Hangout with Sri Lankans around the world!
hide
Diaspora.lk - Hangout with Sri Lankans around the world!
Show
42

සේද සිහින​….

Tweety Bird
මේ Tweety Bird අන්තිම පේලියට ලියපු පලවෙනි පෝස්ට් එක.

ආ…ලොක්කා මොකෝ මේ උදෙන්ම…??

විභාගෙ ළඟයිනෙ බං පාඩම් කරන්නත් ඕනි…තාත්තගෙ අසනීපෙත් එන්න එන්නම වැඩි වෙනව…මටනම් හිතගන්න බෑ බං…

ඕව ඔහොම තමයි බං…මේ ඒක නෙවි මං අර එද උඹට කිව්වේ කෙල්ලෙක් ගැන…

කව්ද??

අර facebook එකේ මම උඹේ නමින් කරගෙන යන account එකේ chat කරන කෙල්ල…ඒකි මාරයි බං..උඹ ඔන්නම් chat කරපං…මගේ details කියපං ඒකිට…

අනෙ බෑ සෙනුක….

අයියෝ…වැඩක් නෑ…කසුන්…මන් කියනවට බලපං….මේ ඒකිගෙ photos……

නෙතුකි සෙහාරා……..

හුරුතල් මූණු පොඩිය….හිනා වෙන ඇස්…ඒත් එක්කම මුහුණ මැද්දෙන් වැටිල තීන කෙහෙරැල්ල…..ඒ ඔක්කොම දිහා මොහොතක් කසුන් ගල් ගැහිල බලන් හිටිය…
හිනා වෙද්දි වල ගැහෙන රෝස පාට කම්මුල්….

එයා මාර ලස්සනයි නෙද සෙනුක…..

ආහා…..ඔය එන්නේ….

අනෙ හිටපං බං…ඒ කෙල්ල මාර පෝසත්…අපි අහසයි පොලවයි වගේ…අනික මට තීන ප්‍රශ්නත් එක්ක ඕව ගැන හිතන්න කාලයක් නෑ බං….

හරි හරි…මම දන්නව බං…මං ඉන්නවනෙ උඹට…බය නොවි ඉඳපං…

ආ මෙන්න කතා කරපං මෙ කෙල්ල එක්ක..
හා හා ඔය මොකද කරන්නේ….මල හත්තිලව්වයි….ඔහොම නෙවි බං…ඔහොම type කළොත් උඹ මොනව යවයිද දන්නෙ නෑ ඒකිට….මෙහෙම type කරපං…
ආන්න හරි….

“Hi කොහොමද ?”

“හොඳයි..”
“අපි වෙමුද…? මට ඔයාව බලන්න ආසයි….”

“ම්….හොඳයි නෙතූ…ඒත් කොහොමද meet වෙන්නෙ…කවද්ද.??”

“next Sunday ගල්කිස්සෙ beach එකේදි meet වෙමු…”

හ්ම්ම්…..හොඳයි….

ඒ කසුන් කීයටද කියල අහපං…

කීයටද අපි meet වෙන්නෙ…..

උදේ 10.30 ට​…??
පුළුවන් ද​??

පුළුවං කියපං….

හ්ම්ම්…පුළුවන්…..

“හොඳයි මන් යනව කසුන්….
මම දැන් යන්න ඕනි කසුන්…පස්සේ meet වෙමු..එදා ඔයා ලියලා තිබ්බ කවිය ලස්සනයි ගොඩාක්….”

ඒ සෙනුක මෙ කෙල්ල මොනවද මේ කියවන්නේ බං…

නෑ කසුවෝ….මම දැන් මාස ගානක ඉඳන් මෙ කෙල්ල එක්ක chat කළේ උඹේ නමින්…අර උඹ ලියන කවි එහෙම මම facebook එකට දැම්ම​…ඒවට තමයි මෙ කෙල්ල ඔය ලස්සනයි කියන්නෙ…..

ඒ කියන්නෙ ඒ කෙල්ලව එහෙම් පිටින්ම රැවෙට්ටුවද උඹ​….??

ඕක මොකක්ද මල්ලි ටිකක් රැවටුනම​…නැට්ට පිටින් අලි මැරෙන්නෙ…
හා හා එක නෙවි උඹ දැන් එදාට ලස්සනට යන්නත් එපැයි..මගේ car එකේ යමං…අද හවසට ගිහින් උඹට ඇඳුමකුත් අරන් තාත්තගේ බෙහෙත් ටිකත් අරන් එමු……

අනේ මන්ද සෙනුක​….

බය වෙන්නෙපා කසුන්…උඹට දැන් තත්වයක් නැති උනත් ඉස්සරහට තියෙවි..උඹ අනිවා doctor කෙනෙක් වෙනවා….

ඒත් සෙනුක මේ කෙල්ල හිතන් ඉන්නෙ මං පෝසත් කියලනෙ…

හරි බං උඹ පෝසත් තමයි…මගෙ මේ හැම දේම උඹේ වගේ තමයි….අනික අපෙ අම්මයි තාත්තයිත් උඹට සලකන්නේ එයාලගෙම ළමයෙක්ට වගේ..ඒක නිසානෙ උඹටත් ඒ දෙන්නට අම්මා තාත්තා කියන්න කිව්වේ…
අපි කසුන්ලගේ තාත්තවත් සනීප කර ගමු….දැන් බය නොවී හිටපං…..
ඔන්න මචෝ අපේ මෑණියෝ සම්ප්‍රාප්ත වෙනවා….

“ආ….කසුන් පුතා…මෙන්න කේක් කෑල්ලක් කාල ඉන්න​…”

අම්මෝ…මෙයාට තීන සැලකිල්ල​…පුහ්…අපි කැලේ…

“හා.. හා…ඔව් ඔයාට වඩා මම කසුන් පුතාට ආදරෙයි…ඔයා ඉතින් පන්ඩිතයෙක් වෙලානේ…”

ආ එහෙමද දැන් ආ….දැන ගත්තු එකත් හොඳයි….

