16

හදිස්සිය

ඔන්න මම තවත් කතාවක් ලියන්න හිතුව… මේකත් අවේනම් ජංජාලේ ඊයකින්… අහල තියෙන අය සද්ද නැතුව ඉන්න ඕනි මට බනින්නේ නැතුව හරිය..

ඔන්න එකෝමත් එක රටක ගැණු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි හිටියලු ඇ…. ඉතින් ඔන්න දවසක් මේ මනුස්සය වැඩ ඇරිලා හෙන හදිස්සියකින් ගෙදරට ආවලු…. ගෙට ගොඩ වෙච්චි ගමන්ම මේ මනුස්සය කිව්වලු වයිෆ්ට,
 ” මේ මේ අරක පටන් ගන්න කලින් ෆ්‍රිජ් එක ඇරලා මට බියර් එකක් ගෙනත් දෙන්න” කියල…
 ඉතින් ගැණු මනුස්සයත් මෙයා හෙන හදිස්සියකින් වගේ කියන නිසා ඉක්මනට දුවල ගිහිල්ල බියර් එකක් ගෙනත් දුන්නලු.. එච්චර හදිස්සියකින් ඉල්ලුවට බියර් එක ගෙනල්ල දුන්නම අර මනුස්සය හෙන ආතල් එකේ ඒක බොන්න පටන් ගත්තලු.. අයිමත් ටික වෙලාවකින් පොඩ්ඩක් හදිස්සියෙන් වගේ වයිෆ්ට කිව්වලු “මේ අරක තාම පටන් ගත්තේ නෑ. ඒ නිසා තව එකක් ගෙනත් දෙන්න ඉක්මනට” කියල ..  ඒ පාරත් ඉතින් අර ගැණු මනුස්සය දුවල ගිහිල්ල තව බියර් බෝතලයක් ගෙනල්ල දුන්නලු.. කොච්චර හදිස්සියෙන් ඉල්ලුවත් ඉතින් බියර් එක ගෙනපුහම අර මනුස්සය ඒක බොන්නෙම හෙන ආතල් එකේලු… ගැණු මනුස්සයත් ඉතින් මෙයාට මොකක් හරි ලොකු දෙයක් ගැන කල්පනා කරන්නවත් ඇති කියල හිතල කට වහගෙන හිටියලු…
එත් අර බියර් එකත් ඉවර උනාට පස්සෙ ඒ මනුස්සය හෙන හදිස්සියකින් වයිෆ්ට  කිව්වලු..” මේ මේ අද අරක පටන් ගන්න තව වෙලා යයි වගේ.. ඒ හින්ද තවත්  බියර් එකක් ගෙනල්ල දෙනවකො ෆ්‍රිජ් එකෙන් ඉක්මනට” කියල … දැන්නම් වයිෆ්ගේ රතු කට්ට පැන්නලු..”ඇයි මිනිහෝ ඔය පටන් ගන්න මගුලක් පටන් ගන්න තව වෙලා යනවනම් ඉතින් තමන්ටම ගිහිල්ල ගන්න බැරි මොකද?? ඇයි මම තමුසෙගෙ වැඩකාරයද?? තමුසේ මෙතන මගුලක් පටන්ගන්නකන් බොද්දි රැට කන්න උයන්න වෙනම එකෙක් ගෙදරට එනවද?? ^@#$%^&*$%^&*^&* ” ඔන්න ඔහොම බැනුම් කොටියයිලු……
මේක අහිංසක විදිහට අහගෙන හිටපු මනුස්සය ඔලුවේ අත ගහගෙන තමන්ටම කියගන්නවලු
“ෂිට්…… පටන්ගත්තනේ ..” 
GD Star Rating
loading...
හදිස්සිය, 8.8 out of 10 based on 53 ratings

මේ කතාව වෙන කොහෙවත් ලියපු එකක් වත් උස්සපු ඒකක් වත් නෙවේ.පුලුවන්නම් හොඳයි වටියි කියලා හිතෙනවනම් share බොත්තම ඔබලා කතාව share කරන්න.   ⇐   මේ තියෙන්නේ share බොත්තම

කතාව සැර වැඩිනම් මෙන්න මේ ලින්ක් එක කොපි කරලා චැට් එකේ ෆිට්ම යාලුවෝ පස් හය දෙනෙක්ට දෙන්න.  http://www.thelastrow.net/?p=15634 

post එක උස්සපු එකක් නම් කෙලින්ම ට ලියන්න.


16 Responses to "හදිස්සිය"

  1. අදිරි says:

    ඇඩ්ඩිං අයියේ මේක ලිව්වෙ මමනේ….(((((

    GD Star Rating
    loading...
  2. Avatar of Observer Observer says:

    @ අදිරි,
    මේ මේ බොරු කියන්න එපා, එනවා මෙතන අනුන්ගෙ පෝස්ට් අයිති කොරගන්න.
    මීට,
    ඇඩ්මියා
    [වැඩ බැලීම හොරෙන්]

    GD Star Rating
    loading...
    • අදිරි says:

      හක් හක් හක්…. ඔබා මාමා වැඩ බලනව කියල දන්නවනම් මම ඔය බොරු කතා කියන්නෙ නෑනෙ… දැන් ඉතිං කමන්නෑ අයිතිය මටම දෙන්න….)))

      GD Star Rating
      loading...
  3. අරක කියුවෙ මොකක්ද බං ?

    GD Star Rating
    loading...
  4. 10 Star :)

    GD Star Rating
    loading...
  5. අදිරි says:

    තරු වලටයි කොමෙන්ට් වලටයි තැන්කූ වේවා හැමෝටම..

    GD Star Rating
    loading...
  6. Avatar of අඹයා අඹයා says:

    එල එල

    මට විතරද තරු දාන්න දෙන්නේ නැත්තේ?? :(

    GD Star Rating
    loading...
  7. තරු දාන්න දෙන්නෙ නැතෝ පට්ට කතාව

    GD Star Rating
    loading...
  8. Avatar of Ranja Ranja says:

    හයියෝ සල්ලි කිව්වලු…..ඔබා අයියට නම් අත්දැකීමුත් ඇති

    GD Star Rating
    loading...
  9. Avatar of Pragiya Pragiya says:

    පට්ට කතාවක් නොවැ….!!!

    GD Star Rating
    loading...
  10. ෆට්ටයි.. උපරිමයි.. අහලා තිබ්බේ නැහැ…

    GD Star Rating
    loading...
  11. හැමෝටම තැංකූ ‍ඈ…!!!!!

    GD Star Rating
    loading...

Leave a Reply

Submit Comment

© 2012 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Theme developed upon daily theme designed by Theme Junkie.