මේ චමියා, හෙට සොකාලගෙ ගෙදර පාටිය.. අපි මොනවැයි ගෙනියන්නෙ?
ඔන්න ඔහේ තියෙන දෙයක් ඔතාගෙන යමු බං, ice cream agentගෙ ගෙදරට ice cream අරං යන්න බැහැනේ..කොහොමත් උන් ගෙ පවුලෙ අයයි, උඹයි, මමයි, සුදු මල්ලි විතරනේ.. තව ඉතින් ටොයියගෙ යාළුවො ටික ඉඳීවි.. මොනව නැතත් කමක් නෑ බඩ හිස් කරගෙන යමං, ගිය සැරෙත් කාගන්න බැරි උනා.. බත් කෑවට පස්සෙ තියෙන ice cream සාගරේ දිහා බලං ඉන්න බෑ මට නම්..
චමියගෙ හැටි ඔහොම තමයි, මමත් ඉතින් එමමයි.. අපි සොකාලගෙ ගෙදර ගිහාම සොකා තමයි අමුත්තා.. අපි දෙන්න තමයි කෑම බෙදන්නෙයි එන මිනිස්සුන්ව පිළිගන්න ඒවයි කරන්නෙ..
dress type එක මොකක්ද? gentleman? casual? rasta? ඩස්පි? ගිය අවුරුද්දෙ පාටියට නම් හිටියෙ සොකාගෙ නැන්දගෙ දූල දෙන්න විතරයි, මේ සැරේ කොහොම වෙයිද දන්නෑ..
කැස්වටුවො තොට ඔල්මාදෙද ඔතනට gentleman ඇඳන් යන්න? නොදකින් මීමින්නා.. තියෙන එකක් ඇඳන් වර, කොහොමත් සුදු මලය එන්නෙ rasta නැත්නම් ඩස්පිනේ..
ඊලඟ දවසෙ උදේ හතට විතර ඇහැරුණා, සුදු මලයට call එකක් දාල කිව්වා ready වෙලා හිටු, මම ආපු ගමන් යන් කියලා..
කොහොමත් ඔය හෝහපුටුව ඇහැරෙන වෙලාවට යන්න හිටිය නම් lunch එක කන්න වෙන්නෙ හවස තේ එකත් එක්ක….
ඕකා කණ්ණාඩිය ගෙවෙනකන් පනාව ඔළුවෙ අතුල්ලනවා කොණ්ඩෙ පීරන්න..
උදේ නමය වෙද්දි මමයි, සුදු මල්ලියි චමියයි සොකාගෙ ගෙදරට කඩාපහත් උනා.. සොකාට ඉතින් මාර දූවරු තුන් දෙනාගෙ ප්‍රිය සැමියො (එහෙම උන් ඉන්නවද අඩේ?? සොකා නම් කියන්නෙ ඉන්නවා කියලා) දැක්කම එන හැඟීම තමයි අපි තුන්දෙනා දැක්කම ඇතිවෙන්නෙ.. ගිය සැරේ ආවම එහා ගෙදර මනුස්සයගෙ අඹ ගහට ගල් ගහල ජනේලෙක වීදුරුවක් බින්දා..
ඒ සොකා උඹ නියමයිනේ.. ආ නෑ.. ගෙදර ප්ලෑන් එක ඇඳපු එකා නියමයිනේ.. අර බලපන් අද අපට බැල්කනියෙ ඉඳන් අඹ කඩන්න පුළුවන්..
චමියා නිකන් මොන්ටිසෝරි යන පොඩි එකාට බැළුමක් දුන්නම වගේ සතුටින් උඩ පනිනවා.. සොකාගෙ පියාණන් පරණ ගෙදර කඩල දාලා අළුතින්ම ද්වීමහල් ප්‍රාසාදයක් හැදුවනේ.. ඒ ගෙදර චමියට පේන වැදගත්ම කොටස තමයි අඹ ගහ ලඟට හදපු බැල්කනිය….
