Hangout with Sri Lankans around the world!
hide
Diaspora.lk - Hangout with Sri Lankans around the world!
Show
76

පොඩි එකාගෙ තුවාලෙ

marmite

ඔන්න එකමත් එක කාලෙක සුදු ලස්සන පොඩි බබෙක් හිටිය, බබා ටික ටික ලොකු වෙලා කොල්ලෙක් උනා, කොල්ල ටික ටික ලොකු වෙලා ලස්සන කළු තරුණයෙක් උනා. කවුද ඒ තරුණයා කියල උඹලට වැඩකුත් නෑ හොයන්නත් එපා.

ඉතින් මේ තරුණයා දවසක් ගෙදරට වෙලා නිවාඩුපාඩුවේ ආතල් එකේ ඉන්න වෙලාවක, තරුණයාගෙ අම්ම උගන්නන ඉස්කෝලෙ සර් කෙනෙක් ආව අම්මව හම්බ වෙන්න. ඇවිත් ගෙට ගොඩවෙලා ටික වෙලාවක් කතා කර කර ඉද්දි මේ තරුණයත් තමුන්ගේ කාමරෙන් පොඩ්ඩක් එලියට මූණ දාල අර සර් එක්ක පොඩි හිනාවක් දැම්ම. මූව දැකපු ගමන් සර් අම්මගෙන් අහනව “මිස්, මේයා නේද අර පොඩි කාලෙ?”, අම්මත් ඉතින් “ඔව් ඔව්, මෙයා තමා”. ඒපාර සර් මූ  දිහා බලාගෙන හිනාවෙනව. තරුණයා අඤ්ඤකොරොස් වෙලා බලන් ඉන්නව මේ මොකද මේකට එකපාර හැදිච්ච පිස්සුව කියල. අනේ ඉතින් අර සර් යනකල් ඉවසීමෙන් බලන් හිටපු අපේ තරුණයා අම්මගෙන් අහනව, “කව්ද අර සර්?” “මොකද එයාට මාව දැකපු ගමන් හිනා ගියේ?” “මොකද්ද පොඩි කාලේ මට උනේ?” ප්‍රශ්න කෝටියයි. ඒපාර අම්ම ඔන්න නිධාන කතාව කියන්න ගත්ත;

මේ තරුණය බබා කාලේ, ඒ කියන්නෙ වයස අවුරුදු 4,5 කාලෙ, බබාට හිටියලු පොඩි බලු පැටියෙක්. ඉතින් බබාගෙ වැඩේම මේ බලුපැටියත් එක්ක සෙල්ලම් කරපු එකලු. ඉතින් දවසක් බබා බලද්දි බබාගේ කූ කරන එකේ එල්ලිලා ඉන්නවලු පොඩි කිනිතුල්ලෙක්. බබා කිනිතුල්ලව ඇදල ඇදල ගලවලා දැම්මලු. ඒත් මෙන්න බොලේ කිනිතුල්ල හිටපු තැන තුවාලයක්, බබත් ඉතින් හොඳටම බයවෙලා අඬාගෙන අම්ම ලඟට දුවල අම්මට කියනවලු තුවාලෙට බේත් දාන්න කියල. අම්මත් ඉතින් තුවාල බේත් ටියුබ් එකෙන් ටිකක් අරන්, බබාගෙ හිත හැදෙන්නත්  එක්ක ඇහැටවත් හරියට පේන්නෙ නැති තුවාලෙ බේත් ගෑවලු. ඒත් මේක බබාගෙ හිතට මදි, මිනිහ ආයෙත් අඬන්න ගත්තලු “ඔහොම බෑ අම්මේ.. තුවාලෙ බඳින්න…. ඈ ඈ ඈඈඈ”. මුගේ ඇඬියාව නවත්තන්නත් එක්ක අම්ම මොකද කලේ පොඩි රෙදි පටි කෑල්ලක් අරගෙන තුවාලෙ වෙලුවලු. ඒත් ඕක හිටින එකක්යෑ. පටිය වැ‍ටුන ගමන් පොඩි එකා අඬන්න ගන්නවලු. මුගෙන් බේරුමක් නැතිම තැන, අම්ම දිග රෙදිපටි කෑලි දෙකක් අරන් තුවාලෙ වටේ ඔතල එක  රෙදි පටියක් බබාගෙ බෙල්ල වටෙන් ඔතල ගත්තලු. අනික ඉන වටේ එතුවලු. දැන් ඉතින් බබාට හරිම සතු‍ටුයි, මොකද දැන් තමුන්ට ලොකු තුවාලයක් තියෙනවනේ, ඉතින් ගෙදරට එන හැමෝම අහයි බබාට මොකද උනේ කියල. බබාටත් පුලුවන්නේ ආඩම්බරෙන් එන අයට තුවාලෙ පෙන්නන්න. ඔන්න ඔහොම ඉන්නකොට තමා අම්මගෙ ඉස්කෝලෙ සර් කෙනෙක් බබාලගෙ ගෙදර එන්නෙ. ඇවිල්ල අම්මත් එක්ක කතා කර කර ඉන්නකොට අර බබාටත් ඕනි වෙනව තමුන්ගෙ තුවාලෙ අර සර්ටත් පෙන්නන්න. ඉතින් මේ පොඩි එකා කාමරෙන් එලියට ඇවිල්ල, අර සර්ට ආඩම්බර ලුක් එකක් එහෙම දීල, රෙදිපටි දෙකකින් එල්ලෙන තමුන්ගෙ ගැජට් එක සර්ට පෙන්නුවලු.

