මේක ඇවිල්ල අර ගොන්ටගේම කතාවක්… අර පරිප්පු උයපු ගොන්ටව හැමෝටම තාම මතක ඇති මම හිතන්නේ…. මේක උනේ අද උදේ පාන්දරම.. හිනා යයිද නැද්ද කියලනම් ශුවර් නෑ ඕං…
හැමෝම දන්නවනේ දැන් අපි කාලෙක ඉදන් ඉන්නේ ලංකාවෙන් පිට කියල.. ඒකත් කන පැලෙන්න සීතල තියෙන රටක.. හරීම ආතල් උදේට ක්ලාස් යන්න නැගිටිද්දී එහෙම.. හැබැයි මටනම් දෙයියනේ කියල ක්ලාස් එකට විනාඩි 5ක් තියෙනකන් හැමදාම නින්ද යනවා… ඒකෙත් මොන කරුමෙකටද මන්දන්නේ නෑ නින්දේ ආතල්ම හරිය සෙට් වෙන්නෙත් උදේ පාන්දරට….. ඉතින් කොහෙද ක්ලාස් යන්න නැගිට්ටවෙන්නේ.. ගොන්ටට පිහිට වෙන්න තමයි හැමදාම ක්ලාස් එකට යන්නේ.. ඇයි ඉතින් ඌ දෙයියෙක් වගේ උදෙන්ම නැගිටලා මාව වෙලාවට නැගිට්ටවනවානේ… හැබැයි ඉතින් කොච්චර වෙලාවට මාව නැගිට්ටේව්වට් මම මගේ ඇස් දෙක අරින්නෙ නම් ක්ලාස් එකටත් ගිහිල්ල ටික වෙලාවකින් ප්රෝෆෙසර් කාරයා අපෙන් ප්‍රස්න අහන්න ලෑස්ටි වෙනකොට තමයි.. එතකන් මම නිකන් හීනෙන් වගේ තමයි හැමදේම කරන්නේ..
අදත් ඉතින් ඔන්න උදෙන්ම ගොන්ටා ක්ලාස් යන්න ලෑස්තිවෙලා මාව නැගිට්ටෙව්ව කියපුදෙන්කෝ.. මමත් විනාඩියට දෙකට ලෑස්තිවෙලා ඉවර උනාම දෙන්නත් එක්කම එලියට බැස්ස.. එලියට බැස්සම ඉතින් දනිහ ලගට වෙනකන් හිම.. හරිම සෝක්…. සීතල කන් දෙකෙන් දෝරෙ ගලනවා…ඒත් ඉතින් පන්තියට යන්නම එපැයි… ඉතින් හිත හදාගෙන යන අතරේ ගෝන්ට කට අරිය….
” මචන් උබ දන්නවද ඔය ලොකු ලොකු රටවල් දියුණු වෙන්න හේතුව..??”
ඔන්න ඌට තියෙන ප්‍රස්නේ.. මම මේ තාම නිදිමතේ.. ඌ මගුලක් කතා කරනවා… මගෙන් උත්තර නෑති උනාට ඌට ගානක් නෑ… පොර කියවනවා…ඇයි උගේ මොලේ මගේ මොලේට වඩා ලොකුයි කියල ඌට පෙන්නගන්න පුළුවන්නේ… මමත් ඉතින් අහගෙන යනවා..
“ඔය ලොකු ලොකු රටවල් දියුණු වෙන්න එකම හේතුව ඒ රටවල් වලට හිම වැටෙන එක…උබ ඒක දන්නවද..??” මාව නිකන් කරකල අත ඇරිය වගේ… ඇයි ඉතින් මු කියන ඒවා හිතෙන්නේ පොරට විතරමනේ.. මමත් ඉතින් ඇහුව ඒ ඇයි කියල…. මෙන්න ඌ එතකොට කියනවා..
” මචන් රටකට හිම වැටුනම ඒ රටේ මිනිස්සු ගොඩක් සල්ලි හම්බ කරනවා.. මොකද උන්ට සීතලට ඉන්න හොද ගෙයක් දොරක් හදාගන්න ඕනි නිසා.. එතකොට තව සීතලේ එහෙ මෙහෙ යන්න වාහනයක් එහෙම ගන්න ඕනිනේ බන් උන්ට..”
ඔන්න උගේ පැහැදිලි කිරීම… මටනම් ඉතින් ඌ මොනවා කියෙව්වත් ගානක් නෑ.. මොකද එකක් ඌට පිස්සු කියල මම දන්නව වීම අනික මම තාම බාගෙට නිදිමතේ වීම.. ඔය මොක උනත් ඌට කමක්නෑ….ටික වෙලාවකින් මු අයිමත් අහනවා..
” එහෙනම් උබ කියපන් බලන්න ලංකාව දියුණු කරන්නනම් ඉස්සෙල්ලම මොනවද කරන්න ඕනි කියල..??” මටනං ඒකටවත් උත්තරයක් අවේ නෑ… මම ඉතින් නිදිමතේම කිව්වා ” උබම කියපන්කො ඉතින් ” කියල.. මෙන්න එතකොට මු ආඩම්බරෙන් කියනවා..
