මගේ හිතේ මේ ලිපිය ලියන්න අදහසක් තිබුනේ සෑහෙන කාලෙක ඉඳල. “පවුද්ගලික වයිද්‍ය විද්‍යාල – Private Medical Colleges (PMC)”. මුලින්ම කියන්න ඕනේ මේක බුරතිනොගේ පවුද්ගලික මතය මිසක් වෙන කිසි කෙනෙකු නියෝජනය කරන එකක් නෙමෙයි. මොකක්ද මේ පවුද්ගලික වයිද්‍ය විද්‍යාල අවුල?. මම මේ හදන්නේ ඒවගේ ඉතිහාසය ගැන කියන්න නෙමයි. ඇත්තටම පවුද්ගලික විද්‍යා විද්‍යාල වලට විරුද්ධ විය යුතු නැහැ. වෙනස් වෙන ලෝකේ අපිට PMC එපෝ කියල කෑගහන එකේ තේරුමක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයි. මේ PMC වල තත්වය පිලිබඳ ප්‍රශ්නයයි. අද වැඩි දෙනෙක් කතා කරන්න මාලබේ PMC එක ගැන. එකේ දැනටමත් ශිෂ්‍ය කණ්ඩායම් ( Batches ) 3ක් 4ක් ඉගෙන ගන්නවා. නමුත් මේ ගොල්ලන්ට සායනික කටයුතු කරන්න රෝහලක් වත් හරියට නැහැ. Medical faculty එකකට තිබිය යුතු අත්‍යාවශ්‍ය අංගයක් තමයි ශික්ෂණ රෝහලක්( teaching hospital ). සාමාන්‍යයෙන්, medical student කෙනෙක් කියන්නේ ජීවිතේ සෑහෙන කැප කිරීමක් කරන කෙනෙක්. දිවා රෑ නොබලා ඉස්පිරිතාලේ වාට්ටු ගානේ chater වෙවී, කොන්සොන්ගෙන් බැනුම් අහගෙන, .. හපොයි ඒ ගැන නම් කවර කතාද.. නිවාඩුවක් ගන්න එක පට්ටම අමාරුයි. එකටත් excuse letters දීගෙන එක යුද්දයයි. අනික් ඒවා exams .. ඒවා ඊට එහා. සෑහෙන්න අමාරුයි.මොකද exams වල වැරදි උත්තර වලට minus මාර්කස් තියෙනවා.වැරදුනොත් ලකුණු කැපෙනවා. Exams කිව්වම theory , viva, osce එකී මෙකී නොකී ජාති සෑහෙන්න. පටන් ගත්තම එක දිගට සති ගණන් ඇදෙන්නේ. අනික lectures , practicals පවා සෑහෙන්න වැදගත්. කට් උනොත් සැහෙන්න පාඩුයි. ඉතින ඒවටත් යනවා. සාමාන්‍යයෙන් දවස ගත වෙන්නේ මෙහෙමයි. උදේ නැගිටිනවා. ඊට පස්සේ හොස්පිටල් යනවා. හවස් වරුවේ lectures. Casualty දවසක් නම් ආයේ හවසත් හොස්පිටල්. ඉතින් එහෙම දවසට උදේ 6ta නැගිට්ටම රැ 12 වෙනකම එක දිගටම වැඩ. අනික් එක හොස්පිටල් එකේදී හැම ජාතියේම ලෙඩ්ඩු එක්ක ගැවසෙන්න වෙනවා. දුප්පත්, පොහොසත්, ගඳගහන, මානසික රෝගීන්, පොඩි එවුන්, අසාධ්‍ය අය, etc. අනික ලෙඩ ගැන විතරක් නෙමෙයි , ඒ අයගේ සමාජයීය , පුද්ගලික ප්‍රශ්න ගැනත් ඉගෙන ගන්නවා. අනික ඒ ලෙඩ්ඩුත් උදවු කරන්න හරි කැමතියි. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ඔතනයි. දැනට ලංකාවේ තියෙන PMC වල ඔය කතා මුකුත් නැහැ. හොඳ ආචාර්ය මණ්ඩලයක් නැහැ. exams ස්ටෑන්ඩර්ඩ් නැහැ. පුහුණු වෙන්න රෝහල් නැහැ. private hospitals ගන්න කතා කියනේව. ඒ උනත් private හොස්පිටල් වලට යන ලෙඩ්ඩු ශිෂ්‍යයෙක් ඉස්සරහ තමුන්ගේ රෙද්ද උස්සන්න කැමති වෙයිද. ඉතින් ඔන්න ඕකයි පුල්මුඩේ තත්වේ. ඇත්ත තමයි ලංකාවේ වයිද්‍ය අධ්‍යාපනේ වැරදි නැතුව නෙමයි . නමුත් එකට විසඳුම මේ PMC නෙමෙයි. ලංකාවේ ඩොක්ටර් කෙනෙක් වෙනවා කියන්නේ බොහොම සීමිත දෙනෙකුට ලැබෙන අවස්තාවක්. හුඟක් මිනිස්සු හිතන්නේ PMC අවට පස්සේ තමුන්ගේ දුව , පුතා එකට දාගන්න පුළුවන් වෙයි කියල. ඒ උනත් නිකමට හිතල බලන්න ඔය කියන මේ විදියේ PMC වලින් එන ඩොක්ටර්ස් ලාගෙන් තමන්ගේ , තමුන්ගේ දරුවෙකුට ලෙඩකට බෙහෙතක් ගන්න ඔයාල කැමතිද කියල. ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ ලංකාවේ PMC දාන එකට විරුද්ධ විය යුතු නැහැ. නමුත් ඒවගේ තත්ත්වය ඉහල විය යුතුයි. නමුත් වෙලා නැත්තෙත් එකමයි. රජය PMC දාන්නේ රටට ආදරේට කියල හිතන්න අමාරුයි. මොකද සල්ලි කුට්ටි ගණන් ලැබෙනවා නොවැ. ඉතින් මම නම් හිතන්න මේක ගැන විචාරශීලීව හිතන එක හැමෝගෙම යුතු කම. හප්පා… කියන්න ඕනේ ටික සෑහෙන්න කෙටි කරලා කිව්වේ… කට්ටියගේ අදහසුත් කියමුකෝ බලන්න.
loading...


උඹේ ඔය කතාවට මාත් එකඟයි.. මං වැස්සකටවත් කැම්පස් එකකට ගිය එකෙක් නෙමේ.. නමුත් ඩොකාල වෙන්න මගේ සහෝදරයෝ යාළුවො කාපු කටු හොඳට අත්දැකලා තියනවා. ඒ කට්ට කාගන පොඩි තැන ඉඳල ඉහලට ගිය උන් තමා අදටත් පොළොවේ පයගහල දොස්තර “මහත්වරු” විදියට ඉන්නේ..
loading...
මෙහෙමයි….මම නම් මෙතනදි දකින්නෙ මේකෙ හොද පැත්තට වැඩිය නරක පැත්ත. හේතු දෙකක් තියෙනව.
එක තමයි AL වලට අඩුවෙන් results අරගෙන පාස් වෙන අයටත් අතේ මිටේ සල්ලි තියෙයි නම් යන්න පුලුවන්. එතකොට අර ගොඩාක් මහන්සි වෙලා medical college යන්න හදන කෙනා ගෙ මහන්සිය කිසිම තේරුමක් නැති වෙනවා. එතකොට හැමෝම බලන්නෙ ලේසියෙන්ම යන්න පුලුවන් නිසා PMC එකකට යන්න
අනිත් හේතුව මම දකින විදිහට, මේක නිසා දුප්පත් ගම් වල දක්ෂ ළමයින්ට සරසවි වරම් අහිමි වෙනවා මේ හින්ද. එකම හේතුව මුදල් නැති කම. බුරා අයියා කියල තියෙන විදිහටම මේ නිසා නිකම් ම නිකන් දැනුම පමණක් තියෙන doca ල සෙට් එකක් බිහි වෙනවා
loading...
බාහිර උපාධිය නිසා ගොඩ කියල කීදෙනෙක් මේ ලංකාවේ ඇතිද… ඒත් මේ පුද්ගලික විශ්වවිද්‍යාල ප්‍රශ්නේ නිසා ආණ්ඩුව හෙමිට බාහිර උපාධි නවත්වනවා.. ඒක සිකුරුයි.!! දැනටත් මේ පාර බාහිර උපාධිවලට ලියාපදිංචි වෙන හැමෝටම නොකිය කියන්නේ මේක තම ලියාපදිංචි කරන අන්තිම අවස්ථාව කියල. අපේ උසස් අධ්‍යාපන ඇමතිය කියල තියනවනේ බාහිර උපාධිධාරියෝ කියන්නේ කාලකන්ණි ටිකක් කියල..
loading...
ලියන්ඩ නම් ගොඩක් දේවල් තියෙනවා …
පස්සෙ ඇවිල්ලා ලියන්නම්…
දැනට නම් කියන්න තියෙන්නෙ ඔය දාන්න දගලන්නෙ රටේ හොදකට නම් නෙවෙයි.
ලොකු ලොකු එවුන්ගෙ මඩිය තරකර ගන්ඩ.
ගමේ ගොඩේ ඉන්න දුප්පත් අහිංසක දක්ෂ ලමයින්ට ඉහලට එන්න තියෙන එකම මාර්ගය නැති කරන්න තමයි මුන් මේ දගලන්නෙ..
ඔය SYSTEM එකට කොන්දොස්තර කෙනෙකුටත් දොස්තර කෙනෙක් වෙන්ඩ පුලුවන් සල්ලි තියෙනව නම් ..
loading...
වැදගත් ටොපික් එකක්.. මම ඔය කියන වෛද්‍ය විද්‍යාලය ගැන නන් දන්නේ නැහැ, ඒත් සල්ලි වියදම් කොරලා උපාධියක් ගත්ත කෙනෙක් විදිහට ඔය ගොඩ අය හිතාගෙන ඉන්න විදිහ වැරදියි කියල කියන්න ඕන.. ගොඩ අය හිතන්නේ ලක්ෂ ගානක් දුන්නම අනික් පැත්තට ඩිග්රි කොලේ දෙනව කියලයි.. හරියට ලෙක්චර්ස් ලා නැතුව 70% විතර තනියෙම කියවල ඉගෙනගෙන, විබාග ලියල, ප්‍රොජෙක්ට් කොරලා, ඔව්ව කොරන ගමන් පාර්ට් ටයිම් ජොබ් එකකුත් කොරගෙන, ලක්ෂ ගනන් වියදනුත් කොරලා, අපිත් පොඩි කට්ටක් කාල නෙමේ උපාධි කොලේ ගන්නේ.. උපාධි පිරිනමන පිටරට යුනි ඔහේ දෙන්නන් වාලෙට දෙන්නේත් නැහැ එයාලගේ තත්වෙ බහින නිසා.. මම කලින් කිව්වා වගේ ඔය කියන වෛද්‍ය විද්‍යාලයේ කොහොමද දන්නේ නැහැ, ඒත් පෞද්ගලික විශ්වවිද්‍යාල ගොඩක (ඔක්කොම නෙවේ) තත්වෙ නන් ඔන්න ඕකයි මල්කාන්ති අක්කේ..
අනික තමා, ඔය පෞද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාල නරකයි කියන අය, එව්වයේ තත්වය උසස් කොරන්න ඕන කියන අය මොකද පෞද්ගලික රෝහල් වලටත් එහෙම නොකියන්නේ?? ඇත්ත තත්වය නන් පෞද්ගලික රෝහල් වල පහසුකම් උපරිමයට තිබුනට තත්වය අන්තිම බාලයි, එව්වට උදාහරණ ඕන තරම්.. මම කවදාවත් දැකලා නැහැ වෛද්‍යවරයෙක් පෞද්ගලික රෝහලක් විවේචනය කොරනව හරි, ඔය වැඩවර්ජන, අකුරට වැඩ සීන් පෞද්ගලික රෝහලකට කොරනව..
බදු ගෙවන පොදු ජනතාවගේ සල්ලි වලින් ඉගෙනගෙන එයාලටම ගෙම්බර් දාලා පිටරට ගිහින් මඩි තර කර ගන්න අයත් ඉන්න අපේ රටේ, තමන්ගේ වියදමින් හරි විදිමත් ලෙස ඉගෙන ගෙන (මොකද දොස්තර කෙනෙක් කියන්නේ රස්සාවට ගිහින් experiment කොරන්න, ඉගෙන ගන්න යුතු පුද්ගලයෙක් නෙමෙයි නිසා) රටට සේවයක් කොරන්න පුලුවන් නන් ඒකේ වැරද්දක් නැහැ කියලයි මගේ මතය..
loading...
PRIVATE PRACTICE OK
PRIVATE CHANNELING OK
PRIVATE HOSPITAL OK
PRIVATE MEDICAL COLLEGE NOT OK ??????
loading...
පොස්ට් එකේ වචනයක්වත් කියෙව්වේ නැත. කතා තුනක් විතර කියවපු හින්දා පස්සේ කියවන්න තියා ගත්තා. මේන් මේ ගැන මගේ අදහස්.
ඔය උඩ දාලා තියෙන් ෆොටෝ එකේ වගේ ඩොකා අක්කලා ඔය කැම්පස් එකෙන් එනවා නම් මම පැනලා ඕකට කැමතිය. නැති නම් අකමැතිය.
loading...
හික් හික්. ෆොටෝ එකනම් දැම්මේ මම නෙමෙයි හින්චෝ.. ඇඩ්මියාගෙන් තමයි අහන්ට ඕනේ.
loading...
පොස්ට් එකයි අනිත් අයගේ අදහස් ටිකයි දැනුයි කියවලා ඉවර කළේ ඒත් මේක ගැන කියන්න මගේ දැනුම මදි කියලා හිතෙනවා. ඒ හින්දා මුකුත් නොකියා ඉන්නම්. ඒත් දැන් වෛද්‍යවරු වැඩ වර්ජනය කරන විදිහට එයාලටත් මේක නිකන්ම නිකන් රස්සාවක් විතරයිද කියලත් හිතෙනනවා. ලෙඩුන්ව ප්‍රාණ ඇපයට අරන් මේ වගේ සටන් කරන එක ගැනත් කතා කළොත් හොදයි නේද?
loading...
මේ වගේ එක්කෙනෙක් අතින් බේතක් වැරදිල මැරුනත් මක් වෙනවද ?
loading...
බුරතිනෝ ගේ පළවෙනි අදහසට මම එකඟයි **** තියෙන්න ඕන හැබැයි ඒවයේ තත්වය ඉහළ වෙන්න ඕන ඒක හරියටම හරි ඒත් කවුරු හරි කියනවා නම් මේවා නිසා සල්ලි තියන අයට අවස්තාව හිමිවෙනවා කියලා, සල්ලි තියන උන් කිසි ප්‍රශ්ණයක් නැතුව පිටරටවල ගිහින් ඉගෙන ගන්නවා මේකෙන් වාසි වෙන්නේ සල්ලි තියන උන්ට නෙවි, මධ්‍යම පාන්තික පිරිසකට
ඒ වගේම අන්කල් සෑම් ගේ අදහසත් එක්ක මම සම්පූර්ණයෙන්ම එකඟයි
පිටරට පෞද්ගලික විද්‍යාල වල තත්වය කවුරුත් පරීක්ෂා කරන්නේ නැහැ නේ ඒක පරීක්ෂා වෙන්නේ මෙහේ පවත්වන විභාගයකින් ඉතින් අපේ රටේ පෞද්ගලික විද්‍යාලවල අයටත් ඒක ලියලා පාස් වෙන්න කිව්වා නම් ඔය ප්‍රශ්ණයක් නැහැනේ
loading...
ප්‍රශ්නේ එතනයි ගන්දරයෝ.. මේ ගොල්ලෝ ඒ විබාගේ ලියන්න ඕනේ නැහැලු . UGC approval දීල තියෙන්නේ.
loading...
බුරතිනෝ ගේ පළවෙනි අදහසට මම එකඟයි PMC තියෙන්න ඕන හැබැයි ඒවයේ තත්වය ඉහළ වෙන්න ඕන ඒක හරියටම හරි ඒත් කවුරු හරි කියනවා නම් මේවා නිසා සල්ලි තියන අයට අවස්තාව හිමිවෙනවා කියලා, සල්ලි තියන උන් කිසි ප්‍රශ්ණයක් නැතුව පිටරටවල ගිහින් ඉගෙන ගන්නවා මේකෙන් වාසි වෙන්නේ සල්ලි තියන උන්ට නෙවි, මධ්‍යම පාන්තික පිරිසකට
ඒ වගේම අන්කල් සෑම් ගේ අදහසත් එක්ක මම සම්පූර්ණයෙන්ම එකඟයි
පිටරට පෞද්ගලික විද්‍යාල වල තත්වය කවුරුත් පරීක්ෂා කරන්නේ නැහැ නේ ඒක පරීක්ෂා වෙන්නේ මෙහේ පවත්වන විභාගයකින් ඉතින් අපේ රටේ පෞද්ගලික විද්‍යාලවල අයටත් ඒක ලියලා පාස් වෙන්න කිව්වා නම් ඔය ප්‍රශ්ණයක් නැහැනේ
loading...
රිප්ලයි කරන් නෑ ම කියල හිතුවත් අත නලියන නිසා ලියනවා. මන් මෙහෙම කිව්වම උබල හිතන්න එපා මට ඒ ලෙවල් කරලා මෙඩිකල් කොලේජ් යන්න බැරි උන නිසා මෙහෙම කියනව කියල , එහෙම නං මන් මේක දානවට ත් විරුද්ද වෙන්න ඕන අපි ඒ ලෙවල් කරද්දී අපිට මෙහෙම චාන්ස් තිබ්බේ නෑ කියල. පලවෙනි ම දේ කාගේවත් ඉගෙනීමක් ගැන තීරණය කරන්න අපි කාටවත් අයිතියක් නෑ කියන 1 අපි දැනගන්න ඕන, උසස් පෙළ ඒ 3 ගත්ත කියල කාටවත් ඒ අයිතිය හම්බෙන්නේ නෑ , කන්නන්ගර මහත්තයට පින්සිද්ද වෙන්න දුප්පත් පෝසත් ඕනෑම කෙනෙක්ට මේ රටෙ 1 වසරේ ඉදල කැම්පස් එනකම් ම නොමිලේ ඉගෙනගන්න අවස්තාව ලැබිල තියෙනවා , එකට පින්සිද්ද වෙන්න කුරුණෑගල හද්ද පිටිසර ගමක ඉපදිච්ච අපේ තාත්ත ත් දවසට වේල් 2 ක් කාල 1 කලිසමයි කමිසෙයි ඇදගෙන දුක් විදලා පේර කැම්පස් එකටත් ගියා. මම අදත් නිදහස් අද්යාපනෙට ගරු කරනවා. ගොඩක් අය කියන දෙයක් තමයි මේ උසස් පෙළ අසමත්, සල්ලි තියෙන කබ්බෝ ඩොකා ල වෙන්න යනවා කියන 1. ඔය කියන විදිය ට ඉගෙනගන්න බැරි විබාගයක් පාස් වෙන්න බැරි අය මොකටද දොස්තර වෙන් දගලන්නේ ? දොස්තර වෙන්න හීනයක් තියන් ඉදල සමහරවිට 3 පාරම කරලත් මෙඩිකල් ෆැකල්ටි යන්න බැරි වෙලා ඉන්න අති බහුතරයක් තමයි ඉඩ කඩන් උකස් කරලා හරි පාවිච්චි කරන වාහනේ විකුණලා හරි තමන්ගේ ළමයි පිට රට යවන්නේ. මට ත් උසස් පෙළ BCC . අපේ තාත්ත මගෙන් ඇහුවේ පුතේ ඔයාට දොස්තර කෙනෙක් වෙන්න ඕනද. ඔයා ආස නං මන් ඔයාව රට යවන්නන් , ඒ වෙනුවෙන් අපිට තව අවුරුදු 10 ක විතර වාහන නැතුව අරපිරි මැස්මෙන් ජ්වත් වෙන්න වෙයි, කියල. එත් මගේ ජිවිතෙන් තව අවුරුදු 5 ක් පිට රටක ඉදල ඊට පස්සේ ඇවිත් දොස්තර වෙල මන් සල්ලි හොයන්න ගන්න කොට තව අවුරුදු 5 ක් යනවා. මගේ ජිවිතේ හොදම අවුරුදු 10 ක් ම පවුලෙන් වෙන් වෙලා ඉන්න මට ඕන උනේ නැ. ඔන්න ඕක තමයි ගොඩක් ජිවිත වල ඇත්ත කතාව. ආණ්ඩුවේ කැම්පස් වල ඉන්න බහුතරය හිතන්නේ පුද්ගලික විශ්ව විද්‍යාල වලට යන්නේ උසස් පෙළ අසමත් , සල්ලි වලට වෙන කරන්න වැඩක් නැති සුපිරි පැලැන්තියක් කියල , සල්ලි දුන්නු පලියට උපාදියක් දෙනවා නං මොනවා කරන්න බැරි ද මේ ලෝකේ
ඒවාට යන්නෙත් ඉගෙනගන්න ඕන කියල හිතෙන එකට ආසාවක් තියෙන අය විතරයි. ඔය කියන සල්ලි තියෙන සුපිරි පැලැන්තියට සල්ලි දීල දොස්තර කෙනෙක් වෙන්න වත් උපාදියක් අරන් කන්තෝරුවක කුරුටු ගාන්නවත් ඕන වෙන්නේ නැ , මාලබේ සමහර ගැටළු තියෙන්න පුළුවන් , ඔය සායනික පුහුණුව දෙන්න මුලින් වෛද්‍ය සබාව කැමති වෙලා තිබ්බේ හෝමාගම රෝහලේ. හැබැයි ඕක පටන් ගත්ටට පස්සේ පස්සේ එක දෙන්න බෑ කිව්වෙත් රජයේ වෛද්‍යවරු ම නේද , ඒ අකමැති උනේ ඇයි ? පුද්ගලික කුහක කම නෙවේ ද . උබේ තර්කෙ හැටියට මේ රටේ කවමදාවත් මේක කරන්න වෙන්නේ නැ . මොකද රජයේ වෛද්‍යවරු ආණ්ඩුවේ රෝහල මේවට ලබාදෙන්නේ නෑ , උබ කියන විදියට පවුද්ගලික රෝහල මේකට හරියන්නෙත් නෑ , එහෙම නං කවදාවත් පවුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කරන්න වෙන්නේ නෑ. කුහක කන් නොකර ඒ ළමයින්ට උදව කරන 1 නෙවේ ද කරන්න ඕන. උසස් පෙළ ඒ 3 හරි ඒ 2 හරි ගත්ත කියල අනිත් ඔක්කොම මෝඩයෝ වෙනවද ? අනිත් අය කුලී වැඩ කරන්න ඕන ද , එයාලට ඉගෙනගන්න බැරි ද . ඔතන තියෙන්නේ මෙච්චරයි උකස් කරන්න ඉඩමක් කඩමක් හරි තියෙන එකාටයි සල්ලි තියෙන එකාටයි චාන්ස් 2 ක් තියෙනවා . එක්කෝ ආණ්ඩුවේ 1 ට නැත්නං අරකට . සල්ලි නැති අයට 1 චාන්ස් 1 ක් තියෙනවා . එහෙමයි කියල අපිට කියන්න බෑ අපිට සල්ලි නැති නිසා සල්ලි තියන උන්ටත් එපා කියල . එක ට අසාදරණේ කියන වචනේ ගැලපෙන්නේ නෑ . සල්ලි තියන කෙනාට ඉරිසියා කරලා වැඩක් නෑ , අපිත් ඒ මට්ටමට එන්න උත්සහ කරනවා මිස.
loading...
