මේක ගවුම්/චීත්ත කෑල්ලක් සම්බන්ද කතාවක්.
පළමුව හද පිරි ස්තූතිය පල කරන්න ඕනේ තෙලෙස්ත්රෝ මට හදුන්වා දුන්න මලයට. මලය සිංහල බ්ලොග්ස් වල හොඳ රසිකයෙක් උනාට මොකද මම මෙහෙම ඒවා තියනව කියල දැන ගත්තේ උගෙන්. සරලව කියනවා නම් මම තෙලෙත්රෝ සහ සිංහල බ්ලොග්ස් කියවන්න අරන් සති දෙක තුනයි. ඒ ටිකට අවුරුද්දක ඒවා කියෙව්වා. මේකේ තියන රස කතා බලලා මතක් උන මගේ පරණ අත්දැකීම් දෙක තුනක් මගේ යාලුවට (ඉහත කී මලයට) කිව්වා. ඒ පාර ඌ කියනවා මට ලියන්නලු.
බැරි වැඩ කරන්නට ගොස් අනා ගැනීමේ සාඩම්බර අතීතයකට හිමිකම් කියන මට ලිවීම පටන් ගන්න එක මහා ලොකු කජ්ජක් නෙවෙයි. කතාව තාම නෑ කියල බැන්නත් කමක් නෑ තව කරනා දෙක තුනක් තියනවා මතක් නොකරම බැරි. (මේ සේරම මම කෝඩු කාරය හින්ද). පලවෙනි එක මගේ සිංහල ලිවීම අන්තිමයි. මම හිතන්නේ ඒක මම ඉහත වාක්‍ය දෙක තුනෙන්ම ඔප්පු කරලා තියෙන්නේ. ඔං මම දැන්ම කිව්වා, පස්සේ ආඩපාලි කියන්න එපා. දෙවෙනි එක තමයි මම ලියන්න හිතාගෙන ඉන්න කතාවල නං ගං මනක්කල්පිතයි එක ස්ථානයක් හැර. ඒ පේරාදෙණියේ ඉන්ගිනේරු පීටය. මොකද කැම්පස් එකට අදාළ කතා වෙන තැනක් දාල ලිව්වොත් නිකන් අර මොකක්ද වගේ වෙයි (මට උදාහරණයක් මතක් වෙන්නේ නෑ ඔයි). විශේෂයෙන් නම කියන්න ගියොත් කන්න වෙන නිසා නම නම් අහන්නවත් එපා.
මගේ බයිලා අවසානයි. මෙන්න කතාව.
මේක උනේ අපි සාමාන්‍ය පෙළ කරන කාලේ. මම තව අති ජාත මිත්‍රයෝ දෙන්නෙක් එක්ක බෝඩිමක නතර වෙලා හිටියේ. එකෙක්ගේ නම චතුර කියමුකෝ. චතුරයගේ හිත ගියා අපේ පන්ති වලම හිටපු කෙල්ලෙකුට. එයාට අපි අරුණි කියමු. චතුරගේ වාසනාවට අරුණි නතර වෙලා හිටියෙත් අපේ බෝඩිමට යන පාරේම ගෙදරක. උදේ හවස අපි එතනින් යනකොට ගමන් වේගය අසාමාන්‍ය විදිහට අඩු වෙනවා චතුරයට සුභ දසුන් පෙන්නන්න. මූ හොඳම ඇනේ වෙන්නේ උදේට ඉස්කෝලේ යනකොට. කෙල්ල එයි කියල නැවතිලාත් ඉන්නවා. ඒ වෙලාවට උදේ පාන්දර කියල බලන්නේ නැතිව අපි ජාතිය අමතනවා, මොකද අපේ කෙල්ලෝ බලන්න පරක්කු වෙන හින්ද. චතුරයගේ ආදර කතාවේ කටුක පැත්ත තමයි අරුණි නතරවෙලා හිටියේ අපේ ගණිතය උගන්වන කාන්ති මිස්ගේ ගෙදර. ඒ මදිවට අරුණි මිස්ගේ අක්කගේ දුව. දරුණුම කාරණේ තමයි කාන්ති මිස් අපේ ඉස්කෝලේ ගුරු මණ්ඩලෙන් ලව් එකට විරුද්ද ව්‍යාපාරයේ හොඳම රෑන්ක් එකක තමයි හිටියේ. සභාපති කලත් පව් නෑ. කාන්ති මිස්ගෙන් බේරිලා අරුනිට මල් හී සර විදිල්ල චතුරයට පොඩ්ඩක් වත් ලේසි උනේ නෑ. අවාසනාවට අරුනිගේත් ප්‍රතිචාරය බොහොම දුර්වල උනා. කොටින්ම අපිට දැනගන්න බැරි උනා අපේ එකාගේ අනංග රැගුම් ඒකිට මීටර් වෙනවද කියලවත්. ඉතින් මේ අහිංසක ආදර කතාව අපේ බෝඩිමට සීමා වෙලා තිබුනේ.