කරුමෙ කියන්නෙ, අවුරුදු ගානක් ගෙවිලත් අර සර්ට ඕක අමතක වෙච්ච නැති එකනේ. ඊට පස්සෙත් දවස් දෙක තුනක්ම අර සර් ගෙදර ආවත්, තරුණයා නෙමෙයි තමුන් හිටපු කාමරෙන්වත් එලියට ආවෙ.

පොඩි එකාගෙ තුවාලෙ, 9.5 out of 10 based on 93 ratings
VN:F [1.9.22_1171]
 ශෙයා
marmite

marmite

This user has not updated his description

 All posts by marmite  Link to marmite's blog

76 Responses to "පොඩි එකාගෙ තුවාලෙ"

  1. ෂෝන් ෂෝන් says:

    මටනම් හොදටම සුවර් ඔය රෙදි පටලොගත්තේ අපේ මාමයිටම තමයි

    VN:F [1.9.22_1171]
    Rating: +6 (from 6 votes)
    • marmite marmite says:

      ;( ;( ;( මම කියලමයි පටන් ගත්තේ ළමය කව්ද කියල හොයන්න එපා කියල, එත් ඉතින් ලස්සන තරුණයෙක් කියල පිළිගත්ත එකට නම් තැන්ක්ස් :ඩී

      VN:F [1.9.22_1171]
      Rating: +2 (from 2 votes)
  2. දැන් තුවාලේ හොඳද….?
    කරුමෙට හරි ඔය තරුණයට ගැජට් එක ඔපරේශන් කරන්න ඕන කියල හිතුණ නම්…කෙල්ලො කී දෙනෙක් සතුටින් ජීවත් වෙනවද මේ වෙනකොට…..
    කෙල්ලොන්ගෙ කරුමෙ තමයි…..!!!

    VN:F [1.9.22_1171]
    Rating: +15 (from 15 votes)
    • marmite marmite says:

      මම දන්නේ කොහොමද බන්, ආයේ උගේ ගෙවල් පැත්තේ ගිය වෙලාවක අහල කියන්නම්කො. මම දන්නවනේ ඉතින් උඹ ඔය කොල්ලොන්ගේ ගැජට් ගැන හෙන ඉන්ටරස්ට් කියල

      VN:F [1.9.22_1171]
      Rating: +3 (from 3 votes)
  3. benten - බෙන් ටෙන් benten says:

    ඔන්න දුන්නා තරු……..කතාව හොඳයි….