උඹේ කතාවේ සැහෙන්න ඇත්තක් තියෙනවා මචන්. අමාරුවෙන් විබාගේ pass වෙලා medical college අවට පස්සේ තව එකෙක් සල්ලි දීල එතෙන එනකොට පොඩි හිතට අමාරුවක් දැනෙනවා තමයි. නමුත් එහෙමම හිතන එක අසාධාරණයි. මොකද තමන්ගේ ඉඩ කඩම් හරි විකුණලා දොස්තර සිහිනය සැබෑ කරගන්න හිතන අය ඕනේ තරම්… ඒ අතරේම අමාරුවෙන් AL පාස් වෙලා medical college ඇවිත් පිස්සු කෙලින එවුන් නැතුව නෙමෙයි.. උන්ට වැඩිය අර ඕනේ කම තියෙන එකෙකුට chance එක දුන්නනම් වටිනවා. මගේ තර්කෙත් එකයි. සල්ලි තියේනම් ඉගෙන ගන්න ඕනේ එකාට අවස්තාව දුන්නට වැරද්දක් නැහැ.එත් අතීසාරෙට අමුඩ ගහල වැඩක් නැහැනේ. තමුන් කරන දේ ප්‍රමිතියක් තියෙන්න ඕනේ.. කරන්නන් වාලේ දේවල් කරලා හරියන්නේ නැහැ නොව. අඩුම තරමේ විදේශ වයිද්‍ය උපාධිධාරීන් ලිවිය යුතු ACT 16 exam එකවත් ප්‍රමිතිය බැලීම සඳහා යොදා ගත යුතුයි. මෙතන ඉරිසියාවක් වත් කුහක කමක් වත් නැහැ.ඇත්තටම අවස්ථාවක් දිය යුතුයි කියල කියල ප්‍රමිතියකින් තොර දේවල් වලට අවසර දුන්නම එක වර්ත්මානේදී සතුටු වෙන්න පුළුවන් උනාට එක අනාගතයේදී හොඳ වෙන එකක් නැහැ. මොකද දැනට මිනිස්සු දොස්තර කෙනෙක් වෙන්න උත්සාහ කරන්නේ ඒ අධ්‍යපනයේ තියෙන ස්ටෑන්ඩර්ඩ් එක නිසා. මේ වැඩ නිසා ඉස්සරහට එකත් වලපල්ලට ගියාම මේ කතා මොකවත් නැති වේවි.
loading...
ඔව් මාත් කියන්නේ එක තමයි. එකේ ළමයින්ටත් හෝමාගම හොස්පිටල් 1 දෙන්න බැරි අයි ආණ්ඩුවේ දොස්තරලට. පුළුවන් තරං වල කපන 1 නෙවේ කරන්න ඕන. එකට උදව කරන 1 . ඒත් අවාසනාවට අපේ රටේ ගොඩක් දොස්තරලා තාම ඉන්නේ දුපත් මානසිකත්වයේ, ඔච්චර මිනිස්සුන්ට ආදරේ කරුණාව නං හිතෙන හිතෙන වෙලාවට ස්ට්‍රයික් කරනවද , සල්ලි නැති මිනිහෙක් වැරදිලාවත් ඔය දොස්තර කෙනෙක් ගේ දොස්තර කඩේකට අවොත් රෑක අසනීප වෙලා නිකන් බෙහෙත් ටිකක් දෙනවද , සල්ලි නැත්නං ඉස්පිරිතාලෙකට යනවකෝ කියල එලවනවා මිස/. ඊටත් වඩා මේ හැමෝම එම් බි බි එස් කරන එපැයි, එතනින් දක්ෂයෝ තේරෙයි. ඒත් ඉතින් අපේ ගොඩක් අය පොත අස්සෙම එබිලා හිටිය , ඉන්න කට්ටිය නිසා මොලේ දියුණු උනාට හිත දියුණු නෑ , පුළුවන් තරං කුහක කමයි ඉරිසියාවයි හිතේ පුරවන් ඉදල මැරිලා යනවා. දෙවිවරු වගේ දොස්තරලා ත් ඕන තරං ඉන්නවා. මන් මේ ඒ මිනිස්සුන්ට අපහාස කරනවා නෙවේ. හදිස්සියක් උනාම අපි දොස්තරගේ ඉතිහාසේ හොයන්නේ නැනේ , ඒ වෙලාවට මේ රටේ මිනිස්සුන්ට පිහිට වෙන්න මොලේ වගේම , හදවතත් පිරිසිදු දොස්තරලා ආණ්ඩුවේ කැම්පස් වලින් වගේම පුද්ගලික ඒවගෙනුත් එලියට එන 1 තමයි වෙන්න ඕන ,
loading...
දොස්තරලා strike කරන්නේ රජයට් විරුද්ධව මිසක් ලෙඩ්ඩුන්ට විරුද්ධව නෙමෙයි. අනික strike කරාට අමාරු ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කිරීම නවත්වෙන්නේ නැහැ. ඔව්, හදිස්සියට දොස්තරගේ ඉතිහාසේ හොයා හොයා ඉන්න බැරි නිසා තමයි අපි බිහි කරන වයිද්යවරු ප්‍රමිතියක් තියෙන අය වෙන්න ඕනේ.
loading...
ඔන්න මම පත්තරේට ලියන්න හිටිය ටික බුරතිනෝ අයියා / මල්ලි නියමෙටම ලියලා තියනවා…. තවත් කියන්න නම් දේවල් ගොඩයි. ඒත් මේ ඇති..තෙරුම් ගන්න පුලුවන් කෙනෙක් ට තෙරුම් ගන්න මේ හොඳටම ඇති. බුරතිනෝ….. ඔයාට මල් මිටක් මෙන්න
loading...
රුසියාවටත් වඩා ලොකුයි ලු ඉරිසියාව
loading...
ඒක ඇත්ත…. ගොඩක් අය ඊරිසියයි තමයි.
loading...
මම නං ඔය හැමෝම ඉස්ට්‍රයික් කරන් දඟලන තරමේ වරදක් දකින්නෙ නෑ පී.එම්.සී වල. හැබැයි මම පිලිගන්නව එක දෙයක්. ඕවල තත්ත්වෙ ගැන මට මොකුත් කියන්න බෑ. මම දන්න කතාව මෙහෙමයි. ඔය මාලඹේ පී.එම්.සී. එක දැම්මේ සල්ලි තියෙන උන් ඔක්කොටම දොස්තරලා වෙන්න නෙවෙයි. ඕක දැම්මෙ ආණ්ඩුවේ කැම්පස් වලට යන්ඩ බැරි උන, ඒ උනාට ඒලෙවල් වලින් අවශ්‍ය සුදුසුකම් සපුරගත්ත, සල්ලි ගෙවන්ඩ පුලුවන් ලමයින්ට දොස්තරලා වෙන්ඩයි. නමුත් ලංකාවේ අනිත් හැම දේම වෙනව වගේ මේකෙත් තත්වෙට කෙල උනා. S 3 දාපු කබ්බොත් සල්ලි ගෙවලා ඕකට ගියා..එතන වරදක් තියෙනව..නමුත් ඒක වලක්වන නීතියක්ද මොකද්ද එකක් පාස් උනා කියලත් මට අහන්ඩ ලැබුනා..ඒකෙ ඇත්ත නැත්ත නං මම දන්නෙ නෑ.
ලංකාවෙ කොච්චර ලමයි ඉන්නවද ඒලෙවල් වලින් ඉහලම සුදුසුකම් අරන් මෙඩිකල් ෆැකල්ටි යන්ඩ බැරි උන? මගේ හොඳ යාලුවෙක්ට A3යි ඒත් medicine යන්ඩ බෑ..නමුත් දුර පලාත් වල ලමයි C 3න් medicine යනවා..ඒකෙ අසාදාරනේකුත් තියෙනවනේ..මොකද දැන් දුර පලාත් වල ගොඩක් ලමයි ඉගෙනගන්න ටියුශන් පන්ති යන්නෙ කොලඹ, ගම්පහ, නුවර, කුරුණෑගල. ඒ ලමයින්ට පහසුකම් නෑ කියන එකේ වැදගත්කම සෑහෙන්න අඩුයි දැන්..ඒ නිසා අර A 3 දාලත් මෙඩිසින් යන්ඩ බැරි ලමයින්ට වෙන අසාදාරනේ පොඩ්ඩක් හරි හරිගස්සන්න පුලුවන් නේද මේකෙන්? එහෙම ලමයින්ටත් තමන්ට ඕනෙ තැනට යන්ඩ අවස්තාවක් තියෙන්ඩ ඕනෙ නේද මෙඩ්ඩියේ? මම නං කියන්නේ ඔය ආණ්ඩුවේ කැම්පස් වල පී.එම්.සී විරෝදයේ පොඩි ආත්මාර්තකාමීත්වයක් තියෙනව නේද?
අසාදාරණයක් වෙච්ච ලමයි ගොඩාක් හූල්ල හූල්ල බලන් ඉද්දි එතනින් එකෙක් දෙන්නෙක්වත් ගොඩ යන එක රටට වටින්නෙ නැද්ද? සල්ලි පිටරටට යයි..නමුත් ඒ මනුස්සයා අපේ රටට නෙවෙයිද? එක අම්මෙක් තාත්තෙක්ගෙ හරි පපුවෙ ගින්දර නිවෙන එක කොච්චර දෙයක්ද..අනික මම දන්නවා ඔය පී.එම්.සී එකට යන්ඩ ලංකා බැංකුවෙන් ණයකුත් දෙනව..දුප්පත් ලමයින්ටත් චාන්ස් එකක් ගන්න පුලුවන්..අංක එක සල්ලි නෙවෙයි..සුදුසුකමයි අංක එක
අනිත් එක සල්ලි ගෙවල ඉගෙනගන්න මනුස්සයා තරම් කට්ටක් free education ගන්න මනුස්සයා කන්නෙ නෑ කිව්ව කියල මතක තියාගන්න ලමයි..මොකද මම ඔය දෙකෙන්ම ඉගෙනගෙන තියෙන නිසයි කියන්නේ
loading...
මට තව අහන්න දෙයක් තියනවා පෞද්ගලික විද්‍යාල වලින් එන දොස්තරලා ලෙඩ්ඩුන්ට සළකන ආකාරය ගැන කතා කරනවා වගේම පොඩ්ඩක් හොයලා බලමු ද සමහර දොස්තර මහත්තුරු රෝගීන්ට සළකන විදියත් මම මේක කියන්න කැමති නැහැ මොකද මම ඉන්නේ ක්ෂේත්‍රයේ දි මම අත් විඳලා තියනවා ලෙඩ්ඩුන්ට අනවශය බෙහෙත් නියම කිරීම්, අනවශය පරීක්ෂණ නියම කිරීම්, වැරදි බෙහෙත් නියම කිරීම් නොසැලකිලිමත් ලෙස ප්‍රතිකාර කිරීම් වගේ දේවල්
කවුරුහරි කියනවා නම් මේවා අවමයි කියලා කරුණා කරලා සමීක්ෂණයක් කරලා බලන්න. ඇත්තටම ඒ වගේ සමීක්ෂණ ජාතික මට්ටමෙන් වෙලා නැහැ හැබැයි වෛද්‍ය ක්ෂෙත්‍රයට සම්බන්ධ සමහර පුද්ගලික් ආයතන කරලා තියනවා පුළුවන් නම් හොයලා බලන්න ඒවාවල වෛද්‍ය වරුන්ගේ නොසැලකිල්ල ගැන කොයිතරම් සාධක තියනව ද කියලා
loading...
ඇත්ත තමයි ගන්දරයෝ.. නමුත් මම හිතන්නේ එක එක එක පුද්ගලයාගේ ගති ලක්ෂණ මත තීරණය වෙන එකක්. ලෙඩ්ඩුන්ට ආදරෙන් සලකන දොස්තරලා ඕනේ තරම්. නමුත් ගන්දරය කියන දේ PMC හරහා හොඳ තැනකට යොමු වෙයි කියල හිතන්න අමාරුයි.
loading...
කතාව කියෙව්වා.. කොමෙන්ට් ටික කියවන යනකොට මං දාන්න හදපු කොමෙන්ට් එක මතක නැති වෙන හින්ද.. මං අයෙමත් මේ කොමෙන්ට් එක ලියන ගමන් සේරම කියවන්න කියල හිතාගත්ත.. බුරතිනෝගේ කතාවට මං එකඟයි.. තවත් පැත්තකින් එකඟ නැහැ.. මං දන්නේ නැහැ දැනට ඔය තියෙන ප්‍රයිවට් කොලේජ් එකේ තත්ත්වය කොහොමද කියල.. විශේෂයෙන්ම වෛද්‍යවරයෙක් වෙන එක අනෙක් කිසිම දෙකට වඩා වගකීමෙන් සිදුවිය යුතු දෙයක් කියල මාත් හිතනවා.. මොකද.. ප්‍රැක්ටිකල් ක්නොලේජ් එක.. ඒ ගොල්ලන්ට අත්‍යවශ්‍යයි.. ශික්ෂණ රෝහලක කිසිම ට්‍රේනින් එකක් නැතුව ඒ ගොල්ලන්ට ඩිග්රි එක දෙනවා නම් එක ටිකක් භයානකයි.. ඉතින් ඇයි අපිට ඒ ගොල්ලන්ට ඒ අවස්තාව දෙන්න බැරි.. සල්ලි තියෙන කෙනා.. ඒ සදහා කැමතකුත් තියෙනවා නම් අනිවාර්යෙන්ම පිටරටකට ගිහින් හරි.. ඔය කියන වෛද්‍ය උපාධිය අරන් එනවා.. නමුත් ඒ තරමක් වියදම් කරන්න බැරි කෙනා.. උසස්පෙළින් විශ්වවිද්‍යාලයටත් යාගන්න බැරි උනා නම් එතනින් ජීවිතේ නතර කරගන්න ඕනි ද.. අනික් එක.. මේ වගේ දෙයක් අපේ රටේ ඇති කලොත්.. අපෙන් පිටරට උපාධිවලට රටින් පිට යන සල්ලි නතරකරගන්නත්.. සමහර විට.. පිටරටවල් වලින් අපේ රටට මුදල් ලැබෙන්නත් පුළුවනි නේද.. හැබැයි අර කිව්වා වගේ.. තත්ත්වයෙන් ඉහල වෙන්න ඕනි..මේකේ සමහර අය කොමෙන්ට් කරලා තියෙනවා ඔය ප්‍රයිවට් කොලේජ් වලින් ලංකාවේ ඉන්න දුප්පත් ළමයින්ට විශ්වවිද්‍යාලෙ යන්න අවස්තාව නැති වෙනවා කියල.. මට නම් ඒ දෙකේ සම්භන්දයක් පෙන්නේ නැහැ.. එහෙම නම් වෙන්න ඕනි.. ලංකාවේ වෛද්‍යවෘතියට තියෙන ඩිමාන්ඩ් එක අඩුවෙනවා කියන එක.. අනික තමයි.. උසස්පෙළ සමත් වෙලා බොහොම සීමිත කොටසකට විතරයි විශ්වවිද්‍යාලෙ යන්න පුළුවන්.. එතකොට ඉතුරු වෙන සේරම මෝඩයෝ.. හැටියට ඉන්න ඕනි ද.. භාහිර උපාධියක් ගන්නවා කියන එක මං දන්නා විදිහට නම්.. උපාධිය හම්බවෙනකොට.. ඒ මනුස්සයාගේ හොඳ වයස ගිහිල්ල.. ඒ නිසා.. ඊට වඩා.. පරාසයක් අධ්‍යාපනය තුල තියෙන්න ඕනි කියල මට නම් හිතෙන්නේ.. තවත් කෙනෙකුගේ අධ්‍යාපනයකට අකුල් හෙලනාවට වඩා.. මං හිතන්නේ.. ඒ ගොල්ලන්ට ඒ අවස්තාව ලබාදෙන්න උදව් කරන එකයි.. මනුස්සයෝ හැටියට අපි කරන්න ඕනි..
loading...
හතර වටේම මේ ගැන කොමෙන්ටු දදා ගියාට අන්තිම පේලියේ මේ ගැන මොනවත් නොලියන්නයි හිටියේ. කොහෙද මේ බූර ඒකට ඉඩක් දෙන එකක්ය. ඔය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වල ප්‍රමිතිය ගැන බූරා සහ අනිත් උදවිය කිව්වනේ. ඔන්න ඉතිරි ටික හිතට එන පිළිවෙලට අංක දාල කියමු.
1. මුලින්ම කියමු…… මේක ලංකාව. ඔය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය බිස්නස් කාරයෙක් තමන්ට තිබුණු පෞද්ගලික රෝහලත් විකුණලා පටන් ගත්තේ ලාභ ලබා ගන්න. ලංකාවේ සාමාන්‍යයෙන් ලාභයක් බලාපොරොත්තු වෙන්නේ අඩු වියදමක් කරලා ආදායමක් අරගෙන. ඉතිරි ටික ඔයගොල්ලෝ හිතා ගන්න.
2. වෛද්‍ය වෘත්තීය කියන්නේ ෂුවර් ජොබ් එකක්. මේ නිසාම තමයි ගොඩක් අය දොස්තරලා වෙන්න ට්‍රයි කරන්නේ. ඒක නිසා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කියන්නේ අයිති කාරයින්ට ඉල්ලමක්. එත් එයාලට රජයේ වෛද්‍ය විද්‍යාල වලට වගේ හොඳ ආචාර්ය මණ්ඩලයක් නැහැ. ලංකාවේ එහෙම අය හිඟයි. ලාභ ලබන්න පටන් ගත්තට පස්සේ කට්ටිය බිස්නස් ඒක දියුණු කරගන්න අනිත් හැම ලාභ බලාපොරොත්තු වෙන ආයතනයක්ම දක්ෂයින් වැඩි පඩියට ගන්නවා වගේ ලොකු පඩියක් දීල ඔය සීමිත සම්පතෙන් සෑහෙන කොටසක් තමන් සතු කරගනීවි. එතකොට ඔය ලක්ෂ 65 ක් දෙන්න තරම් වත් පොහොසත් කමක් නැති දක්ෂයින්ට මොකද වෙන්නේ? එයාලට කවුද උගන්නන්නේ.
3. මේක මගේ පෞද්ගලික අදහසක්. හුඟක් දෙමව්පියෝ තමන්ගේ දරුවාව දොස්තර කෙනෙක් කරන්න හිතන්නේ ඒක හොඳ රස්සාවක් නිසා. උසස් පෙලට හොඳ ප්‍රතිඵලයක් ගන්න තරම් දක්ෂ ළමයි එයාලගේ ආර්ථික තත්වයේ බලපෑමෙන් පරිබාහිරව වෛද්‍යවරු වෙන්න සමත් වෙනවා. ඒ කියන්නේ හින්ද ඉහල ආර්ථික තත්වයක් නැති ළමයෙකුට උනත් තමන්ගේ දක්ෂ කම උපයෝගී කරගෙන හොඳ රැකියාවක් කරන්න පුළුවන් වෙනවා. තමන්ගේ දරුවා වෙනුවෙන් ලක්ෂ 65 ක් වියදම් කරන්න පුළුවන් දෙමව්පියන්ට එයාලගේ ළමයින්ට වෛද්‍ය වෘත්තීය නැතුවට වෙනත් හොඳ රැකියාවක් සොයා දීමේ හැකියාවක් බොහෝ විට තියෙනවා. එහෙම කෙනෙක් මම මුලින් කියපු විදිහේ ළමයෙකුගේ රැකියාවට තරඟයක් ඇති කරන ඒක අසාධාරණයි වගේ නේද.
4. හෝමාගම රෝහල ගැන මතු කරලා තිබුණු ප්‍රශ්නෙට උත්තරේ නම් මේකයි. වෛද්‍ය වරයෙක් පුහුණු කරන්න නම් ශික්ෂණ රෝහලක තත්වය තියෙන තැනක් වෙන්න ඕනේ. ඒකට අවශ්‍ය පහසුකම් ගැන පොඩි අදහසක්වත් ඔය ගැන අත්දැකීම් නැති කෙනෙකුට නැහැ කියන එක තමයි මගේ මේ කීප දවසට ලැබුණු අත්දැකීම් වලින් කියන්න තියෙන්නේ. කෙටිම උත්තරේ තමයි ඔය වැඩේට අවශ්‍ය පහසුකම් හෝමාගම රෝහලට ලබාදෙන්න තරම් ඉඩ පහසුකම් ලබා ගන්න ගියොත් ඒ අවට තියෙන ගෙවල් 250 කට වැඩි ප්‍රමාණයක් කැඩෙනවා. බිස්නස් කාරයෙකුට හම්බ කරලා දෙන්න 250 කගේ උන්හිටි තැන් නැති කරන්න පුළුවන් ද?
කට්ටිය අනිත් දේවල් ගැන කියපු නිසා මම මේ කිව්වේ වැඩිය කතා නොවෙන දේවල්. තව තියෙනවා. ඒවා කියන්න වෙලාවක් නැහැ. මට නිදිමතයි. හෙට වැඩ.
loading...
අර පත්තරෙයි මේ පත්තරෙයි තියෙන දේවල් කියවලා, අර චැනල් එකෙයි මේ චැනල් එකෙයි කියන දේවල් අහලා අනුන්ගේ අදහස් වලින් ඔලුව පුරවා ගන්නෙ නැතුව ටිකක් විතරවත් ඔලුවෙන් හිතුවොත් අනුන්ගෙ අදහස් කුලියට ගන්නෙ නැතුව, ඇත්තටම මොකද මේ වෙන්න යන්නෙ කියලා තේරෙයි. තුන් පාරක් උසස් පෙලට ලියන්න දීලාත් මෙඩිකල් ෆැකල්ටි යන්න බැරි වෙලා, සල්ලි තියන නිසාම කොහෙන් හරි මොනාවා හරි සිද්ධාන්ත ටිකකින් ඔලුව පුරවාගෙන , අන්තිමට තමන් ඉස්සරහට එන ලෙඩාට තියන ලෙඩේ මොකද්ද කියලා හිතා ගන්න බැරි දොස්තර කෙනෙක් ඉස්සරහට යන්න වෙනකම් ඉන්නෙ නැතුව ටිකක් හිතලා බලන්න.( ඒත් ඉතින් වෛරයක් එක්ක බැලුවොත් නම් ඒක තෙරුම් ගන්න ටිකක් අමාරු වෙයි.)
loading...
තුන් පාරක් විබාගේ ලියලා තුන් වෙනි පාරත් ඒ දෙකයි බී එකයි අරගෙන මෙඩිසින් යන්ඩ බැරි ලමයින්ට මොකෝ වෙන්නේ මෙඩ්ඩියේ..නුවර එලියේ ලමයි සී 3න් මෙඩිසින් යනව..එතකොට සී තුන දාපු කෙනාද ඒ දෙකයි බී එකයි දාපු කෙනාද වැඩියෙන් සුදුසුකම් තියෙන කෙනා? වෛරයෙන් බලන්නේ කවුද කියලා දෙපාරක් හිතන්ඩ වෙනවා වෙලාවකට..
loading...
@ SUDDI : comment in english , because kammali sinhalen kotanna
I dont like the way of some new , medical officers at hospitals , they never care and only have theory knowledge only , but old doctors are excellent these are my experiences.
Once my mother was taken to hospital by me because she had a sudden pain in chest , i was so small (around 11 years ), to govt hospital . I was in scared mode ,
anyhow by bus she was taken to hospital , i thought waste of time is not so good.
AT hospital , OPD there was a doc , i just take her to doc , doc is waiting my mother is in severe pain , doc wait doing nothing he waited about 05 minutes , why ? ? until a Nurse or Attendant come and wrap the pressure meter around her arm , i think doc dont know how to do it ?
another :
my wife at hospital reached delivery of my baby daughter few days left to given date. the young doc at the night shift nothing see inserted his hand , this caused damaging water bag and things become worse .
my wife was on pain , next day evening taken in to labor room , it took around 05 hours to deliver the baby , baby was not in good health and taken to baby room she had pneumonia , because water bag was damaged the water has been entered in to lungs ( this true incident was hidden from me) . some how it was cured , still baby is kept in baby room , due to jaundice ultimate decision was to do remove all blood and replace with some one else . What a tragedy . I was helpless , but further investigation there was 02 mothers having same name as my wife that baby was required to do the blood replacement , my wife has noticed that and informed , if not what will happen , can you tell
there are 1000 s of events some docs do to innocent , i ll put here later on .
my advice : never go to government hospital if you dont have someone you know , you can go in to hospital , may you will not come out .
the A/L education system is completely wrong , the product is not a good one
the docs want just money , there are few who are like gods .
third incident
my baby had an accident , ended with broken leg , admitted to lady ridgway spent 02 days , no any treatment . finally some junior docs made a decision to
put a plate inside the leg to keep the leg aligned , but the senior doc Mr M B N Dasanayaka told what the use of plates , this will be healed normally just use a POP , now she is ok .
loading...
මචෝ උබේ කතාව ඇත්ත තමා…එත් උබ හිතනවද සල්ලි වියදම් කරලා ආපු,තමන් වියදම් කරපු සල්ලි හොයන්න දගලන දොස්තර කෙනෙක්ගෙන් උබට හොද සේවයක් ගන්න පුළුවන් කියල …වැරදි හැමෝගෙන්ම වෙනවා .එත් වැරදි අඩුවෙන්ම වෙන්නේ දොස්තරලගෙන් කියල මම විශවාස කරනවා ..මම දොස්තර කෙනෙක් නෙමේ ,Engineer කෙනෙක්
loading...