“හා..හා…රණ් ඩු නොවී මේ කේක් කාලා ඔය කූල් ඩ්‍රින්ක් එක බොන්න​…මම යනවා…”`

“ජීවිතේ දි දෙවියො අපිට පිහිට වෙනවා කියනව​….ඒත් මගේ ජීවිතේ මට ගොඩක්ම පිහිට වෙලා තීන්නේ සෙනුකලගෙ පවුල​..එක වෙලාවකට දෙවියො වැඩ ඉන්නෙ මිනිස්සු තුලමද කියලත් හිතෙනවා….” සෙනුක ගේ සිනා පිරුණු මූන දෙස බලමින් කසුන් නිහඬවම සිතන්නට විය​…

ඉරිදා උදේ 9.55, ගල්කිස්ස මුහුදු වෙරළ​…

ඒ කසුන් කෝ මේ බලපං..මොකො මේ බය වෙලා වගේ…ඔහොමනම් ඉන්නෙපා පුතේ…ඔක්කොම ඉවරයි..හොඳේ….ඔච්චර smart මූණක් තීන එකේ හොඳට හිටහන් කොල්ලෙක් වගේ…මං කියපු විදියටම හැසිරියං…වැඩ වරද්දගන්නෙපා…මම යාළුවා කියපං…
ඒ බං අර බලපං…ඔන්න එනවා…මම නැතෝ….
සෙනුක සිනාසෙන්නට විය…ඒ මොහොතේ කසුන් ද​ සිනාසුනද ඔහු හදවතින් මහත් කැළඹීමට පත්ව සිටියේය​….

නෙතුකි ඇඳ සිටියේ රෝස පැහැති වලස් පැටවුන් විසිරුනු සුදු පැහැති කොට ගවුමකි…කොටට කපා මුදා හරින ලද කෙහෙ කැරළි මුහුද දෙසින් ආ සුළගේ පැටලී දඟ කරන්නට විය​…ඇයගේ ලඳ බොළද සිහින් අතැඟිලි වලින් එම කෙහෙ රැල් එහ මෙහා කරමින් ඇය අප වෙත පැමිණියේය​…

ඔ..ඔ.ඔයා නෙතුකිද​??

සෙනුක කසුන්ට අතින් ඇන්නේය​..
මොකද යකෝ ගොත ගහන්නෙ…මේකි හිතයි ඔඹ ගොතයි කියල​..හොඳට කතා කරපං..

 නෙතුකි අප දෙස බලා සිනාසෙන්නට විය​…සිනාසෙන විට වල ගැහෙන කම්මුල් ඇයට ගෙනාවේ අමුතුම සුන් දරත්වයකි…

නෙතුකි මේ මගේ යාළුවා සෙනුක​..

ආ ඔව් ඔයා එදා මට කිව්වෙ…මට මතකයි..

මේ කසුන්…මට අරහෙ යන්න පරක්කු වෙනව​…මම ගිහින් එන්නම් හොඳේ…මම යනවා නෙතුකි..

හා….bye..

ඉතින් කසුන් අපි අර පැත්තට යමුද​.??

හා…
ඉතින්…ඔයා ආවෙ තනියමද​??

හ්ම්ම්…ඔව් කසුන්..යන ගමන්..

හ්ම්ම්…

අපේ friendship එකටත් දැන් මාස ගාණක් නේද කසුන්..

හ්ම්ම් ඔව්….

ඉතින් අද ඔයාට class නැද්ද​?

නෑ…..
ඔයාට class කීයටද​??

12.00 ට​…

මේ ආකාරයෙන් බොහෝ දේ ගැන කතා කරමින් කාලය ගත වන්නට විය​…..

එක් දිනෙක​…….

මේ සෙනුක​….මට උඹට කියන්න දෙයක් තීනවා…

මොකක්ද​??

මේ අර නෙතුකි….

ඔව් ඇයි නෙතුකි මැරිලද​?

පව් කතා කියන්නෙපා සෙනුක​…

හරි හරි බං…විහිළුවක් කළේ…උඹ අඬන්න වගේ එහෙම කිව්වම ඕනම එකෙක්ට හිතෙන්නෙ ඒකි මැරිල වගේ…හරි හරි දැන් මොකක්ද මස්සිනාට වෙන්න ඕනෙ??

මම​…

ඔව් උඹ තමයි නැතුව මමදැයි…ඉතින් කියපං…

මම​….

ඔව් යකෝ උඹ තමයි…කීපාරක් කිව්වද​??

මම නෙතුකිට ආදරෙයි…

මල කෙලියයි…කසුනට ගිය කලක්…හා..හා….මගේ congratulations වේවා…
දැන් මොනවද මගෙන් වෙන්න ඕනි??

මන් ඒක නෙතුකිට කියන්නෙ කොහොමද​??

කොහොම කියන්නද ඉතින් කට ඇරල කියපං…
හරි හරි…උඹ කියපං..මම සේරම බලගන්නං…

දින කීපයකට පසු, ගල්කිස්සේ වෙරළ තීරය​…

නෙතූ මට ඔයාට කියන්න දෙයක් තීනව​…

මොකක්ද​?

ඔයා මාත් එක්ක තරහ වේවිද දන්නෙ නෑ..

නෑ කසුන් කියන්න​…තරහ නෑ…

ම්ම්ම්….

කියන්න කසුන්….

නෙතූ….මම​….ඔයාට ආදරෙයි….

නෙතුකි දිලිසෙන දෑසින් කසුන් දෙස බලාගත්වන්ම සිටියාය​…

නෙතූ ඔයා මොකද කියන්නෙ??

ම්ම්ම්….මමද​??

ඔව් ඔයා….

ම්ම්ම්….

ඇයගේ සිනහ පිරුණු මූන රත් පැහැ වී තිබුණි…
“මොනව කියන්නද කසුන් මාත් ඔයාට ආදරෙයි කියනව මිසක්”….එසේ කියමින් සුරතල් ලෙස සිනහ වෙමින් සැනෙකින්ම ඇය මුහුදු රළ දෙසට දිවුවාය​…

කසුන් ද ඇය වෙත පියමනින්නට විය​…ඔවුන් දෙදෙනා අත්වැල් බැඳන් මුහුදු රළ මත ඇවිදිමින් අනාගතය ගැන බොහේ දේ සිහින මවන්නට වුනි…

දින සති මාස ගණන් ගත වුණි..

දිනක්…

නෙතූ….

ම්ම්ම්….

ඔයා කවදාවත්ම චීත්ත ගවුමක් ඇඳල නැද්ද​??

චීත්ත ගවුමක්???

ඔව්….දිග චීත්ත ගවුමක් ඇඳලා කොන්ඩෙ දිගට වවලා…තනි කොන්ඩෙකට ගොතලා ඉන්න ආස නැද්ද​??

ඔයාට පිස්සුද කසුන්…ඊයා…චික්…
හරිම කැතයි අනෙ එහෙම​…අනික මේ මන් වගේ කෙල්ලෙක් එහෙම කරයිද කවදාවත්…ඔයත් අහන්නෙම මාර කතා තමයි…..
මන්නම් අඳින්නේ නෑ ජීවිතේට​….

