
ඔය අපේ පන්තියේ ඒ කිව්වේ අ.පො.ස. උ/පෙ මැස් පන්තියේ හිටියා කෙල්ලෝ හය දෙනෙක් එකෙක් හිටියා හොස්ස ලඟින් බල්ලෙකුට වත් යන්න බෑ මල පයිනවා.. ඕකි තමා ඉතින් අපිත් එක්ක පොර කාල බත් එකක් කන්න එන්නෙත් කොස්ස අරන් පස්සෙන් පන්නන්නෙත් ඒ වගේම ගඩොල් භාග වලින් ෆිට් එක වැඩි කමට ගහන්නෙත්. ඕකිට නමක් දාන්නත් එපයි එක නිසා අපි එයාට ප්‍රියා කියමුකෝ. ඕකි ඉස්කෝලෙට ආපු දවස් වල ඕකිට රැග් කොරන්න ගිහින් අපිට එපා වුනා අපිට ගහනවා තව පොඩ්ඩෙන් අතට අහු වුන එකෙන්.
කොහොම කොහොම හරි අපිට පේලි දෙකක් ඉස්සරහින් තමා ප්‍රියා හිටියේ, කොළ ගුලි වලින් පොඩි ගල් කැට වලින් ගහපුවාම ඔලුව පැලෙනවා නම් ඕකිට අද ඔලුවකුත් නෑ ඇත්තටම තිබුනෙත් නෑ තාමත් නෑ මං හිතන්නේ ..
අපාරාදේ කියන්න බෑ වැදගත් කෙල්ල මොනවා උනත් එකත් කියන්න එපැයි. නැත්නම් මේක කියවලා ඊලග පාර හම්බ වුනාම මට පයින් ගහනවා කන පැලෙන්න සුචර් එකට. මොකද මේක ලියලා ලින්කුව මම අනිවා ඩෙෆා ඔකිගේ මුණු පොතේ පණිවිඩ පෙට්ටියට අස්සට යවනවාමයි….නේ..
ඉස්කෝලෙන් ආවට පස්සේ මට ප්‍රියාව හම්බ වුනේ එක පාරයි. ඔය කුරුණෑගල පැත්තේ මොකද්දෝ වැදගත් වැඩකට යන වෙලාවක මේකිව හම්බ වුනා ඒකත් අවුරුදු විසිපහකට විතර කලින් මං හිතන්නේ..
ඊට පස්සේ මට හම්බ වුනේ, ….
පසුගිය පෙබරවාරි පස්වන ඉරිදා සවස හතරට විතර කොළඹ නුවර බස් රථයකදීය……
ඔය ඉස්සර කාලේ මම හිටියේ නිකන් වැදගත් මිනිහෙක් වගේ .. කොන්ඩේ වවලා රැවුල වවලා මහත් වෙලා , ෂඃ බලන්ඩ එපැයි වැදගත්කම ඒ කාලේ …
මේක තමා අලුත් සීන් එක මම
නිවාඩු ඉවරවෙලා එන ගමන් තමා හිටියේ ..අපේ ඔය කෙස් එකක් තියනවා ආපහු සේවයට වාර්තා කොරනකොට . කොන්ඩේ කපලා අත් දිග ෂර්ට් එකක් ඇඳලා අත් දෙක කලිසමට යට කොරලා කළු බෙල්ට් එකක් දාල කළු සපත්තු දෙකක් දාලා අර මොකාද එකාගේ ගෙදර යනවා වගේ තමා යන්න ඕනේ. හැබැයි අපිට එන්න වෙලාව දෙන්නේ රෑ අටට නැත්නම් දහයට.. බස් වල එන එවුන්ට පේන්න තමා අපි ජෙන්ටා එන්නේ..
බෑග් විසි හයක් විතර අරන් කටිනුත් එකක් එල්ලන් අපි ජෙන්ටා ….. නිවාඩු එන දවසට වුන්ට ෆැන්ටා පොවන්න හිතෙනවා….
මම රෝදෙට උඩ තියන ෂීට් එකේ තමා හිටියේ… මම ඉතින් ඇබ දෙකත් කනේ ඔබා ගෙන සින්දුවක් අහගෙන මජ් ගාර්ඩ් එකට තාලෙට පයින් ගහ ගහ තමා හිටියේ.. මට එහා පැත්තේ දමිල ජාතික තරුණ ගැටවරයෙක් පොඩ්ඩක් බීලා … මට හොඳටම සුචර් ඌ ගහලා තිබ්බේ ගල්.. ෂඃ ගඳ ඉන්ඩ බෑ… ඇත්තමයි බොනකොට ගඳ නෑ කියලා නරකයා එක දවසක් කිව්වා මට මතකයි… මම නම් ඉතින් ඕවට නෑනේ….
මම වුටත් එක්ක හරියන්න වංගු ගන්න ඕනේ නැත්නම් මට ජනේලෙන් කලින් බහින්න වෙනවා මට මලේ මල ….
