Hangout with Sri Lankans around the world!
hide
Diaspora.lk - Hangout with Sri Lankans around the world!
Show
45

බොරුකාරී

ගන්දරයා
මේක ගවුම්/චීත්ත කෑල්ලක් සම්බන්ද කතාවක්.

බෙලියා මේ දවස්වල බොහොම හිතේ අමාරුවෙන් ඉන්නේ කියලා ආරංචියක් ආවා. මොනවා උනත් ඉතින් එක පැදුරේ බත් කාපු, එක හැලියේ බුදියාපු, කොළ බොක්කේ යාළුවා නෙව, ගන්දරයත් ගියා බෙලියගේ ගෙදර බෙලියව බලන්න. අනේ අම්මේ බෙලියා ඉන්නවා කාමරේ ඇඳ උඩට වෙලා අස්සයා මැරිච්ච කවුද බෝයි වගේ, බලා ගත්ත අතේ බලාගෙන කල්පනාව. ඒ මදිවට සැරින් සැරේට ඉකි ගගහ අඬනවා, මූණත් රතු වෙලා. ඊයේ පෙරේදා දෙකේම හරියට කෑමක් බීමක් වත් නැහැලු, කෙප්ප හරකෙක් වගේ හිටිය බෙලියා හාරමාසෙකින් නොකාපු ගැරඬියෙක් වගේ ඇඳේ දපලා ඉන්නවා. බෙලියා ඉන්න හැටි දැක්කම දුකේ බෑ….. දැන් ඔය ඇඳේ පත බෑවිලා බලාගත්ත අතේ බලාගෙන හිටියට කොහොම හිටිය කොල්ලෙක් ද. ගන්දරයත් ඉතින් හෙමිහිට කිට්ටු කලා බෙලිය ළඟට මොකක් ද මේ අරුමැක්කේ වෙච්ච සන්තෑසිය කියල දැන ගන්න.

“බෙලියෝ……”
ම්හ් සද්දයක් නෑ

බෙලියෝ……
ම්හු ඒ පාරත් ප්ර.තිචාරයක් නැහැ

බොල **තෝ

ආන්න ඒ පාර බෙලිය හෙමීට ඔළුව උස්සලා බැළුවා

“මොකද බන් උඹට උනේ”

“කියලා වැඩක් නෑ බං”

බෙලියා කෙඳිරි ගානවා මේ බලපං බෙලියා …. ! උඹයි මමයි දෙන්නා බට්ටෝ පනින කාලේ ඉඳන් යාළුවෝ, පිංචි කියලා පැන්නෙත් අපි, ඔට්ටු තියලා දිව්වේත් අපි, ඉතින් බොට මොකක්ද මට කියන්න බැරි..?
ඔන්න ඒ පාර බෙලියා හෙමින් කතාව පටන් ගත්තා

“උඹ දන්නවනේ ගන්දරයා….. මේ බෙලියා…..වැල්ලබඩ පත්තුවේ ගම් දොරේ ඉපදිලා, මාගම් පත්තුවේ ගිරිවාගං දොලොස් දාහේ ඉඳලා මේ ගෙන්දගං පොලවේ පස් කාපු එකෙක්”
“නැතුව නැතුව උඹ ඉතින් ඉරහඳ ලෙවකාලා මහමූදේ කරිජ්ජ බීපු එකා නෙව ”
ගන්දරයා අඩු වැඩිය සම්පූර්ණ කරා ”

“ඒ විතරක් නෙවෙයි බොල රටේ ඉන්න ලොකුම බොරු කාරයාටත් බොරු කියන්න ඉගැන්නුවේ මම”
“ඇහ් ඒ කොහොමද බං ඒ”

බෙලියා වටපිට එහෙම බලලා මට කතාව කියන්න පටන් ගත්තා.

