තාය.ඈ මහ හඩින් හැඩුවා ය. එහෙත් තරුණයා මේ සියල්ල ට සOවේදී බවක් පෙන්වනු නොපෙනුණි.
නොයෙක් උපකල්පන වල නිරත වූ ගම්මු නිහඩ විය. දානමය පින්කම ඉතා සාර්ථකව සිදු කෙරිණි. අවසාන මොහොතේ හෝ ගමට පැමිණීම පිලිබදව ලොකු හාමුදුරුවෝ මෙන්ම ගම්මු ද ඔහුට ප්‍රසOශා කළහ.
එහෙත් ඒ දොරේ ගැලූ දරු සෙනෙහස මහා ගOවතුරක් සේ ගුරුමව වෙත පැමිණියේ දානමය පිOකම අවසානයේ සියල්ලන්ම පිටව ගොස් නිකේතනයේ දරුවන්, මව හා පුතු නිවසේ තනී වූ විට ය.
“අම්මේ මම මේ හිටියේ කට්ටිය යනකම්. අම්මා මොකක්ද මේ නටන නාඩගම?”
“මට තේරුනේ නෑ මයේ පුතේ.මොකක් ගැනද උඹ මේ කියන්නේ?”
“අම්මා බබා වෙන්න යන්න එපා.අම්මා දන්නවා මම මේ මොකක් ගැනද කියන්නේ කියල අම්මා දන්නවා.මම කතා කරන්නේ මහ ගෙදරයි අම්මා අර පන්සලට දුන්න කුඹුරු අක්කර 2 ගැනයි.මට නොදී අම්මා මේවා කරන්නේ කාට පේන්න ද? ලෝකෙට පේන්න දන් දෙන්නේ අම්මා හිතුවද අම්මා විශාඛාව කියලා ද? ”
“අනේ මයෙ පුතේ ඔහොම කතා කරන්න එපා.උඹලගේ තාත්තා මිය පරලොව ගියෙත් උඹේ ඔය හිතුවක්කාර වැඩ දරාගන්න බැරුව.උඹ ඔහොම කතා කරනවට වඩා හොදයි මාව මැරුව නම්.”
“අම්මේ මේ කෙනෙක් ගෙනාපු ආයුශ ඉවර උනාම යන්න වෙනවා.තාත්තාටත් උනේ ඒ ටික තමා”
“හිතක් පපුවක් නැති විදියට කතා කරන්න එපා පුතේ.අපි උඹට රජ සැප නොදුන්නට උඹට ලෝකෙට බරක් නොවෙන්න ඉගැන්නුවා. ඒකට ද උඹ අපිට මෙහෙම සලකන්නේ”
“ඒවා වැඩක් නෑ අම්මේ මට මගේ අයිතිය ලැබෙන්න ඕනේ.අනෙක මේ ගෙදර ලැගලා ඉන්න පොඩි යක්ෂ පැටව් ටික එලවලා මට ගේ ඕනේ.අම්මට තීරණය කරන්න ඕනේ අම්මට ඕනේ මම ද නැත්නම් මේ යක්කු ටික ද කියලා”