හ්ම්ම්….

ඔයා හරියට කතා කරන්නේ හද්ද දුප්පත් තැනක කොල්ලෙක් වගේනේ…

කසුන් නිහඬ ව මොහොතක් සිටියේය​…
“ඔව් නෙතූ මම එහෙම කොල්ලෙක් තමයි….ඒත් මන් ඔයාට ඒක කොහොම කියන්නද​…” කසුන් තනිව සිතන්නට විය​…

ඔයා මොනවද කල්පනා කරන්නෙ?? හිත රිදුනද මන් කියපු දේට​…? ඒක හිතන්නෙපා කසුන්..අනික කවදාවත්ම මට එහෙම අඳින්න වෙන්නෙ නෑනේ…

දින කීපයකට පසු…..

සෙනුක​…දැන් අවුරුද්දක් උනා මම නෙතූ එක්ක යාළු වෙලා….මට තවත් මේ බොරුව එයාට කරන්න බෑ සෙනුක​…මම එයාට කියනව සේරම​….

හ්ම්ම්….උඹේ කැමැත්තක් සහෝදරයා…මොනව උනත් උඹට මම ඉන්නවා…

හ්ම්ම්…

ගල්කිස්සේ මුහුදු වෙරළ​….එක් සැඳෑවක්…..

අහසේ පවා තිබුනේ දුක් මුසු මන් දාරම් අඳුරකි….

නෙතුකි කසුන් ගේ උරහිසේ හිස තියාගෙන සිටියේය​….

නෙතූ….

ම්ම්…

ඔයාට මට දෙයක් කියන්න තීනව​…..

මොකක්ද සුදූ….

මම ගොඩ කාලෙක ඉඳන් මේක කියන්න හිටිය​..ඒත් කිව්වෙ නෑ…මොකද මට බය හිතුන ඔයා මට නැති වේවි කියලා….ඒත් මං ඔයාට මගෙ පණටත් වඩා ආදරෙයි…ඒක නිසා මට තවත් ඔයාව රවට්ටන්න බෑ….

මොකක්ද ඔයා කියන්න යන්නේ???

නෙතූ මම ඔයාට ඇත්තටම ආදරෙයි…අනික මන් ඉස්ස ඉස්සෙල්ලම කියල ආදරේ කලේත් ඔයාටයි…

මං අහපු දේට උත්තර දෙන්න කසුන්..

හ්ම්ම්…හරි නෙතූ…මං කියන්නම්…

කියන්න​…

නෙතූ මෙච්චර කාලයක් තිස්සෙ මම පෝසත් තෙනක කොල්ලෙක් වගේ රඟපෑව විතරයි…මම ඇත්තටම බොහොම දුප්පත් තැනක කොල්ලෙක්…අපේ තාත්ත කලේ මේසන් වැඩ​..ඒකෙන් හම්බු වෙන සල්ලි වලිනුයි අපිව ජීවත් කළේ..ඒත් තාත්තා එක දවසක් ගෙයක් හදද්දි වැටිල කොන්ද කැඩුනා…එදා ඉඳන්ම තාත්තා ඇඳට වැටුනා..
ඊට පස්සෙ අපේ ගෙදර හැම වියදමක්ම දැරුවෙ සෙනුකලගෙ තාත්තා..
එයාල ගොඩක් පෝසත්..

හ්ම්ම්…
ඒ කියන්නේ ඔයා මට කිව්වෙ බොරු…

ඔව් නෙතූ…ඒත් මං ඔයාට ආදරෙයි…

ආදරෙයි??..ආ…??
ආදරෙයි..??
තමුසෙ වගේ තුට්ටු දෙකේ එකෙක් මට ආදරෙයි??නෑ කොහෙත්ම නෑ…මට තව කිසි දෙයක් අහන්න ඕනි නෑ…

අනෙ නෙතූ…ඒත්…

කට වහගන්නවා….තමුසේ ආපහු කිසිම විදියකින් මට ළං වෙන්න හදන්නෙපා…තමුසෙ වගේ තුට්ටු දෙකේ එවුන් එක්ක මට කතාවක් නෑ අදින් පස්සේ….මම යනවා…මීට පස්සෙවත් කෙල්ලො රවට්ටන්නෙපා මේ වගේ…මට දැන් තේරෙනව තමුසේ ආදරේ කළේ මට නෙවි…අපේ තාත්තිගේ සල්ලි වලට​..

නෑ…නෙතූ …නෑ….

නෑ නෙවි ඔව්…
තමුසෙ මාව රැවැට්ටුවා…

කසුන් ගේ කම්මුල් දිගේ දහස් ගාණක් කඳුළු කැට රූරා වැටෙන්නට විය​..එහෙත් ඒ මොහොතේම ඇද හැලෙන්නට පෙරුම් පුරමින් තිබූ වර්ශාව කසුන් ගේ හිස මතට කඩා වැටුනු බැවින් ඒ වැහි වතුරත් සමග එක් වුනු කඳුළු කැට කිසිවෙකුට නොපෙනුණි…..

කසුන් නිවසට පැමිණෙන්නට විය​…නිවස අඳුරේ ගිලී තිබුණි…කිසිවෙකුත් සිටියේම නැත​….

කසුන් සෙනුක ගේ ගෙදරට යන විට සෙනුකගේ මව බදාගෙන කසුන් ගේ අම්මා වැළපෙමින් සිටියාය​..

වැස්සෙම සෙනුක දුවගෙන ආව අතර කුමක් සිදු වන්නේදැයි සිතා ගන්නට නොහැකිව කසුන් මොහොතක් අතරමං විය​….

කසුන්….

සෙනුක​….
සෙනුකගේ මුහුණේ කිසි දිනෙක නොදුටු දුකක් සටහන් වී තිබුණු අතර​…මෙවැනි සෙල්ලක්කාරයෙක්ගේ මුහුණේ දුකක සේයාවක් පෙනෙන්නට තිබෙන්නේ කුමක් හෝ ලොකු දෙයක් සිදු වූ නිසා බව ඉවෙන් මෙන් කසුන්ට දැනෙන්නත විය​….

සෙනුක​…මොකද උනෙ බං…කියපං….උඹ ඔය අඬනව නේද​?? ආ….කියපං…

කසුන්…
සෙනුක පොඩි දරුවෙකු මෙන් ඉකි ගසන්නට විය​…

කියපං සෙනුක​….අනෙ කියපං මචං….