    VA:F [1.9.22_1171]
    Rating: +4 (from 4 votes)
  4. Jayya says:

    ආ මාමයිටෝ.. ඕක තාමත් එල්ලලා තියෙන්නේ රෙදිපටිවලින්ද ?

    VN:F [1.9.22_1171]
    Rating: +15 (from 15 votes)
    • marmite marmite says:

      අනේ ජයියෝ, උඹටත් කොල්ලෙක්ගේ ගැජට් එකක් කිව්වොත් පුදුම ආසාවක් නේද බන් ඇති වෙන්නේ?

      VN:F [1.9.22_1171]
      Rating: +11 (from 11 votes)
    • ජයියා ඔය වැඩ වලට EXPERT නෙ ඉතින් :D

      VA:F [1.9.22_1171]
      Rating: +3 (from 3 votes)
      • Jayya says:

        ඔය පේමන්ට් එකෙන් හරි ජොකෙක් අරන් ඇඳපල්ල රෙදි පටි වීසි කරලා.. උඹලගේ හොඳටයි මන් මේ කියන්නේ.. ..

        VN:F [1.9.22_1171]
        Rating: +1 (from 1 vote)
  5. weni weni says:

    වර්තමානයේ ඕක කිනිතුල්ලෙක් කෑවොත් මක්කැයි කරන්නෙ මාමයිටො ????

    VA:F [1.9.22_1171]
    Rating: +4 (from 4 votes)
  6. පැට්ටා අවංක පැට්ටා says:

    දෑන් ඕක බෙල්ලෙ එතුවනම් සුවර් බෙල්ල කෑඩෙනව.

    VN:F [1.9.22_1171]
    Rating: +4 (from 4 votes)
  7. බුරතිනෝ බුරතිනෝ says:

    අර මොකක්ද කතාවක වගේ මාමයිටට අතින් අල්ලන්නේ නැතුව චූ කරන්න පුළුවන් කම තියෙන්න ඇති ඒ කාලේ ?

    VN:F [1.9.22_1171]
    Rating: +6 (from 8 votes)
    • marmite marmite says:

      අඩේ ඕක මට වෙච්ච දෙයක් නෙමෙයි, මම වගේ වෙන එකෙක්ට වෙච්ච දෙයක්. එක පාරක් කිව්වම විස්වාස කරපල්ලකෝ….

      VN:F [1.9.22_1171]
      Rating: +3 (from 5 votes)
    • බුරතිනෝ බුරතිනෝ says:

      උඹවගේ තව එවුන්? වෙන්න බෑ. :-P

      VN:F [1.9.22_1171]
      Rating: +2 (from 2 votes)
    • බුරතිනෝ බුරතිනෝ says:

      අඩේ කිනිතුල්ල කොහෙද හිටිය කිව්වේ?……… මට හිතා ගත්ත හැකි බලලත් එක්ක කරපු සෙල්ලම.. හපොයි උඹ වගේ එකෙක්.!!!

      VN:F [1.9.22_1171]
      Rating: +16 (from 16 votes)
  8. බුරතිනෝ බුරතිනෝ says:

