Hangout with Sri Lankans around the world!
hide
Diaspora.lk - Hangout with Sri Lankans around the world!
Show
18

දයාබර ඔබා මාමේ………………

බට්ටි

මට කියලා වෙනම බ්ලොග් පිටුවක් නැහැ කියලා ඔබා මාමා ගැන දැනෙන දේ නො ලියා ඉන්න බෑ මොන තරම් වැඩ තිබුණත්.අන්තිම පේළියේ වැඩිමහල් පුද්ගලයා වුණත්, කවදාවත් වයස්ගත බවකින් කල් නො ගෙවුව ඔබ, කොහොමද මේ තරම් ඉක්මණට අපි හැමදෙනාම අත් හැරලා ගියේ……………….

කිසි දවසක දැකලා නොතිබුණත්, ඔබ අපේ හිත් වල රැඳී හිටි බව අන්තිම පේළියේ හැම දෙනාම අනුමත කරාවි.

 

අද උදේ පාන්දර ඔෆිස් එකට ඇවිත් බ්ලොග් අවකාශයේ සැරි සරන්න පටන් ගන්න කොටම දැක්කේ ඇඟ කීරි ගැහෙන ආරන්චිය, මට කිසිම දෙයක් එක හිතකින් කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඔබා මාමාගේ වෙන් ව යාම ගැන මගේ දෙනෙතට කඳුළු එක් කළා වගේ අ.පේ. හැම දෙනාව අද කඳුළු වගුරවාවි. ඒක විහිළුවක් කියලා ආයෙම ඔබ තුමා නැඟිටලා ඒවි කියලා අපි බලා ගෙන ඉන්නවා.

 

දැන් ඉතින් ඇති විහිළු කළා
නැඟිටින්න දැන් වත්
ඔබා මාමේ……..
අන්තිම පේළිය
පාළුවට යාවි
එහෙම කරන්න එපා.
නැඟිටින්න නැඟිටින්න…….

 

දයාබර ඔබා මාමේ.................., 9.5 out of 10 based on 68 ratings
VN:F [1.9.22_1171]
 ශෙයා
බට්ටි

බට්ටි

This user has not updated his description

 All posts by බට්ටි  Link to බට්ටි's blog

18 Responses to "දයාබර ඔබා මාමේ………………"

  1. රූපය දිරයි නාමය නොදිරයි..
    “ඔබා” සදාතනිකව අප හදවත් තුල ලැගුම් ගනු ඇති…

    VN:F [1.9.22_1171]
    Rating: +4 (from 4 votes)
  2. Jayya says:

    අපිට ඉතිරිවෙලා තියෙන්නේ ඒ එකට මඩ නාගත්ත කොළ ඉරාගත්ත අතීතය විතරයි.. මේ විදිහට වෙන්වෙන්න හමු නොවුනා නම් හොඳයි.. අන්තිම පේලියෙන් කවදාවත් නොයන ඔබා යන්න ගිහින්..

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  3. මම හිතුවේ නෑ මේ ලිපිය පළ වේවි කියලා. පරක්කු වෙලා හරි මෙය පළ කළාට ඇඩ්මින් තුමාට ස්තුතියි.(ගොඩයා ඔබා මාමා ගැන අන්තිම පේළියේ හැම දෙනාම වෙනුවෙන් ලියා තිබුණ නිසා )

    මම හිතුවේ නෑ මේ සොඳුරු මිනිසා මෙතරම් ඉක්මණට නො එනා ගමන් යාවි කියලා.එකම එක වචනයක් කතා කරන්න, හමු වෙන්න අවස්ථාව නො ලැබුණ හැටි…….