කසුන් තාත්තා…..

තාත්තා?? මොන තාත්තද​??

කසුන් උඹලගෙ තාත්තා…

ඔව් ඉතින් අපේ තාත්තා…ඇයි මගේ රත්තරං තාත්තට මොකද උනේ?? කියපං සෙනුක මගේ තාත්තා කෝ……..අනේ මගේ තාත්තේ……

කසුන් ගේ මුළු ලෝකයම අකුණු සැරක් වැදුනාක් මෙන් සුනු විසුනු වී ගියේය​…..
කුඩා කළ ඔහුව කරේ තබාගෙන තාත්තා වත්ත පුරා ඇවිදපු හැටි…කසුන් 5 හේ ශිෂ්‍යත්වෙ පාස් වුනු වෙලේ දවසක් නෑරම මේසන් වැඩ කරල සල්ලි එකතු කරල කසුන්ට බයිසිකලයක් අරන් දුන්නු හැටි…ඒ සියල්ලම මතකයක් වී කසුන් ළ්ඟට විත් ඔහුගේ හුස්ම හිර කරන්නට විය​…
අම්මාගේ විලාපයන් මැද නොයෙකුත් සද්ද කසුන්ට ඇහෙන්නට විය​…නමුදු ඒ මොනවාදැයි කියන්නටවත් සිහියක් කසුන්ට තිබුනේ නැත​…

මාස 3 කට පසු…..

උඹලගේ තාත්තට අපිව මහ බරක් සෙනුක​….

අනෙ පලයං යන්න​..මෙච්චර සල්ලි කන්නද යකෝ…

ඒ උනාට සෙනුක​….

කට හොල්ලන්නෙපා…තේරුනද​??..දැන් උඹට කරන්න තීන එකම දේ හොඳට exam එක ගොඩ​ දාගන්න එක​…ඊට පස්සෙ ඕන ඉලව්වක්…

නෙතුකි මට නැති උනා…මගේ තාත්තා මට නැති උනා…
කසුන් ගේ ඇස් රතු වන්නට විය​…

ගනන් ගන්නෙපා කසුන්..ඔක්කොම වෙන්නෙ මිනිස්සුන්ට​…උඹට කවුරු නැති උනත් උඹේ මේ යාළුව නැති උනේ නෑ…මතක තියාගනින්…

දැන් ඔක්කොම අමතක කරල විභාගෙට පාඩම් කරපං….

හ්ම්ම්…ඔව් සෙනුක​….උඹව අමතක වෙන්නෙ නෑ කවදාවත් මට​…මට මේ හැම දෙයක්ම ලැබුනෙ උඹ නිසා…

හා..හා…ඇති …ඇති….
සෙනුක ඉතා අවංක සිනාවකින් කසුන්ව එදින අස්වැසුවේය…

වසර 7 කට පසු……කොළඹ​, මහ රෝහල​…

මොකක්ද අර අලුතින් patient කෙනෙක් ආවළු නෙද වෝඩ් No:6  වලට​…??

ඔව් …girl කෙනෙක්…ලෙඩේ හොයාගන්න බැරි වෙලාළු.. ඉස්සර හොඳට සල්ලි තිබ්බ පවුලක්…ඒ girl ගෙ ලෙඩේ නිසාමද කොහෙද දැන් අන්ත අසරණ වෙලා…privat hospitals වලට​ ගිහිල්ලා..ගිහිල්ලා…තමයි අන්තිමට මෙහෙට ඇවිත් තීන්නේ..ඒ girl රෝද පුටුවෙන් යන්නේ…ඇවිදින්නත් බෑ..

අම්මෝ මේ ටිකට ඔයා දන්න දේවල්….

කවිනි සිනාසෙන්නට විය​…

මේ ඒහෙනම් මං ඒ girl ව බලල එන්නම්…

හොඳයි ඩොක්ට කසුන්…..

කොරිඩෝවේ ඈත කෙළවරේ රෝද පුටුවක ගෑණු ළමයෙක් වාඩි වී සිටිනවා පෙනෙන්නට විය​….ඇය මුහුන බිමට හරවා තිබූ බැවින් මුහුණ නොපෙනුනු අතර ඇය දිගු චීත්ත ගවුමක් ඇඳ සිටියා ය​….ගොතන ලද දිගු කොන්ඩය උරහිස මතින් ඉදිරියට දමා තිබුණි. පිටින් බලන කිසිවෙකුත් ඇය ලෙඩෙක් නොවේ යැයි කියනු නොඅනුමානය​…
ඇයගේ දෙපසින් දෙමව්පියන් යැයි සිතිය හැකි යුවලක් ජීවිතයේ සියළුම බලාපොරොත්තු සුන් වූ අයුරින් ඔහේ බලාගත්වනම බලා සිටියේය​…

කසුන් ඒ දෙසට පිය මනින්නට විය​…ඒ සමගම පසු පසින් ඇසුනු කට හඬින් කසුන් ගේ දෙනෙත් ඒ දෙසට යොමු විය​…

සෙනුක​….

ආ…කොල්ලා…

මචං උඹ​…කවද්ද ආවේ??

ආ…ඇයි අපිට ලංකාවට එන්න බැරිද ආ…..

මිතුරන් දෙදෙනා වැළඳගත් හ​..

ඉතින් ඉතින්…සෙනුක​..

ඉතින් නෙවි බං…අද අපේ පොඩි එකාගෙ උපන් දිනේ…උඹත් එන්නම ඕනේ…

හා..හා…මම එන්නම්….

මේ එහෙනම් එනව නේද​….මං යනවා මචෝ…දැන් ඉතින් ඉස්සර වගේ බෑනේ…එක් දරු පියෙක්…ලේසි නෑ..

දෙදෙනාම සිනාසුනහ​…..

සෙනුක යන්නට ගිය අතර​…කසුන් නැවතත් හැරුණි…එහෙත් ඒ මොහොතේ කලින් දුටු රෝගියා දකින්නට නොලැබුණි..
කසුන් වාට්ටුව අතුලට ගොස් එය බාර සාත්තු සේවිකාවගෙන් අලුතින් පැමිණි රෝගියා ගැන විමසූ විට ඇය ඔහුට එම රෝගියාගේ ඇඳ පෙන්වූවාය​…
කසුන් ඒ වෙත පිය මනින්නට විය​….
එම රෝගියාගේ රෝග ඉතිහාසය පිළිබඳ කියවූ ඔහුගෙ නෙත් එක් වරම එම රෝගියාගෙ නම වෙත දිවුනි……
නෙතුකි සෙහාරා……
මීට අවුරුදු 8 කට පෙර තමන් ඇසූ නම​….
එක් වරම අකුණු සැරක් වැදුණාක් මෙන් කසුන් ගල් ගැසුනි….

