25

ගොන්ටාගේ ඉවිල්ල….

ආයුබෝං කිවුව එහෙනං හැමෝටම…. අන්තිමට ඔන්න මමත් අන්තිම පේලියේ රෙජ්ජ ගහගත්තා…. හැබැයි මාස ගානක් මුලක ඉදන් තිබ්බ ඔක්කොම පෝස්ට් ටික කියෙවුවා… පට්ටම ආතල්… ඒව බලල නිකන් ඉන්න එකේ මටත් හිතුන කතාවක් කොටන්න. හැබැයි මේ එහෙම එකක් කොටනවමයි.. මගේ ලිවීමට හැකියාව තියෙන නහරෙ පොඩි අප්සට් එකක් තියෙනව කියල අද හැමෝම දැනගනී කියල  මට හොදටම ෂුවර්ය. ඒත් කමක් නැත.

මේකයි කතාව. මම දැනට අවුරුදු ගානක් ඉන්නේ පිටරට.. රස්සාවකට නෙවෙයි. උසස් අධ්‍යාපනේට… මෙහෙ ආපු ගමන්ම මම වගේම ගොබිලො සෙට් එකක් දෙයියනේ කියල  මට හම්බඋනා.. හැමෝම ලංකාවෙ එක එක පලාත් වලින් උනාට හිටියෙ එකම බෝට්ටුවේ. පිස්සු කෙලිනවනන් අන්න සෙට්… ඒත් මේකෙ එක ඩයල් එකක් හිටිය නිකන් අයින්ස්ටයින් වගේ.. පොතක පතක දෙයක් ඇහුවොත් උත්තරේ දෙනව පැනල.. හැබැයි සාමාන්‍ය දැනීම ගැනනං කතා කරල වැඩක් නෑ. ඒ තරමටම විශිෂ්ඨයි… ඕක හින්දම අපි ඌට කියන්නෙ ගොන්ටා කියල..

අපි ඉතින් මෙහාට ආපු දවසෙම හොදට කන්න බොන්න දීල හවස් වෙද්දි ගෙනල්ල දැම්ම හොස්ටල් එකට.. ඔන්න ටික ටික රෑ වේගන එන කොට තමයි ආතල් එක.. එක එකාට බඩේ ගින්දර සෙට් වෙනවා.. සීන් එක කියන්නේ එලියට ගිහින් කෑම ගෙන්න ගන්න කවුරුත් නෑ. අපිට යන්න පුලුවන් උනාට භාසාවෙ පුරස්න..( මේකට අර යට කෑල්ල දාන්න හෙන වෙලාවක් try කොරල අතඇරල දැම්ම) ඒ කිවුවෙ කඩ්ඩෙ පුරස්න නෙවෙයි.. මෙහෙ තියෙන්නෙ වෙන භාසාවක් ඒකයි.. පෙන්නලවත් ගන්න විදිහක් නෑ..

දැන් ඉතින් බඩ ගින්නෙ ඉන්නත් බෑනෙ. හැමෝම කතාවෙනව ගෙවල් වලිත් ගෙ‍නාපු දෙයක්වත් උයන්න. දැන් සීන් එක හොදටම ආතල් හැමෝම ටෝක් දුන්නට එකෙක්වත් උයන්න දන්නෑ.. මොකද ඉතින් ගෙවල් වල ඉන්නකං දෙන දෙයක් කාල  වෙන දෙයක් බලාගෙන හිටපු එවුන්නෙ..  හැබැයි ඒකට අපෙ ගොන්ටා, මෙහෙමයි උගේ ටෝක

” අඩෝ උබලනං මහ කාලකන්නි සෙට් එකක් බං. වෙලාවට මංවත් ස්කවුටින් කරල  තියෙන්නෙ. අපි ඉස්සර දවස් ගනන් උයාගෙන කන්නෙ”

