Hangout with Sri Lankans around the world!
hide
Diaspora.lk - Hangout with Sri Lankans around the world!
Show
63

නැන්දා සහ පොඩි එකාගේ විත්ති

ගන්දරයා

මේක ගන්දරයගේ යාළුවෙක් ගැන නිකම්ම නිකම් විස්තරයක් විතරයි. මේකේ හිනායන දෙයක්වත්, මුල මැද අග තියන කතාවක්, වත් එහෙම නැහැ. ඔන්න පටන් ගන්න කලින්ම කිව්වා, කියවලා ඉවරවෙලා මගෙන් අහන්න එපා, මොකක්ද බොල මේ කියලා එහෙම.

 

ගන්දරයට එක එක ජාතියේ යාහළුවන් ඉන්නවා. උස මොට්ටයෝ, මිටි කට්ටයෝ ඒ ඇරුනම මහත තට්ටයෝ, ඔය කොයි කොයි සුට්ටයත් ගන්දරයගේ හොඳ මිත්තරයො තමයි.

රුහුණේ මොන මොන දේ තිබුනත් හොඳම දේ කිරිපැණි වගේ, කොයි කොයි යාළුවො හිටියත්, ගන්දරයගේ හොඳම යාළුවා තමයි අයේශා.

අයේශා හරි හොඳ කෙල්ල.  වැඩි කතාබහක් නැතිව ඔය කාගේ හරී ඕපදූපයක් හොයාගෙන කාටවත් කරදරයක් නැතිව තමන්ගේ පාඩුවේ ඉන්න තමයි අයේශා වැඩිපුරම කැමති. ඒ වගේම තමයි ඉතින් හැඩරුවත්, බලහත්කාරෙන් කෙලින් කොරාපු කොන්ඩේ පීරලා පිළිවෙලකට ගවුමක් කාරිය අන්දලා ගත්තනම් එහෙම ඉතින් ආයේ මේ ගෙන්දගම් පොළවටම හොයන්න නැහැ එහෙම ලස්සන කෙල්ලෙක්

 

අපේ අයේශට ඉන්නවා හරි අපූරු යාළුවෙක්, වෙන කවුරුවත් එහෙම නෙවෙයි අයේශලගෙ ගෙදරට අල්ලපු ගෙදර ඉන්න පොඩි එකා. පොඩි එකා තවම ඉන්නේ බාලාංස පන්තියේ, වයසින් පොඩි උනාට මූ මහ ඇම්ඩන් කොල්ලා. හැබැයි ඉතින් අයේශට හරිම ආදරෙයි.  කොච්චරවත් “නැන්දී… නැන්දී….”  කියාගෙන ඇවිත් ඇඟේ එල්ලෙන එක තමයි කොල්ලගෙ වැඩේ. වෙලාවකට ලෝකම ඇනයක් තමයි ඒත් ඉතින් හදිස්සියකට කඩේකටවත් යවාගන්න ඉන්න කොල්ල නේද කියලා අයේශත් ඉවසලා ඉන්නවා.

අයේශගේ මූන දිහා බැළුවම කොල්ලට නම් මතක් වෙන්නේ මොන්ටිසෝරියේ දි ඉගෙන ගත්ත තේරවිලි කවියක්.

“ අත්තක් උඩ බුම්මාගෙන - කටු රෙද්දක් පොරවාගෙන ”

පොඩි එකා ඇත්තටම ඒකාලේ හිතාගෙන හිටියේ ඕකෙන් කියවෙන්නේ අයේශා නැන්දි ගැන කියලා.  පස්සේ කොස් ගෙඩිය කියලා දැනගත්තම උනත් නැන්දිගේයි කොස්ගෙඩියෙයි ලොකු වෙනසක් පොඩි එකාට තේරුනේ නෑ

අයේශා මල වගේ ලස්සනට උදේට ඔෆිස් යද්දී පොඩි එකත් යනවා, නැන්දිව බස් එකට නග්ගන්න. ආයෙත් හවසට වංඩු ආප්පෙ වගේ පරවෙලා ගෙදර එද්දිත් පොඩි එකා එනවා නැන්දිව ගෙදර ගෙනියන්න. ඔය යන එන අතරෙදි ඉතින් පොඩි එකා දන්න කියන කවි කතන්දර එහෙමත් කියලා දෙනවා නැන්දිට. නැන්දිත් හරි ආසයි පොඩි එකා කියන ඔය ගමරාළ දිවිය ලෝකේ ගිය හැටි, අලියගේ නහයේ කටුස්සා ගිය හැටි වගේ කතන්දර අහන්න. කාගෙ උනත් ඕපදූපයක් නෙව.

