Hangout with Sri Lankans around the world!
hide
Diaspora.lk - Hangout with Sri Lankans around the world!
Show
46

සුදුළූණු පොඩි කිරීම

ගුලියා

[box class="info"] ඔන්න කලින් ම කිව්වා මේ සිද්ධිය වෙන්නේ මටය. හිනා යන්නේ ද නැත. හුදෙක් මා විසින් මගේ ටිකට් කපා ගැනීමකි. එහෙත් ගට අරගෙන ඕන ටකරමක් වෙන්නයි කියා ලියමි.[/box]

[dropcap]මේ[/dropcap] ගුලියා සුට්ටන් එකා කාලේ, ඒ කියන්නේ ගුලියා 3 වසරේ.

ඒ කාලේ අඬන දෙපැය තිබ්බේ නෑනේ. බැලුවොත් ආතාවෙන් බැලුවේ කෝපි කඩේ තමයි ඉතින්. තාමත් යනවද මන්දා. ඔන්න ඕවගේ සුන්දර ලපති කාලෙක එක බදාදා රෑ ක  නිදාගන්න යනකොට ගුලියට මතක් වෙනවා…. “හුටා ගෙදර වැඩ කලේ නෑ නේද” කියල. දැන් මොනවා කරන්න ද ඒ රෑ ගෙදර වැඩ කරන්න බෑ නේ… මොනවා කරම් දෝ දෝ කියල අහස පොලොව ගැට ගහන්න කල්පනා කර කර ඉන්න කොට තමයි එදා රෑ කොපි කඩේ පොළී මුදලාලි (අඩේ පොළී මුදලාලි ගේ මූණ මතක් වෙනකොට මතක් වෙන්නේ අපේ ඔබා මාමව… සත්තයි) කරපු පොඩි උප්පරවැට්ටියක් මතක් වෙන්නේ. උන්දෑ එදා නාට්‍යයේ මොකක් හරි මගොඩියකින් බේරෙන්න සුදුළූණු බික් දෙකක් කිහිල්ලේ ගහගෙන බොරු උණක් හදා ගන්නවා. හරි නේ… මතත් මේක තමයි එකම ගොඩ යාම. අම්මා නිදා ගන්නකම් ඉඳලා ගියා කුස්සියට. තුනපහ රාක්කෙට උසවත් නෑ මගේ හිතේ… මොන මගුලක් කරලා හරි සුදුළූණු ටික හොයා ගත්තා කියමුකෝ. දැන් ඉතින් බික් දෙකකින් මේ වැඩේ හරි යයි ද… වැරදියිද…. හොයන්න දැනගන්න ඕක ගූ ගලේ අතුලන්න තිබ්බ එකක් යැ. ඉතින් ගුලියත් ටිකිරි මොළේ පාවිච්චි කරළා බැරි වෙලාවත් බික් දෙකකින් ලාවට උණක් ගත්තොත් වැඩේ හබක් වෙයි කියල කෝකටත් ෂුවර් එකටම හරි යන්න බික් දෙක වෙනුවට ගෙඩි දෙකක් ම අරගෙන ගිහින් කිහිල්ලේ තියාගෙන නිදා ගත්තා. කොහොමින් හරි උදේ එළිය වැටිලා පස්සට දෙකක් දීල අම්ම නැගිට්ටුව කියමුකෝ… සුදුළූණු ගෙඩි දෙකනම් missing. ඇති උණකුත් නෑ නෑ වගේ… ඒත් පොඩි ගුලියා හිතන්න ඇති ඌට උණ ගන්නන්න සුදුළූණු වාෂ්ප වෙන්න ඇති කියල…. ඔය හරුප තර්ක තේරෙනවා ද ඔය වයසට… තේරුනත් නැතත් අම්මගෙන් අහන්න යැ. දෙයි කන හරහා ඔහොම කළා කියල දැන ගත්තොත්. දැන් සුදුළූනුත් අතුරුදහන් නිසා ගුලියාටත් වැඩේ ෂුවර්. දැන් අම්මත් එක්ක එකම පොරේ ඌට සහලෝල උණ කියල. ඒත් මොන… දන්නවනේ අම්මලාගේ හැටි… අද කාලේ වගේ අහ් මගේ සූකිරි පුතා තව ටිකක් දොයියන්න කියන ජාතිය නෙමෙයි නේ…

