Post Rating:
GD Star Rating
loading...
මේ සුවිසල් නගරස
අපට උරුම කර ඇත
බස් නැවතුම, වීදි ලාමිපුව
අහිමි වේ නමි හෙට දින
කුමකට හිමිකමි කිව හැකිද?
අපට
නුඹලාගේ උදවිය
බොහෝ දේ උරුම කරගෙන
මා කිසිවෙකු නොලද
ඇදුමි පැලදුමි පොත් පත්ද රැගෙන
හිමිදිරියේ සිට මහ දවාල තෙක්
මා කිසිවිට නොගිය, නොයන,
කොතැනක හෝ ගොවිහින්,
කුමක් කරන්නෙහිද?
නුඹලාගේ මහ එවුන්
මෙතරමි ලස්සන යාන වාහන අපට
අහිමි බොහෝ දේ
කවුරුන් විසින් ලබා දුනිද?
මග තොට හමුවන
නුඹලාගේ එවුන්ට
අතපාන අපට
හිමිවන්නේ
එරවිලි ගෙරවිලි පමණක් නොවේද?
කිසිවිටක
සෙල්ලමි කාරයක් බසයක්වත්
ගන්නට අපට කාසි කොයින්ද?
කරත්ත පියනක්වත් පදින්නට
නිදහසක් නුඹලාගේ වීදියේ කොයින්ද?
එනමුත් මා නොදන්නා
කුමක් හෝ සැඟවුනු දෙයක්
ඇත්දැයි මට සිතේ
නුඹලාට උරුම වී ඇති
“කාසි මිට”
“සැප සමිපත්”
“නිදහස”
අපට අහිමි කල වුන් කවුරුන්ද?
මේක මගේ එලෙවල් ප්‍රොජෙක්ටි එකට ලියුපු එකක්
මේ විදිවල චාටර් කාලා මැරයෝ බේබද්දෝ උන ළමයිගේ කථාව
මේ ප්‍රොජෙක්ටි එක හදලා හොද අහලා ගුරැවරුන්ගෙන් නොසැහෙන්න බැනුමි ඇහුවා
අන්තිම පේලියේ හිටපු එවුගෙන් ජාතිය ඇමතිමකුත් ලබා ගත්තා
උන්ගේ එවට වඩා හොද එකක් හැදුවා කියලා
කොමෙන්ටි එකක් දාලා යන්න පලවෙනි පෝස්ටි එකනේ
GD Star Rating
loading...
වීදි දරුවෝ, 9.9 out of 10 based on 32 ratings
මේ කතාව වෙන කොහෙවත් ලියපු එකක් වත් උස්සපු ඒකක් වත් නෙවේ.පුලුවන්නම් හොඳයි වටියි කියලා හිතෙනවනම් share බොත්තම ඔබලා කතාව share කරන්න.
⇐ මේ තියෙන්නේ share බොත්තම
කතාව සැර වැඩිනම් මෙන්න මේ ලින්ක් එක කොපි කරලා චැට් එකේ ෆිට්ම යාලුවෝ පස් හය දෙනෙක්ට දෙන්න. http://www.thelastrow.net/?p=17483
post එක උස්සපු එකක් නම් කෙලින්ම
ට ලියන්න.
© Thelastrow.net කොපි කරන්න කලින් මෙතන ඔබන්න
අපි මේ කියන කාරණාව වැරදියට තේරුම් ගන්න එපා.අපි පොඩි කාලේ ඉඳලා අහපු කියපු කතාවලට කොපිරයිට් ගන්න නෙවේ මේ හදන්නේ. මේක අදාල වෙන්නේ කවුරුහරි අමාරුවෙන් ලියපු කතාවක් වෙන තැනක කොපිකරලා දාන අයට.
වෙන සයිට් එක්ක කොපි පේස්ට් කරලා දානකොට අනිවාර්යෙන්ම පල්ලෙහා තියන HTML කෝඩ් එක හරි BB කෝඩ් එක හරි කොපි කරලා කතාවට යටින් පේස්ට් කරන්න ඕනෑ.
එහෙම කරන්න බැරි තැන්වල කතාව කොපි පේස්ට් කරන්න එපා.
HTML
<a href="http://www.thelastrow.net/?p=17483" style="font-size:16px;" target="_blank"> <strong > post : වීදි දරුවෝ by ජීංජීබිරිස් </strong > <br/> © Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post </a >
BB code
[url=http://www.thelastrow.net/?p=17483][size=16][b] post : වීදි දරුවෝ by ජීංජීබිරිස්[b][br]
© Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post[/size][/url]
කරන්න බැරි දේවල් :
- ලින්ක් ශෙයා කරන්න පුලුවන් social network වල ( facebook,twitter වගේ) කතාව කොපි පේස්ට් කරන්න වත් ඉමේජ් ෆෝමැට් එකෙන් අප්ලෝඩ් කරන්නවත් බෑ.එහෙම කතා පබ්ලිශ් කරන්නේ 'අන්තිම පේලිය official Facebook page' එකේ පමනයි. ඒකත් කරන්නෙ කතාව ලියපු කෙනාගෙ අවසරය තියනවනම් විතරයි.
