ඔන්න මේකත් අර මගේ පලවෙනි පොස්ට් එක 3න් වෙනි වරම කතාවේ සෙට් එකම තමයි ඕන්. ජපන්, ඇමරිකන් සහ ලංකා පුරේ ජනාධිපති 3 කට්ටුව ප්ලේන් එකේ ගමනක් යනකොට ඕක කඩා වැටුනලු කව්රුත් ජීවත් වෙන්නේ නැති කැලේකට. මුන් 3 දෙනාගේ වාසනාවට කාටවත් අතුරු ආන්තරාවක් හිංසාවක් නැතුව බේරුනාලු. ප්ලේන් එකේ අනිත් උන් ගැන වගක් නෑ උන් මැරෙන්න ඇති මයේ හිතේ. දැන් ඔය ප්ලේන් එකේ අරගෙන ආපු කෑම බීමත් සීසීකඩ… දන්නවනේ ඉතින්… ලංකාවේ සිරිත් විරිත්… නාස්ති කරන්නේ මොටෙයි… ලංකාවේ එකා එහෙම වැටිලා තිබ්බ ටින් කෑම පුළුවන් තරමක් එයාගේ මල්ලට දා ගත්තලු. හැබැයි ඉතින් අනිත් උන් දෙන්න නම් නිකන් අපෝ මේ වගේ ලොබයෙක්… කුනෙක්. බඩජහරියෙක්… දන්නේ නැද්ද ඔය පර සුද්දෝ අපිට දාන කින්ඩි. එත් ඉතින් ලංකාවේ උන්ව හදන්න පුලුවනිද මං අහන්නේ ?
කොහොමින් හරි දැන් ඉතින් මේ තුන් දෙනාම කැලේ ඔලුව හැරිච්ච අතේ යනවලු මොනයම් හෝ පිහිටක් බලාපොරොත්තුවෙන්. අපේ ලංකාවේ ගොයියත් යනවලු අනිත් ඩබල යන පස්සෙන්… අපි ඉතින් හැමදාම එහෙමනේ… ටික දුරක් ඇවිදලා ඇවිදලා මහන්න්සි වේගන එනකොට නැව ගිලුනත් බෑන් චූන් අපේ ලොක්ක පටන් ගත්ත අර ටින් එකක් කඩලා ඒක කන්න… අනේ දැන් ඉතින් අනිත් ඩබල කටක් ඇරලා අපේ එකාගෙන් ටින් කෑම එකක් වත් ඉල්ලන්නේ කොහොමද… උන් කියපු අනං මනං වල හැටියට. උනුත් ඉතින් බඩගින්දර දරාගෙන ඉන්න වෙලාවේ කොහෙවත් යන යකෙක් පාත් උනාලු එතනට. ට්‍රී ෆෝලින්ග් මෑන්ස්ට බුල් පෝකින් කිව්වලු (© 2011 සුද්දී).
යකා : මට හොඳටම බඩගිනියි බොලව්… මම තොපිල 3 දෙනාට එක ප්‍රශ්ණේ ගානේ අහන්න දෙනවා මම හරි උත්තරේ දුන්නොත් ඒ ප්‍රශ්ණේ අහපු එකාව කනවා. නොදුන්නොත් ඉතුරු වෙන උන්ට ජීවිත දානය දෙනවා… (හරිම සාදාරණ යකෙක් නේ)
ඇමරිකන් කාරයයි ජප්පයි දෙන්නට දෙන්න මූණ බලා ගත්ත… අපේ එකා ඉතින් හැමදාම වගේ වගේ වගක් පැත්තකට වෙලා ඉන්නව. දැන් ඉතින් උන් දෙන්න කල්පනා කළා ලංකාවේ එකා ඉතින් මෝඩ සරම් ජොනිය නේ… ඌට පුලුවන්ද යකාගෙන් උත්තර දෙන්න බැරි ප්‍රශ්ණයක් අහන්න. ඔන්න ඇමරිකන් අලි ඔලු ජනාධිපති කිව්වලු මම අහන්නම් ඉස්සෙලාම අහල උඹල ඔක්කොමම බේරා ගන්නම් කියල ඇහුව ප්‍රශ්ණය.