අම්මේ දෙයියො දැක්ක වගේ. ඇයි දැන් සෙට් එකේ එකෙක් ඉන්නවනෙ උයන්න දන්න.. දැන් අද කාලම නිදාගන්න පුලුවන් කියල  හිතාගෙන එක එකා ලංකාවෙන් ගෙනල්ල  තියෙන උයන්න පුලුවන් දේවල් ඇදල ගත්ත මලු වලින් එලියට. ගොන්ටත් බැලුව හැම එකක් දිහාම. අන්තිමට ගත්ත එකෙක් ගෙනල්ල තිබ්බ පරිප්පු පැකට් එකකුයි හාලුයි. ( දෙයියන්පා ඕව ගෙනල්ල තිබ්බනෙ ලංකාවෙ ඉදං) දැන් හරි.

” උබල  ඔහොම හිටු. දන්නැති එවුන් එක්ක උයන්න ගිහාම වෙලා යනව. මම තනියම උයන්නම්”

ඔහොම කිවුවෙ අපේ ගොන්ටා.. අපිත් ඉතින් ඌට මොටෝ නං අපිට මොටෝ කියල කාමරේටම වෙලා ඉන්න කොට විනාඩියෙන් විතර බුවා ආයෙ ඇවත් අහනව ” මචං හාල් මදි වගේ. තව නැද්ද?” කියල. ආ එහෙමද කියල තව එකෙක් ගිහින් දුන්න ඌට තව හාල් වගයක්. දැන්නං වැඩේ ටක්කෙවම හරි කියල අපිත් හිටිය කතාවක් දාගෙන. ඔහොම ටික වෙලාවක් ගියා කියමුකො. දැන්නම් පරිප්පු සුවද එහෙම එනවා. බඩගින්න ඩබල් වෙනවා.. ඒත් මෙන්න ගොන්ට එනව දුවගෙන..”මචං මචං පොඩ්ඩක් ‍වරෙන්කො. පොඩි අවුලක්” කියාගෙන.. හුටා ඉතිං අපිත් දිවුව උගෙ පස්සෙන්ම.. කිචන් එකට ගිහාම තමයි කට්ටියටම අදහා ගන්න බැරි තරු කෝටි දෙක හමාරක් පෙනුනෙ.  ඔය තියෙන්නෙ බැබලි බැබලි භාජනේ පුරා උතුරන පරිප්පුවකුයි, රයිස් කුකර් එකෙන් උතුරපු බතකුයි… ලිප වටේට, බිම පුරාවට, මේස දිගේ පරිප්පු සමගින් බත්.. හරිම ලස්සනයි… අපිට හිතාගන්න බැරි තැන උගෙන් අහපුහම ඌ කියනව,

” නෑ මචං එකෙක්ට අඩුම බත් පිගානක් වත් ඕනි නිසා මම හාල් පිගන් හතරක් රයිස් කුකර් එකට දැම්මා. පරිප්පුත් ඉතින් කන ගානටම මැනල ලිපේ තිබ්බා.. හැබැයි කොතන හරි අව්ලක් වෙලා තියෙනව වගේ…”

ඉතින් බතයි පරිප්පුවයි බිම වැටෙනකන්ම උතුරන්න හේතු කියන්න ඕනි නෑනේ. අන්තිමට ඉතින් ඔක්කොම අතඇරල අපිට අපේ පලවෙනි රෑ පුරාම කුස්සිය සුද්ද කරන්න උනා.. ඒත් අපේ ගොන්ටනන් තාමත් ඕක මතක් කලාම කියන්නෙ,

” අඩෝ නෑ බං ඉස්සරනං පරිප්පු ඔහොම උතුරන්නෙ නෑ… මෙහෙ ලිප් වල තමයි අවුල. ” කියල..