හරි හරි අපි බලමුකෝ ගිහින් මූණ කට හෝදගෙන එන්නකෝ” මූණ කට හොදන් ආවට පස්සේ ආයෙත් අම්මත් එක්ක ගුස්පි අල්ලන්න දැඟලුවට අන්තිමට යුනිෆෝර්ම් එක අන්ඳනකම්ම කොහොම හරි අම්ම වැඩේ අතාරියේ නෑ… ගුලියත් අතාරින්නෙ නෑ බිම පෙරලි පෙරලි “මට උණ… මට උණ… මත ඉස්කෝලේ යන්න බෑ….. සනීප නෑ…” කියා කියා ඇඬුවත් අන්තිමට ඉස්කෝලේ වෑන් එක හෝන් ගහනකම් ඉඳලා අම්ම තුමෝ පන්තියේ ටීචර් ට දෙන්න කියල 3 ට 4 ට නවපු පොඩි ලියුම් කඩදහියකුයි ළමා පැනඩෝල් පෙති දෙකකුත් සාක්කුවට දාල කොහොම හරි වෑන් එකට නග්ගලා ඉස්කෝලෙට එව්වා. එදා ඉස්කෝලේ ගියේ මරන්න යන හරකෙක් යනවා වගේ. කොහොමින් පන්තියට ගිහින් ටීචර් ට ලියුමත් දුන්න. එදා  ඒ ලියුමේ මොනවා තිබුනද දැන ගෙන හිටියේ නම් නෑ. ටීචරුත් ලියුම කියවලා “හා දැන් ඉතින් පුතා ගිහින් ඉඳ ගන්න කෝ” කිව්වා. ඒත් මොන මගුලක් ඒ ලියුමේ තිබ්බද කියල දන්නේ නැතුව මොන හිතකින් පංතියේ ඉන්නද… ඒත් හිටියා… ඇයි තාප්පෙන් පැනල ගෙදර එන්න යැ.

ඔන්න ටික වෙලාවකින් ටීචරුත් කට්ටියගේ ගෙදර වැඩ කොනක ඉඳල බලාගෙන එනවා. වැඩ බාගෙට කරපු උන්ටත් පොඩි පොඩි සැල් පාර්ට්… මේ අතරේ පොඩි ගුලියත් කියන්න බොරු කෝටියක් විතර හිතනවා. ඔහොම ඉන්නකොට ටීචර් ගුලියා ගාවටත් ආව… ගුලියත් බොරු ටොන් පිටින් ෆයර් කරන්න කාලතුවක්කු රෙඩි කරගෙන ඉන්නේ…. මොන… ඒත් ටීචර් වචනයක් වත් නොකිය පොත දීල යන්න යනවා. අපරාදේ ලෝඩ් කරපු බොරු ටික.

එදා චූචි සුට්ටන් ගුලි නාම්බට ඒක හෙනම ප්‍රෙහෙලිකාවක් උනා. අම්මගේ ලියුමේ මොනවා තිබ්බද කල්පන්නා කරන්නම ගිහින් දන්නෙම නැතුව ඉස්කෝලෙන් අස්වෙන දවසත් ආව. 9 වසර විතර වෙනකම් හොඳම පැමිණීමට තෑගි දෙන පොත් පාර්සලේ ගන්නවා නම් මතකයි. හැබැයි 9 වසරෙන් පස්සේ හේතුවටයි අහේතුවටයි වැස්සටයි… පෑවිල්ලටයි කොයි කාලෙටත් වැඩි හරියක් හිටියේ ඉස්කෝලේ කොම්පුටර් ලැබ් එකේ :D නැත්නම් යුනිෆෝර්ම් එකේ නමින් රෝන්දේ… මොනවා උනත් මේ පාර ලංකාවට ගියහම ඔය සුදු ළූණු කතාව අම්මගෙන් අහන්න ඕන වුනා… හැබැයි කතාව අහපුවාම පොළොව පලාගෙන යන්න හිතුනා. හනේ හපොයි කවද කාපු ටකරන් ද මේවා….