යන එන තැන තනි නොතනියට හොඳ උනත් නැන්දිට පොඩි එකා ඉන්නකල් මාමියෙක් නම් හොයාගන්න හම්බවෙන්නේ නෑ. ඇයි ඉතින් කොච්චරවත් නැන්දී කියාගෙන වල්ගේ වගේ පස්සෙන් වැටිලා නෙව. මේ ගැන කල්පනා වෙච්ච දවස් කීපයක්ම අයේශා පොඩි එකාව “හලලා” යන්න ට්‍රයි කරා. ඒත් ඉතින් පොඩි එකාගෙ මූන බලාගෙන කොහොම එහෙම කරන්නද. ඉඳලා ඉඳලා බොහොම අමාරුවෙන් පොඩි එකා මග ඇරලා ආපු දවසක ඌ බිම පෙරලි පෙරලි අඬපු ඇඬිල්ල දැක්කම ආයෙත් පොඩි එකාව දාලා එන්න අයේශට හිත දුන්නෙම නෑ.

අවුරුදු නිවාඩුවට ඉස්කෝලේ නිවාඩු දුන්නම අයේශට තවත් කරදරයක්. ඒ පාර පොඩි එකා දවසම ගෙදර නෙව. අයේශ ගෙදර ඉන්න වෙලාවට වල්ගේ වගේ පස්සෙන් එල්ලිලාම ඉන්න පොඩි එකා, අයේශා ඔෆිස් ගියාට පස්සේ අයේශගේ කාමරේට පැනලා කොම්පියුටරේ දාගන්නවා. ඊට පස්සේ ඉතින් හවස අයේශා ආපහු ගෙදර එනකම්ම පොඩි එකා කොම්පියුටරේ එල්ලිලා.

අයේශගේ අම්මිත් පොඩි එකාට හරි ආදරෙයි. අම්මිත් පොඩි එකාගේ පැත්තෙ නිසා අයේශට තවත් තරහයි. පොඩි එකාගේ මේ කොම්පියුටර් පිස්සුව නිසා අයේශගේ හොර වැඩ ඔක්කොම පොඩි එකාට මාට්ටුයි. අයේශගේ විතරක් නම් මැදෑ අයේශා දන්න කියන මාමිලාගේ හොර වැඩත් පොඩි එකාට මාට්ටුයි.

පොඩි එකාගේ මොන දේ ඉවසුවත් මේ වැඩේ නම් අයේශට ඉවසන්න පුළුවන් දෙයක් නෙවි. නියපොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන කපන්න තියන්න ඕන නැහැ නෙව

 

අයේශ දහ අතේ කල්පනා කොරා පොඩි එකා මේ කොම්පියුටරේ දාන එක නවත්තගන්න පුළුවන් විදියක්.

ඉස්සෙල්ලම අයේශා බැළුවා පොඩි එකාව බය කරලා වැඩේ නවත්තගන්න, රෑ නිදාගන්න කලින්, දැම්මා කොම්පියුටරේ ඔන් වෙන කොටම පේන්න තඩි යකෙකුගේ පින්තූරයක්. දැන් නම් ඉතින් පොඩි එකා බය වෙනවා සිකුරුයි.  එදා රෑ අයේශට හොඳට නින්ද ගියා.  පහුවදා උදේම නැගිටලා, යකා ගැන හාංකවිසියක් මතක නැතිව නිදි මරගාතේ කොම්පියුටරේ දාපු අයේශා, උදේ පාන්දරම බයවුනා දවස් ගානකට නින්ද නොයන්න.

ඊළඟට අයේශා කල්පනා කරේ තමනුත් බය නොවී කොහොමද මේ වැඩේ නවත්තගන්නේ කියලා. ආයෙත් මෙහෙම කල්පනා කරගෙන, කල්පනා කරගෙන යනකොට, ඔන්න ආවා අයේශගේ චූටි මොලේට තව අයිඩියා එකක්. කොම්පියුටරේට කරන්ට් එක දෙන මල්ටි ප්ලග් එක හැංගුවා නම් හරිනේ එහෙනම් පොඩි එකාට කොම්පියුටරේ දාන්නවත් බැහැනේ. ඊළඟ දවසෙම අයේශා ප්ලෑන් එක ක්‍රියාත්මක කලා. උදේ ඔෆිස් යද්දී මල්ටි ප්ලග් එක ගලවගෙන බෑග් එකේ දාගත්තා.