ඉතින් මේ පහතින් ලියන්නේ බෙලියා මට කියපු කතාව මේක ඉතිං ඇත්තද බොරු ද කියලා කියන්න නම් මම දන්නේ නෑ. මේකට හිනා යන්නෙත් නෑ, ගන්න කියලා කිසිම ආදරුසෙකුත් නෑ. ඒක නිසා හිනාවෙන්න බලාගෙන නම් ඉස්සරහට කියවන්න එපා, කියවලා මට බනින්නත් එපා…

බෙලියා දැන් ටික කාලෙක ඉඳලා යෝග වියායාම කොරනව නෙව, කරන කියන ඕන දෙයක් කැපවීමෙන් උනන්දුවෙන් තිතටම කරන එක තමයි බෙලියගෙ විදිය. ඉතින් මෙහෙම උනන්දුවෙන් උත්සාහයෙන් වැඩ කරලා මේ ඊයේ පෙරෙදා දවසක අපේ බෙලියා කුණ්ඩලීනී යෝගය කියන මහා බලගතු යෝගයක් ලබාගත්තලු, ඕක ලබාගත්තම කාලය හරහා ගමන් කරන්න පුළුවන්ලු. අනාගතේට ඕන නම් අනාගතයට, අතීතයට ඕනනම් අතීතයට මේ කුණ්ඩලිනී යෝගයෙන් යන්න පුළුවන් ලු මේ කුණ්ඩලීනී යෝගය පාවිච්චි කරලා අපේ බෙලියා අතීතෙට ගිහිල්ලා…. ඒකත් මේ චේතිය රජතුමා දැහැමෙන් සෙමෙන් රාජ්යය විචාරන කාලයට.

බෙලියා ගිහිල්ලා කෙලින්ම ප්රා දූභූර්ත වෙලා තියෙන්නේ චේතිය රජ්ජුරුවන්ගේ සිරියහන් ගබඩාවට රජතුමාත් දවල්ට රාජ් බෝජනේ වළඳලා සේවිකාවක් ගෙනාපු මිදි යුස එකත් බීලා හෙම යාන්තම් ඇස් දෙක පියවී ගෙන යන වෙලාවේ තමයි අපේ මේ බෙලියා රජතුමා ඉදිරියට ප්රාුදූභූර්ත වෙලා තියෙන්නේ. රජතුමා බෙලියව දැක්ක හැටියෙම ටිකක් හෙල්ලිලා හිටියලු. නැතුවයැ රුවන්වැලි සෑය ගාව තිබුනු වාමන රූපේට කොහොම පණ ආවාද කියලා එතුමට හිතාගන්න බැරිවෙන්න ඇති. කොහොම උනත් අපේ බෙලියා වැඩ කාරයා නෙව යාන්තම් කියලා කියලා රජතුමාට තේරුම් කරලා දුන්නලු තමන් මේ අනාගතයේ සිට මෙහි පැමිණි මහා තීර්ත යාත්රිකකයෙක් කියලා

ඔන්න ඒ පාර වැඩේ හරි, චේතිය රජතුමා ඉහලම ගරු රාජ්ය් සත්කාර සහිතව රතු පලස් දාලා වඩිගපටුන නටලා, බෙර දවුල්, තම්මැට්ටම්, නලා මේ සියල්ලම ගහලා මහා ඉහලින් අපේ බෙලියව පිළිඅරගෙන. වෙන එකක් තියා රජතුමාගේ අස්ප කරත්තෙන්ම රාජ සභාවටත් එක්කරන් ගිහින් ඇමතියන්ටයි රටේ කුදු මහත් හුදී ජනතාවටයිත් අඳුන්වලා දීලා.

අපේ මේ බෙලියා චේතිය රජ්ජුරුවන්ගේ මාලිගාවට යන වෙලාවේ රටේ මහා විසාල උත්සවයක්. උත්සවය පවත්වන්නේ චේතිය රජතුමාගේ පියරජාණන් වහන්සේගේ පනස්වන ගුණ සමරුව නිමිත්තෙන්. තමන්ගේ පියාගේ ගුණ සමරුව ගැන වර්ථමාන මිනිස්සුන්ගේ වත් කිසි උනන්දුවක් නැති වෙලාවක, අනාගතෙන් කෙනෙක් ඒම රජතුමාට මාර චිත්තප්රිසතියක් වෙන වැඩක් උනා කොහොමින් කොහොම හරි දවස් තුනක් පුරා පවත්වන් මේ ගුණානුස්මරන උත්සවයේ පළවෙනි දවසේ ආරම්භක දේශනය කොරන්ට අපේ බෙලියට පැවරුනා.