GD Star Rating
loading...
ගොන්ටාගේ ඉවිල්ල...., 8.6 out of 10 based on 57 ratings

මේ කතාව වෙන කොහෙවත් ලියපු එකක් වත් උස්සපු ඒකක් වත් නෙවේ.පුලුවන්නම් හොඳයි වටියි කියලා හිතෙනවනම් share බොත්තම ඔබලා කතාව share කරන්න.   ⇐   මේ තියෙන්නේ share බොත්තම

කතාව සැර වැඩිනම් මෙන්න මේ ලින්ක් එක කොපි කරලා චැට් එකේ ෆිට්ම යාලුවෝ පස් හය දෙනෙක්ට දෙන්න.  http://www.thelastrow.net/?p=14947 

post එක උස්සපු එකක් නම් කෙලින්ම ට ලියන්න.


25 Responses to "ගොන්ටාගේ ඉවිල්ල…."

  1. ගොන්ට කස්ටියවම ගානට ගොනාට අන්දවල වගේ පෙන්නේ හික් හික්,අපේ සඳා ගෙන් ඇහුවනම් අන්න කියල දෙයි බතුයි පරිප්පුයි උයන විදිය

    GD Star Rating
    loading...
    • Avatar of සඳා සඳා says:

      ඒ ඒ ගැටස් ඔයා කොහොමද දන්නෙ මම බතුයි පරිප්පුයි උයන්න දන්නව කියල….

      GD Star Rating
      loading...
  2. මටත් පලවෙනි සැරේ පරිප්පු උයපු දවසේ ඔය සීන් එකම උනයි කියමුකෝ.. දවස් 7 ක් විතර මුළු පවුලම පරිප්පු කෑවා

    GD Star Rating
    loading...
  3. Avatar of Shaggy Shaggy says:

    මටත් පළවෙනි බත් එක උයන්න රුපියල් 600ක් විතර වියදම් උනා.. :එස්
    (හාල් වැඩි උනේ නම් නෑ, ඒත් බත් එක කිරිබත් වගේ)

    GD Star Rating
    loading...
  4. Avatar of kewattaya kewattaya says:

    කාල වරෙංකො පරිප්පු..!!

    GD Star Rating
    loading...
  5. Avatar of හඳයා හඳයා says:

    මම නම් නොකා බඩගින්නෙ හිටියත් උයන්නෙ නම් නෑ,

    GD Star Rating
    loading...
  6. සෑම් says:

    ප්‍රශ්න – පුරස්න..( මේකට අර යට කෑල්ල දාන්න හෙන වෙලාවක් try කොරල අතඇරල දැම්ම) – ප යන්න ගහල පණු කෑල්ල(first key of the Typewriter Key set) එබුව නම් වැඩේ ගොඩ.

    GD Star Rating
    loading...
  7. cheeetah says:

    චීටත් මුලින්ම උයපු ජාති තමයි බතුයි පරිප්පුයි. හැබැයි හැමදාම වගේ කනා හරියට වැඩ කරලා වැඩේ අවුලක් නොවී ගොඩ දාගත්ත. දැන් නම් මාරයට සහ තවත් බ්ලොග් කරුවන් කීප දෙනෙකුටම පින් සිද්ධ වෙන්න චීටට ඕනේ කෑමක් උයන්න පුළුවන්. හැබැයි තාම ඒ බව චීටි දන්නේ නැහැ. චීටගේ වෙලාව හොඳ නිසා.

    GD Star Rating
    loading...
  8. අපේ කාලෙ නං පරිප්පු ඔහොම් නෑ කොලුවො. ගොලොහ් ගොලොහ් දැන් හැම දේම වෙනස් වෙලා. ඔය හරිතාගාර වායූන් වැඩි වීමේ පොරතිපල තමයි බොලව්. ප්‍රශ්ණ මෙහෙම ගහල බලහං කොලුවො prashNa

    henryblogwalker the Dude

    GD Star Rating
    loading...
  9. පව් බං අහිංසක ගොන්ටා ලිපේ වැරැද්දට ඌ මක් කරන්නද?….. :)

    GD Star Rating
    loading...
  10. Avatar of අඹයා අඹයා says:

    මාර පරිප්පුව නේ :P

    GD Star Rating
    loading...
  11. මේවාට වෙන්න ඇති උතුරන්න උයනවා කියන්නේ .. හි හි හි … ;D