මෙන්න මෙහෙමයි වැඩේ වෙලා තියෙන්නේ අපි රෑට කොච්චර මදුරු දැල් දාල නිදා ගත්තත්, ඔය මදුරු දැලට හේත්තු වෙන අත් වලට, කකුල් වලට මදුරුවෝ වහනවට, පාන්දර ජාමේ ඇහැරලා නිදාගෙන ඉන්න ගුලියව බලල ඇඳ මැද්දට තල්ලු කරලා යන්න එන පුරුද්දක් අපේ අම්මට අදටත් තියෙනවා… (ඕක මාර ම පුරුද්දක්) අන්න ඒ වගේ එදාත් අම්ම නිදාගෙන ඉන්න ගුලියව බලන්න ආපුවම ඔය සුදුළූණු ගෙඩි දෙක දැකලා… අයින් කරලා… එදා කෝපි කඩේ අම්මත් බලපු නිසා මගේ මගොඩි plan එකේ අග මුල එකතු එකරලා ඔහොම දෙයක් ඉතින් කරන්නේ කරන්නේ ගෙදර වැඩ නොකරපුවම කියල අම්මට මීටර් වෙන්න ඇති. අම්මට මතක විදිහට ටීචර් ට ලිව්වයි කියන්නේ “පුතාට උණ ගතියක් තිබ්බ නිසා ගෙදර වැඩ කරවන්න අතපසු උනා. උවමනා උනොත් සාකුවේ පැනඩෝල් පෙති දෙක දෙන්න” කියල ලු. මට එ වෙලාවෙ තමයි කිලික් වෙන්නේ මම සුදුළූණු පොඩි කරන්න හැදුවේ අන්තිම පේලියේ මට කලින් කප් ගහපු අ.පේ. අම්මට වග… කුජීතයි නේ….

අම්මා කෙනෙකුට මෙහෙමත් දරුවන්ට ආදරය කළ හැකිද?

පිස්සු හැදිලා අයෙත් හැදෙනවා ඕයි !!

 

සුදුළූණු පොඩි කිරීම, 9.6 out of 10 based on 144 ratings
VN:F [1.9.22_1171]
 ශෙයා
ගුලියා

ගුලියා

ජීවිතේ විදවන්ට නොව විඳින්නට...

 All posts by ගුලියා  Link to ගුලියා's blog

46 Responses to "සුදුළූණු පොඩි කිරීම"

  1. අෆ්ෆේ මමත් කරල තියනවා නොවෑ ඕවා, හැබැයි සුදු ළූණු ටික තියනවද කියලා මතක නෑ තියෙනෙ විසේට. එල එල, කාලයක් අ.පේ කියෙවුවත් දැන් තමා කමෙන්ටුවක් දාන්න නිදහසක් සෙට් උනේ!

    VA:F [1.9.22_1171]
    Rating: +3 (from 3 votes)
    • අඩේ මම මේවා කියලා වහ කන්න වෙයි කියල හිතුවත් මම වගේම උන් ඉන්න ව කියල දැක්කාම සන්තෝසේ බෑ අප්පා..

      VN:F [1.9.22_1171]
      Rating: +1 (from 1 vote)
  2. වසුන්දරා වසුන්දරා says:

    ස්පීච්ලස් ගුලියෝ.. අතිවිශිෂ්ටයි..

    VN:F [1.9.22_1171]
    Rating: +7 (from 7 votes)
  3. අම්මලගෙ ආදරේ ගැන කතා කරල වැඩක් නෑ සහෝ. ඒක කොයිතරම්ද කියල කතා කරල ඉවරයක්‌ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.

    VN:F [1.9.22_1171]
    Rating: +3 (from 3 votes)
  4. කල් says:

    කවදාවත් අම්මගෙ ආදරේ වචනෙකින් වත් අඩුවෙන දෙයක් නෙවෙයි.අපිත් එක්ක කවද කවුරු නොහිටියත් හැම තැනම සැපට දුකට අම්මයි තාත්තයි ඉන්නව.

    VN:F [1.9.22_1171]
    Rating: +2 (from 2 votes)
  5. chuty putha chuty putha says:

    නියමයි සහෝ…ලන්කාවෙන් පිට උනාම තමයි අම්මයි තාත්තයි ගැන වැඩිපුරම ආදරයක් දැනෙන්නෙ….ආයෙත් දුවලා යන්න හිතෙනවා එයාල ලගට……ඇහේ කදුලු පුරෝ ගෙනයි මේ කමෙන්ට් එක ලිව්වේ…

    VN:F [1.9.22_1171]
    Rating: +6 (from 6 votes)
  6. හිංචි මල්ලි hinchimalli says:

    හප්පේ මමත් දවසක්‍ ගෙඩි දෙකක්ම කිහිල්ලේ තියන් නිදා ගත්තා මොන උණද. කිහිල්ලේ පොඩි දැවිල්ලක් නම් තිබ්බා එච්චරම තමයි.
    ඒ හින්දා මම කරේ නාන්න යන ගමන් ගේට්ටුව ගාව ගහකට නැගල කුරුම්බයක් බීලා පැය දෙකක් විතර නාලා(කොහොමත් වැවට ගියාම ඔය වෙලාව යනවා) අයෙ එද්දි අයෙත් හොද කුරුම්බයක් බීලා එන එක. අත්දුටුවයි සත්‍යයි පහුවදා උදේ නියමෙට උණ.