ඔෆිස් එකේදිත් අයේශට මතක් උනේ පොඩි එකාව. දැන් ඔය පාර ගෙදර ගියාම නහයෙන් අඬන්න ගනී නැන්දී හොඳ නෑ කියලා බුරුලක් පෙන්නන්න නරකයි අයේශා ගෙදර ආවෙත් එහෙම හිත හිතම, කාමරේට ඇතුල් වෙනකොටම මෙන්න පොඩි එකා ඉන්නවා මෙලෝ සිහියක් නැතුව කාර් ගේම් ගගහ

 

“නැන්දිගේ කොම්පීතලේ ප්ලග් එක කැදිලා නිතා මම අපේ ගෙදල තිබුනු ප්ලග් එක නැන්දිත ගෙනාවා”

පොඩි එකා හුරතල් විදියට කිව්වම අයේශට කියන්න ඉතුරුවුනේ එක දෙයයි

“ෂෝඔ ඔ ඔ යි ………. බබාආආ”

ඊළඟ දවසේ අයේශා කොම්පියුටරේ කී බෝඩ් එක ගලවලා හැංගුවා. දැන් නම් පොඩි එකාට කොම්පියුටරේ දාගන්න හම්බවෙන්නේ නෑ. පොඩි එකාගෙ ගෙදර මල්ටි ප්ලග් තිබුනට කී බෝඩ් නැහැනේ.

කොම්පියුටරේ දාගන්න බැරි උනාම පොඩි එකා මාත් එක්ක තරහත් වේවි ද දන්නේත් නෑ. එක අතකට එහෙම වෙන එකත් හොඳයි. එතකොට වැඩි අමාරුවක් නැතුවම ඌව හලලා දාන්න පුළුවන්. ආයේශා එදා දවසම ගත කරේ ඔහොම හිත හිත. හවස ගෙදර එද්දි මෙන්න ආයෙත් පොඩි එකා කොම්පියුටරේ ළඟ…..

හංගලා ගිය කී බෝඩ් එකත් මූ හොයාගෙන හයි කරගෙන

“නැන්දිත කී බෝත් එක හංගපු තැන බබාත කියන්න අමතක උනා නේද…….. තව පොඩ්ඩෙන් බබාත් කම්පීතරේ දාගන්න බැලිවෙනවා…… පත්තෙ මත මතක් උනා නැන්දි මාමිලා දෙන ලියුම් හංගන්නෙත් ඇඳ යත නේ ”

පොඩි එකා හුරතල් විදියට කිව්වම අයේශට ආයෙත් කියන්න ඉතුරුවුනේ එක දෙයයි

“ෂෝඔ ඔ ඔ යි ………. බබාආආ”

 

මොනවා උනත් පොඩි එකා දස්සයා. නැන්දිගේ දෙකේ පංතියේ වැඩ වලින් බබාව අන්ඳවන එක ලේසි නෑ. අයේශත් උදේ රෑ නැතුව කල්පනා කරා මේකට මොකක් ද කරන්නේ කියලා ඔහොම කල්පනා කරගෙන කල්පනා කරගෙන යනකොට ඔන්න එකපාරට අයේශගේ ටියුබ් ලයිට් මොලේ පත්තු වුනා.

 

“කොම්පියුටරේට පාස්වර්ඩ් එකක් දැම්මා නම් වැඩේ ඉවරයි නෙ”

අයේශට ඕක මතක් උනේ රෑ දෙගොඩහරි ජාමේ, එහෙමම ඇඳෙන් නැගිට්ට අයේශා, ඒ වෙලාවෙම කොම්පියුටරේට පාස්වර්ඩ් එකක් දැම්මා. පොඩි එකත් මහ ඇම්ඩන් කොල්ලනේ  ඒක නිසා හොඳට හිතලා බලලා දැම්මා සෑහෙන්න දිග පාස්වර්ඩ් එකක්, ආයේ මොනවද පොඩි එකාට තියා අයේශටවත් මතක හිටින්නේ නෑ. දාපු පාස්වර්ඩ් එක අයේශ ලියාගත්ත කොල කෑල්ලක

ඊළඟ දවසේ අයේශා ඔෆිස් ගියේ හරිම සංතෝසෙන්. කොච්චර දස්ස උනත් අද නම් පොඩි එකාට කොම්පියුටරේ දාගන්න හම්බවෙන්නේ නෑ. මොකෝ ඌ පාස්වර්ඩ් එක හැක් කරන්න කියලය. එහෙම කරන්න ඌ කොම්පියුටර් ඉංජිනියර් කෙනෙක් ය.

හවස හොඳටම වැස්ස අයේශා ගෙදර ආවේ වැස්සෙමයි කොහොම උනත් අයේශා කාමරේට ඇතුළු වුනේ ටිකක් සැකෙන්. නැහැ නැහැ අද නම් කොල්ලා කොම්පියුටරෙ දාලා නැහැ. පොඩි එකා පේන්නත් නැහැ. නිකමට වගේ හොයලා බැලුවම පොඩි එකා වැස්සේ තෙමි තෙමි බෝට්ටු යවන්න ගිහිල්ලා අම්මිගෙන් ගුටි කාලා අඬ අඬ නිදිලු.

අයේශා මූණ එහෙම හොදාගෙන තේ එකකුත් අරන් කොම්පියුටරේ ගාවට ගියේ කොම්පියුටරේ දාගන්න, අයේශ කීප පාරක්ම පාස්වර්ඩ් එක මතකෙ තිබුණු විදියට ගැහුවා….. ම්හ්හු වැරදියි…….. හොඳ වෙලාවට පාස්වර්ඩ් එක කොලේක ලියාගත්තේ, ඒත් ඒ කොලේ……….

 

ආයේශා ආයෙත් පාරක් හොඳට මතක් කරා…. ඊයේ රෑ ඒක තිව්වේ මේ මේසේ උඩමයි……… ඒත් දැන් ඒක එතන නැහැ නේ………..

ඔන්න එතකොටම නැන්දි ආවා කියලා දැනගෙන පොඩි එකත් කාමරේට එනවා නිදාගෙන හිටපු කොට්ටෙත් තුරුල් කරගෙනම.

 

“බබා මෙතන තිබිලා කොලයක් එහෙම ගත්තද”?

අයේශා ඇහුවේ නිකමට

 

“ඔව් නේ නැන්දි මම ගත්තා නේ බෝත්තුවක් හදන්න”

අයේශට තරු පෙණුනා. කොල්ලා පාස් වර්ඩ් එක ලියපු කොලේ අරගෙන බෝට්ටුවක් හදලා, දැන් ඉතින් කොහොමද පාස්වර්ඩ් එක හොයාගන්නේ. ඒක නැතුව කොහොමද කොම්පියුටරේ දාගන්නේ. අයේශට ඇඬෙන්න වගේ

 

“මොනවද බබා ඔයා මේ කරන වැඩ… දැන් බලන්න පාස්වර්ඩ් එක ලියපු කොලේ නේ ඔයා අරගෙන බෝට්ටු හදලා තියෙන්නේ…… දැන් ඉතින් කොම්පියුටරේ දාන්න බැහැ නේ”

අයේශාට ඇඬෙන්න වගේ, අඬ අඬම පොඩි එකාටත් බනිනවා

 

නැන්දි අඬන කොට පොඩි එකාට හරිම දුකයි

 

පොඩි එකා ගියා කොම්පියුටරේ ළඟට ටයිප් කරා පාස්වර්ඩ් එක… යස අගේට ඔය ස්ටාට් උනේ කොම්පියුටරේ

 

“නැන්දි අදන්න අපා….. මම කොලේ ගත්තේ පාත් වර්ඩ් එක පාඩම් කල ගෙන”

 

අනේ අහිංසක අයේශා… දැන් කොම්පියුටරේ දාගන්න ඕන වෙලාවට යනවලු පොඩි එකාව හොයාගෙන

*************************************************************

ප. ලි

මේක කියපු පොඩි එකා ගන්දරයට දුන්නා   පොඩි ලියුං කරදහි කෑල්ලක් අයේශා නැන්දිට දෙන්න කියලා. අයේශා නැන්දිත් මේක බලනවා කියලා දන්න නිසාම ඔන්න මම ඒ ලියුමත් පහලින්ම දානවා

 

 

ආදලණීය අයේතා නැන්දී වෙත…….

