Hangout with Sri Lankans around the world!
hide
Diaspora.lk - Hangout with Sri Lankans around the world!
Show
22

ගමනේ යාම 4 ……සත්‍ය කතාවක් ඇසුරෙනි

ලෝකයා...

යාපනේ ට‍්‍රිප් එකක් ගියා.. පළවෙනි දවසේ තව එකෙක් එක්ක පිස්සු කෙල කෙල ඉඳලා…. උගෙම නංගිට පැණියදාලා… කොහොම හරි නොයෙකුත් බාධක මැද ඔන්න යන්තං වචනයක් කතාත් කර ගත්තා… ගෙවල් පැත්තෙ එකෙක්ගෙන් කෙල්ලගෙ විස්සතර ටික අහලා බලද්දි තේරුණේ මේක එසේ මෙසේ කේස් එකක් නෙවේ කියලා… කොහොම හරි ඒකිගේ අයියගෙ කොම්පීතරේටත් කෙලවන්න හිතාන වෛරස් එකක් ඩවුනලෝඩ් කරලා ඌට යැවුවට කෙල උණේ මගේ එකට… මං දැං බලන් ඉන්නෙ අරුගෙන් ආරංචියක් එනකං… 

 

 කලින් කොටසට

මේ අවසාන කොටස

 

හවස කෝල් එකක් එනවා…

” මචන් මගේ මැෂිම වැඩ නෑ පොඩ්ඩක් හෙට බලමුද….? මම අරන් එන්නද…..”

මට නිකන් බැලුම් බොලේ හුලන් ගියා වගේ…..

“පිස්සුද මචන්  යාලුවන්ට එහෙම කරනවද…. මම හෙට ගෙදරටම ඇවිත් හදන්නම්… අයියා ඉතින් මගේ  යාලුවනේ…” 

මම ඉතින් පහුවදා ගියා මගේ බයිසිකල් කට්ටේ…. අයියා පාර අයිනේ ඉන්නවා..

අනී යනකොට නංගී ඉන්නවා ගෙදර… මම ෆුල් ඩම් එක දාලා කතා කරා…..

“ආ කොහොමද නංගී අම්මී නැද්ද……?” (අම්මී වැඩට ගිහින් අයියා) ඔන්න ඔච්චරයි දවසටම………..


මම ඉතින් අරූගේ මැෂිමේ තිබ්බ නංගීගේ තව ෆොටෝ ටිකකුත් හොරා කාලා ගෙදර ගෙනාවා…දැන් දන්නවනේ දවල්ට ගෙදර කවුරුත් නෑ කියලා මම ඉතින් අයියට කතා කරන්න වගේ බොරුවට ගෙදරට ගන්නවා. මම ඒ කාලේ කවදාවත් උගේ අතේ ගෙනියන එකට කතා කොරලා නෑ ඔන්න….


ඔන්න ඔහොම දින සති ගෙවී යනකොට නේවික හමුදාව එන්න කියලා ලියුම ඇවිත් තිබුනා ඔය වෙනකොට ඔය ජර මර වෙලා මාස එක හමාරක් ගොහින්, අර කෙල්ල ගැන මතක් වෙනකොට උන්ඩුක පුච්චිය රතු පාට වෙනවා.ආයි ඉතින් එන්න වෙන්නේ මාස ගානකින් නේ…. කොහොම හරි ගැහුවා මාස්ටර් පැලැන් එකක්.

පියවර ටික මෙහෙම..


1 ආදරේ හිතෙන්න ලියුමක් ලියන්න ඕනෑ …. කවියක් ඕනෑ

2 යන්න කලින් කෙල්ලට ඉඟියක් දෙන්න ඕනෑ  (දෙන්න දෙයක් තිබුන් නෑ ) 

3 යන්න කලින් ප්‍රස්නයක් අහන්න ඕනෑ  කෙල්ලගේන්


ආදරේ හිතේන කවිය හා කතාව තමා අර යාපනය පායනය හා හමුවීම කියන්නේ. 

ඉඟිය තමා “නංගී මම අහවල් දවසේ යනවා…..”

අහපු ප්‍රශ්නේ තමා “ඉබ්බාගේයි කැස්බෑවගේයි වෙනස මොකද්ද..?” කියලා.


