36

කුකුල් රේස්

මේකට කතා ලියන්න පටන් ගත්තට පස්සේ මට දිගටම ලියන්නමයි හිතෙන්නේ.. හැබැයි මේකත් මම අහල තියෙන එකක් හරිය..!!!! කලින් අහල තියෙන ඈයෝ මට බනින්න එපා ඕං… ඔන්න කතාව..

ඔන්න එකෝමත් එක කාලේක, එකෝමත් එක රටක, එක ලස්සන ගමක් තිබ්බලු.. මේ ගමේ හිටියලු එක ගමරාල කෙනෙක්.. මෙයා තමයිලු මේ මුළු ගමටම බිත්තර සප්ප්ලයි කොරන්නේ හරිද.. ඉතින් මේ ගමයට ඕකටම කියල හිටියලු හොද විසේ තියෙන කිකිලියෝ 25 කුයි, උන්ගේ උදව්වට එක කුකුලෙකුයි.. හැබැයි මේ කුකුළා අනාධිමත් කාලේක ඉදන් වැඩ දමාපු කුකුලෙක් නිසා දැන් හොදටම වයසට ගිහිල්ලලු හිටියේ.. ඉතින් මේ ගමයටත් තේරෙනවලු දැන් මේ කුකුලගේ දක්ෂතාවයන් ඉස්සර වගේ නෙවෙයි කියල.. මොකද කිකිලියෝ බිත්තර දාන්නෙ ඉස්සරට වඩා හෙන අඩුවෙන්නේ …. මෙහෙම බිත්තර අඩුවෙන් දෙන එක හෙන අපරාදේ වැඩක්නේ කියල, ගේනවලු ඉරිදා පොලෙන් හොද සවි ශක්තිය තියෙනවා කියල හිතුන කුකුලෙක්..

දැන් තමයි අර වයසක කුකුලට තරු පෙනුනේ.. ඇයි ඉතින් අර අලුත් කුකුළා ගෙනල්ල දාපු ගමන් කිකිලියෝ ටික ඇහැ දෙන්නෙම ඌට විතරයිනේ.. කිකිලියෝ අලුත් එකාට ඇස් ගහනවයි, සෙට් එක එකතු වෙලා අලුත් එකා ගැන කතා කරනවයි, හෙන කෙලියයි.. අර නාකි කුකුලට ඉතින් හෙන ජෙල.. ඌව කිකිලියෝ ටිකට අමතකම වෙලා ගිහිල්ලනේ… මෙහෙම කොහොමද පැත්තකට වෙලා ඉන්නේ කියල හිතපු නාකි කුකුළා ගියාලු අර අලුත් කුකුල් මහත්තය ලගට. ගිහිල්ල කිව්වලු “මේ…මේ…. මම තමයි මේක මෙච්ච්ච්ර කාලයක් රන් කරගෙන අවේ.. ඉතින් ඒක ගැනවත් හිතල මගේ බාරෙට කිකිලියෝ ටිකක් දුන්නොට් නරකද…??? තමුන්ට උනත් තාම අලුත් නිසා අමාරැයිනොවැ ඔක්කොම ටික ආන් බාන් කොරගන්න.. ” කියල…. එත් ඉතින් අර අලුත් කුකුළා හෙන ඔලුවෙන් කිව්වලු ” පිස්සුද අන්කල්, මට මේක තනියම කොරගන්න පුළුවන්..මට ඕවට ඇති වෙන්න ෆිට් එක තියෙනවා… දැන් අන්කල් පොඩ්ඩක් රෙස්ට් එකේ ඉන්නකෝ..” කියල..

