Hangout with Sri Lankans around the world!
hide
Diaspora.lk - Hangout with Sri Lankans around the world!
Show
27

හාදුව……

ගොඩයා

සැහෙන කාලෙකින් කොටන්න හිතුනා කතාවක්. කතා කෙටුවේ නැති උනාට පුළු පුළුවන් වෙලාවට ඇවිල්ල කොමෙන්ට් එකක් කාරිය දාලා යනවා.  මේකත් මම අහපු කතාවක්…. අහලා තියන උන් ඉන්නවා නම් අහක බලාගනිල්ලා….   ආ… ඒ විතරක් නෙවෙයි මෙලෝ දෙයක් නොතේරෙන චුටිම චුටි තොත්ත බබාලා ඉන්නවා නම් ඒ බබාලත් වෙන එකක් බලාගනිල්ලා………….

 

මේ සිද්ධිය වෙලා තියෙන්න ඔය අපේ ඔබා මාමා, ඇන්ඩයියා වගේ තැනට සුදුසු නුවණ පාවිච්චි කරන පොරකට…  ඔන්න මේ පොර අර ඇමරිකාව කියන තඩි රටේ නන්නත්තාරේ ඇවිදිනකොට මගදී බස් එක මඟ ඇරිලා හෙනම සූටි නගරෙකට කොටු උනාලු. මොනවා උනත් පාරේ නිදාගන්න බෑ…. හොර හතුරෝනේ හැමතැනම. අනික නොදන්නා පලාතක්නේ….  ඔන්න මනුස්සයත් මේ සූට්ටන් නගරේ හතර අතේ  ඇවිදිනවා ඉන්න තැනක් හොයාගන්න. ඇවිදලා ඇවිදලා යාන්තම් පොඩි තානායමක් හොයාගත්තා. මිනිහට ඇවිදලම  දැන් පාන් කියාගන්නත් බැරි ගාන.  කොහොමත් ලංකාවේ අපිට නම් ගණන් අහුනහම දැන් පාන් කියවෙන්නේ නෑනේ… ඔන්න මිනිහා ගියා මැනේජර් ලොක්කා හොයාගෙන…

“මට නවතින්න තැනක් ඕනේ මැනේජර් මහත්තයා ?  කොහේ හරි කමක් නෑ….  ඇඳක් තිබ්බත් ඇති….  අනේ පුළුවන් නම්  කොහෙන් හරි ඇඳක් දාලා දෙන්න…. මට මේ යන එන මං නැතිවෙලා ඉන්නේ…. කොහේ උනත් කමක් නෑ…. කාමරයක් නෑ කියලා ප්‍රශ්නෙකුත් නෑ…. තැනක් නෑ කියලා නම් කියන්න එපා” කියලා මිනිහගේ දුක් අඳෝනාව මැනේජර් ලොක්කට කිවා. මිනිහෙක් අමාරුවේ වැටුන වෙලාවක්නෙ… මැනේජරුත් ඉතින් කල්පනා කරලා යෝජනාවක් ගෙනාවා….  ” මේකයි මහත්තයා, ඩබල් රූම් එකක් අරන් එක මහත්තයෙක් නැවතිලා ඉන්නවා. ඒ කාමරෙන් නම් ඉන්න දෙන්න පුළුවන්… හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නේ ඒ මනුස්සයා ගොරවනවා කියලා අහල පහල කාමර වලිනුත් පැමිණිලි තියනවා..මහත්තයාට ඒ ගෙරවිලි සද්දෙත් එක්ක ඉන්න පුලුවන් වෙයිද කියලයි සැක. මොකද ඒ ගෙරවිල්ල ඔය එසේ මෙසේ බුරුත කොටයක් ඉරනවා වගේ නෙවෙයි… හොඳට ගැට තියන බුරුත කොටන් 4ක් 5ක් එකට තියලා ඉරන සයිස් සද්දයක්. මොකෝ කියන්නේ ?”. වෙලාවේ හැටියට ආතක් පාතක් නැතුව අපායේ උනත් නවතින්න ලැහැස්ති පිට හිටිය අපේ ගොයියට ගෙරවිල්ල නම් මොකක්ද කියලා යෝජනාවට කැමති උනා…. මිනිහටත් ඕනේ රෑ එලි වෙනකම් කොහේ හරි වැටිලා නිදාගන්නනේ…. ඔන්න යෝජනාවට කැමති උන නිසා මැනේජර් මිනිහවත් එක්ක ගිහින් කාමරේ පෙන්නලා කරලා ආවා………..