කසුන් නෙතුකි වෙතට හැරුණු අතර ඇය නෙත් දෙක ඒ දෙසට හරවා කසුන් දෙස බැලුවාය​….

ඇයගේ මුහුණේ තිබූ සුන්දරත්වය තාමත් එලෙසම ය​…ඇයගේ දෑස් තුල තරමක රෝගී ගතියක් පෙන්නුම් කළද ඇයගේ සිනාව පෙර ලෙසම තවමත් කසුන් ගේ සිත වශී කලේය​….

කසුන්…ඇය කෙඳිරුවාය​….

නෙතූ…..

ඇයගේ අස් වලින් ගලා ආ කඳුළු කැට කොට්ටය මතට වැටුණි….

මට සමාවෙන්න කසුන්…

නෑ නෙතූ ඔයා සමාව ඉල්ලන්න මට කිසි වරදක් කලේ නෑ රත්තරං…

නෑ කසුන් මං වරදක් කලා…ඔයා මගෙ සල්ලි වලට ආදරේ කලා කියල එදා ඔයාට මම බැන්නා…ඔයාගේ ආදරේ එද සල්ලි ඉස්සරහ මම තුට්ටුවකට මායිම් කළා….මට සමාවෙන්න කසුන්…මට අද ඒ සේරම තේරෙනවා…එදා ඔයාගේ ආදරේ මගේ සල්ලි ඉස්සරහ පැරදුනා….අද මම මගේ ජීවිතේ ඉස්සරහ පැරදිලා….
තවදුරටත් නෙතුකිට කතා කර ගන්නට නොහැකි විය​…ඇය ඉකි ගසන්නට විය​…..

කසුන් ගේ දෑස් වලින්ද​ සට සට ගා කඳුළු වැටෙනට විය​…

අඬන්නෙපා මගේ නෙතූ…ඔයාව මං කොහොම හරි සනීප කරගන්නවා….

අනේ මගේ කසුන් මට සමාවෙන්න​…අනේ කසුන් මට බයයි මාව මැරිලා යාවි කියලා….මට ඇවිදින්න පුළුවන් කරල දෙන්න එක පාරක්…ඒ ජීවත් වෙන්න නෙවි කසුන්….එකම එක පාරක් මට ඔයාගේ කකුල් දෙක අල්ලලා වැඳල සමාව ගන්න​….
මට ඔයා ඕනි දඬූවමක් දෙන්න කසුන්…ඔව් ඕනිම එකක්……

නෙතූ ඔයාට දඬුවමක්ද ඕනි??
ආ..??

ඔව්…

එහෙනම් මම දඬුවමක් දෙනව​….මොකක්ද දන්නවද​?? කොහොම හරි ඉක්මණට සනීප වෙලා මගේම වෙන්න​….අන්න ඒක තමයි දඬුවම​….

කඳුළු අතරින් එක වරම ඇයගේ මුහුණේ සිනහවක් සටහන් විය​…ඇය සිනා වෙන විට වල ගැසෙන කම්මුල් වල සුන් දරත්වය තාමත් එලෙසමයි….
ඒ සොඳුරු සිනහවට පෙම් බැන් ද නොයිඳුල් හදවතකින් දෝරේ ගලා ගිය ආදරයේ නාමයෙන් කසුන් ඇගේ සිනිඳු නළලත මත උණුසුම් හාදුවක් තැබුවේය​…..

ඔයා ඔහොම ඉන්න​…මම ගිහින් එන්නම්….

කසුන්…

ම්ම්….

ඔයා ආපහු එනව නේද​..?

ඔව් රත්තරං මං එනව​…..

බුදු සරණයි කසුන්…..
කිසිම දිනෙක එවැනි අවිහින්සකත්වයක් ඔහු ඇය තුළින් දැක නොතිබූ අතර ඔහුට ඇය ගැන දැනුනේ ඉතාමත් බලවත් දුකකි…..

ඔහු සෙනුකගේ නිවස බලා ගොස් සියළු දේ ඔහුට පැවසුවේය​…

මාර වැඩේ නේද කසුන්….

මං දැන් මොකද කරන්නේ සෙනුක​….

මචං අපේ නැන්ද කෙනෙක්ට මොකක්ද ලෙඩක් තිබිල කොහෙද මන්ද වෙදෙක් සනීප කරල තිබ්බා…නැන්දත් බෙහෙත් වලින් සනීප කරන්න​ බැරුවයි ඉඳල තීන්නේ…ඒත් අර වෙදා මාර පොර​..අපෙ අම්ම දන්නව ඇති ඒ ගැන​…මං අහල බලල කියන්නම්…..

අනෙ ලොකු උදව්වක් සෙනුක​…..

කසුන් සෙනුකගේ නිවසින් පිට වූයේ තරමක සැහැල්ලුවෙනි..

පසුදින උදෑසනින්ම කසුන් රෝහලට යන්නට පිටත් වුණි…

ඔහු රෝහල වෙත පැමිණ ඉතාමත් නොඉවසිලෙන්…නෙතුකිගේ මුහුණ බැලීමට ආසාවෙන් වාට්ටුව වෙත ඇතුළුව ඇයගේ ඇඳ වෙත දිව්වේය​…

නමුදු පෙර දිනයේ එම ඇඳ මත සිටි තමන් ගේ නෙතුකි එහි සිටියේ නැත​…ඒ ඇඳ මත තිබූ මෙට්ටය පවා ඉවත් කර තිබිණි…ඔහු පසු කර යන සාත්තු සේවිකාවකගෙන් ඔහු නෙතුකි ගැන විමසුවේය​…..

නර්ස් මේ ඇඳේ හිටපු patiet කෝ??

ඩොක්ට එයා අද උදේ පාන් දර නැති උනා….

එය ඇසීමත් සමගම කසුන්ට එය දරාගත නොහැකි කම්පනයක් වූ අතර මේ සියළු දේ සිහිනයක් මෙන් දැනෙන්නට විය​…ඔහු වියරුවෙන් මෙන් නැවතත් එළියට පැමිණ තම මෝටර් රථය පණ ගැන්වුවේය​…..