හත් ඉලව්වට ගහපු කලාබරයයි කිව්වලු දැන් කොරපන් කෝ චේතිය රජ්ජුරුවන්ගේ තාත්තා ගැන කතාවක්. අපේ බෙලියා දැන් වල්ගේ හපාගෙන මේ පියරජා කියපු කොරපු දේවල් හොයනවලු කතාව කොරන්න, සෙල්ලිපි කියවනවලු පුස්කොල පොත් පෙරෙලනවලු…. මොන මේ පියරජා කොරයි කියලා කියන්න තුත්තිරි ගහක දෙයක් නැහැලු, ජනතාවගෙන් පියරජ තුමා ගැන ඇහුවමත් පිය රජ තුමාගේ මව්බිසව ගැනලු ජනතාව කියන්නේ.

අන්තිමේදි ඉතින් බෙලියා කල්පනා කොරා මේ පියරජා කොරපු මොනම කෙහෙල් ගෙඩියක් වත් නැති එකේ තමන් දන්න දන්න දේවල් ටික දාලා කතාව කරලා කොහොම හරි ජාමේ බේර ගන්නවා කියලා මෙහෙම හිතලා බෙලියා දැන කතාව හදාගත්තා මෙහෙම ” අපේ මේ චේතිය රජතුමාගේ පියරජ තුමා එළාර එක්ක සටනට ගිහිල්ලා මේ රට නිදහස් කරගත්තා, පරාක්රේම සමුද්රමය වගේ යෝධ වැව් හැදෙව්වා රුවන්වැලි සෑය වගේ යෝධ දාගැබ් හැදෙව්වා” වගේ

ඔන්න ඉතින් උත්සවයත් පටන් ගත්තා ආයේ මොනවද අපේ බෙලියත් දෙනවා ගුණ කතනය රම්පෙට පොරි හැලෙන්න ස්ටේජ් දෙදරන්න මයික් පැලෙන්න අතෙන් පයෙන් වැඩ දාලා බලාගෙන හිටියා වගේ අපේ මේ බෙලියා හදාගත්ත ගජබින්න කතාව කොරනවා ජනතාවත් ඇස් උඩ තියාගෙන අහන් ඉන්නවා පුරෝහිතලා ඇමති මණ්ඩලේම තක්බීර් වෙලා.

ඔන්න ඔය අතරේ කොහෙදෝ ඉඳන් මද පවනට ස්ටෙලා වෙච්ච චේතිය රජතුමාත් පාවෙලා ඇවිත් වැටුනා ඉස්සරහම පුටුවකට රජතුමාටත් දැන් ඇහෙනවා තමන්ගේ පියරජා ගැන ජීවිතේට අහලා නැති ජාති ටිකක් මේ අනාගතෙන් ආවය කියන ගොබිලා කියවනවා, රජතුමාටත් මාර සන්තොසයි සුටුස් ගාලා ගත්ත කොලයක් මෙන්න ලියාගන්නවා මඳ පවනෙම අපේ බෙලියා කෙලින ගජබින්න ටික….

බෙලියා කොහොම හරි වැඩේ සාර්ථකව ඉවර කලා රජතුමාටත් හරිම සතුටුයි ඇතෙක් බරට තෑගි බෝග, කොකෙක් බරට රන් කාසි වෙන එකක් තියා රජතුමාගේ දූ කුමාරිත් දෙන්න හැදුවයි කියලා තමයි බෙලියා කියන්නේ

කොහොමෙන් කොහොම හරි ඔන්න උත්සවේ අන්තිම දවසත් ආවා උත්සවේ අවසන් කොරන්නට තිබුනේ රජතුමාගේ කතාවෙන්….. ඔන්න රජතුමා නැග්ග වේදිකාවට ජනතාව මීක් සද්දයක් නැතුව කට ඇරගෙන බලාගෙන ඉන්නවා. රජතුමා බොහොම ගාම්භීරව තමන්ගේ ජනතාව දිහා බලලා පටන් ගත්තා තමන්ගේ කතාව