මේඩ්ඩි මට බැන්නද ?
loading...
ඉස්පිරිතාලෙට අඳින සුදු පාට කෝට් එක ඇඳගෙන පුස්තකාලෙ පාඩම් කලේ මොන මෙඩිකල් ෆැකල්ටියෙ ලමයි ද? ඒ කෝට් එක ඇඳන් ඩිසෙක්ෂන් ( කාය විච්ඡේදන) කලේ මොන මෙඩිකල් ෆැකල්ටියෙද? SAI** එකේ පෙන්නන්නෙ එහෙමයි වෙලඳ දැන්වීම් වල. ඇයි මේ වගේ පෙන්නන්නෙ? මෙඩිකල් ෆැකල්ටි එකෙන් පිට කෙනෙක් ඒව දැක්කාම හිතෙන්නෙ “මාර ගති” කියලා… ඒත් එතන තියන හාස්‍යය පේනකොට අනේ අපේ රටේ මිනිස්සු කියලා හිතෙනවා
loading...
සොරි වෙන්න ඕනේ මට අහන්න ඕනේ උනේ මෙඩ්ඩි මටද බැන්නේ කියල.
loading...
චීටා………. මම කාටවත් බැන්නෙ නෑ.. මම කිවුවෙ ටිකක් හිතන්න කියලා සමහර අයට. SAI** වල හොඳ සහ රාජ්‍ය විශ්ව විද්‍යාල වලින් බිහි වෙන දොස්තරලාට බනින එක දැන් trend එකක් වෙලා. ඒකයි මම කිවුවෙ. ඔයා අවුරුදු 5ක් ඇතුලෙ ඉඳන් පොල් ගෑවෙ නෑනෙ නේද? ඉතින් මම ඔයාට බනින්නෙ මොනාටද අනේ??
loading...
හිකිස් නොබැන්න බව දන්නවා……. මෙඩ්ඩියේ PMC ගැන ලියන්න හිතනවානම් මගේ කොමෙන්ටුවේ තියෙන පැති ගැනත් මිනිස්සුන්ට පෙන්නනවානම් හොඳයි වගේ කියල මට හිතෙනවා. PMC නිසා දක්ෂ ඒ තරම් මුදල් අතින් පොහොසත් නැති ළමයින්ට කෙළවෙන බව කිව්වට ඒ කොහොමද කියල වැඩිය කතා වෙන්නේ නැහැනේ .
loading...
මේක ඒ ළමයිනුත්, ඒ ළමයින්ගේ දෙමාපියනුත් තේරුම් ගන්න ඕනේ, උදාහරණයක් විදියට උසස් පෙලට bio කරලා SSS අරගෙන, සල්ලි තිබුණු පලියට medical dgree එකක් ගන්න පුළුවන් කියල හිතනවානම් එක ඒ ළමයින්ගෙයි, දෙමපියන්ගෙයි මෝඩකම. එකෙන් කියන්නේ ඒ ළමය අදක්ෂයි කියන එක නෙමෙයි. මේ field එකේ එයට යන්න තියෙන ගමන අමාරුයි කියන එක. ( exceptions තියෙන්නේ පුළුවන්, මම කියන්නේ බහුතරය ගැන). මෙද්දී ගේ කතාව හරි.. දොස්තරලට බනින එක දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා..එක්කෙනෙක් දෙන්නෙක් තමුන්ගේ වුර්තියට නිගා කලාට බහුතරය නෙමෙයි.අනික ඒ තත්ත්වේ වයිද්‍ය වුර්තියට විතරක් අදාළ දේකුත් නෙමෙයි. දොස්තර කෙනෙකුගේ වටිනා කම තේරෙන්න නම්, ඉස්පිරිතාලෙකට ඇවිත් බලන්න. මැරෙන්න යන ලෙඩෙක් බේරගන්න උත්සාහය දැකපු කෙනෙක් ගේ ආකල්ප සෑහෙන්න වෙනස් වෙනවා. එළියේ කරන PP එකෙන් දොස්තරලා මනින්න බැහැ.
loading...
එහෙමත් ඇඩ් එකක් යනවද? ඒවනම් ඇඩ්වටයිසින් කාරයොන්ගෙ අමනකම් වෙන්ඩ ඕනෙ..මොන දොස්තරට උනත් බනිනවට මම විරුද්දයි..මගේ පොයින්ට් එක නම් දක්ශ ලමයෙක්ට පී.එම්.සී එකකින් හරි ඉස්සරහට යන්ඩ ලැබෙනවනම් ඒකෙ වටිනාකමක් නැද්ද කියන එකයි..
loading...
නිදහස් අද්යපනය ගෑන කතාකරන කිසිවෙක් ප්‍රමිතියක් නෑති ජාත්යන්තර පාසල් ගෑන කතා නොකරයි. ඒ ඉන් ඔවුන්ට තරගකාරි බවක් නෑති නිසාය. තරගකාරි බව වෑඩි වන නිසා ප්‍රිවෙට් කෑම්පස් නම් අරහන්ය.
Life is unfair. -John F Kennedy. So get use to it. I’m not a wealthy student who can afford 5-6 millions to get a degree, But I’d rather not envy someone who can afford it. If the quality ain’t good, force them to take actions to fix that.
Rather than envying someone I prefer to find take my chances and find my own way. For all my brothers and sisters who were fortunate enough to go to the government unis: please use your opportunity wisely.
Thanks!
loading...
හොඳ ටොපික් එකක්..මේකෙ හොඳ පැති වගේම නරක පැතිත් තියෙනවා..ඕනම දෙයක් එහෙම තමයි..ඇත්තටම A/L වලට එස් තුනක් ගත්ත ළමය අදක්ෂයි කියල කාටවත් කියන්න බැහැ.මෙඩිසින් කරන්න රෑන්ක් දාගෙන ගියපු අයට වඩා නූලෙන් බේරිලා ඇතුලට ගිය ළමය වැඩ කරන අවස්ථා ඕන තරම් තියෙනවා..ඇරත් අදටත්.A/L නැතුව බංගලිදේසෙට O/L රෙසල්ට් එකෙන් ගිහින් Medicine කරන් එන ඈයොත් ඉන්නවා..ඒ තත්ත්වේ මීටත් භයානකයි..ඒත් මම දැකල නම් නැහැ ඒ වෙනුවෙන් හඬක් නැඟපු කෙනෙක්…ගන්දර අයියා කියන දේට මම එකඟයි..මේ කැම්පස් එකෙන් සෙතක් වෙන්නෙ රටේ මධ්‍යම පාන්තිකයන්ට,ඒ වගේම රටට,රටේ ළමයින්ට… පිටරට යන ළමයින්ට විඳින්න වෙන දුක් ගැහැට ගැන වගේම සමහර ළමයින්ව රටට ගෙන්න ගන්න රජයට සැහෙන් උත්සාහයක් දරන්න වුන අවස්ථාවල් තියෙනවා.මොකද මේ රටෙන්ම Medicine සිහිනය පෙන්නලා එක්කන් ගිහින් ඒ රටවල් වල අත ඇරල දාන කට්ටියත් ඉන්නව.
loading...
කොහොම කිව්වත් මෙඩ්ඩො සහ මෙඩ්ඩියෝ හිත යටින් තරහ තියන කතා කරනව කියල ඕන කෙනෙක් ට පේනවා. ඔයාලට පෙන්නේ ඔකේ වැරදි විතරයි , මොකද වැරද්දක් හොයන්නම බලන් ඉන්න නිසා, හෝමාගම ඉස්පිරිතාලේ දෙන්න බැරි වටේ පිටේ ගෙවල් කැඩෙන නිසා ද
අනේ මන්ද කොහොම මේවා කියනවද කියල. වයිරයෙන් දොස්තරලා දිහා බලනවා නං පුද්ගලික රාජ්‍ය බේදයකින් තොරව 2 ටම විරුද්ද වෙන්න ඕන. මාලබේ 1 ට එකගව නෙවේ මම කතා කරන්නේ. මම කියන්නේ ඕනෑම කෙනෙක්ට සල්ලි දීල ඉගෙනගන්න නිදහස තියෙන්න ඕන කියන 1. ඔය බොලද තර්ක ඔක්කොම මෙහෙ ඕක කරන නිසා. නැත්නං දැන් එස් 3 අරන් රුසියාවේ චීනේ බංගලදේශේ ගිහින් උපාදිය අරන් මෙහෙ ඇවිත් එම බි බි එස් කරන්නේ , ඔයාල යනවද එයාලගේ කැම්පස් වල අඩු පාඩු බලන්න , ඔයාලගේ 1 ම මතය සහ තර්කය මේකයි කරනවා නං උබල මෙහෙන් ගිහින් කරපල්ලා අපිට කමක් නැ හැබැයි මෙ ඒරිය එකේ ඕව බෑ , මෙහෙ ඉන්න ඕන අපි විතරයි තියරි 1 .
loading...
ප්‍රශ්නේ තියෙන්නේ පුද්ගලික විශ්වවිද්‍යාල ඇරීම හොඳද නරකද කියන් එකේ නෙවෙයි. එවුව නියම ප්‍රමිතයට ගෙනයාවිද කියන එකෙයි.. අපේ රටේ පුද්ගලික කියන දේවල් බොහොමයක ගරා ගැනීම හැර වෙන පරමාර්ථයක් නැති නිසා මෙවැනි ආයතන ආරම්භ කිරීමට පෙර නීති රීති පද්ධති සකස් කෙරෙන්න ඕන රටේ පිළිගත් විද්වතුන්ගේ අදහස් අනුව.. තත්ත්ව පාලනේ කියන එක ආණ්ඩුවේ ව්ශ්ව විද්‍යාල වලටත් පොදු විය යුතුයි.. මම නිදහස් අද්යාපනෙන් ආණ්ඩුවේ විශ්ව විද්‍යාලයක මුලික ඉගෙනීමෙන් පසු ශිස්ය්ත්වයකින් විදෙස් විශ්ව විද්‍යාලයක උගත් නිසා අපේ රාජ්‍ය විශ්ව විද්‍යාලවල ඇති විශාල අඩු ලුහුඬුකම් ගැන කියන්න පුළුවන්,.. ඉස්සර උසස් පෙළ කරලා c තුනක් තිබ්බ අයත් වය්ද්‍ය විද්‍යාලෙට ගියා අපේ කාලේ. එහෙම ගිය අය අද විසේශ්ඥ වරු වෙලා හොඳ නමක් අරගෙන ඉන්නවා. ඉතින් ඒ තුනක් ගැනීම විතරක් දක්ෂ කමක් නෙවෙයි..කීප වතාවක් විබාගේ කරලා ඒ තුනක් ගන්න පුළුවන්. පලවෙනි පාර ච තුනක් ගත්ත කෙනාම නේද ඒ ගන්නෙත් ? ඒ නොගත්ත ඔක්කොම වයිද්‍ය වරු වීමට නුසුදුස්සොත් නෙවෙයි.. අපේ රටේ විශ්ව විද්‍යාලවල ඉඩ පහසුකම් අඩු වෙනකොට වසරක් පාසා විභාග වලින් ගතයුතු ලකුණු මට්ටම ඉහල දැමීමෙන් දාස් ගණනක් අතරමන් වෙනවා නේද ? අපි කැමති උනත් අකමැති උනත් ලංකාවේ ලක්ෂ ගණනක් දෙමාපියන් දේපල උගස් කරලා විකුනලා ළමයින් පිටරට විශ්ව විද්‍යාලවලට අරිනවා නේද ? ඒ වැඩේ කරන්නේ පෝසත් මිනිස්සුම කියලා හිතන්න එපා. ඉතින් විදෙස් විශ්ව විද්‍යාල අපේ රටේ ඇති උනොත් මොකද වෙන්නේ ? වෙන්න ඕන රාජ්‍ය විශ්ව විද්‍යාල උසස් මට්ටමට ගෙනෙන එකයි අවස්ථා වැඩි කරන එකයි උනත් ඔය වැඩේ ලෝකේ කොයි රටේද වෙන්නේ ? මුළු ලෝකෙම විශ්ව විද්යාල වැඩි හරියක් පුද්ගලිකයි.. හැබැයි තද නීති යටතේ රජයෙන් පාලනය වෙනවා. අපේ වයිද්‍ය උපාදි ගත් අය පශ්චාත් උපාදි ගන්නේ විදේශ වල පුද්ගලික විශ්ව විද්‍යාල වලින් ! අනේ මන්දා ඇත්ත තිත්තයි.. මට නම් කියන්න තියෙන්නේ ඔය ප්‍රශේනේ දිහා මමත්වයෙන් තොරව බලන්න කියලයි.. ඔයාල ඔක්කොම කියන දේවල ඇත්තක් තියෙනවා. පගාවට පන්දමට අවනීතියට යට උන අපේ රටේ කොහොමද පුද්ගලික හෝ රාජ්‍ය ආයතනයක විශ්වාසනීයත්වය රැකෙන්නේ ? නීති ගරුක අවංක රාජ්‍ය තන්ත්‍රයක් නැති තැන කෝකත් එකයි තමා.
loading...
මේක කියන්නේ meddi ට , ඔය එක්ක කිසිම තරහක් මට නෑ , ඒ ලෙවල් පාස් වෙලා මෙඩිකල් කොලේජ් යන්න සෑහෙන්න මහන්සියක් වෙන්න ඕන. ඔයත් එහෙම කරලා අව කෙනෙක් විදියට මන් ඔයාට ගරු කරනවා. මොකද එක ගොඩක් අමාරු දෙයක් නිසාත් මට බැරි උන දෙයක් නිසාත්. ඒ උත්සාහයට හරියන්න ඔයාලට නිදහසේ ලක්ෂ 60 ක් 70 ක් වටිනා උපාදියක් නිකන් කරන්න ලැබිලත් තියෙනවා. ඒත් හිතන්න එපා ඒ නිසා වෙන කාටවත් ම ඉගෙනගන්න අයිතියක් නෑ අපි විතරයි උගත් කියල
. උසස් පෙළ අකුරු 3 කින් කෙනෙක් ගේ බුද්දිය හෝ දැනුම හෝ අනාගතේ එය කරන්න ඕන රස්සාව මොකක් ද කියන 1 තීරණය කරන්න බෑ. ඔයාලගේ ඔලු සුද්ද කරලා තියෙන්නේ ලක්ෂ 60 දුන්නම උපාදිය ගෙදරට තැපැල් කරන , සල්ලි වලට කරන්න වැඩක් නැති මිනිස්සුන්ගේ ළමයි ඕවට එනවා එක නිසා විරුද්ද වෙන්න කියල. ඒත් ඇත්ත එට වඩා ගොඩක් වෙනස්. වෙලාවට අපි ශ්‍රී ලංකාවේ උනේ , බැරි වෙලාවත් ඇමරිකාව වගේ උනා නං ඔයාල කියයි මෙ ලෝකේ දොස්තරලා වෙන්න හිතන් ඉන්න ව නං කවුරු හරි වහාම උසස් පෙළ කරලා ඒ 3 අරන් ම එන්න ඕන අනිත් කවුරුවත් සුදුසු නෑ කියල දොස්තර වෙන්න.
loading...
කතාව කියෙව්වා.. කොමෙන්ට් ටික කියවන යනකොට මං දාන්න හදපු කොමෙන්ට් එක මතක නැති වෙන හින්ද.. මං අයෙමත් මේ කොමෙන්ට් එක ලියන ගමන් සේරම කියවන්න කියල හිතාගත්ත.. බුරතිනෝගේ කතාවට මං එකඟයි.. තවත් පැත්තකින් එකඟ නැහැ.. මං දන්නේ නැහැ දැනට ඔය තියෙන ප්‍රයිවට් කොලේජ් එකේ තත්ත්වය කොහොමද කියල.. විශේෂයෙන්ම වෛද්‍යවරයෙක් වෙන එක අනෙක් කිසිම දෙකට වඩා වගකීමෙන් සිදුවිය යුතු දෙයක් කියල මාත් හිතනවා.. මොකද.. ප්‍රැක්ටිකල් ක්නොලේජ් එක.. ඒ ගොල්ලන්ට අත්‍යවශ්‍යයි.. ශික්ෂණ රෝහලක කිසිම ට්‍රේනින් එකක් නැතුව ඒ ගොල්ලන්ට ඩිග්රි එක දෙනවා නම් එක ටිකක් භයානකයි.. ඉතින් ඇයි අපිට ඒ ගොල්ලන්ට ඒ අවස්තාව දෙන්න බැරි.. සල්ලි තියෙන කෙනා.. ඒ සදහා කැමතකුත් තියෙනවා නම් අනිවාර්යෙන්ම පිටරටකට ගිහින් හරි.. ඔය කියන වෛද්‍ය උපාධිය අරන් එනවා.. නමුත් ඒ තරමක් වියදම් කරන්න බැරි කෙනා.. උසස්පෙළින් විශ්වවිද්‍යාලයටත් යාගන්න බැරි උනා නම් එතනින් ජීවිතේ නතර කරගන්න ඕනි ද.. අනික් එක.. මේ වගේ දෙයක් අපේ රටේ ඇති කලොත්.. අපෙන් පිටරට උපාධිවලට රටින් පිට යන සල්ලි නතරකරගන්නත්.. සමහර විට.. පිටරටවල් වලින් අපේ රටට මුදල් ලැබෙන්නත් පුළුවනි නේද.. හැබැයි අර කිව්වා වගේ.. තත්ත්වයෙන් ඉහල වෙන්න ඕනි..මේකේ සමහර අය කොමෙන්ට් කරලා තියෙනවා ඔය ප්‍රයිවට් කොලේජ් වලින් ලංකාවේ ඉන්න දුප්පත් ළමයින්ට විශ්වවිද්‍යාලෙ යන්න අවස්තාව නැති වෙනවා කියල.. මට නම් ඒ දෙකේ සම්භන්දයක් පෙන්නේ නැහැ.. එහෙම නම් වෙන්න ඕනි.. ලංකාවේ වෛද්‍යවෘතියට තියෙන ඩිමාන්ඩ් එක අඩුවෙනවා කියන එක.. අනික තමයි.. උසස්පෙළ සමත් වෙලා බොහොම සීමිත කොටසකට විතරයි විශ්වවිද්‍යාලෙ යන්න පුළුවන්.. එතකොට ඉතුරු වෙන සේරම මෝඩයෝ.. හැටියට ඉන්න ඕනි ද.. භාහිර උපාධියක් ගන්නවා කියන එක මං දන්නා විදිහට නම්.. උපාධිය හම්බවෙනකොට.. ඒ මනුස්සයාගේ හොඳ වයස ගිහිල්ල.. ඒ නිසා.. ඊට වඩා.. පරාසයක් අධ්‍යාපනය තුල තියෙන්න ඕනි කියල මට නම් හිතෙන්නේ.. තවත් කෙනෙකුගේ අධ්‍යාපනයකට අකුල් හෙලනාවට වඩා.. මං හිතන්නේ.. ඒ ගොල්ලන්ට ඒ අවස්තාව ලබාදෙන්න උදව් කරන එකයි.. මනුස්සයෝ හැටියට අපි කරන්න ඕනි..
loading...
o:O
loading...
උඩ comments කියවනකොට තව ගොඩක් දේවල් පැහැදිලි වුනා..
@malaa : මෙඩ්ඩි ඊරිසියාවට කියුවයි කියමුකො.. එතකොට ඔයා දුකට නේද කෑගහන්නෙ ??
@ චිම්පා මිනිහෙක්ට කරන්න පුළුවන් වැඩත් තියෙනවා බැරි වැඩත් තියෙනවා. 2,3 පාරක් එකම විභාගේ කරලත් පාස් කරගන්න තරම් මොලයක් නැති එකෙක්ට මිනිස් ජිවිතේක වගකීම දෙන්න පුලුවන්ද? නුවර එලියෙන් අඩු ලකුනු වලින් එනවයි කියමුකො. ඇයි බං උබට තේරෙන්නෙ නැද්ද ඒ පැතිවල ලමයින්ට කොලඹ උන්ට වගේ පාඩම් වැඩ කටයුතුවලට උචිත දේශගුණයක් නැති විත්තිය.
රජයේ විශ්වවිද්‍යාල වල දහසකුත් අඩුපාඩුකම් තියෙද්දිත් මේ හදන්නේ PMC දාලා ලංකාවේ ඉන්න දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ට තියන නිදහස් අධ්‍යාපන හිමිකම මුදලට විකුනන්න .
)
එක තේරුම ගන්න බැරි සම+හරක් ඉදන් මුන්ට තව පන්දම් අල්ලනවනෙ. (ඇත්තම කියුවොත් කාට කාටත් තමන්ට කැම්පස් යාගන්ඩ බැරි උනාම ගිය උන් ගැන පොඩි ඊරිසියාවකුත් ඇති වෙනවා නොවැ නේද
පෞද්ගලික විශ්ව විද්‍යාල දැම්මට කමක් නෑ. මොකද සල්ලි තියෙන එකා ඉගෙන ගනී. ඒකෙන් ඇස්බයා (අමුතුවෙන් කියන්න ඕනි නැහැනෙ කව්ද කියල) වේල පිරිමහ ගනී . ඒත් ඇත්තටම මෙතන වෙලා තියෙන්නෙ මොකද්ද කියන එක තේරුම් ගන්න ඕන. අපි මෙච්චර කෑ ගහන්නෙ ඔය PMC එක නිසා ලොකු අසාධාරණකම් ගොඩක් ලමයින්ට වෙන නිසා. අනික දුක් මහන්සි වෙලා ඉගෙන ගන්න ළමයින්ට තැනක් නැති වෙන එක. ඉගෙන ගත්ත දේට ප්‍රතිලාභයක් ගන්න බැරි වෙන එක.
ලක්ෂ 65 ක් ? pooohhh අපේ රටේ අඩකටත් වඩා ඉන්න දුප්පත් මිනිස්සුන්ට මේ ගාන දරා ගන්න පුලුවන් වෙයි කියල කවදාවත් හිතන්න අමාරුයි. ඔය උඩ කෑගහපු ගොඩක් උන්ට ඕක එච්චර ගේමක් නැතිව ඇති . කෙනෙක්ට උපාධියක් ලබාගැනීමට තියන හැකියාව දෙමව්පියන්ගෙ වත්කම මත තීරණය වෙන එකට තමයි අපි විරුද්ධ. පිටරටවල් වලට ඒක හරිගියාට ලංකාට ඒක හරියන්නෙ නෑ. මොකද ලංකාවෙ බහුතරය දුප්පත්. සමහර විට නොදන්නවත් ඇති පොඩ්ඩක් ඔය ඒක පුද්ගල ආදායම් එහෙම හොයලා බැලුවනම්.
අනික මේ අය කියන්නෙ මේවා දැම්මට පස්සෙ පිටරට ඉගන ගන්න යන ප්‍රමාණය අඩු වෙයි කියලා මොන පිස්සුද පිටරට ඉගන ගන්න යනවා කියන්නෙ දැන් අපේ රටේ fashion එකක් එහෙම නැත්තම් trend එකක් මොන campus දැම්මත් රට යන උන් රට යනවා ඒක වලක්වන්න බෑ ලංකාවෙ ඉන්න 100% ක්ම උපාධි කාරයො වෙන එක අපිට ප්‍රශ්ණයක් නෙමේ.
අපි අහන්නෙ ඇයි රජයට බැරි කීයක් හරි වියදම් කරල රජයෙ කැම්පස් ටිකක් දියුණු කරල ගන්න ළමයි ගණන වැඩි කරන්න. එතකොට ඔය ****ලකුණ දෙක*** අඩු වෙලා campus එන්න බැරි ගොඩක් ළමයින්ට නිදහස් අධ්‍යාපනයට අවස්ථාවක් ලැබෙනවනෙ. රටකට දොස්තරලා ඉන්ජිනේරුවො වගේ අය විතරක් හිටියට මදි. ගුරුවරු, ගොවියෝ, කම්කරුවෝ මේ හැමෝම නියමිත ප්‍රමාණයට ඉන්න ඕනෙ. ඒ නිසා මේ හැම වෘත්තියකටම කස්ටිය බෙදිලා යන්ඩ ඕනි .