තමන් ආදරය කළ සියළුම දේ තමන් වෙතින් දුරස් වූ බව ඔහුට තදින්ම දෙනෙන්නට විය…මුළු ලෝකෙම කිසිදා පහ නොවන අඳුරකින් වැසී ගියා බඳු විය​….
ඒ අඳුර මැදින් තාත්තා තමාට කතා කරන හඬත්….අම්මා කතා කරන හඬත් දෝංකාර දෙන්නට විය​….
නෙතුකිගේ සුරතල් සිනහව මැවි මැවී පෙනෙන්නට විය​….සියළුම දේ අවුල් වී…අඳුරු වී යනවා කසුන්ට දැනෙන්නට විය​…
ඔහු කෑ ගසා හැඬුවේය​…
නෙතුකි තමන්ට කතා කරන ශබ්දය ඔහුට ඇසෙන්නට විය​..එක් වරම ඔහුගේ අතින් සුක්කානම ගිලිහී ගිය අතර මෝටර් රථය ඉවතට විසිවී ගොස් ට්‍රක් රථයක ගැටී ගියේය​..

                                                 සේද සළු මෙන් සුළඟට ගසාගෙන ගිය ආදර සිහිනයක කතන්දරය​ මෙතෙකින් සමාප්ත වන වගයි……                   
                                                                         ෴

සේද සිහින​...., 9.4 out of 10 based on 70 ratings
VN:F [1.9.22_1171]
 ශෙයා
Tweety Bird

Tweety Bird

This user has not updated his description

 All posts by Tweety Bird  Link to Tweety Bird's blog

42 Responses to "සේද සිහින​…."

  1. රෝමියෝ රෝමියෝ කොල්ලා says:

    මේක කියවන්න අඩුම ගානෙ මාස තුනක්වත් නිවාඩු දාන්න වෙයි. ඇඩ්මින් බොසා මේක කොහොම කියෙව්වද මන්ද. තව මාස තුනකින් කොමෙන්ට් එකක් දාන්නං. තරහ වෙන්න එපා හොඳේ.

    VN:F [1.9.22_1171]
    Rating: -9 (from 15 votes)
  2. සෝනාර් හෙවත් සන්දික සෝනාර් හෙවත් සන්දික says:

    සෑහෙන හොඳ උත්සාහයක් මචන් හිතට වදින්නම ලියල තියෙනවා…
    ටිකක් දිගනම් වැඩී පෝස්ට් එකක් විදියට බැලුවම…
    හොඳ කෙටි කතාවක්.
    ඇඩ්මින් අයියේ කෙටි කතා කියලත් පේජ් එකක් දැම්මොත් මොකද..(Feathered Articles වගේ) ලියන්න පුළුවන් ඈයොත් අපි අතරේ ඉන්න එකේ..

    VN:F [1.9.22_1171]
    Rating: +15 (from 15 votes)
    • චාටර් බුවා says:

      කතාවත් එල. සිරාවට අළුත් කෑල්ලක් පටන් ගන්න ඒක නම් වටිනවා.

      VN:F [1.9.22_1171]
      Rating: +1 (from 1 vote)
  3. marmite marmite says:

    ආයෙත් නම් කේස් එකක්. මම හිතන්නෙ මේ කෙල්ලෙක්, කොල්ලෙක් කුරුල්ලෙක්ගෙ නමක් දාගෙන ඉන්නවා කිව්වාම ටිකක් අප්සට් අප්සට් වගේ. කවුරු උනත් කතා ලියන්න නම් හොඳ හැකියාවක් තියෙන බව පේනව. ඒත් කතාවෙ තේමාව අපි හැමදාම කියවන කතාවල තියෙන එකමයි. ඒකෙන් ටිකක් මිදිල අළුත් විදිහේ කතාවක් ඊලඟ පාර ලියන්න. කතාව දිග උනා කියල මට නම් කියවන්න අමාරු උනේ නෑ. ඒත් අපේ අනිත් උන් ගැන අනුකම්පාවෙන් කතාව කොටස් වශයෙන් දැම්මොත් මොකද?

    VN:F [1.9.22_1171]
    Rating: +6 (from 6 votes)
  4. uncle sam uncle sam says:

    ටිකක් විතර ලොලිපොප් වගේ, කන කන් සිරා, කෑවම අනේ මන්දා කියල හිතෙනව.. තව ටිකක් යාන්ත්‍රික නොවී කතාව ගලාගෙන ගියා නන් හොඳයි කියලයි මට හිතුනේ.. මේ නන් මට හිතෙන විදිහ.. ඒත් හැමෝටම ගෝචර වෙන්න කතා ලියන්නත් බැහැ නේ, creativity එක නන් සිරා, උත්සාහයට hats off , තව ලියමු..

    VN:F [1.9.22_1171]
    Rating: +5 (from 5 votes)
  5. suddi suddi says:

    අම්මේ…එක හුස්මට කියෙව්වා….වෙනස්ම විද්යෙ කතාවක්….ලස්ස්නයි

    VN:F [1.9.22_1171]
    Rating: +3 (from 5 votes)
  6. රුවී ruwiee says:

    අනේ ගොඩාක් දුක හිතෙන කතාවක්….හරිම ලස්සනට හිතට කාවැදෙන්න ලියල තියෙනව

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 2 votes)
  7. AHINSAKA AHINSAKA says:

    අම්මාපල්ලා මම මූට තරු දහයම දෙන්නේ මූ මේ තරම් දිග කතාවක් ලිව්ව එකට. බොරු නෙමෙයි දෙයියනේ මටනම් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි මේක. අපිට ඉතින් පුරුදු ”SHORT & SWEET” නෙ. නියමයි tweety… මේක LONG උනත් SWEET !

    VN:F [1.9.22_1171]
    Rating: +5 (from 5 votes)
  8. ෂෝන් ෂෝන් says:

    අනේ කුරුල්ලෝ පොස්ට් එක දිග වැඩියිනේ පස්සේ කියවලා තරු දැන්නම්.
    පස්සේ කිවුවට සමහරවිට සති ගානක් යයි වගේ.
    මොකද මට අම්බානක වැඩ තියනවා. ජොබ් එක බේරා ගන්නත් ඕනෙනේ

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  9. බුරතිනෝ බුරතිනෝ says:

    ටිකක් දිග වැඩයි වගේ නේ.. කියවගෙන යනකොට සමහර තැන වලදී කියන්නේ කවුද කියල පැටලෙනවා.. කතාව නම් කොමන් ප්ලොට් එකක් තමා. ඒ උනත් ලියල තියෙන විදිය හොඳයි…..

