Post Rating:
GD Star Rating
loading...
එක දවසක් අපේ ප්‍රෝෆෙසර් කාරයා කියපු කතාවකින් ඒ වෙලාවේ පුදුම සතුටක් ආවත් පස්සේ පස්සේ තමයි තරු පේන්න ගත්තේ… වෙන මොනවත් නෙවෙයි ඒ වැදගත් මනුස්සය අපෙන් ආදරෙන් ඇහුවේ තව මස දෙක තුනකින් උබලගේ අද්යාපනේ ඉවර වෙනවා නේද කියල… ඕක අහපු මොකාටද බොලව් සන්තෝස හිතෙන්නේ නැත්තේ..???? එත් ඉතින් ප්‍රස්නේ තියෙන්නේ අද්යාපනේ ගැනවත් දැනුම් මට්ටම ගැනවත් නෙවෙයි….. මේ දැනට ජීවත් වෙන විදිහත් එක්ක ලංකාවට ආවට පස්සෙ එහෙන් අපිව කොහොම පිලිගනිවිද කියන දේ ගැන හෙන ප්‍රස්නයක් ආවා මට සහ මගේ සදාදරණීය ගොන්ට සහෝදරයට… (ගොන්ට කියන්නේ කව්ද කියල හැමෝටම මටක ඇති මම හිටන්නේ..)
“මචන් අපි දැන් ඉදලම පුනරුත්ථාපනය වෙන්න ඕනි.” මම ගොන්ටත් එක්ක හිටපු අවරුදු හතටම ඌ කියපු වැදගත්ම සහ මොලේ තියෙනම කතාව ඕක වෙන්න ඕනි මම හිතන්නේ..
ඌ කිව්වත් වගේ හදාගන්න ඕනි තැන් නම් එමටයි… පලවෙනි දේ ඇවිල්ල රහමෙර පානය.. (හැබැයි මමනම ඕවට නෑ හරී ) ඇයි යකුනේ ලංකාවට ඇවිල්ල පුලුවන්ද හැමදාම වගේ ඔය එක එක දේවල් බොන්න. දැන් එක එක නීතිත් තියෙනවලු.. ඕකට ගොන්ට ගෙනාපු අයිඩියා එක තමයි බොන්න ඕනි වෙලාවට ලග තියෙන කඩවල් වලට යන්නේ නැතුව ඇතින්ම තියෙන එකකට ගිහිල්ල ඕනි දේවල් ගෙන එක.. ඌ කියන විදිහට එතකොට අපිට ඔය දුර ගැන මතක් වෙද්දීම බොන එක එපා වෙනවලු… සතියක් දෙකක් යනකන් ගොන්ටම ගියා ඔය කියන ඇත තියෙන කඩයක් හොයාගෙන… මොකද කිව්වත් වගේ අනිත් එකෙක්වත් කැමති වෙන්නේ නෑ ඔච්චර දුරක් යන්න …. ඉතින් ගොන්ටත් යනවා අනිත් උන්ට බැන බැන….. හැබැයි සතියක් දෙකක් ගියේ නෑ කිව්වත් වගේ වෙනදට කඩේට යන එකට වඩා දැන් කඩේට යන එක අඩු උනා.. හේතුව ඇවිල්ල ගොන්ටට ඔච්චර දුරක් තනියම යන්න බෑ කියල සතියකට දෙකකට හරියන්න හෙන ස්ටොක් එකක් ගෙනල්ල උගේ ඇද යටට දාපු එක… ඉතින් කඩේට යන වාර ගාන අඩු උන එක තමයි එකේ පුනරුත්ථාපනය..