දෙකොපුල් වලින් රූරා වැටුණු කදුලු පිසදා ගත් මව ස්ථිර හඩින් මෙලෙස පැවසුවා ය.
“මට ආයේ උඹ කියලා නැති වෙන්න දෙයක් නෑ.මට උඹ නැති වෙලා ඉවරයි.මේ අහිOසක ළමයින්ට උඹ යක්ෂයා කිව්වට උඹට වඩා තව යක්ෂයෙක් නෑ.උඹ මහ කිසි අනක් ගුණක් නැති තිරිසනෙක්.උඹට දෙන්න දෙයක් මා ගාව තව නෑ. උඹ පළයන්.මගේ දෑහට නොපෙනි පළයන්.ආයේ නාවට මම තරහා නෑ.”
මෙම අපේක්ෂා නොකළ පිළිතුරින් විරාජ් කෝපයට පත් විය.එතෙම කෝපයෙන් වෙව්ලන්නට විය.
ඈතින් වයර්ලස් සින්දුවක් ඇසුණි.” වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ…..”
ඔහු තුළ වසන සැබෑ යක්ෂයා අවදි වූයේ මේ මොහොතේ ය.
ඔහුගේ දෑත් තමා වැඩූ මවගේ ගෙළ දෙසට යොමු වුවද ඔහු එම පහත් කුරිරු සිතුවිල්ල ආයාසයෙන් මැඩපවත්වා ගත්තේ ය.
වස්තු තණ්හාවෙන් මුසපත් වූ ඔහු ඇය ඇද දෙසට තල්ලු කොට නිවසින් පිට විය.
නිවසින් පිටව ගිය පුතු දෙස නොබැලූ ගුරු මව හඩා වැටුණා ය.සැබැවින්ම ඇය කම්පනයට පත්ව සිටියා ය.
තම පුතු තුළ මහත් කුරිරු යක්ෂයෙක් වසන බව ප්‍රත්‍යක්ෂ ය.
තාමාටත් සිය සැමියාටත් වැරදුනේ කොතනදැයි ඇය කල්පනා කළාය. පුතු දහම් පාසැල් ගියේ ය.තමාත් සැමියාත් ගුණ දහම් ඔහුට කියා දුන්හ. එහෙත් යම් තැනක වැරැද්දක් සිදුව ඇත. ඇය තවත් කල්පනා කළා ය. ඇයට වැටහුණි. වැරැද්ද සිදුව ඇත්තේ සිය පුතු ට විදේශ ගතවීමට අවසර දීමය. එහෙත් එම වැරැද්ද නිවරදි කළ නොහැකි තරම් දුර ගොස් හමාර ය. එයින් තමාට සිය පුතු මෙන්ම සිය සැමියා ද අහිමි වී ගොස් හමාර ය. එදා තම සැමියා දුටුවේ මෙය බව ඇයට පසක් විය.දැන් කළ හැක්කේ ඉදිරියට මුහුණ දීම පමණි.
කාලය මෙසේ ගෙවී ගියේ ය.
ගුරුමව දැන් මහළුය. සිය පුතු නොමැති අඩුව ඇයට තදින්ම දැනුන ද ඇය වටා සිටි දරු කැළ ඇයට ශක්තියක් විය. විජාජ්ගෙන් කිසිදු තොරතුරක් අසන්නට නොලැබුණි. ඔහුට ලියන්න ට කීපවිටක් ඇය පෑන අතට ගත්ත ද කුමක් හෝ සිතුවිල්ලකට ඇය එය කල් දැමුවා ය. එක් දරුවෙකුට එපා වූ මෙම මව පිළිගන්නට දැන් මෙහි දරුවෝ 20ක් පමණ සිටිති. ඔවුන්ගේ දක්ෂතාවයේ දී ඇය සතුටු වූවා ය. ඔවුන්ට දුකක් වූ විට ඇය දුක් වූවා ය.ඇගේ මුළු ලොවම වූයේ මේ නිකේතනය යි. සැබැවින්ම ඔවුන් ගේ අම්මා වූයේ ද සුමනා ගුරු මවයි.
දිනක් මේ කුඩා ඒකකය මිදුලේ සතුටු සාමීචීයේ යෙදෙමින් සිටියේ ය. දරුවන්ගේ දස්කම් දකිමින් ,ගී අසමින් ගුරු මව සතුටු වූවා ය. හදිසියේම නිකේත්නය ඉදිරියේ කළු වීදුරු සහිත සුදු වෑන් රථයක් නැවැත්විය. එහි වූයේ “එයාපෝර්ට් ට්‍රාන්ස්පෝර්ට් ” ලෙසය. නිසැකවම මේ පැමිණෙන්නේ විරාජ් විය යුතු ය. ගුරු මවගේ සිත දහසක් නේක විද සිතුවිලි වලින් පිරී ගියේ ය. එහෙත් වෑන් රථයෙන් කිසිවෙකු බැස්සේ නැත. දරුකැල ද තම වැඩ නවත්වා මෙය දෙස බලා සිටිති. අසුනෙන් නැගිටි ගුරුමව ඉදිරියට පිය නැගුවා ය. ඇගේ හදවත කුතුහලය මුසු බියකින් සලිත වී තිබුණි.
රථයෙන් බට රියදුරු පසුපස කොටසින් රෝධ පුටුවක් එලියට ගත්තේ ය. පසු පස දොර විවෘත කළ ඔහු මුහුණ පුරා රැව්ල වවා ගත් පුද්ගලයෙක් හිදුවා ගුරුමව දෙසට තල්ලු කරගෙන ආවේ ය. ගුරුමව නිහඩව එදෙස බලා සිටියා ය.
ඇය අසලට පැමිණි රියදුරු මෙසේ පැවසීය.
“සුමනා මිස් ද මේ ?මේ ඉන්නේ විරාජ් කියල කෙනෙක්.එන්න ඕනේ කිව්වේ මෙහෙට.”
ඇගේ ඇස් වලින් කදුළු බිදු රූරා වැටෙමින් පැවතුණි. ඈ තුළ වූ දරු සෙනෙහස මහා වැස්සක් සේ සිරුර තෙමා ගියේ ය. ඈ ඔහු බදාගෙන් මහ හඩින් හැඩුවා ය.ඔහු ද ඉකිබිදුනු ඇසුණි.
තමාට එදා වෛර කර තම පුතු අද අසරණ පැමිණ ඇත්තේ ඇය සොයාගෙන ය. දෛවය කෙතරම් අපූරුද කුරිරු ද?
එදා කෙලිදෙලින් දුව පැන ඇවිද්ද සිය පුතු අද අසරණ වී ඇත.ඔහුට ඈ මිස අන් කවර සරණක් ද?
“මයේ පුතා ට මොකද උනේ?” ඇය ඔහුගේ හිස අත ගාමින් ඇසුවා ය.
“ඒවා ගැන කතා කරලා වැඩක් නෑ අම්මේ.මට ජීවිතේ වැරදුනා. සල්ලි කියන්නේ ජීවිතේ නෙවේ නේ අම්මේ.මට ඒක තේරුම් ගන්න කල් ගියා අම්මේ. බ්‍රිට්නි ත් මාව දාලා ගියා.අද මම අබ්බගාතයෙක් වෙලා.කාටවත් වැඩක් නැති අවලOගු කාසියක්. මට සමාවෙන්න රත්තරන් අම්මේ,මට සමා වෙන්න”
විරාජ් කිරි දරුවෙකු සේ හඩා වැටුනේ ය.
“අම්මලා දරුවෝ එක්ක තරහා වෙන්නෑ මයෙ පුතේ. අපි යමු ඇතුලට. මම උඹව සනීප කරගන්නම්”
කදුලු පිරුනු දෙනෙතින් යුතුව ඇය රෝධ පුටුව නිවස දෙසට තල්ලු කොට ගෙන ගියා ය.

