පලවෙනි කතාවෙන්ම හුගාක් ප්‍රතිචාර තිබ්බ නිසා…දෙවෙනි කතාවත් ලියන්න කියල හිතුව…හිතන්න දෙයක් නැහැ…මම ගැනම තමයි….හුගක් අයට ප්‍රශ්නයක් තිබ්බ ඇයි මම අන්තිම පේලියේ හිටියේ නැත්තේ කියල…යකුනේ බොලව් අපේ පන්තියේ හිටියේ 12 යි..කොහේ පේලි වලට බෙදන්නද??කමක් නැහැ…මම අසයි ගල්වලට…වදිද්දී ෂෝයි නේ….ඔන්න කතාව…
ඔන්න එකෝමත් එක දවසක…සින්බෑඩ් ගේ යාලුවෙක් ගේ උපන්දිනේ වෙච්චි….යාළුවගේ අම්මල ගෙදරත් නැතිවෙච්චි…..කොම කොම හරි මියුසිකල් එකක් කියල අම්මල එක බලන්න ගිය නිසා.. සින්බෑඩ් කොල්ලත් ගෙදරින් පැන්න යාළුවගේ ගෙදරට….
කස්ටිය ලෑස්ති වෙලාම ඉන්නවා යද්දී….(ලෑස්ති වෙලා ඉන්නේ ඉටිපන්දම නිවල කේක් කපන්න කියල හිතපු එව්න් එහෙම හිතාගනිල්ලා…)….කට්ටිය ඔන්න සුට්ටන් බෝතලයක් එහෙම ගෙනල්ල….වීදුරු 7 ක් ගෙනල්ල….ලැස්ති වෙලා…..උපන්දින කුමාරයම….වක්කරගෙන පටන්ගත්ත ඔන්න…(වතුර නෙමෙයි)….ගෙදරත් කව්රුත් නැති නිසා කට්ටියට රජ මගුල්….
සින්බෑඩ් කොල්ලත් මතට තිත තියන්න ඉස්සෙල්ල නිසා…පොද්දම පොඩ්ඩක් නවාගත්ත කට පිරෙන්න…(පොඩ්ඩක් කිව්වට අනිත් එඋන් නම් කිව්වේ..හෝම් තියෙටර් සිස්ටම් එකේ දිග බෆල් එක අල්ලාගෙන සින්දු කිඋව කියල…මුන්ගේ මඩ!)……අර සුට්ටන් එක ඉවර වෙලා තවත් එකක් සැටිය යටින් ගත්ත විතරයි…මෙන්න දොරට ගහපි කව්ද….
“සමීර(මනක්කල්පිතයි)…දොර ඇරපන්…උබේ සෙරෙප්පු දෙක එළියේ…මම දන්නවා උබ ඉන්නවා කියල..ඇරපන් දොර…” ජලා හුටා..සමීර අයගේ අම්ම ඇවිත්..ජනේලෙන් දැකල සෙට් එක…අදුනගෙන නැහැ…සමීර අය්යා පැන්න පිටිපස්සේ දොරෙන් එලියට….සින්බෑඩ් කොල්ල අන්දමන්ද වෙලා…(අපරාදේ නේ අතේ තිබ්බ ෆුල්ල් එක….)…ඒ නිසා දැක්ක ෆ්‍රිජ් එක…දැම්ම වීදුරුව ඇතුලට…කොල්ලත් පැනපි පස්සේ දොරෙන්…
දෙන්න පිටිපස්සේ ඉන්නවා…(යාළුවගේ ගෙදර තාප්පෙන් එහා පැත්තේ අපේ ගෙදර ටිකක් උඩට වෙන්න)….සමීර අයගේ අම්මගේ ටෝක ඇහෙනවා…
“කියහන් කෝ එකා…මුගේ සෙරෙප්පු තියෙනවා මු නැහැ….හිටියේ නැහැ කියල කියන්න එපා…මම දැක්ක…කෝ හිටපු අනිත් එව්න්..”