    “හේතුවටයි අහේතුවටයි වැස්සටයි… පෑවිල්ලටයි කොයි කාලෙටත් වැඩි හරියක් හිටියේ ඉස්කෝලේ කොම්පුටර් ලැබ් එකේ”

    අනේ කිව්වට මොකද ගුලියෝ මම කලේත් ඔය ටිකම තමයි බන්

    VN:F [1.9.22_1171]
    Rating: +4 (from 4 votes)
  7. මාරයා... says:

    කාලෙකින් කියවපු නියමම පෝස්ට් එකක්…

    VA:F [1.9.22_1171]
    Rating: +2 (from 2 votes)
  8. රුවී ruwiee says:

    ඉස්සර දහම් පාසල් යන්න කම්මැලිකමට මමත් ඔය වැඩේ කරල තියෙනව.ඒත් හැදුනු උණක් නම් නෑ…

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
  9. පැට්ටා අවංක පැට්ටා says:

    ඇත්තටම ඔය සුදු ළුනු සෙල්ලමට උණ හැදෙන්නෙ නැහැ.. ඒකෙන් වෙන්නෙ අපෙ ඇඟට උණ ආපුවම පේන මලානික ගතිය ඇති කරනෙකයි.

    පෝස්ටෙකට ඩබල් ලයික් ගුලියෝ.

    VN:F [1.9.22_1171]
    Rating: +3 (from 3 votes)
  10. හික්ස්. මමත් ඕක අහල තියෙනවා. නමුත් උණ ගන්නෙ නෑ මාත් හිතන්නෙ.
    henryblogwalker the Dude

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  11. අඩේ…මං හිතුවෙ ඒ වගේ ගොං වැඩ කරන්නෙ මං විතරයි කියල.
    පිසචය පොඩි කාලේ ඉංග්‍රීසි තමයි එපාම කරපු පංතිය.ඉතින් මාත් සුදුළුණු බිකි දෙකක් තියන් ඉඳලා අම්මට කියනව අද උණ…මට බෑ..කියල…..
    ඒත් හැමදාම ක්ලාස් නම් යන්න වුනා.
    තව බඩේ අමාරුවත් කොමන් ලෙඩක් මට.මං අම්මට කියනව අම්මේ අද ඉස්කෝලෙදි යාලුවෙක් දුන්න වෙරළු කෑවා..දැන් බඩ දඟලනව කියල.

    එව්වා කොහේද අම්ම එක්ක.අම්ම ඉස්කෝලෙ ගියෙ අපිට කලින් නොවැ.

    VN:F [1.9.22_1171]
    Rating: +4 (from 4 votes)
    • හරි ඉතින් උඹට වැරදිලා නෑ නේ… අද උඹ ගොඩ නේ පුතා…. අම්මට මල් පහන් තියල වැඳපන් උදේ හවා උඹ වගේ එකෙක් හැදුවට බි.පෙ.සි :D

      VN:F [1.9.22_1171]
      Rating: +3 (from 3 votes)
  12. හනුමන්ත says:

    :P

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  13. AHINSAKA AHINSAKA says:

    මොනවා කියන්නද ? අම්මා තරම් අපිව තේරුම් ගන්න කෙනෙක් තවත් නැහැ……

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
  14. කොමෙන්ට් තරු දීපු හැමෝටම ජය වේවා කිව්වා…

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  15. ramba says:

    මොන ඉස්කෝලෙ ගියත් තෙලාස්ට්‍රෝ හිටිය හැමෝම
    එක වල්ලෙ (කලටි) පොල් තමයි !! :)

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  16. suddi suddi says:

    රතූ ලූනු කිහිල්ල් තියා ගත්තහමත් උන හෑදෙනවලු නෙද? අනේ අපිට කලටි පොල් කියන්ට එපා අප්පා….අපි තාම පෑහිලා වත් නෑති ඈට්ටි

    VN:F [1.9.22_1171]
    Rating: +2 (from 2 votes)
  17. රංජා Ranja says:

    ස්තූතියි ගුලියො අතීතය මතක් කලාට.