“යකෝ ලංකාව දියුණු රටක් කරන්නනම් ඉස්සෙල්ලම කරන්න ඕනි හිම වට්ටන එක..නැත්නම් ඉතින් කවදාවත් ඕක දියුණු කරන්න වෙන්නේ නෑ..” ඕක අහපු මගේ නිදිමත කොහේ ගියද මන්දන්නේ නෑ….. ගොන්ටගෙ මොලේ තමයි මොලේ….
loading...

ලංකාව දියුණු වෙන්න හිම වලින් හදපු මොළ ගෙඩි ටිකක් ඉම්පෝර්ට් කොරන්න ඕනේ….
loading...
ඔය ඔය ඉතින් ගොන්ටට කරට කර ඉන්නද ට්‍රයි එක..!!!
loading...
මගේ හිතේ ඕක අපේ කාටවත් හිතිලා නෑ තාම. හිතුනනම් අනිවා කරනවා..
loading...
හොද මොල කාරයො ලංකාවෙන් පිටනෙ ඉතින්
loading...
අහ්හ්හ්හ්හ් අපේ ආඩම්බර කාර තාත්තාට කිව්වනං
loading...
කවුද බොලේ ඒ..?????
loading...
වෙන කවුද?
loading...
අදිරියෝ ලංකාවෙ නිව්ස් බලන්නෙ නැද්ද?
loading...
ඇත්තටම හැම යාළුවො සෙට් එකකටම ගොන්ටෙක් ඉන්නවා නේද..
loading...
හැබැයි අපේ එකාට ගහන්න එකෙක් තව නෑ….. හෙ හෙ හේ
loading...
වසු අක්කගෙ යාලු සෑට් එකෙ ” ගොන්ටා” වසු අක්ක නේද?
loading...
අපේ සෙට් එකේ නම් ඔක්කොම ඉන්නේ ගොන්ටෝ තමයි..
loading...
ඉටිකිරිස් මොළයක්නෙ හැබෑටම!
loading...
අනේද කියන්නේ…!!!!
loading...
අනේ ඉතින් උඹලටත් ගොන්ටට වගේ සම්මා දිට්ඨිය කවදා පහල වෙයිද මන්දා. එහෙම එකෙක් නව අදහසක් දුන්නම ඌව කන්න හදනවා. අර අනගාරික ධර්මපාල තුමාද කොහෙද කියල තියෙනවා නේද අලුත් අලුත් දෑ නොසිතන ජාතියේ එවුන් ද එවුන්ටද මන්ද ලොව නොනගී කියල. උඹල වගේ හණමිටි අදහස් තියෙන උන්ව රට පටවල ගොනට වගේ උන්ව තියා ගත්තනම් ලංකාව දැන් හිමෙන් වැහුණු පාරාදීසයක් වගේ නැගපු ජාතියක් ඉන්න රටක්.
loading...
නොනගී කිව්වෙ දියුණු වෙන්නෙ නෑ කියන එකටනේද…?????
loading...
යකෝ ඕක කිව්වෙ කුමාරතුංග මුණිදාස. “අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී….හිඟා කෑම බැරිවූ දා ලගී ගයා මර ගී”
මේ ගොන්ට කොල්ලව ආන්ඩුවෙ උපදේසකයකෙ කොරන්න වටිනව හැබැයි.
loading...
ඔය ජාතිය නගින එක නෙවෙයි ජාතියේ එවුන්ට කියල කියපු කතාව.
loading...
හීතල වැඩි කමට කියවෙන කතා බං ඔය.. ගනං ගන්න එපා…. ඔව්වා ඔහොම තමයි..
loading...
නෑ නෑ වෙන්න බෑ… ඌට විතරක් සීතල වැඩි වෙන්න හේතුවක් නැනේ…ඕක ඇවිල්ල උගේ මොලේ අසාමාන්‍ය වර්ධනයක්…
loading...
ගොන්ටාගේ මොළේ තමයි මොළේ. විකුණන්න අදහසක් නැතිද දන්නේ නෑ. අපේ රටේ දේසපාලුවෙකුට වත්.
loading...
බොලාගෙ ගොන්ටගෙ නෑයෙක්ද මන්ද අපේ ගෙදරත් ඉන්නව ඔය ජාතියෙ ජුන්ඩෙක්. දවසක් මම උයන්නෙ චිකන් එකක් ගෙනල්ල ෆ්‍රිජ් එකේ දැම්ම. මූ දවසක් ෆ්‍රිජ් එක අරිද්දි ඕක දැකල මගෙන් අහනව ” මොකටද බන් කුකුලෙක් ෆ්‍රිජ් එකේ කියල”. මම කිව්ව “ඕක ඇති කරන්න ගෙනාවෙ. එහෙනන් වැලදිලා ෆ්‍රිජ් එකේ දාල වෙන්ටැති” කියල. මූට නන් අම්මපා…!
loading...
මේ මේ අදිරියෝ ඔය වගේ වටිනා දුර්ලභ අදහස් අපේ පොලිටික්කන්ට ඇහෙන්න කියන්න එපා….
ඒ ගොන්ටො ටික එකතු වෙලා හිම ගෙන්නලා ඒකෙනුත් කොමිස් ගහයි
loading...
ගොන්ටත් මාර ඩයල් එක
loading...
ඇත්තටම රටවල්වල සෘතු වෙනස් වීම ඒ රටවල දියුණුවට බලපාලා තියෙනවා.
loading...
ගොන්ටගේ කතාව ගොන් වගේ පෙනුනට ගත යුත්තකුත් තියනවා
loading...