අම්මයි තාත්තයි දෙවන කොටස., 9.7 out of 10 based on 35 ratings
VN:F [1.9.22_1171]
 ශෙයා

O2

This user has not updated his description

 All posts by O2  Link to O2's blog

16 Responses to "අම්මයි තාත්තයි දෙවන කොටස."

  1. පොඩි පුංචා පොඩි පුංචා says:

    පලවෙනි පොස්ට් එක කියවල ගොඩක් දවස් බලන් හිටිය මේක දාන කන්, හරිම සෝචනීයයි සහෝ, ජිවිතේ අනිත්‍ය ගැන හැමෝම තේරුම් අරන් වැඩකරොත් තමා වටින්නෙ, මේක ඇත්තම සිදුවීමක්ද ?

    VN:F [1.9.22_1171]
    Rating: +4 (from 4 votes)
  2. Shaggy Shaggy says:

    මම හිතුවෙ මේක pending list එකේ මුල් ඇදල ඇති කියලා.. :ඩී
    nice ending o2!
    නොදන්න මගුල් වලට වඩා පුළුවන් දේ හරියට කෙරුවම හොඳයි.. (දන්නවනේ කිව්වෙ මොකක් ගැනද කියලා? :පී )

    VN:F [1.9.22_1171]
    Rating: +2 (from 2 votes)
    • SL naughty (හොද පුතා) SL naughty (හොද පුතා) says:

      හැක්.. .
      අපෝ උඹ නවකයන්ට අත දෙන හැටිද මේ .. ??
      කස්සා අයියලාත් එක පාර සුපිරි රචකයන් නොවු බව සිහිතබා ගන්න..


      ඇඩ්මින්ලා පොස්ට් පෙන්ඩින් ලිස්ට් එකේ තියා ගැනීම නම් කියලා වැඩක් නැත..
      කුජීතය..

      VN:F [1.9.22_1171]
      Rating: +4 (from 4 votes)
      • Shaggy Shaggy says:

        අන්තිම පේලියට නවකයෙක් උනාට මම මෙයාව දන්නෙ 2001 ඉඳන්.. :පී

        VN:F [1.9.22_1171]
        Rating: +2 (from 2 votes)
    • O2 says:

      ඒක නම් ඇත්ත ෂැගියෝ

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
      • SL naughty (හොද පුතා) හොද පුතා says:

        අපරාදේ කමෙන්ට් එක ..
        සික්..