ඇමරිකන් බුවා : හරි යකෝ !! කියපන් මේ මුළු විශ්වයේම අහසේ තරු කීයක් තියෙනවද ?
යකා : (මදක් කල්පනා කරල) මෙට්චරයි කියල ගානක් කිව්වලු. දැන් නිකන් එට්චර ගනින්න දන්නවා වගේ මගෙන් කීයද කීයද කියල අහන්න එපා ඕන්. දැන් ඕක ගනින්න පුලුවන්ද ඔප්පු කරන්න පුළුවන් ද? බෑ නේ. ඇමරිකන් කාරය හබක්.
ජපන් බුවා : (මදක් වෙව්ලමින්) කියපන් බලන්න මුහුදේ වතුර ගැලුම් කීයක් තියෙනවද ?
යකා : (ආයෙත් ටිකක් කල්පනා කරල) ගැලුම් මෙට්චරයි කියල ගානක් කිව්වලු. දැන් ඕකත් ගනින්න පුලුවන්ද ? බෑ නේ. ජපනාත් ඉවරයි.
දැන් අපේ ගොයියාගේ වාරේ… එත් අපේ එකා ඌ කාල ඉවරවුනු ටින් එක අඩිය පැත්ත හරවල එක කොහෙන්දෝ හම්බෙච්ච යකඩ කූරකින් හිල් කරනවා ලු.
යකා : (බලන් ඉඳල බැරිම තැන) ඕයි ඉක්මනට අහනවා අයිසේ තමුසෙගෙ ප්‍රශ්ණේ…. මට බඩගිනියි.
අපේ එකා : (අර හිල් ගොඩාක් තියෙන ටින් එක යකාගේ අතට දීල) “මෙන්න මේක පොඩ්ඩක් අල්ල ගනින් බං” කිව්වලු ඊට පස්සේ දඩාර වාතයක් ඇරියලු (ඔව් ඔව් ශිෂ්ඨ බාසාවෙන් පඩයක් කියන එක තමයි)
“හරි කියපන් බලන්න මොන හිලෙන් ද ඒ සද්දේ ආවේ ??”
අනේ යකා දැන් හෙන කල්පනා ලෝකෙක ගිලිලා… ඇයි උගේ අතේ හිල් ගොඩක් තියෙන ටින් එක නේ… එත් ඉතින් ලංකාවේ එක මෝඩයා නිසා තෝරලා තෝරලා කිව්වලු මෙන්න මේකෙන් කියල ටින් එකේ එක හිලක් පෙන්නුවලු…
අපේ ගොයියා : “අනේ බොල යකෝ… ඒ සද්දේ ආවේ මෙන්න මේකෙන්” කියල සරම උස්සල තව ඩොන් එකක් අරින ගමන් කිව්වලු. දැන් නම් ඒ ලොක්ක එලොවේ පොල් ගනිනවා මයේ හිතේ…
කතාවේ මොරාල් එක (මේක ටික නම් ගුලිය ගානේ Free of Charge)
[box] ලංකාවේ උන් වන අප කොහේ කොතන කර බා ගෙන මෝඩයෝ, ලෝබයෝ, බඩජහරියෝ වගේ ජීවත් උනත් “We Run එදා වේල ටුවර්ස්”. කන්න ඕන වෙලාවේ කාල බොන්න ඕන වෙලාවේ බීල අවසානෙට ඕන යකෙක්ගෙන් බේරිලා එන වැඩ කාරයෝ. සෝ යු වයිට් ඈසස් ඩොන්’ට අන්ඩර්-එස්ටිමෙට් ශ්‍රී ලංකන්ස්.[/box]
[box class="info"] කතාව සුද්දන් විසින් ද කියවීමට නියමිත බැවින් ඔබගේ අදහස් පහල කොමෙන්ට් තීරුවේ දක්වන්න. ජය ශ්‍රී[/box]




අපිට ජය වේවා!