චතුරගේ තත්වය එන්න එන්න දරුණු උනා. ඌ මනෝ ගහන්න ගත්ත අපිටත් වදයක් වෙන විදිහට. අන්තිමට අපි තුන් දෙනා අතර පැවැත්වුන ගැඹුරු සාකච්චාවකින් පස්සේ තුනෙන් දෙකේ බලය හම්බ උනා අරුණි ගෙන් අහන්න. විරුද්ද උනේ චතුරයා. ඒ කෙල්ල අකමැති උනොත් ඒ අභාග්යට මුහුණ දෙන්නේ කොහොමද කියල හිතන්න වත් ඌට දහිරියක් තිබුනේ නැති නිසා. එත් ඌට තුනෙන් දෙකට හිස නමන්න සිද්ද උනා. කට්ටියම දන්නවනේ මේ වගේ වැඩකට හොඳම දවස වාර අවසාන නිවාඩු දෙන දවස කියල. අපේ උපාය මාර්ගය උනේ කාන්ති මිස් ගේ මුර සංචාර අඩු මේ ශුද්ද වූ දවසේ අරුණි ඉස්ස්කොලේ තනිවෙන වෙලාවක් බලලා යෝජනාව ඉදිරිපත් කරන එක. එතකොට අරුණි බෑ කිව්වත් අරුනිව නොදැක ඉන්න නිවාඩු මාසේ අපේ කොල්ලගේ පිස්සුව සනීප වෙයි කියල අපි තදින්ම විශ්වාස කළා.
ඔන්න ඉතින් ඒ ලස්සන දවසට ඉර පායාගෙන ආව. අපි වැඩේට බැස්සා. හින්දි චිත්‍රපටියක් වගේ අරුණි ඉන්නවා තව කෙල්ලෙක් එක්ක කොරිඩෝවේ කානුවකට හේත්තු වෙලා. වට පිට භාහිර බාදක මුකුත් නෑ. මල් හතයි. අපි ඉන්නවා මීටර් 200 ක් විතර දුරින්. වැඩිය රස්නේ නැති දවසක් උනත් චතුරයාගේ ඉහින් කනින් දාඩිය ගලනවා. ඉබ්බා චතුරට කියනවා මචන් වෙලාව හරි පලයන්. කිරි අප්පට බල්ලෝ බුරපි. චතුරයට වැඩේ කෙරෙන්න ඕනේ තුන්වෙන පාර්ශවයකින් ලු. හුටා. ඉබ්බයි මමයි හදිසි මීටිමක් ගත්ත වැඩේට යන්නේ ඉබ්බද මමද කියල තීරණය කරන්න. චතුරයාගේ වෙලාවටද අපේ වෙලාවටද දන්නේ නෑ, එතනට පහත් උනා ගාමින්දය. ඌ අපිත් එක්ක ග්රූප් ක්ලාස් එකකට සෙට් වෙලා හිටිය නිසා අපිත් එක්ක ගොඩක් ෆිට් වෙලා හිටියේ. ඉතින් දැන් ඌට සිද්දිය නොකිය බෑ. “යකෝ මේ වගේ දවසක සිංහයා වගේ ගිහින් අහන්නේ නැතුව වෙව්ලන්නේ මොකද බං? හිටපිය මම ගිහින් අහන්න”. ගමින්දය එහෙන් මෙහෙන් මෙතෙක් කතාව අහගෙන වැඩේට ගියා. චතුරගේ කට කන ගාවටම ගියා. අපි ලයිව් බලාගෙන ඉන්නවා වොයිස් නැති ෆිල්ම් එකක් වගේ. විනාඩි 15 ක විතර සාකච්චවකට පස්සේ ගමින්දය ඇවිත් ඒ මූසල ප්‍රතිඵලය චතුරට කිව්වා. “එකී උඹට කැමති නෑ බන්”. වැඩේ හබක්. චතුරයා ලගම නෑදෑයෙක් මරුන වගේ දුක් උනා. හැබැයි අපි හිතුව විදිහටම චතුරගේ පිස්සුව නිවාඩු මාසේ සනීප උනා. පස්සේ ඌ A /L කරන්න ආව කෙල්ලෙක් එක්ක සෙට් උනා. අද වෙනකොට ඒකිව බැඳලා දරු දෙන්නෙක් එක්ක සතුටින් ජීවත් වෙනවා. අරුණිගේ ගම වැලිගම නිසා එකී A /L කරන්න මාතර ඉස්කෝලෙකට ගියා. කතාව ඉවර නෑ, දැන් තමයි හොඳම හරිය. දිග වැඩිනම් සමාවෙන්න ඕනේ.
මම A /L කරලා කැම්පස් යනකම් වාත වෙන කාලේ රස්තියාදු ගැහුවේ ජනිත් සහ මංජුල කියල ගෙල්ට් එකේ සෙට් උන ඩබලක් එක්ක. කියන්න බැරි උනා ජනිත්ලගේ පවුල සහ අරුනිලගේ පවුල ලගම හිතවත්තු. මේ අතරේ ජනිතය ට්‍රිප් එකක් යමු කිව්වා මාතර. ජනිතයගේ කනෙක්ෂන් එක නිසා අපිට අරුණිලගේ ගෙදර තමයි නවතින්න සෙට් උනේ. අරුනිලට උතුරන්න සල්ලි. මාලිගාවක් වගේ ගෙදරින් හෝටලයක් වගේ පැත්තක්ම අපිට වෙන් කරලා තිබුනේ. අපිට හොඳටම සැලකුවා. ඒ කාලේ හැටියට සුපිරි. දවස් 5 ක් විතර මාතර එහෙ මෙහෙ ඇවිද ඇවිද හිටිය.
අරුණි එක පන්ති වල හිටියට මාත් එක්ක හිටියට වැඩිය ෆිට් එකක් තිබුනේ නෑ. මේ දවස් ටිකේ තමයි හොඳටම ෆිට් උනේ. ට්‍රිප් එකේ අතරතුර අපි රැට කාල කය්යක් ගහගෙන හිටියා. මන්ජුලයත් අපේ ඉස්ස්කොලේ නිසා ඉස්කෝලේ පරණ ලව් ගැන කතාවට ආව. ( අහ් කියන්න බැරි උනා අරුණි ඒ වෙනකොට ප්රෝපොසල් එකකින් බදින්න සෙට් වෙලා හිටියේ.) මම නිකටමට අපේ චතුරගේ ප්‍රේම පුරණය මතක් උන නිසා අරුනිගෙන් ඇහුව මොකද චතුරට අකමැති උනේ කියල. මෙන්න යකෝ මෙකි කියපි චතුර මට පැණි හල හල හිටියා විතරයිනේ; ඇහුවේ නැනේ කියල. මේකිට පිස්සු, ඔන්න මම අවස්ථා සම්බන්දය පැහැදිලි කරනවා. “අර 11 වසරේ සෙකන්ඩ් ටර්ම් එකේ නිවාඩු දෙන දවසේ ගාමින්ද ඇවිත් ඔයාගෙන් ඇහුවේ චතුරට”. අරුණිගේ මූණ දෙක උනා ඊළඟට හතර උනා. මටත් අප්සෙට්. මම මේ වගේ සිද්දි දැකල තිබුනේ ටයිම් ට්‍රැවලින් ෆිල්ම් වලදී. මට තේරෙන්නේ නෑ මොකක්ද වෙන්නේ කියල. ඔන්න අරුණි අමාරුවෙන් කතා කරන්න පටන් ගත්තා. ” එදා ගාමින්ද ඇවිත් විනාඩි 10 ක් විතර මට වද කර කර ඇහුවේ …….. ගාමින්දට කැමතිද කියල. මම චතුරට කැමැත්තෙන් හිටියේ. එත් ඇහුවේ නැනේ”..