    මේක කියවද්දී කතාවක් මතක් උනා බොල. කොමෙන්ට් එකක් විදියටම දාන්නනම්. ඔන්න එක දවසක් මිනිහෙකුට ප්‍රශ්නයක් ආවලු. එක තමයි තමුන්ගේ පුරුෂ ලිංගය වටේ කොළ පාටට වළල්ලක් වගේ අවපහ ගැන්වීමක් ආපු එක. මේක මෑන් ට මහා මානසික ප්‍රශ්නයක් උනා. ඉතින් මිනිහා කල්පනා කොරල කොරලා ගියා දොස්තර කෙනෙක් හම්බ වෙන්න. දැන් ඉතින් දොස්තර එනකම් වාඩි වෙලා ඉන්නවා. ඔය ඉන්න අතරේ අල්ලපු පුටුවේ මිනිහත් එක්ක කය්යට සෙට් උනා. මෙයා ඇහුවා එයාගේ ප්‍රශ්නේ මොකක්ද කියලා. මෑන් කියනවා මෙහෙම ” කාටවත් කියන්න එපා මගේ ****** වටේට රතු පාට අවපැහ ගැන්වීමක් තියෙනවා.” . ඉතින් අපේ මෑන්ටත් මාර හැපී ලු. තමන් තනි වෙලා නැහැ නොවැ. ඉතින් මෙයත් තමන්ගේ ප්‍රෂ්නේ කිව්ව. දෙන්නටම ලොකු බරක් හිතෙන නිදහස් උනා. ඉතින් බොහොම සැහැල්ලුවෙන් රටේ තොටේ විස්තර ගැන එහෙම කතා කර කර ඉන්නකොට දොස්තර ආව. ඔන්න අර රතු පාට වෙච්ච එක්කෙනා ඉස්සෙල්ල ගියා. ටක් ගාල එලියට ආව. “අය්යෝ ලොකු දෙයක් නෙමෙයි මචන්. දොස්තර මහත්තයා saline ටිකක් දාල රෙදි කෑල්ලකින් පිහ දැම්මම එක ගියා.” දැන් අපේ එක්කෙනත් බොහොම සැහැල්ලුවෙන් ඇතුලට ගියා. දොස්තර බලලා බොහොම බැරෑරුම් පෙනුමක් අරගෙන මෙහෙම කිව්වා: ” මේක බොහොම බරපතල දෙයක්. අපිට ඔයාගේ ලින්ගේන්ද්‍රය කපල ඉවත් කරන්න වෙනවා.” මිනිහා කලබල උනා. ” ඒ මොකද දොස්තර මහත්තයෝ ඒ? අර කලින් ආපු මනුස්සයාගේ පිහදාල අයින් කලානේ?” දොස්තර මෙහෙම කිව්වා: “පුතා. ලිප්ස්ටික් පාරකයි, සමාජ රෝගයකයි අතර පැහැදිලි, විශාල වෙනසක් තියෙනවා.”

    VN:F [1.9.22_1171]
    Rating: +38 (from 38 votes)
    • “පුතා. ලිප්ස්ටික් පාරකයි, සමාජ රෝගයකයි අතර පැහැදිලි, විශාල වෙනසක් තියෙනවා” අඩෝ එල බං ඒක නම්

      VA:F [1.9.22_1171]
      Rating: +2 (from 4 votes)
  9. බබා says:

    කතා දෙකම සිරා :ඩී

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  10. ඔන්න තරු දහයයි මාමයිටෝ …..

    VA:F [1.9.22_1171]
    Rating: +2 (from 2 votes)
  11. අපේ අම්මත් ටීචර් කෙනෙක්. අම්මගෙ පරණ යාලුවෝ ගෙදර ආවම මාත් ඇඹරි ඇඹරි තමයි ඉන්නෙ. නොදරුවො කාලේ නොදන්නා කමට කරපු දේවල් වලට නෝන්ඩි කරන එක නම් හරිම වැරදියි. හරිම වැරදියි. :|

    VN:F [1.9.22_1171]
    Rating: +9 (from 9 votes)
    • මායිටගෙ ක්‍රමේ නම් පැහැදිලිවම ලියල තියෙනව…ඒත් ?
      ( හිතා ගන්ඩ බැහැ )

      VA:F [1.9.22_1171]
      Rating: +5 (from 5 votes)
      • මටත් හිතාගන්න බෑ සමනලී අක්කේ….පොඩ්ඩක් පැහැදිලි කොරන්න බැරිද….