අනේ මේ රිලව් වගේ නහින්නෙ නැතුව ඉඳහල්ලකෝ.. ගිය සැරෙත් ඒ මනුස්සයගෙ ගෙදර වීදුරුවක් බින්දා.. මේ අවුරුද්දෙ මොන ඉටිගෙඩියක් කරන්න හදනවද? අපේ ගෙදර තියෙනව බං කඩපු අඹ, කනව නම් ඒවා කාපල්ලකො වද නොදී..
සොකාට ඉතින් අපි එක්ක උපරිමෙන් මල දැන්
සුදු මලයා, කුස්සියට ගිහින් ලුණු ටිකක් අරන් වරෝ, මමයි ශැගියයි අඹ ගෙඩි වල නැට්ට හයියද බලන්නම්..
අඩේ මේ, ගෙඩි දෙක තුනක් කඩන් වරෙන් හොඳේ.. මම කැරම් බෝඩ් එක ගේන්නම් සෙල්ලම් කරන්න..
දැන් නම් ඉතින් සොකා දන්නවා මොන තොයිලෙ නැටුවත් අපි අඹ කඩනවා කියලා.. ඒකයි මිනිහා එහෙම කියලා යන්න ගියේ..
කඩාගත්ත අඹ ටිකත් කන ගමන් අපි හතරදෙනා කැරම් ගැහුවා, ඒ ක්‍රීඩාවට මට සුපිරි හැකියාවක් තියෙනවා.. සමහර වෙලාවට අනිත් පැත්තෙ උන්ගෙත් ඉත්තො දාල දෙන වෙලාවල් තියෙනවා, හැබැයි ඉතින් එකම ඉත්තට පහළොස් සැරයක්වත් ගහන්න ඕන
මට නම් දැන් කැරම් එපා වෙලා ඉන්නෙ.. ආව වෙලාවෙ ඉඳන් ටොයියව දැක්කෙ නෑ.. අපට බොන්න තියෙන ඒවා ඌ බොනවද දන්නෙත් නැති නිසා ගත්තා call එකක්..
ටොයියා, කොහේ ඉන්නෙ?
ආ… එළ, දැන් එන්නම් :ඩී
සහෝදරවරුනි, ටොයියාතුමා ඉහළ මහලේ යාළුවන් සමග මධුවිත තොලගානවලු.. මා සමග එනු, මම උඹලා එහි රැගෙන යන්නම්…
මම පුටුවෙන් නැගිටලා ජුලියස් සීසර් වගේ බැල්මක් අරුන්ට දාන ගමන් කිව්වා.. ඒක ඇහුණ විතරයි සුදු මල්ලිගෙ කට දෙපැත්තෙන් කෙළ බේරෙනවා.. නොදකින් හොට දිග පිළිහුඩ්ඩා.. මූ බොන්නෙත් beer විතරයි..
කාමරේ ඇතුලෙ හීනියට මීදුමක් වගේ තියෙනවා ටොයියගෙ යාළුවන්ගෙ සිගරට් දුම..කස්ටියම TV එක වටකරගෙන White Castle බලනවා..
What the f***!!
ඕයි, අර බලපංකො.. මොන **තක්ද කියල දාන්න ඕන එකට සිංහලෙන් දැම්මෙ “මොන මගුලක්ද?” කියලනේ..
ටොයියගෙ යාළුවෙක් film එකේ subtitles දාපු එකාට පිං දෙන්න ගත්තා ඒක දැක්ක වෙලාවෙ ඉඳන්..
එපාර සුදු මලයා හොයාගන්න නෑ..
වටපිට බලද්දි දැක්ක මිනිහා බෝතලයක් කිහිල්ලෙ ගහගෙන තව දෙකක් අත් දෙකට අරන් ජනේලෙ ලඟට වෙලා කරකවනවා..