වැඩේ වෙලා තියෙන්නෙ අපේ උන්ගෙ තියෙන හීනමානය. කිසිම රැකියාවක් පහත් උසස් කියල වෙන් කරන්න බැහැ..රටක පැවැත්මට ඒ හැම පුද්ගලයාගෙම දායකත්වය වැදගත්
**********
ඔය ලකුනු දෙක තුන අඩුවෙන අයට අසාධාරණයක් වෙනවා කියන කතාව හෙන ගොන් කතාවක්.. ඕනම දේකට කඩුල්ලක් තියෙන්නෙ ඕනා …. සීමාවක් තියෙන්න ඕනා… හරි ඔය කැම්පස් යන්ඩ ලකුනු දෙක තුන අඩු එවුන් set එක කොහොම කොහොම හරි ඇතුලට ගත්තා කියමුකො.. දැන් එතකොට උබල අහයි ඊලගට ඉන්ඩ ලකුනු දෙක තුන අඩු උන් එකට මොකද වෙන්නෙ කියල.
ඕගොල්ලො ඔය කියන විදියට ඉතින් උ/පෙ ලියන හැම කෙනාටම කැම්පස් යන්ඩ ඉඩ දෙන්න ඕනා… ෆේල් වෙන එකාටත් මෙඩිසින් කරන්ඩ දෙන්න ඕනා ඒකනෙ (තේරුන් නැත්තම් පොඩ්ඩල් ආයෙත් හිතල බලන්ඩ) දැන් උබල මට කියයි ඊරිසියාවට කෑගැහුවයි කියල. ඔව් බං .. එහෙම ඊරිසියාවක් ඇති නොවුනොත්නෙ පුදුමෙ.
A……… නාවත් කමක් නැතේ රත්තරං පුතේ
සල්ලි අතේ ඇත්නම් බොට ඩිගිරියක් ඇතේ
මාලඹේට උබව ගිහින්……….. දාන්නම් පුතේ
රටේ එවුන් මලත් අපිට ප්‍රශ්නයක් …… නැතේ
_________ $$$$$$$$$$$$$$$$$$$$$$$
________$$$$___$$$$$$$$$$$$$$$$$$$$$
______$$$$______$$$$$$$$$$$$$$$$$$$$$$
____$$$$$________$$$$$$$$$$$$$$$$$$$$$$$
___$$$$$__________$$$$$$$$$$$$$$$$$$$$$$$
__$$$$$____________$$$$$$$$$$$$$$$$$$$$$$$
_$$$$$$____________$$$$$$$$$$$$$$$$$$$$$$$$
_$$$$$$___________$$$$$$$$$___________$$$$$$
_$$…$$$$$_________$$$_$$$_$$$_________$$$$$$
_$$$$$$$$______$$$$___$___$$$$______$$$$$$$$
_$$$$$$$$$$$$$$$$$___$$$___$$$$$$$$$$$$$$$$$
_$$$_$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$_o$$
_$$$__$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$__$$$
__$$$__$’$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$__o$$$
__’$$o__$$__$$’$$$$$$$$$$$$$$’$$__$$_____o$$
____$$o$____$$__’$$’$$’$$’__$$______$___o$$
_____$$$o$__$____$$___$$___$$_____$$__o$
______’$$$$O$____$$____$$___$$ ____o$$$
_________’$$o$$___$$___$$___$$___o$$$
___________’$$$$o$o$o$o$o$o$o$o$$$$
loading...
බොලා කොහොම කොහොම හරි තම්බ්ස් ඩවුන් ඔබලා මේකෙ රේටින් බැස්සුවා නේ..
loading...
හැලපයෝ..3 පාරක් ඒ ලෙවල් ලියලා, තුන් වෙනි පාර ඒ දෙකයි බී එකයි ගත්තු ලමයෙක්ට උඹ කියන්නේ මොලයක් නැති එකෙක් කියලද? එතකොට පලවෙනි පාරම ඒ තුනක් දාලා කොලඹින් ලියපු හින්දා මෙඩිසින් යන්ඩ බැරි උන එකාට උඹ කියන්නෙ මොලයක් නැති හරකෙක් කියලද? ජීවිතේ බාර දෙන්ඩ වැඩියෙන්ම බය වෙන්ඩ ඕනේ සී 3ක් දාලා මෙඩිසින් ආපු එකෙක්ටද ඒ 3ක් දාලා ආපු එකෙක්ටද කියන එක ගැන තර්ක කරන්ඩ ඕනෙ නෑනේ..
ඔය පාඩම් කරන දේශගුනේ ගැන අදහස තනිකරම බොරුවක්නේ බං..මොන දේශගුනේ තිබ්බත් පාඩම් කරන එකා පාඩම් කරන්නෙ නැද්ද? යුරෝපයේ, ඇමරිකාවෙ අවුරුද්දෙ මාස 6ක් අඩි ගනන් උසට හිම වැටෙද්දි මිනිස්සු ගෙවල් වලට වෙලා හොඳට පෙරවගේන බුදියන් ඉන්නෙ නෑනේ බං දේශගුනේ අප්සෙට් කියලා..
ලෝකේ ඉස්සරහට යද්දි සාම්ප්‍රදායිකව මේව ගැන හිතලා වැඩක් නෑනෙ..සල්ලි තියෙන එකා ඉගෙනගනී..සල්ලි නැති එකා ණය වෙලා හරි ඉගෙනගනී..මොකා මොනව කරල ඉගෙනගත්තත් උං ටික ඔක්කොම රටටනෙ..උඹල හිතන්නෙ උඹලගේ තත්වෙ ගැන විතරයි..රටක් හැටියට හිතන්නෙ නෑනේ..
උඹල අහනව රජයට බැරි ඇයි කියල රජයේ විශ්වවිද්‍යාල දියුනු කරන්ඩ..ඒ කරලා රටේ සල්ලි නැති එක ගැන අනිත් පැත්තෙන් කතා කරනව. පිටරටකින් මෙහාට කැම්පස් ගේන්නෙ නෑනේ ඒක කරන්ඩ සල්ලි තිබ්බනම්. කැම්පස් දියුනු කරලා මේක හදන්ඩ කිව්වට ඒක වෙන්නෙ නෑනෙ..ඒක උඹත් දන්නව අපිත් දන්නව..ආණ්ඩුවෙන් ඕව කරද්දි අපි මැරිච්ච තැන් වල ගසුත් පැල වෙලා තියෙයි..ඒ හින්දා නොකෙරෙන එක නැතුව කෙරුන එක ගැනයි මම කියන්නේ
රටේ දොස්තරලා ඉන්ජිනේරුවො හිටියට මදි කියලා උඹ කියනව. කැම්පස් යන්ඩ බැරි උන මිනිස්සු ටික ගොවියො කම්කරුවො වෙන්ඩ ඕනෙද එතකොට.ඒක හරිම ආත්මාර්තකාමී කතාවක්නෙ බං.උඹට කැම්පස් යන්ඩ බැරි වෙලා හූල්ල හූල්ල ඉද්දි කවුරු හරි උඹට ඕක කිව්වොත් උඹ ඌව මරන්නෙ නැද්ද..මම නං මරනවා..උඹ අද ලොකු තැන ඉන්න නිසා උඹ ඔහොම කියනව..උඹ පොඩි තැන හිටියනම් උඹ කියන්නෙ ඕකෙ අනිත් පැත්ත..උඹට මෙඩිසින් යන්ඩ බැරි උනොත් උඹ පිලිගන්නවද උඹ කම්කරුවෙක් වෙන්ඩ ඕනෙ කියල.නෑනේ..ඒක හීනමානයද එතකොට? තමන්ට කැමති තැනකට යන්ඩ අවස්තාව තියෙන්ඩ ඕනෙ කාට උනත්.
කිසිම රැකියාවක් උසස් පහත් කියල දෙයක් නෑ කියලා උඹ මෙතන කිව්වට උඹ ඉස්පිරිතාලේ ඇටෙන්ඩන්ට් ව උඹේ මට්ටමට දාලා ගනන්ගන්නෙ නෑනෙ බං..ඒකනෙ ඇත්ත කතාව. මෝචරියේ වැඩ කරන මනුස්සයට කටක් ඇරල කොන්ද කෙලින් තියන් තමන් වැඩ කරන්නෙ මෝචරියෙ කියල කියන්ඩ බැරි රටකනෙ අපි ඉන්නෙ.
ඕනෙම දේක කඩුල්ලක් තියෙන්ඩ ඕනෙ..ඒක හරි..නමුත් කඩුල්ල අසාදාරණයි නම්? කඩුල්ල නිසා සුලුතරයක් ගොඩ ගිහින් බහුතරයක් කොට උඩ නම්? එතකොට මොකද්ද කියන්නේ? මම කියන්නෙ ලකුනු දෙක තුනක් අඩු එකා ගැන විතරක් නෙවෙයි. මම කියන්නෙ සුදුසුකම් තිබිලත් මෙඩිසින් යන්ඩ බැරි උන ලමයි ගැන..ඒ ලෙවල් ලියන හැම එකාටම කැම්පස් යන්ඩ බෑ..ඒකනෙ රටේ සිද්ද වෙන ඇත්ත උඹලා කොච්චර කිව්වත්.ඒ හින්දා ඒ 3, ඒ දෙකයි බී 1 දාන උං අතර මග නතර වෙනවා..උංට ඩොස්තර්ලා වෙන්ඩ ඕනෙ කැපෑසිටි එක තියෙන බව උඹලත් දන්නවා. ඉතින් එහෙම උං ඉගෙනගෙන දොස්තරලා උනාම මොකද්ද උඹලට වෙන අසාදාරණේ? ඒකයි මට තියෙන ප්‍රශ්නේ
(මට උඹ එක්ක පවුද්ගලික තරහක් නොමැති බව කරුනාවෙන් සලකපං..උඹ ඩොකෙක් හරි මෙඩ්ඩෙක් හරි නං උඹට මගෙ ප්‍රණාමය..මොකද මම වැඩියෙන්ම කැමති වුර්තිය මේ ලෝකේ තියෙන )
loading...
චිමපා උබත් එක්ක වාද කරන්න මම මෙතන සූදානම් නැහැ මචං
මොකද උබට මොන මොනවා කියුවත් ඒකට හරියන්ඩ reply එකක් තීයෙනවා.. හරියට අර නියුටන්ගෙ තුන්වන නියමය වගේ…
((තරහ ගන්ඩ කාරි නැහැ හොරෙන් වගේ අහන්නෙ උඹත් කරලා මෙහෙ medicine යන්ඩ බැරුව පිටරට ගිහින් medicine කරන කරන කෙනෙක් නේද? අවුලක් නැහැ මචං අපි උඹට හදවතින්ම සුභ පතනවා සියලු කටයුතු සර්වප්‍රකාරව සාර්ථක වෙන්ඩ කියලා.. ))
ඒත් බං අර C 3නේ කතාවට නම් මුකුත් නොකියත් බැහැ. කියුවෙ නැත්තම් කට කහනවා එහෙමත් නැත්තම් හිතට හරි නැහැ වගේ ..
උඹ දන්නවද අම්පාරෙ මඩකලපුවේ වගේ උතුරු නැගෙනහිර පැතිවල දෙමල ලමයි උසස් පෙල කරන විදිය (සියල්ලෝම නොවේ) කෙබරක් කෙලිනවා නෙවෙයි යුද්දෙ තියෙන කාලෙ ඒ පැත්තෙ යන්ඩ තිබ්බා නම් බලාගන්ඩ තිබ්බා… ((ගිහින් උන් එක්ක කතා බහ කරපු එකෙක් විදිහටයි මම මේ කියන්නෙ)). මචං උන්ගෙ පාරම්පරික රැකියාව ගොවිතැන. උන්ට තියෙන්නෙ අපි උබලට වගේ ඉගෙන ගන්ඩ විතරක් නෙවෙයි. ගොවිතැන් කටයුතුත් බලා කියාගන්ඩ ඕනා. සත්තු එහෙම ඇති කරනවා නම් උන්ට කන්ඩ බොන්ඩ ලං කරන්ඩ ඕනා .
උන්ගෙ පවුලෙ එදිනෙදා වියදමට සම්මාදං වෙන්ඩ ඕනා. එහෙම තියාගෙනයි උන් උසස් පෙල කරන්නෙ. උබ කියන්නෙ උන් දාන C 3ට වඩා මෙහෙ කොලබ පව්ඩර් බබාලා ගන්න AAB වටිනවා කියලද ? පොඩ්ඩක් කල්පනා කරලා බලන්ඩ සහෝදරයා .. හදවතින් හිතන්නෙ පුරුදු වෙන්න
ඒ ඒ දිස්ත්‍රික්ක වලට අදාල කඩයිම් ලකුනු හදලා තියෙන්නෙ නිකං කහනවට නෙවෙයිනෙ. හේතුවක් ඇතුවයි. මේ එක කඩයිම් ලකුනු ගැන article එකක් නෙවෙයි PMC කඩ ගැන. වෙලාවක් තියෙනවා නම් ඔය කඩයිම් ලකුනු ගැන article එකක් ලියන්න. අපි එතකොට එතනත් වාද කරමු (හැබැයි සුහදව ) හරිද ?
loading...
හැලපස්..විද්දද මන්දා..හොරෙන් අහන්ඩ ඕනෙ නෑ මචන්.. කියන්ඩ කණගාටුයි කොල්ලෝ.හිත රිද්දගන්ඩ එපා..හැබැයි මම ඒ ලෙවල් කරගන්ඩ බැරුව මෙහේ ආවෙ නෑ..මම ආවේ මට ඇමරිකාවට ග්‍රීන් කාඩ් හම්බුන හින්දයි..මොනව උනත් සුබපැතුමක් අපතෙ යවන්ඩ බැරි හින්ද ඒක බාරගන්නම්..ටැංකුයි..
මම කාටවත් කැත ටෝක් නොදා කොමෙන්ට් කොරද්දී උඹලමනේ බං මගෙ .සීනි බෝල එක්සෑම් ගැන කිව්වේ..මංද සුහද නොවුනේ උඹද?
මේකනෙ සහෝදරයා..මම කියන්නෙ ඩිස්ට්‍රික්ට් බේසිස් එක අයින් කරන්ඩ කියලා නෙවෙයි..මම කිව්වට ඒක වෙනස් කරන්නෙත් නෑනෙ..දැන් ඒක එහෙම වෙලා තියෙන්නෙ..හරිය..නුවරෑලියෙ C තුන දාපු එකා මෙඩිසින් යනව..යාපනේ මඩකලපුවෙ එකත් යනව..ඒක හරිනේ..දැන් උන්ට අසාදාරණයක් වෙලා නෑනේ..ඒක ඉවරයිනේ.
උඹ ඔය කියන “කොලඹ පවුඩර් බබාලාට” මචං නිකං හිටියම මෙඩිසින් යන්ඩ හැම්බෙන්නෙ නෑනෙ නේද..උන් රටේ හැම එකාටම වඩා පු* මූට්ටු වෙනකන් වැඩ කරන්ඩ ඕනෙනේ..එහෙම කරලා 1.89 Z එකක් අරන් එක පොයින්ට් එකෙන් මෙඩිසින් යන්ඩ බැරි උන් ගොඩාආආආආආයි නේ..උංව ආණ්ඩුවේ කැම්පස් වලට ගන්නෙ නෑනේ වරෙන් වරෙන් උඹට සුට්ටයි අඩු කියලා..ඉතින් උංට යන්ඩ පී.එම්.සී එකක් දැම්මම උඹලා කෑගහනවා..ඕක වැහුවොත් එස් තුන දාපු එකාගෙ කෙසේ වෙතත් A දෙක තුන දාපු උංගේ අවසන් සිහිනයත් බොඳ වෙනවා
උඹත් පොඩ්ඩක් ඔය කියන “හදවතින්” හිතපංකෝ…උනුත් ඒ ලෙවල් වෙනුවෙන් පස්ස ඉරාගෙන වැඩ කරපු ,තමන්ගෙ ලමයි මෙඩිසින් යනව බලන්ඩ දාඩිය වගුරපු අම්මල තාත්තලගෙ ලමයිනේ..ඔය A දෙක තුන ගන්ඩ..විශේශෙන්ම 1.8 වලට වැඩි Z එකක් ගන්ඩ උං මැරෙන හැටි උඹ දන්නෙ නැතුව ඇති උඹ සයන්ස් කොරපු නැති එකෙක්නම්..එක පොයින්ට් එකක් හින්දා උන්ට අවස්තාව ගිලිහෙනව..ඒක රටේ කරුමෙ කියමුකො..එහෙව් එකේ උන්ට අවස්තාවක් සල්ලි ගෙවල හරි ලැබෙන එකට අකුල් හෙලන එකයි මට දුක..මොකද මම දන්න අපේ අන්තිම පේලියෙම ඉන්න එකෙක් ඉන්නව මචං පී.එම්.සී එකේ ඉන්න..(මං උගෙ නම කියන්නෙ නෑ මෙතන උඹලා ඊලඟට උට විරුද්දව පෙලපාලි යයි කියලා..ඌ කෝටිපතියෙකුගේ පුතෙකුත් නෙවෙයි..) ඌ කන කට්ට ගැන ඌ මට කිව්වා..උන්ට සල්ලි ගෙව්වා කියලා බන්දේසියක තියලා ඩිග්‍රිය දෙන්නෙ නෑලුනේ බං..බලහංකෝ…
නිව්ටන්ගෙ නියමෙ බොරු කරන්ඩ බැරි හින්දා ඔන්න කෙටුව කොමෙන්ටුවක්
loading...
අනේ මචන්ලා මචින්ලා (මචංගේ ස්ත්‍රී ලිංගය) මටනම් කියන්න තියෙන්නේ මෙච්චරයි. අපේ කස්ටිය වලිය අදින්න ඕනි ලංකාවේ private campus දාන එකට නෙමෙයි. රටේ සල්ලි කොටි ගණන් වියදම් කරගෙන පිටරට ගිහින් ඩිග්රී අරන් ඇවිත් මේ රටේ ජොබ් මාර්කෙට් එකේදී අපිට කෙලින (මොකද private sector එකේදී මුල්තැන අනිවාර්යෙන්ම ලැබෙන්නේ මොකක් හරි පිටරට uni එකකට) system එකටයි. මට තියෙන ප්‍රශ්නේ ඒවාට කටක් අරින්නේ නැති කස්ටිය ඇයි මේවට විතරක් කැගහන්නේ කියලා. මමත් ලංකාවේ නිදහස් අද්‍යපනයෙන් campus ගිය එකෙක් නිසා දන්නවා ඔතන තියෙන්නේ අපේ එවුන්ගේ, “මම විතරයි පොර වෙන්න ඕනි” කියන පටු මානසිකත්වයයි, තියෙන එකාට තියෙන ඉරිසියාවයි විතරයි කියල. ඇත්තටම මාලබේ කැම්පස් එකේ තියෙන්නේ කොලිටි එක ගැන ප්‍රශ්නයක්නම් ඇයි අපේ දොස්තරලා රජයේ හොස්පිටල් වල practical දීල කොලිටි නගන්නේ නැත්තේ. රජයේ හොස්පිටල් වල practical අනේ මචන්ලා මචින්ලා (මචංගේ ස්ත්‍රී ලිංගය) මටනම් කියන්න තියෙන්නේ මෙච්චරයි. අපේ කස්ටිය වලිය අදින්න ඕනි ලංකාවේ private campuas දාන එකට නෙමෙයි. රටේ සල්ලි කොටි ගණන් වියදම් කරගෙන පිටරට ගිහින් ඩිග්රී අරන් ඇවිත් මේ රටේ ජොබ් මාර්කෙට් එකේදී අපිට කෙලින (මොකද private sector එකේදී මුල්තැන අනිවාර්යෙන්ම ලැබෙන්නේ මොකක් හරි පිටරට uni එකකට) system එකටයි. මට තියෙන ප්‍රශ්නේ ඒවාට කටක් අරින්නේ නැති කස්ටිය ඇයි මේවට විතරක් කැගහන්නේ කියලා. මමත් ලංකාවේ නිදහස් අද්‍යපනයෙන් campus ගිය එකෙක් නිසා දන්නවා ඔතන තියෙන්නේ අපේ එවුන්ගේ, “මම විතරයි පොර වෙන්න ඕනි” කියන පටු මානසිකත්වයයි, තියෙන එකාට තියෙන ඉරිසියාවයි විතරයි කියල. ඇත්තටම මාලබේ කැම්පස් එකේ තියෙන්නේ කොලිටි එක ගැන ප්‍රශ්නයක්නම් ඇයි අපේ දොස්තරලා රජයේ හොස්පිටල් වල practical දීල කොලිටි නගන්නේ නැත්තේ. රජයේ හොස්පිටල් වල practical දෙන්න යනකොට strike කරන්න හදන්නේ ඇයි? අනික මේ තරඟකාරීත්වයත් එක්ක කැම්පස් යන්න තරම් ලකුණු ගන්න බැරිවෙච්ච එවුන් දොස්තරලා වෙන්න සුදුසු නැත්නම් දැන් ඉන්න වයස 40 පැනපු එක දොස්තර කෙනෙක්වත් ශුඅර් නැහැ. මොකද ඒ කාලේ තරඟකාරීත්වය අඩු නිසා බොහොම අඩු රිසල්ට් වලින් medical college ගිය ගොඩක් ඔතන ඉන්නවා. අනික අපේ සෞක්‍ය ක්ෂේත්‍රයේ එක කට්ටියකගේ පඩිය ටිකක් වැඩි කරද්දී, digriye කාලය අවුරුද්දකින් වැඩි කරද්දී තමන්ගේ සුපිරි තත්වයට ප්‍රශ්නයක් වෙයි කියල අහිංසක දුප්පත් ලෙඩ්දුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කර කර strike කරන අයගේ මානසිකත්වය හිතාගත්තහැකි. හැබැයි ඔහොම strike කරන කස්ටිය strike කාලේදී fullday private practice , private hospital වල වැඩ කරනවා. ඒ කියන්නේ strike බලපාන්නේ private හොස්පිටල් එකකට යන්න බැරි දුප්පත් මිනිස්සුන්ට විතරයි. කවුරුත් හිතන්න එපා මම medical college යන්න බැරි වෙච්ච ඉරිසියාවට මෙහෙම කියනවා කියලා. මම අ-ලෙවල් කරපු subject එකේ ඉහලම course එක කරන්න මම කැම්පස් ගියා. මගේ සහෝදරියත් මේ රටෙන් බිහිවෙච්ච දොස්තර කෙනෙක්. නමුත් මම කැමති නැත්තේ මේ විරෝදතාවයන් යට තියෙන කුඩුකේඩු කමට.
loading...
මේ අර උඩ @ සුද්දි කියලා දාලා තියන්නේ මට ද? අනේ මම අහවල් එකක් කිව්වටද,,,,:(
loading...
@ SUDDI : 1000 + 1 sorry , suddi meddi pataluna , ane samawenda
loading...
මට දුකයි උබ ගැන මචන්.
උබ වගේ එකෙක් එක්ක නං කොහොමත් කතා කරලා වැඩක් නෑ . උබේ කතාවේ ම තියෙනවා පණ්ඩිත ගතිය , හේ හේ . උබ ආර්ට් ෆැකල්ටි ද : දෙපාරක් දිව දොට්ට
loading...
හැලප සේන ට වැටෙන්න ඕන කොමෙන්ට් එක වැටුනේ යටින් ම .
loading...
අවුලක් නැහැ සහෝ මම දැක්කා.. පොඩ්ඩක් සැරට ලියවුනා තමයි .. ගනන් ගන්න එපා බං මේ අපි අපිනෙ ඉතින්
.

පණඩිත ගතියක් පේනව නම් ඒ පේන්නෙ පොඩ්ඩක් තරහෙන් වගේ ලියපු නිසා.
නෑ නෑ ආර්ට් ෆැකල්ටි එකක නෙවෙයි. මෙඩ්ඩෙකුත් නෙවෙයි.
(මොනා උනත් අර දහ පහලොස් සැරයක් page එක load කරල තම්බ්ස් ඩවුන් දාපු එක නම් කැතයි කොල්ලො )
@බුරතිනෝ : ඉදල ඉදල උබත් ඇදලා ගත්ත මාතෘකාව නම් නියමයි ඈ. දවසක් උනත් කතා කරන්ඩ පුලුවන්
loading...
මන් එහෙම කලේ නැ බන්. කියන්න තියෙන දේ මුනට කියනවා මිස හැංගිලා ඕව ඔබන්නේ නැ මම.
loading...
කට්ටියට පොඩි උපදෙසක්වත් දෙන්නම් මේ කිවුව දේවල් වලින් වැඩක් නැත්නම්…. ඔන්න අපි නම් නිදහස් අධ්‍යාපනේ උපරිමෙන් බුක්ති විඳපු මිනිස්සු ත්‍රීමා, නිෂ්මි ,වෙනුර ලාට පින් සිද්ද වෙන්න . තවත් ඒකෙන් මට නම් ලැබෙන දෙයක් නෑ….. මට ඒකෙන් ගන්න පුලුවන් උපරිම දේ මම ගත්තා,සහ ඒකෙන් කරන්න පුලුවන් සේවයත් මම කරනවා.