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  18. DongaAyya says:

    පට්ටයි ඈ!!…..

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  19. සඳා සඳා says:

    දැනුත් කෝපි කඩේ යනවා…ඒත් ඉස්සර තරම් කික් එකක් නෑ……බඩ පපුව සීතලවෙලා කන්දෙක දාල පිච්චිලා යන මෝඩ චූන් විතරයි දැන් තියෙන්නෙ….(ඉස්සරත් එහෙම වෙන්න ඇති ඒත් අපි පොඩි එව්වො හින්ද ඒ මෝඩ චූන් නියමෙට පේන්න ඇති )….ඒකෙ කොලිටිය බාල වෙලාද අපේ රසවින්දන කොලිටිය වැඩිවෙලාද දෙය්යො තමා දන්නෙ….

    ඒක නෙවෙයි ගුලිය අම්මට අබරපු සුදු ලූණු ගුලියෙන් ඔහොම බේරුනා මදැයි අතක් පයක් නොකැඩී…..

    VN:F [1.9.22_1171]
    Rating: +4 (from 4 votes)
  20. Jayya says:

    අපේ අම්ම මතක්වෙලා ඇහැට කඳුලක් ආවා ගුලියෝ අපේ අම්ම ගිහින් අවුරුදු නමයක් ගතවෙලා.. අම්ම කෙනක් දරුවෙක් වෙනුවෙන් නොකරන්නේ මොනවාද ? එත් මේ වගේ දරුවෙක් දිහා අවබෝදයෙන් ආදරෙන් බලන්න පුළුවන් ඔබේ අම්මට උදේ හවා මල් තියල ඉන්න තැනක ඉඳන් වඳින්න.

    VN:F [1.9.22_1171]
    Rating: +6 (from 8 votes)
  21. ගැටවරයා getawaraya says:

    මට කියන්න ඕනේ උනු දේ මට කලින් ජය්යා කියල තියෙනවා,”දරුවෙක් දිහා අවබෝදයෙන් ආදරෙන් බලන්න පුළුවන් ඔබේ අම්මට උදේ හවා මල් තියල ඉන්න තැනක ඉඳන් වඳින්න.” අම්ම කෙනෙකුගෙන් ලැබෙන ඒ පරිනත ආදරය තරම් ජීවිතයක් හොඳ අතට වෙනස් කරන්න පුළුවන් වෙන කිසිම දෙයක් මේ ලෝකේ නැහැ කියලයි මගේ හැඟීම

    VN:F [1.9.22_1171]
    Rating: +3 (from 3 votes)
  22. GNS says:

    මේ සිරාවටම අහන්නෙ, ඔය සුදු ළූණු පොඩි කරලා සාර්ථක වෙච්ච අය කවුරුවත් ඉන්නවද හැබෑටම? >_>

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  23. Observer says:

    බොලව් සුදුළුණු කිහිල්ලෙ ගහ ගත්තට උන ගැනෙන්නෙ නැහැ, තොපි වගේ හරක් රැලක් අම්මප…..සුදුළුණු බිකක් පු # ගහගෙන නිදා ගනියව්, පහු වෙනිදා උදේට බඩු ෂුවර්….

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 2 votes)
    • හරියට නිකං ඔබා මාම කරා වගේ..නැද්ද ඔබෝ :D

      VN:F [1.9.22_1171]
      Rating: +2 (from 2 votes)
    • ගැටවරයා getawaraya says:

      අරක මේක පු* ගහගන ඉන්න එක ඔබා මාමාට පුංචි කාලේ ඉඳලම එන පුරුද්දක් වගේ(සැර වැඩිද මන්ද)

      VN:F [1.9.22_1171]
      Rating: +4 (from 4 votes)
    • hasa hasa says:

      රෑට සුදුළූනු බිකක් ගහන් ඉඳලා උදේට තර්මෝ මීටරේ ගහගන්නයි තියෙන්නෙ.

