මේ කතාව ඇත්තටම මමයි මගේ හොඳම යලුවෙකුයි දවසක් මුහුණ දුන්න සිද්දියක්,මේක කියවල ගන්න තරම් දෙයක් වත්,හිනායන දෙයක් වත් නොවුනත් මං මේක අන්තිම පේලියේ කස්ටියට කියන්න අදහස් කලේ මං මේ කියන්න යන විදියේ මිනිස්සුත් අපේ සමාජයේම එහේ මෙහේ කොන් වල තනිවෙලා,අසරණ වෙලා ඉන්නව බව පොඩ්ඩක් මතක් කරන්න..
මගේ ගම ඇත්තටම අංගොඩ,ඉතින් අංගොඩ කිව්වම රටේ ඕනේ තැනක පොඩි එකෙක් උනත් දන්නවනේ මෙහෙ මොකක්ද තියෙන්නේ කියල.. රටේ අනිත් අයට මහා අමුතු විහිළුවක් උනාට අපිට නම් අංගොඩ මානසික සෞඛය විද්‍යායතනය එහෙමත් නැත්තම් සරලව කිව්වොත් පිස්සන් කෝටුව කියන්නේ සාමාන්‍ය දෙයක්,මං කියන්න යන්නෙත් එකට සම්බන්ද කතාවක්ම තමයි..
මේක උනේ අපි A/L ඉවරවෙලා රස්තියාදු වේවි හිටපු කාලේ,ඔන්න දවසක් මං මගේ යාලුවත් එක්ක ටිකක් රෑ වෙනකන් රවුමක් ගහලා 9.30 ට විතර පාගල් එකේ ගෙදර එනවා,අපි ඔය යන පාරේම කිලෝමීටරයක් විතර ඉස්සරහින් තමයි රෝහල තියෙන්නේ,ඔහොම ටික දුරක් යනකොට අපි දැක්කා කලුවරේම මිනිහෙක් අපේ පැත්තට එනවා කමිසයකුත් නැතුව,මිහිහ අපේ ඉස්සරහට ඇවිත් අහනවා “මල්ලි මේ පාරෙන් දැන් රත්නපුරේට කිට්ටුද?”
මිනිහගේ කතා විලාසයෙන්ම අපි දැනගත්තා කවුද කියලා,හැබැයි ඉතින් කලබල කරලත් බැහැනේ,ඔව් ලඟයි කියලා මිනිහට යන්න අරින්නත් බැහැ,අපි පාගල් එක නවත්තලා බැහැල මිනිහට කතා කලා,
අයියේ මේ පාරෙන් රත්නපුරේ යන්න බැහැනේ,රත්නපුර පාර තියෙන්නේ අනිත් පැත්තේ.. යන්කො අපිත් එක්ක අපි පෙන්නන්නම්.. අපි හිමින් සැරේ මිනිහව ආයිත් රෝහල පැත්තටම හරවගෙන පයින්ම ඒ පැත්තට යන්න ගත්තා..
දැන් මගෙයි යාලුවගෙයි අදහස හිමින් සැරේ මිනිහව අයිත් රෝහලටම අරගෙන ගිහින් බාර දෙන්න,එහෙම කරන්න හිතුවේ අපිට තියෙන අමාරුවකට නෙමෙයි.. ඒක යුතුකමක් කියල හිතුන නිසා,ඉතින් අපි දැන් චාටුවෙන් කතා කර කර මිනිහව අර පැත්තට අවිද්දනවා..
අයියා මොකද හදිස්සියේ රත්නපුරේ යන්නේ?
එහේ මගේ ගම මල්ලි,මට ආයිත් යන්න ඕනේ.. මෙහෙ ඉන්න බැහැ මල්ලි..
ඇයි අයියා මෙහෙ කොහෙද ඉන්නේ?
මං ඉන්නේ වාට්ටුවේනේ මල්ලි.. එහේ ඉන්න බැහැ අප්පා.. එහේ ඉන්න සමහර අයියලා මට ගහනවා,මගේ කෑම ටිකත් කනවා මල්ලි.. මාව බලන්න ගෙදරින්වත් කවුරුත් එන්නේ නෑනේ..
ඉතිං ඔයාව කවුද මෙහේ එක්කන් අවේ?
මං අපේ අම්මත් එක්ක ආවේ,මට ආයිත් අම්මත් එක්ක යන්න දුන්නෙම නැනේ මේගොල්ලෝ.. මං අද කොහම හරි යනවා අම්මව බලන්න..