මොනවද තෝ කරන්නෙ? මමත් ජනේලෙ ලඟට ගිහින් ඇහුවා මලයගෙන්
මේ අයියෙ… මේ.. නෑ.. ම්ම්ම්… මේකෙ 4.4යි, මේකෙ 8.4යි
එහෙම කියලා cat in boots පූසා දාන අවිහිංසක බැල්ම දාගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා.. මටත් දුක හිතුනා.. කාගෙ උනත් දරුවෙක්නේ..
අපි තුන්දෙනා beer තුනක් බීල ඉවර වෙද්දි බඩගින්න උග්‍ර උන නිසා පඩිපෙළේ අත්වැට දිගේ රූටගෙන පල්ලෙහාට ආවා ඒමක් කෙලින්ම කුස්සියෙ නැවතුනේ.. ඇස් වටේ කළු පටියක් බැඳලා hat එක දැම්ම නම් කඩුව නැති සෝරෝල තුන් දෙනෙක් වගේ.. ඇන්ටිත් හොල්මං අපි තුන් දෙනාගෙ දර්ශණේට..
එපාර සොකා හොයාගන්න නෑ.. ඉතින් අපි තුන බෙදිලා ගියා මිනිහව හොයන් එන්න.. චමියයි මමයි ගේ වටේම හොයලා බලු කූඩුවෙත් බැලුවා.. ඒත් සොකා missing..
ඒ චමියා, මේ බලෝ.. සුදු මලයා sms එකක් එවලා ‘උඩු මහලට වැඩෝ’ කියලා.. ඉක්මනට යං
උඩ තට්ටුවට යද්දි සුදු මල්ලි ඉන්නවා සොසේජස් කාපු තාරකා ඉබ්බෙක් වගේ හිනා වෙවී.. තඩි වීදුරුවකුත් අතේ තියෙනවා..
මේ මොනවැයි?
දන්නෑ අයියෙ.. ටොයියාතුමා දුන්නෙ අපි තුන්දෙනාට කියලා..
“එහෙනම් ඉතින් සමසේ භජනය කරමු.. දියෝ, මම මුළින් බොන්නම්” කියලා චමියා ඇදල ගත්තා වීදුරුව..
චමියා උගුරු තුනක් විතර බිව්වා, පේන හැටියට නම් අවුලක් නෑ.. වස නම් මූ මැරෙන්න එපැයි.. මමත් වීදුරුව ඇදල අරං බීල දැම්මා.. සුදු මලයත් අපට බැන බැන බිව්වා ඌට ඉතුරු කෙරුවෙ ටිකයි කියලා..
මචං.. අ අ අපි ආපහු මේ වැ වැ
චමියට මොනව වෙලාද? කතාකරගන්න බැරුවද? මට ඇහෙන්නෙ නැද්ද?
අඩේ! සුදු මලයා වහල දිහා බලාගෙන හිනා වෙනවා..
මටත් කචල් වගේ..
කොහොම හරි අපි තුන අමාරුවෙන් අරුං set වෙලා ඉන්න තැනට බඩගාගෙන ගියා..
ඕයි ටොයියේ.. මොනවැයි අපට දුන්නෙ?
ටොයිය දුන්නා මාර list එකක්, ඒක කියෙව්වත් වෙරි වෙනවා..
වීදුරුවෙන් බාගයක් franklin, ඉතුරු ටිකට ගල්, beer, වයින්, apple soda, coca cola!!
ශැගියා, සොකාට call එකක් ගනු.. කන්න යන්න ඕන බං.. බඩගිනියි
phone එකේ අකුරු පේන්නෙත් නෑ.. කොහොම හරි නම හොයාගෙන dial කෙරුව ගමන් චමියා phone එක ගත්තා කතා කරන්න
තෝ කොහෙද ඉන්නෙ **තෝ? අපි මේ උඹව කන්න හොයනවා, ඉන්න තැනකින් වරෝ!!
පුතේ, **ෂ එයාගෙ room එකේ.. දැන් ඔයාලා උඩ තට්ටුවෙ හිටිය ඇති වගේ.. පල්ලෙහාට ඇවිත් බත් කන්න..