ඕක අහපු පරණ කුකුලට හෙන අප්සේට්ලු.. ඇයි ඉතින් මෙච්චර කාලයක් වැඩ දාපු කිකිලියෝ ටික නැතුව ගමය දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්නනෙ වෙන්නේ.. එහෙම පුලුවන්ද අලුත් එකාට සෙකන්ඩ් වෙන්න කියල හොදට කල්පනා කරලා අලුත් එකාගෙන් ආයෙත් මෙහෙම ඇහුවලු..” එහෙම නෙවෙයි ඉතින්…. අපි මෙහෙම කරමු.. අපි පොඩි රේස් එකක් තියල බලමු එහෙනම් කාටද ෆිට් ඒක වැඩියෙන් තියෙන්නේ බලන්න… අපි මෙතැන ඉදන් අර ගමයගේ ගේ ලගට දුවල බලමු කව්ද ඉස්සෙල්ලම ගේ ලගට දුවන්නේ කියල..” කියල… ඉතින් අර අලුත් එකාට හෙන හැපීලු.. මොකද මේකට අපුගමන් කිකිලියෝ ඉස්සරහ අර නාකි කුකුලගේ තත්වේ නැත්තටම නැති කරලා දන්නා පුළුවන් චාන්ස් එකක්නේ මේක……ඉතින් පැනපු ගමන් හා කිව්වලු… හැබැයි අර නාකි කුකුලට තවත් ප්‍රස්නයක්ලු.. ” උබටම තේරෙනවනේ මම දැන් හෙන වයසිනේ…… ඉතින් උබට මව පරද්දන ඒක හෙන කජ්ජක් නෙවෙඉනෙ. ඉතින් ඒක නිසා මම උබට වැඩිය මීටර් 10 ක් ඉස්සරහින් ඉදල රේස් ඒක පටන ගන්නද..?? ” මීටර් 10 ක් නෙවෙයි 20ක් ඉස්සරහින් පටන් ගත්තත් මේ නාකියව පරද්දන එක මහා ලොකු කජ්ජක් නෙවෙයි කියල දන්න අලුත් කුකුලත් ඒකට කමක් නෑ කියල කිව්වලු.. ” කමන්නෑ….කමන්නෑ… අන්කල් දින්නොත් කිකිලියෝ බාගයක්ම අන්කල්ට දෙනවා.. හැබැයි පැරදුනොත් ඔක්කොම කිකිලියෝ ටික මගේ හරිද… හෙට උදෙන්ම රේස් ඒක පටන් ගමු. ” කියල …..

දැන් ඔන්න අනිත් දවසේ උදෙන්ම රේස් එක පටන් ගන්නලු ලස්ස්තිය.. කිකිලියෝ ටිකත් ඉන්නවලු බලාගෙන . හරි ඔක්කොම ලෑස්තියි.. නාකි කුකුළා ඉන්නවලු අලුත් එකාට වඩා ඉස්සරහින්.. අලුත් එකත් ගේමක් නෑ වගේ ඉන්නවා පස්සට වෙලා.. ඔන්න රේස් එක පටන් ගන්න සිග්නල් එක..

එකායි………….. දෙකායි………………. තුනායි…………………….

හරි ඔන්න දෙන්නම දුවන්න පටන් ගත්තා… නාකි කුකුළා ඉස්සරහින් දුවනවා.. අලුත් එකා නාකි කුකුලගේ පස්සෙන් යනවා… ඔන්න අලුත් එකා නාකි එකාට කිට්ටු කොරනවා ටික ටික…නාකියව අල්ලන්න තව මීටර් 2 යි…………….. ඔන්න තව මීටරයයි………. නාකි කුකුලත් අත අරින්නෙම නෑ ගේම…. නාකියත් හුරේ රන්…….. දැන්නම් අලුත් එකා නාකි කුකුලව පහු කරන්න ඔන්න මෙන්න… ඔන්න එක පාරටම…….

“ඩෝං………..!!!!!”

හෙන සද්දයක් එක්ක අලුත් කුකුළා මැරිලා බිම වැටුනනේ….නාකි කුකුලට හෙන හැපී….. ඒත් මොකද්ද වෙලා තියෙන්නේ… ගමය තියල බට දෙකේ තුවක්කුවෙන් අලුත් එකාගේ ඔලුව කුඩු වෙන්න…..එට පස්සේ ඇහෙනවලු ගමය ගම හාමිනේට කියනවා…

” මේකනම් පුදුම වදයක්… මේපාර ගෙනල්ල තියෙන්නෙත් කුකුලෝ පස්සේ යන කුකුලෙක්මනේ…..!!!!”