- කතාව කොපි කරලා ඉමේජ් ෆෝමැට් එකට ගහන්න/ස්ක්‍රීන්ශොට් ගහන්න එපා.
මේ ඔක්කොම කියන්නේ කොපි කරලා කොහෙ දැම්මත් කතාව ලියපු එකාට මොනවහරි දෙයක් ලැබෙන්න ඕනනම් ඒක ලැබෙන්න ඕන කියලා හිතන නිසා.
තමන්ගෙ බ්ලොග් එකෙයි තව වෙන කොහෙ හරියි අන්තිම පේලියෙයි එකම කතාව දාලා තියනවනම් තරහ නැතිව අපට දැනුම් දෙන්න. අපි පෝස්ට් එකට ඒ අදාල විස්තර ඇතුල් කරනවා. මොකක් හරි දෙයන්ක් පිලිබඳව අපහැලිදිතාවයක් , දැනගන්න හරි දැනුම්දෙන්න යමක් තියන්වනම් මේ ලිපිනයට ලියන්න.
අප්පට සිරි පබිලිෂ් කරලා
තැන්කු ඇඩිමින් අයියේ
loading...
බල්ලො මරල හරි සල්ලි හම්බ කළා නං විතරයි ගොඩ එන්න පුලුහන් වෙන්නෙ
loading...
ඔබා මාමේ
බල්ලෝ මරලා හරි ගොඩ එන්න
ජිවත් වෙලා ඉන්න ඕනිනේ
මේ ප්‍රොජෙක්ටි එක කරද්දි හමිබ වුන ගොඩක් අය ඉපදිලාම තියෙන්නේ පාරේ
වාසනාවට කොහොම හරි ජිවත් වෙලා
බල්ලෝ වෙනුවට මිනිස්සු මරනවා
ඔය කියන විදිහට එකත් සාදාරණිකරණය කරමු නේද
loading...
මේ තරම් හොද පෝස්ට් එකකට comment එකක් නොදා යන්නෙ කොහොමද බං ?
loading...
ගොඩක් ස්තුතියි හැලපයා
loading...
නියමයි! මමත් ප්‍රොජෙක්ට් එකට කලේ කවි කෙටිකතා එකතුවක් ලියල පෙන්නපු එක. අපේ පන්තියෙ එවුන්ට් නං මං කලේ මොකද්ද කියල තේරුනේ වත් නැද්ද මන්දා.උන් එක එක විදියෙ හිනාවල් දාලා ගියා.
කවි/කතා දිගටම ලියන්න වෙල්කම් ටු තෙලැස්ට්‍රෝ!
කවිය හොඳයි!
loading...
ස්තුතියි හිත පුරාම අමුතු ඔබට
loading...
ගොඩක් වෙලාවට අපි සංවේදී නොවෙන මිනිස්සු කොට්ටාශයකට කරපු සාධාරනයක් උඹේ පද ටික. දිගටම ලියපන්.
loading...
ස්තුතියි උගුසිඤ්ඤො
ඇත්තමයි අපි කොචිචර සංවේදි වුනත් ඒ අය ලඟදි කොචිචර අසංවේදීද කියලා වෙලාවකට හිතෙනවා
ඒ අයගේ ජිවිත කථා අහපුවාම
අපිට සුළු සුළු දේවල් ඒහිත්වලට කොචිචර තදට දැනෙනවද කියලා ඒ අයත් එක්ක කථතා කරපුවාමයි දැනෙන්නේ
loading...
උඹ වගේ ප්‍රොජෙක්ට් නොකරාට මටත් ඔය තලයේ ජිවත්වෙන උන් කීපදෙනෙක් මගේ ජිවිතේ එක්තරා කාලයක මුණගැහිලා තියනවා. කොච්චර සංවේදි වුනත් ඒ මිනිස්සුන්ට ළං වෙලා හිතන පතන කරන කියන දේවල් බැලුවහම හිතේවි මෙහෙමත් මිනිස්සු ඉන්නවද කියලා. ඉපදුන දවසේ ඉඳන් දුක් විඳලා, අසාධාරණකම් වලින් බැට කාලා ඒ හදවත් ගල් වෙලා. ඒ ඇස් වලට හෙටක් පේන්නේ නෑ. ඒ වගේම තව කොටසක් ඉන්නවා උන්ට හෙටක් බලන්න දෙන්නේ නැති. අන්න එතන තමයි සංවේදීම කොටස. මේ අසරණ වෙච්ච ජීවිත යොදාගෙන යහතින් වැජඹෙන කොටසක් මේ කතාවට යටින් ඉන්නවා කියල අමතක කරන්න එපා. එලකිරි පෝස්ට් එක මචං.
loading...