පසුදින -

උදේ එනවලු අපේ මෑන්  ෆුල් ෆිට් එකේ……  මැනේජර්ට මේක ලොකු ප්‍රශ්නයක්ලු…. මිනිහා හොඳටම දන්නවා කාමරේ හිටිය අනිත් එකාගේ හැටි…. උගේ ගෙරවිල්ලට කාමරේ ඉන්න එකෙක්ට තියා අහල පහල කාමරේක එකෙක්ටවත් නිදාගන්න බෑ…..  එහෙම එකේ මූ හොඳ නින්දක් එහෙම දාලා ආතල් එකේ එනවා දැක්කහම මැනේජරයත් කොරවෙලා ගියාලු……   පටස් ගාලා කිට්ටු කරාලු මෑන් ලඟට..   ” ආ මහත්තයා…. සුභ උදෑසනක්….  කොහොමද ??  අර යකා ගෙරෙව්වට මහත්තයාට නම් හොඳට නින්ද ගිහින් වගේ…. කොහොමද අප්පේ ඒ ගෙරවිල්ලත් එක්ක නිදාගත්තේ ???” කියලා මැනේජර්ගේ ප්‍රශ්නේ දැම්මලු උදේම.  අපේ ආත පාත නැතිවුන බුවත් මල් හිනාවක්‌ එහෙම දාලා ” සුභ උදෑසනක්…  නෑ නෑ…. ගොරවන එක මට ප්‍රශ්නයක් උනේ නෑ… මම ඒ ප්‍රශ්නේ කාමරේට අඩිය තිබ්බ ගමන්ම විසඳගත්තා” කිවලු….  මැනේජර්ට දැන් විසඳපු ක්‍රමේ දැනගන්නකම් විසුමක් නෑ… මොකද මේ යකාගේ කොට ඉරිල්ල මැනේජර්ටත් හෙන වදයක්… හැමදාම අනිත් කාමර වලින් පැමිණිලිනේ….   ” අනේ මහත්තයෝ කොහොමද ඒ කරදරේ නවත්ත ගත්තේ ? මටත් හෙන හිසරදයක් ඕක…. කරුණාකරලා ඒ ක්‍රමේ කියන්න” කියලා නහයෙන් අඬන්න ගත්තා….   අපේ බුවත් හයියෙන් හිනාවෙලා… “ආ ඒක සුළු දෙයක්… ඊයේ කාමරේට ගොඩ උන ගමන්ම මම ඇඳට පැනලා අනේ සුකිරි මුණේ තියන ලස්සන කියලා මිනිහව බදාගෙන ඉඹගෙන ඉඹගෙන ගියා….  ඊට අමතරව පොඩි ඇක්ටිං පාරක් දැම්මා… එච්චරයි, මිනිහා නිදාගත්තේ නෑ ඊට පස්සේ… අන්න අද උදේ වෙනකනුත් මිනිහා කාමරේ තියන පුටුව උඩ ගුලිවෙලා මෑ දිහා බලා හිටියා ඌට මොනවා හරි කරයි කියලා ”  කියලා උදේ කෑමට ගියාලු…

හාදුව......, 9.6 out of 10 based on 94 ratings
VN:F [1.9.22_1171]
 ශෙයා
ගොඩයා

ගොඩයා

This user has not updated his description

 All posts by ගොඩයා  Link to ගොඩයා's blog

27 Responses to "හාදුව……"

  1. kavi says:

    ඔහෙ පලයං ….එලද බ්‍රා..මම නං අහල නෑ ..අනේ සුකිරි කථාවෙ තියන ලස්සන කියලා බදාගෙන ඉඹගෙන ඉඹගෙන යන්න හිතෙනවා. :D

    VA:F [1.9.22_1171]
    Rating: +7 (from 7 votes)
    • ඉඹගෙන ඉඹගෙන යන්න හිතෙන්නේ කතාවනේ ???? එහෙමනම් අවුලක් නෑ…. :D

      VN:F [1.9.22_1171]
      Rating: +1 (from 1 vote)
  2. AHINSAKA AHINSAKA says:

    මමත් අහලා නැහැ එළ…….. 10 stars for sure……….

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
  3. billa says:

    hadissiyewath aruth subject karayek nam loweth sorry. com tamai…..