සුද්දො කොහොම වෙතත් සුද්දියෙක් නම් මේක කියවන බව sure
අනේ උඹටත් සුද්දිට මුකුත් නොකිය ඉන්න ම බෑ නේ.. :පි
මමත් මගේ නම වෙනස් කොර ගන්නව කලු මෑනිකා කියලා…ඈයි වදේ
ඊලඟට පුංචි බණ්ඩා කසාද බැඳලා, වාහනයක් ගත්තම ඒකට නම දානවා පු* කියලා :ඩී
සුද්දී නැවත වරක් ඇදගෙන නෑ සේක කිව්වාලු.
ඊට පස්සේ පුංචි බණ්ඩා වාහනේ හෝදන්න ගියාම සුද්දී කියනවා “පුංචි බණ්ඩා පු* හෝදන් එන්න ගියානේ” කියල
ඊට පස්සේ පුංචි බණ්ඩා වාහනේ හෝදන්න ගියාම සුද්දී කියනවා “පුංචි බණ්ඩා පු* හෝදන් එන්න ගියානේ” කියල
නෝ ප්‍රොබ්ලම් ශ්‍රිලන්කා……..
හෙහ් හෙහ්, පඩ සීන් නන් එමටයි.. පෝස්ට් එකක් ලිව්වැහැකි.. thumbs up ගුලියෝ..
ලීවොත් අපිත් කියෝනව.
කෝ මේ සුද්දිට එන්න කියාපිය
මේවට උත්තර දෙන්න කියාපිය
(මලක් ඇද ඇද අහක ඉන්න සඳා ඇවිල්ල උත්තර දෙය්ද දන්නෙත් නෑ)
ලංකාවේ මල් අදින්න තහනම් කියල දන්නේ නැත්ද?
ගුලියෝ උඹ කුඩේට පාරක් ගහල තියනවද? කුඩේ පාල් කරල බලපංකො තියන සොමිය,, හැබැයි කුඩේට පාඩුවෙ ඉන්න දෙන එක තමා වඩා හොද.. එහෙමයි කියල කුඩේ පල්ලට එහෙම දානව නෙවේ….!!
කේවෙට්ස්, ඕකට පාට කුඩයක් තමයි හරියන්නෙ.
බොරු මොටද…. මේ හතර බීරි කතාව නම් තේරෙන්නේ නෑ
ගුලියත් බටවූ සේක!!
අන්න ඒකනේ කියන්නේ……… මේ පර සුද්දෝ වගේ ද ලංකාවේ අපි
කතාව නම් නියමයි. හැබැයි ගුලියෝ උඹ අන්තිම පේලියේ මගේ පින්තුරේම මේකට දාපු එකනම් වැරදියි.
අඩේ PBariya ආඩම්බර වෙයන් උඹ තමයි ඒ වැඩකාරයා එහෙනම්
යකා හිල දැක්කනම් එහෙම ඌට දුවන්න හයි වේ එකක් වෙනම හදන්න වෙනව සුවර් එකටම.
Ranja අයිය ඒ හිල දැකල තියෙනව කිව්ව කතාව ඇත්ත එහෙනම්…. අනේ මම මේ කැත හිතකින් කිව්ව නෙමයි ඔන්න..
දිවියො නිකන් ඉන්න එකෙ මෙකගේ කට කාපන් කො..
කතාවත් එල.
පිංතූර පොඩ්ඩත් එල.
කුඩ පාඩෙත් එල.
ඕන පු*ක් කිවලු…. ඔන්න ගුලියෝ තරු…. මට ඔය අන්කල් ගැන කියද්දි මතක් වුනේම ඔබා මාමාව. වෙන එකක් හින්දා නෙවෙයි බං, ඔබා මාමත් ඔය වගේ හෙන මීටරේනෙ……
ගුලිය ඉඳල ඉඳල කිව්වොත් වාත කේස් කතාවක් තමයි……..නියමයි ඈ……
ඕක ග්‍රීස් යකෙක් නෙවෙයි නේද ?
පට්ටයි.