මම අද වෙනකම් ගාමින්දයව හොයනවා මේ ගැන දෙකක් කතා කරන්න. තාම හම්බ උනේ නෑ.
(නං ගං මනක්කල්පිතයි)
(සිංහල හෝඩියේ අන්තිම අකුර හොයා ගන්න නෑ

)
| Title | Votes | Rating | Review | No results.
කපුකම, 9.5 out of 10 based on 91 ratings
http://www.thelastrow.net/?p=13869
©Thelastrow.net
කොපිරයිට්?
අපි මේ කියන කාරණාව වැරදියට තේරුම් ගන්න එපා.අපි පොඩි කාලේ ඉඳලා අහපු කියපු කතාවලට කොපිරයිට් ගන්න නෙවේ මේ හදන්නේ. මේක අදාල වෙන්නේ කවුරුහරි අමාරුවෙන් ලියපු කතාවක් වෙන තැනක කොපිකරලා දාන අයට.
වෙන සයිට් එක්ක කොපි පේස්ට් කරලා දානකොට අනිවාර්යෙන්ම පල්ලෙහා තියන HTML කෝඩ් එක හරි BB කෝඩ් එක හරි කොපි කරලා කතාවට යටින් පේස්ට් කරන්න ඕනෑ.
එහෙම කරන්න බැරි තැන්වල කතාව කොපි පේස්ට් කරන්න එපා.
HTML
<a href="http://www.thelastrow.net/?p=13869" style="font-size:16px;" target="_blank"> <strong > post : කපුකම by මකුරා </strong > <br/> © Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post </a >
BB code
[url=http://www.thelastrow.net/?p=13869][size=16][b] post : කපුකම by මකුරා[b][br]
© Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post[/size][/url]
කරන්න බැරි දේවල් :
- ලින්ක් ශෙයා කරන්න පුලුවන් social network වල ( facebook,twitter වගේ) කතාව කොපි පේස්ට් කරන්න වත් ඉමේජ් ෆෝමැට් එකෙන් අප්ලෝඩ් කරන්නවත් බෑ.එහෙම කතා පබ්ලිශ් කරන්නේ 'අන්තිම පේලිය official Facebook page' එකේ පමනයි. ඒකත් කරන්නෙ කතාව ලියපු කෙනාගෙ අවසරය තියනවනම් විතරයි.
- කතාව කොපි කරලා ඉමේජ් ෆෝමැට් එකට ගහන්න/ස්ක්‍රීන්ශොට් ගහන්න එපා.
මේ ඔක්කොම කියන්නේ කොපි කරලා කොහෙ දැම්මත් කතාව ලියපු එකාට මොනවහරි දෙයක් ලැබෙන්න ඕනනම් ඒක ලැබෙන්න ඕන කියලා හිතන නිසා.
තමන්ගෙ බ්ලොග් එකෙයි තව වෙන කොහෙ හරියි අන්තිම පේලියෙයි එකම කතාව දාලා තියනවනම් තරහ නැතිව අපට දැනුම් දෙන්න. අපි පෝස්ට් එකට ඒ අදාල විස්තර ඇතුල් කරනවා. මොකක් හරි දෙයන්ක් පිලිබඳව අපහැලිදිතාවයක් , දැනගන්න හරි දැනුම්දෙන්න යමක් තියන්වනම් මේ ලිපිනයට ලියන්න.
එල එල මචං කතාව සුපිරි ඔය වගේ 2.50 බායි වැඩ කරන එවුන් ඕනේ තරම් ඉන්නවා බන්
ස්තූතියි කවියා. ඔව් ඔයින් ගියා ඇති.
අයියෝ සල්ලි කිව්වලු!

පලවෙනි කතාව හොඳයි මෙන්න තරු!
ස්තූතියි අ. සේ.