 

බබා වෙලාවකත නැන්දීත මාර ඇනයක් බව බබා දන්නවාය. ඒ වුනාත බබාත ඉන්න හොදම යාලුවා නැන්දීය. ඉතින් ඇනයක් උනත් නැන්දී බබාව හලලා දාන්න එපාය බබා පව්ය. “කල්යාන මිත්තර සම්පත්තිය සැපක්” කියා බුදු සාදු ද  කිව්වා කියා අපේ බුද්ධාගම ටීතර් අපිත කිව්වේය ( ඒක අහලා පංතියේ උන් හැමෝම කල්යාණි එක්ක යාළුවෙන්න ගියාය ) නැන්දීත ලියුම් ලියන මාමිලා වගේ දිග ලියුම් ලියන්නත බබාත තවම බැහැය. ඒ නිතා බබා ලියුම ඉවර කරනවාය. 

අන්තිමත කියන්න තියෙන්නේ නැන්දි බබාව හලන්න එපාය. බබා එක්ක තලහ උනත් කමක් නෑ ගන්දලයා මාමි එක්ක නම් තලහ වෙන්නම එපාය.

 

නැන්දීත රත්නත්තලේ පිහිටය

 

මීට

බබා

නැන්දා සහ පොඩි එකාගේ විත්ති, 9.6 out of 10 based on 136 ratings
VN:F [1.9.22_1171]
 ශෙයා

ගන්දරයා

වැල්ලබඩ පත්තුවෙ ගම්දොරේ ඉපදිලා, මාගම් පත්තුවෙ ගිරුවාගම් දොලොස්දාහේ ඉඳලා, මේ ගෙන්දගම් පොලවට ආපු හාදයෙක්….

 All posts by ගන්දරයා  Link to ගන්දරයා's blog

63 Responses to "නැන්දා සහ පොඩි එකාගේ විත්ති"

  1. පට්ට කතාව ඕයි…..තරු දමන්න බැරිය…..දමන විට 10 ක්ම දමමි.

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ගන්දරයා says:

      තරු නං නැතත් මොකෝ මානවකයෝ කොමෙන්ටුවට බොහොම තැන්ක් යූ

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  2. nidhahasa says:

    patta patta :)

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ගන්දරයා says:

      තැන්ක් යූ…….. තැන්ක් යූ

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  3. උගුසිඤ්ඤො උගුසිඤ්ඤො says:

    මත පොදි දෙයත් කියන්න තීනව මේක කියෙව්වම… ගන්දල අන්කල් ගේ හිතේ නැන්දි ගැන පොදි මෙව්ව එකක් තීනව කියල බබාත තෙලෙනවා .. අයේෂ නැන්දි ගන්දල අන්කල් එත්ත තලා වෙලා ඉන්නෙ මී දාස් වල මත හිතෙන ඇතියට.. ඉතින් බබා ගැන බොලු කතාවක් ගොතල ගන්දල අන්කල් මේ කියන්න අදන්නෙ එයාගේ ඉතේ නැන්දි ගැන තීන නිල්මල අතලන්ත ආදලේ කීල බබාත තෙලෙනවා .. හලි ලත්තනයි අන්කල් කතාව .. ! ( උබේ හිත ඇතුලේ හොඳ අහිංසක ලස්සන කලාකාරයෙක් ජීවත් වෙනව ගන්දරයෝ ..ඒකයි උබ මොනවා ලිව්වත් කියවන්න ආසහිතෙන්නෙ .. උබ වගේ උන් තමයි ලේකකයො විදියට ඉදිරියට එන්න ඕනේ.. දිගටම ලියපන් ලබන සතියෙත් කියවන්න දෙයක් ඕනේ අපිට )

    VN:F [1.9.22_1171]
    Rating: +8 (from 8 votes)
    • ඇස්කොට් මලයා ඇස්කොට් මලයා says:

      සීයා සමඟ 100% ක්ම එකඟයි…
      උඩින් ලියලා තියෙන දේනම් ඇස්කොට් මලයා ට තෙරෙන්නේ නැහැලු..

