8

ඇල්කොහොල් හොරු

මේකට හිනා යයිද නමි දන්නෑ එච්චර ලොකු කථාවකුත් නෙමෙයි

අටුවා ටීකා ටිප්පනි දාන්න මම දන්නෑ කෙලින්ම කථාවට එන්ටර් වෙමු

ඉස්කොල වල සයන්ස්  ඩේ කියලා ජාතියන් තියනවනේ ඔන්න අපේ සෙට් එකත් ඔකක් කරන්න සෙට්වෙලා අමාරුවෙන් දර දිය ඇදලා සයන්ස් ඩේ එක කලා කියමුකෝ

වැඩෙත් සැරට කෙරුනා ලස්සනයි, ප්‍රියකරුයි බලපු අය අමන්දානන්දයට පත් උනා

ඔක්කොම ඉවර උනාට අපිට තව එන වැඩක් ඉතුරුයි ඒ සයන්ස්  ඩේ එක කරපු සතුට සමරන එක

කට්ටය දිනයක් යොදා ගත්තා සතුට සමරන්න සල්ලී  ඉතින් සයන්ස් ඩේ එකෙන්ම ගහපු බකයා පාර තමයි ජිංජියයි විද්‍යා ශිෂය සංගමයේ ප්‍රබල සාමාජිකයින් නව දෙනෙක් තමයි සෙට් එක ගෙනාවා ගල් බෝතල් තුනයි බියර් හතරයි සෙට් වෙන දවස පාසල් දිනයක් නිසා තැන තමයි ඉස්කෝලේ පාවිච්චි නොකරන කොල්ලන්ගේ ටොයිලට් එක කස්ට්ය පටන් ගත්තා බියර් ටිකෙන්

වැ‍ඩේ බියර් ට්ක බීලා ඉවර වෙල තුන් දෙනාට එක බෝතලේ ගානේ තියාගෙන බෝතල් තුනම කඩාගෙන පටන් ගත්තා වැ‍‍ඩේ එක වටයයි  ගියේ පැන්නා ටික්කෝ සයන්ස් හෙඩ් ඇතුලු තවත් කිහිප දෙනෙක් බඩුත් එක්කම හොරු මාට්ටු සටාන් සටාන් ගාලා කන් වලින් තරු විසිවෙන්න පාරවල් දෙකක් වැදුනා ඇස්දෙක ඇරලා බලනකොට නව දෙනාම ලැබ් එකේ පෝලිමට හිටගෙන නම දෙනාගෙම චරිත හොදයි විභාග වලට ලකුණුත් තියනවා පාසල  වෙනුවෙන් සැහෙන්න දේවල් කරලා තිබුන නිසා වැඩේ ගෙවල් වලට නොගිහින් ගොඩින් බේරුනා ගල් බෝතල් තුන රාජ සන්තක උනා කස්ට්ය ගෙල්වලට යන්න පිටත් වුනා

එත් මටයි මගේ බොක්කේ ෆිට් එක පට්ටියටයි හෙනම අවුල  ඇයි යකෝ කණට තුන හතරකුයි තව වේවැල් පාරවල් තුනකුත් කාලා ඉන්නේ දිපියකෝ බෝතල් තුන ඇගේ අමාරුව යන්න ගහන්න ඉතින් දෙන්නත් එක්ක වැඩක් දෙමු කියල  සෙට් වෙලා ලැබි එක වහන්න කලින් ඒපැත්තට විසිට් එකක් දාලා බැලුවා බෝතල් තුනට මොකද උනේ කියලා සර්ච්පාර දාගෙන යනකොට බඩු අහු උනා අපිදෙන්නගේ සැටලයිට් එකට කෙමෙස්ට්රි ලැබි එකේ මුල්ලක දිලිසි දිලිසි තියෙන්වා අපේ කෙමෙස්ට්රි ලැබි එක තියෙන්නේ තට්ටු තුනේ බිල්ඩිමක උඩම තට්ටුවේ කෙමෙස්ට්රි ලැබි එක කාමර තුනක් හා දොරවල් තුනක් තියේන සිරා පොට් එකක් පලවෙනි දොරෙන් ආවම අපි ප්‍රැක්ට්කල් කරන කැල්ල  ඊලග දොරෙන් ආවම පරීක්ෂණ නල වගේ ‍භෞතිත බඩු තියනකෑල්ල අනිත් දොරෙන් ආවම තියෙන්නේ කෙමිකල් බෝතල් තියන කාමරය අපි දෙයියෝ තුන්දෙනා වැඩ හිටියේ එතන පොට් එක බලාගෙන දෙන්නා මාරු සන් සන් ගාලා
පටිටියයි මායි සෙටි උනා රෑ දහයට විතර ඔය වෙලාවට ඉස්කෝලේ මුරකාරයා කසියා ගහලා ඇවිත් බුදි දපනේ දාලා අපි ඕක දන්නවා පට්ටියා ඇවිත් තිබුනේ තඩි බැග් එකකුත් එල්ලගෙන මොකටද කියලා අපුවාම මූ කියපි “තොට වැඩක් නෑනේ *කෝ එක කට වහගෙන වර” කියලා ඉස්කෝලේ වතුර ටැංකිය හදලා තියෙන්නේ ලැබ් එක ලගමයි වතුර ටැංකිය උඩට ‍නැගපුවාම බහින්න පුලුවන් කෙමෙස්ට්රී ලැබ් එකේ ජනේලේ ගාව කොන්ක්‍රීට් කෑල්ලට අහ් කියන්න අමතක උනා නේ ලැබ් එකේ දෙවෙනි කාමරේ ජනේලක් කැඩිලා තියෙන්නේ ග්‍රීල් එක විතරයි තියෙන්නේ(ග්‍රීල් එක ගලවන්න ගැජට් පට්ටියා ගෙහල්ලා) ග්‍රීල් එක ගලෝ ගෙන දෙන්න‍ ගියා ඇතුලට තුන් වෙනි දොර ඇරගෙන දෙයියෝ වැඩ ඉන්න තැනට ‍9ලැබ් එකේ අගුල් තියෙන්නේ පලවෙනි හා දෙවනි දොරට විතරයි තුන්වෙන් දොර නිකන් වහන්නේ)  කටිට කරුවලයි ඇතුල පට්ටියා අලුත්ම අලුත් කෑලිතුනේ ඇල්.ඊ.ඩී ටෝච් එකක් ගත්ත‍ බෑග් එකෙන් එළියට ” **නයා වගේ බලා ඉන්නැතුව අල්ලපිය **තා ටෝච් එක” (කණට හෙනයක් ගැහුවා වගේ) බෝතල් තුනෙන්ම දැමිමා එක ‍ට්ක ට්ක එන බෝතලයකට දාලා ගත්තා අනික් බෝතලේ (අප්පට සිරි  මු ගල් වල පාටටම  මොනාද හදාගෙන ඇවිත්) බෝතල් තුනටම ටික ටික දාලා පොඩිඩක් ඔහොම හිටපන් මචන් කියලා මු ගියා කෙමිකල් රාක්ක තියන පැත්තට ගිහින් මු  කෙමිකල් බෝතලයක් අරගෙන ඇවිත් මට පෙන්නුවා අපි දුටු සැන අදුනනවා ඒ බෝතලේ 100% ඇල්කොහොල් දන්නවනේ හරහ ලැබ් එකකම තියනවා සරීක්ෂණවලට ගන්න මු දැමිමා බෝතල් තුනටම සැලකිය යුතු ප්‍රමාණය බැගින් දාලා ගත්තු දේවල් ආපහු ඒ ඒ තැන් වලින් තිබිබා අපි දෙන්නගෙන් එකෙක්වත් ලැබ් එකෙන් අපිට අයිති නැති දේවල් අරගත්තේ නෑ අපේ දේ ඇරෙන්න ආපහු ග්‍රීල් එකත් හයිකරලා ගත්තු බෝතලෙත් දෙන්නත් එක්ක ගහලා සද්ද වහලා ගෙදර එනකොට රෑ දෙකයි