දෙවෙනි එක තමයි භාෂාව හැසිරවීම…..මොකද මෙහෙ ඉන්න සිංහල සෙට් එක එකතු උනාම කතාකරන හොද වචන දෙකකට ස්රුන්ගර සාහිත්‍යයේ වචන හතයි… මොකද ඉතින් වටේ ඉන්න අනිත් උන්ට තේරෙනවා කියලය… කිසි බයක් හැකක් නෑ… වෙන ජාතියක එකෙක්ට උනත් බනින්න ඕනිනම් හිනාවෙලාම සිංහලෙන් බනිනවා… උනුත් ඉතින් හිනාවෙලා අහගෙන ඉන්නවා…. උනුත් සමහර වෙලාවල් වලට උන්ගේ බාසා වලින් අපිට එක එක ඒවා කියනවා… මම හිතන්නේ උනුත් කරන්නේ අපි කරන දේම තමයි… ඒ විතරක් නෙවෙයි අපි ඉන්න රටේ ඉන්න මිනිස්සුන්ට උනත් අපේ උන් කියන්න තියෙන දේ මූණටම කියනව.. හැබැයි ඒ ඔක්කොම සිංහලේ තියෙන හොදම වචන දෙක තුන එකට කරලා…. උන්ගේ එකෙක්ටවත් තේරෙන්නේ නෑ.. හැබැයි අපේ උන්ට හෙන සැටිස්…. එක දවසක් රෑ ගොන්ට මහත්තය හදිස්සියේම ගෙදර ආවා… ඇවිත් කෙලින්ම ගියේ බැල්කනියට.. බැල්කනියේ ඉදන් මු ටිකක් සද්දෙන් කියනව..” අඩෝ කැ# සුද්දෝ උබල මගේ හැටි දන්නේ නෑ…*&^%$#$%^&*…. උබල ලංකාවට ඇවිල්ල දැනගනින් මම මේ කිව්වේ මොනවද කියල.” කියල දොර වැහුව.. මම ඇහුව මොකද කියල.. හේතුව ඌ පහල ඉදන් එද්දී උගේ දිහා බලල පොඩි උන් සෙට් එකක් උට නොන්ඩියට වගේ හිනාවෙලා.. ඉතින් මුට මල පැනල…
කොහොම කොහොමහරි හදාගන්නනම් දේවල් ගොඩක් තියෙනවා.. මේ ලිව්වේ ටිකක් විතරයි.. මොකද ලංකාවට ඇවිල්ල හොද මනුස්සයෙක් වගේ ඉන්න ඕනිනේ.. මේක පබ්ලිෂ් උනොත් තව ඉතුරු ඒවත් වෙලාවක් තියෙනකොට කොටලා දාන්නම්… හැබැයි මම ගැනනම් අහිතක් හිතන්න එපා. මගේ නම් හදාගන්න කිසිමදෙයක් නෑ.. ලංකාවෙන් ගියේ මොන වගේ එකෙක්ද තාමත් ඒ වගේමයි ඕං ඈ…
GD Star Rating
loading...
පුනරුත්ථාපනය, 8.0 out of 10 based on 38 ratings
මේ කතාව වෙන කොහෙවත් ලියපු එකක් වත් උස්සපු ඒකක් වත් නෙවේ.පුලුවන්නම් හොඳයි වටියි කියලා හිතෙනවනම් share බොත්තම ඔබලා කතාව share කරන්න.
⇐ මේ තියෙන්නේ share බොත්තම
කතාව සැර වැඩිනම් මෙන්න මේ ලින්ක් එක කොපි කරලා චැට් එකේ ෆිට්ම යාලුවෝ පස් හය දෙනෙක්ට දෙන්න. http://www.thelastrow.net/?p=18988
post එක උස්සපු එකක් නම් කෙලින්ම
ට ලියන්න.
© Thelastrow.net කොපි කරන්න කලින් මෙතන ඔබන්න
අපි මේ කියන කාරණාව වැරදියට තේරුම් ගන්න එපා.අපි පොඩි කාලේ ඉඳලා අහපු කියපු කතාවලට කොපිරයිට් ගන්න නෙවේ මේ හදන්නේ. මේක අදාල වෙන්නේ කවුරුහරි අමාරුවෙන් ලියපු කතාවක් වෙන තැනක කොපිකරලා දාන අයට.
වෙන සයිට් එක්ක කොපි පේස්ට් කරලා දානකොට අනිවාර්යෙන්ම පල්ලෙහා තියන HTML කෝඩ් එක හරි BB කෝඩ් එක හරි කොපි කරලා කතාවට යටින් පේස්ට් කරන්න ඕනෑ.
එහෙම කරන්න බැරි තැන්වල කතාව කොපි පේස්ට් කරන්න එපා.