අහෝ දුකකි ඇස් දෙකටම ඇඩෙනවා ඕයි. ඒත් ඕකත් වෙන්න ඇත්තේ මොකක් හරි පූරුවේ පිනකට කියලා හිතාන හිත හදා ගන්න එකයි තියෙන්නේ. නැත්තන් අර කෙල්ලගේ ගෙදරින් ගුටි කාලා, චාටර් වෙලා වෙන්න තිබ්බ කේස් ටික ඔක්කම ගොඩ ගියාගේ ඔය ගාමින්දයා හින්දා. ඕකව හොයලා පාටියක් දිපල්ලා
පාටියක් දෙන්න වත් ගාමින්දයව හොයා ගන්න බැරි එකයි ප්‍රශ්නේ
කතාව ලියපු විදියට දිගටම කියවන්න ආස හිතුණා.නැත්තම් කොහේද මෙච්චර දිග එකක් කියවන්නේ…
කතාව හොඳයි..ටිකක් දිග වැඩි එක තමයි අවුල.
පිසාචයා හරි. එත් මට හරි අමාරු රාජකාරියක් තමයි සාරාංශ ගත කිරීම.
. ඊළඟ එක කෙටියට ලියන්න ඕනේ.
ඕකනේ ඉතින් අපේ අයියලා එක්ක කරන්න බැරි. මගුලක් කතා කරන්නත් තව එකෙක් ඕනේ. කෙලින්ම ඇහුවනම් හරිනේ
කීයක් දේවල් නම් අපි ඒ කාලේ outsource කරලා තියනවද? දැන් නම් ඒවා ගැන ඇති වෙන්නේ ලොකු සැකයක්.
පලවෙනි කතාව නියමයි මකුරාස්…ලියල තියෙන විදියට කියවන්න ආසා හිතෙනව
ස්තූත්යි රුවි.
මදැයි කොලා…. ඔය ලියල තියෙන්නේ සුපිරියටම.. ඔන්න තරු මෙන්න තරු මේන් තරු…
ස්තූතියි වසූ
යකෝ ගාමින්දයව එල්ලන්නයි වටින්නෙ… චැහ් මෙහෙමත් යාලුවො…!!! සමහර විට චතුරයගෙම හොඳකට තමා ඔහොම වෙලා ඇත්තෙ… එහෙම කියලවත් හිත හදා ගන්න බැරි ගාමින්දය කරපු සක්කිලි වැඩේ හින්දා…
මචෝ ලෙසටම ලියල තියෙනව… තරු තරු තරු * * *
ස්තූතියි පැට්ටා මචෝ. එල්ලන්න තියා ටොක්කක් අනින්නවත් ගාමින්දයව හොයා ගන්න නැනේ.
කොහොම පටන් අරගන කොහොම ඉවර වෙන්න තිබුන කතාවක්ද…. ඔහොම තමා ජීවිතේ හැටි.. සමහරවිට ඕක වෙන්න ඇති දෙඉයිවය කියන්නේ..
(ප්‍රින්ටින්ග් මිස්ටේක් වලට සමාවෙන්න)
ඔව් ඒක අපිට වෙනස් කරන්න බෑ
හැමදේම වෙන්නෙ හොදටලුනෙ සහෝ.
පලවෙනි කතාව නියමයි.දිගටම ලියන්න,,
ස්තූතියි poddiye . ප්‍රතිචාර නිසාම තවත් මතක පරඩල් අවුස්සන්න හිතෙනවා.
එල ආරම්භයක්…ගාමින්දය නිසා අරුණිට ප්‍රපෝසල් එකකින් බඳින්න උනා එහෙනම්….එල ආරම්භයක්…ගාමින්දය නිසා අරුණිට ප්‍රපෝසල් එකකින් බඳින්න උනා එහෙනම්…”.පස්සේ ඌ A /L කරන්න ආව කෙල්ලෙක් එක්ක සෙට් උනා. අද වෙනකොට ඒකිව බැඳලා දරු දෙන්නෙක් එක්ක සතුටින් ජීවත් වෙනවා. ” ඌ දරු දෙන්නත් එක්ක සතුටින් ජීවත් වෙන්නේ අර කියපු “ඒකි” කොහේ බැඳලද.