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
  10. වෙනස්ම ආරෙක කතාවක්
    නියමයි මචං…………….
    ඔන්න මගෙනුත් තරු

    ස….න්…ස….ලා……………….
    ද….නු……ක…………………….

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  11. Tweety Bird Tweety Bird says:

    මේක මම ලියපු මුල්ම කතාව​…මේකට comment
    කරපු හැමෝටම මම හදවතින්ම ස්තූති කරනවා…

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
  12. Shaggy Shaggy says:

    ආදර කතා හැම එකම එක වගේමද මන්දා… ඒත් දැන් happily lived ever after කියන එක sad ending trend එකකට මාරු වෙලා වගේ..

    VN:F [1.9.22_1171]
    Rating: +2 (from 2 votes)
  13. kacy kacy says:

    honda kathawak………eka husmata kiyewwa…..

    VN:F [1.9.22_1171]
    Rating: +2 (from 2 votes)
  14. Observer says:

    මේක නං ෂුවර් එකටම ගෑල්ලමෙක් ලියල තියෙන්නෙ. මේකට කෙටි කතාවක් කියන්න බැහැ, දිග කතාවක්. අන්තිම පේලියේ දැකලම නැති විදියේ කතාවක්. මේක කියවන්න ගිය වෙලාවෙ හැටියට ලියන්න කොච්චර මහන්සි වුනාද හිතා ගන්නත් අමාරුය්. කට්ටියට මතකද මන්ද “ආජි පතර ලාය්…ලාය්” සින්දුව තිබුන කෙටි ටෙලි ඩ්රාමා එක, මීට සමාන කතාවක්, හැබැය් ඒකෙ හැපි එන්ඩින් එකක් තිබ්බෙ.

    හොඳ උත්සාහයක් දිගටම ලියන්න.

    VN:F [1.9.22_1171]
    Rating: +4 (from 4 votes)
  15. ඉදිරිපත් කිරීම …ලිවීමට ගත් උත්සාහය ….ඉතා හොඳයි….

    කතාවේ අර්තය ට මම එතරම් කැමති නැත….

    VN:F [1.9.22_1171]
    Rating: +4 (from 4 votes)
  16. අඹයා විහඟ කොලුවා says:

    අම්මියෝ ….කියෝගෙන කියෝගෙන කියෝගෙන කියෝ….ගෙන ගියා !!! :D මේ විදිහේ කතාවක් ලියද්දි මීට පස්සේ දෙබස් තියෙන තැන් BOLD කරලා කතාව (එකිව්වේ දෙබස් නොවන ටික) සාමාන්‍ය විසිහට තිබ්බා නම් කියවන්න ලේසී…. දැන් මේ විදිහට තියෙනකොට කියවද්දී කතාරසයට බාධාවක් වෙනවා…..මම කියපු විදිහටම ඕනේ නැහැ. මන් කිව්වේ අර ටිකක් ඒ දෙක අතරේ වෙනස් කමක් පෙන්නන්න….. අහ්හ් අනිත් එක ට්විටි බර්ඩ් ඔයා කෙල්ලෙක් ද කොල්ලෙක් ද?? පේන විදිහටනම් කෙල්ලෙක්….. කොල්ලෙක් නම් ටිවිටි බර්ඩ් කියලා දාන්නේ නැහැනේ :D ඔන්න තරුත් දුන්නා අතදිග ඇරලා 10ක් ම…..තවත් මේ වගේ කතා ලියන්න වෙනස් වෙනස් මාර්තෘකා යටතේ :)

    VN:F [1.9.22_1171]
    Rating: +2 (from 2 votes)
  17. flevi flev says:

    හෆ්ෆා මේක ලියන්න සෑහෙන මහන්සියක් යන්න ඇති..
    අගය කරන්න ඕනි ලියන්න කියන්න හැමෝටම බැහැනෙ..
    ඒකටත් හැකියාවක් ඕනි…ෆට්ට…මේ වගේ කතාවක් ලාස්ට් රෝ දැක්කමයි….මට නම් මෙහෙම කතාවක ලියන්න තිය හිතන්නවත් බෑ.නියමයි

    ප.ලි- ෆ්ලෙවි සුජීව ප්‍රසන්න ආරච්චිග් සහ ඒ කාණ්ඩයේ ඒ පොත් වලට නම් කැමතිම නැත…

    VN:F [1.9.22_1171]
    Rating: +4 (from 4 votes)
  18. ගන්දරයා says:

    කතා ස්ටයිල් එක බොහොම ලස්සනයි, ඒ වගේම අන්තිම පේලියට වෙනදාට වඩා වෙනස් විදියක පෝස්ට් එකක් වැටුන එකත් බොහොම හොඳයි කතාවේ අන්තර්ගතයට නම් මම කැමති නෑ….. ඒත් ඔන්න මගෙනුත් කතාවට තරු 10 දිගටම ලියමු ට්වීටී

    VN:F [1.9.22_1171]
    Rating: +4 (from 4 votes)
  19. Tweety Bird Tweety Bird says:

    අනේ ඇත්තටම Observer කිව්ව දේ හරි. මම ගෑල්ලමයෙක්. ඇත්තටම මගේ මේ නිර්මාණෙ ගුණ දොස් මට පෙන්නල දුන්නට ඔයාල හැමෝටම ස්තූතියි.. :)

    VN:F [1.9.22_1171]
    Rating: +4 (from 4 votes)
  20. සෝනාර් හෙවත් සන්දික සෝනාර් හෙවත් සන්දික says:

    වෙනස් විදියෙ දෙයක් කරපු එක හොඳයි.මම උඩ කොමෙන්ට් එකේ මචන් කියුවට සොරි වෙන්න ඕන.අ.පේ ට තව බවලතියක් එක් වීම සතු‍ටුයි.. :)

    VN:F [1.9.22_1171]
    Rating: +3 (from 3 votes)
  21. ලස්සනයි කතාව. හොදට ලියලා තියෙනවා!!
    මේ නම හොදට අහල පුරුදුයි වගේ!
    ඇත්ත නම පටන් ගන්නේ “සු” වලින්ද?