ඉතිං අයියා මෙහෙ එන්න කලින් මොකද කලේ?
අහ්.. මං නාවික හමුදාවෙනේ හිටියේ.. ගාලු වාරයේ මාළුත් ඇල්ලුවා අපි..
ඇත්තද.. මෙහෙමයි අයියේ ඔයාට දැන් මේ රෑ රත්නපුරේ යන්න බැහැ,ගොඩක් දුරයි,ඔයා ආයිත් වාට්ටුවට ගිහින් නිදාගන්න,අපි ඔයාගේ අම්මට හෙට උදේම එන්න කියන්නම්කො..
අපි ඉතිං ඔය විදියට හිමින් සැරේ මිනිහව අයිත් රෝහල ළඟටම අරන් ඇවිත් ආරක්ෂක අංශයටත් කතා කරලා කොහමහරි ආයිත් ඇතුලට යැව්වා..
ඒ යනකොටත් ආයිත් අපි දිහා බලලා “මල්ලි එහෙනම් අම්මට එන්න කියන්න හොඳේ..”
හරි අයියේ අපි අම්මට කියන්නම්කො..
මල්ලි,අම්ම මට ලොකු බත් එකකුත් ගේයි නේ… ඔව් අයියේ…
මිනිහ ඇතුලට ගියාට පස්සේ ආයිමත් තමන්ගේ සුපුරුදු ඉරණම විඳින්න ඇති,එත් අපිට ඒ සහෝදරයා වෙනුවෙන් ඊට වඩා දෙයක් කරන්න බැහැ,අපි එදා කලේ ඔහු වෙනුවෙන් කරන්න තිබුන හොඳම දේ කියල හිතෙනවා,මොකද මිනිහා පාර දිගේ රත්නපුරේ යන්න ගියානම් මිනිහට මේ ආත්මේදී යන්න බැරිවෙනවා,පාර දිගේ වාත වෙලා,ගිණි අව්වට කර වෙලා අන්තිමට මිනිහට නවතින්න වෙන්නේ කොහේ හරි හන්දියක පිස්සු හිඟන්නෙක් වෙලා..
මොකද එහෙම වෙච්ච මිනිස්සුත් ඕනේ තරම් අපි දැකල තියෙනවා,අපි එදා රෑ බොරු කියලා ම්නිහව රැවැට්ටුවට අපිට සමාව ලැබෙයි කියලත් හිතනවා…
රත්නපුර පාර...,



අන්න හොද වැඩ
සමාව විතරක් නෙමෙයි දිව්‍ය ලෝකෙට ටිකට් එකකුත් ලැබෙයි
මිනිහෙක්ට හොඳක් වෙනවා නම් මනුස්ස ලෝකෙම ඉන්න ඉන්න එක සැපයි ජීංජීබිරිස් අයියේ…
හැබැයි තමුසෙලා දෙන්නත් ‘පාගල්’ මොකද හින්දි භාෂාවෙන් පාගල් කියන්නේ පිස්සු කියන එකයි. ලස්සන සිංහල වචනයක් වන පාපැදිය කියන්න තමුසෙලාට ලැජ්ජද? නැත්නම් නැහැදිච්චකමද?
සමාවෙන්න ඕනේ බාප්පේ.. අපි පොඩි කාලේ පාපැදියට “පාගල්” එක කිව්වේ ඒක “පාගල යන” නිසා.. ඒක මේ ලැජ්ජාව නිසා වත් නැහැදිච්ච්කම නිසාවත් නෙමෙයි.. ඒ තමා අපේ ගමේ ව්‍යවහාරය.. අපි ඉතිං “අංගොඩ” නේ….
දේසේ හැටියට එපැයි වාසේ….
සිංහල අකුරු වලින් ‘බාප්පා’ කියල ලියාගන්න බැරි ඇයි Baappa?
@ Baappa :- මහත්තයෝ මං ලේසියෙන් කෙනෙක් එක්ක කොක්කක් දාගන්න කෙනෙක් නෙමෙයි…. ඒත් කෙනෙක් වටිනා කියන කතාවක් ලිව්වම වල් බූරු මෝඩ මූසලයෙක් වෙන්න හදන්නේ නැතුව ඒක රසවිඳින්න බලන්න… ඔයාගෙ පවුල් පසුබිම කරත්ත කාරයෙක්ගෙ වෙන්ට ඇති “තමුසේ” කිය කියා කෙනෙකුව ආමන්ත්‍රණය කරන්න හදන්නේ… ලස්සන සිංහල වචන තියනවලු හෙ හෙ… ඔයාට තිබ්බ ලස්සන වචනේ ඔය කරත්ත භාෂාව වෙන්න ඇති නේ….??? මිනිහෙකුගේ වැරැද්දක් හදන්න කලින් තමුන් හැදිලා ඉන්න… නැත්නම් එහෙම වැරැද්දක් හොදින් කතාකරලා පෙන්නලා දෙන්න නිකන් මේතන පජාත නොවී….