        VN:F [1.9.22_1171]
        Rating: +5 (from 5 votes)
    • පොඩි කාලේ මම මොන්ටිසෝරි යන්න බෑ කියල අඬපු හැටි, මොන්ටිසෝරි ඉවර වෙලා අම්මලාගේ ඉස්කෝලෙට වෙලා ඉඳන් කරපු එක එක සෙල්ලම්, ඉස්කෝල මිදුල පුර මදටිය අට හොයා හොයා ඇවිද්ද හැටි, තව එකී නොකී ළදරු වැඩ මතක් වෙනකොට ඉතින් ඒ මිස්ලට සිර්ලට මුණ දෙන්න ටිකක් විතර ලැජ්ජයි.

      VN:F [1.9.22_1171]
      Rating: +3 (from 5 votes)
      • ඒක මිස…මටයි හැලපයටයි හිතුණේ වෙන එකක්..ඒක නම් අහන්න එපා…!@@

        VN:F [1.9.22_1171]
        Rating: +3 (from 3 votes)
      • marmite marmite says:

        @සමනලී: මේ කතාවෙ කොල්ලට වෙලා තියෙන දේවල් එක්ක බැලුවාම ඇති ඔයා
        ඔයින් බේරුනා.
        @ පිසා&හැලපයා: ශික්!! උඹල කවද හැදෙයිද මන්ද.

        VA:F [1.9.22_1171]
        Rating: +4 (from 4 votes)
    • marmite marmite says:

      ඔය කතාවෙ එන පොඩි එකාම තමා මොන්ටිසෝරියේ ටීචර්ගෙ පුතාව බිම පෙරලන් ගහල, අම්මලාගෙ ඉස්කෝලෙ පළවෙනි පන්තියේ අවුරුදු දෙකක්ම වාඩිවෙලා හිටියෙ

      VA:F [1.9.22_1171]
      Rating: +1 (from 1 vote)
      • අපි දැනන් ඉඳියෙ නෑනේ මාමයිටගෙ අම්මා මොන්ටිසෝරි ටීච් කෙනෙක් කියලා.

        VN:F [1.9.22_1171]
        Rating: +3 (from 3 votes)
      • marmite marmite says:

        උඹට ඉඳි නෑ කියල අපි මොනා කරන්නද බන්?
        අපේ අම්ම නෙමෙයි යකෝ මොන්ටිසෝරි ටීචර්, උඹ කොහොම කැම්පස් සිලෙක්ට් උනාද මන්ද

        VN:F [1.9.22_1171]
        Rating: +4 (from 4 votes)
      • මං හිතුවෙ ගුටි කෑවේ ඔයා කියල…එහෙම නෙවෙයිද වුණේ…..(කින්ඩියට හිනා වෙමින් )

        VN:F [1.9.22_1171]
        Rating: +3 (from 3 votes)
  12. චාටර් බුවා says:

    ඊජිප්තුවේ මමියක් වගේ තියෙන්න ඇති නේද බං

    VN:F [1.9.22_1171]
    Rating: +4 (from 4 votes)
    • marmite marmite says:

      නෑ; ඊජීප්තුවේ මීයෙක් වගේ තිබුන

      VA:F [1.9.22_1171]
      Rating: +4 (from 4 votes)
  13. අඹයා විහඟ කොලුවා says:

    එම තරුණයා අපේ මාමයිට් බව පෙනී යයි :P

    VN:F [1.9.22_1171]
    Rating: +2 (from 2 votes)
    • marmite marmite says:

      උඹලට මම මොනවට මේ කතාව කිව්වද කියල හිතෙනව :( :( :(

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  14. හඳයා says:

    මාමයිට ඒකාලෙ බල්ලෙක්ට තියා බල්ලගෙ කකුල් දෙක අස්සෙ හිටපු කිනිතුල්ලෙකුට වත් ඉන්න දීල නෑ. මාමයිට ගෙ කරදරෙන් බේරෙන්නම බැරි තැන තමයි කිනිතුල්ල මාමයිට ගෙ ගැජට් එක හපල තියෙන්න්. :)

    VN:F [1.9.22_1171]
    Rating: +7 (from 7 votes)
    • marmite marmite says:

      ඇයි උඹට කව්රු හරි කරදරයක් කලොත්, උඹ උගේ ගැජට් එක හපනවද?

