Hangout with Sri Lankans around the world!
hide
Diaspora.lk - Hangout with Sri Lankans around the world!
Show
21

ආමි එකේ සර්…..

Roxami
මේ දවස් වල කවුරුවත් කතාවක්වත් කියන්නේ නැහැ වගේ. ඒ නිසය් මේ පොඩි කතාව කියල දාන්න හිතුනේ. මේක මේ ඉස්කෝල කාලේ වෙච්ච සීන් එකක්. ලඟදි බිග් මැච් එකට යාලුවෝ සෙට් උනාම අයිත් මතක් උනා.
ඔන්න A/L කාලේ අපේ සෙක්ෂන් එකේ හිටිය ටිකක් මරුමුස් සර් කෙනෙක්. මරුමුස් කියන්නේ කොල්ලොන්ට හිටි ගමන් කන පැලෙන්න ගහනවා. ඉතින් මේ නිසාම කොල්ලොත් සර් එක්ක තරමක මලක් තිබ්බ.
දවසක් සර් පාඩම කරන ගමන් පන්තියේ පිටිපස්සේ හිටපු එකෙක්ගෙන් පොත ඉල්ලුව. පිටිපස්සේ ඉන්න උන් ඉතින් වැඩ කරනවා එහෙම ටිකක් අඩුය්නේ. මුත් ඉතින් හපුය්ය වගේ පින් මුණක් දා ගෙන සර් ට පොත ගෙනත් දුන්න. සර් පොත බලන ගමන් මුගෙන් දැන් විස්තර අහනවා.
“තමුසේගේ ගෙවල් කොහෙද?…” අරකද මේකද ප්‍රශ්න ගොඩය්.
මුත් ඉතින් අහිංසකය වගේ අහන ඒවාට උත්තර දෙනවා…
ඔය විදියට සර් මුගෙන් අහනවා….
“තමුසෙගෙ තාත්ත මොකද කරන්නේ?”
“ආමි එකේ සර්”
“ආමි එකී මොකද කරන්නේ?”
“වෙඩි තියනවා සර්”…..
ඊට පස්සේ වෙච්ච ටික ආයිත් කියන්න ඕන නැහැනේ. ඩෝන්…. ඩෝන්… ගාල අරුට කනේ පාරවල් දෙකක් වැදුන…
හැබය් ඉතින් හිතල බැලුවම…. ආමි එකේ කරන්නේ වෙඩි තියන එක තමා…… :)
ආමි එකේ සර්....., 9.5 out of 10 based on 75 ratings
VN:F [1.9.22_1171]
 ශෙයා
Roxami

Roxami

This user has not updated his description

 All posts by Roxami  Link to Roxami's blog

21 Responses to "ආමි එකේ සර්….."

  1. Shaggy Shaggy says:

    වෙඩි තියන්න එපැයි…….. සර්ට​

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
  2. ආලවක ආලවක says:

    දවසක් අපේ Art සර් ඔය වගේම අහනවා අපේ බුවෙක්ගෙන්.
    “තාත්තා මොනවද කරන්නේ..?”
    “……. කෙනෙක් සර්”
    “තාත්තා කොහෙද වැඩකරන්නේ…?”
    “……… කොම්පැනියෙ සර්”
    “ඔෆිස් එකේ පඩි හොඳයිද…?”
    “හොඳයි සර්”
    “ඒ කියන්නේ ටයිල් කරලා එහෙමද තියෙන්නේ….?”
    “@#$%^&*…..” ::::)))
    .
    ඇයි බොල පඩි ගැනනේ ඇහැව්වේ……

    VN:F [1.9.22_1171]
    Rating: +5 (from 5 votes)
    • cowtheboy cowtheboy says:

      river water coming to my home salary

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
      • ආලවක ආලවක says:

        Bus coming no Colour කිව්වා වගේ……..