      VN:F [1.9.22_1171]
      Rating: +1 (from 1 vote)
    • ගන්දරයා says:

      තැංක්යූ තැංක්යූ උගු සීයේ…. අයේශා නැන්දී බබා එක්ක තරහවෙලා නැහැලු උගු සීයේ… ඒත් බබාව හෙමිහිට හලලා දාන්නලු නැන්දිට ඕන. ගන්දරයාගේ හිතේ අයේශා ගැන ගොඩක් ලොකු මෙව්වා එකක් තියනවා තමයි හැබැයි ඒ ගන්දරයගේ හොඳම යාළුවා විදියට. හෙමිහිට ඈත් වෙන්න හදන හොඳම යාළුවා නවත්තගන්නයි සීයේ ගන්දරයා ට්‍රයි කරන්නේ……….. :)

      VN:F [1.9.22_1171]
      Rating: +1 (from 1 vote)
  4. අනේ ඔන්න ඔය තරහව පැත්තක දාලා අයේ සෙට් වෙයං අයේශා… මූ මෙහෙම හිටියට හොඳ කොල්ලා කියලා ආරංචියි

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
    • ගන්දරයා says:

      අන්න ඒකනේ නරකයෝ… මම හොඳ ළමයා නේ……

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  5. අඹයා අඹයා says:

    අයේෂා නන්දියි ගන්දල මාමියි …. අනි මන්දා ;)

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ගන්දරයා says:

      කොහොඹ ගහට කරිවිල වැල ගියා වගේ අඹයෝ

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  6. Shaggy Shaggy says:

    නියම කතාව ගන්දරයෝ..
    නැන්දි බබා එක්ක තරහ වෙන එකක් නෑ මෙච්චර ආදරණීය ලියුමක් දැක්කම​..

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ගන්දරයා says:

      එහෙම උනොත් නම් හොඳා සැගියෝ…. මේක දැකලා මල පැනලා තියෙන…… හුණු ගෑවේ ද කියලා මම මේ බයේ ඉන්නේ…….. :)

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  7. ඇස්කොට් මලයා ඇස්කොට් මලයා says:

    මෙන්න පෝස්ට්… හිනාවෙන මොකුත් නැහැ කිව්වට මුලින්ම දාපු කෑල්ලම ඇති බං..” මේකේ හිනායන දෙයක්වත්, මුල මැද අග තියන කතාවක්, වත් එහෙම නැහැ. ඔන්න පටන් ගන්න කලින්ම කිව්වා,”

    මුලු කතාවම ගත්තොත් එක ඡේදයක් ගානේ කොමෙන්ටු දැම්මහැකි… තවත් පෝස් එකක් අනවශ්‍ය නිසා… මෙවැනි අනර්ඝ දේ ලිවීමට ඔබට ශක්තිය, (ඉතුරු එක ඕන්නෑ..) ලැබේවායි … කියලා තරු 10ක්ම දීලා ශේප් වෙන්නම් ඈ……

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
  8. ඇස්කොට් මලයා ඇස්කොට් මලයා says:

    මේ යාලුවම නේද ගන්දරයෝ ඔටෝ ගියර් කාර් එකක් පැද්දේ?….

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ගන්දරයා says:

      ඔව් ඔව් මලයෝ මේ එයාම තමයි

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  9. කිරි සප්පයා කිරි සප්පයා says:

    ගන් මාමාට අයේෂා නැන්දි මේ කථාව බැලුවට පත්තේ ආපහු සෙට් වෙන්න කීලා කිරි සප්පයා පාර්තනා කරනවාය. මේ කතාවට දුත හිතුනු වෙනත් නැන්දිලාත් එසේම සෙට් වේවා යැයි පතමි.

    කලාත්මක විදිහට සමාව ඉල්ලන කොල්ලෙත් ඉන්න එක ගැන අර නැන්දී සතුටු විය යුතුය.

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ගන්දරයා says:

      කිරි සප්පයාගේ ප්‍රාර්ථනාව නම් පංකාදුය….

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  10. ආලවක ආලවක says:

    ෂුවර් එකටම පොඩි එකා අන්තිම පේලියේ එකෙක්…..