ඒත් ඉතින් අනාගතය අවිනිශ්චිතයි.ඒ නිසා කවුරු කවුරුත් කීය කීය හරි එකතු කරන්න පටන් ගත්තොත් හොඳයි දැන්ම ඉඳන්ම. මොකද ඉස්සරහට රජයේ විශ්ව විද්‍යාලයකට ගියොත් උගන්නන්න කෙනෙක් ඉන්න එකක් නැ, මොකද අපේ ආචාර්ය තුමන්ලා වැඩි පඩියට වෙන කොහෙ හරි ගිහින්…
අනිත් එක කවදාවත් රජයේ රෝහල් වලටත් යන්න එපා….මොකද ගියොත් ආපහු එන්න ලැබෙන්නෙ නෑලු..( උපුටා ගැනීමකි)ඒ නිසා සේර්ම දේවල් වලට සල්ලි එකතු කරන්න දැන්මම. අනිත් එක එක එක විදියෙ තැන් වලින් බිහි වෙන දොස්තර මහත්තුරුන්ට ටිකක් අමාරු වෙයි සාමාන්‍ය ක්‍රමයට (signs and symptoms)වලින් ලෙඩ තීරනය කරන්න. ඒ නිසා අපේ පුංචි රටට ගොඩාක් නවීන උප්කරණ අවශ්‍යත් වෙයි. ඒ නිසා ඔන්න ඔහෙ දැන්මම සල්ලි එකතු කරමු.
මගේ කතාව මෙයින් අවසානයි. අසා සිටි ඔබ සැමට ස්තූතියි
loading...
At meddi & halapaya: With all due respect to you I just need you to point out the fact that everyone who can’t make it to the government uin’s are not fools. (Everyone who goes in isn’t intelligent either.)
I personally think that we need to change our attitude. If the private sector is offering more jobs to foreign graduates we need to see why? (and why are local graduates unemployable?) Rather than always blaming it on someone we should try to identify our weaknesses and improve them for the better. (Besides, i think the graduates from local unis are well respected provided that they have the right attitude.)
We as the youth in SL need to take responsibility of our lives and take the country forward than just waiting for someone else to give everything free. Life is unfair but that’s how it is now.
Last decade employers hired for knowledge but now mostly they hire for attitude. (knowledge is important but without the correct attitude it’s nothing much).
Remember that sometme back, we (in common) studied in the same schools, same classes and we cracked jokes together. suddenly you passed out (for which I am happy) and you forget your brothers and sisters. I think it’s high time that we stand up together. Together we could reach higher.
I would put my effort to enusre that my as many as possible get a quality education (be it through a private uni or local uni)
loading...
* it should be “i need to point out” in the first line of the above comment.
Sorry guys, I prefer to use sinhala in this blog, but it’s very time consuming for me to do it in singlish unicode.
If anyone knows an easier way pls do let me know.
Thanks
loading...
ළමයිනේ මේ මාතෘකාව දිගේ ගිහින් හිත නොහොඳකම් ඇතිකරගන්නවා එහෙම නෙවෙයි.. අපේ රටේ ප්‍රශ්න හදන්නේ බුරු පොලිටික්කෝ.. ඔක්කොම එකයි.. අපි එක එකාව කොටවලා උන් වැජඹෙනවා. පාලනය යහ පාලනයක් උන දාට පුද්ගලික උනත් රාජ්‍ය උනත් ප්‍රශ්නයක් නැති වෙයි., එහෙම වෙන්න කියල පතමු. අපි දෙපැත්තක ඉඳන් අනිත් පැත්ත නොබලා වාද කරන එකේ තේරුමක් නැහැ. ඕකත් හරියට අපේ රටේ ප්‍රදාන ජාතීන් දෙක කාකොටා ගන්නවා වගෙයි. ප්‍රශ්නේ තියෙන්නේ සම අවස්ථා නොලැබීමෙයි. එක විසඳා ගන්නවා වෙනුවට එක එකා කාකොටා ගන්නවා ශතවර්ෂ ගණනක්.
loading...
ඇනෝ ළමයෝ හෝමාගම නම් ප්‍රශ්නයක් තියෙනවා. වෛද්‍ය පුහුණුවක් දෙන්න නම් ඒක ශික්ෂණ රෝහලක තත්වෙට ගෙන්න වෙනවා. ඒ තරමට පහසුකම් දෙන්න රෝහලට තව ඔය වගේ දෙතුන් ගුණයක ඉඩක් අවශ්‍ය වෙනවා. ඒ තරම් ඉඩක් ඒ අවටින් ලබා ගන්න බැහැ. අනිත් එක රෝහලක් තිබුනත් කවුද එයාලට පුහුණු කරන්නේ. ලංකාවේ වෛද්‍යවරයෙක් පුහුණු කරන්න තරම් සුදුසුකම් තියෙන විශේෂඥ වෛද්‍යවරු ඉන්නේ ටිකයි. ඒ ඔක්කොම වගේ ඉන්නේ දැනට තියෙන ශික්ෂණ රෝහල් වල. දැනට රජරට වෛද්‍ය විද්‍යාලේ ගැටලුවටත් එක හේතුවක් තමයි ලංකාවේ අවශ්‍ය තරමට ඔය මානව සම්පත නැති එක. අනිත් එක කොහොම හරි කරලා පිට රටකින් හරි ඒ වගේ අය ඔය මාලබේ PMC එකට ගෙන්න ගත්තත් වෙනත් විශේෂඥ වෛද්‍යවරයක් යටතේ පාලනය වෙන වාට්ටුවක වගකීම සම්පූර්ණයෙන්ම ආගන්තුකයකුට බාර දෙන්න බැහැ. වාට්ටුවක වෛද්‍යවරුන් වගේ දෙතුන් ගුණයක් වෙනත් සේවකයෝ ඉන්නවා. ඒ නිසා ඔය වගේ දෙයක් කලොත් විශාල පරිපාලන ගැටළු ඇති වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනම අමාත්‍යාංශයක්. එක ඇතුලේ කටයුතු වලට ඇඟිලිගහන්න පුළුවන්කමක් පෞද්ගලික ආයතනයකට නැහැ. ඒක ආයතන සංග්‍රහයටත් විරුද්ධයි.
මගේ අදහස නම් පෞද්ගලික ආයතනයකින් ඔය වැඩේ නොකර රජයේ වෛද්‍ය විද්‍යාල වලටම මොනවා හරි තර්කානුකූල සුදුසුකම් මට්ටමක් ඇතුව මුදල් ගෙවා ඉගෙනගන්න සිසුනුත් යම් ප්‍රමාණයක් ඇතුලත් කරගන්න එක තමයි මේකට විසඳුම. ලංකාව ඇතුලේ එකපාරටම ඔයවගේ දෙයක් පටන් නොගෙන ඒ විදිහට පටන් ගත්තනම් ඔය එන පරිපාලන ගැටළු සහ විරෝධතා ගොඩක් අඩු වේවි. උසස්පෙළ ප්‍රතිඵල නිසා විශ්ව විද්‍යාල වලට ඇතුල් වෙන්න බැරි උණු දක්ෂ ළමයින්ටත් සාධාරණයක් වේවි. ඒ අතරේම මුදල් අඩු පාඩුකම් නිසා රජයේ වෛද්‍ය විද්‍යාල වලට තියෙන ප්‍රශ්නත් යම් තරමකට හරි අඩු වේවි. ඔය වගේ ප්‍රායෝගික දේකට වඩා මාලබේ PMC එකට අදාළ පුද්ගලයෝ කැමති ඒක සල්ලි ඉල්ලමක් නිසා මිසක් ළමයින් ගැන හිතන නිසා නෙවෙයි. රජරට වෛද්‍ය පීඨයේ අඩුපාඩු හදාගන්න මුදල් වෙන් නොකර උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඔය PMC එකට කෝටි ගානක මුදල් ආධාර දුන්නේ මොකද කියල කාටවත් හිතුනේ නැද්ද? ඇත්තටම ඒ මුදල් දීල තියෙන්නේ බිස්නස් එකක් පටන් ගන්නනේ. ඔය PMC ප්‍රශ්නේ කට්ටිය විසඳන්න හදන්නේ හරි විදිහටත් නෙවෙයි නේ. වෛද්‍ය කවුන්සිලයේ ලේඛකාධිකාර තුමාට පහර දීල වෛද්‍යවරුන්ට සහ වෛද්‍ය සිසුන්ට මරණ තර්ජන කරලනේ. දැනට ඇතුලේ ඉන්න කට්ටියට මම උඩින් කියපු විසඳුම දීල දිගටම ඒ වැඩේ කරගෙන ගියා නම් රජයට ආදායමකුත් ලැබෙනවා. ඒක නොකර පාතාල විසඳුම් දෙන්න යන්නේ මේක කුඩු බිස්නස් එකක තත්වෙට අදාල දමන්න කියලයි මට හිතෙන්නේ.
loading...
ප්‍රමිතිය ඇති කරන්න හෝමාගම රෝහලේ සායනික පුහුනුව ලබන්න ඒ ළමයින්ට දුන්නනම් ඉවරයිනේ, ඇයි දන්නෑ වෛද්‍ය සභාව ඒකට විරුද්ධ ? විරෝධතාවය පෙන්නන්න ඉතුරුවෙලා තියේන අන්තිම හේතුවත් නැති වේ කියල බයේ වෙන්නැතිනේ
loading...
මලා මම ඇනෝට දාන්න හදපු රිප්ලයි ඒක ජය්යට දැම්මනේ. ජය්යට කියන්න හදපු දේ මෙතන කියන්නම්. ජය්යත් එක්ක මාත් එකඟයි. අන්තිම පේලියට මම අලුත් එකෙක්. මට මේකට හිත ගියෙත් මේකේ හැමෝම බැඳිලා ඉන්න සහෝදර බැම්ම දැකල. මේ PMC එකක් නිසා එක කැඩෙන්න දෙන්න එපා. ඔන්න මාත් ඒක නිසා මෙතනින් සද්දේ වැහුව.
loading...
Well said බුරා.කියන්න ඕනා ටික
ලෙසටම කියලා තියනවා. මමත් මෙඩ්ඩෙක් තමයි.සමහර එවුන් අපිට කියනවා මාලඹේ එකට විරුද්ද අපිට තියන ඊරිසියාවටලු. අනේ
අපිට එහෙම ඕන කමක් නැහැ.ඒත් එකක් තේරුම් ගන්න ඕනා ඔය කෙහෙම්මලෙන් ලැබෙන වෛද්‍ය උපාදිය කියන එකෙන් නියමිත
විදිහට ලමයෙක්ව පුරුදු කරනවද කියලා වෛද්‍යවරයෙක් වෙන්න.බුරා කිව්ව වගේ උදේ 7 වෙද්දි ඇදගෙන වෝඩ් එකේ 12.00
වෙනකන් හිටන් ඉදලා ආයේ 1.15-5.15 වෙනකන් ලෙක්චර්ස් වල, ටියුට් වල, ප්‍රැක්ටිකල් වල චාටර් වෙලා හෙම්බත් වෙලා
ගිහින් ඇහැට වදදිදී නිදි මරාගෙන අපා දුකක් විදින්නේ.පිටින් බලන අයට පේන්නේ සුර විමානයක් කියලා මෙඩිසින් කියන්නේ.ඒත්
කට්ට දන්නේ ඇතුලේ ඉදන් ඉගෙන ගන්න උන් තමයි.Casualty දාට රෑ 12.00 වෙනකන් වෝඩ් එකෙත් තැපලා
පහුවෙනිදා 6.30 ට විතර Post Casualty දුවන්නේ බුදුවෙන්න නෙමෙයි.මේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ ආදායම්
බදුවලින් අපි ඉගෙනගන්න නිසා ඒකෙ නම්බුව තියන්නයි.|කොහොමත් ලංකාවේ වෙද කඩ දමාවි.ඒක අපිට නවත්තන්න බැහැ.ඒත්
අපි… ඒ කියන්නේ O/L ඉවර උන ගමන් ඉදන් අවුරුදු දෙකහමාරක් කටු කාගෙන නිඩි මරාගෙන අවුරුද්දකට තේරෙන 1250
ඇතුලට යන්න සුදුසු කම් ලබපු අපේ මහන්සිය හැල්ලුවට ලක්වේවි.ඒත් මටක තියාගනිල්ලා නියමිත ප්‍රමිතියක් නැතුව දෙන ඔය
කඩවලින් එන ඩොකාලා P.P එකක් කලත් දවසක ඔය එකෙකුගේ අතින් හරි මිනිහෙක් මැරුනු දාකට මේ රටේ මිනිස්සුත්
පුරුදුවේවි ඩිග්‍රී බල බල ඩොකාලා ලගට බේත් ගන්න එන්න. මම මේ කහිනවෛ කියල කියන්න අය ඉදිවි.ඒත් මතක තියාගනිල්ලා
මම අද මෙතන ඉන්නේ ජිවිතේ අමර දුකක් විඳලා.අපේ Uni එකේ අපිට කිසිම අඩුවක් නැහැ.clinical වලට යන්නේ
ලන්කාවේ හොඳම ඉස්පිරිතාල වලට (NHSL,LRH,D-Zoysa etc.) අපිත් මේ කැගහන්නේ ලෙකාලා නැතුව රජරට
උන් වේලේද්දි මේ වෙද කඩ දාගෙන ඩෙගා නටන එක හොඳද… කඩවලට ගිහින් කමති උන් ඩිග්‍රි ගනිවි ඒත් SHO (Senior
House Officer) වලින් එහාට රෙජෙක්, සිනියර් රෙජෙක් , කොන්සෙක් දක්වා ඔය එකෙකුට හරි යන්න පුලුවන් උනොත්
එදාට ගියොත් කියහල්ලකෝ. අනික ලෙඩ්ඩු මැරෙන කොට හරියට Clinical දන්නේ නැතුව මේ රටේ මහ උන්ටත්
තේරේවි… PMC වලට මාත් විරුද්ද නැහැ.පුලුවන්නම් PMC එකක් දාපියව් නියමිත Standard එකෙන්. කොහොම උනත්
නෝනිස්ට ගහලා,පාදෙනියගේ ෆයිල් උස්සලා SLMC එකෙන් ඔය මගුලට අනුමැතිය ගන්න දැගලුවට වැඩිකල් යන්න කලින් අපි
ඕක වහනවමයි… වහනවමයි…. වහනවමයි……………….
loading...
තවත් දෙයක් තමයි.. පවුද්ගලික විශ්ව විද්‍යාල ආරම්භකරනවා නම් රජයේ විශ්වවිද්‍යාල කඩා නොවැටී ආරක්ෂා කිරීමටත් රජය වග කිව යුතු වෙනවා. අද වෙනකොට රජ රට වෛද්‍ය පීඨයේ ආචාර්ය හා සම්පත් හිඟය නිසා අවසාන වසරේ සායනික කටයුතු කිරීමට නොහැකි වෙලා තියෙනවා. එතකොට ඒ අවුරුද්දේ batch එකක් out වෙන්න බැරි නිසා එක අනික් faculties වලටත් බලපානවා. මොකද සාමාන්‍යයෙන් එක අවුරුද්දකදී medical faculties ඵචුල්ටිඑස් ඔක්කොටොම ඇතුළු කරගත්තු batches ඔක්කොම out කරන්නේ එකට නිසා. දේශපාලකයන්ගේ ජනප්‍රිය තීරණ නිසා අහිංසක ළමයි අමාරුවේ වැටුණු එක අවස්තාවක් එක. රජ රට පටන් ගනිද්දී ඔක්කොම කිව්වා දැන් හොඳයි ළමයි වැඩි ගානක් ඇතුළු කරගන්න පුළුවන් කියල. එත් අද ඒ ළමයි විනිදින අපා දුක දැක්කම සසර කල කිරෙනවා. උන් වෙන course එකකට ගියානම් දැන් out වෙලා , හොඳ තැනකට ගිහිල්ල, කසාද, ළමයි, ගෙවල් දොරවල් ඔක්කොම හදාගෙන. තවත් එකක් තමයි PMC පටන් ගත්තොත්, පවතින සීමිත අචාර්ය වරු ප්‍රමාණය නිසා , හුඟක් අය වඩා වැඩි වේතනයක් සඳහා පවුද්ගලික විශ්වවිද්‍යාල වලට යාමේ ප්‍රවනතාවයක් තියෙනවා. එහෙම උනොත් රාජ්‍ය විශ්ව විද්‍යාල කඩා වැටීමේ ලොකු අනතුරක් තියෙනවා. එක නිසා මේ ප්‍රශ්නය ජනප්‍රිය තීරණ මත නැතුව බුද්ධිමත් විදියට විසඳනවා නම් අපි කැමතියි. එත් ජය්ය කිව්වා වගේ ඒ වගේ දෙයක් අපිට බලා පොරොත්තු වෙන්න පුලුවන්ද.
loading...
අනික් එක තමයි ළමයි ….තමන්ගේ අදහස් ඉදිරි පත් කරනකොට ටිකක් සංයමයෙන් ඉදිරිපත් කොරනවනම් තමයි හොඳ. සුහද අදහස් හුවමාරුවක් තමයි විය යුත්තේ. මොකද අපි මෙතන කෑගැහුවට රජය ගන්න තීරණ තීන්දු වෙනස් වෙන්නේ නෑනේ. මෙතන එක එකා කෙල ගන්න ලෑස්ති උනොත් පොස්ට් එක දාපු එකේ කිසිම තේරුමක් නැති වෙනවා… කාට හරි මල පැනගෙන එනවානම් අන්න සිරා කතා ටිකක් තියෙනවා ගිහින් ඒවා බලාපිය
.. හොඳයි ලේ සුද්ද වෙන්නත් එක්ක.
loading...
නැහැ බුරා ඔබ තුමාගේ කතාවෙන් පැහැදිලියි ඔබතුමා එක්කෝ වෛද්‍ය වරයෙක් වග.මෙච්චර කල් කොළඹ එකේ තිබ්බ හොර යුනියන් එක පන්නලා දාලා දැන් නියම ශිෂ්‍යය නියෝජනයක් යනවා… අපි ඔය මාලඹේ එක වහන්න ගොඩක් දේවල් කලා… ඉදිරියටත් ගොඩාක් දේවල් කරනවා.අපිට ලැබෙන්න තියන සම්පත් ඔක්කොමත් ලැබිලා තියෙද්දි, බෙස්ට් ඔෆ් බෙස්ට් සෙට් එකෙත් අපි ඉඳිද්දිත් අපි PMC එකට විරුද්දව කෑගහන්නේ ඒකෙ කිසිම ප්‍රමිතියක් නැති නිසයි.නැත්නම් ඔකෙන් එන ඩොකාලත් එක්ක හැප්පෙන්න අපි බය නැහැ… තියෙන දුක රජ රට එවුන්ගෙ ප්‍රොෆ් යුනිට් එකක් හරියට නැතුව උන් වේලෙද්දි මාලඹේ එකක් දාගෙන නටන නාඩගම.උන් හිතන්නේ අපි ඊරිසියාවට කියලයි.. ඔබ තුමා දන්නවනම් අපේ එකේ ඉන්න ගොඩක් උන් පට්ට දතවල්,කොන්සලගේ ලමයි… ඒ කොළඹ එක නිසා වෙන්න ඇති ඒත් ඔය මාලඹේ අය හිතන්නේ අපි හිගන්නඟේ ලමයි උන්ගේ සල්ලි වලට හූල්ලනවා කියලයි….. කැම්පස් වල ආචාර්‍යා වරුන්ගේ තිබ්බ උඩ්ගෝශනයේදි ආණ්ඩුව ඔලුව නැමුවා වගේ වැඩිකල් යන්න කලින් මෙකටත් ඔලුව නමලා ඕක වහන්න වෙනවා මොකද දැනට ලන්කාවේ ඉන්න වෛද්‍යය වරුන්ගෙන් 90% ක් ම ඉන්නේ මාලඹේ තියා කිසිම PMC එකක් එපා කියන මතයෙයි. අපි බලමු ඉස්සරහට සහෝ…. අන්තිමට කියන්නේ එකක් බුරා “අපි යන්නේ කොයි පාරේ අපේ විශ්මි බාලේ ගිය පාරේ” ” පාර දිගේ ලේ හැලුනත් අපේ ගමන අපි යනවාමයි”
loading...
බොලාට විරුද්දව පෙල පාලි ගිහින් නාස්ති කරන්න තරම් වෙලාවක් අපිට නැහැ මචංලා… මොකෑ ක්ලිනිකල් හරියට ගොඩ දාගේන මෙරිට් ලිස්ට් එකෙන් හොද තැනක් ගන්න එපැයෑ.. බට් ලංකාවේ මිනිස්සු තවමත් ගරුකරන එකම රස්සාව ඔය වෛද්‍ය වෘතිය කියන එක කියලා අමතක කරන්න එපා… නවත්තනවා කිව්වේ මාලඹේ එක.මම මෙතන කාවවත් පහතට දාන්න උත්සහ කරන්නේ නැහැ.ඕනම එකෙකුට උත්සහය, කැපවීම තියනවනම් තමන්ට ඕනෑ තැනට යන්න පුලුවන්. මතක තියාගනින් ලංකාවේ දිගම කෝස් එක තමයි මෙඩිසින්.අවුරුඩු 5 & 1/2 කැම්පස් එකේ තැපලා, තව අවුරුද්දක් ගෙදරත් ඉඳලා, තව අවුරුද්දක් H.O. විදිහට පය 24 ම ඔන් කෝල් ඉඳලා මුලු අවුරුද්දම තමයි පත්වීම් ලැබේන්නේ.ඒ උන්ව අත හරින්නේ මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න නෙමේයි. කොහොමත් බුරා කියලා තියනවා වගේ මමත් යන්නේ ලංගම බස්වල තමයි බොහෝ වෙලාවට.ඒ උන්ගේ මනුස්ස කමක් තියන නිසා… නියමිට විඩිහක් නැතිව දාපු මාලඹේ ඔය කඩය නිසා එලියට එන ඈයෝ ඉස්සරහට කරන දේවල් අපිටත් පෙනේවිනේ හුස්ම වැටුනොත් අපිටත්.බලන් ඉදිමු. ඉස්සරහට මිනිස්සුත් පුරුදු වේවි… මූට තියෙන්නේ මොන ඩිග්‍රියක්ද කියලා බල බල බෙහෙත් ගන්න යන්න… ඔය වගේ සිද්දි නිසා තමයි මචන් ඉන්දියාවේත් එවුන්ගේ ඔය එම්.බි.බි.එස්. ඩිග්‍රී තියන උන් ඇත්තටම ස්ටේශන් වල, එයාර් පොර්ට් වල මුට්ට කරගහන්නේ,ටැක්සි එලවන්නේ….. අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි බුදු හාමුදුරුවන්ට වෙදකම් කරපු ජීවකයන් කියන්නේ ගණීකාවකට ඉපදිලා කුනු ගොඩක විසිකරලා ගිහින් සිටු වරයෙකු අරන් හදාගත්තු කොල්ලෙක්…. එහෙව් උත්තමයෙක් වෙන්න ජීවකයන්ට තිබ්බේ පින… ඒ වගේ තමයි වෛද්‍ය වරයෙක් වෙන්න බල්ලන්ට කන්න සල්ලි තිබ්බට වැඩක් නැහැ… ඒ වෘත්තියට මේ විශ්වයෙන් උරුම ලැබීමක් නැත්නම්…………….
loading...
අපොය් කව්ද බෝයි මම තාම ඩොකෙක් නෙමෙයි… අනික මම මෙතන කෑ ගැහුවට වැඩක් නෑ කිව්වේ., අන්තිම පේලියේ කෑගහල වැඩක් නෑ කියලයි…අන්තිම පේලියේ මේ පොස්ට් එක දැම්මේ අපේ කට්ටියගේ අදහස් දැනගන්න පමණයි. අනික කව්ද බෝයි .. ඔය අරගල කිරීමේදී බොහොම ප්‍රවේසම් වෙන්න ඕනේ. මොකද මේ වගේ අවස්ථා වලින්, තරුණ ජවයෙන්, පටු දේශ පාලන වාසි ලබාගන්න බලාගන්න ඉන්න දේශපාලන පක්ෂත් තියෙනවා. උන් අන්තිමට මේ සටන ලස්සනට උන්ගේ අතට අරගෙන කෙලවලා දාන්න පුළුවන්. එක නිසා කරන දෙයක් ඔලුව කල්පනා කරලා කරන්න ඕනේ.
loading...