කළු බණ්ඩාර දෙයියනේ මෙන්න අපේ බෙලියා ගොතපු ගල් පැලෙන බොරු ටික හැඩ වැඩ දාලා අලංකාර එකතු කරලා රජතුමා දෙසා බානවා. “මාගේ පියරජතුමා රට දැය ආගම වෙනුවෙන් කඩොල් ඇතා පිටේ ගොහින් එළාර එක්ක සටන් කොරා …. මම ඒකාලේ හිච්චි එකා මමත් පිය රජතුමාගේ පිටිපස්සෙන් කඩොල් ඇතා පිටේ හිටියා එළාර එක්ක සටන වෙලාවේ”

ජනතාව නම් අද වගේම එදත් හුරේ දාදා රජ තුමා කියන කෙබර අහගෙන හිටියා

ස්ටේජ් එක පිටිපස්සෙන් අග්රත පුරොහිතයි මහ ඇමතියි දෙන්නම එකා පස්සේ එකා කලන්තෙ දාලා වැටෙන කොට බෙලියට නම් තෙරුනාලු එන පොට හොඳ නැහැ කියලා රජතුමා කතාව ඉවර කොරන්න ඉස්සෙල්ලම බෙලියා හිටපු පුටුවටත් නොකියාම වර්ථමානෙට ඇවිල්ලා

ඒ විතරක්ය ඔය එන ගමන් මේ බෙලියා යස රජ්ජුරුවන්ගේ කාලෙටත් ගිහිල්ලා, ඔය සුභ කියන දොරටුපාල පෝරිසාදයාටත් කියලා දීලා ඇවිල්ලා තියෙනවානෙව රජ කම ගන්න හැටි ගැන…!!

*******************************************************************************************************

“ඒ කියන්නේ උඹ මේ රටම රවට්ටපු බොරු කාරයාටත් බොරු ඉගැන්නුවා”…… !!!!

මම ඇහුවේ පුදුමෙන්

“ඔව්……”

“රටම රවට්ටපු සක්විති හොරුන්ටත් රජකම ගන්න හැටි කියලා දුන්නා”

“ඔව් ඔව් බෙලියා කිව්වේ බොහොම ආඩම්බරෙන්…….”

“උඹ යකෙක් නේ බං ”

මම කිව්වේ ඇත්තටම පුදුමෙන්

“හරි ඉතින් දැන් මෙච්චර දේවල් කරපු උඹ මොකද මේ අද නොකා නොබී අඬ අඬ ඉන්නේ”

ඒ පාරනම් බෙලියගේ මූන කළු වුනා

“උඹ දන්නවනේ ගන්දරයා….. මේ බෙලියා…..වැල්ලබඩ පත්තුවේ ගම් දොරේ ඉපදිලා, මාගම් පත්තුවේ ගිරිවාගං දොලොස් දාහේ ඉඳලා මේ ගෙන්දගං පොලවේ පස් කාපු එකෙක්

රටේ ඉන්න ලොකුම බොරු කාරයාටත් බොරු කියන්න ඉගැන්නුවේ මම

සක්විති හොරුන්ටත් රජකම ගන්න හැටි කියලා දුන්නේ මම “

ඉතින්….. ඉතින්…….

“ඉතින් නෙවයි යකෝ එහෙව් අපිටත් දාර කෙප්ප කෙළල රවට්ටන කෙල්ලෝ ඉන්නවා නෙව මේ කොළඹ රටේ” යි කියාගෙන ආයෙත් බෙලියා අඬන්න පටන්ගත්තා .

ඒ එක්කම බෙලියට කෝල් එකක් ආවා
කතා කරේ බවලතෙක්

“අනේ බෙලියෝ ඔයා කොහෙද….. අපි මේ කතරගම යන ගමන් දැන් ගාල්ල හරියේ ඒකයි උදේ කතා කරන්න බැරි වුනේ ”

අපේ බෙලියා අහගෙන ඉන්නවා

“බවලතාගෙ සුකුමොල කටහඬ අස්සෙන් තවත් කටහඬක් ඇහෙනවා ” හා නුගේගොඩ බහින අය ඉක්මන් කරන්න….න න…… එන්න මාරගමා…… මාරගමා………..”