**දැනගැනීම පිණිසයි:හිටපු එව්න් ටික බෝතල් ටික සිවිලිමේ හංගා විසිරී ඇත..එකෙක් බොන ගමන් කෑම මේසේ යට…දෙන්නෙක් ස්ටෝරු කාමරේ (ඇන්ටි ඇවිත් ස්ටෝරු කාමරේ ඇරියම මුන් දෙන්න මුනට මුණ බලන් ඉන්නවලු..එකා දැකල ඇන්ටිත් හිනා වෙලා..උන්ටත් හිනාලු..)…අනිත් එකා ටීවී බලනවලු…උගේ වෙලාවට ඒ වෙලාවේ ගිහින් තියෙන්නේ බන…උ වෙරි මරගාතේ වැදගෙන අහන ඉන්නවලු…****
පස්සේ ඇන්ටි කුස්සියට එන සද්දේ ඇහුන විතරයි සින්බෑඩ් කොල්ල දඩබඩ ගල තාප්පෙන් පැන්න…සමීර අය්යත් පැන්න…කොල්ල දිව්වා දිවිල්ලක් අන්තිමට නැවතුනේ ගෙදර ඇවිත් ඉස්තෝප්පුවේ ලැප්ටොප් එක දිගැරගෙන වාඩි වෙලා…(බයට නෙමි…)…සමීර අයගේ අම්ම යනගමන් අහනවා…”පුතා යන්නේ නැද්ද යාළුවගේ පාටියට”කියල…සින්බෑඩ් කොල්ල කිඋව….”නැහැ ඇන්ටි …අම්මල අවම ඒගොල්ලෝ එක්කම යනවා”කියල…(හරි හුරතල් නේ)
කොම හරි පැය බාගෙකින් විතර පස්සේ සමීර අය්යා ඇවිත්….”මල්ලි ඔක්කොම හරි..අම්ම ගිහිල්ල..අරුන් පටන් අරන් වැඩේ ආයි..ඉවරවෙන්න ඉස්සෙල්ල යමු.”..කියල..
ඔන්න ආයි ගෙදට්ට ගිය…මුන් ටික ඉන්නවා නිකන් හ්ම් කිව්වත් අඩන සයිස් එකේ…(එත් බෝතල් දෙකම හිස්..දුකට බිව්වයි කියන්නේ)….දැන් අරුන් කට්ටියම අහුවෙලා…හෙට උදේට ගම ගිනිතියයි කියල දුකෙන් ඉන්නවා…සින්බෑඩ් කොල්ල අහුවුනේ නැති උනත්..බොක්කවල් ටික අහුවෙච්ච නිසා ඇතිවෙච්ච ධාරානිපාත සංවේගය නිසා…අර ෆීජ එකේ කූල් වෙන්න දාල තිබ්බ එක අරන් කටේ හලාගනිද්දී…අනිත් එවුන්ගේ කටින්…සොදුරු වදන් පෙළක් ගලාගෙන ගිය බවට පුරාණ පුස්කොලපොත්වල තිබ්බ කියල සින්බෑඩ් කොල්ලට මතකයි කියන්නේ!
ආතල් කුඩු!
කොපිරයිට්?
අපි මේ කියන කාරණාව වැරදියට තේරුම් ගන්න එපා.අපි පොඩි කාලේ ඉඳලා අහපු කියපු කතාවලට කොපිරයිට් ගන්න නෙවේ මේ හදන්නේ. මේක අදාල වෙන්නේ කවුරුහරි අමාරුවෙන් ලියපු කතාවක් වෙන තැනක කොපිකරලා දාන අයට.
වෙන සයිට් එක්ක කොපි පේස්ට් කරලා දානකොට අනිවාර්යෙන්ම පල්ලෙහා තියන HTML කෝඩ් එක හරි BB කෝඩ් එක හරි කොපි කරලා කතාවට යටින් පේස්ට් කරන්න ඕනෑ. එහෙම කරන්න බැරි තැන්වල කතාව කොපි පේස්ට් කරන්න එපා.
HTML
<a href="http://www.thelastrow.net/?p=16511" style="font-size:16px;" target="_blank"> <strong > post : ආතල් කුඩු! by සින්බෑඩ් </strong > <br/> © Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post </a >
BB code
[url=http://www.thelastrow.net/?p=16511][size=16][b] post : ආතල් කුඩු! by සින්බෑඩ්[b][br]
© Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post[/size][/url]
කරන්න බැරි දේවල් :
- ලින්ක් ශෙයා කරන්න පුලුවන් social network වල ( facebook,twitter වගේ) කතාව කොපි පේස්ට් කරන්න වත් ඉමේජ් ෆෝමැට් එකෙන් අප්ලෝඩ් කරන්නවත් බෑ.එහෙම කතා පබ්ලිශ් කරන්නේ 'අන්තිම පේලිය official Facebook page' එකේ පමනයි. ඒකත් කරන්නෙ කතාව ලියපු කෙනාගෙ අවසරය තියනවනම් විතරයි.