GD Star Rating
loading...
කුකුල් රේස්, 9.0 out of 10 based on 80 ratings

මේ කතාව වෙන කොහෙවත් ලියපු එකක් වත් උස්සපු ඒකක් වත් නෙවේ.පුලුවන්නම් හොඳයි වටියි කියලා හිතෙනවනම් share බොත්තම ඔබලා කතාව share කරන්න.   ⇐   මේ තියෙන්නේ share බොත්තම

කතාව සැර වැඩිනම් මෙන්න මේ ලින්ක් එක කොපි කරලා චැට් එකේ ෆිට්ම යාලුවෝ පස් හය දෙනෙක්ට දෙන්න.  http://www.thelastrow.net/?p=15219 

post එක උස්සපු එකක් නම් කෙලින්ම ට ලියන්න.

Tags:

36 Responses to "කුකුල් රේස්"

  1. නෑ නෑ නෑ බං මේ ජය්ය නෙවෙයි…. ලොල්

    පට්ට කතාව අදිරි.. ලොල්

    GD Star Rating
    loading...
  2. මොකද අප්ප මේක කියවනකොට මට නිකං හිතෙන්නෙ ජයියයි ඔබ්සර්වර් අයියයි මේ කතාවෙ ඉන්නව කියල . . . . . ????

    GD Star Rating
    loading...
  3. තම තමන්ගෙ නම් දාගැනීමට කිසීම භාදාවක් නොමැත.. හැබැයි මම ලිව්වෙ අහිංසක කුකුල්ලු දෙන්නෙක් ගැන විතරයි ඕං ඈ…!!! )))

    GD Star Rating
    loading...
  4. පොඩි අවුලක් ගියානෙ කොමෙන්ට් ටික දාද්දි…..අවංක පැට්ටට රිප්පලයි කරපු එක ඇන්ඩ අය්යට වැටිල, ඇන්ජ අයියට දාපු එක පොදුවෙ වැදිල….. සොරි වෙන්න ඕන…!!!

    GD Star Rating
    loading...
  5. තරු දාන සීන් එකේ මොකක් හරි කේස් එකක් වෙලාද ළමායි…

    GD Star Rating
    loading...
  6. චරිත නිරූපණයෙන් දායක වූවෝ
    නාකි කුකුලා – ඔබා අංකල්
    අලුත් කුකුලා – ජයියා
    කිකිළියෝ ටික – හිතා ගනිල්ලා
    ගමයා ලෙස – එකත් හිතා ගනිල්ලා

    GD Star Rating
    loading...
  7. Avatar of සඳා සඳා says:

    තරු සැට් එක වැඩ නැතෝ……

    GD Star Rating
    loading...
  8. අනේ මංදා…. අර මිනිස්සු දෙන්නා ගෙදරට වෙලා ඔලුවෙ ඉදන් පොරවගෙන හිටියත් මඩක් වදිනවාමනෙ :D

    GD Star Rating
    loading...
    • Avatar of Jayya Jayya says:

      ඒ තරමට ජනප්‍රියයි .. අපි දෙන්න චන්දෙ ඉල්ලන්න යන්නෙ ! කොහොම කොහොම හරි රන්ජායි බෙන්ටෙනායි බේරෙන්නෙ කොහොමද මඩෙන් ?

      GD Star Rating
      loading...
  9. මං මේකට කමෙන්ට් එකක් දැම්මා ඒක පලවෙලා නෑ මට බෑ……

    GD Star Rating
    loading...
  10. sudu says:

    අදිරියන් ගොය්යා කුකුල් කොටුවක් වත් බලා කියා ගන්නවද අප්ප

    GD Star Rating
    loading...
  11. මටත් මොන කරුමයක් වෙලාද මන්දා මට හිතෙන්නෙම අර චරිත දෙක ඔබායි ජයියයි කියලමනෙ.

    GD Star Rating
    loading...
  12. Avatar of Ranja Ranja says:

    පට්ටම කතාව කොල්ලො…පව් අහිංසක ජයියට මඩ ගහන්න එපා බොලව්….

    GD Star Rating
    loading...
  13. කොමෙන්ට් කොටල තරු දාපු හැමෝටම ගොඩාරියක් ස්තූතියි..!!!!

