
කට්ටියම දන්නවනේ අපේ සේන මලයව. ඒ වගේම අමුතු මලයෙක් හිටියා කවියට බොහොම දස්ස. කොයි වැඩේ කලත් කවියක් ගොතනවමයි. මේ හාදයා කෙල්ලෙක් එක්කත් යාළු උනා ඉස්කෝලේ කාලෙදිම (අපි නම් කරයිද ඔය වගේ මුරණ්ඩු වැඩ ඉස්කෝලේ යන කාලේ?). ඉතින් ප්‍රේම සාගරේ ගිලෙන, කිමිදෙන, බුබුළු නංවන මේ ප්‍රේම කුරුළු ජෝඩුවටත් ඉතින් එක එක හැඟීම් පහළ උනා. අනික ඉතින් ඔබා මාමා වගේ ජීවිතේ නිශා යාමයේ ඉන්න නාකි යංග් කොල්ලන්ටත් එක එක දේ-වල් කරන්න හිතෙද්දි තරුණ කොල්ලෝ ගැන කවර කතාද?
හැබැයි කෙල්ල පොඩ්ඩක් අදි මදි කරනවා ඔය දේ-වල් වලට. අනික අතින් අල්ලන් ඉන්නේ නැතුව අත අමාරුවෙන් එහේ මෙහේ දානවට කෙල්ලට අවුල්. අමාරුවෙන් හරි කොල්ලා එච්චර මහන්සි උනත් කෙල්ලගෙන් නෑ කිසිම බුරුලක්. කොල්ලා අමුතුවා වගේ තමන්ට වෙච්ච අසාධාරණේ ගැන හිතේ දුකට කවියක් කොටන්න ගත්තා. හැබැයි කෙටුවේ පළමු පදේ විතරයි.
“දෙහි දොඩම් රැක්කා”
ආලය අල බහිනවා වගේ ටික ටික මෝරනවා. දෙන්නත් ටික ටික පරිණත වෙලා, හෝමෝන ස්‍රාවය උත්තේජනය වෙන කාලෙට ආවා. දැන් නම් කොල්ලට ටිකක් ලිහිලක් ලැබෙනවා. ඉස්සර වගේ අධි ආරක්ෂිත කළාප පවත්වාගෙන යන්න ඕනේ නෑ කියලා කෙල්ලත් යම් තරමකට ආරක්ෂාව ලිහිල් කලා. ඉතින් නිදහස් සුව විඳින කොළුවට මතක් උනා කාලෙකට ඉහත අට වසරේ සිංහල පොතේ පිටි පස්සේ ඌ ලියපු කවිය. පොත හොයාගෙන මෑන්ස් තමන්ගෙ දැන් ජීවිතේ ගැන දෙවෙනි පදය ලියනවා මෙන්න මෙහෙම,
” ඉඳහිට තැඹිලි වික්කා”
සැබෑ ආදරයක් කෙළවර වෙන්න පුළුවන් ආකාර කිහිපයයිනේ. එක්කෝ ඒක කැඩිලා වෙන එකකින්, එහෙම නැත්නම් වහ හෝ වෙන ජාතියේ බෝතලයකින්. එහෙමත් නැත්නම් කසාදෙකින්. අපේ හාදයත් තමන් ආදරේ කරපු කෙල්ලව ඔය කියපු එක ආකාරයකින්, ඒ කියන්නේ කසාදෙන් සෙට් කරගත්තා. ලයිසන් එක ගත්තායින් පස්සේ වෙන මොන ආරක්ෂාවක්ද? ඇම්ඩා අයියගේ ඩබල් කොන්ඩම් තියරිය දාලා දෙන්නා හැමදාම නිලංකාර වෙන්න ගත්තා. ඔහොම කාලයක් ගත උනා. චූටි දරු පැටියෙකුත් හදාගත්තට පස්සේ දරුවයි, නෝනයි දෙන්නා දිහා බලන් ඉන්න අපේ යාළුවට ආයෙම මතක් උනා මෑන්ස්ගේ නිමා නොකළ කවිය. පොත අරගෙන ලිව්වා තෙවන පදයත්,
” පසුව වට්ටක්කා”
දැන් ඉතින් සෙල්ලම් දාන වයස ඉවරයි. ඔබා මාමා වගේ වයසට ගිය අපේ යාළුවා ජීවිතේ අන්තිම ඕවර්ස් ටිකට මුහුණ දෙන ගමන් තමන්ගේ සොඳුරු අතීතය මෙනෙහි කරන්න පටන් ගත්තා. චිත්‍රපටියක් වගේ හැම දේම මතකෙට එන කොට කවිය ගැනත් මතක් උනා. තමන් වැලිගම්පිටි යන්න කලින් කවිය ඉවර කරන්න ඕනේ කියලා උන්දැට හිතුනා. පොඩි කාලේ ඉඳන් තමන් ලඟ හිටපු වයිපරේ ගැන මතක් කරන් ගමන් දෙන්නගේ ආදර කවිය මෙන්න මේ විදියට වෙවුලන අතින් ලියලා ඉවර කලා,
“වැලක එල්ලී තිබෙනු දැක්කා”
පද හතරම එකට යා කලාම ජීවිතේ අනිත්‍ය බව කොයි තරම් දුරට අපි හැමෝටම තේරුම් යනවා නේද?