    VA:F [1.9.22_1171]
    Rating: +4 (from 4 votes)
    • අනිවා….. එහෙනම් ඉතින් අරූට රෑ එලි වෙනකම් නිදාගන්න වෙන්නේ නෑ……… :D

      VN:F [1.9.22_1171]
      Rating: +2 (from 2 votes)
  4. සිරා කතාව

    VA:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
  5. ඔය ගොඩයා අයිය ඉන්නවයි කියන රටෙත් ල0කාවෙන් ගිය, රෑට ගොරවන පොරකට ඔහොම සිද්දියක් වුණාලු නේ….

    VN:F [1.9.22_1171]
    Rating: +2 (from 2 votes)
    • නෑ….. අඩේ ඒ කතාවත් කොටහන්කෝ මලේ…… හැබැයි මම ඉන්නේ සූට්ටන් රටක නිසා ඔය වගේ සිද්ධියක් වෙන්න චෑන්ස් අඩුයි….. මේ වැඩේ කොරලා තියන මනුස්සයත් අන්තිම පේලියේ එකෙක්…. ඔය ඇමරිකාව කියන තඩි රටේ ඉන්න එකෙක්…… පොඩ්ඩක් කල්පනා කරලා බලහන්කො……

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  6. Observer says:

    බොලේ මෙච්චර දවස් හිතන් හිටියෙ ජය්ය විතරය් නැමිල්ලට ඉන්නෙ අන්තිම පේලියෙ කියල, දැන් ගොඩයත් ඒ ජාතියෙ කියල එළිදරව් වෙච්චි, තව කෂ්ටිය ඉන්නව නං අත උස්සන්නල, මොකද මේකෙ ලාබාල කොලු ගැටව් ඉන්නව, උං ටික අපචාර වලට ගොදුරු නොවී පරිස්සන් කොරගන්න.

    VN:F [1.9.22_1171]
    Rating: +7 (from 7 votes)
    • ලාබාල කොලු ගැටයා කිවේ ඔබා මාමාට වෙන්ටැ……. සෙට් වෙච්ච වෙලාවල් වලට හදිස්සි උනහම නමන ළඟ නැමිල්ල නම් දන්නවා…… ඒ ඇරෙන්න මේ ඔබා මාමා කියන ජයිය අයියගේ නැමිල්ල ගැන නම් මම දන්නේ නෑ….. මෙතැන වෙලා තියෙන්නේ ඔබා මාමා, ඔයාට වගේ සූට්ටං මොලයක් තිබ්බ එකෙක් ඒ මොලෙන් පොඩි වැඩක් අරගෙන….. මෙච්චර මහන්සියෙන් කොටලත් තේරිලා නෑ වගේ…. :D

      VN:F [1.9.22_1171]
      Rating: +1 (from 1 vote)
  7. benten - බෙන් ටෙන් benten says:

    නමන්න දෙයියා…..
    ඔබා අයියා………

    VN:F [1.9.22_1171]
    Rating: +3 (from 3 votes)
  8. රංජා Ranja says:

    අද සෙට් එකටම මතක් වෙලා තියෙන්නෙ එකම සබ්ජෙක්ට් එකේ කතානෙ…මොකද එහෙම උනේ

    VN:F [1.9.22_1171]
    Rating: +2 (from 2 votes)
    • අනේ මන්ද රන්ජ අයියා…. පෙරහැර වගේ කට්ටිය පෝලිමේ එකම විෂය සම්බන්ධව ලියනවා……

      VN:F [1.9.22_1171]
      Rating: +1 (from 1 vote)
  9. hasa hasa says:

    මම දැන් කිහිප දවසක ඉඳලා බලාගෙන මේ සයිට් එක ටික ටික ගේ සයිට් එකක් වේගෙන එනවා. ජයියගෙ පු* අන්තිම පේළියෙ සභාපති වුන දවසෙ ඉඳලා තමයි මේ සීන් එක.
    ගොඩයත් කාලෙකට පස්සෙ ඇවිත් ඔය ලියලා තියෙන්නෙ ‘කොලු’ කතාවක්.

