මේ cowtheboy අන්තිම පේලියට ලියපු පලවෙනි පෝස්ට් එක.
මේක මම හා හා පුරා කියල අන්තිම පේලියට ලියන කතාව…
මේක වුනේ අපි ඉස්කෝලේ යන කාලේ. කඳුරට තියන එල කොල්ලන්ගේ ඉස්කෝලෙකට තමයි අපි ඉතින් ගියේ. දන්නවනේ ඉතින් ඒ ලෙවල් කරන්න ආපුවම කොල්ලන්ට තියන උණ. ඔය කියන උණ අපිටත් හොඳටම වැඩි වෙලා තිබුනේ. අපි හිටියේ මැත්ස් ක්ලාස් එකේ. එකේ හිටිය එකෙකුටවත් ඉගෙනගන්න ඕන කමක් තිබුනේ නෑ. අපේ පන්ති භාර හිටියෙත් අපිටම හරියන සර් කෙනෙක්. අපි ආදරේට කිව්වේ බාල වන්නියා සර් කියල. මූණ පුරා රැවුළ වවාගෙන, බුලත් විටක් එහෙම කාල තමා ඉතින් සර් ඉන්නේ.
මේ සර් හිටියේ ලෝකේ අඩුම වේගයකින් බස් යන පාරක. මේ පාරේ කිලෝ මීටර් 15 යන්න ඉතින් පැය දෙකක් වත් යනවා. හැබැයි ඉතින් ලව් කරන කොල්ලන්ට කෙල්ලන්ට කියපු පාර. මොකද ඉතින් බස් එකේ පිටි පස්සේ සීට් එකේ වාඩි වුණාම අඩු මුදලකට වැඩි කාලයක් ගත කරන්න පුළුවන් නිසා. අපේ පන්තියෙත් හිටියා (අපි කියමු මූට සෙවලයා කියල) එකෙක් කෙල්ලෙක් හීටිය. මූ ඉතින් ඒ දවස් වල හිටියේ පොර වගේ තමා. මොකද ඉතින් ඒ කාලේ අපි දිහා කෙල්ලෙක් වෙලාව අහන්නවත් බලන්නේ නෑ. අපිත් ඉතින් සෙවලයාට හූල්ල හූල්ල හීටිය. මූත් ඉතින් ලව් කරන්න යන්නේ අර සර් හීටිය පාරේ බස් වල තමා. ඔන්න ඉතින් දවසක් අපේ බාල වන්නියා සර්ට මූව බස් එකේ යනකොට මාට්ටු.
පහුවදා ඉතින් සෙවලයා හිටියා වීරයා වගේ. ඔන්න ඉතින් සර් ආව පන්තියට. මේ ඊට පස්සේ ඇති වුන දෙබස.
සර් : ආ හේරත්, (සෙවලයාගේ ඇත්ත නම හේරත් කියල කියමුකෝ) මම දැක්කා ඔය ඊයේ බස් එකේ යනවා අපේ ගෙවල් පැත්තේ.
සර් ඉතින් ඇඟට පතට නොදැනී වගේ ඇහුව. අපේ සෙවලයත් ඉතින් ලෝඩ් වගේ අත් දෙක එහෙම දිග ඇරලා ඇග මැලියක් කඩලා මෙහෙම උත්තර දුන්න සර්ව කඩේ යවන්න හිතාගෙන.
සෙවලයා: ඔව් සර්, මම නෑදෑ ගෙදරක ගියා අපේ අක්කත් එක්ක.
සර්: ආ එහෙමද, මම හිතුවේ ඒ හේරත්ගේ අම්ම කියල. මොකෝ හේරත් කිරි බොන්න එහෙමත් ගියා මම බලාගෙන.
ඊට පස්සේ ඉතින් අපේ පන්තියෙන් ඇහුන සද්දේ ගැන ඉතින් කියන්න ඕනේ නැහැ නේ…
බස් එකේ අන්තිම පේලිය, 9.5 out of 10 based on 97 ratings
http://www.thelastrow.net/?p=20214
©Thelastrow.net
කොපිරයිට්?