ආහ් ඒ කියන්නේ මෙඩ්ඩේක් ප්‍රොෆ් කරන එකෙක් වෙන්නනම් බැහැ මොකද ප්‍රොෆ් කරද්දි අමර වැඩනේ… හේ හේ මගේ කමේන්ට් එක ඩවුන් රටින් කරපු අය ඉන්නවා. කමක් නැහැ.ඔතනට එන්න විදපු දුක මම වගේම ඔබ තුමාටත් තේරෙනවනේ.. අනික ක්ලිනිකල් එක්ක ලේක්චර්ස් ගිහින් පචත් වෙලා බ්ලොම් ෆොන්ටෙයින් එකේ චමරි වල මෙලෝ රහක් නැති කෑමත් කකා දවසට පැය 4ක්-5ක් නිදියන් අපි කන කට්ට මෙඩ්ඩෙක් වෙච්ච ඔබ තුමාටත් තේරෙනවා ඇතිනේ.. මමත් පි.එම්.සී. වලට විරුද්ද නැහැ.ඒත් ඒ දෙන එක එස් තුනක් අර ගත්තු කෙනෙක්ට දෙනවට වඩා බී 3නක් ගන්න බැරුව ඉන්න කෙනෙකුත් සහනයක් එක්ක දෙනවනම් නෙද වටින්නේ නියමිත කොලිටි එකකුත් එක්ක… එනිවේ ඔබට ජය වේවා…..
loading...
එසේම වේවා කවුද බෝයි
loading...
අන්න ඒක තමයි මම කියන පොයින්ට් එක. ප්‍රමිතියකින් වැඩේ කෙරෙනවද කියන එකයි ප්‍රශ්නේ..මොකද එකපාරක් එස් තුන දාපු එකෙක් විදිහට කතා කරල සල්ලි ගෙව්වොත් මාව ගන්නවද ඇහුවම ගන්නවා කිව්වලු මම දන්න කෙනෙක්ට. නමුත් පස්සෙ ඒක වලක්වන නීතියක් ආව කියලත් අහන්ඩ හම්බුනා මට. මගේ අදහස නම් මෙච්චරයි. ඕකට ගන්ඩ ඕනේ. ඒ ලෙවල් හොඳට පාස් වෙලා මෙඩිසින් යන්ඩ බැරි උන ලමයින්ව.ඒ ලමයින්ට ණයක් දීලා ඉගෙනගන්න දෙන්න ඕනේ..එහෙම ණය දෙන වැඩසටහනකුත් තියෙනව කියල මම දන්නව මොකද මම ඒක ගැන හොයල බලල තියෙන නිසා. ඒකෙන් හොඳ උන් 10ක් 15ක් හරි එලියට එයි..ඒ හින්දා අපි ඕක වහනව වහනවමයි කියන ආත්මාරිතකාමී මතේ ඉන්න එක නම් හොඳ දෙයක් නෙවෙයි කවුද බෝයියෝ..ඕක වහන්ඩ උද්ගෝශන නොකර ඕකේ තත්වෙ පාලනේ කරන්ඩ උද්ගෝශන යන්ඩ බැරි ඇයි කියන එක තමයි ප්‍රශ්නේ..එතන පොඩි ආත්මාර්තකාමී ගතියක් පේනවනේ? මොකද සල්ලි ගෙවල ඉගෙනගන්න ලමයින්ටත් සල්ලි දුන්නම ඩිග්‍රිය දෙන්නෙ නෑනේ..උනුත් කට්ටක් කාලයි විබාග පාස් වෙන්නේ..මාත් ඔය සබ්ජෙක්ට් එකම තමා කොරන්නේ..හැබැඉ මාලඹේ පී.එම්.සී එකේ නෙවෙයි ඕන්..(මට විරුද්දවත් පෙලපාලි යඉද දන්නෙ නෑනේ..ඊකයි කිව්වේ
)
loading...
වැරදීමකින් උඩ එකකට කමෙන්ට් එක වැටුනේ…බොලාට විරුද්දව පෙල පාලි ගිහින් නාස්ති කරන්න තරම් වෙලාවක් අපිට නැහැ මචංලා… මොකෑ ක්ලිනිකල් හරියට ගොඩ දාගේන මෙරිට් ලිස්ට් එකෙන් හොද තැනක් ගන්න එපැයෑ.. බට් ලංකාවේ මිනිස්සු තවමත් ගරුකරන එකම රස්සාව ඔය වෛද්‍ය වෘතිය කියන එක කියලා අමතක කරන්න එපා… නවත්තනවා කිව්වේ මාලඹේ එක.මම මෙතන කාවවත් පහතට දාන්න උත්සහ කරන්නේ නැහැ.ඕනම එකෙකුට උත්සහය, කැපවීම තියනවනම් තමන්ට ඕනෑ තැනට යන්න පුලුවන්. මතක තියාගනින් ලංකාවේ දිගම කෝස් එක තමයි මෙඩිසින්.අවුරුඩු 5 & 1/2 කැම්පස් එකේ තැපලා, තව අවුරුද්දක් ගෙදරත් ඉඳලා, තව අවුරුද්දක් H.O. විදිහට පය 24 ම ඔන් කෝල් ඉඳලා මුලු අවුරුද්දම තමයි පත්වීම් ලැබේන්නේ.ඒ උන්ව අත හරින්නේ මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න නෙමේයි. කොහොමත් බුරා කියලා තියනවා වගේ මමත් යන්නේ ලංගම බස්වල තමයි බොහෝ වෙලාවට.ඒ උන්ගේ මනුස්ස කමක් තියන නිසා… නියමිට විඩිහක් නැතිව දාපු මාලඹේ ඔය කඩය නිසා එලියට එන ඈයෝ ඉස්සරහට කරන දේවල් අපිටත් පෙනේවිනේ හුස්ම වැටුනොත් අපිටත්.බලන් ඉදිමු. ඉස්සරහට මිනිස්සුත් පුරුදු වේවි… මූට තියෙන්නේ මොන ඩිග්‍රියක්ද කියලා බල බල බෙහෙත් ගන්න යන්න… ඔය වගේ සිද්දි නිසා තමයි මචන් ඉන්දියාවේත් එවුන්ගේ ඔය එම්.බි.බි.එස්. ඩිග්‍රී තියන උන් ඇත්තටම ස්ටේශන් වල, එයාර් පොර්ට් වල මුට්ට කරගහන්නේ,ටැක්සි එලවන්නේ….. අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි බුදු හාමුදුරුවන්ට වෙදකම් කරපු ජීවකයන් කියන්නේ ගණීකාවකට ඉපදිලා කුනු ගොඩක විසිකරලා ගිහින් සිටු වරයෙකු අරන් හදාගත්තු කොල්ලෙක්…. එහෙව් උත්තමයෙක් වෙන්න ජීවකයන්ට තිබ්බේ පින… ඒ වගේ තමයි වෛද්‍ය වරයෙක් වෙන්න බල්ලන්ට කන්න සල්ලි තිබ්බට වැඩක් නැහැ… ඒ වෘත්තියට මේ විශ්වයෙන් උරුම ලැබීමක් නැත්නම්…………….
loading...
වැරදීමකින් උඩ එකකට කමෙන්ට් එක වැටුනේ…බොලාට විරුද්දව පෙල පාලි ගිහින් නාස්ති කරන්න තරම් වෙලාවක් අපිට නැහැ මචංලා… මොකෑ ක්ලිනිකල් හරියට ගොඩ දාගේන මෙරිට් ලිස්ට් එකෙන් හොද තැනක් ගන්න එපැයෑ.. බට් ලංකාවේ මිනිස්සු තවමත් ගරුකරන එකම රස්සාව ඔය වෛද්‍ය වෘතිය කියන එක කියලා අමතක කරන්න එපා… නවත්තනවා කිව්වේ මාලඹේ එක.මම මෙතන කාවවත් පහතට දාන්න උත්සහ කරන්නේ නැහැ.ඕනම එකෙකුට උත්සහය, කැපවීම තියනවනම් තමන්ට ඕනෑ තැනට යන්න පුලුවන්. මතක තියාගනින් ලංකාවේ දිගම කෝස් එක තමයි මෙඩිසින්.අවුරුඩු 5 & 1/2 කැම්පස් එකේ තැපලා, තව අවුරුද්දක් ගෙදරත් ඉඳලා, තව අවුරුද්දක් H.O. විදිහට පය 24 ම ඔන් කෝල් ඉඳලා මුලු අවුරුද්දම තමයි පත්වීම් ලැබේන්නේ.ඒ උන්ව අත හරින්නේ මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න නෙමේයි. කොහොමත් බුරා කියලා තියනවා වගේ මමත් යන්නේ ලංගම බස්වල තමයි බොහෝ වෙලාවට.ඒ උන්ගේ මනුස්ස කමක් තියන නිසා… නියමිට විඩිහක් නැතිව දාපු මාලඹේ ඔය කඩය නිසා එලියට එන ඈයෝ ඉස්සරහට කරන දේවල් අපිටත් පෙනේවිනේ හුස්ම වැටුනොත් අපිටත්.බලන් ඉදිමු. ඉස්සරහට මිනිස්සුත් පුරුදු වේවි… මූට තියෙන්නේ මොන ඩිග්‍රියක්ද කියලා බල බල බෙහෙත් ගන්න යන්න… ඔය වගේ සිද්දි නිසා තමයි මචන් ඉන්දියාවේත් එවුන්ගේ ඔය එම්.බි.බි.එස්. ඩිග්‍රී තියන උන් ඇත්තටම ස්ටේශන් වල, එයාර් පොර්ට් වල මුට්ට කරගහන්නේ,ටැක්සි එලවන්නේ….. අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි බුදු හාමුදුරුවන්ට වෙදකම් කරපු ජීවකයන් කියන්නේ ගණීකාවකට ඉපදිලා කුනු ගොඩක විසිකරලා ගිහින් සිටු වරයෙකු අරන් හදාගත්තු කොල්ලෙක්…. එහෙව් උත්තමයෙක් වෙන්න ජීවකයන්ට තිබ්බේ පින… ඒ වගේ තමයි වෛද්‍ය වරයෙක් වෙන්න බල්ලන්ට කන්න සල්ලි තිබ්බට වැඩක් නැහැ… ඒ වෘත්තියට මේ විශ්වයෙන් උරුම ලැබීමක් නැත්නම්…………….
loading...
උත්සාහය කැපවීම තිබ්බම ඕනෙ එකෙක්ට ඕනෙ තැනකට එන්ඩ පුලුවන්ලු. විශ්වයෙන් ලැබීමක් නැත්නම් එන්ඩ බෑලු.. පරස්පර විරෝදී කතානෙ බොලන්..ඔය කියන හැටියට පී.එම්.සී එකේ ඉන්න උන්ට විශ්වයෙන් ලැබීමක් නැත්තම් බොලා කෑගහන්නෙ ඇයි බං. එහෙනම් උන්ට දොස්තරලා වෙන්ඩ බැරි වෙයිනේ..ඒක විශ්වය බලාගනීනේ..ප්‍රශ්නෙ ඉවරයිනේ..උඹල කෑගහන්නෙ වැරදිලාහරි විශ්වයෙන් උරුමෙ ලැබුන උන්ව වලක්වන්නද (පොඩි කිංඩි පාට් එකක් දැම්මෙ තරහ නෑ නේ?
) ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙම දිගම කෝස් එක මෙඩිසින් තමයි බං.උඹට අවුරුදු හතහමාරයි. මට අවුරුදු 8යි. ජීවිත එක්ක සෙල්ලම් බැරි හින්ද තමයි එහෙම කරන්නේ.ඒකට මම විරුද්ද නෑ..
මට තියෙන ප්‍රශ්නෙ මේකයි. උඹගෙ පොයින්ට් එක තමයි මේ පී.එම්.සී එකේ තත්වෙ හරි නෑ කියන එක.ඒකෙන් එලියට එන උන්ගෙ කොලිටිය ගැනනෙ උඹලට ප්‍රශ්නේ..තත්වෙ හොඳයි නම් උඹලට අවුලක් නෑ කියලයි උඹල කියන්නේ..ඉතින් ඕකෙ තත්වෙ පාලනය කරන්න කියන එක වෙනුවට ඕක වහන්න කියලා උඹල පෙලපාලි යන්නෙ ඇයි? ඕක වහන්ඩ කියන එකට වඩා ඕකෙ තත්වය පාලනය කරන්ඩ කියන එක ආන්ඩුව සලකල බලන්ඩ ඉඩ තියෙනවනෙ..ඔන්න ඕකයි දැවෙන පුරස්නෙ
තව එකාආආආක් කියන්නම් තරහ වෙන්න බෑ හොඳේ..ඔය පී.එම්.සී එපා කියල අද දත කන ගොඩක් අය ඕක කියන්නෙ කියන්නන්වාලෙ. සහමර උංට ඕක තිබ්බත් එකයි නැතත් එකයි. ලොකු උං කිව්වහම පී.එම්.සී එපා කියල පෙලපාලි යන්ඩ කියල, පොඩි උං උඩ පැනගෙන කෑ ගහනව..උං ගිරිය යටින් කෑගහන්නෙ උංගෙ අදහස් නෙවෙයි..මොකද මම දන්න එකෙක් ඉන්නව..ඌ තුන් වෙනි පාරත් A/L ලියලා මෙඩිසින් යන්ඩ බැරි වෙයි කියලා මාලඹේ පී.එම්.සී එකට යන්ඩ සල්ලිත් හොයන් ඔක්කොම ලෑස්ති කරගත්ත..ඒත් උට ඒකට යන්ඩ ඕනෙ උනේ නෑ ඌ මෙඩිසින් select උනා..මෙන්න බොලේ මුගෙ දැන් facebook profile පික්චර් එක “NO P.M.C”
loading...
සහොදරයා මම කිව්ව එක ඔබතුමා තෙරුම් අරන් තියෙන්නේ වැරදි විදිහටයි… සිංහල නොතේරුනට ඉතින් මට කොරන්න දෙයක් නැහැ.. අයේ පොඩ්ඩක් හොඩියට මොන්ටි සෝරියට ගිහින් බලමු… :p
මචෝ ඔය පි.එම්.සී වලින් එන උන්වයි,රට රට වලින් එන උන්වයි දාන්නේ Merit List එකේ අගටනේ බං වැටෙන්නෙත් පට්ට ඩොටේ ඉතින් කොහොමත් අවුලක් නැහැ(පොඩි කින්ඩියක්
දැම්මේ මචං ගණන් ගන්න එපා හොඳේ).
මචෝ කිසිම දෙයක් බලෙන් ලබා ගන්න බැහැ… අනික බං ඔහොම එව්ව වලින් පාස් වෙලා එන උන්ට PG(Post Graduate) කරල කොන්සෙක් වෙන්නත් හෙන අමාරුයිනේ බං (පොඩි කින්ඩියක් දැම්මේ මචං ගණන් ගන්න එපා හොඳේ)…
ඉස්සරහට එව්වත් සල්ලි වලට දුන්නොත් ගනිල්ලා. නැත්නම් සැබෑ දක්ශතවයක් ඇතිව විබග පාස් උන උන් එක්ක කරට කර තරග කරලා ගනිල්ලා.මචෝ මම කිව්වේ මේ ලොකේ හැම දේම වෙන්නේ විශ්වයට ඔන විදිහට තමයි.
මම වෛද්‍යවරයෙක් වෙනවද වෙන මොකෙක් වෙනවද කියල තිරනය කරන්නේ එයා.. ඒකට ඕනා ප්‍රභවය (ආහ් උඹට සිංහල තෙරෙන්නේ නැහැනේ ඒ කිව්වේ මචෝ මූලාශ්‍රය
) තිරනය කරන්නේ එයා ඒත් එතනට යනවද නැද්ද කියන එකට වග කියන්න ඕනෑ අපේ ඇතුලෙන් එන ආත්ම ශක්තිය.එකයි බොට මන් කියන්න හැදුවේ.
මොකෙක් හරි එකෙකුට මෙඩ්සින් යන්න බේරි උනා කියලා ඌ ජීවිතේ පරාදයි කියලා හිතන උඹල තමයි උගත් කියන මැට්ටො… :p(පොඩි කින්ඩියක් දැම්මේ මචං)… යකෝ මොකෙක් හරි එකෙක් Medecine නොගියට අන්තිමට ඌට ඩොකෙක්ට වඩා හොඳ තැනක ඉන්න පුලුවන් බැහැයි කියලා හිතන උබලයි පට්ටම මීටර් (පොඩි කින්ඩියක් දැම්මේ මචං ගණන් ගන්න එපා හොඳේ) ඌ යන Path එකයි තීරනය කරන්නේ මේ විශ්වය…
උබ දන්නවනම් ඩොක්ටර් පෘතුවිරාජ් ලොකෙන්ම ලස්සනටම අලින්ව චිත්‍ර අඳින්න පුලුවන් පොරට.. දෙමව්පියන්ව සතුටු කරන්න ඩොකෙක් උනාට සුලු පඩියකට කලා ගාරයේ චිත්‍ර ඇන්දා…තමගේ ප්‍රභවය ඇතුලෙන් තිබ්බට විශ්වීය වරනයට අනුව පොර තමාගේ ප්‍රභවය එලියට ගත්තෙ වෙන විදිහකින්…
ආහ් උඹ ඇහුවනේ මචං ඇයි මාලඹේ එක වහන්න දගලන්නේ කියලා මචෝ මෙහෙමයි මම දන්න විදිහටනම් මම කෑම භාගෙට කකා ඉඳලා කාපු ටික වමනේ කරලා ආයේමත් කන්න හදන්නේ නැහැ. මාලඹේ එකේ දැනටමත් බැජ් 4ක් අරගෙන හෙ හෙ උන්ට බාල කොලිටි එකෙනුත් උගන්නලා ඉවරයි සමහර කරුණු… දැන් ඕකේ කොලිටි එක වැඩි කරන්න නම් ආයේ මකවලවත් හදමු නේද බං…???
අනික මචෝ…….. එස් තුනක් අරන් ඩොකෙක් කරන්න සල්ලි වලට පුලුවන් උනාට ඌට කොච්චරක් දුරට යන්න පුලුවන්ද කියලා උඩ ඉන්න දෙවියන්ට භාරයි… මගේ ප්‍රොෆයි පික් එකේ තියෙන්නේ මගේ රූපයක් මම හරි නියමිත පි.එම්.සී. එකකට විරුද්ද නැහැ.. ඒත් ලංකාවේ එහෙම එව්ව කවදාවත් හැදෙන්නේ නැහැ
ඔව්වා එක එක එවුන්ගේ මඩිය තරකරගන්න හඩපු පෙට්ටි කඩවල් විතරයි… බොට කියන්න පුලුවන්නම් රජරට උන්ගේ ප්‍රොෆ් යුනිට් එකක් නැතුව උන් වේලේද්දි කොහොමද බං ඔය මගුලේ ස්ටෑන්ඩර්ඩ් හදන්න කියලා අපි කැගහන්නේ…?? අන්න එකකයි අපි මාලඹේ වහන්න හදන්නේ…
මම කොළඹ අපිට ඔක්කොම සැපත, පහසු කම තිබිලත් රජරට උන් වෙනුවෙන් කැගහන්නේ අපිට අනික් උන් ගැන හිතන්න මනුස්ස කමක් තියෙන නිසයි. අනික බං ඇයි මේ පාර ඇක්ට් 16 වලින් 16% ක් නේද පාස්…??
මම හිනා වෙනවා නෙමෙයි මචෝ ඒත් හිතලා බලපන් මචං ලන්කාවේ රජයේ වෛද්‍ය විද්‍යාල වල ලෙකාල නේතුව වේලෙද්දි මාලඹේ එක වහන්න කියලා කැගහන්නේ නැතුව වෙන මොනවා කියන්නද…??? සුදු මල්ලියේ….. තේරුම් ගනින් අන්න ඒකයි පුල්මුඩෙ තත්වේ…
මම මේ ගැන තවත් කතා කරන්නේ නැහැ.. උඹලා කෑහැහුවට තියෙන දුකට, හොටුත් පෙරන් ඇඩුවට අපි අපිට කරන්න පුලුවන් උපරිම දෙය කරනවාමයි….. උඹලා බලාගෙන හිටහල්ලකෝ…. මම තවත් මේගැන ලාස්ට් රෝ එකේ කතා කරන්නේත් නැහැ.මොකද සීනි බෝල එක්සෑම් කරගෙන(පොඩීම පොඩි කින්ඩියක් මචං මේකනම් හොඳේ) නෙට් එකේ නාස්තිකරන්න වෙලාවල් බොලාලට තිබ්බට මට නාස්තිකරන්න වෙලාවක් නැහැ කමේන්ට් කොට කොටා…. අනික් එක මේක ඩවුන් රෙටින්ග් කරන අයියල අක්කල නන්ගිලා මල්ලිලට අපරාදේ නේද මවුස් එකේ ක්ලික් එක… පව් කමක් නැහෑ ආසාවනේ… මම කාත් එක්කවත් තරහක් නැහැ… අපිට පුලුවන් දේ අනිවා කරලා පෙන්නනවමයි… බලන් හිටපියව්……… හැමෝටම තෙරුවන් සරණයි…….
loading...
කවුද බෝයි. සිරා ටෝක මචං කින්ඩි ගොඩා))))යි
උබ medical student කෙනෙක් නිසා කැහැගැහුවයි කියන්ඩ පුලුවන්..ඒත් මම එහෙම එකෙන් නෙවෙයි. එතකොට මම කෑගැහුවෙ මොකටද ?
පොඩ්ඩක් හිතලා බලන්න… සිරාවටම මේක ඉක්මනින් නැවැත්තිය යුතුයි. එහෙම නැත්තම් මේකටත් වෙන්නෙ ලංගමේට උන ටික තමයි.
කියන්ඩ තියෙන දේවල් ටික උඩින් comment එකකින් කියල ඇති
හරි දැන් ඒකත් බලලා ..ඒකයි මේකයි දෙකට තම්බ්ස් ඩවුන් කරන්නකෝ …මට මොකෝ මගේ ඇගෙන් කෑල්ලක් යනවැයි උඹලා තම්බ්ස් ඩවුන් කලා කියලා
loading...
දැට් ඊස් ද ස්පිරිට් කොල්ලෝ..
loading...
මේ බලන්න මෙයා..උඹ මේ උඩ පැන පැන කියන්නෙ මම ඩොකෙක් වෙලා ලංකාවට ආවොත් මට ඩොටේ යන්ඩ වෙනව කියල නේ..අනේ යකෝ..මේ ලෝකෙ අනිත් පැත්තේ ඇමාරිකාවෙ ආපු මට ඔය වර්ග කිලෝමීටර් හැටපන්දාස් පන්සිය විසිපහ කජ්ජක්ද බං..මට නං යාපනේ උනත් අව්ලක් නෑ මචන්..මට ඕනෙ ඩොකෙක් වෙන්ඩ මිසක් කොන්සෙක් වෙන්ඩ නෙවෙයි..උඹ ප්‍රශ්නේ පර්සොනල් කොරන් වගේනෙ පුතා..ඔහොම නං බෑ..මට නං මම ඩොකෙක් වෙනවද නැද්ද කියන එක මොකෙක්වත් තීරනය කරන්නෙ නෑ..ඒක තීරනය කරන්නෙ මම. උඹ කියන්නෙ නිකන් උඹ “THE CHOSEN ONE” සහ අපි කබ්බෝ කියලනෙ ඔය..
උඹ ප්‍රැක්ටිකල් ජෝක්ස් නේ බං දාන්නේ..මොකෙක් හරි එකෙක්ට මෙඩිසින් යන්ඩ බැරි උනා කියලා ඌ පරාද නෑ..හැබැයි ඒ තුනක් දාලත් මෙඩිසින් යන්ඩ බැරි උන මගේ යාලුවට උඹ කියන්නෙ දිනල කියලද? උඹලා කියන්නේ තියරි..මම කියන්නෙ ඇත්තට වෙන දේ..මෙඩිසින් නොගිය එකෙක්ට ඩොකෙක්ට වඩා හොඳ තැනකට යන්ඩ පුලුවන් වෙයි. ඒත් උඹ කියන්නෙ පස්ස ඉරාගෙන ඒ ලෙවල් කරලා A දෙක තුනක් දාලා මෙඩිසින් යන්ඩ බැරි උන එකාට ගිහින් කියන්ඩ කියලද ඩොකෙක් නොවී වෙන එකෙක් වෙයන්, ඩොකෙක්ට වඩා ඉහලට ගියහැකි කියල..ඔය විශ්වයෙන් දුන්න මොකද්ද එක අරන් මෙඩිකල් ෆැකල්ටි යන උන්ගෙන් හැම බැච් එකේම දෙන්නෙක් තුන්දෙනෙක් ඉවර කරගන්න බැරුව හැලෙන්නෙ ඇයි කියලත් හිතපන්..දෙයියොන්ට බාර ඔප්පු කරන්න බැරි වෙලාද?