    VA:F [1.9.22_1171]
    Rating: +3 (from 3 votes)
    • මේකනේ හසා… අපි ලියද්දි කල්පනා කරන්නේ අපි ගැන නෙවෙයිනේ. මේක කියවන උන් ගැන. අර ජයියගේ සභාපති සීන් එක, එතකොට නැමිල්ල වගේ පොස්ට් නිසා ඉල්ලුම ඒ පැත්තට යන සීන් එකක් තියෙන්නේ…….. අපිට ඉතින් කොරන්න දෙයක් නෑ ඉල්ලුමට සැපයුම දෙනවා ඇරෙන්න…. හිරිකිතෙන් වගේ ලියන්න උනේ කොලු කතාවක් බං අන්තිමට………

      VN:F [1.9.22_1171]
      Rating: +1 (from 1 vote)
  10. Shaggy Shaggy says:

    අනතුරක් වෙන්න කලින්ම ඔබා මාමා අහින්සක කොල්ලො ගැන හිතුව එක නම් සෑහෙන්න වටිනවා.. නයා (සර්ප අයියා) & රෝමියෝ කොල්ලත් ටික ටික subject වෙන්න යනව වගේ, බොරු නම් facebook එකේ chat කරන අයගෙන් අහන්න​.. :පී
    නියම කතාව ගොඩය අයියේ!!

    VN:F [1.9.22_1171]
    Rating: +2 (from 2 votes)
    • ඔව් ඔව්….. අනතුර ගැන ඔබා මාමා හිතපු එක නම් හොඳයි… කොහොමත් මගෙන් නම් අනතුරක් නෑ ඕන්…… තෑන්ක් යූ shaggy මලේ කොමෙන්ටුවට………..

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  11. පිංගුත්තරයා පිංගුත්තරයා says:

    මට මතකයි ඉස්කෝලේ අන්තිම පේලි 3ක් තිබුනා. අපි හිටියේ අයිනේ එකක. මැද පේලියට පිටිපස්සේ බිත්තියේ ගහල තිබුනා boy zone කියලා. දවසක් vice-පිනා ඇවිත් උන්ගෙන් ඇහුවා මොකක්ද මේකේ තේරුම කියලා. එකෙක් නැගිටලා කිව්වා ආහ්.. සර් ඔය කියන්නේ කොලු කලාපය කියලනේ. එදා ඉඳන් ඌ කොලු පීටර්.

    VA:F [1.9.22_1171]
    Rating: +3 (from 3 votes)
    • මචන් උඹත් ඒ කොලු කලාපේ එකෙක්ද ??? යකෝ boyzone කියන්නේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක්නේ ? උඹලත් ලේසි පහසු මිනිස්සු නෙවෙයිනේ බලාගෙන ගියහම…… :D කොමෙන්ට් කතාවට තෑන්ක් යූ මචන්…..

      VN:F [1.9.22_1171]
      Rating: +1 (from 1 vote)
    • parker says:

      පිංගුත්තරයත් මගෙ පන්තියේම වගේ. මමත් ඔය වෙලවෙ පන්තියෙ හිටිය. පට්ට සීන් එක තමයි. කොලු පීතර , Praja එක්ක row1ke හිටියෙ අනිත් එකා කවුද ම්තක නැහැ.

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  12. කනමදය කනමදය says:

    ඒ කියන්නෙ හිටිය පොර අර අබුද්ද්ස්ස කාලෙ පොරක්ද?

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
    • නෑ නෑ බං… ඌ අබුද්දස්ස කාලේ එකෙක්ගේ චරිතයක් වෙලාවේ හැටියට රංග පාලා. හැබැයි දෙන්නාගෙන් එකෙක් හරි එහෙම උනා නම් සොරීම තමයි…. :D

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  13. ගොඩයා කාලෙකට පස්සේ නෙලලා තියෙන්නේ තරු 10යේ කතාවක්…

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  14. Jayya says:

    තරු දහයයි.. යකෝ කතාවක් ලිවුවම ලියන එක ඒ ජාතියේ නම් ඉතින් අපි ලියල තියෙන කතා වල හැටියට අපි හැම ජාතියේම වෙන්න එපාය ?

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  15. kandyman says:

    එල එල ….tikiri mola podda…..

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  16. දං චුටි දං චුටි says:

    “පුටුව උඩ ගුලිවෙලා මෑ දිහා බලා හිටියා”

    මෑ කිව්වේ මොකක්ද ?

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)

Leave a Reply

Sinhala transliteration (β) - වෙන තැන් වල සින්හලෙන් ලියලා කොපි කරන්න ඕනේ නෑ. කෙලින්ම කොමෙන්ට් box එකේ සිංග්ලිශ් වලින් ලියන්න.

Click ctrl+b to toggle the transliteration

© 2013 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Processed 109 queries in 0.896 seconds.