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ගන්දරයා says:

      ආයෙත් අහලා…. :)

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
    • ඇස්කොට් මලයා ඇස්කොට් මලයා says:

      නැත්නම් බොල අ. පේ. එකෙක්ම තමා.. හික් හික් .. :P :P

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  11. මෙඩ්ඩි meddi says:

    කාලෙකින් හිනා යන කතාවක් කියෙවුවා. නියමයි ගන්දරයෝ. ඉස්සර ගන්දරයා ආයෙම ඇවිල්ලා. මටත් මතක් වුනා ගියර් හොයපු කතාව

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ගන්දරයා says:

      අහ් අපේ මෙඩ්ඩිත් මේ කාලෙකට පස්සේ කල එළි බැහැලා තියෙන්නේ…. ඉතිං කොහොමෙයි මෙඩ්ඩියේ වාසේ දේසේ….. නරකෙයි අළුතෙන් කතාවක් කාරිය ලිව්වා නම්….. කාලෙකින් මෙඩ්ඩිගේ රස කතාවක් කියෙව්වේ නෑ

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  12. KRRISH හැල්ප්ස් says:

    ඔන්න ඔහේ සැට් වෙන්න අයේෂා… :D

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • උගුසිඤ්ඤො උගුසිඤ්ඤො says:

      අඩේ මේ බලහල්ලකො හැලපයෙක්ට ගිය කල .. හැල්ප්ස් ලු .. හොක් හොක්

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
    • ගන්දරයා says:

      ඒකනේ මේ හැලපයත් කියන එකේ……. :)

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
    • KRRISH හැල්ප්ස් says:

      ;)

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  13. රුවී රුවී says:

    අයියෝ අයේශා වැඩේ නාගෙන නේ…රුවීගේ නෑදෑ බබෙකුත් ඉන්නව ආවොත් රුවීගේ කොම්පියා ගාවමයි…රුවී එයාට වෙනම අකවුන්ට් එකක් හදල දීල තියෙන්නෙ ලිමිටඩ් ඇක්සෙස් ඇතුලුව…ගෙස්ට් එකවුන්ට් එකක් නිසා සොට්ටෙයාර් වලට කෙල වෙන්නෙත් නෑ..රුවීගේ හොර අහුවෙන්නෙත් නෑ..කෝමද ටිකිරි මොලේ? ;)

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ගන්දරයා says:

      හා හා රුවියෝ අයේශට ඇහුනොත් පොඩි එකාට තව ලෙඩක්…… තැංක් යූ කොමෙන්ටුවට

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  14. මුකදාන මුකදාන says:

    එල ගන්දරයා..
    අන්තිම පේලියේ මුල් අවදිය මතක් වෙනවා… :)

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  15. Isuruwa says:

    patta kathawa

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  16. සිරා කතාව මචන්.. මේ වගේ කතා වැඩි වැඩියෙන් අන්තිම පේලියේ පළවේවා… !!!
    මමනම් කියන්නෙ අයේශා නැන්දි දැන්ම ගන්දර මාමා එක්ක යාළු වෙන්න එපා… අපිට තව මේ වගේ කතා දෙක තුනක් බලාගන්න පුලුවන් එතකොට.. :P :P

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  17. Poddi Poddi says:

    නියම වැඩේ..
    දැන් ඉන්න පොඩි උන්ව රවට්ටන්න ගියොත් රැවටෙනෙ අපිමයි අන්තිමට :D

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ගන්දරයා says:

      ආන්න පොඩ්ඩිට තේරුනා…. :)

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  18. පැට්ටා අවංක පැට්ටා says:

    ගන්දරේ ඔන්න ඔය අයේසා නංගිගේ පෝං නොම්බරේ දියං…මංම කතා කොරලා උබ ගැන හොඳ කියන්නං….. මෙච්චර අමාරුවෙන් පෝස්ට් කොටලා ඔව්ව කියන්න ඕනෑයෑ බං… කෝ කෝ දියං නොම්බරේ… :P

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ගන්දරයා says:

      බලහං අපේ පැට්ටාගේ හිත උණු උනා….. අන්න ඒකතමයි ෆිට් එක….. මට පරණ කතාවකුත් මතක් උනා නරියට කුකුල්ලු………….
      එක්කෝ ඕන නෑ……….
      :P :P :P

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  19. දාස​ says:

    පට්ට කතාව ගන්දරයා මාමී :D අයේතා නැන්දිවත් මතක්කලා කීන්න්කෝ ;)

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ගන්දරයා says:

      තැංකූ දාසයෝ කොමෙන්ටුවට

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  20. babi babi says:

    මලේ මලු කිවුවලු….. බබී වගේම බබෙක්,අලිම තොයි ………….

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ගන්දරයා says:

      අලේ මේ අපේ බබියා….. නේ…. හලේ ඔයාව දැක්ක කල්ල්ල්ල්.
      කෝ බබියගේ කතාවෙ ඉතිරි ටික….?

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
    • දාස​ says:

      ඇත්තටම බබියෝ කෝ කතාවේ ඉතුරුතික​???