      VN:F [1.9.22_1171]
      Rating: +1 (from 1 vote)
  15. රුවී ruwiee says:

    ඔක්කොමත් හරි,මට හිතාගන්නම බැරි සුදු ලස්සන බබා ලොකු වෙද්දි කළු තරුනයෙක් වුනේ කෝමද කියල?මට නම් ඒකටත් සැක බල්ලාව

    VN:F [1.9.22_1171]
    Rating: +5 (from 5 votes)
    • Observer says:

      බබාගේ තාත්ත බිව්වෙ ඒ කාලෙ තිබ්බ “බ්ලැක් & වයිට්” කියන විස්කි ජාතිය වෙන්නැති

      VN:F [1.9.22_1171]
      Rating: +4 (from 4 votes)
    • marmite marmite says:

      බොරු නම් අපේ අම්මගෙන් අහල බලන්න. තාම අම්ම මට “සුදු පුතා” කියල කතා කරන්නේ :D :D :D

      VN:F [1.9.22_1171]
      Rating: +2 (from 2 votes)
  16. මයිටගෙ හාමිනේ මමියෙක් වෙන්න කලිං අහවල් එක මමියක් වෙලා . . . . .

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
    • marmite marmite says:

      මමියක් වගේ වැහෙන්නම වේලලා තිබුනේ නෑ බන්, පොඩි රෙදි පටි දෙකක්

      VN:F [1.9.22_1171]
      Rating: +1 (from 1 vote)
  17. Observer says:

    හරි දැන් හැමෝම කියන්නේ, ඔය වැඩේ මයිටට වුනා කියලනෙ, දැන් බුරා කොමෙන්ට් එකක් හැටියට දාපු පෝස්ට් එකේ, දෙවැනියට ඩොක්ටර් ගාවට ගියේ බුරා කියලත් කියය්ද මන්ද කෂ්ටිය.

    VN:F [1.9.22_1171]
    Rating: +3 (from 3 votes)
    • marmite marmite says:

      දාන්න ඔබා මාමේ පහක්, මාම විතරයි මෙතන කියන දේ අහන එකෙක්ට ඉන්නේ

      VN:F [1.9.22_1171]
      Rating: +1 (from 1 vote)
  18. suddi suddi says:

    ඈ මයිටො….තාමත් අර බල්ලා එක්ක සෙල්ලම කරනවාද?

    VN:F [1.9.22_1171]
    Rating: +3 (from 3 votes)
    • marmite marmite says:

      ඇයි සුද්දී බල්ලව හොයන්නේ? ඔයාටත් කිනිතුල්ලෙක් එල්ල ගන්න ආස හිතුනද?? :P :P :P

      VN:F [1.9.22_1171]
      Rating: +1 (from 1 vote)
  19. රංජා Ranja says:

    ඔය ලස්සන තරුනයා කියනකොටම මට නම් තේරුනා මේ මයිට ගැනම තමයි කියන්නෙ කියල. පොඩි කාලෙ ඉදන්ම වනචරයි

    VA:F [1.9.22_1171]
    Rating: +3 (from 3 votes)
    • marmite marmite says:

      පලවෙනි වාක්කියට තැන්කු!!! දෙවෙනි වාක්කිය මට කියව ගන්න අමාරුයි

      VN:F [1.9.22_1171]
      Rating: +1 (from 1 vote)
  20. රඹා says:

    පොඩිකාලෙ ගත්ත මෝඩ චූන් මතක් වෙනකොටත් දැන් විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ නේ ද ?