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  4. හිංචි මල්ලි හිංචි එකා says:

    අවසානයේ මට නම් කියන්න යෙන්නේ එක දෙයයි. වාසනාවන්ත මරණයක්. අපි හැමෝම කවදා හරි මැරෙන්න ඕන හැබැයි දුක් විදින් නැතුව මැරෙන්න පින් කරලා තියෙන්න ඕන.
    ඔබා මාමා හරි පින් කාරයා

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  5. Thilan says:

    සොදුරු මිනිසෙකුගේ නික්ම යාම

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  6. ShaLamaya says:

    අපි ඒ කාලේ කොල්ලොන්ට බොරු මඩ මරණ දැන්වීම් ගැහුවා. අද දවස තිස්සෙම හැම බ්ලොගක්ම විසි තිස් පාරක්ම රෙෆ්රේෂ් කරකර බැලුව මේක දැන් ඒ වගේ බොරුවක් වෙයි දැන් ඒ වගේ බොරුවක් වෙයි කියල. කතා කරලවත්, දැකලත් නැති මට මේ තරම් දුක නම් අනික් උන්ට කොහොම ඇත්ද.

    හැබැයි මම එකක් කියන්න ඕනේ. අද දවස තිස්සෙම මම ඔබා මාම ගැන ලියවුනු පොස්ට් සහ කොමෙන්ට් කියෙව්වා. ඔබා මාම එක පාරක් චන්දෙ ඉල්ලුවනම් අනික් අයට ඇපත් නෑ. එච්චරටම මේ සොඳුරු පුද්ගලයට මිනිස්සු ආදරෙයි.

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
  7. මේ ලෝකෙන් සමුගත්ත මිනිහෙක් වෙනුවෙන් මම හැඬුවා නම් අන්තිමට මම ඇඩුවේ මගේ සහෝදරයා නැති වූ අවස්ථාවේ මිට අවුරුදු 4කට උඩදී… ඒත් ජීවිතේට හෝරා කීපයක් මුණ ගැසුන ඔබා මාමා වෙනුවෙන් මම තාම අඬනවා. උඹලාගෙන් කොමෙන්ට් එකක් වැටෙන වාරයක් ගානේ උඹලගේ කොමෙන්ට් දකින වාරයක් ගානේ මට ඇඩෙනවා…. ඔබා මාමා වෙනුවෙන් බ්ලොග් අවකාශයට එකතුවෙන පෝස්ට් එකක් ගානේ මගේ හිත බරවෙනවා. උඹලා හරි මම වැරදියි. ඔබා මාමා වගේ මනුස්සයෙක්ට අපිව දාලා එහෙම යන්න කියන්න බෑ. ඒ නිසා නිවනින් සැනසෙන්න කලින් තව එක පාරක් හරි අපි අතරට ඇවිල්ලා අපිව බලලා යන්න එන්න ඔබා මාමේ… ආත්මාර්ථකාමී නොවී ආයේ එන්න එපා කිවේ උපදින එක වගේම අපිව අඬවලා අපෙන් සමුගන්න එක දරාගත නොහැකි දුකක් නිසයි. ඒත් මාමේ මේ සසර ගමනේදී තව එක පාරක් අපිව බලලා යන්න එන්න…. ඔබා මාමේ මාමා අපිව හිනැස්සුවා. ඒ වගේම මාමාගේ වියෝව අපිව පුදුම විදිහට හැඬේව්වා මාමේ……. බටිටියේ ඔබා මාමා ආයෙත් ඒවි අපිව බලලා යන්න.

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ඇත්ත ගොඩයෝ, අපි ඔබා මාමාට මේ තරමටම බැඳිලා හිටිය බව මාමා දන්නෙත් නැතුව ඇති සමහර විට. එයා අපි දිහා බලාගෙන ඇති. ඒ නිසා අනිවාර්යයෙන්ම ආයෙම ඇවිත් අපි එක්ක ඉඳීවි. එතකල් මාමාට බුදු සරණයි.

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  8. ආලවක ආලවක says:

    නැත….
    ඊළඟ වංගුවෙ චාරුලතා
    මින් මත්තට……

    VN:F [1.9.22_1171]
    Rating: +2 (from 2 votes)
  9. අඹයා අඹයා says:

    ඔබා සියා ඔබට නිවන් සුව!!!