    GD Star Rating
    loading...
  12. Avatar of Ranja Ranja says:

    හෆොයි…දැන් වත් මේක බලන එවුන් ගෙදරදි ඉගෙන ගනියව් මොනව හරි උයාගෙන කන්න. හොද වැඩේ ගෙදරදි අම්ම උයල දෙන එව්ව කකා හිටියට

    GD Star Rating
    loading...
    • Avatar of සඳා සඳා says:

      හා හා ගෙදර උයන පිහන වැඩ ටික කරන්නෙ රංජ මාම කියල කෙලින්ම කිව්ව කියල මොකෝ අපි තරහ වෙනවද…..?

      GD Star Rating
      loading...
  13. කොමෙන්ට් කොටපු තරු දාපු ඔක්කොලාටම ගොඩක් ස්තූතියි….!!!
    සෑම් අයියටයි හෙන්රි අයියටයි පිං අර යට කෑල්ල දාගන්න විදිය කියල දුන්නට…

    GD Star Rating
    loading...
  14. අඩේ උගුත් මුලින්ම ඉව්වෙ පරිප්පුයි බතුයි නෙ බොල.. ඒ නං හැබැයි මාස 2ක් ඉන්ගිරීසි කෑම කඩෙන් කාලම ඇති වෙලා.පරිප්පු උයන්න ඉස්සෙල්ල මම නං පැයක ලෙසන් එකක් ගත්ත අම්මට කෝල් කරල.. පස්සෙ යූටියුබ් එකෙන් බලං ඉස්ටෙප් බයි ඉස්ටෙප් තමයි හදා ගත්තෙ.කොහොමත් පරිප්පුව හදන්න ලේබර් අවර්ස් 6ක් 7ක් විතර ගියා මයෙ හිතේ.

    GD Star Rating
    loading...
    • Avatar of Shaggy Shaggy says:

      same as me උගු uncle, මමත් බත් ඉව්වෙ call කර කර Snuගෙන් අහගෙන​..

      GD Star Rating
      loading...
  15. Avatar of suddi suddi says:

    මම නම් එකටම ඉව්වේ මෑල්ලුනුයි බතුයි…

    GD Star Rating
    loading...
  16. කතාව සිරාවට ලියලා තියෙනවා ගොන්ටා.. ආ සොරි අදිරි..

    GD Star Rating
    loading...
  17. Avatar of Observer Observer says:

    මෙහෙට ආපු කොල්ලෙක්, පාන් ගන්න ගිහින් ගාන දැකල ආපහු ඇවිල්ල. පාන් ගෙඩියෙ $ වලින් ගණන රු/= වලට හරෝල බලපුවම පාන් ගන්න හිතිල නැහැ ඌට. කාමරේට ඇවිල්ල ලංකාවෙන් ගෙනාපු සීනි සම්බෝල බෝතලේ තමා එදා රෑට ඌ කාල තියෙන්නෙ.

    GD Star Rating
    loading...
  18. කොමෙන්ට් දාපු හැමෝටම ජයවේවා…!! ))))

    GD Star Rating
    loading...
  19. Jayya says:

    ටිකක් පහු උනා එන්න..
    හපොයි කොල්ලෝ.. කාම උයන්න දන්නේ නැති එක නම් ලොකු අඩු පාඩුවක්.. ගෑනුන් සරණන් ගච්චාමි තමා හැමදාම

    GD Star Rating
    loading...
  20. පරිප්පු උයන හැටි ඉගෙන ගන්න HINCHIMALLI ගෙන් ඔය තියෙන්නෙ ලින්ක් එක…..
    http://tlr.thelastrow.net/2011/05/25/%E0%B7%84%E0%B7%93%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A-%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F-%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80/

    GD Star Rating
    loading...

Leave a Reply

Submit Comment

© 2012 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Theme developed upon daily theme designed by Theme Junkie.