13

මිරිඟුව

විටෙකදි මේඝයක් විය
වීය විටකදි පැන් පොදක්
කතර මැද අතරමන් කල
අතරමං වී විඳින දුක
නොපෙනුනත් මුළු ලොවට
දනිමි මා ඔබ මිරිඟුවක් වග

GD Star Rating
loading...
මිරිඟුව , 9.8 out of 10 based on 15 ratings

මේ කතාව වෙන කොහෙවත් ලියපු එකක් වත් උස්සපු ඒකක් වත් නෙවේ.පුලුවන්නම් හොඳයි වටියි කියලා හිතෙනවනම් share බොත්තම ඔබලා කතාව share කරන්න.   ⇐   මේ තියෙන්නේ share බොත්තම

කතාව සැර වැඩිනම් මෙන්න මේ ලින්ක් එක කොපි කරලා චැට් එකේ ෆිට්ම යාලුවෝ පස් හය දෙනෙක්ට දෙන්න.  http://www.thelastrow.net/?p=12310 

post එක උස්සපු එකක් නම් කෙලින්ම ට ලියන්න.


13 Responses to "මිරිඟුව"

  1. Avatar of suddi suddi says:

    ඔන්න පලවෙනි තරු 10 මගෙන්…

    GD Star Rating
    loading...
  2. ලාස්ට් රෝ කියල නෑ මේ කස්ටියත් හිටීගමන් හරි හැඟීම්බර වෙනව නේද?

    අනේ ඉතින් මිරිඟුවක් කියල දන්නව නම් මොකටද ඒ ගැන හිත හිත දුක් වෙන්නෙ?

    GD Star Rating
    loading...
  3. Avatar of රුවී රුවී says:

    දුර ඉද්දි පවතිනා
    ලඟට ආ විගස නැතිවෙනා
    මිරිඟුවකි රැවටෙනා
    කුමන පල ඒ ගැන සිතා

    GD Star Rating
    loading...
  4. පුංචිම පුංචි මොහොතකට
    ගෙනාවත් සතුට
    මේ පුංචි හිතට

    රැවටුණේ දැන දැනයි
    ඔබ මිරිඟුවක් කියා
    යන්න අවසරයි දැන් මට

    GD Star Rating
    loading...
  5. Avatar of කල් කල් says:

    කලක් මතකයි මගේ නෙතුලග
    දැව‍ටුනා ඔබ දැව‍ටුනා
    එසේ ඇදි ඒ සොදුරු සිත්තම
    මුලු හදම කුල් මත් කලා

    සිතේ ඇත එහි මහා පොදි බැද
    ඔබත් එක්කල කිවු කතා
    ඔබම දු‍ටු ඒ හීන දෙන්නට
    ඈත රටකට ගියෙ මෙමා

    අදයි ආවේ පැතුම් පොදි බැද
    ඔබ සමග එක් වෙනූ නියා
    ඇයිද ගියෙ ඔබ වෙනත් සරනක
    මා මෙසේ තනිකර දමා…..????????

    මලී ගෙ පෝස්ට් එක දැක්කම හිතට ආවෙ.මේ කත් මිරිගුවක් නේ…..?

    ඔන්න යන්න කලින් මලීට 10ක්

    GD Star Rating
    loading...
  6. Avatar of මලී මලී says:

    කට්ටියගෙම ලස්සන අදහස් වලට ගොඩාක් ස්තුතියි

    GD Star Rating
    loading...
  7. Avatar of Jayya Jayya says:

    ඒ උගත් පාඩමින්
    හඳුනාගන්න මිරිඟුව
    නැවතත් වතාවක්
    නොරැවටී යන්නට

    GD Star Rating
    loading...
    • Avatar of මලී මලී says:

      අතරමන්
      ජීවිතයක්
      කතර මැද
      හඳුනා ගනීවිද
      සබඳ
      එය
      මිරිඟුවක්ම බව
      යායුතු මගක්
      නොදැන
      මිරිඟුවක් වග
      දැන දැනම
      තව තවත්
      එය පසු පසම
      යන

      GD Star Rating
      loading...
  8. Avatar of Ranja Ranja says:

    මිරිගුවෙන් මුලා වූ
    නෙතු පියන් පිස දමා
    දෙනෙත් හැර බලනු මැන
    ඇත්ත ලෝකය දිහා

    GD Star Rating
    loading...
  9. ඈතදි හිත පුරන…
    මෑතදි දුකම දෙන…
    හදවතේ ගුලි ගැහුන….
    මතක අත් හරිනු මැන….

    GD Star Rating
    loading...
  10. අතරමං කලේ නැහැ
    ඔබයි මග නැවතුනේ
    මේගයක් වූ මෙමා
    මිරිඟුවක් කර ගියේ

    දනිමි දුක් විඳින වග
    මා මෙන්ම ඔබ තවත්
    බැහැ එන්න සනසන්න
    මිරිඟුවක් නිසා මං

    GD Star Rating
    loading...
    • හිත්පිත් නැතැයි මා
      සිතූ මුත් මට වැරදිලා
      මිරිඟුවක් වූ ඔබත්
      අද මෙසේ මා සනසලා

      GD Star Rating
      loading...

Leave a Reply

Submit Comment

© 2012 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Theme developed upon daily theme designed by Theme Junkie.