මේක සිද්ධ උනේ අපි කැම්පස් පළවෙනි වසරේ ඉඳිද්දි. ඉස්කෝල වල බෝ පැළ වගේ හිටපු උන් කැම්පස් ඇවිල්ලා හැසිරුනේ හැම ආතල් වැඩේම කරපු, හැම දුරාචාරෙම පුරුදු උන් වගේ. මං දෙවෙනි සෙමිස්තරේ හිටියේ ඔන්න ඔය වගේ සිරා ගජයෝ තුන් දෙනෙක් එක්ක.කාඩ් වලින් කිව්වොත් හොරා, ගඳයා සහ උකුළා. හොරා කැම්පස් එන්න කලින් රහමෙර කටේ තියලා නෑ. ගඳයා නම් ගමේ අමද්‍යප සංගමේ සභාපති හැටියට කැම්පස් එද්දිම තිතට මත ක්‍රියාවට නංවලා තිබුනේ. උකුළයි මමයි පැණි බීම තමයි ඉතින් අදටත් බොන්නේ. හොරා සෝෂල් එකේදි තමයි මුලින්ම බිව්වේ. එදා සිට අපි අවුට් වෙනකම් ටොප් ටෙන් ලිස්ට් එකෙන් හොරා පහළට බැස්සේ නෑ.
ඔන්න දවසකුත් හොරයි, ගඳයයි තව සෙට් එකකුයි ලා විලේජ් (අපේ කැම්පස් එකේ උන් දන්නවා පොට් එක!) එකෙන් හීනියට සප්පායම් වෙලා රෑ හොස්ටල් ආවා නිදාගන්න. ගාණට බීලා හිටපු නිසා කබර කතා, ඉන්ග්ලිෂ් ටෝක්ස් එහෙම අඩුවෙන් තිබුනේ. අපේ උකුළා නිදාගන්න ගියාම පොල් උලට ඔළුව තියන් උනත් නිදාගන්න පුලුවන් ජාතියේ කුම්භකර්ණයෙක්. එදත් අපි හතරදෙනා වල බහින ගමන් උකුළා ඇඳේ යකඩ විට්ටමට ඔළුව තියන් නිදි! ඒ පාර අපිත් නිදාගන්න ලෑස්ති උනා. හොරයි, ගඳයයි ආගමට මාර ළැදියි. ඔන්න දෙන්නා ධර්ම සාකච්ඡාවක් පටන් ගත්තා නින්දට යද්දි. මාතෘකාව – පටිච්ච සමුප්පදාය.
ධර්ම සාකච්ඡාව අතරතුරේ දෙන්නා වාද වෙනවා යම් යම් කරුණු ගැන. ගඳයගේ අදහසකට තරයෙම විරුද්ධ උන හොරා ලොකර් එකෙන් තඩි පොතක් අරන් ගඳයගේ වැරදි නිවැරදි කරනවා. පොතේ නමත් – පටිච්ච සමුප්පදාය.ටික වෙලාවකින් ධර්ම සාකච්ඡාවත් අහවර වෙලා ගඳයා නිදාගන්න ලෑස්ති උනා. හොරත් ඇඳට නැග්ගේ පොත කියවන්න. ඒ ගමන් පොඩි හින්ට් එකක් ගැහුවා මටයි, උකුළටයි අපි ධර්මෙට ළැදි නැත්තේ පව්කාරයෝ කියලා.
ඩබල් ඇඳන් දෙකේ එකක මම යට. උකුළා උඩ. අනෙකේ ගඳයා යට, හොරා උඩ. ඔන්න අපි නින්දට ගියා. මහ රෑ මම උඩ ගිහින් ඇහැරුනේ මහා විලාපයක් එක්ක පොර බදන සද්දයක් ඇහිලා. මගේ ඔළුවට ආපු පළමු හිතුවිල්ල උනේ ගඳයයි, හොරයි ගහගන්නවා කියලා. සද්දේ ආවෙත් උන් දෙන්නාගෙන්මයි.බීලත් හිටපු එකේ ධර්ම සාකච්ඡාවේ වාදයේ ඇරියස් ගන්නවද කියලා කලබල වෙච්චි මම දඩිබිඩි ගාලා ලයිට් එක දැම්මා. මොකක්ද මං දැක්කේ?