අයි යකෝ පොඩ්ඩක් බුදිය ගන්න බෑ මූ කරේ නගින්ඩ හදනවා … මම හොයා ගත්ත විසදුමක්,… එහා පැත්තේ සීට් එකට කකුලක් තියලා මම මුව තද කරා ජනේලට……………. අම්මෝ මට තියන සතුට ….
සැපට නින්දක් දා ගෙන මම කල්පනා ලොව මල් වගේ….
පුරුද්දට වගේ අපිට ඔය දේවාල තියන තැන් වලින් අහරෙනවනේ මටත් ඇහැරුනා පොල්ගහමුල(පේරාදෙණියේ) දේවාලේ ලඟදි… ලාවට වගේ අලුයම ලොව බලද්දී දැක්ක මේකිව ..
මට කිරිගහට මෝල් ගහෙන් ඇන්නා වගේ සුචර් මේ ප්‍රියා තමා කියලා … මෙකි මට එක දවසක් කෝ අත දියන් කියලා අල්ලට ඇන්නා ටෙස් ටියුබ් කෑල්ලකින් ලේ පයින්න.. ඇයි කියල අහපුවාම කියනවා උඹලගේ ලේ රතු පාටමද කියලා බලන්නලු…
මට ඉතින් එයින් පස්සේ ප්‍රියාගේ මුන හොඳට මතකයි. …
වෙලාවට මම එළු මස් කන්නේ නෑ කනවා නම් එදා ඕකිව චව් චව් ගාලා කනවා…
මේකි ඉන්නවා ලැප් ටොප් එකත් කිහිල්ලේ ගහගෙන තව බැග් එකකුත් බෙල්ලේ එල්ලගෙන ඉස්සරහ හිටපු අක්කගේ බෙල්ලෙන්ද කොහෙද අල්ලාගෙන හිටියේ වැටෙනවට…
කොහොමහරි කොන්ද අයියට පයින්ද කොහෙද ගහලා ටිකත් එකත් බලෙන්ම වගේ ගත්තා මන් දැක්කා… බහින්නේ කැළණියෙන් කියලා මට කලින් ඇමතුමක් දීපු වෙලාවක කියල තිබුනා..
මොකද මේකිගේ ජොබ් එක තමා කැම්පස් එකේ අහිංසක කොල්ලන්ට කෙල්ලන්ට බොරු කියලා දෙන එක. ඒ කිව්වේ ඩිමෝ කෙනෙක්…. මම දැන් බලන් ඉන්නවා මේකි මගේ දිහා බලලා අනේ මචන් කොහොමද කියනකන්..
දෙපාරක් විතර මේකි බලලා අහක බලා ගත්තා.. මට මතක් උනා මේකිට මාව අඳුන ගන්න බැරිව තමා මේ ඉන්නේ කියලා කන්නාඩි දෙකත් ගලවලා දත් හතළිහක් විතර පෙන්නලා හිනා වුනා … මොන මේකි අහක බලා ගත්ත අර කෙල්ලෝ එක පාරටම අර දාන්නේ බැල්මට් එකක් “කොල්ලෝ නම් මොනවද ”
මට හෙන ආතල්…… මම ඉතින් මගේ කnl;ට හඬ අඳුන ගනීද කියලා බලන්න සූ සූ කිව්වා …
මේකි බැලුවා නිකන් බැල්මක් ආය මොකුත් නෑ ඒකිගේ හිතේ තිබ්බ ඔක්කම ඇස් දෙකෙන් සට සට ගාලා වැටුනා….
මමත් නිල වෙලා ගියා ඇයි යකෝ මෙච්චර මේ එකට මුකුණුවැන්නත් එක්ක බත් කාපු කෙල්ලනේ…
මටත් දැන් එකෙන්ම හිනාව නවත්තන්න බෑ …. බස් එකේ ඉන්න වුන් මගේ දිහා බලන් ඉන්නවා….. මම අර කොල්ලටත් පයින් එකක් ගහල අහරුවා…. ඌ හොරාට මගේ දිහා බලලා අපහු නිදා ගත්තා. මම දැන් ප්‍රියාව අප කරනවා…
මේකී හිතන් ඉන්නේ මම ඒකිට ෆොටෝ ගහන්න කතා කරනවා … මමත් ඉතින් මේකිට ලයින් පාර දාගෙන අවා කෑගල්ලට …
පස්සේ මේකී ඉස්සරහා වාදී වුනා….. මමත් ඇරියේ නෑ ගේම…
මම හෙමින් කලගෙඩි හේන හරියෙන් නැගිටලා ඉස්සරහට ගිහින් මේකී ලග හිට ගත්තා… මේකිට මලේ මල මගෙත් එක්ක … ඩෝග් ගාල මම මේකිගේ ඔඩොක්කුවට බැග් එක දැම්මා…. මමත් බයෙන් තමා ඉන්නේ මොකද මේකිට තැනක් නොතැනක් නෑ මල පැන්නොත් එහෙම……..