අපි මේ කියන කාරණාව වැරදියට තේරුම් ගන්න එපා.අපි පොඩි කාලේ ඉඳලා අහපු කියපු කතාවලට කොපිරයිට් ගන්න නෙවේ මේ හදන්නේ. මේක අදාල වෙන්නේ කවුරුහරි අමාරුවෙන් ලියපු කතාවක් වෙන තැනක කොපිකරලා දාන අයට.
වෙන සයිට් එක්ක කොපි පේස්ට් කරලා දානකොට අනිවාර්යෙන්ම පල්ලෙහා තියන HTML කෝඩ් එක හරි BB කෝඩ් එක හරි කොපි කරලා කතාවට යටින් පේස්ට් කරන්න ඕනෑ.
එහෙම කරන්න බැරි තැන්වල කතාව කොපි පේස්ට් කරන්න එපා.
HTML
<a href="http://www.thelastrow.net/?p=20214" style="font-size:16px;" target="_blank"> <strong > post : බස් එකේ අන්තිම පේලිය by cowtheboy </strong > <br/> © Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post </a >
BB code
[url=http://www.thelastrow.net/?p=20214][size=16][b] post : බස් එකේ අන්තිම පේලිය by cowtheboy[b][br]
© Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post[/size][/url]
කරන්න බැරි දේවල් :
- ලින්ක් ශෙයා කරන්න පුලුවන් social network වල ( facebook,twitter වගේ) කතාව කොපි පේස්ට් කරන්න වත් ඉමේජ් ෆෝමැට් එකෙන් අප්ලෝඩ් කරන්නවත් බෑ.එහෙම කතා පබ්ලිශ් කරන්නේ 'අන්තිම පේලිය official Facebook page' එකේ පමනයි. ඒකත් කරන්නෙ කතාව ලියපු කෙනාගෙ අවසරය තියනවනම් විතරයි.
- කතාව කොපි කරලා ඉමේජ් ෆෝමැට් එකට ගහන්න/ස්ක්රීන්ශොට් ගහන්න එපා.
මේ ඔක්කොම කියන්නේ කොපි කරලා කොහෙ දැම්මත් කතාව ලියපු එකාට මොනවහරි දෙයක් ලැබෙන්න ඕනනම් ඒක ලැබෙන්න ඕන කියලා හිතන නිසා.
තමන්ගෙ බ්ලොග් එකෙයි තව වෙන කොහෙ හරියි අන්තිම පේලියෙයි එකම කතාව දාලා තියනවනම් තරහ නැතිව අපට දැනුම් දෙන්න. අපි පෝස්ට් එකට ඒ අදාල විස්තර ඇතුල් කරනවා. මොකක් හරි දෙයන්ක් පිලිබඳව අපහැලිදිතාවයක් , දැනගන්න හරි දැනුම්දෙන්න යමක් තියන්වනම් මේ ලිපිනයට ලියන්න.
Buwahhaaa
එල මචන්…
sure එකටම බාල වන්නියා හැමදාම ඒ බස් එකේ යන ගමන් ඔහොම film බලාගෙන යනව ඇත්තෙ…
cowtheboy නම වෙනස් කර ගනින් මචං .. මේකෙ එහෙම එකෙක් ඉන්නවා..
උගෙ අස්පයා පැනලා ගිහිල්ලා.. ඒක නිසා මේ දවස්වල වැඩි සද්දයක් නැහැ
@හැලපයා:- අනේ යකෝ මගෙද අස්සයා පැනලා ගොහින් තියෙන්නේ….??? මඩ ගහන්න එපා යකෝ….
හැම පෝස්ට් එකටම කමෙන්ට් දැම්මේ නැති උනාට මම පුලු පුලුවන් හැම වෙලාවෙම මේක කියවනවා… වඩ වැඩියි බං ඒකයි සද්ද වහලා ඉන්නේ……
හොඳ වැඩේ හැලපයට…. මෙතන ඉන්න උන් පෙන්න නැති උනහම එනවා සද්දේ දාන්න….
හික් හික් හික් හික්….