හා හා
හපොයි ඌට උනේ මට උන එකේ අනික.. පවු බන් උඹ.. එත් කමක් නැහැ හොඳින් පවුල කනවනේ දැන් ..හික්.. අනුන්ගේ නම් දැම්මට ඕක උනේ උඹටම නේද ?
ජය්යා… කට කට. ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්
ජය්යො, බොට මක්කද වුනේ? ඔය අගේට ඉන්නෙ හාමිනෙත් එක්ක (ජයවතීට හංගන් ඉන්න ඒවත් තියෙනවද උඹ ගාව?)
කතාවනම් මාරු, එක හුස්මට කියවල දැම්ම. එක නෙමේ අරුට දෙන්න එපාය බඩ කට පිරෙන්න. ඔහොම උන්ට නිකන් යන්න දෙන්න හොඳනෑ, මුන් ඊට පස්සේ තවත් උන් අමාරුවේ දානවා. නැත්ද මම අහන්නේ?
ඒ කාලේ අහුවුනා නම් ඌට හොඳ ගේමක් දෙන්න තිබුනා. දැන් නම් මතක් වෙන කොටත් මට තනියම හිනා යනවා මූ කරපු වෙඩේට. මූ මරු මරු කොමිටල් වැඩ කරලා තියනවා. මේක මුගේ අභිරහස් ක්‍රියාන්විතයක්. තව මූ මොනවා කරලා ඇද්ද?
නියමයි ….තව ලියපං
අනිවා බෙන්ටෝ.
පළවෙනි කතාවම පන්කාදු පහයි.. තරු දහයයි.. :ඪ්
එළකිරි මල්ලි.
හොඳ පලපුරුදු කාරයෙක් ව්ගේ ලියල තියෙන්නෙ …එල එල හොඳ අනාගතයක් තියනව ඔහොම යං
ස්තූතියි රන්ජා!
කතාව සුපිරී මකුරෝ….. මේක කිව්වම මටත් මතක් උනා කතාවක් මට වෙච්ච පෝස්ට් එකක් විදියටම දාන්නම් ඒකත්
ගන්දරයාගේ කතාව අහනකම් ඉවසුමක් නෑ.
අහෝ දුකකි ඉරකි තිහකි කිව්වලු චතුරට කමක් නෑ සහෝ හැමදේම වෙන්නේ හොඳටනේ කියනවනේ
නැතුව නැතුව.
මෙවැනි අතිජාත මිත්‍රයො ඉන්නකොට වෙනම සතුරන් අවශ්‍ය නැත
කතව්ව නියමෙට ලියල තියෙනවා, ෆුල් මාර්ක්ස් මගෙන්
ලස්සනට ලියල තියෙනව මචන් එල කතාව 10+
ඔන්න සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව අ.පේලියට සාදරයෙන් පිලිගන්නවා මකුරව….
ඒක නෙවේ ඉතින් අරුණි ඔච්චරටම චතුරට කැමති නම් චතුරගෙන් අරුණි අහන්න එපායැ…..ඇත්තටම ඇයි ගෑණු ළමයි කොච්චර කැමැත්ත තිබුනත් පිරිමි ළමයම අහනකන් බලාගෙන ඉන්නෙ….????මට මේක මාර ප්‍රශ්නයක් අප්ප…
ඒක ඇත්තටම ලැජ්ජාවද බයද එහෙමත් නැත්තන් සෙකන්ඩ් වෙන්න කැමති නැති උද්දච්ච කමද අප්පා සිරාවටම?
මකුරා අයියා… ඔන්න මමත් ආවා තෙලෙස්තරෝවට… ඔයා මං ගැනත් මතක් කරල තියන නිසා … ඇවිත් කමෙන්ටුවක් දාන්න හිතුනා…
තව කතා තියනවනේ…ඒවත් ලියමු… කැම්පස් එකේ අර කෙල්ලෙක් දාගන්නව කියලා කොල්ලෙක් ලියපු ලියුම් වලට වහ වැටුනු කොල්‍ලගේ(ඔන්න ඔයාගේ නෙමේ..
) කථාවත් ආතල්…
ඒකත් ලියමු…
මේ තියෙන්නේ “:” මන:කල්පිතයි