අනේ පල ඩෝ යන්න..
තෝ ඉස්කෝලේ යනකොට එතකොට “දුරකතනයෙන් යහලුවන්ට ඇමතුම් දී, පාපැදියෙන් ගිහින් ලිංගික දර්ශන අඩංගු චංචල දර්ශන ඇතුලත් තැටි රැගෙන ගොස් රූපවාහිනියේද නැරඹුවේ?
පල ගොබ්බේයෝ යන්නේ. කොයි ඉස්කෝලේ යන කොල්ලාද ලියන සිංහලෙන් කතා කලේ?
තොට හිංදියි, සිංහලයි වෙන් කරලා අදුරගන්න බැරිනම් අංගොඩට ගිහින් ඔලුව පෙන්න ගනින්
බාප්පේ තරහා අවසර , ඔහේ හෙළ හවුලේ කාගේ හරි හොර ෂොට් එකක්ද ? අර කිව්වත් වගේ ඔච්චර සින්හල නම් බොලාගේ නම දාගනින්කො සින්හලෙන්. උඹ මේවට සැලෙන්නෙපා අOගොඩයො මේකාවත් පාරේ එහෙම හම්බුනොත් කීයක් ගියත් කමක් නැහැ වාට්ටුවටම දක්කපන්…..
නියමයි අපේ අන්තිම පේලියේ සහෝදරයෝ ටික මාව Baappa ගෙන් බේරලා දුන්නා…
පොරට ඇප නෑ..
බාප්පට මොකද වෙලා තියෙන්නේ?අකලට වයසට ගිහිල්ලද?
http://www.thelastrow.net/2012/01/23/%E0%B6%B6%E0%B6%BD%E0%B7%8A%E0%B6%B6%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A/
.
මේකේ මුන්නැහෙගෙ කොමෙන්ටුවක් තියනවා විදුහල්පති තුමාට කට පුරා “පිනා” කියලා අමතලා. පාගල් විතරද බාප්පේ කැත…..?
එල එල… බාප්පා කිච ද මන්දා…
නානව කියලා මෙහෙමත් නාගන්නවද මං අහන්නෙ …

මොනා උනත් හොදට ලියලා තියෙනවා
බොලා දෙන්නට ගොඩාක් පිං
.. මේන් තරු
තරු කෙසේ වෙතත් කස්ටියගේ අදහස් ගොඩක් වටිනවා…
හොඳ වැඩක් බං උඹල දෙන්න කරල තියෙන්නෙ..
හිතට ආපු දේ කරලා දැම්මා Shaggy අයියේ..
අනේ අංගොඩයෝ… මාත් ඔය කිට්ටුව තමයි ඉන්නේ… මාත් දැකලා තියනවා මේ වගේ කස්ටිය මිනිස්සුන්ගෙන් තේ බොන්න එහෙම සල්ලි ඉල්ලනවා… ගොඩක්ම දුක හිතෙන්නේ හොඳටම සනීප වුණත් මානසික රෝහලේ නවත්තලා යන අයව ගෙවල් වලින් ගෙනියන්න එන්නේ නැති බව දැක්කහම. මොනවා වුණත් ඔයාලා කරලා තියෙන්නේ හොඳ වැඩක්…
හ්ම් හ්ම්ම්ම්ම්…
මේක මගේ හරියකට පල වුන පළවෙනි කතාව, ඉතිං මේකට මට තරු දීලා මාව දිරිමත් කරපු හැමෝටමත්, අර පිස්සු Baappa ගෙන් මාව බේරගත්ත සහෝදරවරුන්ටත් බොහෝම ස්තුතියි… අපි දිගටම අන්තිම පේළියේ සෙට් වෙමු…
හොඳ වෙලාවට මට “අං” සම්බන්ධ නැත්තේ. නැත්නම් “අං”"ගොඩයෝ දෙන්නයි. කොහොම වුනත් ඒ වෙලාවේ උඹලට කරන්න පුළුවන් උපරිම දේ තමයි උඹලා කරල තියෙන්නේ. අනුකම්පා කරලා යන්න දුන්නා නම් ඒ මනුස්සයා මැරිලා යයි. හැබැයි ඔය කීව විදිහට මිනිහා ජීවත් වෙන්නෙත් මැරි මැරි තමයි. මොනව කරන්නද ? ලෝකේ හැටි ඔහොම තමයි ඉතින්…..