    VA:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
    • marmite marmite says:

      මොනවට කියනවද බන් ඕව.
      බෙහෙත් විදින්න ගිහිල්ල නර්ස්ට පයින් ගහල, ඉස්පිරිතලේම එවුන් වට වෙලා හරකෙක් වගේ බිම පෙරලගෙන බෙහෙත් විද්ද හැටි
      ලිස්සන බෝට්ටුවේ කොල්ලෝ රුටද්දී, එකට වැලි අහුරක් දාල කොල්ලොන්ගේ පස්ස පැති බරු ගැහුවා කියල ගුටි කාපු හැටි
      විහිලු කරලා පන්තියේ කෙල්ලෙක් ගෙන් පලු එන්න කස වැලකින් ගුටි කාපු හැටි
      පන්තියේ තරහ කාරයත් එක්ක කාබන් පැන් තීන්ත වලින් ගහගෙන අම්මගෙන් අම්බානට ගුටිකාපු හැටි, තව නම් කොච්චරක්ද

      VN:F [1.9.22_1171]
      Rating: +3 (from 3 votes)
  21. සිනමාරිස් says:

    මම දන්න පොඩි එකෙකුටත් ඔය සන්තෑසිය උනා උගේ අහවල් එක කෑවෙ කූඩැල්ලෙක් දන්නවනේ කූඩැල්ලෙක් කාපුවාම ඉදිමිලා එන ලස්සන ඉතින් මෙකාගේ අම්මා මොකද පුතේ උනේ කියල අහපුවාම මූ කියල තියෙන්නේ ” කොහොමහරි මම චූවා ලොකු කර ගත්තනේ” කියල එය සිද්ධියට තාමත් නමනවා

    VA:F [1.9.22_1171]
    Rating: +6 (from 6 votes)
    • marmite marmite says:

      මේ කතාවේ කොල්ලවනම් කාටවත් එහෙම නමන්න බෑ. පොඩ්ඩක් ලැජ්ජ හිතිල පොරම හැංගිලා හිටියොත් මිසක්

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  22. වසුන්දරා වසුන්දරා says:

    මං පොඩි කාලේ .. මං කවද හරි කසාද බදින්නේ තාත්ත වගේ එක්කෙනෙක් කියල.. කියල .. සැහෙන ලොකු වෙනකන් නෝන්ඩිය කෑවා…

    VN:F [1.9.22_1171]
    Rating: +5 (from 5 votes)
    • marmite marmite says:

      වසූ හස්බන්ඩ් එක්ක යනකොට නිකන් තාත්තයි දුවයි පාරේ යනව වගේ ඇති නේද?

      VN:F [1.9.22_1171]
      Rating: +1 (from 1 vote)
      • වසුන්දරා වසුන්දරා says:

        අම්මයි පුතයි වගේ නොවුනොත් ඇති..

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
      • marmite marmite says:

        අම්මයි පුතයි නෙමෙයි, ලොකු අම්මයි පුතයි වගේ වෙන්න ඇති

        VN:F [1.9.22_1171]
        Rating: +1 (from 1 vote)
  23. suddi suddi says:

    ඉස්සර අර ජොතිපාල මමා ගේ සින්දුවක් තියන්නේ සිරියමේ සාරා කියල…මම පොඩි කාලේ ඔක කියන්නෙ
    ”සිරියමෙ සර මේ ගෙඩි 7 මොරා ” කියලයි…….තාමත් එ සින්දුව යද්දි ලග නොහිටියත් මම බ්යිට්

    VA:F [1.9.22_1171]
    Rating: +2 (from 2 votes)
    • marmite marmite says:

      අපි නම් සින්දුව හරියටම කිව්වා, “සිරියමේ සාරා මේ ගෙඹි හම මෝරා”

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  24. සඳා සඳා says:

    ඔය වගේ මැටි වැඩක් අ.පේ මාමයිට නැතුව වෙන අහවල් එකෙක් කරන්නද……ඔය වැඩේ වෙලා තියෙන්නෙ මාමයිටටම තමයි…..