- කතාව කොපි කරලා ඉමේජ් ෆෝමැට් එකට ගහන්න/ස්ක්රීන්ශොට් ගහන්න එපා.
මේ ඔක්කොම කියන්නේ කොපි කරලා කොහෙ දැම්මත් කතාව ලියපු එකාට මොනවහරි දෙයක් ලැබෙන්න ඕනනම් ඒක ලැබෙන්න ඕන කියලා හිතන නිසා.
තමන්ගෙ බ්ලොග් එකෙයි තව වෙන කොහෙ හරියි අන්තිම පේලියෙයි එකම කතාව දාලා තියනවනම් තරහ නැතිව අපට දැනුම් දෙන්න. අපි පෝස්ට් එකට ඒ අදාල විස්තර ඇතුල් කරනවා. මොකක් හරි දෙයන්ක් පිලිබඳව අපහැලිදිතාවයක් , දැනගන්න හරි දැනුම්දෙන්න යමක් තියන්වනම් මේ ලිපිනයට ලියන්න.


ඉස්කෝලෙ යන කාලෙ බිව්වද ඔයාලා… ඈක්කා….
pw oya
අපිනම් නමය වසරට එනකන් ඔය ජහ ජරාව කටෙවත් තිබ්බේ නැහැ.
සට්ට පට පට බන් කතාව නම්. පංකාදු පහයි. මට මැවිලා පේනවා සිද්දි දාමය වෙන හැටි. පස්සේ මොකද වුනේ?? ඇන්ටි සියල්ල අම්මලාගේ කනේ තියෙලද??
සාධක සහ සාක්ෂි නොමැති වීම නිසා….කිඋවට කෞරුවත් විශ්වාස කොලේ නෙහෙ…එත් ටිකක් චාටර් නම් උන..
එල කොල්ලෙක් නේ
කරදරෙකදී යාලුවෝ දාලා යන්නෙම නැනේ?
පස්ට කතාව ඕයි……ඊක් ගැවෙනවා…..අන්න ආදර්ශමත් කතා……..ඇඩ්ඩින් අය්යේ තරු දාන්න බෑනේ ආයිබොවන්ඩ….
“මම අසයි ගල්වලට…වදිද්දී ෂෝයි නේ” ??
ඊයා ඕයි
ඩ්රාමා….!
ඔය වගේ සොඳුරු අවස්ථා වල ගන්න ආතල් වලට වඩා ආතල් එකක් තියෙනවා එහෙම අවස්ථාවකට මේ උනා වගේ සතුරු ප්‍රහාරයක් එල්ල උනහම :ඩී
ekenma…eth e welawenam pisstu peekudu una
සිරා සිද්දිය… ලස්සනට ලියල තියෙනවා
මෙන්න පිළිගන්න තවත් “හොඳ ළමයෙක්.”
එල මචන්.. කතාව ඔබෙන්.. තරු අපෙන්..
සුරා සූදුවෙන් තොර අන්තිම පේළියේ හොඳ බබෙක්
ඔන්න තරු 10ක්ම දුන්නා
මම නං නවය වසරෙදි තමා බීම නැවැත්තුවෙ… !!
දැන් හැදෙන උන්ගෙ තරම පෙනෙනවද?…මුන් තුන හතර වසරෙදිනෙ බොන්ඩ පටන්ගෙන තියෙන්නෙ.
අපි සෙට් එකක් හය වසරෙදි එකෙක්ගෙ ගෙදර සෙට් වෙලා සිගරට් බොද්දි ඔය මෙතඩ් එකටම මාට්‍ටු උනා . . . එකෙක් කුස්සියෙ දොරෙං එලියට පැනල උගෙ සිගරට් එක ගෙදර වහලෙට විසිකරල දුවල . . ඒ ගෙදර වහලෙට හෙවිල්ලල තිබුනෙ පොල් අතු . . .