10101101011001011110
01000110111
01110011010010
විදුලි දහරක් තුලින්
අංකිත වෙලා ආපු
ඔබේ විස්තර
අහම්බෙකින් මගෙ නෙත ගැටිලා…
කරපු විප්ලවයක මහත….
මලී……………..
කාලෙකින් අහපු ලස්සන සිංහල නමක්
මම හොයපු ගති ගුණ,
මගෙ හිතේ තුබුන රූපය…
මෙන්න ඔයා ගාව….
නාඳුනන කෙනෙකුට
ආදරය කරන්න බැහැ කියල
හිතාගෙන හිටපු මාව
කවමදාකවත් නොදැකපු
ඔයා මගෙ හිත මගෙන් උදුරගත්ත
ෆේස් බූක් එකේ
ප්‍රොෆයිල් එක
පුරාම ඇවිදල
ඔයා ගැන
හීන මවාපු මම……..
ආදරේ නිසා
කරාපු දේ වලටද මන්දා
දැන්
ඔයා මාව බ්ලොක් කරල!!!
එත් මම තාමත්
මගෙ හිත ආදරෙන් පුරවපු
ඔයාගෙ ෆොටෝ එකක් බලල
ආදරෙන් හිත රිද්දගෙන
යන්න එනව
හැමදාමත්……….!!!
කියන්න බැරිවෙච්ච බ්ලොක් කෙරුනු ආදරේ.............!!!, 9.7 out of 10 based on 13 ratings
http://www.thelastrow.net/?p=14879
©Thelastrow.net
කොපිරයිට්?
අපි මේ කියන කාරණාව වැරදියට තේරුම් ගන්න එපා.අපි පොඩි කාලේ ඉඳලා අහපු කියපු කතාවලට කොපිරයිට් ගන්න නෙවේ මේ හදන්නේ. මේක අදාල වෙන්නේ කවුරුහරි අමාරුවෙන් ලියපු කතාවක් වෙන තැනක කොපිකරලා දාන අයට.
වෙන සයිට් එක්ක කොපි පේස්ට් කරලා දානකොට අනිවාර්යෙන්ම පල්ලෙහා තියන HTML කෝඩ් එක හරි BB කෝඩ් එක හරි කොපි කරලා කතාවට යටින් පේස්ට් කරන්න ඕනෑ.
එහෙම කරන්න බැරි තැන්වල කතාව කොපි පේස්ට් කරන්න එපා.
HTML
<a href="http://www.thelastrow.net/?p=14879" style="font-size:16px;" target="_blank"> <strong > post : කියන්න බැරිවෙච්ච බ්ලොක් කෙරුනු ආදරේ………….!!! by KiTTa </strong > <br/> © Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post </a >
BB code
[url=http://www.thelastrow.net/?p=14879][size=16][b] post : කියන්න බැරිවෙච්ච බ්ලොක් කෙරුනු ආදරේ………….!!! by KiTTa[b][br]
© Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post[/size][/url]
කරන්න බැරි දේවල් :
- ලින්ක් ශෙයා කරන්න පුලුවන් social network වල ( facebook,twitter වගේ) කතාව කොපි පේස්ට් කරන්න වත් ඉමේජ් ෆෝමැට් එකෙන් අප්ලෝඩ් කරන්නවත් බෑ.එහෙම කතා පබ්ලිශ් කරන්නේ 'අන්තිම පේලිය official Facebook page' එකේ පමනයි. ඒකත් කරන්නෙ කතාව ලියපු කෙනාගෙ අවසරය තියනවනම් විතරයි.
- කතාව කොපි කරලා ඉමේජ් ෆෝමැට් එකට ගහන්න/ස්ක්‍රීන්ශොට් ගහන්න එපා.
මේ ඔක්කොම කියන්නේ කොපි කරලා කොහෙ දැම්මත් කතාව ලියපු එකාට මොනවහරි දෙයක් ලැබෙන්න ඕනනම් ඒක ලැබෙන්න ඕන කියලා හිතන නිසා.
තමන්ගෙ බ්ලොග් එකෙයි තව වෙන කොහෙ හරියි අන්තිම පේලියෙයි එකම කතාව දාලා තියනවනම් තරහ නැතිව අපට දැනුම් දෙන්න. අපි පෝස්ට් එකට ඒ අදාල විස්තර ඇතුල් කරනවා. මොකක් හරි දෙයන්ක් පිලිබඳව අපහැලිදිතාවයක් , දැනගන්න හරි දැනුම්දෙන්න යමක් තියන්වනම් මේ ලිපිනයට ලියන්න.
මලියට මෙතනට එන්න කියාපිය
මේවට උත්තර දෙන්න කියාපිය..
මේ අපේ මලී ගැනවත්ද කියන්නෙ?…
මලී මෙන්න මේ ලමයව අන්බ්ලොක් කරන්න පව් නෙ.
දෙතිතෙනුයි තරුවෙනුයි හාදුවත්
වරහනට මැදි වූ H හිතත්
විදුලි දහරේ මැදිව ආදරෙත්
සැබෑ වී නම් සම්පතක්
මේ අර දෙරණ එකේ යන මලී කතාවෙ මලී කෙල්ල ගැන කියන කතාවක් මයෙ හිතේ….
එක මිසක් අ.පේ. මලී කෙල්ල ඉතින් එක හිතින්ම ………..
(තව පොඩ්ඩෙන් අමතක වෙනවා, පවුද්ගලිකව නොකියා පොදුවේ කියන්ට කිව්වා නෙව)
හෝවූ හෝවූ ඩොන්ග අයියෙ කට කට :පී
අයියෝ සල්ලි………..
හැක් කරපං. හැක් කරපං.
එක නෙමෙයි.. මේ අර ට්‍රිබල් සික්ස් කිත්තා ද..?? මට මතකයි.. අපි පොඩි කාලේ.. මොකද්ද මන්ද ටෙලිනාට්ටියක ට්‍රිබල් සික්ස් කිත්තා කියල එකෙක් හිටියා..
මටත් මතකයි! අර රෑ වෙලා නවතින්න තැනක් හොයා ගන්න බැරුව, බොරු බඩේ අමාරුවක් හදන් ඉස්පිරිතාලෙක නවතින සීන් එක්කක් තිබ්බේ…
ඔව් ඔව් ඒ සීන් එක මටත් නිකන් යන්තන් වගේ මතකයි..
බුදු ශුවර් මේ අ.පේ මලිය ගැනම තමයි කියල තියෙන්නෙ….?
විද්දෙ පඳුරට වැදුනෙ හාවට කිව්වලු…….!!!!
මට මුලින්ම දාන්න අමතක උනා….
අ.පේ. මලීව මේකට ගාව ගන්න එපා….!!!
මේකට මූලික උනේ මලක් නම් තමයි ඒත්…,
සත්‍ය සිද්ධියක් මුල් කර ගෙන රසය උදෙසා නම් පමනක් වෙනස් කර ඇති බව කරුනාවෙන් සලකන්න…!!!