උඹ වැරදි පාරෙ එන්නෙ මචන්..සීනි බෝල එක්සෑම් හරි මොනව හරි කරලා මමත් ඩොකෙක් වෙන්නම්. අර විස්වයෙන් උඹට දෙන අහවල් එක නැති උනාට අපිත් මොකක් හරි කරගන්ඩ එපාය බං. අපි ඇමරිකාවෙ ඉන්ඳන් රෙසර්ච් කරලා අලුත් මොන මොනව හරි හොයාගෙන එවන්නම් උඹලත් ඒවා ඉගෙනගෙන ඔය රටේ ඉන්න මිනිස්සුන්ට මොනවා හරි කොරන්ඩ බලහන්.
ඒ මේ උඹලගෙ එක්සෑමුත් අපේ වගේ සීනිබෝලද මන්දා..නැත්තම් උඹලට කොහෙන්ද පෙලපාලි යන්ඩයි, පෝස්ටර් ගහන්ඩයි, එස්.බී ගැන කවි ලියන්ඩයි වෙලාවක්..
අපි නෙට් එකේ ගෙවන කලෙටත් වඩා කාලයක් ඒවට යනවනෙ බං. එතකොට උඹලගෙ එක්සෑම් බෝලත් නැතුව නිකන්ම සීනිද? නැත්තම් උඹලට එකසෑම් නැතුවම පෙලපාලි ගියාම ඩිග්‍රිය දෙනවද? මෙරිට් ලිස්ට් එකේ උඩට යන්ඩයි කොන්සෙක් වෙන්ඩයි හොඳට පාඩම් කරහන්..රටේ සල්ලි වියදම් කරල උඹලට “”"නිකන්”"” උගන්නද්දි උඹලා උද්ගෝශන කර කර කාලෙ නාස්ති කරන්නෙ ඇයි බං ඉගෙනගන්නෙ නැතුව..රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් උඹලට කැම්පස් හදල දුන්නම් උඹල ඒවට වෙලා අවුරුදු හත හමාරෙන් පහක්ම පෙලපාලි යන්ඩද හදන්නෙ
ඔන්න උඹේ රයිටින් ඉස්ටයිල් එකෙන්ම මාත් ලිව්වා
(බයි ද වේ මම නම් එකෙක්ටවත් තම්බ්ස් ඩවුන් කරේ නෑ හරිය)
loading...
ඊයා මේ විවාදය දැන් ඇති වගේ… මිනිස්සුන්ගෙ තරහ මිශ්‍ර “පැහැදිලි ඊරිසියාව” වචන වලට පෙරලෙනකොට අප්පිරියයි අප්පා…
මා දැකපු යතාර්ථය නම් මෙයයි…. කැම්පස් යන්ඩ බැරි උන එකා ගිය එකාට පට්ට ඊරිසියයි. ගිය එකා අඩු ලකුනු තියෙන උන්ට තමන් ලබන උපාධිය හෝ සමාන අවස්ථා අවස්ථා ලැබෙන කොටත් ඒ වගේම ඊරිසියයි….
(( කොමෙන්ටුව ඇගිල්ල යටට දාලා තියෙන button එක ඔබන එකාට බාරයි ))
loading...
මගේ ටෝක් එක “ඊයා ඊරිසියාව”..කවුද බෝයිගේ ටෝක් එක “සිරා ටෝක් එක කිංඩි ගොඩාආආඅයි” ..අනේ අනේ උඹත් හැලපයෝ..දී කිරට බලලුත් සාක්කිලු..උඹ අහුවෙයන්කො මූනු පොතේදි..
මට නං ඊරිසියා කරන්න දෙයක් නෑ..මොකද මම මෙහෙ ඇවිත් සල්ලි ගෙවලා ඉගෙනගන්නෙ ලංකාවේ ඒලෙවල් පාස් කරගන්න බැරුව ඇනගෙන නෙවෙයි ඕන්..
loading...
ඉතින් ඔය කතාකොරන කවුරුවත් ඒකට තියෙන්න ඕන ප්‍රමිතිය ඇතිකිරීම ගැන කතා කොරන්නේ නැත්තේ ඇයි? මොනවද ඕන ප්‍රමිතිය? A/L නිසි ලෙස සමත් වීම? ඇතුලත් වීමේ විබාගයක් සමත් වීම? ශික්ෂණ රෝහලක් තිබීම? තව? මම ඔය ෆීල්ඩ් එක ගැන දන්නේ නැති නිසා තවත් තියෙන්න ඕන සුදුසුකම් ඇති මට මගහැරුන..
ඊලඟට බලන්න ඕන ඇයි ඔය කියන ප්‍රමිතියට ගන්නේ නැත්තේ කියලා.. ඇයි ශික්ෂණ රෝහලක් නැත්තේ? ඇයි හරි හමන් ගුරුවරු නැත්තේ? ප්‍රමිතිය නැහැ කියලා කෑගහන වෙලේ ඇයි වෛද්‍යවරු විදිහට එකතු වෙලා ප්‍රමිතියක් හදලා දෙන්න බැරි?
මෙහෙමයි, ඔත්න සල්ලි ගෙවලා ඉගෙන ගන්න ලොකු ලොකු සල්ලිකාරයන්ගේ දුවලා පුත්තු සමහර වෙලාවට ධනයෙන් බලයෙන් නිසි සුදුසුකම් නැතුව හරි එන්න පුලුවන්, ඒක ඔයාලට වත් මට වත් නවත්තන්න පුලුවන් දෙයක් නෙවේ කියලා හොඳටම දන්නවනේ, ඒක නවත්තන්න දේසපාලනය වගේ දේවල්, මිනිසුන්ගේ මෝහය වගේ දේවල් නැති වෙන්න ඕන..
ඒත් ඒ අතරේ කැම්පස් යන්න බැරි උන, පිටරට ගිහින් වියදන් කොරන්න තරම් දළ කාරයො නොවන අයගේ දූලා පුත්තු එන්නත් පුලුවනි නේද? ඒ අයට හරි ඉගෙන ගන්න අපේ රටේ ඔය ඉන්න යමක් කමක් කොරන්න පුලුවන් වෛද්‍යවරුන්ට එකතු වෙලා ඔය කියන PMC එක ප්‍රමිතියකට ගන්න උත්සාහ කොරන්න බැරි ඇයි ඕක වහන්න කියලා කෑගගහ ඉන්න වෙලේ??
අනික තමා අපි මෙතන “බුරතිනෝ” කිව්ව විදිහට කෑගහගත්තට රටේ වෙන දේවල් වෙනස් වෙන්නේ නැහැ නෙව.. අපි විවිධ මත තියෙන (different openions) ඒත් එක විදිහකට හිතන (common interest එකක් තියෙන) කණ්ඩායමක් විතරයි.. නැත්නන් අපිත් මෙහෙම අන්වර්ථ නම් දාගෙන කියවන්නේ නැතුව ප්‍රසිද්දියේ ගිහින් විවාද කොරල තීරණ ගන්න ඕන.. කෑගහගමු සුහදව, මරාගන්නේ නැතුව.. මොකද අපි මරාගත්තට කාටවත් පාඩු නැහැ අපිටම මිසක්..
loading...
ඇත්ත sam අන්කල්..එත් එහම ප්‍රමිතියක් හදන්න ඉඩ නොදෙන එකනේ ගැටලුව. Private කියන්නේ පිනට නෙමෙය් නේ. ලාභ ලැබීම අරමුණු කොට ගෙන. ඉතින් එතෙනේදී හරහට හිටින්නේ quality එක. Quantity වැඩි කරන්නන නම් quality අඩු කරන්න වෙනවා. sam අන්කල් කියන ඔය විදේශීය private universities වගේ දැඩි රෙගුලාසි යටතේ පාලනය වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක ලංකාවනේ. මට වැඩිය අත්දැකීම් නැහැ. නමුත් Private bus අවට පස්සේ ලංගමට උනේ මොකක්ද? ( මේ ගැන ඔබා මාම නම් දන්නවා ඇති. මගේ උදාහරනේ වැරදි නම් නිවැරදි කරන්න.)අදට උනත් මම CTB එකකුයි Private එකකුයි එනවනම් මම යන්න කැමති CTB එකේ . මොකද කොන්ද පවා වැදගත් විදියට හැසිරෙනවා, කතා කරන්න දන්නවා. Private bus ගැන කියන්න ඕනේ නෑනේ. CTB එකයි Private එකයි පාටෙන් අඳුරගන්න පුළුවන්. එත්…?
loading...
ඊයෙ හිටපු නැති ටිකට මෙහෙත් ෆයර් වෙලා නේ.. මුලින් කියන්න ඕන, මම අන්කල් සෑම්, සෑම් අන්කල් නෙමේ.. දෙකේ පොඩි වෙනසක් තියෙනව
මේකයි මචෝ, උඩ තියෙන එව්ව කියෙව්වම හිතෙන දෙයක් තමා රජයේ විශ්වවිද්‍යාල වලට ගිය අය හිතාන ඉන්නේ ලංකාවේ ප්‍රයිවෙට් කොරන යුනි වලින් සල්ලි දුන්නම අනික් අතට ඩිග්‍රිය දෙනව කියන එක.. ඒක ගන්න අපිත් මොන තරන් කට්ටක් කනවද කියන එක ගැන එයාල දන්නේ නැහැ.. ධනය බලය තියෙන එකා ඔහොම නෙවේ, ඕනම එකක් විභාග නැතුව හරි උපාධි ගනියි.. කැළණියේ උන්දැට දුන්නේ.. අපි මහ ලොකු සල්ලි කාරයො නෙවෙයි, මගෙ අම්ම තාත්තා ගුරුවරු, ටියුශන් මාස්ටර්ලා නෙවේ, රජයේ ගුරුවරු.. එයාලා හම්බ කොරපු සල්ලි වලින්, ණය වෙලා, පාර්ට් ටයිම් ජොබ් කොරලා මෙතනට ආවේ.. උබලාට ඒ වටිනාකම තේරෙන්නේ නැත්තේ ලංකාවේ බදු ගෙවන ජනතාව උබලා වෙනුවෙන් වියදන් කොරන හින්දා උබලාට තියෙන්නේ ඉගෙන ගන්න එක විතරයි.. ඔය කාරනාව හින්දම උබලා ගොඩ දෙනෙක් ලොකු මානසිකත්වයකින් ඉන්නේ.. ඒක මම දන්න දෙයක්.. පිටරට ගිහින් අමර කට්ටක් කාලා ටොයිලට් හෝදලා ඉගෙන ගන්න උන් ඉන්නවා.. උන්ට මෙහෙ ඇවිත් හදිස්සියකදි ටොයිලට් එකක් හරි හෝදන එක ලැජ්ජාවක් නෙමේ.. මම මගේ සුලු කම්කරුවො එක්ක එකට බත් කාලා, බර උස්සලා වැඩ කොරනව.. ඒත් මම දන්න ගොඩක් රජයේ විශ්වවිද්‍යාල වලින් එලියට ආපු අය එහෙම නැහැ.. ප්‍රායෝගිකව මම දන්න දෙයක් තමා කම්කරුවෙක් උනත් ඩිග්‍රි ගහපු අපිට වැඩිය දේවල් දන්නවා.. සමහර වෙලාවට අපි එයාලගෙන් ඉගෙන ගන්න උනත් ලැජ්ජ වෙන්නේ නැහැ.. මේකට අදාල නැහැ, උඩ තිබ්බ කොමෙන්ට් එකක දැක්ක දෙයක් හින්දා ඕක කියන්න හිතුනේ..
ටොපික් එකට අදාලව කතා කොරොත්, තාම මගේ ප්‍රස්නෙට හරි පිළිතුරක් නැහැ නේ, ඇයි දොස්තර ලටත් එකතු වෙලා ප්‍රමිතියක් හදල දෙන්න බැරි ඕකට.. රජයෙන් දොස්තරවරු කියන ප්‍රමිති පිලිගන්නේ නැද්ද? අනික් කාරනේ තමයි ප්‍රයිවෙට් ඉස්කොලෙක ප්‍රමිති වලට කෑගහන අපේ දොස්තර මහත්තුරු ඇයි ප්‍රයිවට් ඉස්පිරිතාල වල ප්‍රමිති ගැන කතා නැත්තේ? කවුද මන්දා කිව්වා ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් දිරවන්නේ නැති අය රජයේ ඉස්පිරිතාල වලට ගිහින් බේත් ගනිල්ල කියලා..මේක උදාහරණයක් හැටියට විතරක් තේරුම් හන්න, ලංකාවේ හොඳම මොලේ පිලිබඳ විශේශඥ් වෛද්‍යවරයා රජයේ රෝහලක සේවය කොරන්නේ නැහැ.. එතුමා ප්‍රයිවට් ඉස්පිරිතාලයක විතරයි ඔපරේෂන් කොරන්නේ..
loading...
හොඳට ඉගෙන ගන්න පුළුවන් bio වලින් උ.පෙ. A 3k ම ෂුවර් කරන් හිටි ළමයෙක් පූරුවේ කල කරුමයක් නිසා විභාගේ කාලේදී මානසිකව වැටිලා යන්තම් C 3k වගේ ගත්ත කයල හිතමු. මේ ළමයාගේ ජීවිතේ තිබුන එකම හීනෙ වෛද්‍යවරයෙක් වීම.ඒත් වැටුණු මානසික වැටිල්ලට ආපහු උ.පෙ. කිරීමත් හීනයක් (මෙහෙම අය ඉන්නවා.මොකද මමත් මේ හා සමාන දේකට මුහුණ දුන් කෙනෙක්.මම නම් maths කලේ.වාසනාවට මමත් පුද්ගලික ආයතනයක උපාධියක් කරනවා.ඒකටත් වෙන සරසවි උත්ඝෝශනේ කලා.UGC එකෙන් පියවර ගත්ත නිසා දැන් කිසිම ප්‍රශ්නයක් අපේ උපාධි ප්‍රමිතියේ නැහැ).එහෙම අසරණ උන කෙනෙක්ගේ දෙමාපියන්ට අතේ ඇති මුදලින් ඔය කියන PMC එකට ගෙවල එයාලගේ ළමයාගේ අධිෂ්ටාන කරන් හිටපු හීනෙ හැබෑ කරන එක පවක් ද? මන් මේ නොදන්න කමටයි ඇහුවේ ?
සැ.යු. උපාධියේ ප්‍රමිතිය PMC අයදුම් කරන ළමයට සහ එම දෙමාපියන්ට අදාල වගකීමක් නොව ඒවාට වග කීමට මෙරට ආණ්ඩුවක් සහ UGC වගේ ආයතන ඇතැයි මම සිතමි.
loading...
මලීයෝ.. රටේ පරිපාලනය ගැන මම කතා කරන්නට නොයමි. මලීට ඒවා ගැන මෙතරම් විශ්වාසයක් ඇති වුනේ කොහොමදැයි කියා හිතෙන විට මට හිතෙන්නේ මලී ජීවත් වෙන්නේ ලංකාවේ නොවේ කියාය. ඒවා එහෙම නොවෙන නිසා උන්ගේ ගැට වලට අහු නොවීම ජනතාවගේ වගකීමකි. පෙන්නන සුරංගනා ලෝකේ කියන තරම් සුන්දර නොවිය හැක. අවුරුදු විසි ගණනක් ලංකාවේ ජීවත් වීමෙන් ලැබූ අත්දැකීමෙනි කියන්නේ.
loading...
ඇත්ත තමයි මලීයෝ එහෙම සිද්ධි වෙනවා තමයි.නමුත් ඔන්න හෙට ඉඳලා අපේ ගෙවල් ගාව පොඩි කඩ කෑල්ලක් අරගෙන මුදලාලි කෙනෙක් “හා Campus යන්න බැරි උණු ඔක්කොම මෙතෙන්ට එන්න..ඇවිත් මොකක්වත් කරන්න ඕනේ නැහැ. ඕනේ දෙයක් කරගෙන ඉන්න. හැබැයි මගේ ගැන ගෙවලා. මම දෙන්නම් කොළ කෑල්ලක්. මම UGC එකට පගාව දීල තියෙන්නේ මේ කොළ කෑල්ල පිළිගන්න”. කියල කිව්වොත් ඔය හීනේ හැබෑ කරගන්න කියල එතෙන්ට යනවද?. ගොඩාක් අය හිතනවා මේක ඩොකාලගේ ප්‍රශ්නයක්. අපි මොකටද උන්ගේ ඒවට කෑගහන්නේ කියල. ඇත්ත අපේ පැත්තෙන් අපි මහන්සි වෙන්නේ අපේ වුර්තිය විනාශ වෙන්න නොදී ආරක්ෂා කරගන්න. අනික් පැත්තෙන් ඔයාලත් හිතන්න ඕනේ ඒ වුර්තිය අපිට විතරක් නෙමෙයි ඔයාලටත් අය්තියක් තියෙන එකක් විත්තිය. මොකද දොස්තර කෙනෙක් බිහි වෙන්නේ ඔයාල අතරේ ඉඳගෙන ඔයාලට සේවය කරන්න. එක නිසා ඔයාලත් බැඳිලා ඉන්නවා මේක හරි විදියට කරන්න. අපිට ආණ්ඩුව හරි වෙනත් ආයතන මත විශ්වාසය තියල ඉන්න බැහැ.
loading...
මලී කෙල්ලේ තරහ වෙන්න එපා මෙහෙම කිවුවට. ඒ තුනක් ගන්න ඉඳලා සී තුනකට වැලෙන තරම් දුර්වල මනසක් තියෙනවා නම් එයාට මෙඩිසින් කරන්න ටිකක් අමාරු වෙයි
loading...
එතකොට මෙඩිකල් ෆැකල්ටියේ පලවෙනියටම ලේ දැක්ක දවසේ කලන්තේ දාලා බිමටම ඇදගෙන වැටුන මනුස්සයෙක් අද ලංකාවෙ ඉන්න හොඳම වී.ඕ.ජී කෙනෙක් වෙලා ඉන්නේ කොහොමද මෙඩ්ඩි අක්කේ..මිනිස්සුන්ට එහෙම දේවල් ඕනෙ තරම් වෙනවා..හැමෝම ඔයා වගේ perfect නෑ..හැම දොස්තරම එකපාරින් A තුන දාලා ගේමක් නැතුව මෙඩිකල් ෆැකල්ටි ගිය අය නෙවෙයි
loading...
මෙන්න….චිම්පා වෛද්‍ය ශිෂ්‍යයකුට නොගැලපෙන කොමෙන්ටුවක් දාලෝ. ලේ දැක්කම කලන්තේ හැදෙන එක phobia එකක්නේ පුතේ. Emotional වෙනවා කියන එකෙයි phobia එකෙයි වෙනස නොදැන pass out වෙන්න නම් එපා කොල්ලෝ. ඔය දේවල් ගැන පොත් පත් වල තියෙනවා. කියවල ඉගෙනගත්තොත් වටිනවා. ඇමෙරිකාවේ මෙඩිසින් කරන ගමන් Psychiatry, surgery, Medicine, Pediatrics, Gynecology and Obstetrics වගේ දේවලුත් ඉගෙන ගත්තොත් ලෙඩ්ඩුන්ට බෙහෙත් කරනකොට උදව්වක් වේවි.
loading...
දැක්කද වෙනස
loading...
Dear MEDDI, I wouldn’t want to argue with you about the PMCs. But I just think you are really looking down upon people who couldn’t get through A/Ls. Sadly, I feel that you haven’t experienced life well coz I know there are enough and more reasons for a young person to get derailed a year or two in their life.
Don’t try to make me believe that all doctors are good human beings. Most of them may be great people but there are not so good ones too. (this is the same in any field).
So I wish to kindly request you to respect everyone. Just because I failed one year in life neither means I should remain a failure nor does it mean that I am not intelligent as much as you are. (Certainly with a better memory power someone might have out performed me.). I never meant to undermine your achievement which is big but be humbled by it and see how you can help someone else achieve what you did.
With all my heart I wish you the very best with your journey and hopefully someday you’ll be able to bring real change to lives of people.
loading...
අනේ බුදු මහත්තයෝ ඔබතුමානේ වරද්දගෙන තියෙන්නේ..ඒ මනුස්සයට එහෙම ෆෝබියාවක් නෑ..ඇත්තෙත් නෑ තිබ්බෙත් නෑ.. තිගැස්මක් නිසා, සින්හලෙන් කිව්වොත් anxiety (normal) නිසා ඕනෙම මනුස්සයෙක්ට ඕනෙම වෙලාවක ඕනෙම දෙයක් වෙන්න පුලුවන්.පලවෙනි පාර ලේ ගොඩක් දකින මනුස්සයෙක්ට තිගැස්මක් ඇති වෙනවා..බය වෙලා තමයි ලැබ් එකට යන්නෙත් ලේ ලේ ලේ කිය කිය.. ගිහින් කලන්තේ දානවා. උඹල එකට ෆෝබියා කියනවද? අපි නම් කියන්නෙ anxiety කියල බං. .පලවෙනි පාර විබාගේ ලියන මනුස්සයෙක්ටත් එහෙම තිගැස්මක් ඇති වෙනවා..මොකද තමන්ගෙ ජීවිතේ තීරනය වෙන්නෙ ඒ ලෙවල් වලින්, මේක කෙල උනොත් ඉවරයි කිය කිය හිතලා අන්තිම මොහොතේ බය වෙලා විබාගෙ ඇනගන්න ලමයි ඕනෙ තරම්..හොඳට වැඩ කරපු ලමයි ඒ ලෙවල් වල S තුනක් දාන වෙලාවල් තියෙනවනේ..හොඳට අවුරුදු දෙක හමාරක් වැඩ කරලා විබාගෙට සතියක් තියලා විබාගෙ ලියන්නෙ නෑ කියල තීරනය කරන ලමයිනුත් ඉන්නව..එහෙම ඉඳලා දැන් මෙඩිකල් ෆැකල්ටියේ ඉන්න ලමයිනුත් මං දන්නව..අර කියපු ඔක්කොම ඉගෙනගත්ත චීටට anxiety ඇන්ඩ් phobia වල වෙනස තේරුනේ නැති එකයි මට දුක..දැන් කියන්ඩ එපා phobia කියන්නෙත් anxiety disorder එකක් කියල..මොකද මම කියන්නෙ anxiety disorder එකක් ගැන නෙවෙයි normal anxiety ගැන
Normal anxiety usually occurs in reaction to some stressor. But an anxiety disorder tends to be a chronic illness that has a significant impact on your daily function and may interfere with your daily life dramatically, and its ‘long lived’. (Essentials of Psychology – Bernstein) ඔන්න මම වෙනස පහදල දුන්න හැලපයෝ
loading...
චිම්ප නොදන්නවා නම් දැනගන්න එක හොඳයි. සාමාන්‍යයෙන් ලේ දැක්කම කලන්තේ දාන එක phobia එකක්. පලවෙනි වතාවට ලේ ගොඩක් දැක්කම Anxiety නිසා ඒ මනුස්සය කලන්තේ දැම්ම කියල කියන්නේ ඔයානේ. ඔයා කොහොමද දන්නේ ඒ මනුස්සයට කලින් ඒ phobia එක තිබුනද කියල. මොකද ඔයා ඔය පොතෙන් උපුටල දක්වල තිබුනේ ඔයගොල්ලෝ පොත් වලින් විතරක් ඉගෙනගන්න නිසා. ලෙඩ්ඩු දකින්නේ කලාතුරකින්නේ. Phobia එකට හේතු වෙන දේට කාලයක් තිස්සේ නිරාවරණය උනාම ඒ phobia එක නැතිවෙලා යන්න තියෙන විශාල ඉඩකඩ නිසා තමයි ඒක ප්‍රතිකාරයක් හැටියටත් යොදා ගන්නේ. දැන් නම් ඒක තමයි එයාට වෙලා ඇත්තේ. එයා දැන් sensitize වෙලා ඇති. එයාම දැන් කිව්වත් එයාට කලින් phobia නොතිබුනා කියල ඔබ තුමා කොහොමද ඒක හරියට දන්නේ? ඒ මනුස්සයව ඒ වයසේදී ඔයා අඳුනන්නේ නැහැනේ. හරියට clinical exposure එකක් නොලැබෙන එකේ වැරැද්ද තමයි ඔය.
loading...
anxiety,phobia ,anxiety, phobia, anxiety, phobia, anxiety, phobia, anxiety, phobia, anxiety …..////// තේරෙන්නෙ නැහැ… තේරෙන්නෙ නැහැ..මඤ්ඤං වගේ.. නෑ නෑ නෑ දන්නැති දේවල් වලට කට දාන්නෙ නැහැමයි
:O :O
loading...