වැඩේ නම් ඉතා හොඳයි……….
ඒ මනුස්සය තවත් එක් පිස්සෙක් කරන්නැතිව බේරගත්ත එක බොහොම හොඳ වැඩක්.
මානසික රෝගියෙක් දැක්කම ඒ මනුස්සයට ගලක් මුලක් විසි කරලා මෝඩ ආතල් එකක් ගන්න උන් ඉන්න සමජෙක උඹල දෙන්න කල වැඩේ නම් වටිනවා අන්ගොඩයෝ.මොනවා උනත් බොලට කොරන්න පුළුවන් උපරිම හරිය එච්චරයි තමා.එත් අර නිශා කිව වගේ ලෙඩුන්ව දාලා ගිහිල්ල බලන්න වත් නැවිල්ල ඉන්න එක නම් මහා අපරාදයක්.
ela machan ela ela……manussayekta udavu karanna one thava manussayekne…….
සිරාවට උඹලා දෙන්න ඔය පිනෙන් කෙලින් ම ස්වර්ගයට !! අගේ ඇති වැඩක් සහෝ
ඔක්කොම හිනා යන කතා ටිකක් කියවගෙන කියවගෙන ඇවිත් ඇඬෙන කතාවක් කියෙව්වා…
ඊට එහා යමක් කරන්න තිබුන නම් හොඳයි ඒත් අංගොඩයා කරපු ටිකත් ඇති
තරු දැම්මා කරපු වැඩේට…
dukai machan
අඩේ වලියකුත් සෙට් වුනානේද කතාව පැත්තක තියෙද්දි?
මෙන්න තරු කතාවටයි වැඩේටයි දෙකටම.
අපි නම් වලිවලට නැහැ.. අර Baappa තමයි වලිගෙ පාගගෙන පිස්සු කෙලියේ…
අම්මප අන්ගොඩයෝ වලිය සැට් වෙච්චිවෙලේ මම දැක්කනම් මමත් පාගල් එකේම එනවා. එත් බාප්පා චමින්දය නිසා ඉවසමු නේද?
ඔව්නේ අපි වැඩේ අතාරිමු.. කොහමත් පොර දැන් සද්දෙකුත් නැහැනේ…
aththatama duka hithuna machan hithata danena kathawak
කස්ටියගෙම අදහස් , comments ගොඩක් වටිනවා…
නියමයි කොල්ලො…..වෙලාවෙ හැටියට හරි දේ කරල තියෙනව.
එල වැඩක් කරේ අංගොඩයා…!! උඹට තරු 10යි..!!
මානසික රෝහියෙක් වෙන එක ශාරීරික රෝගියෙක් වෙන එකට වඩා පහත්ද ? නැහැනේ.. ඕක කාටත් වෙන්න පුළුවන් දෙයක්.. මන් කැමතියි කොල්ලෝ උඹේ අදහස්වලට.. අලුත් පරම්පරාවේ අය මේ සංකල්ප වෙනස් කරන්න ඕන.. අඩුපාඩුවක් තියෙන මනුස්සයත් සමාජේ සමාන සාමාජිකයෙක් හැටියට සලකන්න පුරුදු වෙන්න ඕනා.
අඩේ මමත් අන්ගොඩට රු10 දුරකින් ඉන්නේ
මමත් දානෙකට මානසික රෝහලට ගිහින් තියෙනවා .. එකේ ඉන්න අසරණ මිනිස්සුන්ගේ තත්වේ දැක්කම මාර දුකයි .. උබල කරලා තියෙන්නේ ඉතා වටිනා වැඩක් නැත්තන් ඔය මිනිහ මහා පාරටම වැටිලා අන්ත දුක්කිත තත්වෙකට මුහුණ දෙනවා
hats off.
මමත් කාලයක් අංගොඩ තමයි හිටියේ…… ඇත්තටම දුක හිතෙනවා…. හොඳ කතාවක්….
ලොක්කා හිටියේ මොන වාට්ටුවේද?