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
  3. චීටා cheeetah says:

    ආමි එකේ කරන්නේ වෙඩි තියන එකමද රොක්සාමියෝ ?………………ඊට පස්සේ ගිටිකාපු එකයි රොක්සාමියි ආමි එකේ වෙඩි තියන තාත්තයි සර් එක්ක සතුටින් ජීවත් උනාද ? මේක කියවද්දී මට මතක් උනේ අර අතේ ගහන කුරුල්ලාගේ කතාව

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  4. සොනික් සොනික් says:

    වෙඩි තියන්නම එපැයි සර්ට.කතාව මරු

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  5. සර්ට වැඩක් නෑනේ ඒකේ වගක් ඔය පොත බලන්නකෝ…

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  6. tintin says:

    අනෙසර් මගෙන් වෙඩිකන්න කලින් පොත බලභන් අරක මෙක අභනව මගෙන් ඉදගෙන

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  7. මලවදේ.!!!!!!!!!!!! says:

    පට්ට කතාව SIR …………!!!!!!!!!!!!!!!!!!!!!!

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • මලවදේ.!!!!!!!!!!!! says:

      මෙන්න මගෙන් තරු SIR ……….

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  8. ඇස්කොට් මලයා ඇස්කොට් මලයා says:

    එල කතාව මචෝ..
    අපේ පංතියෙත් හිටියා වැඩ කරන්න ටිකක් හොර මහත ඩයල් එකක්.. සිංහල උගන්නපු ටීච දීපු වැඩක් කරනැතුව මේකා ටීච ගාවට ගෙනිච්චා..
    අම්මා මොනාද කරන්නේ.. තමුන්ගේ වැඩ ගැන බලන්නැත්ද?
    අම්මා ඉන්නේ රට මිස්..
    එතකොට තාත්තා මොනාද කරන්නේ?..
    පොලිස් වැඩ මිස්..
    ඇත්තටම මිස් එදා බය උනා..
    ඒත් මුගේ තාත්තා කලේ ටවුමේ සාප්පුවක ලී බඩු පොලිෂ් කරපු එක..

    ඌ කියපු එකේ වරදකුත් නැහැනේ.. :P

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
  9. සර් ටත් ඕනෙ නැති මගුලක් නෑනෙ. ඔය මොනවද තමන්ට කරවාගන්න පුලුවන්ද කියලා දැනගන්න. මමත් ඔය ප්‍රශ්නෙට උත්තර දීලා තියෙනවා. තාත්තගෙ ජොබ් එක කිව්වම අය්යෝ වඩක් නෑනෙ කියනවා. මොකද තාත්තා සංඛ්‍යාලේඛන නිලධාරියෙක්. බාර් එකක් සාප්පුවක් තියෙනවා කිව්වොත් හෙන හැපි.

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  10. ජීංජීබිරිස් ජීංජීබිරිස් says:

    ඔහොම අහපුවාම කියන්න හිතෙනවා හොදවයින් දෙකක්
    යකෝ වෙන වැඩක් නෑ
    පරම්පරාව ගැනම කියන්න ඕනි
    හරියට උගන්නන්නේ එයාලට වගේ

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  11. රුවී රුවී says:

    ටීච මහ මැටි මෝලක් නේ…ඇයි වදේ ආමි එකේ වෙඩි තියන්නැතුව පොල් ගාන්නද?

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ස්කයිමෑන් ස්කයිමෑන් says:

      Ruwiyo…. Army eke pol gaana ewunuth innawa ban….

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  12. අඹයා අඹයා says:

    උගේ ආච්චිට ඇයි යකෝ ඌ එතන පජාත වුනා කියලා කොල්ලට ගහන්න ඕනෙද !!

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  13. rumesh says:

    අපේ ඉස්කෝලේ නං 10 වසරෙන් උඩ පන්ති වල කොල්ලන්ට සර්ලා ඔහම ගැහුවේ නැ. එක පාරක් නං අලුතෙන් ආපු හාමුදුරුවෙක් අපේ පන්තියේ කොල්ලෙක්ට එළියේ හිටිය කියල කනේ පාරක් ගැහුවා ඉස්කෝලේ හැටි දන්නේ නැතිව. හමුදුර්වන්ටත් හම්බ උන කනේ පාරක් එක්ක ගඩොල් පාරකුත් එසැනින්.

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)

Leave a Reply

Sinhala transliteration (β) - වෙන තැන් වල සින්හලෙන් ලියලා කොපි කරන්න ඕනේ නෑ. කෙලින්ම කොමෙන්ට් box එකේ සිංග්ලිශ් වලින් ලියන්න.

Click ctrl+b to toggle the transliteration

© 2013 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Processed 111 queries in 0.572 seconds.