මගුල් ගෙදර යද්දි බලු ගූ පෑගුණා වගේ බැල්මක් චමියගෙ මූණෙ තිබුණෙ.. සොකාට mobile phone එකක් නැති බව කාටද මතක තියෙන්නෙ? contact list එකේ තියෙන number එකට කතාකෙරුවා… මම මොනව කරන්නද?
සොකාගෙ room එකට එද්දි මිනිහ ඉන්නවා ඇඳ උඩ දපලා.. ටොයියා මූටත් පොවලද කොහෙද වීදුරුවක්ම…
ඒ අයියෙ, අපි මෙයාට අඹ ගෙඩියක් කවල පණ ගමුද?
ඔහොම ඒවා ඇහුවම තමයි සුදු මලයගෙ මොලේ roast කරලා බලු කපුටු දාන දෙන්න හිතෙන්නෙ..
හැකරැල්ලෝ!! මූට අඹ කවල හරියන්නෙ නෑ, ගිහින් ගෙනු fridge එකෙන් ලීටර් දෙකේ ice cream එකක්..
සුදු මලයා වැනි වැනි ගිහින් ගෙනාවෙ නැතෑ fruit & nut එකක්ම…
හැඳිත් නෑ.. අපි තුන් දෙනා අතින් අනාගෙන ice cream කෑවා.. කාල ඉවර වෙද්දි තමයි මතක් උනේ සොකාට කැව්වෙ නෑ කියලා.. කොහොම හරි සොකාගෙ වෙරි හින්දන්න ගිහින් අපේ වෙරි නම් හිඳුනා..



Hangover මතක් වුනා

බීපු උන් නටන නාඩගං තරං ෆන් සීන් එකක් තවත් නෑ
අපි ඉතින් ඉඳල හිටල තමයි බිව්වොත් බොන්නෙ.. ඒ නිසා මේ වගේ කතා වැඩිය නෑ :ඩී
බීලා කරපු ඔය සේරම මතක තිබුනද බං!!
හැම එකම මතක නෑ.. මේ කතාව උදේ 9 ඉඳන් හවස 4 විතර වෙනකන් කරපු වැඩ ගැන..
නොදකින්ඩ සික් විතරක් මේ වගේ බේබද්දෝ
අපෝ නෑ ගැටෝ, අපි හරි හොඳ ළමයි
සැගියගේ තියන බේබදුකම අනේ මන්දා
වෙරිමරගාතේ අර අඹයවත් කන්න හදනවා
.
කවලමි දහදුරාව ගහලා නැගිටලා හිටියා කියන්නේ බොලා අමු බේබද්දෝ සැගියෝ
හා හා be quite
නෙදොකින් තොපි වගෙ බෙබද්දො….අඩෙ සුසිජස් කාපු ඉබ්බන්ට මක්ක්යි වෙන්නෙ,
ඔයා දන්නවනෙ සුදූ මම බොන්නෙ නෑ කියලා :ඩී
ඉබ්බා සොසේජස් කෑවම හිනා වෙනවා.. ඔයා දැකල නැද්ද?
හෙහ් හෙහ් …. අම්මප බිව්වම තියන ආතල් නේද … අපිත් එක දවසක් බීලා …. දෙන්නෙක් තණකොළ කාගෙනම බුදි .. උන්ව උස්සලා බැරි තැන අපිත් එතනම නිදාගත්තා …. අනිත් මිනිස්සු දහයේ තේ එක බොන වෙලාව වෙනකන් නොබීපු වල් උරෝ අපට අහරිවේ නෑ…
එලා කතාව ………
තවද එක් සමයක අපි තිස්ස වැව මැද ඇති දූපතේ බිව්වෙති.. ගොඩබිම සිට දූපතට විනාඩි හතලිස්පහකින් පැමිණි අපිතුමන්ලා නැවත ගමනේදී ඔරුවේ පයිලට් වැඩේ තොටියාට කිරීමට නොදී බාරගත් හෙයින් ගොඩබිමට පැමිණීමට පැය දෙකක් ගතවන ලදී.. අහෝ තොටියාද කැත නැතිව රුපියල් 2000ක් අයකළෙහි..