දෙහි දොඩම් රැක්කා
ඉඳහිට තැඹිලි වික්කා
පසුව වට්ටක්කා
වැලක එල්ලී තිබෙනු දැක්කා
පැඟිරි කවිය,



ගැට දොඩම් දැක්කයි…..
දෙලුම් ටික රැක්කයි…..
තැඹිලි ටික වික්කයි…..
වැටක වැටකොලු තිබෙනු දැක්කයි…….
මචං ඕක ඉස්සර මිනිස්සු මෙහෙමත් කියලා තියනවා කියලා මම අහලා තියනවා…. උඹ විග්‍රහයක්ම දුන්නු එක හොඳයි නිකන් කවිය දැම්මනම් අර හැලපයා වගේ බටේ ලයිට් අයට තේරෙන්නේ නැහැ නොවෑ…..
අපි වල් නැහැනෙ මෙයා
මෙක මම අහලා තිබුනේ නෑ. මේ කවිය එළ නේ කොල්ලෝ!
මෙන්න කයි පද කාරයෝ.. කාටවත් මඩක් නොගහා තමන්ගේ පාඩුවේ ගොතනවා… ලෙසටම විග්‍රහ කොරලා තියෙන්නේ.. ආයේ හෝදන්න දෙයක් තියෙනවැයි..
ඔබා මාමගේ වචනෙන් ම කිව්වොත් ෆුල් මාක්ස්
කයි පද කාරයෝ
ඔන්න මට කවියක් හදාගන්න ඔච්චරම කාලයක් යනවා. ඒකයි බං කයි පද බඳින්න ට්‍රයි කොරන්නැත්තෙ.
ඒක නෙවෙයි ගල්පාත, උඹලටත් මොන දේටත් අර බෝ ගහ වගෙ අහිංසක කමට බ්ලොග් එකක් කොටාගෙන ඉන්න ඔබා අයියට පොඩි මඩක් ගහන්නෙම නැතුව බෑ නැඉ?
ඔබා මාමාලාගේ ආභාශය තමා ඉතින් අපි ගෙනියන්නේ.
ලොවෙත් නෑ…. එකෙන්ම පස්ට කවිය…
එළම තමා…
theruna theruna
වැටට වැට කෙයියයි
මහතයි දිගයි හයියයි
ගැහැනුන්ට දෙයියයි
ගැහැනු නලවන බඩුව ……යයි
අන්තිම පදේ පොඩ්ඩක් විග්රහ කරපන්කෝ ගෑත්තාට අනුකම්පා කරල….
පොඩ්ඩක් බටේ ලයිට් වගේ මට ඒක…
අන්තිම කාලේ එනකොට ගොඩක් ඉතින් වැටකොළු මැහි වගේ එල්ලිච්ච ගමන්නේ තියෙන්නේ. ඒක ගැනයි අන්තිම පදයෙන් කියන්නේ.
හා හා හා දෑන් තමය් මගේ කම්පනාවට වෑටුනේ…උබට පින් ගල්පාතයෝ
මෙන්න කවි. තරු 15ක් විතර දෙන්න තිබුන නම් මරු.
සේන මලයා වගේ හිටිය අමුතු මලයා අන්තිම ඕවර්ස් ටික නම් ගලේ අයියා අන්තිම බෝල්ස් ටික වෙන්ඩ ඇති නේ ප්ලේ කොරන්නේ…
අහිතක් හිතන්ඩ එෆා විහිලුවට ඇහුවේ හොඳේ
ඔන්න තරු දුන්නා…
සේන මලයා වගේ හිටිය අමුතු මලයා ….දෙන්නෙක් නෙවෙයි, මේ අපේ අමුතු සේන මලයා ගැනයි කිව්වේ. ඌ ලියන්නෙත් කවිමනේ…ඉස්තූතියි ඇගයීමට!