එයාට කලින් ෆෝබියා නොතිබුන බව මම දන්නවා..ඒ උනත් දැන් උඹ ඒක පිලිගන්නෙ නෑනේ..ඒක ඇන්ක්සයිටි කියන්නේ කොහොමද කියලද අහන්නේ..මේක කියන්ඩ නම් ලැජ්ජයි..හැබැයි මමත් එහෙම බය වෙලා ගිහින් ලේ ගොඩක් දැකලා කලන්තෙ දාපු මනුස්සයෙක් ..නමුත් මාව එතනට උදාහරනෙට ගත්තෙ නැත්තෙ මම ඒ මනුස්සය වගේ ලොකු තැනක නැති නිසා..උඹ කියන්නෙ මට ෆෝබියාවක් තියෙනව කියලද? මම නොදැන මට ෆෝබියාවක් තියෙනව කියපන් පුලුවන්නම්..හික් හික්..උඹ ඔලුවෙන් හිටගෙන කිව්වත් මට ෆෝබියාවක් නෑ..
ඔන්න ඔය කියන ක්ලිනිකල් එක්ස්පෝශර් එක විතරක් තිබිලා වැඩේ කරන්ඩ බෑනේ බං. කොමන් කේසස් විතරක් සලකන්ඩ එපා
loading...
හරි බං Anxiety නිසාත් ඕක වෙන්න පුළුවන්. දැන් මං හිතන්නේ මේ විවාදේ ඇති. අනිත් උන්ටත් වදයක් වෙලා ඇත්තේ. අපි කතා කරන්නෙත් අදාළ මාතෘකාවෙන් පිටනේ. මේ චැප්ටර් එක දැන් ක්ලෝස් කරමු. අපරාදේ කියන්න බෑ කාලෙකට පස්සේ හෙන ෆන් එකක් ගත්ත. මං හිතන්නේ උඹලත් එහෙම වෙන්න ඇති. No hard feelings.
loading...
මෙඩිකල් ෆැකල්ටියෙ ඉඳන් ඇවිත් ඇන්ක්සයිටියකින් ඉවර උනේ
loading...
මේකට දාන අන්තිම කොමෙන්ට් 1 .
බැරි වෙලාවත් 5 විබාගේ පාස් වෙන පොඩි උන් ටික කිව්වා නං යකෝ අපි නැහිගෙන විබාගේ පාස් උනේ , මෙ 5 විබාගයක් වත් පාස් වෙන්න බැරි හරක් අපිත් එක්ක ම 6 වසරට දාල උන්ට ඉස්සරහට ඉගෙන ගන්න දෙන 1 අපිට කරන පට්ට අසාදාරනයක් කියල , මෙ ලොකු කතා දෙන උන් බාගෙට බාගේ මෙතන නෑ .
වෙලාවට පොඩි උන් ගේ හිත් මල් වගේ නිසා අවුලක් නෑ. විබගෙක අකුරු වලින් මොළ මනින්න හදන උබලගේ මොලවල් ගැන තව මොන කතා ද
.
loading...
@බුරතිනෝ උඹත් ඇදලා ගත්තේ නියම මාතෘකාවක්………
මම හිතන්නේ දැන් කට්ටියම මරාගෙන ඉවරයි මේ මරාගැනිල්ල ඉවර වෙන කන් මම බලාගෙන හිටියේ මේක කියන්න බුරාට උඹ මේ පෝස්ට් එක දැමීමේ අරමුණ කිව්වේ PMC ගැන කට්ටියගේ අදහස් දැන ගැනීම නේ, දැන් මරාගත්ත කට්ටියම පොඩ්ඩක් ආපහු මුල ඉඳලා කියවලා බලන්න මොකද්ද කට්ටියගේ පොදු අදහස කියලා
සියළු රජයේ විශ්ව විද්‍යාල වල ඉගෙනුම ලබන හා ලැබූ වෛද්‍යවරු මෙයට එකහෙලා විරුද්ධය.
අනෙකුත් සියළු දෙනාගෙන් 99% ක්ම මේවා වරදක් ලෙස නොදකී
මට නම් පේන්නේ නම් ඔහොමය….
loading...
හ්ම්ම්ම්… මටත් හිතෙන්නේ දැන් මේක ඉවර කරන්න කාලේ හොඳයි වගේ… අදහස් දක්වපු හැමෝටම ඉස්තුතියි. ඇත්තටම පොස්ට් එක දානකොට මම හිතුවෙත් නෑ මේක මෙච්චර දිගට ඇදෙයි කියල. බහුතරයක් දෙනා PMC වලට විරුද්ධත්වයක් නෑ වගේ තමා පෙන්නේ. එත මෙතන සව්ක්ය ක්ෂේත්‍රයේ අයගේ නියෝජනය අඩුයි. ඒ කතා පැත්තකට දාමු. බහුතරයක් දෙනා මේ ප්‍රශ්නේ දිහා බලන්නේ AL වලින් දොස්තර සිහිනය සැබෑ කරගන්න බැරි උණු අයට ලැබෙන අවස්තාවක් විදියට. නමුත් අපි එක දකින්නේ එහෙම නෙමෙයි. අපි ඒක දකින්නේ එතනින් එහාට වෛද්‍ය ක්ෂේත්‍රය හා ඉන් මිනිසුන්ට සැලසෙන සේවය පිළිබඳව. ඒක තමන් ඉන්න තැන පිලිබඳ ප්‍රශ්නයක්. ඔය PMC ඕනේ කියන කවුරුත් Medicine ක්ෂේත්‍රයට අවනම් දරන අදහස වෙනස් වෙනවා. හොඳම උදාහරණයක් අපේ චිම්ප දීල තිබුන. මම medicine කරාට මහා ලොකු බ්‍රිය්ට් කෙස් එකක් නෙමෙයි. මම AL කරපු අවුරුද්දේ මට වඩා දක්ෂ අය හුඟකට medicine යන්න බැරි උනා. . සමහර වෙලාවට වැඩ වැඩි උනාම මේ මොන කරුමෙකට medicine කරන්න අවද කියල හිතෙනවා. medicine කරන්න බැරි උණු කැම්පස් යාගන්න බැරි උණු අය අද හොඳ තැන් වල ඉන්නවා. අපි තාම කට්ට කනවා. ඒක හොඳටම දැනෙන්නේ medical ලෝකයෙන් පොඩ්ඩක් එලියට ගිහින් පරණ යාළුවො හම්බ වෙනකොට. ඒ කොහොම නමුත් අද මේක මම රැඳිල ඉන්න ක්ෂේත්‍රය. මම එකට ආදරෙයි. ඒක විනාස වෙලා යනවා දකින්න අපි කැමති නැහැ. ඔය කවුරුත් මේ තත්වේ තමන් ඉන්න ක්ෂේත්‍රයට අදාළ කරලා හිතන්න. මලීට කිව්වා වගේ වෛද්‍ය වරයෙක් කියන්නේ අනික් අයට වඩා මිනිස්සුන්ට සමීපව සේවය කරන , මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක කටයුතු කරන කෙනෙක්. ඉතින් ඒ තත්වය ඒ ආකාරයෙන් පවත්වාගෙන යාමට උදවු කිරීම රටේ හැමෝගෙම වගකීම. උදාහරණ ගොඩක් ගන්න පුළුවන් උනත් මම තව එකක් ගන්නම්. මීට අවුරුදු 10 කට කලින් රුපවාහිනී හා ගුවන් විදුලි නාලිකා ගන්න. පවුද්ගලික ඒවා බොහොම ටිකයි. රජයේ නාලිකාවල තත්වය ඉතාම ඉහලයි. ඊට පස්සේ මොකද උනේ. කිසිම හොයා බැලිල්ලකින් තොරව පවුද්ගලික නාලිකා බිහි උනා. කවුරුත් ඒ කාලේ ඒ වෙනසටත් කැමති උනා. නමුත් අද මොකද වෙලා තියෙන්නේ. ලබය අරමුණු කරගත්තු ඒවා එක්ක තරඟ කරන්න ගිහින් තියෙන තත්වේ ඔක්කොම නැති කරගෙන. වැඩසටහන්, නිවේදකයෝ ඔක්කොම එහෙමයි. අද අපේ ගෙදර TV , radio දාන්නේ හරීම අඩුවෙන්. හැමෝම දැන් පවුද්ගලික නාලිකා වලට බනිනවා. එත් ඒ ගැන හිතන්න තිබුනේ බොහොම කලින්. ඉතින් අපිට සාධාරණ බයක් තියෙනවා අපේ ක්ෂේත්‍රයටත් මේ ටිකම වෙයි කියල. දැනට doctors ල කාටවත් කවුරුවත් දොස්තරය කියල කියන්නේ නැහැ. ( කියනවා ඇති. නමුත් ඒ සමහර අයගේ පවුද්ගලික ගති ගුණ අනුව මිසක් ක්ෂේත්‍රයේ හැමෝටම පොදුවේ නෙමෙයි.). එහෙම වෙන්නේ මේ තාක් දුර අපවත් වාගෙන් ආපු දැඩි ප්‍රමිතිය නිසා. නමුත් ඉස්සරහට ඒ තත්වේ වෙනස් උනොත් රටේ හැමෝම එකට වග කියන්න ඕනේ. රටේ පාලකයෝ මවල දෙන දේ එතන නැහැයි කියල කියන්න ඕනේ තරම් උදාහරණ තියෙනවා. කීපයක් කිව්වොත් හම්බන්තොට වරාය, ගාල්ල කොළඹ අධිවේගී දුම්රිය මාර්ගය. ඔය හොයා ගත්තයි කියන ගෑස් ගැන උනත් මට තියෙන්නේ එහෙම මතයක්. මම ආණ්ඩු විරෝදියෙක් කියල හිතන්න එපා. මම කිව්වේ ඇස පනාපිට. තියෙන උදාහරණ. එකයි මම කියන්නේ PMC එකක් උනත් එනවනම් ඒවා දැඩි රෙගුලාසි යටතේ ප්‍රමිතියකින් යුතුව. ඒ medicine කරන්න සුදුසුකම් තියෙන, ඕනා කම තියෙන අය වෙනුවෙන්. ඒ ආවත් මගේ මතය අනුව දැනට එකක් හොඳටම ඇති. නැතුව අපේ ඇමතිතුමා කියනවා වගේ පඳුරක් පඳුරක් ගානේ නෙමෙයි. පිට කව්රු හරි අපේ වත්තට ඇතුළු වෙලා එකේ මල පහ කරලා හුජ්ජ කරලා යනවට අපි කැමති නෑ නේද. ඒ නිසා කව්රු හරි අනවසරයෙන් ඇතුළු වෙලා නම් ඒ ගැන alert එකේ ඉන්න ඒක කාගේත් ඇඟට ගුණයි. දෙයක් උනාට පස්සේ “අය්යෝ” කියල වැඩක් නැහැ. කියවන්න ටිකක් දිග වැඩි උනත් අමාරුවෙන් හරි කියෙව්වනම් බොහොම ඉස්තුතියි..
loading...
නිවැරදි කිරීමක්. “ගාල්ල -කොළඹ” නෙමෙයි. “ගාල්ල -මාතර” අදිවේගී දුම්රිය මාර්ගය.
loading...
බුරතිනෝ ගේ බොහොම අදහස් වලට එකඟයි බුරතිනෝ… හැබැයි මෙතන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයගේ නියෝජනය අඩු නිසා මෙහෙම උනා කියන එක පිළිගන්න නම් බැහැ. මගේ අත්දැකීම අනුව රටේ පොදු මතයත් ඕක තමයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දොස්තරාලා හැර අනෙත් අයගේ බහුතර මතයත් මේකම තමයි. මම එහෙම කියන්නේ මට අවාසනාවකට වගේ මේ ක්ෂේත්‍රයේ වැඩ කරන්න වෙලා තියන නිසා. අනෙත් එක තමයි බුරා හිතුවට අද වෙනකොට දොස්තරලගේ මෑණියන් මතක් කරලා බැනුම් අහගන්න ඒවා සෑහෙන්න සුලභයි විස්වාස නැත්නම් යන්න කොළඹ අවට පෞද්ගලික රෝහල දෙක තුනකට ගිහින් ටික වෙලාවක් ඉඳලා බලන්න……
මේකට හේතුව බොහො වේලාවට පෞද්ගලික රෝහල් ඇතුලෙ දී ලෙඩ්ඩුන්ට දොස්තරලාගෙන් වෙන අසාධාරන (මගේ ඉස්සෙල්ලා කොමෙන්ට් එකකින් විස්තර කල විදියට )
PMC වලින් මේකට උත්තර හම්බවෙන්නේ නැහැ තමයි බුරෝ ඒත් මට තියන ප්‍රශ්නේ PMC නිසා තව අවුරුදු ගානකින් අමාරුවේ වැටෙන ලෙඩ්ඩු ගැන කතා කරන අය අද මේ ලෙඩ්ඩූ මූන දෙන දේ ගැන නිහඬයි. ප්‍රශ්නේ ඔන්න ඔතනයි. බුරා කියයි මේක සුළුතරයක් කියලා එහෙම කියන්න කලින් බුරා හොයලා බලපන් ඔය සුළුතරය කොච්චර ලොකුද කියලා….
අන්තිමටම කියන්න තියෙන්නේ PMC හදමු හැබැයි නිසි ප්‍රමිතියක් ඇතුව අපි එකතු වෙලා කෑ ගහමු ACT 16 exam එක අනිවාර්ය කරන්න කියලා එහෙම නැතුව මේ “අපි යන්නේ කොයි පාරේ අපේ මී හරක් රැල ගිය පාරේ වගේ” අනෙක් උන් කටපාඩම් කරවලා තෙල බෙදලා කියලා දීපුවා කිය කිය කෑ ගහන්නේ නැතුව
loading...
මම කියන්නේ තියෙන්නේ මෙච්චරයි ඔය PMC වෙනුවෙන් කෑගහන කට්ටියට තව වසර 10 කට විතර පස්සේ බඩේ අමාරුවකට බෙහෙත් ගන්න ගියාම පපුවේ අමාරුවක් හදාගෙන හොස්පිටල් එකෙන් එලියට එන්න උනොත් එදාටත් ඔය කටින්ම කියපල්ලා PMC DOCTORS ලා නම් හරි ෂොක් කියලා..!!
ලංකාවේ මිනිස්සුන්ට දෙයක හොද නරක තේරෙන්න ගොඩක් කල් යනවා හැබැයි තේරෙනකොට ගොඩක් පරක්කු වැඩියි…
loading...
මේ දවස්වල විභාගයක් තියෙන නිසා මේ පොස්ටුව කියෙවන්න පොඩි නිදහස් වෙලාවක් එනකන් බලාගෙන හිටියා. (කොමෙන්ටු අනූගානකට පස්සෙ තියෙන නිසා මේක කාගෙවත් ඇස නොගැටෙන්නත් ඉඩ තියනවා. )දෙපාරක් මෙඩිසින් යන්න ට්‍රයි කරල මෙඩිකල් ෆැකල්ටිය ඉස්සරහ තියෙන ෆැකල්ටියට යන්න සිද්ද වුන කෙනෙක් හැටියට මට මේ ගැන තියෙන්නෙ ටිකක් වෙනස් අදහසක්. මෙඩිකල් යන්න අගය මදි වෙලා මානසිකව උදාසීන වෙලා හිටිය බහුතරයක් තමයි පළවෙනි දවසෙම මට මුණගැහුනෙ.ඒත් ටික ටික කාලය ගතවෙනකොට ඒ කිසිම කෙනෙකුට තමන් දොස්තර කෙනෙක් වෙන්න හිටිය කෙනෙක්නේද කියන අදහස නිකමටවත් හිතේ තිබුනෙ නෑ…..ගොඩක් අය කිව්වෙ පාරෙන් එහා පැත්තට (මෙඩිකල් ෆැකල්ටියට ) යන්න නොලැබුනේ එක අතකට තමන්ගෙ වාසනාවට කියල.ඒ තරමටම අපි ගොඩක් දෙනෙක් අපේ ෆැකල්ටියෙ විශයයන් එක්ක හදවතින් බද්දවෙලා හිටියෙ. අපේ ෆැකල්ටියෙන් ලබපු අධ්‍යාපනය, අත්දැකීම් මෙඩිකල් ෆැකල්ටි දහයකට ගියත් ලබන්න පුලුවන් වෙන්නෙ නෑ…..(මේ පෙරලුණු පිට හොඳයි කීමක් නෙවෙයි. ඇත්ත තත්ත්වය පහදා දීමක් )මට නම් මට මෙඩිසින් යන්න බැරි උන එක ගැන තියෙන්නෙ සන්තෝසයක්. මම දන්න දොස්තරලගෙ ජීවිත දිහා බැලුවම තමා ඒක තේරෙන්නෙ. පුදුමාකාර එආකාකාරී අවිවේකී ජීවිත. අනික දොස්තර කෙනෙකුට තමන්ගෙ career එක ගෙනියන්න පුලුවන් එක පැත්තකට විතරයි. ඒ අතින් බලපුවහම ලෝකයට නිරාවරණය වෙන්න අපිට තියෙන්නෙ පුදුමාකාර අවස්තාවන් ගොඩක්. අනිත් කාරණය පඩිය. අපේ ඩිග්‍රී එක ගත්ත ගොඩක් අයට මාසෙකට ලැබෙන පඩිය දොස්තරලගෙ මාස දෙක තුනක පඩියට සමානයි. මම මේව කිව්වෙ තුන්හිතකින්වත් දොස්තර උපාධිය හෑල්ලු කරන්න හිතාගෙන නෙවෙයි.ගොඩක් අයට තමන්ගෙ ජීවිතේ අරමුණ දොස්තර කෙනෙක් වීමම නෙවෙයි කියන එක ඒත්තු ගන්න්නන. ඒට වඩා හැම අතින්ම ආකර්ශණීය උපාධි තවත් තියනව. ඒ නිසා වෙන්න ඕන තමතමන්ගෙ ආකල්ප වෙනස් කරගන්න එක. ලිං ගෙම්බො වගේ හැම එකාම දොස්තරල වෙන්න හදන එක නෙවෙයි. මෙඩිකල් යන්න ලකුණු මදි උනා නම් ඊට පස්සෙ තියෙන රජයේම වෙන උපාධියක් කරන්න. එතකොට ඔය PMCවලින් තම තමන්ගෙ බඩ වඩාගන්න අයගෙත් බලාපොරොත්තු සුන්. මේ රටේන් බිහිවෙන්න ඕනෙ දොස්තරල ඉංජිනේරුවො විතරක් නෙවෙයි. විද්‍යාඥයො, කළමණාකරුවො, පරිපාලකයො, විෂ්ව විද්‍යාල ගුරුවරු….තව කොච්චර නම් හොඳ ක්ශේත්‍ර තියෙනවද…? ඒ නිසා තමන්ට රජයේ මෙඩිකල් කොලීජියට යන්න බැරි උනා කියල සබ්බ සකල මනාවම වියදම් කරල ගුණාත්මය අඩු වයිද්‍ය උපාධියක් අරගෙන රස්සාවක් නෑ කිය කිය චාටර් වෙනවට වඩා ලෝඅකය දෙස පුලුල් විදිහට බලල තව තියෙන අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන අරගෙන තමන්ගෙ ජීවිතේ සාර්ථක කරගන්න එක වඩා හොඳයි නේද…?
loading...
ඈ බන් සඳා කෙල්ලේ මැඩිකල් ෆැකල්ටියක පාරෙන් එහා පැත්තේ තියෙන ෆැකල්ටිය මොකක්ද? පේරා සයන්ස් වත්ද.
loading...
කවදාවත් ඉස්පිරිතාලෙක විනාඩි කීපයකට වඩා ඉඳල නැති මම මේකට කට දාන්න නුසුදුසුම කෙනා වෙන්න ඇති. එත් ඉතින් හැමෝම එක එක එව්වා කියද්දී මමත් මොනවා හරි නොකිව්වම හරි නෑ වගේනේ. කව්රු මොනවා කිව්වත් පවුද්ගලික ආයතනයක් නම් එකේ ප්‍රධාන පරමාර්ථය ලාභය උපරිම කිරීම (profit maximization). ඔය පටන්ගෙන තියෙන PMC ද මොකද්ද එකේ තත්වය ගැන නම් මම දන්නේ නෑ. එත් අපේ රටේ තොරතුරු තාක්ෂණ පවුද්ගලික උපාධි ආයතන වල තත්වය ගැන නම් මම හොඳට දන්නව. නමුත් ඕනිම ක්ෂේස්ත්රයක මොන උපාධිය අරන් ආවත් ටික කාලයක් ඉන්නකොට නිකන්ම බොරු කාරයෝ ටික හැලිල ගිහිල්ල වැඩ කාරයෝ ටික ඉතුරු වෙනවා. හැබැයි මේ තියරි එකම වයිද්‍ය ක්ෂේස්ත්රයට ඇප්ලයි කරන්න පුලුවන්ද කියන එක අපි හැමෝම හිතල බලන්න ඕනි කාරණයක්. මොකද අනෙකුත් බොහෝ ක්ෂේස්ත්‍ර වල නම් කෙනෙක්ට වැරදි තුලින් උනත් ඉගෙන ගන්න බැරි කමක් නෑ(Trial and error). එත් වයිද්‍යවරයෙක් Trial and error භාවිතා කරලා ඉගෙන ගන්න ගියොත් මොනවා වෙයිද?
මම නම් හිතන්නේ මේකට හොඳම විසඳුම රටේ වයිද්‍යවරු මදි නම් වයිද්‍ය විද්‍යාල වල ඉඩ පහසුකම් වැඩි කරන එක. ඒකට සල්ලි මදි කියනවා නම් අර්ධ රජයේ ආයතන (semi-government) පිහිටුවීම සහ පොදු අවසාන විභාගයක් සියලුම දෙනාට ලබා දීම. මෙතැනදී නිසහස් අධ්‍යාපනය කියල කවුරු හරි කෑගහනවානම් උන්ට කියන්නේ ඉස්සෙල්ල අර්ධ රජයේ ඉස්කෝල(semi-government schools) වලට කෑගහල වරෙල්ල.
loading...
මේ තෙලස්ත්‍රෝ එකේ මගේ පළමුවෙනි comment එක.
මම කැම්පස් යාමේ සිහිනය බොඳ කරගෙන නැවත පැහැදිලි කරගත් කෙනෙක් වෙමි. ඒ හින්දා පෞද්ගලික සහ රජයේ විශ්ව විද්‍යාල 2හිම වැදගත්කම මොහොතකට හෝ බොහෝ සෙයින් දැනී ඇත.
වෛද්‍යවරයෙක් හෝ ඉන්ජිනේරුවෙක් හෝ … etc හෝ දේශපාලුවෙක් හෝ නොවන මට දැනෙන විදියට PMC පිළිබඳව අදහස මරුය. ඒ අදහස Theoretical විදියටම Practical කරගත හැකි නම්, ඒ සඳහා පාවිච්චි කරන මුදල්+සම්පත් පාවිච්චි කරල ඔය යටිතල පහසුකම් කියන දෙය සංවර්ධනය කොරල medical faculty වල annual intake එක වැඩිකරන එක ගොඩක් අමාරු දෙයක් වෙයිද?
හීනෙන් හරි එහෙම කරන්න පුලුවන් නම් හැකියාව+උවමනාව තියෙන තව වැඩිපුර පිරිසකට තමුන්ගෙ හීනේ ඇත්ත කරගන්න පුලුවන් වෙයි නේද?
මට හිතුනෙ එහෙමයි. වැරදි දෙයක් කිව්ව නම් හැමෝම සමාවෙන්න ඔනා…
loading...
මමත් මේකට විරුද්දයි…මම නම් මෙඩ්ඩෙක් නෙවෙයි. මම දන්නව කවද හරි දවසක ගමෙ ඉස්කෝලෙන් ඇවිල්ල මෙඩිසින් තෙරුන කොල්ලෙකුට අසාදාරනයක් වෙයි කියල බයයි.
loading...