hahah aathal
මොකද්ද බොල සැගියෝ මේ කතාවෙයි අර චූටි පින්තූරේ ඉන්න බූට් දාපු පූසගෙයි සම්බන්ධෙ? අනේ තොපි වගේ බේබද්දෝ රැලක්. පිළිවෙලකට බීගන්නවත් බෑනේ මුන්ට. බීල එකෙක්ගේ වෙරි හින්දන්න තරම් සිහියෙනුත් ඉඳල නෙ තොපි.
“මේ අයියෙ… මේ.. නෑ.. ම්ම්ම්… මේකෙ 4.4යි, මේකෙ 8.4යි
එහෙම කියලා cat in boots පූසා දාන අවිහිංසක බැල්ම දාගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා..”
දැන් තේරුණාද සම්බන්ධේ?
ඔන්න අපි බොන්නේ නැති නිසා මේවගේ කතා නෑ අපට…
උඹල වගේ බෙබාලගෙන් අහගත්තොත් මිසක් කා
Shaggy කණමදය
අඩෝ පසට ඩා!! කාලෙකින් එල කතාවක් කියෙව්වා…. පට්ට පට්ට ඒ මේ ඒක නෙමෙයි මොකක්ද බන් “මේකෙ 4.4යි, මේකෙ 8.4යි” සිරාවට අපි ඉතින් බොන්නේ නැති නිසා ඔව්ව ගැන වැඩි දැනුමක් නෑ නේ බන්
අඹයෝ, ඒ කියන්නෙ beer වල තියෙන ඇල්කොහොල් ප්‍රමාණය ගැන….
අපි නම් බොන්නේ නැහැ..චික් බොන උන් මට පෙන්නන්න බැහැ.. බිවුවත් ඔය ඇල්කොහොල් තියෙන එකක් විතරයි..
කථාවේ ගන්නට ඇති වැදගත් එකම දෙයනමි
අයිසි ක්‍රීමි කාපුවාම වෙරි බහිනවා කියන එකය
ඇයි අඹ කැව්වම වෙරි බහින්නෙ නෑ කියන එක?
මේ තියෙන්නෙ යකෝ කතා . . . තෝ මෙච්චරකල් මොනාද කොලේ ????
ප.ලි.
බේබද්දො . . . චික් !!
අන්තිමට ප.ලි. කියල ලිව්ව ටිකේ වරහන් ඇතුලෙ ‘මමත් එහෙමයි’ කියල ලියන්න අමතක උනා නේද? :ඩී
පට්ට කතාව. මමත් මේ ගිය ඉරිදා බීලා වැලක එල්ලිලා කෙල්ලොන්ට ටාසන් පෙන්නන්න ගිහින් වැල කඩන වැටිලා දණහිස ලෙලි ගිහින් කකුල පෙරලිලා…
තාමත් තෙල් ගානවා…. අයියෝ සල්ලි…..
ටාසන් නම් කොහොමද දන්නෙ නෑ හැබැයි කෙල්ලො වෙන දේවල් දැක්කෙ නැතුව ඇති නේද?
උඹට හොඳම වැඩේ පිංගුවා!!
ශැගියා, උඹේ උපමා ටිකනම් එල. ඕවට කොපිරයිට් හෙම නෑනේ?
මොන copyrightද මාමෙ.. මේවා තව කොතන හරි දැම්මා කියල මම නඩු දාන්නද? :ඩී
Shaggy අයියා වැනෙන කුක්කු බොන්ට හරි හපනා වගේ …. මොනා උනත් අයිස්ක්‍රීං කෑවහම වෙරි බහිනවා කියන කතාවට නම් කටේ ගල් කැටයක් දාන්න හිතෙනවා……… චෝයි කතාව