Hangout with Sri Lankans around the world!
hide
Diaspora.lk - Hangout with Sri Lankans around the world!
Show
23

නොසැලෙමු

shingi

රස්සාව නිසා අපේ මල්ලියි මමයි කුලී ගෙදරක තමා ඉන්නෙ. සති දෙකතුනකට සැරයක් උපන් ගෙදරට යන්නෙ.

කුලී ගෙවල්වල ඉන්න අය දන්නවා මේවගෙ තියෙන ප්‍රශ්න. අපිටත් එහෙමයි. හැබැයි අපි දෙන්නා ලේසියකට සැලෙන්නෙ නෑ.

අපි අලුතින් ආව ගෙදර කුස්සියෙ වහළෙ ලීක් කියලා අයිතිකාරයා කිව්වෙ අපි ගේ ගන්ඩ තීරණය කරාට පස්සෙ. අපි සැලුණෙ නෑ; කුස්සියට යාම අඩු කරලා, කඩෙන් කන්ඩ පුරුදු වුණා.

පදිංචි වුණු ගමන් තේරුණා කුස්සියෙ විතරක් නෙවේ, ටොයිලට් එකෙත් වහළෙ ලීක් බව. වතුර බින්දු බින්දු කොමෝඩ් එකේ වතුර ටැංකිය උඩට වැටිලා, ඇඟට විසි වෙනවා. අපි සැලුණෙ නෑ. ටැංකියෙ උඩ පියන අයින් කරා. එතකොට වතුර බින්දු වැටෙන්නෙ ඇතුළෙ වතුරට. අපේ ඇඟට විසි වෙන්නෙ නෑ.

ඇවිත් දවසක් දෙකක් යනකොට තේරුණා රෙදි සෝදනකොට වතුර බහින්නෙ අඩුවෙන් හින්දා ගේ පුරා වතුර ගලන බව. මුලදි කොස්සෙන් මේ වතුර පිහින්ඩ ගිහින් කොස්සත් කැඩුණා. අපි සැලුණෙ නෑ; මෙහෙ රස්නෙට කොහොමත් බිම වේලෙනවා ඊලඟට රෙදි හෝදන දවස වෙනකම්. අපි ගේ අතුගාන එකයි, වතුර පිහින එකයි නැවැත්තුවා.

රෙදි හෝදලා වනන්ඩ තැනක් නැහැ, එළියෙ මිස. ඒත් එළියෙ වැල්වලට රෙදි දාලා පරිස්සම් කරන්ඩ අපි දවල්ට ගෙදර ඉන්න එක්යැ.  අනික එළියෙ වැල්වලට අයිතිකාරයොත් ඉන්නවා. අපි සැලුණෙ නෑ; සාලෙ වැලක් බැන්දා. ඒ කෑල්ලෙන් වැඩක් ගන්ඩත් එපායැ; ඒකටත් කුලී ගෙවනවනෙ.

ටොයිලට් එකේ ෆ්ලෂ් කරන කෑල්ල කැඩුණා. අපි සැලුණෙ නෑ. ඒ වෙනුවට යකඩ කොක්කක් හයි කරා.

ඇවිත් සති කීපෙකින්ම මල්ලිගෙ කාමරේ ලයිට් එක ගියා. අපි සැලුණෙ නෑ; සාලෙ ලයිට් එක ගලවලා කාමරේ හයි කරා. කොහොමත් සාලෙ හරහා ගෙට එනවට වඩා දෙයක් නෑනෙ. ඕකට ලයිට් මොකටද?

මගෙ කාමරේ ෆෑන් එක කැඩුණා. අපි සැලුණෙ නෑ; ගෙදර ගිය වෙලාවක එහෙ තිබුණු පරණ ටේබල් ෆෑන් එකක් උස්සන් ආවා.

මල්ලිගෙ කාමරේ ෆෑන් එක කැඩුණා. අපි සැලුණෙ නෑ. ටික දවසක් පවන් ගගහ ඉඳල, අලුතෙන් ටේබල් ෆෑන් එකක් ගත්තා.