පහුවදා දෙන්නම ඉස්කෝලේ ආවා කිසිම කලබල යක් නෑ සියල්ල සාමකාමියි ඔහොම දවස් දෙක තුනක් ගියා අපි දෙන්නා ටච් එකේමයි ඉන්නේ බෝතල් තුන ගැන

වැඩේ වෙලා දවස් හතරකට විතර පස්සේ බෝතල් තුන මිසින් අපි දෙන්නට පට්ට ආතල්

බෝතල් තුන නැතිවුන දවසට පහුවෙනිදා ඉදලා සයන්ස් හෙඩ් ඇතුලු සර්ලා පස්  දෙනෙක් දවස් දෙකක් ලෙඩ නිවාඩු

අපිත් ඉතින් හොයන්න ගියේ නෑ අපි කරපු දෙයක් යෑ

.

.

.

.

.

.

මොලෝ රහක් නෑද්ද එහෙනමි මොකටද බැලුවේ ?

මන් කිව්වද බලන්න කියලා!!!!

GD Star Rating
loading...
ඇල්කොහොල් හොරු, 9.2 out of 10 based on 29 ratings

මේ කතාව වෙන කොහෙවත් ලියපු එකක් වත් උස්සපු ඒකක් වත් නෙවේ.පුලුවන්නම් හොඳයි වටියි කියලා හිතෙනවනම් share බොත්තම ඔබලා කතාව share කරන්න.   ⇐   මේ තියෙන්නේ share බොත්තම

කතාව සැර වැඩිනම් මෙන්න මේ ලින්ක් එක කොපි කරලා චැට් එකේ ෆිට්ම යාලුවෝ පස් හය දෙනෙක්ට දෙන්න.  http://www.thelastrow.net/?p=18911 

post එක උස්සපු එකක් නම් කෙලින්ම ට ලියන්න.

Tags:

8 Responses to "ඇල්කොහොල් හොරු"

  1. හයියූයුයූ මයේ කථාව ඇඩීඩින් අයියේ මොකද්ද මේ කලේ

    GD Star Rating
    loading...
  2. Avatar of Jayya Jayya says:

    හෆොයි උඹටත් සාස්තරේ පිහිටපු එකනේ අපුරුව.. මන් හිතන්නේ ගුරු පුජාව හින්දා වෙනද ඇති..හික්ස්..

    GD Star Rating
    loading...
  3. Avatar of suddi suddi says:

    මේ ටොයිලට් එක අස්සට වෙලා බිව්වෙ බියර්මද ඈ….අම්මප බොන්ඩ වෙන තෑනක් තිබ්බෙම නෑදද? බොන්ඩ තියෙනවා නම් ඕන ජරාවක් අස්සේ ඉදන් බොනව නේ

    GD Star Rating
    loading...
  4. ගැටවරයා says:

    මෙහෙවූ උන්ටත් ශිල්ප සෑදේ කිවලු.හිකිස් ජින්ජියෝ නියම කතාව බොලේ

    GD Star Rating
    loading...
  5. හසා says:

    හැඩ හැඩ…

    GD Star Rating
    loading...

Leave a Reply

Submit Comment

© 2012 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Theme developed upon daily theme designed by Theme Junkie.