12

ඇස්…..

ඇත්ත බොරුව මැද
සිත
අතරමන් කරන
දුකක් දැනෙනා විටෙක
නෙතට
අඳුනක්ම වන
ඔබේ හිනාවෙන
ලස්සන ඇස්….
GD Star Rating
loading...
ඇස්....., 9.6 out of 10 based on 14 ratings

මේ කතාව වෙන කොහෙවත් ලියපු එකක් වත් උස්සපු ඒකක් වත් නෙවේ.පුලුවන්නම් හොඳයි වටියි කියලා හිතෙනවනම් share බොත්තම ඔබලා කතාව share කරන්න.   ⇐   මේ තියෙන්නේ share බොත්තම

කතාව සැර වැඩිනම් මෙන්න මේ ලින්ක් එක කොපි කරලා චැට් එකේ ෆිට්ම යාලුවෝ පස් හය දෙනෙක්ට දෙන්න.  http://www.thelastrow.net/?p=12605 

post එක උස්සපු එකක් නම් කෙලින්ම ට ලියන්න.


12 Responses to "ඇස්….."

  1. Avatar of suddi suddi says:

    මලී…..කාගේ ලස්සන ඈස් දෙකටද අප්පෙ වහ වෑටුනේ

    GD Star Rating
    loading...
  2. අසනි වැසි
    නෙත් ඉමේ
    කිම මෙසේ නැවතිලා

    නොපෙනෙන්න ඇයට ඒ
    කඳුලු වැල් සැඟවිලා

    ලස්සනලු ඇස් මගේ
    ඇය ඉතින් රැවටිලා

    දිලිසෙන්නෙ ඇස් අනේ
    කඳුලු බිඳු ආ නිසා

    GD Star Rating
    loading...
    • Avatar of මලී මලී says:

      අඬන්නට කාරණා ඔබට නැත මේ ලොවේ
      අඬන්නේ ඔබ මෙසේ ජවනිකාවකිය ඒ
      අඬන්නට සිතුවමුත් ඔබේ ඇස් අභියසේ
      අඬන්නේ කෙලෙස මන් ඔබේ ඇස් මායිමේ

      GD Star Rating
      loading...
  3. කඳුලකින් තොර පෙමක්
    පැතීමත් හීනයක්…
    සුසුමකින් තොර පෙමක්
    නොලියවුනු ගීතයක්…

    GD Star Rating
    loading...
  4. Avatar of DongaAyya DongaAyya says:

    ලියු කවි පද දහක් අතරේ
    ලියා ගන්නට බැරිව ලතවෙන
    එකම එක දිග පුංචි කවියක්
    තවම ලියනවා මං
    නුඹේ සුවඳ රැඳී පපුව ගැඹුරේ
    කියා ගන්නට බැරිව සිරවුණු
    එකම එක දිග පුංචි පැතුමක්
    තවම පතනවා මං ……

    ( ක්‍රිෂාන්ත එරන්දක + මංජුලා ගයන ගීතයක කොටසකි)
    ඔහොම කවි ලියලිය හිටියොත් මේක මලී+”…..” ගයන ගීතයක් වෙන්ටත් බැරි නැ!!!!

    GD Star Rating
    loading...
  5. Avatar of Jayya Jayya says:

    බොරුවට අඬන විට
    හොරෙන් සිනාසෙන
    බොරුව නොදන්නා
    ඔබේ ඒ ඇස්

    GD Star Rating
    loading...
  6. නියමය්

    GD Star Rating
    loading...
  7. දවල් රෑ නැතුව
    බලා නොබලන
    උදේ දැක්කම
    කැඳත් නොලැබෙන
    කබ පිරිච්ච අස්

    GD Star Rating
    loading...

Leave a Reply

Submit Comment

© 2012 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Theme developed upon daily theme designed by Theme Junkie.