ඔන්න ඕකයි තත්වේ… කන්නේ පාන්.. දෙන්නේ මාලු පාන්… කෙල්ලේක් ඉස්සරහා අම්මපා මොන තරම් ලැජ්ජා නැති වැඩ වෙනවද හැබෑට නේද,,,,,? ඊට පස්සේ ගියා නේවික හමුදාවට 


මේක ඇතුලේ වෙච්චි දෙවල් වෙන පොතක් ලියන්න පුලුවන්….. ඒවා කියන්න වෙලාව මේක නෙමේ….

ඔය මූලික පුහුනුවෙදි ෆොන් තියා ගන්න බෑනේ… අපිට ඒ වුනාට මම එකක් හොරට තියන් හිටියේ හැබයි මාට්ටු උනා නම් තාම දුවනවා……..


කොහොම හරි මාසෙකට විතර පස්සේ මම කොල් එකක් ගත්තා කෙල්ල තමා දැන් කතා කරන්නේ ….

“ආ කොහොමද අයියා….” 

“හොඳයි නංගී #@#$$#$##$$#……….” 

ඔය වල් පල් කියන අතරේ “අයියා මට කැම්පස් ආවා”  කිව්වා….


හුටා ඒ පාර මොකද්ද පාත් වෙන්න යන හේනේ

ඇයි ඉතින් කැම්පස් ගියාම අනිවා ගොඩ යනවනේ මම හිත හදාගේන වල් ඌරේක් වගේ කියන දේ කරගෙන ජීවත් වුනා තව මාස දෙකක්…. 

වමටප් හැරෙන්….! ගමනේප් යා……!!


“ඔය ඉස්සරහා ඉන්න මීමා උඹට ඇහෙන් නැද්ද මම උඹේ කන් සුද්ද කරන්නද…??”

 ඔන්න ඔහොම තමා අපිට ඒ දවස් වල කතා කරේ, ඔය තමා ආදරේට කතා කරන විදිය.

“හරියට යුනිෆොර්ම් එක අඳින්න බැරිද…?” 

තුවක්කුව ගත්තා උඩට 5රවුන්ඩ්ස් ඔෆ් ද ෆෙරඩ් ග්‍රවුන්ඩ් 

“yes sir………!!”

කොහොම කොහොම හරි මාස තුනේ පුහුනුව ඉවරකරලා එනකොට මම නිකන් හුඹහෙන් ගත්ත හැකරැල්ලා වගේ.යනකොට නිකන් හිටියේ චයිනීස් ෆොන් එකක් වගේනේ කොහොම කොහොම හරි ආපු ගමන් ගියා යාලුවා බලන්න…

අනේ අම්මේ යනකොට ඉන්නවා නේද ඉස්සරහම පුටුවේ වාඩි වෙලා. මම නිකන් දැම්මා හිනාවක් අම්මපා සූකිරි කාපු බේකරි කාරයා වගේ…. කට කනේ දත් තිස් හතම පේනවා………….


“අනී…… අයියා කෙට්ටු වෙලා..”

මේ වෙනකොට මම ඒ වචනෙට පුරුදු වෙලා මොකද පාරේ යන්ඩ නෑ …..

“ඒයි මේ බලපන්කෝ මුගේ හැටි….”

” තොට ඔහොම වෙලා මදි……”

“අනී මල්ලි මොකෝ මේ…..”

“අඩෝ මොකෝ බන් පිස්සොත් එක්ක ජිල් ගැහුවද”

“අනේ මොකද පුතේ උනේ….. ඔයා නේවික හමුදාවට ගියාලු නේද …… ” (දන් නෑ වගේ අහන්නේ මුන් ඔක්කොම බලන් ඉඳලා තියෙන්නේ මට කෙලවෙනකන් ගහන්න හිතෙනවා… උස්සලා හඳේ…… )


මේ වගේ ආදරේ හිතෙන කතා වලට කන් පිරිලා තිබුනේ


“ටිකක් කෙට්ටු වුනා නංගී මේ කාලේ ඔහොම තමා…” 

දැන් ඉතින් ඉවරයිනේ… මම දැන් හෙන ඩීසන් එකේ කතා කොරලා තේ එකක් එහෙම බීලා දෙයියනේ කියලා හිතේ තිබ්බ මොකුත් කියන් නැතිව ආවා….. 