ටොයිලට් එකේ ලයිට් එක පිච්චුණා. අපි සැලුණෙ නෑ. ටොයිලට් යන වෙලාවට කෑ ගහල කියනවා “මං ටොයිලට් යනවා” කියලා. දොර ඇරගෙන ඔහෙ යනවා. අනිකා කාමරෙන් එළියට නෑවිත් ඉන්නවා.

ඔහොම සාමයෙන් සතුටෙන් ඉන්න අතරෙ දවසක අම්මලා බලන්න ගියා. ගිහින් ටිකක් කතා කරලා, මම නැගිට්ටා ටොයිලට් යන්න; කෑ ගැහුවා ගෙදර සේරටම ඇහෙන්න: “මම ටොයිලට් යනවා”

කියලා දොර ඇරගෙනම ලෑස්ති වුණා.

ගෙදර මිනිස්සු ටිකක් අමුතු විදිහකට බැලුවා. මල්ලි අනුකම්පාවෙන් මං දිහා බලලා කිව්වා, “මෙහෙ ටොයිලට් එකේ ලයිට් තියෙනවා” කියලා.

 

අපි සැලුණම නෙවෙයි. ඒත් කෝකටත් කියලා, ඊලඟ සතියෙ ටොයිලට් එකට බල්බ් එකක් හයි කරා.

නොසැලෙමු, 9.5 out of 10 based on 86 ratings
VN:F [1.9.22_1171]
 ශෙයා

shingi

This user has not updated his description

 All posts by shingi  Link to shingi's blog

23 Responses to "නොසැලෙමු"

  1. හිංචි මල්ලි hinchimalli says:

    මට මතකයි ඒ දවස් වල අපිට ඉගැන්නුවා don’t care condition කියලා එකක්. මට පේන්නේ මේ යොදාගෙන තියෙන්නෙත් ඒකම වගේ. මොනවා උනස් නොසැලෙන දෙන්නෙක් මරු මරු

    VN:F [1.9.22_1171]
    Rating: +4 (from 4 votes)
  2. wasa wasa says:

    නොසැලී ඔහොමම ඉදිරියටම යන් මචංලා….පැය 3, 4ක් නිදා ගන්න විතරක් මොකටද කුලී ගෙයක්..ඔන්න ඔහෙ ඒ ටිකටත් ශේප් එකක් දා ගමු නේ…

    VN:F [1.9.22_1171]
    Rating: +3 (from 3 votes)
  3. Jayya says:

    හපොයි.. මට බය උඹල දෙන්න අහවල් එක කැඩුනොත් මොකක් පාවිච්චි කරයිද කියලා !!

    VN:F [1.9.22_1171]
    Rating: +5 (from 5 votes)
    • පැට්ටා අවංක පැට්ටා says:

      ඇයි මේ ජයියට විතරක් ම මේ වගේ ප්‍රශ්ණ මතු වෙන්නෙ? කොල්ලොන්ගෙ අහවක් එක හැර වෙන දෙයක් ඇත්තෙම නැහැ ජයියටත්. ලොල් :P :P :P

      VN:F [1.9.22_1171]
      Rating: +2 (from 2 votes)
    • හැලපයා says:

      කියන්නෙ ගෑනු ලමයෙක් බං …උබල දෙන්නා නැටි පාග ගෙන

      VA:F [1.9.22_1171]
      Rating: +1 (from 1 vote)
    • හැලපයා says:

      shingi කියන්නෙ ගෑනු ලමයෙක් බං …උබල දෙන්නා නැටි පාග ගෙන

      VA:F [1.9.22_1171]
      Rating: 0 (from 2 votes)
  4. henryblogwalker the Dude henryblogwalker says:

    අනේ උඹල දෙන්න කුලී ගෙවල් හිමියන්ගෙ සිහින කුමාරවරු දෙන්නෙක්නෙ. මට තිබ්බ නම් ගෙයක් මම කුලියට දෙන්නෙ උඹලට විතරයි.
    henryblogwalker the Dude

    VA:F [1.9.22_1171]
    Rating: +3 (from 3 votes)
  5. වසුන්දරා වසුන්දරා says:

    සැලෙන්ඩ එපා සැලෙන්ඩ එපා.. :D

    VN:F [1.9.22_1171]
    Rating: +2 (from 2 votes)
  6. රංජා රංජා says:

    දවසක් නිදාගෙන ඉන්නකොට ඇඳ කඩන් වැටුන සැලුනෙ නෑ බිම නිදා ගත්ත.