ඔව් ඔව් ගොඩයො, මමත් දැක්කා දවසක් මූ යන්නෙ where මල්ලෙ coconut වගේ මගේ නමත් දාල මලීගෙ post එකකට comment කරල තියෙනවා…
සික් මූ මේක දැක්කානෙ
@හැලපයා:- අනේ යකෝ කමෙන්ට් කරේ නැති උනාට මම හැම පෝස්ට් එකක්ම මුල ඉඳන් අන්තිම කමෙන්ට් එක වෙනකන්ම කියවනවා…. මාව මඩවන්න බොලා හිතුවා මදි…. :O
හෙක් හෙක්…
පරණ එකා සිංහල කව්ද බෝයි මේකා…. ඉංග්‍රීසි කවුද බෝයි…. අවුලක් නෑ… අපිව පටලවන්නේ නැතුව කතා ලියපං…. ලියපු පලවෙනි එකත් ගූඩ් ට්‍රයි…. !!
එල මචන්…
ලොවෙත් නෑ…….
දිගටම ලියපන් මචන්..
එල මචන්…
පට්ට මචං..
දිගටම ලියපන්!
“ඉස්කෝලේ යන කාලේ”
එල මචන්…
එල කොල්ලෝ මෙන්න දුන්න තරු..අපේ ඉස්කෝලෙත් මැත්ස් සෙක්ෂන් එකේ ඔය වගේම එල සර් කෙනෙක් හිටිය. චීට කොලේ බයෝ උනාට සර් චීටව දන්නවා. ඒ දවස වල චීට හාමිනේ එක්ක බස් එකේ චීට හිටගෙන යද්දී සර්ට සීට එකක් ලැබිල තිබුනොත් සර් ළඟ හිටපු කෙනා නැගිට්ට හැටියේ සර් චීටට කතා කරලා කියනවා ” පුතා හිටගෙන යන්න එපා ජෝඩුවම වාඩි උනානම්” කියල.
හෙක් හෙක්…
මචන්ලා… මචීලා… කොමෙන්ට් දාපු තරු දීපු හැමෝටම පින්… සිංහල කවුද බෝයි ගේ විරුද්ධත්වයක් නැත්නම් මම ඉංග්‍රීසි cowtheboy විදිහට ඉන්නම්…
අපොයි කිසිම අවුලක් නැහැ.. සරත්ලා එකාද බොල ලංකාවටම ඉන්නේ…. ඔහොම නම තියහන්… හැබැයි මගේ නමත් දාගෙන අලුගුත්තේරු වැඩ එහෙමනම් කරන්න එපා මචෝ…. එල කිරිනේ ජය වේවා…..!!!!
එල මචන්… දාපන් පහක්…
පරණ එකා කවුද බෝයි.. අලුත් කොලා කවු ද බෝය් ඒ කියන්නේ එලදෙනද කොල්ලා ?මොක උනත් කතාව නම් කිරි..
හා හා… එල කිරි…
හක හක…එල කොල්ලෙක් ..හරක් හොරෙක්….එකනේ කව්ද බොය් කියල නම දාගෙන ඉන්නේ,,,
තෑන්ක් යු සුද්දී.
හෙක් හෙක් හෙක්….. වන්නියා මරු ටෝකක් දීල තියෙන්නෙ. ලොවෙත් නෑ.
හෙක් හෙක්.
එල එල …. ඔහොම යමු. වැරදි හදාගෙන .. එස්සරහට හොදට ලියපන් මචං”””’ …
මමත් දෙන්න එන්නේ එල කොල්ලෙක් හරක් හොරෙක්’ගේ ..පට්ට පට පට ,,, කතාවක්
…ඔයාට නෙවේ ….. *******
එල එල …. ඔහොම යමු. වැරදි හදාගෙන .. එස්සරහට හොදට ලියපන් මචං”””’ …
මමත් දෙන්න එන්නේ එල කොල්ලෙක් හරක් හොරෙක්’ගේ ..පට්ට පට පට ,,, කතාවක්
…ඔයාට නෙවේ ….. *******
එල කිරි මචන්.
එල එල…. හැබැයි ඒක කොස්සකට තියෙන්නේ මුලින් සේවලයා කියලා නමක් දීලා පස්සේ අන්තිම නම කියපු ඒක… දෙකෙන් එකක් තෝරාගන්න තිබ්බා කතාව ලියද්දීම
එල එල ඔහොම යමන් මචං !
එල කිරි. මටත් එක හිතුන මචන් උඹ කිව්වට පස්සේ. පලවෙනි එක නේ.
සෝක් කතාව…..හෙහ්, හෙහ්
එල කිරි.