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
      • nidhahasa says:

        ඇත්තටම බබී කතාවේ ඉතුරු ටික දානවද???????????????????????? නැත්තං සුදු වෑන් එකක් එවන්නද?

        VA:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
  21. ගල්පාත ගල්පාත says:

    අයෙතා නැන්තියේ, ආයෙම ගන්තල තූටි එකාත තාන්ස් එකක් ඉක්මනත දියෝ……

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ගන්දරයා says:

      අයේතා නැන්දි ආයේ තතා තොලන්නේ නෑ ගලයෝ, දැන් අයේතා නැන්දි බබාව නෙවි, බබා අයෙතා නැන්දිව හලලා තියෙන්නේ

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
      • කිරි සප්පයා කිරි සප්පයා says:

        ආනේ …. එහෙනම් බාබාගේ කලින් වේකන්සි එකට කිරි සප්පයා සී. වී එකක් දාන්ට ඕනේ… අයේතා නැන්දිව කොන්ටැක් කොරල දෙන්ට බැලිද? ;)

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
  22. අයේශා අන්තිම පේලිය කියවුවොත් ගන්දරයාට සොරිම තමා….
    සුපිරියටම ලියලා තියෙනවා නියමයි……

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ගන්දරයා says:

      නැන්දි අන්තිම පේලිය කියවනවා රොබිං මලේ

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  23. ස්කයිමෑන් ස්කයිමෑන් says:

    අලේ… මට ඒ පොඩි එකා වෙන්න ඇත්නම්…

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  24. රංජා ranja says:

    සුපිරියි ගන්දරයො කාලෙකට පස්සෙ හොඳ කතාවක්…

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ගන්දරයා says:

      තැංකුයි තැංකුයි රන්ජා මාමේ…… :)

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  25. hasa හසා says:

    ගන්දර,
    සුපුරුදු පරිදිම ගින්දර.

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ගන්දරයා says:

      තැන්ක් යූ හසෝ

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  26. චීටා cheeeta says:

    අයේතා නැන්දිද ……ගන්දරයද…..පොඩි එකා කවුද? …ගන්දරය කාගේ හරි පිටින් දාල වෙන මොකක් හරි සීන් එකක් කිව්වද?….අනේ මන්ද

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ගන්දරයා says:

      අනේ මන්ද චීටෝ මටත් හරියටම නිච්චි නෑ :)

      උඹ අහල තියනව ද සින්දුවක්……

      බැස යන සඳ දෑසින් නවතා ගන්නට බෑ – පරවෙන මල දෝතින් වලකා ලන්නට බෑ
      ඔබ බැස යන සඳ නම් – ඔබ පරවෙන මල නම් -
      රැක ගනිමි ද කෙලෙසින්….

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  27. රාජ් says:

    එලම තමා.

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  28. ජීංජීබිරිස් ජීංජීබිරිස් says:

    නැන්දි වැල් පැදපුවා බබා බැලුවේ නෑමයිලු
    ගන්දරයා මාමි ඒවයේ ඉන්න හැටි දැකලා බබාගේ ජංගියක්
    ගන්දලයා මාමිට දෙන්න හිතුනෙත් නෑලු

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  29. @kule @kule says:

    මරේ මරු

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  30. Ruchi says:

    කාලයක් තිස්සෙම අන්තිම පේලිය දිහා පිටස්තරින් බලන් උන්නට අදයි ඇතුළට ආවෙ.මේ තමයි හා පුරා කියල කියවපු කතාව…කාලෙකට පස්සෙ ටිකක් අමුතු ලව්+ෆන් ස්ටෝරියක් කියෙව්ව කියල හිතුණා..කතාව ලියපු ගන්දරයාට සුබ පැතුම්….

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  31. ලැම්බා ලැම්බා says:

    හැමදාම වගේ මල් මල් කතාවක් ගන්දරයා…මල් පහයි.. පොඩි එකා ගැන නං ඉරිසියයි අප්පා :S

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)

Leave a Reply

Sinhala transliteration (β) - වෙන තැන් වල සින්හලෙන් ලියලා කොපි කරන්න ඕනේ නෑ. කෙලින්ම කොමෙන්ට් box එකේ සිංග්ලිශ් වලින් ලියන්න.

Click ctrl+b to toggle the transliteration

© 2013 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Processed 142 queries in 1.215 seconds.