        VA:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
  3. අංගොඩයා.. says:

    ඇත්තටම ගොඩක් සංවේදී කතාවක්, නමුත් පිටරට ගිය පමණින්ම හැම කෙනෙක්ම ඔය විදියට වෙනස් වෙන්නේ නැහැ.. එක එක්කෙනාගේ ආකල්ප මත තමයි.. අනිත් එක පිටරට හැදුනා කියලා හැම ගෑනු ළමයෙක්ම නරකත් නැහැ..

    VN:F [1.9.22_1171]
    Rating: +4 (from 4 votes)
  4. Yahoo says:

    සෙනෙහස වැඩිදා සිතද බොළද වී
    ලොවම ආදරෙයි කියා සිතේ……….
    මායාවක් වී එහි තනිවුන දා
    අම්මා පමණයි ළඟ හිටියේ………….

    Nice ending and agree with Shaggy….. (Y)

    VA:F [1.9.22_1171]
    Rating: +2 (from 2 votes)
  5. O2 says:

    මේක ඇත්ත කතාවක් නෙවේ කියලා කියන්න බෑ.මොකද මේ වගේ අය අද ලOකාවේ නැතුවාම නොවේ.

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  6. ක්‍රිෂ් krish says:

    මේවගෙ චරිත ඕන තරන් සමාජේ තියෙනවා. මගෙ නෑදෑ වෙන පුතෙක් රැජිනගේ රටට ගියා. ගෙදරින් මිනිහව යැවුවේ ගෙදර ඔප්පුව උගස් තියලා. රට ගින් අවුරුද්දකින් විතර මිනිහ මිනිහගෙ කෙල්ලව එහෙට ගත්ත. ටික කාලෙකින් ගේ සින්න උනා. දැන් මහ දෙන්නා කුලියට ඉන්නේ. අරු පැත්ත බලන්නෙ නෑ. සමහර විට මිනිහට ලොකු දෙයක් කරන්නත් බැරි ඇති. ඔය සාරාංශය විතරයි. රස කත එමටයි ඔය ස්ටොරියෙ.

    VA:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
  7. ජීංජීබිරිස් ජීංජීබිරිස් says:

    අනුන්ගේ කෙරුවාවාල් කියවා කියවා ඉදලා වැඩක් නැ තමන් දෙයක් හරියට කරනව නමි

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  8. ආලවක ආලවක says:

    ලොවෙත් නැති කතාවක්….. ලොවෙත් නැති එන්ඩින් එකක්…. මේං ලොවෙත් නැති වෙන්න තරු දහයක්….

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  9. අම්මා………… කිරිසප්පයෙක්ගේ කටින් මුලින්ම කියවෙන වචනය ඒ වගේම මේ ලෝකේ අපිට මොනම කරදරයක්, ප්‍රශ්නයක්, දුකක්, සතුටක් ආවත් ඉස්සෙල්ලම කටින් පිටවෙන වචනය…. බොහොම සංවේදියි සහෝ….. අපුරුයි……….

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  10. Jayya says:

    කතාව ටිකක් අභව්‍ය උනත් ආදර්ශමත්.. .. හුඟක් මිනිස්සු රට යන්නේ ලංකාවේ ඉඳන් දෙමපියන්ටවත් මොකුත් කරන්න වත්කමක් නැති හින්දයි.. සුස්ලුතරයක් අධමයෝ කොහේ හිටියත් දෙමාපියන් නොසලකා හරිනවා.

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • බුල්ලා says:

      ඒක නම් ඇත්ත ජයියයියේ……එහෙම කාලකණ්ණි කොහෙ හිටියත් අම්මා අප්පච්චිට සලකන්නේ නෑ….පවුකාර කමක මහත…..

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  11. තිත්ත ඇත්ත ,,,

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)

Leave a Reply

Sinhala transliteration (β) - වෙන තැන් වල සින්හලෙන් ලියලා කොපි කරන්න ඕනේ නෑ. කෙලින්ම කොමෙන්ට් box එකේ සිංග්ලිශ් වලින් ලියන්න.

Click ctrl+b to toggle the transliteration

© 2013 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Processed 98 queries in 1.735 seconds.