    VN:F [1.9.22_1171]
    Rating: +4 (from 4 votes)
  7. MAHASONA MAHASONA says:

    වැරදිලාවත් කොමඩ් එක කැඩුනොත් මොකද කරන්නේ?

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  8. ඔය විදියට එන ප්‍රශ්න වලට මුහුන දිදී කලකිරීමකට පත් වෙලා ගෙවල් අයිති කාරයාට කුලිය ගෙවන්නෙ නැතුව කට්ටි පැන පැන ඉඳලා දවසක් ගෙදර එනකොට ගේට්ටුවෙ ඉබ්බා ඇරෙන්නෙ නැති හින්දා වෙන ඉබ්බෙක් හොයලා දැම්මා ගේට්ටුවට ……ආවා පොලිසියෙන් කුදලගන ගියා අයියා මලෝ දෙන්නම අන්සතු දේපලකට අනවසරයෙන් ඇතුල්වුනා කියන වරදට…..

    VN:F [1.9.22_1171]
    Rating: +5 (from 5 votes)
  9. හිකිස්

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  10. DongaAyya says:

    නොසැලි ඉදිරියටම!!!!
    එල සින්ගි නගා ඔහොම යං යං

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  11. හැලපයා says:

    සැලෙන් එපා Shingi

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  12. සිංගි . . . කෝ අර යස්ස පැටිය ???

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
    • මාත් අහන්න හැදුවෙ ඒක තමයි…ඒකා අක්කට මඩ විසික් කොරල පැත්තකට වෙලා ඉන්නවා…

      සැලෙන්න එපා ශින්ගි ……

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  13. malaa says:

    ගෙයක් කියල පරණ මයිනර් කට්ටක් වත් ද ගත්තේ :)

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
  14. අඹයා අඹයා says:

    එලම කිරි… ඔහොම යන්

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  15. Observer says:

    ජෙනිවින් වන් ඕනර් කියපු කාර් එකක් ගත්ත වගේ. ඔක්කොම කොළ කඩදාසි චෙක් කරලා ගත්තෙ, ඇත්තටම අලුතෙන්ම කොම්පැනියෙන් කාර් එක අරන් තියෙන්නෙ, ඔන්ලි ඕනර් කියල, කාර් එක විකුනපු, වයසක ඉස්කෝලෙ මහත්තය එයාගෙ තරුණ කාලේ. කාර් එකේ තියෙන ලෙඩ කවදාවත් හදල නැහැ, ලෙඩේට හරියන විදියට එලවන්න පුරුදු වෙලා මිසක්.

    පොඩි උදාහරණයක්, සෙකන්ඩ් ගියර් එකේ ඉඳල කිසි කරදරයක් නැතුව තර්ඩ් ගියර් එකට මාරු කරන්න පුළුවන්. හැබය් මොන විදියකින් වත් ෆෝර්ත් එකේ ඉඳල තර්ඩ් එකට ඩවුන් ශිෆ්ට් කරන්න නම් අම්ම මුත්තෙ කිව්වත් බැහැ. හැබැය් එක ක්‍රමයක් තිබුන, ගියර් ශිෆ්ට් ලිවර් එක, නියුට්‍රල් එකට ගෙනල්ල සෙකන්ඩ් එකට නොදා, සෙකන්ඩ් එක පැත්තට චුට්ටක් අල්ලලා, තර්ඩ් එකට දැම්මොත් බබා වගේ ගියර් එක වැටෙනවා. ඉතින් මොන මගුලකටද ගියර් බොක්ස් රෙපෙයාර් එකකට සල්ලි වියදන් කොරන්නෙ.