බොරුකාරී, 9.5 out of 10 based on 82 ratings
VN:F [1.9.22_1171]
 ශෙයා

ගන්දරයා

වැල්ලබඩ පත්තුවෙ ගම්දොරේ ඉපදිලා, මාගම් පත්තුවෙ ගිරුවාගම් දොලොස්දාහේ ඉඳලා, මේ ගෙන්දගම් පොලවට ආපු හාදයෙක්….

 All posts by ගන්දරයා  Link to ගන්දරයා's blog

45 Responses to "බොරුකාරී"

  1. හිංචි මල්ලි hinchimalli says:

    පට්ටහ පට්ටයි ඕන්- මට ප්‍රශ්නයක් ඇත ඔය පෝරිසාදයාට අතීතෙට යන්න පුළුවන් කම තියෙද්දි ඇයි ගොහින් පිය රජාගෙන්ම විස්තර ටික අහගත්තේ නැත්තේ

    VN:F [1.9.22_1171]
    Rating: +9 (from 9 votes)
    • ගන්දරයා says:

      පිය රජා ගෙන් නෙවි පිය රජා ගේ පියාගෙන් ඇහුවත් කොරපු දෙයක් තියෙන්න එපාය හින්චියෝ කියන්න …. :)

      VA:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
      • වැල් වැල් says:

        යකො පිය රජ්ජුරුවො කොච්චර දෙයක්ද කරල තියෙන්නෙ…..
        ඔය වගෙ පුතෙක් හදපු එකම මදැ ගුන කියන්න

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
  2. flevi flev says:

    ගොඩක් කාලෙකින් ෆට්ටම කතාවක් කියෙව්වා…..

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
  3. බෙලියගෙ කොලේ ඉ රුනෙ පලවෙනි පරිච්ඡේදයෙදිමයි. නියමා උපමා ටික.

    VN:F [1.9.22_1171]
    Rating: +2 (from 2 votes)
    • ගන්දරයා says:

      මම ම ඕක ඉරුවට තවමත් බෙලියගේ කොලේ නියමයි, ඔය ඔහොම කිව්වට ගෑනු ළමයෙක් එක්කවත් කෙලින් බලලා කතාකරන්නේ නෑ…. කතාකරත් බිම බලාගෙනමයි කතාකොරන්නේ

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  4. Observer says:

    #කල හමාරය්… #ය්යෙන් බාගයය්….!!!!….
    තරු කෝටියය්…..

    VA:F [1.9.22_1171]
    Rating: +8 (from 10 votes)
    • පැට්ටා අවංක පැට්ටා says:

      අරක බාගයයි කිව්වෙ ඔබා මාමත් මාලිබාන්ට බොසා වගේ කටර් එක ඇතුලට ### එබුවද ඈ…..?

      VN:F [1.9.22_1171]
      Rating: +4 (from 4 votes)
    • ගන්දරයා says:

      අපෝයි ඔබා මාමේ මක්කයි උනේ…. :)

      VN:F [1.9.22_1171]
      Rating: +2 (from 2 votes)
  5. Observer says:

    තරු දැම්මේ මේ දැන් ගන්දරයෝ… ලොග් වෙන්න අමතක නැති වුනා….

    VA:F [1.9.22_1171]
    Rating: -1 (from 1 vote)
    • ගන්දරයා says:

      තැංකූ වේවා තරු වලට

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  6. suddi suddi says:

    මේ ගන්දරය වගේ යාලුවෙක් ඉද්දි බෙලිය ගෑන් කුමන කතාද?

    VN:F [1.9.22_1171]
    Rating: +4 (from 4 votes)
    • ගන්දරයා says:

      සුද්දියේ… බෙලියගේ හිතේ අමාරුව නැති කොරන්න ගන්දරයට බැරිය… ඒක නැතිවෙන්න නම් ඉතින් “බොරුකාරී” කතා කොරන්නම ඕනය…..

      VN:F [1.9.22_1171]
      Rating: +1 (from 1 vote)
  7. හඳයා says:

    හොඳ වෙලාවට ඕකා විජය රජ්ජුරුවන්ගෙ කාලයට නොගියෙ. එහෙම වුනානම් මූ කුවේණිව උස්සන් මෙහාට එනව.