      VA:F [1.9.22_1171]
      Rating: +2 (from 2 votes)
  24. සෝනාර් හෙවත් සන්දික සෝනාර් හෙවත් සන්දික says:

    ගුලියා පෝස්ට් එක නම් උපරිමයි…තරු 10ක් දුන්නත් මදි වගේ…. :)

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  25. නයා සර්ප අයියා හෙවත් නයා says:

    ෆට්ට සීන්කෝන් නෙ අපේ ගුලියා අයියටත් වෙන්නෙ,,,,ලොවෙත් නෑ පෝස්ට් එක
    O/L එකට කලින් අන්තිම මාස 3ම් මම ඉස්කොලේ ආව දවස් අතේ ඇගිලි ගානටත් අඩුයි අම්මප,,,,,සතියකට එක දවසක් විතර තමයි යන්නෙ. ඇයි ඉතින් හතර වටේම තියෙන seminar වලට යනව නෙව,,,,ඒ උනාට පන්ති බාර මිස් ට කියන්න අනිත් උන්ට නැති excuse එකක් මට තිබූණා….
    .
    .
    .
    .
    මම ඉතින් එන්න බැරි උන හැටියෙ කියන්නෙ “මැඩම්, මාව සර්පයෙක් කෑව කිය ” කොහොමහරි එකේ බොරුවකුත් නෑ අෆ්ෆා,,,,අනිවා දියන් නයෙක් හරි හපනවාමයි මගෙ තිබ්බ දැගලිල්ලට

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
    • සඳා සඳා says:

      මේ ඒක නෙවෙයි සර්ප මලේ බොලාගෙ වැඩ කිඩ ටිකක් අටපට්ටමට දාමුද….? බොලාව රූප පෙට්ටියෙ පෙන්නුවහම හා කාටද ආඩම්බර……?

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
      • නයා සර්ප අයියා හෙවත් නයා says:

        හී හී,,,,,ඒකත් නරකම නෑ සදා අක්කෙ,,,,,,,,වෙන කාටද ඉතින් අන්තිම පේලියෙ සෙට් එකටයි මගෙ ………… තමයි ඕන් ආඩම්බර

        VN:F [1.9.22_1171]
        Rating: +2 (from 2 votes)
  26. uwiniran says:

    මම මේක අද කියෙව්වෙ. බලනවා, අම්මල දරුවන්ට කොච්චර ආදරේද කියලා…..!!!!
    “පාන්දර ජාමේ ඇහැරලා නිදාගෙන ඉන්න ගුලියව බලල ඇඳ මැද්දට තල්ලු කරලා යන්න එන පුරුද්දක් අපේ අම්මට අදටත් තියෙනවා…”

    VA:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
  27. අංගොඩයා.. says:

    උපරිමයි ගුලියා… අම්මව මතක් වෙන්නේ රටින් අවාම තමයි…

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  28. අඩේ උඹල මේකට තාමත් කොමෙන්ට් කරන්න්වද ??? අද දැක්කේ…. එළකිරි !!

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  29. Kushbi says:

    Maxxa machan!!!!!!!!!!!! oya wade mamath kala Kopi kade balala.. habai una nam gaththe na…. ;P

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  30. ඇස්කොට් මලයා ඇස්කොට් මලයා says:

    පෝස්ට් එක දෙතුන් පාරක්ම කියෙව්වා.. ඒ තරම්ම හිතට වැදුනා.. ඒත් අද කියවලා කොමෙන්ටුවකුත් දාන්න හිතුනා.. නැත්නම් මෙච්චර හොඳ පොස්ට් එකකට කරන අසාධාරණයක් .. මේක තවමත් ටොප් ලිස්ට් එකේ උඩින්ම තියෙන එක ගැන හිතන්න දෙයක් නැහැ ගුලියෝ…

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • එළකිරි… දැන් නොටිපිකේසන් එනවා…. කියෙව්වා වගේම ඔය වගේ ටිකක් ලියලා දැම්මා නම් තමයි මරු !! ජය ශ්‍රී !!

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  31. කිරි සප්පයා කිරි සප්පයා says:

    “පාන්දර ජාමේ ඇහැරලා නිදාගෙන ඉන්න ගුලියව බලල ඇඳ මැද්දට තල්ලු කරලා යන්න එන පුරුද්දක් අපේ අම්මට අදටත් තියෙනවා…” මේක නම් හිතට වැදුනා ගුලියෝ….. පට්ටයි… පුංචි ගුලියාත් සිරා ඩයල් එකක් එහෙනම්

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)

Leave a Reply

Sinhala transliteration (β) - වෙන තැන් වල සින්හලෙන් ලියලා කොපි කරන්න ඕනේ නෑ. කෙලින්ම කොමෙන්ට් box එකේ සිංග්ලිශ් වලින් ලියන්න.

Click ctrl+b to toggle the transliteration

© 2013 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Processed 135 queries in 1.040 seconds.