ස්තුතියි ගොඩයා කොමෙන්ටි එකට
ඇත්ත සහතික ඇත්ත මේ ප්‍රොජෙක්ටි එක වීදි දරුවෝ නිසා මට කථා කරන්න හමිබ උනේ වයස 16 ඉදන් 21 විතර වෙන අය එක්ක වැඩිහිටි අය එක්කත් කථා කලත් එඅය තමන්ගේ ජීවිත වල කථා හෙලි කරන්න කැමති නෑ
ඒ කොල්ලෝ කෙල්ලෝ තරුණකමට කියලා කරලා තියන එකම දේ කුඩු ගහන එක
අනික මේ ප්‍රොජක්ටි එකට තොරතුරු එකතු කර ගත්තේ යුනිසෙෆ් එකෙන් කරපූ රිසචි වලින් ඒ අවුරුදුව වල ලංකාව ළමා ගණිකා වෘත්තියේ ටොප් ටෙන්වල හිටියා
ඒ දැනට අව්රුදු දෙකකට විතර කලින්
මට යුනිසෙෆ් එකේ වැඩ කරන ලංකාවෙකෙනෙක් කිව්වා පිටරවල් වල ලංකාවේ ගණිකා වෘත්තීය ගැන කථාවක්
“ඔබට ගණිකාවක් අවශ්‍යය නමි බැංගලුර් යන්න, ඔබට අවශ්‍යය ළමා ගණිකාවක් නමි අනිවාර්යෙන් ලංකාවට යන්න” මේකත් මගේ ප්‍රොජෙක්ටි එක මාතෘකාවක් මොකද මේ සබිජෙක්ටි එකට වැඩියෙන් එන්ටර් වෙන්නේ ඔය වීදි දරුවෝ කියන අය තමයි මෙතන මම ගණිකාවන් කියලා කිවිවට ගැහැනු පිරිමි දෙපාර්ශවයම ඉන්නවා
loading...
නියමයි මල්ලි අපිත් ගෲප් ප්‍රොජෙක්ට් එකට ඔය වගේ එකක් කරන්න ගියා “සිරකරුවොත් මනුෂ්‍යෝය” කියලා අපේ පිනා උදැල්ල දාලා ඒක නතර කළා
loading...
ස්තුතියි වෙල්මා අක්කී කොමෙන්ටුවට
ඒකල ප්‍රොජෙක්ටි එකට කරන්න තිබිබනේ එතකොට කාටවත් උදැල්ල දාන්න බැනේ
loading...
නියමයි ජිංජි…නියමයි…ඔහොම යං ඔහොම යං
loading...
තැන්කු රංජා සප් එකට
loading...
බොහොම සංවේදී පද පෙලක් මල්ලීයේ…. මේක තමයි හුඟ දෙනෙකුට නොපෙනෙන ඇත්ත කතාව…. දිගටම ලියපන් මල්ලී
loading...
ස්තුතියි ගන්දර අයියා
loading...
වැඩි විස්තර මොකුත්ම කියන්න ඕනෙ නෑ . . පස්ටයි . . . .ආයෙ දෙක හමාරක් නෑ
loading...
තැන්කු තැන්කු ඇන්ඩර්සන් අයියා
loading...
පමාවෙලා ආවා එත් හොඳ කතාවක් හින්දා ලියලා යන්න ඕනා..
loading...
පමා උනාට කමක්නෑ අ.පේ උන් කොහොමත් එන්නේ පමාවෙලා තමා
ස්තූතියි කොමෙන්ටි එක
loading...
මාතෘකාව දැකපු දවසේ ඉඳං කියවන්න බලන් හිටියා….. ඒත් පිළිවෙලට පරණ ඒවටත් කොමෙන්ට් එකක් දාල තමයි මේ ආවේ….
සමාජයේ හරි වැරැද්ද සාදරණය කරන්න උඹට මට තනියම බැරි වේවි… ඒත් හිතට එන දේ කියල අපට දැනුන දේ කියලා අපේ යුතුකම් ඉටු කිරීම තමයි මම දකින සදාරණීයකරණය !!!
වෙල්කම් ටු TLR
loading...
ස්තූතියී ගූලියා කමෙන්ටුවට
සමාජය වෙනස් කරන්න අපිට බැරි වේවි එත් අපි අපිට හරී වෙනස් වෙන්න පූලූවන්නේ ඒ ඇති
loading...