මම තව ටිකක් මල පන්නලා ඇහුවා ඈ බෝල යකෝ ප්‍රියා … මම අරූ …#%#% එක ෆැන්ටා බෝතලේ විසිපහකට බෙදලා තනියම බීපු අපිට මාව අමතකයි…කිව්වා හරිද මන්දා ….
උඹේ කන් දෙකට මව පෙනුන් නැද්ද….. එතකොට ටමා මේකිගේ ලයිට් එක පත්තු උනේ…. ඊට පස්සේ …. පුස් ඉන් බූට් වගේ ඇස් ලොකු වෙලා කන් පොඩි වෙලා අත දෙක ලං වෙලා …. අහිංසක පෙනුම ඇවිල්ලා….. අනේ මම දැක්කේ නෑ..
මේකී කියන බොරු.. අම්මපා…………… එතකොට ඉතින් වෙන්න ඕනේ ටික වෙලා ඉවරයිනේ
…………………… ඉතුරු ටික පස්සේ
රෙස්පට්..කෙල්ලෝ ....,



මරු කතාව ලෝකයෝ!!!
ඒත් කවුදෝ රෝස බල්ලෙක් තනි තරුව ගායනා කරලා.
ඉතුරු කොටසත් ඉක්මනට දාන්න
ආහ් එකට කමන් නෑ අමුතු තරු අවුලක් නෑ ………………………..
“ඊට පස්සේ …. පුස් ඉන් බූට් වගේ ඇස් ලොකු වෙලා කන් පොඩි වෙලා අත දෙක ලං වෙලා …. අහිංසක පෙනුම ඇවිල්ලා” ලොලේ ලොල් ඕයි
ඉතුරු කෑල්ලත් ඉක්මනින්ම දාන්ඩො
ඉතින් ඉතින් ලෝකයෝ…… මක්කයි ඊට පස්සේ උනේ
ලියන ස්ටයිල් එකත් ලස්සනයි රසවත් . ඉතුරු ටිකත් දාපන්
“අත් දිග ෂර්ට් එකක් ඇඳලා අත් දෙක කලිසමට යට කොරලා”
මම කල්පනා කලේ මේක කලේ කොහොමද කියලා,ලෝකයා…
“වෙලාවට මම එළු මස් කන්නේ නෑ” අනේ පල. කන්න ගියාම බොගේ කල්කිරියාව අපි නේ දන්නේ….
එළු මස් අමුවෙන් කන්නේ නෑ කියන්නයි ඕන වෙන්නේ ඇත්තේ
ඕකට තේරුමක් නෑ ………… ගමේ ඖලක් තියෙන්නේ ……………..
එකට මුකුණුවැන්නත් එක්ක බත් කාපු කෙල්ලනේ”’…හිහි,,මේක නම් සිරා…නිලියෙක් ට මඩක්ද මන්දා…
අනේ අම්මියෝ …. චූටි පුතාගේ ඇස දෙක පල්ලා ඔන්න එහෙම නං නෙමේ ඔන්න …………..
හෆොයි ඔක්කොම මිනිස්සු ඉස්සරහ උඹ ගුටි නොකෑ එකයි මට පුදුමේ ..
මමත් කර වෙලා හිටියේ ගැහුවට පස්සේ එපා කියන්නද ඉතින් :හී
එළට ලියනවා ලෝකයෝ……….
ස්තුත්යි කිව්වා ඔන්න
සිරාවට ගල් බොනකොට කෝක් සුවඳයි හා බොරුද… කෙල්ලො 6න් 3ක් එහා එකේ… ඉතුරු 3න් 1ක් පන්තියේ නෑ… කට් කරගත්තු ගමන්මයි.. අනිත් එක රවා ගත්තු ගමන්මයි… මෙකි කොල්ලො අස්සට පැනලා අපිටම වද දිදී… කෙලත් ගහ ගන්නවා ඒ දවස් වල …
මතකනේ ……………
ලෝකයාටම චාටර් වෙන්න දෙකක් කිව්ව නම් තමයි මරු
‘‘එක ෆැන්ටා බෝතලේ විසිපහකට බෙදලා තනියම බීපු අපිට මාව අමතකයි‘‘…
මේ ලඟදි අපේ එකෙක් ඔය වගේම වචන් සෙට් එකක් දැමිමනේ පාරෙදි කෙල්ලෙක්ට
හැබැයි ඒක උගේ පරන ලව් එක
‘‘එක බත් දෙකට බෙදාගෙන කාලා උඹේ කැටේට රුපියල් දෙකක් දාපු මාව උඹට මතක නෑනේද
*ත්ති‘‘ කියලා කිව්වනේ
තරුත්ති කියලා වෙනද ඇති කියන්න ඇත්තේ,……..
උඹ ඉතින් ලියන ස්ටයිල් එක කොහොමත් එළනේ. ඉතුරු කෑල්ලත් ඉක්මනටම දාපන්.
මචන් ඉතිරි ටික????????