Hangout with Sri Lankans around the world!
hide
Diaspora.lk - Hangout with Sri Lankans around the world!
Show
110

ආදරණිය ඔබා මාමේ…………..

ගොඩයා

 

ඔබා මාමා

 

අන්තිම පේලියේ යාවජීව සාමාජිකයක් වුන අපි හැමෝගෙම ආදරය දිනාගත් ඔබ්සවර් එහෙම නැත්නම් කොයි කවුරුත් දන්න කියන ඔබා මාමා අද උදෑසන හදිසියේ හටගත්  හර්දයාබාදයක් හේතුවෙන් අපෙන් වෙන්වුනා කියන පණිවුඩේ ලැබෙද්දී ඒක ඇත්තද බොරුද කියලවත් හිතාගන්න බැරි වුනා. ඒත් අවාසනාවට ඒ පණිවුඩය ඇත්ත කියලා කනගාටුවෙන් වුනත් කියන්න සිද්ධවෙනවා.  අන්තිම පේලියේ පෝස්ට් එකකට ඔබා මාමාගෙන් කොමෙන්ට් එකක් නැති වුනේ එහෙමත් වෙලාවක. දෙන්න ගත්තහම මඩ ලොරි පිටින්, නැව් ගණන් දෙනවා වගේම ඉඳලා හිටලා මල්ටි බැරල් මඩ පෝස්ටරුත් මාමාගෙන් නොලබුනාම නෙවෙයි. ඒ වගේම අලුතින් පෝස්ට් එකක් ලියපු කොල්ලෙක්, කෙල්ලෙක් දැක්කොත් ඔබා මාමාගෙන් තල්ලුවක් අනිවාර්යයෙන්ම ලැබුනා. ගොඩක් අයට අන්තිම පේලියට පාර කිවා වගේම  ඔබා මාමාගෙන් අත හිත ලැබුන අය කීදෙනෙක් නම් අද අන්තිම පේලියේ කතා ලියනවද ? තමතමන්ගේ බ්ලොග් ලියනවද ???  කොච්චර වයස ගියත් තරුණ හදවතක් තිබුන ආදරණිය ඔබා මාමා අපි ගහන ඕනෑම මඩක්, කියන ඕනෑම කට කැඩිච්ච කතාවක් බාර ගත්තේ සුපුරුදු හිනාවෙන්. ආදරණිය ඔබා මාමේ, මාමාගේ මුණ පුරාම හිනාව පිරිලා තිබ්බා වගේම මාමගේ හදවතත් මනුස්සකමින් පිරිලා ඉතිරිලා තිබුන බව අපි හොඳාකාරවම දන්නවා. එහෙම මිනිස්සු බොහොමත්ම අඩු කාලෙක ඇයි දන්නේ නෑ අපිට ඉතුරුවෙලා ඉන්න කීප දෙනාත් අපෙන් සමුගන්නේ….  කොහොම නමුත් ඔබා මාමා අපිටත් නොකියම අපෙන් සමුඅරගෙන ඉවරයි. අප්‍රේල් 22දා අවුරුදු උත්සවය අවසන් වෙලා ඊළඟ පාරත් හම්බවෙමු කියලා අපෙන් වෙන්වුන ඔබා මාමා මේ තරම් ඉක්මනට අපෙන් සමුගැනීම වේදනාකාරියි.

ආදරණිය ඔබා මාමේ………   මාමා අන්තිම පේලිය වෙනුවෙන් දුන් සහය,  උර දීම පිළිබඳව වචන වලට පෙරල පෙරල අන්තිම පේලියේ ලියන්න අවශ්‍ය නෑ.අන්තිම පේලියේ අපි හැමෝම ඒ ගැන හොඳාකාරවම දන්නවා. අන්තිම පේලියේ හැමෝටම මාමා නෑදෑයෙක්, යාලුවෙක්, සහෝදරයෙක්, පියෙක් වුනා.  මාමාගෙන් අපිට ලැබුන තල්ලුව, රසබර කොමෙන්ට්, මඩ පිරුණ පෝස්ට්, මල්ටි බැරල් ඒ ඔක්කොටම වඩා ඔය හොඳ හිත ආයේ අන්තිම පේලියේ අපිට ලැබෙන්නේ නෑ.  ඒ අඩු පාඩුව, පාළුව හැමදාටමත් අන්තිම පේලියේ ඒ විදිහටම තියේවි. එහෙම උනත් නැවතත් අපි අතර ඉපදේවා කියන්න තරම් අන්තිම පේලියේ අපි ආත්මාර්ථකාමී නෑ මාමේ….   එහෙනම් ආදරණිය ඔබා මාමේ, අවසරයි ඔබට අපෙන් සමුගෙන යන්න… මෙලෙස සමුගෙන ගියත් සදාදරණිය ඔබ අන්තිම පේලියේ අපේ හදවත් තුල අමරණීයයි!!!     ආදරණිය ඔබා මාමාට නිර්වාණ සුවය අත් වේවායි පතමු !!!

සංවේගයට පත්  අන්තිම පේලියේ ඇඩ්මින්තුමා ඇතුළු කණ්ඩායම

ආදරණිය ඔබා මාමේ.............., 9.6 out of 10 based on 174 ratings
VN:F [1.9.22_1171]
 ශෙයා
ගොඩයා

ගොඩයා

This user has not updated his description

 All posts by ගොඩයා  Link to ගොඩයා's blog

110 Responses to "ආදරණිය ඔබා මාමේ………….."

  1. පුපුදු පුපුදු says:

    අන්තිම පේලියේ කතාවක් ලියන්න මට හිතුනේ ඔබා මාමා ගේ පොස්ට් කියවල.ඒත් අද ඔබා මාමා නෑ කියුවම කොහොම විස්වාස කරන්නද.මට කරන්න පුළුවන් උපරිම දේ මේක බොරුවක්,ඔබා මාමා නම වෙනස් කරගෙන කියල හිතල මාවම රවට්ටගන්න එක විතරයි.මට සමාවෙන්න.මම ඒ තරමටම අර්ත්මර්තකාමීයි.

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • හ්ම්ම්ම්…….. මොනවා කරන්නද ??? දැන් මාස තුනටත් ලඟයි…. :(

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  2. ගමේ කොල්ලා says:

    අනේ ඔබා මාමා :(
    මං දන්නේ අදනේ ,,
    ඔබතුමාට නිවන් සුව

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  3. shehan says:

    ආදරණීය ඔබා මාමේ, ඔබට නිවන් සුව පතමි!

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)

Leave a Reply

Sinhala transliteration (β) - වෙන තැන් වල සින්හලෙන් ලියලා කොපි කරන්න ඕනේ නෑ. කෙලින්ම කොමෙන්ට් box එකේ සිංග්ලිශ් වලින් ලියන්න.

Click ctrl+b to toggle the transliteration

© 2013 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Processed 79 queries in 0.697 seconds.