    VN:F [1.9.22_1171]
    Rating: +2 (from 2 votes)
    • ගන්දරයා says:

      හොඳ වෙලාවට එහෙම නොවුනේ….. එහෙම උනා නම් එහෙම සිංහල ජාතිය පැවත එන්නේ විජයගෙන් නොවෙයි බෙලියගෙන් වෙනවා……. :)

      VN:F [1.9.22_1171]
      Rating: +6 (from 6 votes)
  8. ජීනියස් ජීනියස් says:

    ඔන්න ඕකයි බෙලියෝ පුල්මුඩේ තත්වේ… තරු 10 යි

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ගන්දරයා says:

      ආයෙත් අහලා ජීනියස් මෙහෙම උන්ටත් බොරු කියන කෙල්ලෝ….. දැන් කාලේ ඉන්නේ….. :)

      VN:F [1.9.22_1171]
      Rating: -1 (from 1 vote)
  9. malaa says:

    හි හි . කෙල්ලොන්ව එපා වෙලා හිටියේ උදේ ඉදල, මේක දැක්කම ඉතුරු ටිකත් එපා උනා , දෙන දෙයියෝ ටොකු ඇන ඇන දෙනවා ලු නේ

    VN:F [1.9.22_1171]
    Rating: -1 (from 1 vote)
    • ගන්දරයා says:

      ඇයි මාලෝ උඹටත් මේ වගේ වැඩක් වත් උනා ද…. ලියපං ලියපං අපිටත් දැනගන්න

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  10. පැට්ටා අවංක පැට්ටා says:

    ඇයි දන්නැද්ද ගම නැගුම සංකල්පය යටතේ ගාල්ලටයි අලුත්ගමටයි අතර නුගේගොඩ කියලයි මහරගමා කියලයි ටවුන් දෙකක් හැදුවනෙ අප්පා… එතනින් එනකොට තමා අර බලවතී කෝල් කරල ඇත්තෙ. :පී :පී :පී
    ගන්දර අයියා අරයත් එක්ක පොඩි කාලෙ බට්ටො විතරමද පැන්නෙ? නෑ මේ දන්නැති නිසයි අහන්නෙ :P :P :P

    VN:F [1.9.22_1171]
    Rating: +3 (from 3 votes)
    • ගන්දරයා says:

      ඇත්තටම ඔය බොරුකාරී හරි හොඳ කෙල්ල…. චූටි වැරැද්දකට තියෙන්නේ පට්ට කෙබර කියන එක විතරයි … ඒකත් අතේ මාට්ටු වෙන්න…. :)

      VN:F [1.9.22_1171]
      Rating: +1 (from 1 vote)
  11. බුරතිනෝ බුරතිනෝ says:

    ගන්දරයෝ මේ,, වෙන වැඩ පැත්තකින් තියල පොතක් දෙකක් ලියපිය…උඹට මවල දෙන්න පුළුවන් …. පට්ටටයි ආ…:-D

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
    • ගන්දරයා says:

      තැංකූ වේවා බුරෝ… හැබැයි මෙතන නම් මම මවපු දේවල් තියෙන්නේ බොහොම චුට්ට්යි. සම්පූර්ණ සත්‍ය සිද්ධියකි නම් ගම් පමණක් මනකල්පිතයි…… :)

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
      • බුරතිනෝ බුරතිනෝ says:

        නෑ නෑ මම අදහස් කලේ උඹට පොඩි සිද්දියක් උනත් රස වැහෙන විදියට දෙන්න පුළුවන් කියලා :-D

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
  12. බුරතිනෝ බුරතිනෝ says:

    මට මතක විදියට උබේ පලවෙනි කතාවෙන් උබේ ඔරිගින් එක ගැන කිව්වේ ඔය බෙලිය කියපු විදියටමයි. දැන්න්නම් සීයට දෙසීයක් ෂුවර් බෙලිය කියන්නේ ගන්දරයම තමයි කියල :-P

    VN:F [1.9.22_1171]
    Rating: +2 (from 2 votes)
    • ගන්දරයා says:

      මලා….. බඩු මාට්ටුය…. :)

      VN:F [1.9.22_1171]
      Rating: +2 (from 2 votes)
  13. Jayya says:

    “ජනතාව නම් අද වගේම එදත් හුරේ දාදා රජ තුමා කියන කෙබර අහගෙන හිටියා”
    උපරිමයි ගන්දරයෝ උපරිමයි.. කාලෙකට මන් අහපු හොඳම කතාව.. බෙලිය හීනෙන් ගිහින් තියෙන්නේ වර්තමානේටම තමයි..