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  10. ඇස්කොට් මලයා ඇස්කොට් මලයා says:

    අ. පේ. නිර්මාතෘ වෙන්නේ ඇඩ්මින් සෙට් එක කියලා මම පිලි ගන්නවා. ඒත් අ.පේ. පියා එහෙමත් නැත්නම් හැමෝගෙම තාත්තා අපේ ඔබා කියලයි මට නම් හිතෙන්නේ.. ඉස්සෙල්ලා පොස්ට් එකට දැම්මා නිවන් දකින්න ලැබේවා කියලා කොමෙන්ටුවක්. දැන් ඒක් වෙනස් කර ගන්නවා.. ආත්මාර්ථ කාමී අදහසක් වෙන්න ඇති.. ඒත් ඔබා මාමේ ආයේමත් අ.පේ උන් අතරෙම ඉක්මනින් උපදින්න……

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ShaLamaya says:

      මචන්, මට නම් හිතෙන්නෙ, සිංහල බ්ලොග් රාජදානියේම රජ්ජුරුවො ඔබා මාම කියල. හැම බ්ලොග් කතුවරයෙක් වගේම හැම බ්ලොග් පාටකයෙක්මත් ඔබා මාමගේ වියෝව ගැන දුක් වෙනවා.

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  11. බුල්ලා says:

    ඇසින් නොදුටු, එක් වචනයක් වත් කතා නොකල…..ඒත් අපේ ආදරය උපරිමයෙන්ම දිනාගත් ඔබා මාමේ……මේ තරම් නොදුටු කෙනෙක් ගැන දුකක් ඇති වෙලාම නෑ කවදාවත්ම.ඔබ බොහොම පින්වන්ත කෙනෙක් ඔබා මාමේ.නැත්නම් කොහොමද මෙච්චර මිනිස්සු මාමට ආදරේ කරන්නේ.මේ ආත්මේදී මාමා ගොඩක් පින් කර ගත්තා හොඳ හිත මිනිස්සුන්ට බෙදලා,මිනිස්සුන්ව සතුටු කරවලා,මිනිස්සුන්ට ආදරේ කරලා……ඒ පින් ටිකක් වියදම් කරලා ආයෙම අපි ලඟට එන්න….අපි එතකොට මාමාලා වෙලා ඉන්නම්…..මාමා කොල්ලෙක් වෙලා අපිට කතා කරන්න…..එහෙම ඇවිත් ලෝකේ නැති ප්‍රශ්න වලින් ඔලු පුරවගත්ත අයගේ හිත සැහැල්ලු කරලා තවත් පින් ගොඩාක් එකතු කරගන්න….පුදුම දුකයි ඔබා මාමේ…..අපිව හැමදාම හිනස්සවපු මාමා මෙහෙම අනිතිමේට අපිව අඬවයි කියල හිතුනේ නෑ අද වෙනකම්…….ගිහින් ඉක්මන්ටම එන්න ඔබා මාමේ.අපිට මාමා නැතුව ගොඩක් පාලුයි…..

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  12. අපි හැමෝම කවදා හරි මැරෙන්න ඕන හැබැයි දුක් විදින් නැතුව මැරෙන්න පින් කරලා තියෙන්න ඕන.

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  13. DDT says:

    සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා !!!

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  14. සිනමාරිස් says:

    oba mame, ayet dawasaka api aterema me antima peliyema dakinda labewa. obata niwan suwa.

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  15. පැට්ටා අවංක පැට්ටා says:

    mata wachana naha ;’(

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  16. dula says:

    ඔබට නිවන් සුව ඔබා මාමේ,,,,,හිතුවේ නැහැ අපිව මෙහෙම අතැරලා යයි කියල……ආයෙමත් මේ දුකින් පිරුණු සංසාරේ නොඉපිද අමා මහ නිවන් සුව ලබන්න කියල මන් ප්‍රාර්ථනා කරනවා,,,,…!!!!!!!

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)

Leave a Reply

Sinhala transliteration (β) - වෙන තැන් වල සින්හලෙන් ලියලා කොපි කරන්න ඕනේ නෑ. කෙලින්ම කොමෙන්ට් box එකේ සිංග්ලිශ් වලින් ලියන්න.

Click ctrl+b to toggle the transliteration

© 2013 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Processed 105 queries in 0.843 seconds.