අන්තිම ඕවර් ටික බැට් කොරන කොට හතරෙ, හයේ ඒවා ගහන්නම ඕනෙ, නැත්තං කෙළ වෙනව
හා හා.. ඔබා මමත් දැන් ගහන්නේ අන්තිම ඕවර් ටික වෙන්නැති මයේ හිතේ..
power play එකත් ගන්න තියෙන්නේ…
ඔය වයසට හයේවා හතරේවා ගහන්නෙ බලාගෙනයි
බලාගෙන. LBW උනොත් ඉතින් වැලිගම්පිටිම තමයි!
ඉස්සර වගේ නෙවෙයි දැන් අන්තිම ඕවර් වල power play නැහැ මාමෙ …
පරිස්සමින් ඈ දැවී යන්න පුලුවන්
කවිය එල… ඔබා’මට … මඩ එල’ටම ගසා ඇත….
….
මට නම් මෙලෝ හසරක් තේරුනේ නැත ….
වෙච්ච මහන්සියට.. තරු දීමට .. පසු බට නොවෙමි …
මම බට ලයිට් .. උනත් … කවිය .. එල’ට ලියා ඇති බව .. මෙයින් .. සනාථ කරමි ..
”” අනික ඉතින් ”ඔබා ”මාමා වගේ ජීවිතේ නිශා යාමයේ ඉන්න නාකි යංග් කොල්ලන්ටත් එක එක දේ-වල් කරන්න හිතෙද්දි තරුණ කොල්ලෝ ගැන කවර කතාද? ””’
අනිත් උන් දාලා තියෙන කමෙන්ට්ස් බලලාවත් තේරුම් ගන්න බැරිද සහෝ? අපොයි ඔහොම බෑ ඉතින්.
ගල්පාත ඔබා මාමගේ පොසිෂන් එකේ ඉදන් හයේ හතරේ එවා ලගදිම ගහයි වගේ
හැබැයි ජිංජියාට පස්සේ තමයි
අඩේ අර පින්තුරේ වට්ටක්කා ගෙඩියයි
ඔරලෝසුවයි පොඩි පොඩි ගෙඩියි දාලා
කවියෙ තිබුන කථාව ඩෝං ගාලා පිංතුරෙන්ම කියලා දාලා නොවැ
මොකො මේ නම් ගම් පලතුරු කරනවද කස්ටිය…..හිකිz.
???
නගේ නුඹ දීග දෙන විට කැකුළු _නේ
තුන් මාසයක් ගිය විට බිම බලයි _නේ
හය මාසයක් ගියවිට බිම බලපු _නේ
නගේ නුඹ දුවනවිට නුඹටම තලයි _නේ
සොරි ඇ… මගේ කොම්පීතරේ “ත” යන්න නැහැනේ බොලල්ල
මල් හතයි..
මෙන්න එළට් කවි……..වෙරිම තමයි!
හත්තිලව්වයි!!! දැන්නේ මේක දැක්කෙ!

( මේ දවස් ටිකේ ආසාවට් අසයිට් එක පැත්තෙ එන්න බැරිවුනා අද තමා කාලෙකට පස්සෙ ආවෙ.)
අම්මප කෙල්ලෙක් සැට් වෙච්ච දාට මමත් ඕම කයියක් ලියනවා ලියනවමයි
3න් වෙනි පදෙන් නම් වෙන දෙයක් ගැන අර්ථයකුත් මට ආවා.ඒත් ඒක අනිත් පේලි වලට ගැලැපෙන්නෙ නෑ.ඇත්තටම මේක කවුරු ලියපු එකක්ද?
කවුරු ලිව්වත් එල කවි කතාව.ටැංකියු ගලේ!
3න් වෙනි පදෙන් නම් වෙන දෙයක් ගැන අර්ථයකුත් මට ආවා…
ඒ මොකක්ද මලේ?
කවිය ෂොක් අපරාදෙ කියන්න බැ ඔබා මාමට මදි නොකියන්න මඩ දිල තිනව
හතරේ ඒවා සහ හයේ ඒවා සදහා ඔබා පවර් ප්ලේ ගන්නේ නැත ඔබා ගන්නේ “වියාග්‍රාය”
ඒ කාලේ වැල වරකා කරන ඩොක්කු ඉඳල නැහැ වගේ..
ජයියා ඒ කාලේ ගැන හොඳට දන්නවා වගෙයි!
ඔය කවිය මම අහලා තියෙන්නේ මෙහෙමෙයි.
දොඩම් ටික රැක්කා.
තැඹිලි ටික ටික වික්කා.
කලෙක වට්ටක්කා.
වැලක වැටකොළු තිබෙනු දැක්කා.