“තෝ නන් මෙලෝ රහක් නැති හු#$@#…”

 මගේ කුඩා මොලෙන් අම්බානෙට බනිනවා.. කොහොම අහන්නද අහලා කෙල වුනොත් එහෙම පෝයට යන්න වෙන්නෙත් අල්ලපු ගමේ පංසලට…… 


අනේ ඉතින් මගේ කෙන්දරේ බලවගන්න ඔනේ කියන චෙතනාවේන් ගල් ඉබ්බො ජිල් ගහනවා වගේ පරේ තියන ගල් වලට පයින් ගගහා මම ගෙදර ඇවිත් මගේ පාඩුවේ අපහු කෑම්ප් එකට අවා…..


ඔහොම ආපහු දෙවෙනි නිවාඩුවට ඇවිත් ෆුල් ට්‍රයි එකක් දීලා අයියගේ ෆොන් එකෙන් නංගීගේ නම්බර් එක ඉස්සුවා…. උස්සලා වෙන දෙයක් වෙච්චි දෙන් හරි ගියොත් ගොඩ නැත්තන් ඒත් ගොඩ කියලා හිතාගෙන සති දෙකක් තිස්සේ මම කෙල්ලගේ මොලේ කනවා…


එක පාරටම කෙලලගේ ෆොන් එක වැඩ නැතිව ගියා …. මම දැනගත්තා වැඩේ වල් දැන් ඉතින් ගෙදර යන් නෑ…. නරකයාට කතා කරලා බෝඩිමට තමා යන්න වෙන්නේ පඩිත් තියන නිසා කාලා බීලා ඉන්න පුලුවන්….. අවුලක් නෑ … ඔන්න දැන් මගේ අනාගත සැලසුම..


ගල් ගැහුවනන් ගඳ ඉවසපන් කියලා මම ඉන්නවා අයියා කාරයා කෝල් කරනවා. උත් එක්ක කතා කොරොත් ඌ මගේ ලේ බොනවා ෆොන් එකෙන්ම… අම්මපා උපන් වෙලාව වෙනස් කරන්න පුලුවන් නන් ඒකත් කරනවා…..ඔහොම ටික දවසකින් නොදන්න අංකයක් මට මග ඇරුන ඇමතුම් එවනවා…බයයිනේ නැන්දම්මා ජාතික ගීය කියන්න කතා කරනවද කියලා කව්ද දන්නේ…බැරිම තැන කතා කරා ….


“හිලොව්ව්… අයීයේ මී මම…. ම්ගී ෆූන් එක නැතී වූනානී.. අද තමයී එකක් ගත්තේ “ 

යකෝ ෆොන් එකක් නැති උනත් එකත් මම කතා කරන කෙල්ලගේ


කතරගම දෙයියන්ට ටැට්ටරයක් දෙන්න තරන්…….තංතෝසෙට ළඟ ඉන්න එකාට පයින් එකකුත් ගැහුවා උන්ඩුක පුච්චිය දිඩින් දිඩින් ගානවා.. දැන් ඉතින් වැඩේ ගොඩ වගේනේ…. එදා රෑම ඇහුවා … 


“නංගී…. ඔයා මාත් එක්ක ෆොටෝ එකක් ගහන්න කැමතිද…..?”

“මම නන් කිමතී හැබයි අයියා බී කිව්වොත් බී ඕන්…….”


ඔන්න මගේ දෛවය කියන එක…….. මොනා කරන්නද ඉතින්   දැන් ඉතින් ලාම්පු තෙල් වලින් හරි අල බදිනවා කියලා පහුවදා ගත්තා කොල් එකක් අයියට. අම්මපා අද නන් කෙලින්ම අහනවා… 


“හෙලෝ අයියා යාලුවා කොහොමද … ??…මේ මචං මම වැදගත් දෙයක් කතා කරන්න ගත්තේ ..”

“මොකදද මචං… ??”

“මේ.. ආ.. මේ නංගී ගැන… “

“මොකද්ද මචං….??”

” මේ නංගී කැම්පස් ගියාද………?”

” ඔව් මචං ගෙදර ඇවිත් ඊයේ ගියේ…” 

“අහ්.. එහෙමද නෑ… මචං මන් මේ කිව්වේ මම මේ…..”

“උඹ නංගීගෙන් ඇහුවද….?” (හුටා)

“ඔව්නේ ….”