    ගැනුම් කාරයට, ඔක්කොම ඒ වගේ තියෙන ලෙඩය්, ඒවා ජයගන්න හැටිය් කියල දීල, ඒවාට ගැලපෙන්න ගානත් අඩු කරල තමා, අර අවංක ඉස්කෝලෙ මහත්තය කාර් එක වික්කෙ. කාටද ඉතින් කොම්ප්ලේන් කොරන්න පුළුවන්.

    ප්‍රශ්නේ මෙච්චරය්, අද කාලේ හැටියට ගෙවල් කුලිය සාධාරණද, එහෙමත් නැත්තන් ඕනෙවට වඩාත් සාධාරණද?

    අසාධාරණ වුනත් සැලෙන්න එපා SHINGI

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
  16. මමත් හිතාන හිටියේ ශින්ගි කියන්නේ කොල්ලෙක් කියලා….
    ශින්ගි ඔයගොල්ලෝ ඔය බෝඩිමේ ඉන්නවට අයිතිකාරයා කීයක් ගෙවනවද?

    මටත් සීන් එකක් මතක් උනා. මම කැම්පස් යන දවස්වල අපි හිටියේ කාමර සංකීර්ණයක. බෝඩිමේ තට්ටු යි. එක තට්ටුවක කාමර යි. කාමරයක කොල්ලෝ යි. එක තට්ටුවකට ටොයිලට් යි. අපේ එවුන් ඉතින් උදේම යනවා ලෙක්චර්ස් කියලා. උන් යන ලේක්චරයක් නැහැ එත් රස්තියාදු ගගහ ඉන්නවා. මම කැමති නැහැ ඔය කාලේ කන වැඩ වලට. ඉතින් මම කරන්නේ තවත් පැය ක් විතර නිදාගෙන දෙයියනේ කියල දවල් එකට විතර කැම්පස් එක පැත්තට යන්නේ. ඉතින් මම මුණ හෝදන වෙලාවට බෝඩිමේ බල්ලෙක්වත් නැහැ. දවසක් මම ආතල් එකේ බෝගක් එහෙම බාල ඉවර වෙලා බලනකොට වතුර නැහැ. වතුර ටිකක් ගෙන්න ගන්න කෙනෙක්වත් නැහැ. ඉතින් මොකද කරන්නේ. මට ආවා අයිඩියා එකක්. කව්රුත් නැහැනේ බෝඩිමේ. නිර්වස්තරෙන්ම කාමරේට ගියා. කලින් දවසේ සෙට් උන වෙලාවේ බීලා ඉතුරු උන කෝක් බෝතලයක් තිබුනා. ගෙනිච්චා ටොයිලට් එකට. හොදගත්තා පශ්චාත් භාගය. ආතල් එකේ කැම්පස් එකට ගියා.

    VN:F [1.9.22_1171]
    Rating: +7 (from 7 votes)
    • uncle sam uncle sam says:

      උඹ ඇල්.සී.ඇස්. නයිට් ශිෆ්ට් කොරන කාලෙත් ඔහොමද කොරේ? හික්ස්..

      VA:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  17. hasa hasa says:

    සිරාවටම ලියලා තියෙනවා. මාර ගති.
    ඔන්න දුන්නා තරු දහයම අත දිග ඇරලා.

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  18. සඳා සඳා says:

    ආදුරුසුමත් කතාවක් කියල කියවගෙන කියවගෙන ගියාට අන්තිමටනෙ බෝම්බෙ පුපුරන්නෙ…..? කඳුලු අතරින් සිනාසුනෙමි!

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)

Leave a Reply

Sinhala transliteration (β) - වෙන තැන් වල සින්හලෙන් ලියලා කොපි කරන්න ඕනේ නෑ. කෙලින්ම කොමෙන්ට් box එකේ සිංග්ලිශ් වලින් ලියන්න.

Click ctrl+b to toggle the transliteration

© 2013 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Processed 119 queries in 1.909 seconds.