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
  22. GNS says:

    හත් ඉලවුවේ මේක ටයිප් කලේ Speec-to-Text වලින්ද? :O

    VN:F [1.9.22_1171]
    Rating: +3 (from 3 votes)
  23. පැට්ටා අවංක පැට්ටා says:

    හප්පා කාලෙකට පස්සෙ නවකතාවක් කියෙව්වා වගෙ.. කතාව
    හොඳයි, ආයේ ලියද්දි තේමාව හා සිද්දීන් ගැන තව ටිකක් හිතන්න… මහන්සියට තරු 10යි. :D

    VN:F [1.9.22_1171]
    Rating: +3 (from 3 votes)
  24. Jayya says:

    නවකතාවක් කෙටි කරලා වගෙයි.. ලියන්න නම් පුළුවන් බව පෙනෙනවා එත් තේමාව නම් එච්චර මදි දරුවෝ.. බොලන්දත්වයෙන් එහාට ගිහින් ලියන්න ඔයාට හොඳට ලියන්න පුළුවන්.. මම ලකුණු දුන්නේ ඒකටයි..

    VN:F [1.9.22_1171]
    Rating: +4 (from 4 votes)
    • සෝනාර් හෙවත් සන්දික සෝනාර් හෙවත් සන්දික says:

      හම්මේ යන්තම් මේක කෙටි කතාවක් විදියට දැකපු තව කෙනෙක් ඉන්නවා…මම බැලුව මට වැරදුනා ද කියලා..කෙටි කතාවක හැබැයි අවසානයක් හරියටම කියවෙන්නෙ නැහැ.පාඨකයාගේ රුචියට ඉඩ දීලා තියෙනවා..චන්දන මෙන්ඩිස් ගේ “චීන යෙහෙළිය”පොත් මෑතකදි දැක්ක හොඳ කෙටි කතා එකතුවක්………..

      VN:F [1.9.22_1171]
      Rating: +3 (from 3 votes)
  25. Prabhath says:

    haffa…..andena kata…..welawa giyath eka paratama kiyawala damma…….sirawtama bokkatama wadina katawak…….suba pathum wadi wadiyen me wage kata liyanna…….

    VN:F [1.9.22_1171]
    Rating: +2 (from 2 votes)
  26. නයා සර්ප අයියා හෙවත් නයා says:

    අද තමයි කියෙව්වෙ කතාව සම්පූර්නයෙන්ම,,,,,,ඇත්තටම මගෙ නම් හිතට දැනුනා මේ කතාව හොදටම.ටිකක් විතර දිග වැඩියි නම් තමයි…..ඒත් අනිවාරෙන්ම කියන්න ඕනෙ මම කියවල තියෙන කතා වලින් ගොඩක්ම හොද කතාවක් කියල…..දිගටම ලියන්ට ට්වීටි ගුඩ් ලක් වේවා

    VN:F [1.9.22_1171]
    Rating: +2 (from 2 votes)
  27. Attama Tweety Bird meka godak lassana katawak. Attama mata marama dukai me katawe end eka gana.. man tavath oyage Kata kiyavanna kamathiy.

    VA:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
  28. Tweety Bird Tweety Bird says:

    Thanxx…yaaluwaneee.. :)

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  29. weekend ස්පෙශේල් එකට කියෙව්වා. ලියපු ස්ටයිල් එක නම් හොඳා. එත් කතාව ඔය කාලය ගෙවෙන තැන් වලින් කඩලා ලිව්වා නම් තමයි හොඳ. ජයීය අයිය කිව්වා වගේ හැකියාව දියුණු කර ගන්නකෝ.

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
  30. ස්කයිමෑන් ස්කයිමෑන් says:

    ඔයා කවදාවත්ම චීත්ත ගවුමක් ඇඳල නැද්ද​??

    චීත්ත ගවුමක්???

    ඔව්….දිග චීත්ත ගවුමක් ඇඳලා කොන්ඩෙ දිගට වවලා…තනි කොන්ඩෙකට ගොතලා ඉන්න ආස නැද්ද​??

    ඔයාට පිස්සුද කසුන්…ඊයා…චික්………

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
  31. සඳා සඳා says:

    ම්ම්ම් අ.පේලියට වෙනස් ආරක කතාවක්……උත්සාහය හොඳයි.ලියන්නත් හොඳ හැකියාවක් තියනවා.ඒත් වට්ටෝරුව වෙනස් උනානම් මීට වඩා රසවත් වෙන්න තිබුනා……(මම කතාවිචාරකයෙක් නෙවෙයි.හිතුන දේ තමයි ලිව්වෙ )

    කොහොම උනත් ගෑණු ළමයි ලාහෙට ගෙම්බො වැටෙනව වගේ ඉඳල හිටලවත් අ.පේලියට ගෑණු ලමයෙක් දෙන්නෙක් අලුතින් එන එකට නම් අප්‍රමාණ සන්තෝසයි අප්පා…..

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
  32. badcJamiga badcJamiga says:

    ඇයි බන් කෙල්ලව මැරුවේ…
    උබත් දිනේෂ් කොලබගේ වගේ ඩයල් එකක්..
    (සුළග වගේ ඇවිදින් )

    VN:F [1.9.22_1171]
    Rating: +5 (from 5 votes)
  33. Tweety Bird Tweety Bird says:

    :) …..

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  34. කල් says:

    හොද උත්සාහයක් වගෙම හොද කතාවක්.හොදට ලියල තියනව.තව ලියන්න සුභ පතනව.

    VA:F [1.9.22_1171]
    Rating: +2 (from 2 votes)
  35. ගැටවරයා getawaraya says:

    උත්සාහය ඉහලින්ම අගයනවා,එකට තරු පොකුරක් දෙනවා.එත් කඳුලේ නවකතා කරු වගේ වෙන්ඩ එපා කියල පොඩි අවවාද කෑල්ලකුත් දෙනවා.මොකද ප්‍රේමය ප්‍රයෝගික වෙන්ඩ ඕනි,එහෙම නොවුනොත් එක අසාර්ථක වෙනවා

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
  36. Captain Haddock Captain Haddock says:

    tHANX dUDE…… Maxa Story :)

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  37. harshi says:

    wow…. very nice story…..

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  38. හිටපල්ලකො මාත් ආයෙ ලියන්නෙ මේ ඉට්ටයිල් එකට තමා…

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  39. කිරි සප්පයා කිරි සප්පයා says:

    අංක 01 සිට සියල්ල කියෙව්වෙමි. කතා අහුරම ලස්සනයි

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  40. සොලමන් ඛාන් සොලමන් ඛාන් says:

    අපෝ චා :(

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)

Leave a Reply

Sinhala transliteration (β) - වෙන තැන් වල සින්හලෙන් ලියලා කොපි කරන්න ඕනේ නෑ. කෙලින්ම කොමෙන්ට් box එකේ සිංග්ලිශ් වලින් ලියන්න.

Click ctrl+b to toggle the transliteration

© 2013 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Processed 145 queries in 1.325 seconds.