“කැමතිද….. ?”

“ඔව්නේ……” 

“සිරවටද කරන්නේ … “

“ඔව්නේ…..”

මට නංගී කිව්වා සීන් එක. මම දන්නවා කලින් ඉදන්…. වෙන එකෙක් නන් අවුලක් නෑ උඹ හින්දා බයයි… “


ඔන්න ඔහොමයි කතාව ගියේ මේ අතර වෙච්චි තව මරු මරු සීන් තියන්වා ඒ ටික ලියන්න කතා නායිකවගේන් අහන්න ඔනේ මොකද පවුලයි වට්ටක්කයි දෙකම ඔනෙනේ

මේකේ වෙච්චි සිද්ධාන්ථ ඔක්කොම ඇත්ත නරකයාගේ ඇස් දෙක පල්… ඔක්කොම සිරා…..

වැඩේ ගොඩ ගියාට පස්සේ තමා ඔන්න මලට විල මට වල ලිව්වේ….


කථාව එළ නන් කියන්න ලියන විදිය කැතයි නන් එත් කියන්න

__________________________________________________

ලෝකයා…

ගමනේ යාම 4 ……සත්‍ය කතාවක් ඇසුරෙනි, 9.7 out of 10 based on 91 ratings
VN:F [1.9.22_1171]
 ශෙයා
ලෝකයා...

ලෝකයා...

This user has not updated his description

 All posts by ලෝකයා...  Link to ලෝකයා...'s blog

22 Responses to "ගමනේ යාම 4 ……සත්‍ය කතාවක් ඇසුරෙනි"

  1. Observer says:

    අනේ අහිංසක නරකයා….

    ප.ලි.
    අහිංසක කියනකොට මතක් වුනේ, අන්තිම පේළියෙ අංගුලිමාලයෙක් හිටිය ‘අහිංසක’ නමින් පෙනී හිටපු, කාලෙකින් කොමෙන්ට් එකක් වත් දැක්කෙ නෑ පොරගෙ

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
    • චීටා cheeetah says:

      මු නරකය නෙවෙයි නේ ඔබා මාමේ. උගේ අනිත් එකා ලෝකයා. නරකය නරක් කලේ මු තමයි. අනිත් එක පවු කියන්න ඕනේ මුට නෙවෙයි අර අසරණ කෙල්ලට. අනේ දෙන්නටම සුභ නත්තලක් සහ අලුත් අවුරුද්දක් වේවා!!.:D
      අහිංසකය ඇඟිලි කපල ද මකලද මාට්ටු වෙලා හිරේලු.

      VA:F [1.9.22_1171]
      Rating: +2 (from 2 votes)
      • Observer says:

        මළා ඌට අර රොබෝ සෙකට්‍රරි කෙල්ල වත් සෙට් වුනාද?

        VN:F [1.9.22_1171]
        Rating: +2 (from 2 votes)
    • AHINSAKA AHINSAKA says:

      නයි කයිද කිඹුලා බනිස් කිව්වලු… ඔබා මාමේ… මම පණපිටින් ඉන්නවෝ… මේ දවස් වල ගොඩාක් කාර්යබහුලයි… මාව මතක් උනාට බොහෝම පින්…..කොමෙන්ටු නොදැම්මට අනිවා ස්යිට් එකට එනවා…. වෙලාව මදි කමක් තියෙන්නේ.. කොමෙන්ටු නොදැම්මට අනිවා සයිට් එකට එනවා…. වෙලාව මදි කමක් තියෙන්නේ.

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
    • ශානියා වෙල්මා says:

      මේ ලඟදි අහින්සක සනික තීරුවේ මොකක් හරි දොඩෝලා තියෙනවා දැක්කා ඔබා මාමේ :D

      VA:F [1.9.22_1171]
      Rating: +1 (from 1 vote)
  2. අඹයා අඹයා says:

    ලුණු ඇඹුල් සිරා බො ලෝකයෝ…. මම ආස ඔය ඉට්ටයිල් එකේ කතා පොඩියවල් කියවන්න තමා…. තව කතා ලියපන් කොල්ලෝ ඔය වගේ….