හොරා බිම වාඩිවෙලා හෙළුවෙන් නෙට් එකත් ඇඟේ ඔතාගෙන අර පොත – පටිච්ච සමුප්පදාය කියවනවා. සරම කොහෙවත්! ඒ අස්සේ මළලසේකර ඩික්ෂනරියත් ළඟ තියන්. ගඳයා වරාගේ උරහිසින් අල්ලලා හොල්ලනවා නැගිටපන් කිය කිය. මෙච්චර සිද්දියක් වෙලත් උකුළා තාම යකඩ විට්ටමට ඔළුව තියන් නිදි! ටික වෙලාවකින් හොරා පියවි සිහියට ආවා. උනේ මොකක්ද කියලා කියන්න ගත්තා. හොරා හීනයක් දැකලා. හොරා පාර දිගේ ඇවිදන් එනකොට අඩිය තියද්දිම නයෙක් ඉන්නවලු අඩිය තියන්න ගිය තැන. කලබල වෙලා අනිත් අඩිය තියන්න යද්දි එතැන තව නයෙක්ලු. ඒ පාර හොරා පාරෙන් එහාට පැනලා.ඒ පැනපු පාර නෙට් එකත් ගලෝගෙන පාඩම් මේසේ උඩට වැටුන හොරා එතැනින් ආයෙම බිමට වැටිලා. මේසේ උඩ තිබුන ශබ්දකෝෂයත් හොරාගේ ඔළුවට වැටිලා.අන්න එහෙම ඉඳිද්දි තමයි අපි හොරාව දැක්කේ. හැබැයි හොරා කියනවා විලාප තිබ්බේ ඌ නෙවෙයි කියලා.
බැලින්නම් විලාප තියලා තියෙන්නේ ගඳයා. හොරාට නයා පෑගෙන්න ගිය වෙලේ ගඳයා ඉඳලා තියෙන්නේ අඩ නින්දේ. නයාගෙන් බේරෙන්න බිමට පැනපු හොරාව අඩ නින්දෙන් වගේ දැකපු ගඳයගේ ඔළුවට ඇවිත් තියෙන්නේ උන් නිදාගත්ත ඩබල් ඇඳ බිමට පෙරලිලා උන් දෙන්නව වැටෙනවා කියලයි. බිමට වැටෙයි කියන බයට මර හඞ දීලා තියෙන්නේ ගඳයා. ඊට පස්සේ තමයි ගඳයටත් සීන් එක තේරිලා තියෙන්නේ. අපි වෙච්ච දේ ගැන කතාවෙවී බඩ අල්ලන් හිනා උනා.මදැයි ධර්මය අධර්මය වෙච්ච හැටි. හැබැයි මේ සිද්දියේ වෙච්ච් හොඳම දේ තමයි මේ කිසිම දෙයක් ඊළඟ දවසේ අපි කියනකම් උකුළා දැනගෙන හිටියේ නෑ.ඌ ඒ තරම් කුම්භකර්ණයෙක්.
සත්‍ය සිදුවීමකි. කාඩ් පමණක් මනඃකල්පිතයි!
පටිච්ච සමුප්පදාය,



අපි නොදන්න ලා විලේජ්
අපිත් ඔහෙම තමයි.
ඔය කාඩ් ඇත්තම ඒවද, අහලා තියනවා කියලා මතකයක් නෑ නෙ.
ඔය සිද්දිය උන කාලෙ හරි හොස්ටල් එක හරි කිවුවනමි ඇත්ත කාඩ් අපිත් දනී
හපොයි.. හිනා වෙලා පණ ගියා..
ela
අපි සෙට් එකක් හිටපු බෝඩිමක හිටි පෙකෙකුටත් ඔය වගේම සීන් එකක් උනා . . ඒත් දාන්න බෑ . . කට්ටිය මට උඩ දාල ගහනව ඒක කිවුවොත් . . . .
බොසා මම තරු දහයක් දුන්නා කියලා කවුන්ට් කරපන් මට දානන් දෙන්නෙ නෑ…
එල කතාව ගලයො
එවකට ‘උකුලා’ නමින්ද දැනට ‘ගලයා’ නමින්ද හැඳින්වෙන පුග්ගලයා විසින්, අනිත් වුන් ගෙන් අසා දැනගත් බණ කතාවක් මෙසේ වදාරන ලදී.
එහෙයි අපේ ඔබානාන්සේ…
හිනා හිනා හිනා හිනා ……… ඊ.ටි.සී.:D
wara, handaya, kukula
mama hari neda. patta kathawa. ela.
චූටි මල්ලි, මම දැම්මේ බොරු කාඩ් වගයක්. ඔයා දාලා තියෙන්නේ වෙන අයගේ කාඩ් වගයක්. ඒක නිසා කරුණාකර ඇඩ්මින් උන්නැහේ එක්ක එකතුවෙලා ඔය කමෙන්ට් එක අයින් කළොත් නේද හොඳ?
අවාසනාවට ගලයාට සිදුවූ තවත් එක් ඇත්ත කතාවක්!
හදයා ගමේ අමද්‍ය්ප සන්ගමයේ ලොක්කෙක් බවත්
වරා ගෙට් 1 දවසෙ බීමට අත් පොත් තැබූ බවත්
කුකුළා 8 පසු වන විට කෙල පෙර ගෙන බුදියන බවත් මා ද දනිමි
මේ ඉන්නේ අපේ යකා නේද? අනේ අනේ යකෝ….
පට්ට කතාව
fattaaaaaaaaaaa……….kalekin ambanaka hina una….heta andanna wei da danne na…thnku wewa……
Ela
කතාවට කමෙන්ට් කරපු හැම දෙනාටම ස්තූති වේවා..පමාවට කමාව…