    VN:F [1.9.22_1171]
    Rating: +2 (from 2 votes)
    • ගන්දරයා says:

      තැංකූ වේවා ජයියා අයියේ……….. :)

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  14. රංජා රංජා says:

    කාලෙකින් හොද කතාවක් ගන්දරයො තරු 10 මදි දාහක් වත් දෙන්න තිබුනනම් මරු ඕයි….

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
  15. චීටා cheeeta says:

    හිකිස්…… බෙලිය වගේ යාළුවො ඉන්නකොට ගන්දරයට හතුරෝ මොකටෙයි. බෙලියටත් මේ පැත්ත එන්න කිව්වනම්.

    VA:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
  16. amb says:

    මල් හතයි ගන්දරස්.
    :P

    VA:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
  17. පිංගුත්තරයා පිංගුත්තරයා says:

    ඕක තමයි වෙනස. දෙගොල්ලොම බොරු කිව්වට කෙල්ලොන්ට මාට්ටු නොවෙන්න බොරුවක්වත් කියාගන්න බැහැ.

    VA:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
  18. සුපර්මෑන් සුපර්මෑන් says:

    එල කතාව ගන්දරයා…,, හිනා යන්නෙ නෑ කිව්වට අග හරියේ චූටි හසරැල්ලක් යනවා හික් හික්

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
  19. මට පේන විදියට . . . බෙලිය ඔය බලේ පාවිච්චි කරල දැනට ටික කාලෙකට කලිං ඕස්ට්‍රේලියාවෙ “ඇඩිලේඩ්” කියන පැත්තට ගිහිං තියනව . . . . .

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
  20. බුරතිනෝ බුරතිනෝ says:

    ඇඩෝව්ව්………:-D

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  21. මට ඔය මොකක්ද බලේ ලැබුණොත් සුටුස් ගාල යන්නේ කාෂ්‍යප රජතුමාගේ කාලේ සීගිරියට……
    වෙන මොකටවත් නෙවෙයි…බිතුසිතුවම් ටික හැබැහින් බලාගන්න……

    VN:F [1.9.22_1171]
    Rating: +3 (from 3 votes)
  22. වසුන්දරා වසුන්දරා says:

    ඔන්න ඔහොමලු උනා කියන්නේ.. නේද ගන්දරයෝ..;)

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • වසුන්දරා වසුන්දරා says:

      කොහොම උනත් කතාව නම් නියමෙටම ලියල තියෙනවා ගන්දරයෝ..

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  23. උක්කුවා උක්කුවා says:

    එල පාර.සුපිරි…

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
  24. සෝනාර් හෙවත් සන්දික සෝනාර් හෙවත් සන්දික says:

    කතාවනම් එල..කවුද හිතුවෙ අන්තිමට 138 බස් එකක දොර ගාවින් කතාව ඉවර වෙයි කියලා..තරු 10ක් විසිකොලා ඔන්න..

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
  25. සඳා සඳා says:

    කියන්න බැරි උනානෙ මැලිබාන් එකේ ලොක්කට මොකක් උනත් හොඳ වැඩේ මේ ලෝකෙ මිනිහෙකුට කන්න බැරි විස්කෝතු හදනවට……

    VN:F [1.9.22_1171]
    Rating: +3 (from 3 votes)
  26. ගන්දරයා says:

    හඳාට මල් පාර තිතටම වැදිලා :D

    VA:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
  27. hasa hasa says:

    නියමය. පට්ටය. දහයය.

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)

Leave a Reply

Sinhala transliteration (β) - වෙන තැන් වල සින්හලෙන් ලියලා කොපි කරන්න ඕනේ නෑ. කෙලින්ම කොමෙන්ට් box එකේ සිංග්ලිශ් වලින් ලියන්න.

Click ctrl+b to toggle the transliteration

© 2013 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Processed 127 queries in 0.780 seconds.