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
  3. ශානියා වෙල්මා says:

    හික් හික්

    //මට නංගී කිව්වා සීන් එක. මම දන්නවා කලින් ඉදන්…. වෙන එකෙක් නන් අවුලක් නෑ උඹ හින්දා බයයි…//

    මේක තමා පට්ට කියමන මොළේ ඇති අයියා කෙනෙක් ඔහොම එකෙක්ට තමන්ගෙ නංගිව දෙනවැයි ඉතින් :P

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  4. අතන දාපු කොමෙන්ට් ටිකම ආපහු උඹේ කතා සෙට් එකටම දාන්න ඕනෙ නෑ නේද ????

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • තරහ අවසර ලොකයා දැන් මූදු ගිහින්… ඌ කියන්න කියුවා… එතන බලන උන් මෙතන බලන්නේත් මෙතන බලන උන් එතන බලන්නේත් නැති නිසා දෙකේම දැම්මා… ඇන්ඩාට විතරක් සොරි කියන්න කියලා….

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  5. ගැටවරයා ගැටවරයා says:

    ලව් ඉස්ටෝරියක් අමුතුම ස්ටයිල් එකකට කියෙවුවා, කොහොම හරි අන්තිමේ ගොඩ ගියා නේ.එල කිරි සහ ඇල් ජලය.ජය සිරි මංගලම් කිව ඔං

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  6. sameera sameera says:

    “කොහොම අහන්නද අහලා කෙල වුනොත් එහෙම පෝයට යන්න වෙන්නෙත් අල්ලපු ගමේ පංසලට…… ” maru !!

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  7. ඇස්කොට් මලයා ඈස්කොට් මලයා says:

    කතාව නම් මරේ මරු. මම ආස මෙන්න මෙ ස්ටය්ල් 1ට
    “හිලොව්ව්… අයීයේ මී මම…. ම්ගී ෆූන් එක නැතී වූනානී.. අද තමයී එකක් ගත්තේ “ එළ…

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  8. ජීංජීබිරිස් ජීංජීබිරිස් says:

    එලකිරි ලවි ස්ටෝරිය
    ටික දුරක් කියෝගෙන යන කොට මට කොයිල් වෙලා බට ලයිටි දෙක තුන කුත් පත්තු වුනා
    අන්තිමේ කොමින් හරි ඔක්කොම ටික නිමා ගත්තා
    ලෝකයා බාල අපරාදයක්ද කොහිද කරලා තීන්නේ “හිලොව්ව්… අයීයේ මී මම…. ම්ගී ෆූන්
    එක නැතී වූනානී . කියලා කියයිද

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  9. එළ එළ තෑන් කූ කොමන්ටු වලට මචන් හෙහ් හෙහ් බාල අපරාද කිව්වට එහෙමමත් නෑ…
    කොහොම කොහොම හරි අම්මපා….. එලකිරි

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  10. රුකා..!!! says:

    එල මැක්සා..!! පට්ටට ලියලා තියෙනවා…!!

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  11. GihanD4R shameezh says:

    හාහා ආතල්. පට්ට මචන්. කතා 4ම බැලුවා. සුබ පැතුම් එහෙනම් :)

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  12. එක හුස්මට කතා 4 ම කියව්වා….. ලියන ආරේ මරු….. වචන සෙට් එකත් මරු…. ඔබාමට රටකජු විකුණලා හරි මේ ලියපු ලව් ස්ටෝරියට සදා ජය !!

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  13. කැම්බා says:

    පට්ට පට පට :D

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  14. rsh0045 says:

    මරු කතාව මචන්.. නියමෙට වැඩේ කරලා තියනවා…වෙනස්ම විදියේ එකක් නේ. තව මේකේ උන සිදුවීම් විස්තර කරලා දාන්න පුළුවන් නම් වඩාත් හොදි. :)

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  15. rsh0045 says:

    මරු කතාව මචන්.. නියමෙට වැඩේ කරලා තියනවා…වෙනස්ම විදියේ එකක් නේ. තව මේකේ උන සිදුවීම් විස්තර කරලා දාන්න පුළුවන් නම් වඩාත් හොදයි :)

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)

Leave a Reply

Sinhala transliteration (β) - වෙන තැන් වල සින්හලෙන් ලියලා කොපි කරන්න ඕනේ නෑ. කෙලින්ම කොමෙන්ට් box එකේ සිංග්ලිශ් වලින් ලියන්න.

Click ctrl+b to toggle the transliteration

© 2013 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Processed 108 queries in 1.111 seconds.