    VN:F [1.9.22_1171]
    Rating: +2 (from 2 votes)
    • marmite marmite says:

      ඔව් ඉතින් ඔය වගේ වැඩක් මෙතන වෙන්න පුළුවන් එක්කෝ මට නැත්තම් පිස්සු සඳාට, මේක කොල්ලෙකුට වෙච්ච එකක් කියපු නිසා සඳා බේරුනා

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  25. කතාව නං එල. මට තියෙන ප්‍රශ්නෙ අර පටං ගන්න කොටම කියන පාට වෙනස් වීම. යකෝ මයිකල් ජැක්සන්ට වුනේ ඕකෙ අනිත් පැත්තනෙ. එතකොට බලු කෙල ගෑවුනහමද කලු වුනේ? හික්ස් හික්ස්!!

    VA:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
    • marmite marmite says:

      ඇයි බන් උඹ හිතන්නේ ඔය සුදට සුදේ බැබලි බැබලි ඉන්න කෙල්ලෝ පොඩි කලේ ඉඳල සුදුයි කියලද? එහෙම නෑ බන්, රටේ ලෝකේ නැති එක එක සුකුරුත්තන් මුනේ උලල තමා උන් සුදු වෙලා තියෙන්නේ. එහෙව් එකේ පොඩි කාලේ සුදුවට හිටපු එකෙක් අව්වේ ඉඳල කළු උනා වෙන්නම බැරිද? (හැබැයි දැන් කෙල්ලෝ නම් සුදු වෙනවා කිව්වොත් බල්ලොන්ගේ කියල බලන එකක් නෑ ඕනි දෙයක් මුනේ උලා ගනියි :ඩී)

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  26. MEDDI MEDDI says:

    ඔය කතා සේරමත් හරි………… එත් මම නම් පිලිගන්නෙම නෑ ඔය සිද්දිය වුනේ අපේ මාමයිටා ට කියලා. මොකද එයා පැහැදිලිවම කියලා තියනවනෙ “කොල්ල ටික ටික ලොකු වෙලා ලස්සන කළු තරුණයෙක් උනා” කියලා. ඉතින් කොහොමද ලස්සන තරුනයා මාමයිටා වෙන්නෙ…??????????

    VN:F [1.9.22_1171]
    Rating: +3 (from 3 votes)
    • මං හිතුවේ මෙඩ්ඩි අක්කා..කියන්න යන්නේ අහවල් එක නැතෙයි කියලා.’

      මෙඩ්ඩි අක්කටත් මතක වෙලා තියෙන්නේ

      VN:F [1.9.22_1171]
      Rating: +2 (from 2 votes)
    • marmite marmite says:

      @මේඩ්ඩි: මම දන්නවා කව්රු මොනවා කිව්වත් ඔයා ඕක මට වෙච්ච දෙයක් කියල පිළිගන්නේ නෑ කියල. මොකද ඔයා හිතන් ඉන්නේ මම “සුදු ලස්සන” තරුණයෙක් කියල නේ. ;)

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
      • MEDDI MEDDI says:

        එහෙමත් හිතාගෙන හිටියා එක කාලයක්….

        VN:F [1.9.22_1171]
        Rating: +2 (from 2 votes)
  27. සඳා සඳා says:

    හා හා ආයමත්…???

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
  28. DongaAyya says:

    කාලෙකින් ආවේ, මයිටා ඇවිත් කතාවක් කාරිය දාලා තියෙන්නේ.
    අර කලින් වගේ කතා කවි එහෙම ටිකක් ලියපන්….

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
  29. Chipu Chipu says:

    සුදු ලස්සන පොඩි බබෙක් , ටික ටික ලොකු වෙලා ලස්සන කළු තරුණයෙක් වුනේ කෝමද?

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)

Leave a Reply

Sinhala transliteration (β) - වෙන තැන් වල සින්හලෙන් ලියලා කොපි කරන්න ඕනේ නෑ. කෙලින්ම කොමෙන්ට් box එකේ සිංග්ලිශ් වලින් ලියන්න.

Click ctrl+b to toggle the transliteration

© 2013 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Processed 137 queries in 1.356 seconds.