    GD Star Rating
    loading...
  14. Avatar of Jayya Jayya says:

    මන් මල දාටත් උඹල මට මඩ ගහවි !! ඔහොම ගහගෙන ගහගෙන යනකොට ඔය ගොඩය හරි කවුරුහරි කියාවි පවු යකෝ ජයියා ඊයේ මලා කියලා. එත් කමක් නැහැ ඇත්ත කතාවේ ඔක්කොම කිකිලියෝ කුකුලා පස්සේ ආවනේ. අර බෝ පැලයක් වගේ ඉන්න ඔබාට මොකටද අපහාස කරන්නේ නාකි කුකුලා පරණ කුකුලා කිය කියා ?

    GD Star Rating
    loading...
    • අනේ බුදු ජය්යා අයියේ මම නම් ඕවට නෑ හරිය… මම තාම මේකට පොඩ් එකානොවැ….මම අහිංසකයි ඕං ඈ…..

      GD Star Rating
      loading...
    • අනේ ඔව් ජයියා අයියේ, මේ යන විදිහට නම් මලත් මුන් මඩ ගහයි වගේ. ඔක්කොටම වඩා හිතට අමාරු අර අහිංසකයා වගේ ඉන්න ඔබා මාමාට නාකි කුකුළා කියන එක. මොනවා වුනත් කතාව සුපිරි අදිරියෝ…………..

      GD Star Rating
      loading...
  15. කේවට්ටයා says:

    අන්තිම පේලියේ තරු දැමීම අත්හිටුවා ඇති බව පෙනේ. ඒ කිම්ද?

    GD Star Rating
    loading...
  16. Weni says:

    පව් අර තරුන කුකුලා.. ඕක නාකි කුකුල ගහපු ගැටයක් තමයි !

    GD Star Rating
    loading...
  17. අම්මප ජයිය අයියේ ඇයි උඹට මෙහෙම කාඩ් එකක් වැදුනේ..මේව ඇත්තද දෙයියෝ :D

    GD Star Rating
    loading...
    • Avatar of Jayya Jayya says:

      මේ මොනවා අහනවාද ? ජයියගෙ පස්සෙන් කෙල්ලො පොලිමේ ආවනෙ ඒ කාලෙ.. ඒ උනාට ජයියා එක කෙල්ලක් පස්සෙන් ගිහින් බැඳ ගත්තා..

      GD Star Rating
      loading...
      • Weni says:

        පෝලිමේ ආවෙ කෙල්ලොද , කොල්ලොද ?

        GD Star Rating
        loading...
  18. කුකුලෝ එක්ක තරග කොරන්නේ පරිස්සමට හොදේ .. කිව්වලු….

    GD Star Rating
    loading...
  19. මහ නරක කුකුල් අන්කල් කෙනෙක් නේ… හික් හික්

    GD Star Rating
    loading...
  20. සිරා කතාව බන්. තරු දහයයි…
    (කොහොමද මචන්ලා මේකේ තරු දෙන්නේ?)

    GD Star Rating
    loading...
  21. Avatar of Observer Observer says:

    හස්ත කර්මයේ පිහිටෙන් ජීවත් වෙන ඇන්ඩට නං ජය්ය පස්සෙන් යන එක ඇර වෙන විකල්පයක් නෑ. මට පේන්නෙ හෙන්රියත් ගෙදර වලියක් දාගෙන වගේ…

    GD Star Rating
    loading...
    • Avatar of Jayya Jayya says:

      ඇන්ඩියා හෙන්රියා පස්සේ පන්නනවලු හෙන්රියා ඇන්ඩියා පන්නනවලු දෙන්නම වටේ යනවලු..

      GD Star Rating
      loading...
      • Weni says:

        හික්ස්.. දැන් එතකොට ඇන්ඩා දිනයිද ? හෙන්රි දිනයිද ?

        GD Star Rating
        loading...
    • ඈ . . . තොපි හිතුවද මමයි හෙන්රියයි තොපි වගේ “සතු‍ටු *ක්” ගහනව කියල ????

      GD Star Rating
      loading...
  22. Avatar of Observer Observer says:

    Tharu danna den nathoooo…..!!!!

    GD Star Rating
    loading...
  23. සත් ගුනවත් ඇන්ඩා මහතාගේ චරිතය ඝාතනය කිරීම හෙලා දකිමු.

    අතේ පිහිට ලබන් අපි……

    GD Star Rating
    loading...

Leave a Reply

Submit Comment

© 2012 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Theme developed upon daily theme designed by Theme Junkie.