HTML
<a href="http://www.thelastrow.net/?p=18988" style="font-size:16px;" target="_blank"> <strong > post : පුනරුත්ථාපනය by අදිරි </strong > <br/> © Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post </a >
BB code
[url=http://www.thelastrow.net/?p=18988][size=16][b] post : පුනරුත්ථාපනය by අදිරි[b][br]
© Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post[/size][/url]
කරන්න බැරි දේවල් :
- ලින්ක් ශෙයා කරන්න පුලුවන් social network වල ( facebook,twitter වගේ) කතාව කොපි පේස්ට් කරන්න වත් ඉමේජ් ෆෝමැට් එකෙන් අප්ලෝඩ් කරන්නවත් බෑ.එහෙම කතා පබ්ලිශ් කරන්නේ 'අන්තිම පේලිය official Facebook page' එකේ පමනයි. ඒකත් කරන්නෙ කතාව ලියපු කෙනාගෙ අවසරය තියනවනම් විතරයි.
- කතාව කොපි කරලා ඉමේජ් ෆෝමැට් එකට ගහන්න/ස්ක්‍රීන්ශොට් ගහන්න එපා.
මේ ඔක්කොම කියන්නේ කොපි කරලා කොහෙ දැම්මත් කතාව ලියපු එකාට මොනවහරි දෙයක් ලැබෙන්න ඕනනම් ඒක ලැබෙන්න ඕන කියලා හිතන නිසා.
තමන්ගෙ බ්ලොග් එකෙයි තව වෙන කොහෙ හරියි අන්තිම පේලියෙයි එකම කතාව දාලා තියනවනම් තරහ නැතිව අපට දැනුම් දෙන්න. අපි පෝස්ට් එකට ඒ අදාල විස්තර ඇතුල් කරනවා. මොකක් හරි දෙයන්ක් පිලිබඳව අපහැලිදිතාවයක් , දැනගන්න හරි දැනුම්දෙන්න යමක් තියන්වනම් මේ ලිපිනයට ලියන්න.
අදිරි ඇවිත් පදිරි වෙයිද දන්නෑ හපොයි
loading...
ඉතිං අපිට උදව් කරහන්කො ජීංජීයෝ….
loading...
අපො මෙ ඇදිරීයා ලන්කාවත් අදුරු කරයි වගෙ
loading...
පිස්සුද ටිංටිං))))))
loading...
අදිරියො,
තව පුනරුත්ථාපනය කරගන්න දෙයක් තියෙනවා. ලංකාවට ආවම කොච්චර රස්නෙ වුනත් “ෂෙක්, මාර රස්නයක්නෙ %$# තියෙන්නෙ” කියලා වැරදිලාවත් කියන්න එපා.
“හුහ්, අදිරියට ගිය කල. ඌට දැං ලංකාවෙ ඉන්න බෑ කියන්නෙ රස්නෙයි කියලා” යනාදී වශයෙන් කාඩ් වදිනවා.
loading...
හැබෑටම %$# රස්නෙයිද බං හෙන්රි අයියේ…???? මම මේ තියෙන කුතුහලේටමයි අහන්නේ…….
loading...
වචන සෙට් එක ගැන නම් කතා කොරල වැඩක් නෑ. කට පරිස්සම් කොරගන්න පුරුදු වෙයන් මචෝ.
loading...
අදිරියෝ වැදගත්ම දේ තමයි උඹලට ලංකාව කියන්නේ මොකද්ද කියන එකයි ඒකට අනුව ආපහු ඉන්න ඕනේ කියන එකයි මතක් උණු එක,සමහරක් උන් ඉන්නවා උන්ට ලංකාවට ආවට පස්සෙත් අමතකයි කොහොමද ලංකාවේ හැටියට ජීවත් වෙන්නේ කියල.නැත්නම් උවමනාවෙන්ම සිංහලත් අමතක වෙලා වගේ ඉන්න හදනවා.ඒවගේ එවුන් එක්ක ගත්තම උඹල ගොන්ටල වගේ උන් සැහෙන්න හොදයි බන්
loading...
මම කියන්නට උවමනාවූ ටික ගැටවරයා කියා ඇත…
loading...
පුනුරුත්තාපනයක් නම් වෙන්නම වෙයි වගේ.
loading...
වෙන මොකා නැතත් ඔය ගොන්ටව පුනුරුත්තාපනය කරල ගෙනෙන් අදිරියෝ!!!
loading...
elas…………………
loading...
අදිරියෝ.. මොක නැතත් අර ගමේ බන්ඩියක් එක්ක තනිකොරලා දාල ගිය අඹු සිඟිත්ත අමතක කරනවා එහෙම නෙවෙයි ඕන්..
loading...
අඩේ අප්ප කිව්වත් වගේ දැන්නේ ඒක මතක් උනේ….
loading...